ශ‍්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරයේදී සාර්ථකව මුහුණදීමට තම කණ්ඩායම සූදානම් බව පාකිස්තාන කි‍්‍රකට් නායක ෂොහිබ් මලික් පැවැසීය.
හෙට කරච්චිහිදී ආරම්භ වන ප‍්‍රථම එක් දින අන්තර්ජාතික තරගය ජය ගැනීම තම අපේක්ෂාව බව මලික් මාධ්‍යවේදීන්ට පැවැසීය.
ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන තුරුම්පු දෙක වන අජන්ත මෙන්ඩිස්ට හා මුත්තයියා මුරලිදරන්ට සාර්ථකව මුහුණදීම සඳහා පාකිස්තාන පිතිකරුවන් හොදින් පුහුණු වී ඇතැයිද මලික් පැවැසීය.
මුරලිට හා අජන්තට මුහුණ දෙන්න හොඳ ක‍්‍රමෝපායක් සකස්කර තිබෙනවා. කෙටි තරගාවලියක් නිසා පළමු තරගය ජයගැනීම වැදගත්. මලික්ගේ මේ අදහසට අමතරව ශ‍්‍රී ලංකා පිලට විශේෂ ස්තුතියක්ද කර ඇත.
ඉන්දියාව සමඟ තරගාවලිය නොපැවැත්වීම නිසා රටවල් කිහිපයකටම ආරාධනා කළද ශ‍්‍රී ලංකාව පමණක් ආරාධනාව පිළිගැනීම ගැන සතුටට පත්වන බවද ඔහු පවසා ඇත. “හැමෝම බෑ කීවාම ශ‍්‍රී ලංකාව පමණක් ආවා.
එයට ප‍්‍රශංසා කරනවා. ඒ උපකාරයට ශ‍්‍රී ලංකා පිලට ස්තුතිය හිමිවෙනවා. මේ තරග තුනම උණුසුම් වේවි. ශ‍්‍රී ලංකා පිල ලෝකයේ හොඳම කණ්ඩායමක්. ෂොහිබ් අක්තාර නැවත එක්වීමත් අපට ශක්තියක්” යනුවෙන් මලික් පැවැසීය.
ෂොහිබ් අක්තාර් අබුඩාබිහිදී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරගාවලියට එක්නොවූහ. පාකිස්තාන පිලට වේග පන්දු යවන්නන් හයදෙනෙකු ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකා සුපිරි දගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් එක් දින කි‍්‍රකට් ලොවේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව පිහිටුවීමට තවත් කඩුලු 9 ක් පසුපසින් සිටී. වසීම් අක‍්‍රම් එක්දින කඩුලු 502 ක් ලබා එම වාර්තාව පිහිටුවා ඇත. මුරලි ටෙස්ට් කඩුලු 769 ක් ලබා වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාගේ වාර්තාවටද හිමිකම් කියයි.
ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි තරගය බදාදා හා තෙවැනි තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. සියලු තරග දිවා රාතී‍්‍ර තරග වේ.
පාකිස්තාන පිල මෙසේය - ෂොහිබ් මලික් (නායක), මිෂිබා උල්හක්, සල්මන් බට්, යුනුස් ඛාන්, සහිඩ් අෆ්රිඩි, කම්රන් අක්මාල්, ෂොහෙල් ටන්වීර්, ෂොහිබ් අක්තාර්, උමාර් ගුල්, රාඕ ඉෆ්තිකාර්, ෂහිඩ් අජ්මාල්, කුරාම් මන්සූර්, ෂොහෙල් ඛාන්, යසීර් අර්ෆත්, උමාර් අමීන්
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Monday, January 19, 2009
ශී‍්‍ර ලංකාවට එන ඉන්දීය පිල නම් කරයි රංජි කුසලානයෙන් මතු වූ අලුත් තරුවක් එක්වෙයි
ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලිය සඳහා රංජි කුසලාන කි‍්‍රකට් තරගවලදී දස්කම් දැක් වූ රවීන්ද්‍ර ජඩේජා හා එංගලන්ත තරගාවලියට එක් නොකළ ප‍්‍රවීන් කුමාර් ඉන්දීය පිලට කැඳවා ඇත.
