ඒ. එෆ්. පී.
මුම්බායි නුවර සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ඉන්දියාවේ ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට බ¼ඳුන්ව ඇතත් 2010 පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙල සහ 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය කලින් නියමිත පරිද්දෙන් ම ඉන්දියාවේ පැවැත්වෙනු ඇතැයි එරට ඉහළ පෙළේ නිලධාරීහු පවසති.
2010 වසරේ ඔක්තෝබර් 3 සිට 14 දක්වා නවදිල්ලියේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලට කිසිම තර්ජනයක් නැතැයි ඉන්දියා ඔලිම්පික් සංගමයේ මහ ලේකම් රන්ධීර් සිං කියයි
”මුම්බායි හි සිදුවූ දෙය ශෝකාන්තයකි. එහෙත් කී‍්‍රඩාව පවත්වාගෙන යා යුතුයි. අපි මේ කී‍්‍රඩා උළෙල පවත්වන්න දැඩි ලෙස අදිටන් කරගෙන සිටිනවා.” ජගත් ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු ද වන සිං පවසයි.
”බොහෝ අන්තර්ජාතික කී‍්‍රඩා තරගවල මෙන්ම අධි ආරක්‍ෂාවක් තියේවි. කලබල වෙන්න වුවමනාවක් නැහැ. විරෝධතා පෙළපාළි තිබුණත් මේ වසර මුලදී නවදිල්ලියේදී ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාම ප‍්‍රශ්නයක් නැතිව සිදුවූයේ දැඩි ආරක්‍ෂාව යොදා තිබූ නිසයි.”
2010 පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙල ආසියානු නගරයකට පිරිනමන ලද දෙවැනි අවස්ථාව මෙය වේ. පළමු අවස්ථාව වූයේ 1998 වසරේ මලයාසියානු අගනුවර වන ක්වාලාලම්පූර් ය.
188 දෙනෙකුට මරු කැඳවූ මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධයෙන් ඉන්දියාව හා පාකිස්තානය අතර තානාපති සබඳතා පළුදු වීම හේතුවෙන් දකුණු ආසියානු ටෙස්ට් රටවල් හතරේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය පිළිබඳ සැකයක් ද මතු විය.
එහෙත් එම තරගාවලිය තර්ජනයට ලක්ව ඇතැයි කෙරෙන අනුමාන ෆෙඩරල් ඇමැතිවරයකු මෙන්ම වසර 2010 දී ජගත් කි‍්‍රකට් කවුන්සලයේ සභාපති ලෙස පත්වන ෂරාඩ් පවාර් ඉවත හළේය. “මින් ඉදිරියට එවැනි ත‍්‍රස්ත කි‍්‍රයාවක් මෙහි සිදු නොවන පරිදි සැකසෙන ආරක්‍ෂක වැඩපිළිවෙළක් ළඟදීම දැකගන්නට ලැබේවි” ඔහු පැවැසීය.
පාකිස්තාන සංචාරය
මේ අතර ජනවාරියේ පාකිස්තානයේ සංචාරයක් සඳහා රජයෙන් අවසර ලැබෙන තෙක් ඉන්දියා කි‍්‍රකට් බලධාරීහු බලා සිටිති. එහෙත් මාධ්‍ය වාර්තා පවසන්නේ එම සංචාරය සිදු නොවනු ඇති බවයි. මුම්බායි හි ප‍්‍රහාරයට ත‍්‍රස්තවාදීන් පැමිණියේ පාකිස්තානයේ සිට බවට ඉන්දියාව චෝදනා කිරීම මීට හේතුවයි.
අසල්වැසි දෙරට අතර හටගෙන තිබෙන උණුසුම් වාතාවරණය ලිහිල් කිරීමට කි‍්‍රකට් තානාපති සබඳතා හේතුවනු ඇතැයි පවසන පාකිස්තාන කි‍්‍රකට් නායක ෂොයිබ් මලික් ඉන්දියා කණ්ඩායම තම රටට පැමිණෙන ගමන එලෙසින් ම සිදුකරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා සිටී.
”අපි කි‍්‍රකට් තරග කී‍්‍රඩා කළොත් දෙරටේම ජනතාවට ඔවුන්ගේ අවධානය වෙනතකට යොමුකිරීමට අවස්ථාව ලැබේවි. එවිට දැන් තියෙන තත්ත්වය පැහැදිලිව හොඳ අතට හැරේවි. අතීතයේත් මේ අයුරින් ම කි‍්‍රකට් සබඳතා උපකාරි වෙලා තියෙනවා.”
මලික් වාර්තාකරුවනට කීවේය. ලබන වසරේ ජනවාරි - පෙබරවාරි පාකිස්තාන සංචාරයේදී ඉන්දියාව ටෙස්ට් තරග තුනකට අන්තර්ජාතික එක්දින තරග පහකට හා ඕවර විස්සයි 20 තරගයකට සහභාගි වීමට නියමිතය. කි‍්‍රකට් යනු ඉන්දියා උප මහද්වීපයේ ලොකුම ආලය බව පැවසූ මලික් එමඟින් මීට පෙරත් ඉන්දියාව හා පාකිස්තානය ළංකර වූ උදාහරණ ගෙන හැර දැක්වීය.
පාකිස්තානයේ හමුදා පාලක ජනරාල් සියා උල් හක් පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායමේ 1987 ඉන්දියා සංචාරය මැදදී ඉන්දියාවට පැමිණෙමින් කි‍්‍රකට් කී‍්‍රඩාව දෙරට අතර තානාපති සබඳතා වර්ධනය කර ගැනීමේ ආයුධයක් ලෙස පාවිච්චි කෙළේය. පාකිස්තාන පිලද ඉන්දියා සික් අන්තවාදීන්ගේ මරණ තර්ජන තිබියදීත් 1999 වසරේදී ඉන්දියාවේ සංචාරය කෙළේය.
තම කණ්ඩායම ඉක්මනටම තරග කී‍්‍රඩා කළ යුතුව ඇතැයි පාකිස්තාන කි‍්‍රකට් නායකයා පවසා සිටියේය. ”අපට කි‍්‍රකට් කී‍්‍රඩාව ඉතාමත් දැඩි ලෙස අවශ්‍ය වී තියෙනවා. හේතුව අපි මේ අවුරුද්දේ එක ටෙස්ට් තරගයක්වත් කී‍්‍රඩා නොකළ නිසයි.
ඒ නිසා අපි ඉන්දියා පිල මෙහි පැමිණෙන තුරු පුන පුනා බලා සිටිනවා” මලික් කීවේය.
ඉස්ලාමීය යුදවාදීන්ගෙන් එල්ල වීමට ඉඩ තිබූ ප‍්‍රහාරවලට බියෙන් ඔස්ටේ‍්‍රලියාව මේ වසර මුලදී පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්‍ෂේප කළ නිසා පාකිස්තානයට වසර පුරාම ටෙස්ට් තරගයක් නොලැබිණි.
ඉන්දියාව පාකිස්තානයේ සංචාරය කිරීම ප‍්‍රතික්‍ෂේප කළොත් පාකිස්තාන පිලේ ඊළඟ ටෙස්ට් තරගාවලිය යෙදී ඇත්තේ 2009 ජූලි මාසයේ ශී‍්‍ර ලංකාවේය. මුම්බායි හි ත‍්‍රස්ත ප‍්‍රහාරය නිසා කල් දැමුණු ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට එංගලන්ත කණ්ඩායම යළි ඉන්දියාවට පැමිණෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ෂොයිබ් මලික් කීය.
”ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දියාවට යන්න එංගලන්තය එකඟ වුණොත් එය ඉතා හොඳ තීරණයක් වේවි. හේතුව කි‍්‍රකට් දිගටම තිබිය යුතු නිසායි” මලික් වැඩිදුරටත් සඳහන් කෙළේය.
එංගලන්ත කණ්ඩායම
එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම යළි ඉන්දියාවට යාම ඔවුන්ගේ ආරක්‍ෂක උපදේශක රෙග් ඩිකාසන් මත රැඳී තිබේ. ඉන්දියාව විසින් වඩාත් දැඩි ආරක්‍ෂාවක් සැපයීමට පොරොන්දු වී ඇති බැවින් එංගලන්තය එම සංචාරයේ නියැලීමට එකඟ වීමට ඉඩ ඇතත් ඔවුන් අවසාන තීරණය ගනු ඇත්තේ තවත් දින කිහිපයකට පසුව ඩිකාසන්ගේ අලුත්ම වාර්තාව ලැබීමෙන් පසුව පමණි. ඒ අතරවාරයේ අබුඩාබියට ගොස් එහි නේවාසික පුහුණුවක යෙදීම ගැන එංගලන්තය සලකා බලමින් සිටී.
ඩිකසන්ගෙන් “කොළ එළිය” ලැබුණු පසුව ඔවුන් එතැනින් චෙන්නායි බලා යනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එංගලන්ත කණ්ඩායම අබුඩාබි කි‍්‍රකට් සමාජයේ පුහුණුව ලබමින් පුහුණු තරගයකට සහභාගි වනු ඇතැයි අබුඩාබියෙන් වාර්තා වෙයි. එංගලන්තය විසින් ඉන්දියාවෙන් ඉල්ලා ඇතැයි පැවසෙන කාරණා අතර සෑම තරග ස්ථානයකම 20 දෙනෙකුගෙන් යුත් කොමාන්ඩෝ හමුදාවක් සැපයීම හා ප‍්‍රහාරයක් හමුවේ සැනින් එම ස්ථානයෙන් ඉවත්ව යාමේ වැඩපිළිවෙළක් ද වෙති.
Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Thursday, December 4, 2008
Wednesday, December 3, 2008
‘සන්ඩේ ලීඩර්’ පුවතකින් හැන්සාඩ් කරුණු විකෘති කරලා කතානායක පාර්ලිමේන්තුවේ දී කියයි

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
‘සන්ඩේ ලීඩර්’ පත‍්‍රයේ පළ වූ ප‍්‍රවෘත්තියකින් හැන්සාඩ් වාර්තාවේ සඳහන් කරුණු විකෘති කර ඇති බව කථානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙළේ ය.
කතානායකවරයා ඊයේ (2) මෙසේ ප‍්‍රකාශ කෙළේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ඇමැති ඩිව් ගුණසේකර මහතා තමා සම්බන්ධයෙන් ඉකුත් නොවැම්බර් 30 වැනිදා සන්ඩේ ලීඩර් පත‍්‍රයේ පළවූ ප‍්‍රවෘත්තියකින් වරප‍්‍රසාද කඩවී ඇති බවට
පාර්ලිමේන්තුව ඊයේ පෙරවරුවේ ඉදිරිපත් කළ වරප‍්‍රසාද ප‍්‍රශ්නය පිළිබඳව අදහස් පළ කරමිනි. එම ප‍්‍රවෘත්තිය හා හැන්සාඩ් වාර්තා කියවා බැලූ බවත් ප‍්‍රවෘත්තිය හැන්සාඩ් වාර්තාවේ කරුණු විකෘති කර ඇති බවත් වරප‍්‍රසාද ප‍්‍රශ්නය වරප‍්‍රසාද කමිටුවට යොමු කිරීමට යෝජනා කරන බවත් කථා නායකවරයා කීවේය.
එම අවස්ථාවේ නැගී සිටි සභා නායක නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙය පාර්ලිමේන්තු කටයුතු වාර්තා කිරීමේදී රජය අපහසුවට පත් කිරීමේ ව්‍යාපෘතියක කොටසක් බවත් මේ පිළිබඳව දැඩි තීරණයක් ගත යුතු බවත් මෙය එම අමාත්‍යවරයාට පමණක් නොව සියලුම මැති ඇමැතිවරුන්ට බලපාන කරුණක් බවත් කීවේ ය.
හැන්සාඩ් වාර්තාවේ නම තිබූ පලියට මෙහි සඳහන් සංඛ්‍යා ලේඛන විකෘති කිරීමට බලයක් තිබෙනවාදැයි ප‍්‍රශ්න කළ කථා නායකවරයා හැන්සාඩ් වාර්තාවේ සඳහන් පිළිතුරෙහි එම අමාත්‍යාංශ ලේකම්වරයා එවා ඇති කරුණු ගැන ඩිව් ගුණසේකර ඇමැතිවරයා සෑහීමට පත්වන නමුත් වාර්තාකරණය වැරැදි බව පවසන්නේ යැයිද ප‍්‍රකාශ කෙළේ ය.

මීගමුව ඇළ පාරේ නිවෙසක කොටි දුරකථන මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ දුරකථන සම්බන්ධතා ජාලයට හසු වී නැහැ
මීගමුව විශේෂ එච්.ප‍්‍රනාන්දු
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට අන්තර්ජාතික දුරකථන පණිවිඩ ලබා දීමේ රහසිගත මධ්‍යස්ථානයක් වැටලූ මීගමුව පොලිසියේ නිලධාරීහු එම සන්නිවේදන උපකරණ සමගින් ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු ඊයේ (2) සවස අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණේ මීගමුව කුඩාපාඩුව ප‍්‍රදේශයේ ඇළ පාරේ නිවසකය.
පොලිසිය මේ මධ්‍යස්ථානයේ සඟවා තිබූ දුරකථන 80ක කොටස්, බැටරි හා ඒවාට අදාළ උපාංග තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබෙන අන්දමට රහසිගත පණිවිඩ ලබා ගැනීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන්නේ ජර්මනියේ ත‍්‍රස්තවාදීන් පිරිසක් සමගයි.
පරිඝනක ආධාරයෙන් ශ‍්‍රී ලංකාවේ දුරකථන සම්බන්ධතා ජාලයට හසු නොවී මේ දුරකථන පද්ධතිය ක‍්‍රියාත්මකවී තිබේ. අන්තර් ජාලයේ සම්බන්ධතා ඔස්සේ මේ රහසිගත දුරකථන පද්ධතිය කි‍්‍රයාත්මක කර තිබෙන බැව්ද වැඩිදුරටත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නීති රීති උල්ලංඝනය කරමින් මේ ජාවාරම ඉතාමත් රහසිගතව පවත්වාගෙන ගොස් තිබෙන බව ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ මීගමුව ප‍්‍රාදේශීය කාර්යාලයේ උසස් නිලධාරියෙක් “දිනමිණ”ට පැවසීය.
මේ ජාවාරම හරහා රුපියල් කෝටි ගණන් මුදල් ලබාගෙන තිබෙන බවද පැවසේ.
මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පේර්මසිරි විතාන මහතාගේ අධීක්ෂණය මත මේ පිළිබඳව විමර්ශන පවත්වාගෙන යනු ලබන්නේ මීගමුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ මහතා ප‍්‍රධාන පොලිස් නිලධාරීන් පිරිසකි.
සැකකරුවන් තිදෙනා රැඳවුම් නියෝග මත රඳවා වැඩිදුර පරීක්ෂණ සිදුකැරේ.

පෙරියකුලම් ගම්මානය යුද හමුදාව යටතට
මහින්ද කුලතුංග
මුලතිව් දිස්ති‍්‍රක්කයේ පෙරියකුලම් ගම්මානය ඊයේ (02) සවස ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී.
මුලතිව් කොටියමලේට කිලෝමීටරයක් බටහිරින් මේ ගම්මානය පිහිටා තිබේ. බි‍්‍රගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් යුත් යුද හමුදාවේ 59 වැනි සේනාංකය විසින් මේ ගම්මානය අත්පත් කරගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
මෙම ගම්මානයේ වැසියන්ගේ නිවෙස් ආශි‍්‍රතව ත‍්‍රස්තවාදීන් බංකර ඉදිකර තිබී ඇති අතර හමුදාව ඉතාමත් විමසිලිමත්ව ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කර ගම්මානය අත්පත් කර ගෙන තිබේ.
ගැටුමේදී ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවී ඇති අතර ත‍්‍රස්තවාදීන් ගම්මානය හැර දමා පළාගොස් තිබේ.
එම ප‍්‍රදේශයේ තවදුරටත් ආරක්ෂක මෙහෙයුම් සිදු කැරේ.මේ අතර උතුරේ මෙහෙයුම් වල නිරත හමුදා සේනාංක මහවැසි මැද ඊයේ (2) දිනයෙත් තම මෙහෙයුම් ඉදිරියට කි‍්‍රයාත්මක කරමින් හමුදා ඉදිරි ආරක්ෂක වළලු පුළුල් කර ගැනීමට සමත් වූහ.
මුලතිව් බලා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන 59 වන සේනාංකයේ භට පිරිස් ඊයේ (2) දහවල් වන විට ආන්දන්කුලම් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට පහර දී කොටි බංකර් හතරක් විනාශ කරමින් ඉදිරියට ගමන් කළ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ අතර කොකාවිල් ප‍්‍රදේශය අත්පත් කර ගත් 57 වැනි සේනාංකයේ භට පිරිස් කොකාවිල් ප‍්‍රදේශයෙන් ඉදිරියට ගමන් කරමින් ඉදිරි ආරක්ෂක වළල්ල පුළුල් කර ගෙන තිබේ.
නාගර්කෝවිල් දෙසින් මෙහෙයුම් ආරම්භ කර ඇති 53, 54 වැනි සේනාංක වල සෙබළුන් ඊයේ (2) කොටින්ට දැඩි ප‍්‍රහාර එල්ල කර ඇත. මේ අතර යාපනයේදී හමුදාව කිලෝ පහක් බරැති ක්ලෝමෝ බෝම්බයක් ඊයේ (2) සොයා ගෙන තිබේ.

මහවිරු පවුල්වල අයට කොටි පහර දී එළවති
මහින්ද කුලතුංග
ඊළාම් සිහින උන්මාදයෙන් දෙමළ ජනතාව නිදහස් කරන්නැයි ඉල්ලා කොටි නායක ප‍්‍රභාකරන්ට විරෝධය පළ කරමින් මුලතිව් ඔඩ්ඩුසුඩාන් හන්දිියේ විරෝධතාවක් පළ කිරීමට පැමිණෙමින් සිටි කොටි මහා වීර පවුල්වල සාමාජිකයන්ට එල්ටීටීඊ ය පෙරේදා (1) පහර දී පලවා හැර තිබේ.
මුලතිව්, පුදුකුඩුඉරිප්පු සහ විශ්වමඩු යන ප‍්‍රදේශවල සිට මේ මහා වීර පවුල්වල සාමාජිකයන් පැමිණි අතර කොටි සාමාජිකයන් එම ජනතාවට තුවක්කු එල්ල කර වෙඩි තබන බවට තර්ජනය කර පහර දී පලවා හැර ඇති බවත් වාර්තා වේ.
යුද්ධයට දරුවන් ලබා දී ඇති පවුල් එල්. ටී. ටී. ඊ. ය මඟින් මහා වීර පවුල් ලෙස නම්කර ඔවුන්ට විවිධ විශේෂ වරප‍්‍රසාද ලබා දී තිබේ.
එහෙත් තම පවුල්වල ඉතිරිව සිටින අනෙකුත් දරුවන්ද එල්. ටී. ටී. ඊ. ය බලහත්කාරයෙන් රැගෙන ගොස් යුද්ධයට යොදවා මරා දැමීමට විරෝධය පළකරමින් සහ එල්. ටී. ටී. ඊ. නායක ප‍්‍රභාකරන්ට සාප කරමින් මහා වීර පවුල්වල සාමාජිකයන් මේ උද්ඝෝෂණය සඳහා පැමිණි බවත් ආරක්‍ෂක අංශ වාර්තා සඳහන් කෙළේය.
කොටි නායකයා තම මහා වීර පවුල්වලට දුන් පොරොන්දු කඩ කරමින් අවුරුදු 12 ට අඩු දරුවන් යුද්ධයට බලහත්කාරයෙන් බඳවාගන්නා බවත් එම මහා වීර පවුල්වල සාමාජිකයෝ චෝදනා කළහ.
සාමාන්‍ය වැසියන් සිටින ස්ථානවල එල්. ටී. ටී. ඊ. ය තම බංකර සහ වෙඩි තැබීමේ ස්ථාන අටවා තිබීමත් මහා වීර පවුල්වල විරෝධතාවට හේතු වී තිබේ.
”එල්. ටී. ටී. ඊ. නායකයා අපිව රැවැට්ටුවා. අපේ දරුවන් අපිට ලබාදෙන්න. බලහත්කාරයෙන් දරුවන් යුද්දෙට බඳවා නොගන්න. ඊළාම් සිහින උන්මාදයෙන් දෙමළ ජනතාව නිදහස් කරන්න” යනුවෙන් සටන් පාඨ ඔසවාගෙන මහා වීර පවුල්වල සාමාජිකයෝ පැමිණෙමින් සිටියදී කොටින්ගේ පහරකෑමට ලක්ව ඇති අතර ඔවුන් කොටි සංවිධානයට සාප කරමින් පලා ගොස් ඇති බවත් එම ආරක්‍ෂක අංශ වාර්තා සඳහන් කෙළේය.

ත‍්‍රස්තවාදයේ සැබෑ මුහුණ මුම්බායි සිද්ධියෙන් පෙනුණා
අධිනීතිඥ ගෝමින් දයාසිරි
මුම්බායි ත‍්‍රස්ත ප‍්‍රහාරයට ඉන්දියාව මුහුණ දුන් ආකාරය, ත‍්‍රස්තවාදයට එරෙහි ඉදිරි කි‍්‍රයාමාර්ග කෙසේ වේද, ත‍්‍රස්තවාදය විනාශ කිරීම සඳහා ලෝකය කෙසේ කි‍්‍රයා කළ යුතු ද, ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකාව යෙදී සිටින අරගලය ආදී කරුණු පිළිබඳ අධිනීතිඥ ගෝමින් දයාසිරි අප සමඟ මෙලෙස අදහස් දක්වයි.
