පානදුරේ සමූහ කපිල සෝමරත්න
පානදුර මෝදරවිල කර්මාන්ත පුරයේ සමහර ඇඟලුම් කර්මාන්ත ශාලාවල හාම්පුතුන් එම කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන්ට පොදු පහසුකම් සැපයීම අඩපණ කර ඇත.
ඔවුනට හිමි විය යුතු සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ද හරියාකාරව නොගෙවන බව පානදුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කර ඇත.
දැනටමත් පානදුර හිරණ පාණදුර පින්වත්ත සහ මෝදරවිල කර්මාන්ත පුරයේ ඇඟලුම් කම්හල් තුනක් වසා දමා ඒවායේ අයිතිකරුවන් පලා ගොස් ඇත. එම කර්මාන්ත ශාලා හිමියන්ගෙන් සේවක සේවිකාවන් 1500 කට පමණ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ අර්ථ සාධක අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් ද ගෙවා නැත.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාණදුර සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් එම කර්මාන්ත ශාලා වල අයිතිකරුවන්ට විරුද්ධව පාණදුර මහේස්ත්‍රාත් අධිකරණය සහ පාණදුර කම්කරු විනිශ්චය සභාවේ නඩු පවරා ඇත.
මහේස්ත්‍රාත් තුෂාර රාජසිංහ මහතා විසින් එම කර්මාන්ත ශාලා වල අයිතිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත.
මේ සිතාසි බාරදීමට එම කර්මාන්ත ශාලා හිමියන් පදිංචි දෙහිවල ප්‍රදේශයේ නිවෙස් වල නැතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Thursday, January 15, 2009
නිවාඩුවට ගෙදර ආ සෙබළාට පස් දෙනකු පොලුවලින් පහරදීලා
අත්තනගල්ල විශේෂ
නිවාඩුවට සිය නිවසට පැමිණ සිටි හමුදා සෙබළෙකුට පහරදී තුවාල සිදු කළැයි කියන සිද්ධියක සැකකරුවකු මේ මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අයි. පී. ඩී. ලියනගේ මහතා නියෝග කළේය.
නිට්ටඹුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ අත්තනගල්ල වල්පොළ ලක්ෂ්මන් ජයතිලක නමැත්තෙකි.
කි‍්‍රයාන්විතයේ සේවයේ යෙදී සිට නිවාඩුවට වල්පොළ සිය නිවසට පැමිණි හමුදා සෙබළ තිලක් සිරිකුමාර යන අයට පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් පොලු වලින් පහරදී තුවාල සිදු කර ඇතැයිද තුවාලකරු දැනට රෝහල් ගත කර ඇතැයිද සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන බවද පැමිණිල්ල ගොනු කළ නිට්ටඹුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සී. එම්. චන්ද්‍රපාල මහතා අධිකරණයට දන්වා සිටියේය.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ලලිත් ලියනගේ, නිට්ටඹුව මුලස්ථාන පොලිස් පරීක්ෂක විලට් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ.

යූරෝවලට අලෙවි කළ මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදී ආරක්ෂාව
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කරන රාවය පුවත් පතේ වික්ටර් අයිවන් නිදහස් මාධ්‍ය වෙනුවෙන් කැපවී සිටින බව ප්‍රදර්ශනය කරන මාධ්‍යවේදීන් දෙතුන් දෙනකු ගැන අපූරු අනාවරණයක් කරයි. සංඛ්‍යා ලේඛන සහ කරුණු සහිතව ඔහු කරන මේ හෙළිදරව්ව කොටුව දුම්රිය පොළේ නිතර මොර දෙන මේ මාධ්‍යවේදීන් ගැන අවබෝධයක් ලබාගත යුතුය. මොවුන්ට ඇත්තේ මාධ්‍ය නිදහස හෝ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම නොව බඩගෝස්තරවාදය වෙනුවෙන් බොරු සටන් කිරීම පමණක් බව වික්ටර් අයිවන් නොකියා කියයි. මේ දෙතුන් දෙනා පසුපස යන මාධ්‍යවේදීන් මේ ලිපිය කියවිය යුතුය.
මම ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වෙමි. එහෙත් එම ආයතනය ගොඩනගන මුල් දිනවලම මට මතභේද තිබුණි. මතභේද ඇතිවුණේ ව්‍යවස්ථාව ගැනය. ව්‍යවස්ථාව සකස් කර තිබුණේ ඕනෑම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකුට එම සංවිධානයට ඇතුළුවීමට ඉඩ ලැබෙන ආකාරයට නොවේ.