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට මුල්වරට කැඳ වූ රවීන්ද්‍ර ජඩේජා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.
ඉන්දියාව අවසන් වරට පැවැත් වූ එංගලන්තය සමඟ එක්දින තරගාවලියට කී‍්‍රඩා කළ හර්බජං සිං හා විරාට් කොහොලි කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
කණ්ඩායමට අලුතින් එක් වූ රවීන්ද්‍ර ජඩේජා 19 න් පහළ ලෝක කුසලාස දිනූ ඉන්දීය පිලේ ද ඉන්දීය පි‍්‍රමියර් ලීග් සූරතාව දිනාගත් රාජස්තාන් රෝයල් පිලේද සාමාජිකයෙකි.
20 හැවිරිදි ජඩේජා නිමා වූ ඉන්දීය ප‍්‍රධාන අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලිය වූ රංජි කුසලාන තරග 9 කදී ලකුණු 739 ක් ලබා ගත්තේය.
රවීන්ද්‍ර ජඩේජා
ශතක 2 ක් හා අර්ධ ශතක 2 ක්ද සමග සාමාන්‍ය 67.18 ක් විය.
වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 323 කි. සවුරාෂ්ට‍්‍ර පිලට කී‍්‍රඩා කළ ඔහු එම තරගාවලියේදී පන්දු යැවීමෙන් තරග 9 කදී ලකුණු 837 කට කඩුලු 42 ක් ලබා ගත්තේය. එක් තරගයකදී ලකුණු 88 කට කඩුලු 10 ක් වාර්තා කිරීම කැපී පෙනුණි.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය කි‍්‍රකට් පිලට සහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුනාෆ් පටෙල් වැනි වේගපන්දු යවන්නන් අතරට ප‍්‍රවීන් කුමාර් ද එක්කොට ඇත.
රංජි කුසලාන තරගාවලියේදී ප‍්‍රවීන් කුමාර් පන්දු යැවීමෙන් දස්කම් නොදැක් වුවද ඔහුගේ උත්තර ප‍්‍රදේශ කණ්ඩායම එම තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණියේය.
හර්බජන් සිං ආබාධායකට ලක්ව සිටීම හේතුවෙන් සංචාරයට එක් නොවේ.
වමතින් පන්දු යවන පේරග්සන් ඕජා සමග යුසුප් පතාන්, රවීන්ද්‍ර ජඩේජා, විරේන්ද්‍ර ෂෙවාග් හා යුවරාජ් සිං දගපන්දු බලඇනිය ශක්තිමති කරති.
ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ සිටින රෝහිත් ෂර්මා අන්තර්ජාතික තරගවලදී වැඩි දස්කමක් නොදැක්වුවද නිමා වූ ඔස්ටේ‍්‍රලියාව සමග තරගාවලියේදී හොඳින් කී‍්‍රඩා කිරීමට සමත් විය.
ඔහු නිමා වූ රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ශතකයක්ද සමග ශතක 3 ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය කි‍්‍රකට් පිල මේ මස 23 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර 28 දා දඹුල්ලේදී ප‍්‍රථම දිවා රාතී‍්‍ර එක්දින තරගයට එක්වේ.
30 දා දෙවැනි දිවා රාතී‍්‍ර තරගය දඹුල්ලේදී පෙබරවාරි 2 දා හා 5 දා තෙවැනි හා සිවුවැනි දිවා රාතී‍්‍ර එක්දින තරග ආර්. පේර්මදාස කී‍්‍රඩාංගණයේදී පස්වැනි තරගය පෙබරවාරි 8 දා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පෙබරවාරි 10 වැනිදා ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර ප‍්‍රථම ඕවර් 20 යි විස්ස අන්තර් ජාතික තරගය කොළඹ ආර්. පේර්මදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය පිල මෙසේය.
මහේන්ද්‍ර සිං දෝනි (නායක), සචිත් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාන්, ගෞතමි ගාම්බීර්, යුවරාජ් සිං, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා, යුසුප් පතාන්, ෂහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුතාප් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, ප‍්‍රවීන් කුමාර්, ඉර්ෂාන් පතාන්, පේරග්සන් ඕජා.