මුම්බායි ප‍්‍රහාරයත් සමඟ යළිත් ලෝකයට ම දැකගත හැකි වූ ත‍්‍රස්තවාදයේ වියරු ස්වභාවය හඳුනා ගනිමින් ම අපි මේ සාකච්ඡාව අරඹමු?
ඉන්දියාවට පසුගිය මාස 18ක වගේ කාලයක දී නොකඩවා වගේ ත‍්‍රස්තවාදී බලපෑම් ඇති වුණා. මුම්බායි ප‍්‍රහාරයට දෙසතියකට කලින් ගුහාවතී ප‍්‍රදේශයෙත් විශාල ප‍්‍රහාරයක් සිදු වුණා.
එම චෝදනාව එල්ල වුණේ බංග්ලාදේශයෙන් ආ ත‍්‍රස්තවාදීන් ට යි. ඊට කලින් දිල්ලි, ජයිපූර්, අලහබාද්, බැංගලෝර් ආදී ප‍්‍රදේශ ගණනාවක විවිධ කණ්ඩායම් ප‍්‍රහාර සිදු කළා.
එරටේ ඇසෑම් බෙදුම්වාදීන්, කාශ්මීර බෙදුම්වාදීන්, නැක්සලයිට්වාදීන් වැනි ත‍්‍රස්ත කණ්ඩායම් රාශියක් කි‍්‍රයාත්මක වෙනවා. ඉන්දීය ආරක්ෂක අංශයන්ට මේ කණ්ඩායම්වලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා.
පසුගිය සාර්ක් සමුළුවේ දී, මේ කලාපයෙන් ත‍්‍රස්තවාදය තුරන් කළ යුතු යැයි ඉන්දීය අගමැතිවරයා යෝජනාවක් ගෙනාවෙත් මේ අත්දැකීම් ඇති නිසා.
දකුණු ආසියාවෙනුත් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය වගේ රටවලට මේ ප‍්‍රශ්නය වඩාත් දැනෙනවා.
ආර්ථිකයට වගේ ම දේශපාලනයටත් ත‍්‍රස්තවාදයෙන් ප‍්‍රබල තර්ජනයක් එල්ල වෙනවා. මුම්බායි ප‍්‍රහාරයෙනුත් එය පැහැදිලියි. මේ තර්ජනය සමස්ත ලෝකයට ම එල්ල වෙන තර්ජනයක් ලෙස හඳුනා ගත යුතුයි. එය මැඩලීම සඳහා සියලු රටවල් එකට නැඟී සිටිය යුතුයි.
සාමාන්‍ය නීති යටතේ ත‍්‍රස්තවාදීන් සමඟ සටන් වැදීම අසීරු නිසා අමෙරිකාව, බි‍්‍රතාන්‍ය වගේ රටවල් විශේෂිත නීති ගෙනැත් තිබෙනවා.
එවැනි නීතිවල ස්වරූපය අනුව මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන වගන්ති අනිවාර්යයෙන් ඇතුළත් ව තිබිය හැකියි. එහෙත් කෘර ත‍්‍රස්තවාදය සමඟ සටන් කිරීමේ දී එසේ නොවී එය කිරීම දුෂ්කරයි.
එහෙත්, අප වැනි රටවල් ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා පවතින නෙතික රාමුව ඇතුළත ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් පවා සමහර බලවත් රටවල් අකුල් හෙළන ස්වභාවයක් තියෙන්නේ?
ත‍්‍රස්තවාදය සෙසු මිනිසුන් ගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරාගනිද් දී ත‍්‍රස්තවාදය මැඬලන කි‍්‍රයාමාර්ග මිනිස් අයිතිවාසිකම් හා ගැටෙන බව සිතමින් රටකට බලා ඉන්න බැහැ.
බි‍්‍රතාන්‍යයේ පවා සෑම මාර්ගයක ම වගේ ආරක්ෂක කැමරා සවිකරලා. ඒවා මඟින් සාමාන්‍ය ජනයා පවා නිරන්තරයෙන් සෝදිසි කෙරෙනවා. එසේ තිබිය දී තමයි, අද බටහිර ලෝකය සහ ඔවුන් ගේ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් උල්ලංඝනය කරන බවට අප වැනි රටවලට තර්ජනය කරන්නේ.
අමෙරිකාව තමන්ට එරෙහිව ඇතැයි කියන කි‍්‍රයාමාර්ග භයානක ලෙස මර්දනය කරද්දී මේ චෝදනා අදාළ වෙන්නේ නැහැ. අරාබිය, ඊජිප්තුව, කොලොම්බියාව වගේ රටවල එවැනි කි‍්‍රයාමාර්ග ඇති වුණත් ඒවා විවේචනය කරන්නෙත් නැහැ.
මොකද, මේ සමහර රටවල් අමෙරිකා ආධිපත්‍ය පිළිගන්නවා. අමෙරිකාවට වාසිදායක ආකාරයට තමන් ගේ සම්පත් යොදාගන්න ඉඩ ලබා දීම, යුද කඳවුරු පිහිටුවා ගන්න ඉඩ දීම වගේ දේවල් ඇතැම් රටවල් කරල තියෙනවා.
එවිට ඔවුන්ට එරෙහිව ඔය චෝදනාව එල්ලවන්නේ නැහැ. එහෙත්, ශ‍්‍රී ලංකාව වැනි රටක සුළු සිදුවීමක් වුණත් එය හුවා දක්වමින් පහර ගසනවා. මොකද, අපි ඒ ආධිපත්‍යයට යටවන්නේ නැහැ.
අපි, නොබැඳි පිළිවෙතක පිහිටා සිටින ස්වෙරී රාජ්‍යයක්. ඔය සමහර රටවල් මෙන් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට මුවා වී දේශපාලන විරුද්ධවාදීන් විනාශ කිරීමට අප කි‍්‍රයාකරන්නෙත් නැහැ. හැබැයි ඔවුන් කෘර මර්දනයන් හි යෙදෙනවා.
ඇත්ත නම්, ශ‍්‍රී ලංකාව මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආදී ඔවුන් කියන සෑම දෙයක් සම්බන්ධයෙන් ම ඉතාමත් විනිවිද පෙනෙන පරිදි කි‍්‍රයා කරන බවයි.
විදේශ අමුත්තන්ට මෙහි පැමිණ ඇත්ත දැනගන්න අප ඉඩ දීල තියෙනවා. එහෙත් ඉන්දියාව කිසිදු විදේශිකයකුට එවැනි අවසරයක් ලබාදෙන්නේ නැහැ. වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට තවත් රටකට ඉඩක් නැහැ.
මුම්බායි ප‍්‍රහාරය හමුවේ අමෙරිකාවත් ඉන්දීය ආණ්ඩුවට දැඩි ලෙස සහාය පළ කරන පිළිවෙතක සිටියා. අමෙරිකාවේ ඊළඟ ජනාධිපති බැරැක් ඔබාමා ත‍්‍රස්තවාදයට එරෙහිව කිනම් මට්ටමකින් කි‍්‍රයාකරයි ද යන්න මෙතෙක් අපැහැදිලි වුණත් මේ ප‍්‍රහාරයත් සමඟ ඔහු ගේ ස්ථාවරයත් පැහැදිලියි. මේ කාරණයේ දි අමෙරිකාවේ දේශපාලනය ගැන ඔබේ අදහස කුමක් ද?