එහෙත් තෝරාගත් සුළු පිරිසකට පමණක් ඊට එකතු විය හැකි ආකාරයකටය. ඒ නිසා ඇතිවනු ඇත්තේ පොදුවේ ජනමාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයක් නොව, එක්තරා කල්ලියකගේ ව්‍යාපාරයක් බවට මම අනතුරු ඇඟවූවෙමි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සියලු දෙනාට දොරටු විවෘත කරන ප්‍රතිපත්තියක් සංවිධානාත්මක පිරිසකට සංවිධානය අල්ලා ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇති බවට ඔවුහු තර්ක කළෝය. ඒ ගැන නගන තර්ක මගේ පිළිගැනීමට හේතු නොවූ නිසා කිසියම් දීර්ග කාලයක් මම එම ව්‍යාපාරයෙන් ඉවත්ව සිටියෙමි.
චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ජනමාධ්‍යවලට අතිවිශාල මර්දනයක් එල්ල වන්නට වූ විට මතභේද අමතක කොට මර්දනයට මුහුණදීම සඳහා එකතුවන ලෙස සුනන්ද හා වරුණ මට ආරාධනා කළහ. ඒ අනුව මම නැවත ඊට එකතු වූයෙමි.
එකල එයට තමන්ගේම න්‍යාය පත්‍රයක් තිබුණි. අප වැඩ කෙළේ අපේ සාක්කුවල සල්ලිවලිනි. වාර්ෂිකව සංවිධානයට ලැබුණු ආදායම රුපියල් දස දහසක් වත් නොවීය. වැටුපට වැඩකරන පිරිසක් ද එම සංවිධානයේ නොසිටියෝය.
එකල අපට ද මරණ තර්ජන එල්ල වුණ අවස්ථා තිබුණි. බෝම්බ ප්‍රහාර එල්ල වූ, ඇසිඩ් ප්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබුණි. ඒ සියලු දේට අප මුහුණ දුන්නේ අපේම ශක්තියෙනි. අපට සැඟවෙන්නට සුඛෝපභෝගී ආරක්ෂක නිවාස නොතිබුණි.
තර්ජනයට ලක්වූවන්ට විශේෂ ගෙවීම් කරන ක්‍රමයක් ද නොතිබුණි. අපට තිබුණේ එක ව්‍යාපෘතියක් පමණය. එය ජනමාධ්‍ය නිදහසට අදාළ ව්‍යාපෘතිය පමණය. එය අපේම ශක්තියෙන් හා දාඩිය මහන්සියෙන් දුවන ව්‍යාපාරයක් විය.
කාලයාගේ ඇවෑමෙන්, සංවිධානයේ ස්වරූපය ද ක්‍රමයෙන් වෙනස් විය. තමන්ගේ ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් වෙනුවට එය විදේශ ආධාරවල ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් බවට පත්විය.
විදේශ ආධාර ලබාගන්නවාට මා විරුද්ධ නැත. එහෙත් ඒවා අපේ ඇත්ත අවශ්‍යතාවන්ට ගැළපෙන ප්‍රමාණයකට විය යුතුය. ඒ නිසා අපේ න්‍යාය පත්‍රය හැසිරවීමේ අයිතිය ආධාර දෙන සංවිධානවල අයිතියක් බවට පත් නොකළ යුතුය.
එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කෙළවරක් නැති තරමට විදේශ ව්‍යාපෘතිවල හිර වූ සංවිධානයක් බවට පත්විය. සල්ලි අවශ්‍යම නම් තමන්ට ගැළපෙන, තම සංවිධානයේ ආත්ම ගෞරවයට හානියක් ඇති නොකරන එක ව්‍යාපෘතියක් හෝ දෙකක් කළාට වරදක් නැත.
ඒ වෙනුවට සිදුවූයේ කෙළවරක් නැති තරමට ව්‍යාපෘති බදාගත්, එක ව්‍යාපෘතියක්වත් හරියට නොකරන තමන්ගේ ව්‍යාපෘතිය අමතක කළ ව්‍යාපාරයක් බවට පත්වීමය.
මම මාගේ අතෘප්තිය ප්‍රකාශ කොට නැවතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ආයුබෝවන් කීවෙමි. මගේ විවේචනය වූයේ අපට තිබෙන ඇත්ත ප්‍රශ්න කතා කරනවා හා කි‍්‍රයා කරනවා වෙනුවට තමන්ට ලැබෙන විදේශ ආධාර මත විදේශ න්‍යාය පත්රයකට අනුව කටයුතු කරන සංවිධානයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පත්ව තිබෙන බවය.