Thursday, January 15, 2009
රණවිරුවන් තෛපොංගල් සමරුවට එක්වෙමින්
යාපනය අර්ධද්වීපය මුළුමනින්ම යුද හමුදාව අත්පත් කර ගනී චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණයත් හමුදාව අතේ
මහින්ද කුලතුංග, භක්ති මෙන්ඩිස් සහ චන්ද්‍රිකා පෙරේරා
කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ යාපනය අර්ධද්වීපයේ අවසන්ම බිම් ප‍්‍රදේශය වූ චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණය ඇතුළු මුළු ප‍්‍රදේශයම යුද හමුදාව විසින් ඊයේ (14) අත්පත් කර ගන්නා ලදී.
මේ සමඟම යාපනය අර්ධද්වීපයේ හා සමඟ කොටි සංවිධානයේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ගිලිහී ගිය බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා “දිනමිණ” ට කීය.
චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණයේ තිබූ බෝට්ටු 100 ක්, ලොරි 2 ක්, ට‍්‍රැක්ටර් 5 ක්, බැකෝ යන්ත‍්‍රයක් සහ විශාල ජෙනරේටරයක්ද හමුදාව සතු වූ බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර කීය. ත‍්‍රස්තවාදීන් සමග පැවති දැඩි සටනකින් පසු ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයෙන් පළවා හැර හමුදාව චුන්ඩිකුලම් ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ.
මෙම සටනේදී ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. අලිමංකඩට නැගෙනහිරින් කළපුවෙන් එහා මුහුදු තීරය චුන්ඩිකුලම් ප‍්‍රදේශය වන අතර ත‍්‍රස්තවාදීන් මුලතිව් සිට නාගර්කෝවිල් දක්වා ගොඩබිම සැපයුම් මාර්ගයක් ලෙසද මෙම චුන්ඩිකුලම් හරහා මුහුදු තීරය සිය මුහුදු සැපයුම් මාර්ගයක් ලෙසද භාවිත කෙරිණි.
යුද හමුදාවේ 55 වැනි සේනාංකය ඉකුත් 6 වැනිදා නාගර්කෝවිල් සිට ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කරමින් නැගෙනහිර මුහුදු තීරය දිගේ චුන්ඩිකුලම් දක්වා කිලෝමීටර් 35 ක් පමණ ගමන් කර පැමිණි අතර එම ගමනේදී හමුදාව කුඩරිප්පු, චැම්පියන්පත්තු, මුල්ලියාන් සහ කෙවිල් යන ප‍්‍රදේශ අත්පත් කරගෙනන පැමිණියේය.
ඊයේ කෙවිල් ගම්මානයේ සිට දකුණු දිශාවට ගමන් කරමින් චුන්ඩිකුලම් අල්ලා ගැනීම සිදුවිය.
චුන්ඩිකුලම් යුද හමුදාව අල්ලා ගැනීම සංග‍්‍රාමික වශයෙන් ඉතා වැදගත් වන අතර ඒ සමඟම කොටි ත‍්‍රස්තවාදීන්ගේ නැගෙනහිර මුහුදු තීරයේ බලය කිලෝ මීටර් 23 කට පමණ සීමාවේ.

පුදුකුඩුඉරුප්පු කොටි පුහුණු සංකීර්ණය හමුදා අතේ
මහින්ද කුලංතුග හා චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටින්ගේ විශාල පුහුණු කඳවුරු සංකීර්ණයක් පෙරේදා (13) සවස යුද හමුදාව විසින් අත්පත් කර ගනු ලැබීය.
එහි ෆයිබර් ග්ලාස් බෝට්ටු 10 ක්, පුහුණු අවි 10ක්, යකඩ ඇඳන් පහක්, පැදුරු 200ක්, කොට්ට 200ක්, කෑම බඳුන් 200 ක් හා ජල ටැංකි තොගයක් ද තිබුණු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. එම කඳවුර වටා ආරක්ෂිත බංකර් ඉදිකර තිබූ අතර කඳවුරු පරිශ‍්‍රයේ පොල් අතු වලින් තැනූ කූඩාරම් වැනි මඩු විශාල ප‍්‍රමාණයක් තිබුණු බවද යුද හමුදාව කීය.