අද ඉන්දියාවත්, අමෙරිකාවත් අතර ඉතා කිට්ටු සම්බන්ධයක් තියෙනවා. ඉන්දියාව බටහිර ලෝකයට විශාල වෙළෙඳ පොළක්. ඒ වගේ ම, බටහිර ලෝකය ඉන්දියාව ගැන මෙතරම් උනන්දුවීමට තවත් ප‍්‍රබල හේතුවක් තමයි, ඔවුන්ට විශාල බලපෑමක් ඇති කරන චීනය ට එමඟින් බලපෑම් කළ හැකි වීම.
ඉන්දියාව සහ රුසියාව අතරත් සමීප මිත‍්‍රත්වයක් පැවතුණා. එහෙත් ඒ මත පමණක් රැෙඳන්නේ නැතිව අද ඉන්දියාව බටහිරට වඩාත් ළංවෙමින් සිටිනවා. පාකිස්තානයත් මේ වන විට අමෙරිකාවත් සමඟ සමීප සබඳතා පවත්වනවා.
දකුණු ආසියාවේ දේශපාලනයට අදාළ ව කලාපීය බලවතුන් සමඟ එවැනි මිත‍්‍රත්වයක් තිබීම බටහිරට අවශ්‍යයයි. එහි දී ශ‍්‍රී ලංකාව වැනි රටක් ඔවුන්ට එතරම් වැදගත් නැහැ.
ඔවුන් අප ගැන මෙපමණ ට උනන්දු වන්නේ ති‍්‍රකුණාමලය වරායත්, ගොඩනැඟෙමින් ඇති හම්බන්තොට වරායත් නිසා. මේ වරායන් දෙක ම තෙල් ප‍්‍රවාහනයේ දී චීනයට ඉතාමත් වැදගත් බව ඔවුන් දන්නවා.
අනෙක් කාරණය, අපට අයත් මුහුදු කලාපයේ තෙල් නිධි ඇතැයි අනාවරණ වීම. අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඔබාමාත් මේ කාරණා ගැන සැළකිල්ලෙන් සිටින බව මෙයින් පැහැදිලියි.
ත‍්‍රස්තවාදය පිළිබඳ ඉන්දීය පිළිවෙතට අදාළව, ඉන්දියාව ශ‍්‍රී ලංකාව දෙස බලන්නේ කවර ආකල්පයකින් ද?
ඉන්දියාවට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වූ බොහෝ අවස්ථාවල ඔවුන් චොදනා කෙළේ පාකිස්තානයටයි. මෑතක පටන් බංග්ලාදේශය දෙසටත් ඉන්දියාවේ ඇඟිල්ල දිගු වී තිබෙනවා. ඇෆ්ගනිස්තානය සහ නේපාලය ගැන වුණත් මේ කාරණයේ දී ඉන්දියාවට ප‍්‍රශ්න තිබෙනවා.
මේ නිසා තමන්ට බටහිර, නැඟෙනහිර, උතුර කියන පැති 3 න් ම යම් ශක්තිමත් ව්‍යුහයක් ගොඩනඟා ගැනීමට ඉන්දියාවට සිදුව තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් එය අවශ්‍යයයි. ඊට විශාල මුදලකුත් වැය වෙනවා. එහෙත් තමන්ට දකුණින් ඇති ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට එවැනි ප‍්‍රශ්නයක් නැහැ.
කවර බලපෑම් ඇතිවුණත් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත‍්‍රත්වයක් තිබෙනවා.
එහෙත් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුම් නතර කිරීම සඳහා තමිල්නාඩුවේ ඇතැම් දේශපාලනඥයන් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන බවත්, ආසන්න කාලයේ එය උච්ඡතම අවස්ථාවකට ආ බවත් පෙනෙනවා. මුම්බායි ප‍්‍රහාරයෙන් පසු මේ තත්ත්වය කෙසේ වනු ඇති ද?
මුළුමහත් ඉන්දියාවම විශ්මයට පත්කළ මේ ප‍්‍රහාරයත් සමඟ ත‍්‍රස්තවාදයේ බියකරු බව, පිළිකුල් සහගත බව වඩාත් දැනෙන්නට පටන් අරන්.
මේ ප‍්‍රහාරය නිසා සිවිල් ජනයාට හානි නොවන පරිදි, ඔවුන් ත‍්‍රස්තවාදයේ පීඩනයෙන් මුදා ගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සිදු කරන මෙහෙයුම් ගැන නිසි අවබෝධයකින් බලන්නටත් ඉන්දියාවට අවකාශයක් ලැබෙනවා.
පටු දේශපාලන වාසි තකා කි‍්‍රයා කරන තමිල්නාඩුවේ දේශපාලනඥයන්ට ඉන්දියාවේ මධ්‍යම රජයට යටත් වීමට සිදු වන බවත් පැහැදිලියි.
දැන් ඉන්දියාව කළ යුත්තේ අගමැති ආචාර්ය මන්මෝහන් සිං සාර්ක් සමුළුවට ඉදිරිපත් කළ කලාපයේ ත‍්‍රස්තවාදය සහමුලින් වැනසීමේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීම සඳහා පෙරට ඒමයි.
මෑතදී දිගින් දිගට ම ඉන්දියාවට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාර හමුවේ එරට බුද්ධි අංශ පිළිබඳ ඉන්දීය අගමැතිවරයාට යම් විවේචනයක් ඇති බව මුම්බායි ප‍්‍රහාරයට දින දෙක, තුනකට පෙරත් පෙණුනා. මේ ප‍්‍රහාරයත් සමඟ ඉන්දීය ආරක්ෂක අංශවල දුබලතා ඇතැයි පෙනී යනවා නේද?
මේ ගැන මවිත විය යුතු නැහැ. ඉන්දීය සාම සාධක හමුදාව ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක වූ කාලයේ දී ඔවුන්ට ළංවීමට නොහැකි වූ ප‍්‍රදේශ එල්. ටී. ටී. ඊ. යෙන් මුදා ගැනීමට අපේ ආරක්ෂක හමුදාවන්ට හැකි වී තිබෙනවා.
ලෝකයේ හතර වැනි බලවත් ම හමුදාව වන ඉන්දීය හමුදාවටත් වඩා තමන් ඉදිරියෙන් සිටින බව ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා, බුද්ධි අංශ ගත වූ වසර 3 ඇතුළත පැහැදිලිවව පෙන්නුම් කළා.
එය ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති කරන්නට තරම් ප‍්‍රබලයි. ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ශ‍්‍රී ලංකා හමුදා නිර්භිත හා දක්ෂ ලෙස සටන් කරන්නේ වසර 25ක අත්දැකීම් සමඟ.
ඉන්දීය ආරක්ෂක අංශ මේ ප‍්‍රහාරයට පෙර එය හඳුනා ගැනීමට අපොහොසත් වුණා.
එසේ ම ප‍්‍රහාරය ඇති වූ අවස්ථාවේ එය මර්දනය කිරීම සම්බන්ධයෙන් ද මුළුමනින් සාර්ථක වීමටත් නොහැකි වුණා. ත‍්‍රස්තවාදයට එරෙහිව ශ‍්‍රී ලංකා හමුදාවන්ගේ කි‍්‍රයාකලාපය අනුව පෙනෙන්නේ ඔවුන් ඊට වඩා ඉදිරියෙන් සිටින බවයි.