සංවිධානයෙන් ඉවත්වීමෙන් කලකට පසුව උවිඳු කුරුකුලසූරිය සමග කරන ලද ලිඛිත විවාදයකදී මට ඒ වන විට පෙනෙන්නට තිබුණ එක් වැදගත් ප්‍රවණතාවක් හඳුන්වාදීමට මම උත්සාහ කෙළෙමි.
ජනමාධ්‍යවේදීන් අතර ජනමාධ්‍ය අද්වකාත්ලා පිරිසක් බිහිවී ඇති බවත්, මේ ජනමාධ්‍ය අද්වකාත්වරුන් ජනමාධ්‍යවේදීන්ගේ න්‍යාය පත්‍රය තීරණය කරන්නන් බවට පත්ව ඇති බවත්, මම එදා කීවෙමි. මේ ආරාවුල යට ඇති තවමත් සඟවාගෙන ඇති තොරතුරුවලින් මා එදා කියන ලද අනාවැකිය හොඳින් සනාථ වී තිබෙන බව පෙනේ.
ජනමාධ්‍ය ආරක්ෂක අරමුදල
කෙනත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට අමානුෂිකව පහරදීමේ සිද්ධියේදී ඊට විරෝධය පළ කරන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස ජනමාධ්‍යවේදියෙක් මට දුරකතනයෙන් ආරාධනා කෙළේය. එවැනි පහරදීම්වලදී ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට නිල ආයතනයක් හා ගෙවීම් ලබන විශේෂ නිලධාරීන් පිරිසක් ඇති බැවින් දැන් වෙනදා මෙන් එවැනි සිද්ධීන්ට අප වැනි ස්වෙච්ඡා සේවකයන් අවශ්‍ය නොවන බව මම කියා සිටියෙමි.
එහිදී ඔහු විසින් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මා කියා සිටියේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසියක් නොතිබුණු යුගයකදී සිදුවන අපරාධවලදී අපරාධකරුවන් මැඬලන්නට ස්වේච්ඡාවෙන් පුරවැසියන් කි‍්‍රයාකළ නමුත් නිල පොලිසියක් ඇති වූ පසු එම වගකීම පොලිසිය විසින් මිස පුරවැසියන් විසින් ඉටු නොකළ යුතු බවය.
මට එහෙන් මෙහෙන් ලැබී තිබෙන තොරතුරු අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා දැන් වසර හතකර කාලයක් තිස්සේ මාසිකව වැටුප් ලබන නිලධාරීහු දෙදෙනෙක් සිටිති. ඔවුන්ට වැටුප් දෙන්නේ ඉන්සි (INSI) නමැති ජාත්‍යන්තර ආයතනයයි. එක් පුද්ගලයෙකුට ගෙවන මාසික වැටුප යුරෝ 750 කි. 2007 යුරෝ එකක රුපියල් හුවමාරු අනුපාතිකය රුපියල් 160 කි. එවිට එක් පුද්ගලයෙකුගේ වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 1,20,000 කි.
මීට අතිරේකව ඒ දෙදෙනාගේ ගමන් වියදම්, ඉන්ධන බිල, ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා යන වියදම, එම දුරකතන බිල, ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා යන වියදම, විද්‍යුත් තැපෑල සඳහා යන වියදම් ද දරනු ලැබේ. එවිට සමස්ත වැටුප් බිල රුපියල් ලක්ෂ 02 ක් පමණ විය හැකිය.
එහෙත් මේ ආදායම මේ වැටුප් ලබන්නන් දෙදෙනාට තිබෙන එකම ආදායම නොවේ. තිබෙන ආදායම් මාර්ගවලින් එකක් පමණය.
ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයා කරන වැටුප් ලබන ස්ථිර නිලධාරීන් දෙදෙනෙකු රටේ සිටිනවාට මා විරුද්ධ නැත. ඔවුන් කරන අති විශාල කාර්යභාරය සඳහා ඔවුන්ට දැවැන්ත වැටුපක් විදේශ ආයතනයකින් ගෙවනවාට ද මා විරුද්ධ නැත.
මට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ සියල්ල රහසේ සිදුවීමය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව භාර වැටුප් ලබන නිලධාරීන් දෙදෙනෙකු සිටින බව රටේ ජනමාධ්‍යවේදීන්වත් නොදනී. ජනමාධ්‍ය සංවිධාන පවා නොදනී. එවැනි පුද්ගලයන් දෙදෙනෙකු රටේ සිටින බව දන්නේ නම් ආරක්ෂාව අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඔවුන් සොයා ගොස් තමන්ට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටිය හැකිය.
දැන් රටේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා පඩි ලබන ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන ආරක්ෂක අරමුදලක් ද තිබෙන්නේය. එම අරමුදල තිබෙන්නේ ජනමාධ්‍ය ආයතනය භාරයේය.