එදින මෙම ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් පසු කළ සෝදිසියේදී ත‍්‍රස්ත මළ සිරුරු තුනක් ටී 56 ගිනි අවි හයක් හා පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් සොයාගෙන ඇත. පුදුකුඩුඉරුප්පු බටහිර, නැගෙනහිර, අම්පකාමම් උතුර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක එදින ගැටුම් හටගෙන තිබිණි.

පලාගිය කොටින්ට වෙඩි තබනු: ප‍්‍රභාකරන් නියෝග කරයි
කිලිනොච්චිය අත හැර අනාරක්‍ෂිත ප‍්‍රදේශ කරා පලාගිය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරන්නැයි ප‍්‍රභාකරන් නියෝග කොට තිබේ.මුරුසුමුඩෙයි නැඟෙනහිර රාමනාදන්පුරම් ප‍්‍රදේශයේදී පෙරේදා (13) යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොටි සාමාජිකයන් මේ තොරතුරු හෙළි කළ බව ආරක්‍ෂක අංශ පවසයි.
කොටි නායකයාගේ ආරක්‍ෂකයකු ලෙස කටයුතු කළ යශෝධරන් හා පොට්ටුඅම්මාන් සමඟ කොටි බුද්ධි අංශයේ කටයුතු කළ ඇලෙක්ස් නැමැත්තන් මෙසේ අත්අඩංගුවට ගත් අය අතර සිටින බවත් මොවුන් සමඟ යතුරු පැදියක් කැන්ටර් රථයක් හා සන්නිවේදන උපකරණ කට්ටලයක් ද අත්අඩංගුවට ගත් බවත් යුද හමුදාව කීය.
58 වැනි සේනාංක භට පිරිස් හා ත‍්‍රස්තවාදීන් අතර එදින ඇතිවූ ගැටුම්වලින් පසු මේ අත්අඩංගුවට ගැනීම් සිදු කැර තිබේ. මේ සමඟ කොටි මළ සිරුරු හතරක් ද සොයාගෙන ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය. ප‍්‍රභාකරන් සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් පමණ බලහත්කාරයෙන් මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ සැඟව සිටින බව ඇලෙක්ස් නැමති කොටි සාමාජිකයා පවසා තිබේ.
කොටි සංවිධානය ලබන පරාජයන් හේතුවෙන් තම සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් අතර මත ගැටුම් හටගෙන ඇති බවද දේශපාලන අංශ නායක නඩේෂන් හා කොටි නායක “භානු” අතර කලක් තිස්සේ පැවැති අර්බුදකාරී තත්ත්වය මේ වන විට උත්සන්න වී ඇති බවද ඔහු හෙළිකර ඇත.

කිලෝ 150ක පුපුරන ද්‍රව්‍ය ඇටැවූ මරාගෙන මැරෙන කොටි බෝට්ටු 2ක් මුලතිව් තන්නිඋත්තුවෙන් සොයා ගනී
මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් තන්නිඋත්තු ප‍්‍රදේශයේ තිබී කිලෝ 150ක් බර පුපුරන ද්‍රව්‍ය අඩංගු මරාගෙන මැරෙන කොටි බෝට්ටු 2ක් යුද හමුදාව පෙරේදා (13) සොයා ගත්තේය.
මේ බෝම්බ ක්ලේමෝ බෝම්බ ලෙස සකස් කර බෝට්ටුවට සවිකර තිබී ඇත. මුලතිව් කළපුවට නුදුරු ස්ථානයක මේ බෝම්බ ඇටැවූ කොටි බෝට්ටු දෙක හමුවී තිබේ. මුලතිව්, මුල්ලියාවෙලි හා තන්නිඋත්තු ප‍්‍රදේශයේ යුද හමුදාවේ 59 වැනි සේනාංකය මෙහෙයුම් සිදු කරයි.

Subscribe to:
Posts (Atom)