සාකච්ඡා කෙළේ ධම්මික සෙනෙවිරත්නඡායාරූපය - ප‍්‍රබෝධි ලංකා

මෙදා මහවිරු කතාව අදෝනාවක් වුණා ජාතික හෙළ උරුමය නායක - එල්ලාවල මේධානන්ද හිමි
ජාතික හෙළ උරුමය හා සටන් විරාම කතාවක් සම්බන්ධව පසුගිය දිනවල ඇතිවූ දේශපාලන කතා බහ ගැනත්, මෙවර මහවිරු සතියේ ප‍්‍රභාකරන්ට අත්ව ඇති ඉරණම පිළිබඳත්, මුම්බායි ප‍්‍රහාර ආදිය හමුවේ කොටි සංවිධානයට ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන අත්දැකීම කුමක් ද යන්න පිළිබඳ ජාතික හෙළ උරුමයේ නායක එල්ලාවල මේධානන්ද හිමියෝ මෙසේ අදහස් දක්වති.
කොටි සංවිධානය සමග සටන් විරාමයක් ඇති කරගත යුතු බවට ජාතික හෙළ උරුමය කළැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගිය දිනවල විශාල කතාබහක් ඇතිවුණා. මොකක්ද මේ සටන් විරාම කතාව
සටන් විරාමයක් අවශ්‍යයි කියලා ජාතික හෙළ උරුමය කිසිම ප‍්‍රකාශයක් කරලා නැහැ. ජාතික හෙළ උරුමය එසේ කිව්වා කියල සමහරු අසත්‍ය ප‍්‍රචාර ගෙනියනවා.
ප‍්‍රභාකරන් ඊළම අත්නොහරින කෙනෙක් බව එදා ඉදලා කිව්වේ, ජාතික හෙළ උරුමයයි.
එක් රැස්වීමකදී ප‍්‍රභාකරන් ඔහුගේ සාමාජිකයන්ට කිව්වේ ඊළමට මෙහා විසඳුමකට ගියොත් තමාට වෙඩි තබා ඝාතනය කරන්න කියලයි. ප‍්‍රභාකරන්ට අවශ්‍ය කෙසේ හෝ ඊළාම් රාජ්‍ය පිහිටුවන්නයි.
සටන් විරාම ගැන කතා කරන්නේ, සාම සාකච්ඡා මතක් වෙන්නේ ප‍්‍රභාකරන් අන්ත පරාජයකට පත්වන විටයි. ජාතික හෙළ උරුමය සියලු දේශපාලන පක්ෂවලට වඩා හොඳින් ඒ බව දන්නවා.
මේ ආණ්ඩුවේ කොටස්කාරයන් බවට පත්වෙලා කොටි සංවිධානය පරාජය කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙත් ඒ නිසයි.
සටන් විරාමයක් ගැන කතා කරලා කොටි සංවිධානය බේරාගන්න හදන්නේ කොටි සංවිධානයට හා බෙදුම්වාදයට හිතවත් පිරිසක් මිසක් අපි නෙමෙයි.
කොන්දේසි සහිත සටන් විරාමයකටවත් ජාතික හෙළ උරුමය කැමැති වෙන්නේ නැද්ද?
ආයුධ බිම තියෙනවයි කියන්නේ භාවිතා නොකර ළඟ තබා ගැනීම. එහෙත් ඕනෑම වෙලාවක එම ආයුධය යළි භාවිත කළ හැකියි. ඒක නිසා අපි කියන්නේ කොටි සංවිධානය සතු සියලු අවි ආයුධ රජයට භාරදිය යුතුයි කියලයි.
ඉන් පසුව අපේ ආරක්ෂක අංශ කොටි සංවිධානයේ තවත් අවි ආයුධ තියෙනවද? කියලා පූර්ණ පරීක්ෂණයකට ලක් කළ යුතුයි. ඊළාම් රාජ්‍යයකට තිබූ අදහස අත්හැරියා.
ඒකීය ශී‍්‍ර ලංකාවක දේශපාලන විසඳුමකට කැමැතියි කියලා ප‍්‍රභාකරන් ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ යුතුයි. ඒ කොන්දේසිවලට යටත් වනවානම් ඒවා නිසි පරිදි කි‍්‍රයාත්මක වෙනවානම් සටන් විරාමයක් ඇතිකර සාම සාකච්ඡා පැවැත්වීමට ජාතික හෙළ උරුමය සූදානම්.
ත කොටි සංවිධානය මේ දක්වා මේ ගමන පැමිණ ඇත්තේ ආයුධ කෙරෙහි විශ්වාසය තබාගෙනයි. ආයුධ භාරදුන්නොත් කේවල් කිරීම සඳහා කිසිම දෙයක් තමන්ට ඉතිරි නොවන බව ඔවුන් කියනවා.
ආයුධ භාරදීලා සාකච්ඡාවලට පැමිණි පසුව ආණ්ඩුව පැත්තෙන් යම් රැවටීමක් වුණොත් ඔවුන්ට විසඳුමකුත් නැහැ. ආයුධත් නැහැ කියලයි ඔවුන් කියන්නේ. මේ කතාවෙත් සාධාරණයක් තියෙනවා නේද?
කොටි සංවිධානයට එහෙම සැකයක් තියෙනවානම් මා ඒ සැකය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. නැගෙනහිර පළාතේ ජනතාවට ලබාදිය හැකි උපරිම අවස්ථා ලබා දෙමින් ඉන්නවා.
පළාත් සභාව පිහිටුවලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතා නියෝජිතයින් පත් කරගෙන ඒ සඳහා සුදුසු මහ ඇමැතිවරයෙකුත් තෝරාගෙන සංවර්ධන කටයුතු කරගෙන යනවා.
ඒක නිසා දෙමළ ජනතාව රවට්ටන්න වුවමනාවක් නැති බව අපි කි‍්‍රයාවෙන්ම ඔප්පු කළා. ප‍්‍රභාකරන් හෝ දෙමළ ජනතාව රවට්ටන්න ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැහැ.
ප‍්‍රභාකරන් සටන් කළත් දෙමළ ජනතාවට අවශ්‍ය දේ රජය ලබා දෙනවා. මුදා නොගත් ප‍්‍රදේශවල ජනතාවට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අපි ලබා දෙනවා.
එම අසරණ ජනතාවට දෙන ආහාරත් පැහැර ගන්නේ කොටි සංවිධානයයි. ඒක නිසා දෙමළ ජනතාවට අපි හැමදාමත් සලකනවා. ඒ ගැන සැකයක් ඇති කරගැනීම අනවශ්‍යයි.
ප‍්‍රභාකරන් ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට ආවොත් කරුණා, පිල්ලෙයාන් ගේ තත්ත්වයට පත්වෙන් පුළුවන්.
ප‍්‍රභාකරන්ට එරෙහිව මේ සියලු මෙහෙයුම් කරන්නේ ඔහු ආයුධ සන්නද්ධව සිටින නිසයි. ඔහු ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එනවනම් මෙම මෙහෙයුම් නතර කරනවා.
සටන් විරාමයකට කැමැතියි කියලා පසුගිය විරුදින කතාවේදීත් ප‍්‍රභාකරන් කියලා තිබුණා නේද? මේ වතාවේ ඔහු කරන්නේ ඇත්තටම සටන් විරාමයකට ආරාධනයක්ද?