අරමුදලේ ප්‍රමාණය පැහැදිලි නැත. ඒ අරමුදල තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පරිහරණය කිරීමේ අයිතිය ලබා දුන් අතුරු අරමුදලක් ඇත්තේය. එම අතුරු අරමුදලේ ප්‍රමාණය (එක් වසරක් සඳහා පමණක්) රුපියල් මිලියන 8.2 කි. එවිට ප්‍රධාන අරමුදලේ ප්‍රමාණය ගැන දළ අදහසක් ඇතිකරගත හැකිය.
මේ අතුරු අරමුදලේ අරමුදල් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරිහරණය කර තිබෙන ආකාරය ප්‍රශ්න ගත දෙයක් බවට පත්ව තිබෙන අතර, ඒ නිසා පුවත්පත් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කොට අතුරු අරමුදලේ මුදල් පරිහරණය තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.
දැන් වෙනදා මෙන් නොව, තර්ජන ගර්ජනවලට ලක්වන මාධ්‍යවේදීන්ට මේ අරමුදලෙන් වන්දි ලබාගත හැකිය. අරමුදල ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකුගේ පවුල් පහක් සඳහා මසකට රුපියල් 5000 ක මුදලක් ලබාදෙන බව කියනු ලැබේ. එය යහපත් කි්රයාවකි. එහෙත් තර්ජනයන්ට ලක්වුවේයැ’යි කියන පුද්ගලයන්ට ගෙවන මිල ඝාතනයට ලක්වූවන්ට ගෙවන මිලට වඩා වැඩිය.
ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට ආරක්ෂාව සඳහා කුලියට නිවාස ලබාදී තිබෙන අතර,, එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 2,30,000 ක කුලියක්ද අනෙක් පුද්ගලයා සඳහා රු: 1,78,000 ක මුදලක් ද ලබාදී තිබේ. ඊට අතිරේකව තර්ජනයට ලක්වූවන්ට ආරක්ෂිතව ගමන් බිමන් යෑම සඳහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ගෙවනු ලැබේ. එවැනි දීමනා ලබන අයගේ ගණන 05 කි.
හැමදාමත් මට ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වන වැඩපිළිවෙළ ගැන විවේචනයක් තිබුණි. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප්‍රමාණය අතිවිශාලය.
ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම ඉතා වැදගත් වූවත්, ඒ සඳහා කි‍්‍රයාත්මක වන වැඩසටහන් වැඩි හරියක් ගුණාත්මක අගයෙන් තොර, කොත්තු රොටි හදන්නාක් වැනි හරයක් නැති වැඩසටහන් වේය යන්න මගේ විශ්වාසයයි. පුවත්පත් ආයතනය විද්‍යුත් මාධ්‍ය සඳහා පවත්වාගෙන යන පුහුණු කිරීමේ වැඩසටහන් හොඳ තත්ත්වයක පවතී.
එහෙත් මුද්‍රිත ජනමාධ්‍ය සඳහා පවත්වාගෙන යන වැඩසටහන් ගුණාත්මක වශයෙන් උසස් තත්ත්වයක නොපවතීය යන්න මගේ අදහසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තවත් එවැනි ව්‍යාපාර පුහුණු කිරීම සඳහා පවත්වාගෙන යන දින දෙකේ වැඩමුළු ක්‍රමය ජනමාධ්‍යවේදීන් රැවටීමකට වැඩි දෙයක් නොවේයැ’යි මම විශ්වාස කරමි.
පුහුණු වැඩමුළු
කෙටිකාලීන පුහුණු කිරීම් වැඩසටහන් සඳහා වුවද විධිමත් විෂය නිර්දේශයක් තිබිය යුතුය. සුදුසු පුහුණුකරුවන් සිටිය යුතුය. කරනු ලබන පුහුණු කිරීම් පිළිබඳව පසු විපරමක් තිබිය යුතුය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළුව සංවිධාන පහේ එකතුව මහජන සේවා ජනමාධ්‍ය, මානව හිමිකම්, වංචා හෝ දූෂණ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යන තේමා යටතේ දැවැන්ත පුහුණු කිරීම් ව්‍යාපෘති හතරක් පවත්වාගෙන යයි. (ඒ සියලු ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රමාණයන් කොතරම්ද යන්න මම නොදනිමි.