සටන් විරාම , සාම සාකච්ඡා ප‍්‍රභාකරන්ට හැමදාම මතක් වෙන්නේ ඔහු අන්ත පරාජයට පත්වන විටයි. මේක කොටි සංවිධානයේ ඉතිහාසය පුරාම කළ දෙයක්.
තමන් පරදිනකොට සටන් විරාම ගහලා ප‍්‍රභාකරන් ක‍්‍රම ක‍්‍රමයෙන් ශක්තිමත් වෙනවා. මාවිල්ආරු අමුණ වහපු වෙලාවේ අමුණ විවෘත කරන්න කියලා අපේ ජනාධිපතිතුමා කිහිපවතාවක්ම කොටි සංවිධානයෙන් ඉල්ලීම් කළා.
එදා තමන්ට බලය තිබුණු නිසා රජය ඉදිරිපත් කළ කිසිම කරුණකට ප‍්‍රභාකරන් ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ.
ඒ වෙලාවේ මතක් නොවුණු සටන් විරාම, සාම සාකච්ඡා දැන් ප‍්‍රභාකරන්ට මත්වෙලා තියෙන්නේ ඔහු දරුණු වශයෙන් පරාජය වෙලා ඉන්න නිසයි.
ඒ නිසා කෙතරම් බලපෑම් ආවත් ප‍්‍රභාකරන්ගේ සටන් විරාම යෝජනාවට රජය නැඹුරු විය යුතු නැහැ. ඔහු යටත්වනතුරු නැත්නම් ආයුධ භාරදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පැමිණෙන තුරු ආරක්ෂක මෙහෙයුම් කෙරෙන්න ඕන.
මෙවර මහ විරුදිනයේදී ප‍්‍රභාකරන් කළ කතාවේ වෙනසක් තියෙනවාද? නැත්නම් පරණ කතාවමද?
මහාවීර දිනයේ තමයි ප‍්‍රභාකරන් ඔදගැන්විලා දෙමළ ජනතාවගේ ලේ උණුවෙන්නෙ. එහෙත් ඉස්සර වගේ එහෙම කතා කරන්න පුළුවන්කමක් දැන් ප‍්‍රභාට නැහැ. මොකද ප‍්‍රභාකරන්ගේ ඇඟේ ලේ බයටම උණුවෙලා ඉවරයි. තමාට ඉදිරියේදී අත්වෙන ඉරණම ගැන ප‍්‍රභාකරන්ට තියෙන්නේ ලැජ්ජාවක්, බියක්.
ප‍්‍රභාකරන්ගේ ළඟ ඉන්න ඔහුගේ ගෝලයොත් හමුදා මෙහෙයුම්වලට මුහුණ දෙන්න මැළිකමක් දක්වනවා. ඒ නිසා සමහරුන් කොටි සංවිධානය හැර යනවා.
මේ වගේ අත්දැකීම්වලට ප‍්‍රභාකරන් මීට පෙර මුහුණ දුන්නේ නැහැ. ඒ වගේම මුදා නොගත් ප‍්‍රදේශවල ඉන්න දෙමළ ජනතාව දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් ප‍්‍රභාකරන්ගේ ග‍්‍රහණයෙන් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණෙන්න පටන් අරගෙන.
මෙම කරුණුවලින් පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවට වගේම කොටි සාමාජිකයන්ටත් ප‍්‍රභාකරන් එපා වී ඇති බවයි.
තමන්ගේ නිජ භූමියට ඇවිල්ලා සිංහල හමුදාව කලබල ඇතිකරනවා කියලා ප‍්‍රභාකරන් විරුදින කතාවෙදී කීවා. ඔහු තවමත් නිජභූමි සංකල්පය පිළිගැනීම ගැන ඔබවහන්සේ හිතන්නේ කුමක්ද?
ප‍්‍රභාකරන් දෙමළ නිජභූමි සංකල්පය ඉදිරිපත් කෙළේ උතුරු නැඟෙනහිර පළාත් දෙකම එකතු කරලයි. දෙමළ නිජභූමිය වශයෙන් උතුරු නැඟෙනහිර පළාත් නම් කරන අතර ප‍්‍රභාකරන්ගේ තව සැලැස්මක්.
ඒ තමයි තමිල්නාඩු ප‍්‍රාන්තයත් මේ උතුරු නැඟෙනහිරට ඇඳාගෙන දෙමළ අධිරාජ්‍යයක් ගොඩනැංවීම. මේක දෙමළ ජනතාවගේ විමුක්තිය උදෙසා කරන්නක් නෙමෙයි, ප‍්‍රභාකරන්ගේ මහේශාක්‍ය බව ගොඩනඟා ගන්න කරන පෞද්ගලික සැලැසුමක්.
උතුරු නැඟෙනහිර පළාත් දෙකෙන් එක පළාතක්වත් දෙමළ නිජභූමියක් වශයෙන් ප‍්‍රකාශ කරන්න ප‍්‍රභාකරන්ට කිසිම අයිතියක් නැහැ.
අපි නැඟෙනහිර පළාත පැත්තකින් තියමු. මේ වෙනකොට නැඟෙනහිර පළාත මුළුමනින්ම ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන සංවර්ධන කටයුතු කරගෙන යනවා. නැඟෙනහිර පළාතේ ප‍්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය දැනටමත් බොඳවෙලා.
ඒ නිසා උතුරු පළාත ගැන අවධානය යොමු කරමු. උතුරෙනුත් ප‍්‍රභාකරන් මුලතිව් ප‍්‍රදේශයට සීමාවෙලා. කිළිනොච්චියත් දැන් ඔවුන්ට අහිමි වෙලා.
ප‍්‍රභාකරන් දැනට ඉන්න මුලතිව් ප‍්‍රදේශයත් දෙමළ නිජභූමියක් වශයෙන් හඳුන්වන්න බැහැ. පැරැණි සිංහල ගම්වලට හා වැව්වලට තියපු දෙමළ නම් හැරෙන්නට වෙන කිසිම සාධකයක් නැහැ.
මං වසර ගණනාවක් තිස්සේ වන්නි පළාතේ පුරා විද්‍යා සමීක්‍ෂණ කරල තියෙනවා. දෙමළ නිජබිමක් වශයෙන් ප‍්‍රකාශ කිරීමට තරම් කිසිම පිළිගත හැකි සාධකයක් මේ දක්වා හමුවෙලා නැහැ.
දෙමළ නිජබිම් සංකල්පය මිථ්‍යාවක්. ඒක නිසා ප‍්‍රභාකරන්ට තියෙන්නේ එම මිථ්‍යාව අතහැරලා සිංහල ජනතාව සමග සහෝදරත්වයෙන් සිටීමට ආයුධ භාරදීලා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීමයි.
සිංහල ජනතාව බුද්ධාගමට අනුව කටයුතු කරනවා නම් හමුදාවන්ගෙන් ඔවුන්ට සිදුවන හිරිහැර ගැන නිහඬව සිටින්නේ ඇයිද? කියාත් ප‍්‍රභාකරන් ප‍්‍රශ්න කරනවා.
එහෙම අහන්න ප‍්‍රභාකරන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ. සිංහලයන් පමණක් නොවෙයි, ඇතැම් දෙමළ, මුස්ලිම් ජාතිකයනුත් ඒ වගේම ඇතැම් බටහිර ජාතීන් පවා බුද්ධාගම අදහනවා.