එහෙත් යුරෝපා සංගමය මානව හිමිකම් ව්‍යාපෘතිය සඳහා වසර දෙකක කාලයක් සඳහා යුරෝ 199,000 ක් වෙන්කර ඇති බව මම අසා ඇත්තෙමි. රුපියල් වටිනාකම රුපියල් මිලියන 15 කට වැඩිය.) පුදුමයකට මෙන් මේ විෂය හතරට අදාළ පුහුණුකිරීම් වැඩසටහන්වල පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ එකම පිරිසකි. නැවත වැඩසටහන් පළාත් මට්ටමෙන් සම්බන්ධීකාරකයන් ලෙස කි‍්‍රයා කරන්නේ ද මේ පුහුණුකරුවන්ය.
ඊළඟට මේ විෂයන්ට අදාළ රචනා තරග සංවිධානය කරන්නේ ද නැවත එම රචනා හා තරගවල විනිශ්චයකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ ද පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන එකම පිරිසකි.
දින දෙකක පුහුණු කිරීම් වැඩමුළුවක් වෙනුවෙන් පුහුණුකරුවකුට ගෙවන ඳල රුපියල් 20,000 සිට රුපියල් 38,400 දක්වා වෙනස් වේ. පළාත් සම්බන්ධීකාරකයෙකුට රුපියල් 20,000 සිට 30,000 දක්වා මුදලක් ගෙවනු ලබයි. තරග විනිශ්චයක් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ත් රුපියල් 35,000 ත් අතර මිලක් ගෙවනු ලබයි.
මෙහි සඳහන් පළමුවැන්නා වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 60,000 ක් පමණ විය හැකිය. ඊට අතිරේකව ඔහු මෙම ව්‍යාපෘතිවල පළාත් සම්බන්ධීකාරකයෙකි. ඒ සඳහා ලැබෙන දීමනාව රුපියල් 25,000 කි. එවිට රැකියාව හා මෙම ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 139,000 කි.
මෙහි සඳහන් දෙවැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ව්‍යාපෘති පළාත් සම්බන්ධීකාරක වශයෙන් ලබන දීමනාව රුපියල් 20,000 කි.
ඔහුට ආරක්ෂක අරමුදලෙන් ගෙවල් කුලී ගෙවයි. ගෙවන ගෙවල් කුලිය මසකට රු. 17,500 කි. ඊට අතිරේකව ආරක්ෂාකාරීව ගමන් බිමන් සඳහා රුපියල් 10,000 ක් ගමන් වියදම් දීමනාවක් ද ගෙවයි. ආයතනයෙන් ලබන වැටුප රුපියල් 50,000 ක් සලකතොත් එය හා මේ ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 200,500 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ආරක්ෂක අරමුදලෙන් ඔහුට නිවසක් ලැබී තිබෙන අතර, එහි මාසික කුලිය රුපියල් 19,000 කි. ඊට අතිරේකව ආරක්ෂක ගමන් වියදම් සඳහා ද රුපියල් 10,000 ක මාසික දීමනාවක් හිමිය. ලැබෙන වැටුප රුපියල් 50,000 ක් ලෙස සලකතොත් වැටුප හා ව්‍යාපෘතිවලින් උපයා තිබෙන මාසික ආදායම රුපියල් 204,400 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද මසකට යුරෝ 750 ක වැටුපක් ලබා ගනී. යුරෝ එකක හුවමාරු අනුපාතිකය රු. 155 ක් ලෙස සලකතොත්, ලැබෙන වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 116,250 කි. ඊට අතිරේකව දේශීය වැටුප රුපියල් 70,000 කි. ඊට අතිරේකව ඉන්සි (INSI)අරමුදලෙන් එම මාසයේ ලබාගෙන ඇති දීමනා මෙසේය. පෙට්‍රල් සඳහා රුපියල් 6650 කි. ගමන් වියදම් සඳහා රුපියල් 10,900 කි. දුරකතන වියදම් සඳහා රුපියල් 12,930 කි. එවිට මාසයේ මුළු ලැබීම්වල මුළු වටිනාකම මසකට රුපියල් 326,530 කි.
ආපසු හැරී බලමු
පසුගිය සතියේ රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වෙනත් පුවත්පතකට ගියේය. ඔහුට උපහාර දැක්වීම සඳහා පැවැති රැස්වීමකදී වැඩි වැටුපක් සඳහා රාවය අත්හැර යන කිසිවකු මා කවදාවත් අධෛර්යමත් කර නැති බවත්, ඒ ගැන සිරිතක් වශයෙන් ඔවුන්ට චෝදනා නොකරන බවත් මා කියා සිටි විට කර්තෘ මණ්ඩල සාමාජිකයකු කතා කරමින් කීවේ ආර්ථික දුෂ්කරතා නිසා රාවය අතහැර යන තත්ත්වයක් ඇති නොවීමට ආයතනය වගබලා ගන්නේ නම්, වඩා යහපත් බවය.