ආගමත් රටේ පාලනයත් දෙකක්. රටේ පාලකයා ආගමානුකූලව රට පාලනය කරන්න ඕන. ආගම සමඟ තිබෙන සංස්කෘතිය රකින්න ඕන. ඒ සංස්කෘතියට එරෙහිව එය විනාශ කිරීමට යම් බලවේග කි‍්‍රයාත්මක වෙනවා නම් ඒවා පරාජය කිරීමට රටේ පාලකයාට අයිතියක් තියෙනවා.
පාලකයාගේ ප‍්‍රධාන වගකීම රටේ සාමය ඇතිකිරීම. කිසිම ආගමකින් ඊට බාධාවක් නැහැ. හැම ආගමකින්ම කියන්නේ රටේ සාමයක් ඇතිකරන්න කියලයි.
සිංහල, දෙමළ, මුස්ලිම් යන ජාතීන් අපේ ආරක්ෂක අංශ නියෝජනය කරනවා. ඔවුන් සටන් කරන්නේ ත‍්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සාමය ඇතිකිරීමට මිසක් දෙමළ ජනතාවට විරුද්ධව නොවෙයි.
ප‍්‍රභාරකන් හින්දු හෝ කි‍්‍රස්තියානු භක්තිකයෙකු නම් ඒ ආගම්වල මනුෂ්‍ය ඝාතන ගැන කියල තියෙනවද කියලා මං ප‍්‍රභාකරන්ගෙන් අහන්න කැමැතියි.
මේ රටේ අහිංසක ජනතාව ඝාතනය කරලා ලේ විල් බවට පත්කරලා, බෝම්බ ගහලා දේපළ විනාශ කරලා ප‍්‍රභාකරන් කි‍්‍රයාකරන්නෙත් ඔහු අදහන ආගමට අනුකූලවද කියලා මං අහන්න කැමැතියි.
නෝර්වේ රාජ්‍ය කොටි සංවිධානයට හිතවාදීව කි‍්‍රයාකළා කියලා ජාතික හෙළ උරුමය බරපතළ ලෙස චෝදනා කළා. එහෙත් ප‍්‍රභාකරන් මෙවර මහ විරු දින කතාවේදී නෝර්වේ රාජ්‍යයටත් බරපතළ චෝදනා එල්ල කරලා තියෙනවා.
නෝර්වේ රාජ්‍යයෙන් ගන්න තියෙන උපරිම ප‍්‍රයෝජන ප‍්‍රභාකරන් ගත්තා. නෝර්වේ රාජ්‍යයත් ප‍්‍රභාකරන්ගේ බලය වර්ධනය කිරීමට කි‍්‍රයා කළා.
ඒක නිසා නෝර්වේ රාජ්‍ය කි‍්‍රයා කෙළේ අපේ රටට ද්‍රෝහි වන ආකාරයෙන්. එසේ කි‍්‍රයා නොකරන ලෙස අපි නෝර්වේ රාජ්‍යයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ කිසිවක් ගණන් ගත්තේ නැහැ.
මේ අවස්ථාවේදී ප‍්‍රභාකරන් නෝර්වේ රාජ්‍යයට දොස් පවරලා තියෙන්නේ නෝර්වේ සමාජය සුදනෙකු කිරීමේ උපාය මාර්ගික කටයුත්තක් සඳහායි. අද පවතින තත්ත්වය අනුව ශී‍්‍ර ලංකා රජයේ හොඳ හිත දිනාගැනීමටත් නෝර්වේ රාජ්‍යයේ උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක වෙන්න පුළුවන්.
නෝර්වේ රාජ්‍යය අපේ රටට ද්‍රෝහි වූ බව අකා මකා දමන්න යම් සැලසුමකට අනුව ප‍්‍රභාකරන් මෙසේ චෝදනා කරනවා කියල හිතන්නත් පුළුවන්.
කොටි සංවිධානය බරපතළ ආකාරයෙන් පරාජයට පත්වෙමින් තිබෙනවා නම්, කොටි සංවිධානය අත්හැර පිරිස් පලා යනවා නම්, තමන් මේ සටන අත්නොහරින බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කරන්නේ කොහොමද?
කොටි සංවිධානයට ශක්තිය ලබා දුන්නේ මේ රටේ ඉන්න ජාතිද්‍රෝහීන් හා ඇතැම් රාජ්‍ය නොවන සංවිධානයි. රාජ්‍ය නොවන සංවිධාන තුන්දහසක් පමණ කිළිනොච්චියේ ඉඳගෙන කොටි සංවිධානයට සහයෝගය දක්වලා තියෙන බව ඔප්පු වෙලා තියෙනවා.
නැඟෙනහිර පළාතෙන් කි‍්‍රයාත්මක වූ බොහෝ රාජ්‍ය නොවන සංවිධානත් මේ කාර්යයන් කරල තියෙනවා.
මේ සංවිධානවලින් ඩොලර් මිටි ගණන් ලබාගත්තු ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගෙනුත් බලහත්කාරයෙන් මුදල් එකතු කරන වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළා.
දැන් මේ දේවල් ප‍්‍රභාකරන්ට ලැබීම බොහෝ දුරට සීමා වෙලා. දැන් ඔහුට ඉතිරිව තිබෙන්නේ මරණයට මුහුණදීම පමණයි. මරණයට මුහුණ දීලා ඉන්න මිනිහා වියරුවෙන් කෑගහනවා, මං මරණයට බය නැහැ කියලා. ඒක තමයි මේ දවස්වල ප‍්‍රභාකරන් කියන කතාවලින් පෙන්නුම් කරනුයේ.
ඔහුගේ සටනට උදවු උපකාර කරන්න කියලා ලෝකයේ දෙමළ ජනතාවගෙන් ප‍්‍රභාකරන් ඉල්ලීමක් කරල තියෙනවා. මෙම ඉල්ලීමට මොන වගේ ප‍්‍රතිචාරයක් ලැබේවිද?
දරුණු ත‍්‍රස්තවාදයක් තමන්ගේ පටු අරමුණක් වෙනුවෙන් ගෙන යන කෙනෙකුට සහයෝගය ලබා දීමට කිසිම රටකට සදාචාරාත්මක අයිතියක් නැහැ.
මුම්බායි ප‍්‍රහාරයෙන් ඉන්දියාවටත් දැන් හොඳින්ම වැටහෙනවා. ත‍්‍රස්තවාදයේ තිබෙන කුරිරු භාවය, අමෙරිකාවටත්, බි‍්‍රතාන්‍යයටත් තේරිලා බොහෝ කල්. මුළු ලෝකයටම ත‍්‍රස්තවාදය පිළිකාවක් බවට පත්වෙලා.
ඒක නිසා හැම රටක්ම එකතු වෙන්නේ ත‍්‍රස්තවාදයට එරෙහිවයි. ත‍්‍රස්තවාදය නැතිකිරීමේ තීරණාත්මක අවස්ථාවකට මුළු ලෝකයම පරිවර්තනය වෙමින් පවතිනවා.
වසර 30 ක් ප‍්‍රභාකරන්ලා ත‍්‍රස්තවාදී කි‍්‍රයාකාරකම් කෙළේ ලෝකයේ මෙවැනි විපර්යාසයක් නොවුණු නිසයි. දැන් ප‍්‍රභාකරන්ලා දඟලපු කාලේ ඉවරයි.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු

Subscribe to:
Posts (Atom)