මා ඔහුට දුන් පිළිතුර වූයේ අප වැනි ජනමාධ්‍ය ආයතනයකට විශාල වැටුප් ගෙවිය නොහැකි බවත්, විශාල වැටුප් ගෙවන බොහෝ ජනමාධ්‍ය ආයතන වැටුප් ගෙවන්නේ තමන් උපයන ආදායම් මාර්ගවලින් නොව, එම ආයතනවල අයිතිකරුවන් වෙනත් ව්‍යාපාරවලින් උපයන ආදායම්වලින් බවත්ය. රාවයේ වැඩ කරනවාට වඩා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩ කිරීමෙන් වඩා හොඳ වැටුප් ලබාගත හැකි බව ද මම කියා සිටියෙමි.
ඇත්ත වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන අද තිබෙන්නේ 1940 – 48 කාලවකවානුවේදී ඇමරිකාවේ හෝ යුරෝපයේ ජනමාධ්‍ය වැටී තිබුණු ශෝකජනක තත්ත්වයට සමාන තත්ත්වයකටය.
සමාජයේ ඉමහත් අගෞරවයට හා අවිශ්වාසයට හේතුවී තිබුණු ඇමරිකානු ජනමාධ්‍ය එම නින්දාසහගත තත්ත්වයෙන් ගොඩ ආවේ සිය කටයුතු ප්‍රසිද්ධියේ ආපසු විවේචනාත්මකව බලන තැනකට යෑමෙනි. එවැනි නිර්භීත තැනකට යන්නට අපේ රටේ ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන්ට ධෛර්යයක් තිබේද?

ශී‍්‍ර ලංකා පාකිස්තාන තරග ස්ථානවල වෙනසක්
කරච්චි (ඒ. එෆ්. පී.)
පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගමාලාවේ තරග පැවැත්වෙන ස්ථාන ශී‍්‍ර ලංකාවේ ඉල්ලීම පරිදි වෙනස්කොට ඇතැයි පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලය ඊයේ ප්‍රකාශ කෙළේය. මේ අනුව තරග ති‍්‍රත්වය කරච්චි හා ලාහෝර් හි පැවැත්වෙනු ඇත.
“පළමු තරග දෙක ජනවාරි 20 හා 21 කරච්චියේදීත්, අවසාන තරගය ජනවාරි 24 ලාහෝරයේත් පැවැත්වීමට දැන් තීරණය කොට තිබෙනවා” පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි සලිම් අල්ටාෆ් පැවැසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා පෙබරවාරි 14 වැනිදා යළි පාකිස්තානයට එන බවද අල්ටාෆ් ප්‍රකාශ කෙළේය

බංග්ලාදේශයට පෙරැළිකාර ජයක් ෂකිබ් අල් හසන් පන්දු 69කදී නොදැවී ලකුණු 92යි
ධකා (ඒ. එෆ්. පී.)
ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ෂකිබ් අල් හසන් නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් බංග්ලාදේශය තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ අවසාන තරගයට ඊයේ රැගෙන ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව කඩුලු පහක පෙරැළිකාර ජයග්‍රහණයක් වාර්තා කරමිණි.
වමතින් පිත්ත හැසිරවූ අල් හසන් ඔහුගේ පන්දු 69ක ඉනිම ඇතුළත හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් එල්ලකළ අතර බංග්ලාදේශය තරගයේ තවත් ඕවර 7.1 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා මුළු ලකුණු 147 අභිබවා ගියේය. උදය කාලයේ පැවැති මීදුම හේතුවෙන් තරගය දෙපිලට ඕවර 31 බැගින් සීමාවී තිබිණි.
තරග 1 බැගින් ජය ගෙන බෝනස් ලකුණ බැගින් ලබාගෙන දෙපිලම ලකුණු 5 බැගින් ලීග් අදියර අවසන් කළ බැවින් ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය යළිත් හෙට අවසන් තරගයේදී මුණගැසෙනු ඇත.
එක් තරගයක් ජයගත් සිම්බාබ්වේ පිලද ලීග් අදියර අවසන් කෙළේ ලකුණු 4 ක් ලබා ගෙනය.
අන්තර් ජාතික එක්දින කි‍්‍රකට් තරග 25 කදී බංග්ලාදේශය ඊයේ ශී‍්‍ර ලංකාව පැරද වූයේ දෙවැනි වතාවට පමණි.
සත්කාරක බංග්ලාදේශ පිල දුවද්දී දැවී යාම් දෙකකට ලක්ව ලකුණු 11 කට කඩුලු 3 ක් දැවී අසරණ තත්ත්වයකට පත්ව සිටියද හසන් ශී‍්‍ර ලංකා පන්දු ප්‍රහාරයට තියුණු අභියෝගයක් එල්ල කරමින් නායක මොහොමඩ් අෂ්රෆුල් (26) සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් එක් කිරීමට සමත් විය.
නයීම් ඉස්ලාම් (නොදැවී 12) 24 වැනි ඕවරයේදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට “ලෝන්ග් ඕන්” හරහා හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කෙළේය. ඒ වන විට හසන් සිටියේ ඔහුගේ තෙවැනි එක්දින ශතකයට තවත් ලකුණු අටක් පමණක් අඩුවෙනි.
බංග්ලාදේශ ජයග්‍රහණයේ එකම තරුව වූයේ 21 හැවිරිදි හසන් පමණක් නෙවේ.
සිය මංගල එක්දින තරගයට සහභාගි වූ වේගපන්දු යවන රුබෙල් හොසේන් (ලකුණ් 33 ට කඩුලු 4) සහ වේගපන්දු යවන මෂ්රෆි මොටාසා (ලකුණු 25 ට කඩුලු 3) කඩුලු 7 ක් බෙදා ගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 147 කට සීමා කළහ.
සනත් ජයසූරියගේ ලකුණු 54 න් පසුව ශ්‍රී ලංකාව ලකුණු 95 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි අතර ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 52 කට බිඳ වැටිණි.
ප්‍රථමයෙන් ලකුණු රැස් කිරීමට කැඳවීමෙන් පසුව ශ්‍රී ලංකාව කඩුලු 2 ක් ලකුණු 4 කට බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියද ජයසූරිය තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක මහේල ජයවර්ධන (20) සමග ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ස්ථාවර කෙළේය.
මොටාසා ශ්‍රී ලංකා පිලට මුල්ම හානිය සිදු කරමින් ඔහුගේ තෙවැනි පන්දුවේදී උපුල් තරංගත් ඊළඟ ඕවරයේ කුමාර් සංගක්කාරත් දවාලීය. මේ පිතිකරුවන් දෙදෙනාටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූහ.
ජයසූරිය ඊයේ ලබා ගත් ඔහුගේ 67 වැනි එක් දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. ඔහු මේ සඳහා පන්දු 64 කට මුහුණ දුන්නේය.
චාමර කපුගෙදර පන්දු 30 කදී ලකුණු 20ක් රැස් කෙළේය.
ශී‍්‍ර ලංකාව
යූ. තරංග ක. මු. කළා ප. මෝර්ටසා 00
එස්. ජයසූරිය ඇ. සහ ප. මෝර්ටසා 54
කේ. සංගක්කාර ප. මෝර්ටසා 00
එම්. ජයවර්ධන ඇ. හොසේන් ප. ඉස්ලාම් 28
සී. කපුගෙදර ප. අලාම් 28
ජේ. මුබරක් දුවද්දී දැවීගියා 10
ඒ. මැතිව්ස් ඇ. මෝර්ටාසා ප. හොසේන් 02
ටී. තුෂාර ඇ. මුෂ්නිකර් ප. හොසේන් 00
එන්. කුලසේකර ඇ. ඉස්ලාම් ප. හොසේන් 05
එම්. මුරලිදරන් නොදැවී 06
ඒ. මෙන්ඩිස් ඇ. අෂ්රෆුල් ප. හොසේන් 00
අතිරේක 14
එකතුව (ඕවර් 30.3 කදී) 147
කඩුලු බිදවැටීම - 1 – 0, 2 – 4, 3 – 75, 4 – 95, 5 – 124, 6 – 128,
7 – 130, 8 – 135, 9 – 141, 10 - 147
පන්දු යැවීම - මොර්ටසා 7 – 1 – 25 – 3, අලාම් 4 – 0 – 25 – 1,
හොසේන් 5.3 – 0 – 33 – 4, අල්හසන් 6 – 0 – 24 – 0,
නයීම් ඉස්ලාම් 6 – 0 – 24 – 1, මහමුදුල්ලා 2 – 0 – 13 - 0
බංග්ලාදේශය
තමීම් ඉක්බාල් දුවද්දී දැවීගියා (කපුගෙදර) 09
ජුනයිඩ් සිද්ධික් දුවද්දී දැවීගියා (මුබරක්) 00
මුෂ්ෆිකර් රහීම් ඇ. සංගක්කාර ප. තුෂාර 01
මොහොමඩ් අෂ්රාෆුල් ඇ. ජයසූරිය ප. කුලසේකර 26
ෂකීබ් අල් හසන් නොදැවී 92
රකිබුල් හසන් ඇ. මුරලිදරන් ප. මෙන්ඩිස් 03
නයීම් ඉස්ලාම් නොදැවී 12
අතිරේක 08
එකතුව (කඩුලු 5 කට ඕවර් 23.5 කදී ) 151
කඩුලු බිදවැටීම – 1 – 0, 2 – 10, 3 – 11, 4 – 102, 5 - 126
පන්දු යැවීම – කුලසේකර 6 – 1 – 45 – 1, තුෂාර 4 – 1 – 12 – 1,
මෙන්ඩිස් 6.5 – 0 – 37 – 1, මැතිව්ස් 1 – 0 – 12 – 0,
මුරලිදරන් 6 – 0 – 40 - 0

Friday, January 2, 2009
දෙහිවල සතුන් වත්තේ ඇතුළුවීමේ ගාස්තු ඉහළට

සුරන්ජිත් පෙරේරා - දෙහිවල ගල්කිස්ස සමූහ
දෙහිවල සත්ව උද්‍යානයේ ඇතුළුවීමේ ගාස්තු ඊයේ ජනවාරි පළමුවැනිදා සිට දෙගුණයකින් ඉහළ දමා ඇත.
විනෝදාත්මක කටයුතු අමාත්‍යංශ ලේකම් හරහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව ඉහළ දැමීමම සිදුකළ බව සත්ව උද්‍යානයේ අධ්යක්ෂ දුමින්ද ජයරත්න මහතා පැවැසීය.
ඒ අනුව පෙර තිබූ ඇතුළුවීමේ ගාස්තුවලට සමානව පහත සඳහන් පරිදි වැඩිකිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
නව මිල සංශෝධන සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙහිවල සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (මුදල්) බී. එස්. එම්. අබේසේකර මහතා කියා සිටියේ, පින්නවල හා දෙහිවල සත්ව උද්‍යානයන්හි සතුන්ගේ ආහාර සඳහා පමණක් රුපියල් මිලියන 9ක් පමණ වාර්ෂිකව වැය වන අතර නව ආර්ථික තත්ත්වය යටතේ සතුන්ගේ ආහාර සඳහා දෙන තණකොළ මිටියක් සඳහා රුපියල් 20ක්, පොල් අත්තක් සඳහා රුපියල් 11ක්, කිතුල් කොට කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 20ක් වැනි මිල ගනන් හා සේවක නඩත්තු හා ප්‍රාග්ධන වියදම් සඳහා තවත් විශාල මුදලක් යෙදවීමට සිදුවන බවය.
මේ වන විට හම්බන්තොට, රිදීගම හා වාගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකරන සත්ව සෆාරි උද්‍යාන සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම වැනි කරුණුද මෙම ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට හේතුවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙවැනි ආකාරයෙන් 100% කින් සත්ව උද්‍යාන ඇතුළුවීමේ ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් සත්ව උද්‍යාන සේවකයින් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති දැඩි විරෝධය පළකර ඇත.
සත්ව උද්‍යානය නැරැඹීමට පැමිණෙන ශී‍්‍ර ලංකා ජනතාවගෙන් 75% පමණ ඈත පළාත්වල දුප්පත් මිනිසුන් බවත් 100% කින් අත්තනෝමතික ලෙස ගාස්තු වැඩිකිරීම එවැනි මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයට කිසිසේත්ම හිතකර නොවන බවද ඔවුහු පවසති.
එක් පවුලකින් හත් අටදෙනෙකු සත්ව උද්‍යානය නැරැඹීමට පැමිණියහොත් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේදී අපහසුතාවට පත්වීමට ඉඩ ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට ඊයේ (01) සිට ගාස්තු දෙගුණයකින් වැඩිකර ඇත. සත්ව උද්‍යානයේ වියදම් හා නඩත්තු කටයුතු සඳහා යැයි පාලන අධිකාරිය පෙන්වා දෙන අතර සත්ව උද්‍යාන සේවකයින් හා වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම නව ගාස්තු ක්‍රමය මගින් සත්ව උද්‍යානය නැරඹීමට එන ශී‍්‍ර ලංකාවේ දුප්පත් ජනතාව අපහසුතාවයට පත්වී සත්ව උද්‍යානයේ ආදායම ද අඩුවිය හැකි බවයි.

ඇමැති මණ්ඩල වෙනසක්
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතාත්, ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතාත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (01) සවස 6.00 ට අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දුන්හ.
ආචාර්ය සරත් අමුණුගම සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු දිවරුම් දීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆීලික්ස් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග, ජනාධිපති ලේකම් ලලිත් සී. වීරතුංග යන මහත්වරු එක්ව සිටියහ

Subscribe to:
Posts (Atom)