Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Tuesday, November 4, 2008

මර උගුල් මැදින් හමුදා පෙරට

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මුලතිව්, ආන්දන්කුලම් සහ කිලිනොච්චි ප‍්‍රදේශ කිහිපයක කොටි ත‍්‍රස්තවාදීන් හා යුද හමුදාව අතර ඊයේ (31) ඇති වූ ගැටුම් වලින් කොටින්ට බරපතළ හානි සිදු වූ බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ ප‍්‍රදේශ වල සිටින කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායම් පිටින් පසු බසිමින් සිටින බව භූමියේ භට පිරිස් අනාවරණය කර ගෙන තිබේ.
මේ අතර යුද හමුදාව විසින් අත්පත් කර ගත් නච්චිකුඩා සහ අක්කරායන්කුලම් ප‍්‍රදේශ වල බිම් බෝම්බ මර උගුල් ඉවත් කරන හමුදාවෝ එම ප‍්‍රදේශ වල සෝදිසි මෙහෙයුම් වල නිරතව සිටිති.

නුවරඑළියේ ගොඩනැඟිල්ලක ටී-56 පතරොම් පාර්සලයක්

මහින්ද කුලතුංග
නුවරඑළිය පැරැණි ලංකා බැංකු ගොඩනැඟිල්ලේ තිබී ටී 56 පතරොම් 66 ක් අඩංගු පාර්සලයක් පොලිසිය ඊයේ (31) උදේ සොයා ගත්තේය.
මෙම ගොඩනැගිල්ල අතහැර දැමුවක් බව පැවසේ. උදේ 6.45 ට පමණ මෙම පතරොම් පාර්සලය සොයා ගෙන ඇත්තේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකි.
පසුව යුද හමුදා බෝම්බ නිෂ්කී‍්‍රය අංශය එය පරීක්ෂාවට ලක් කර තිබේ.
මෙම පතරොම් කවුරුන් විසින්ගෙන ආවේදැයි යන්න මෙතෙක් සොයා ගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

කොටින්ට ආධාර සැපයූ සිංගප්පූරු ජාතිකයා 36 මාසයක් හිරේ

දෙමළ ත‍්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍යමය ආධාර සැපයූ බවට වැරදිකරු වූ සිංගප්පූරු ජාතික හනීෆා බින් ඔස්මාන් නැමැත්තාට මාස තිස් හතක සිරදඬුවමක් නියම වූ බව එක්සත් ජනපද රජයේ නීතිඥ රොඩ් ජේ. රෝසෙන්ස්ටීන් ප‍්‍රකාශ කරයි.
නීතිවිරෝධී ලෙස අවි ආයුධ, ග්‍රෙනේඩ් ලෝන්චර්ස්, රාති‍්‍රයට යොදාගන්නා උපකරණ, ගුවන් නාශක මිසයිල්, පුද්ගලයන් රහිත ගුවන් යානා ආදී ද්‍රව්‍යමය ආධාර කොටි සංවිධානයට සැපයීමට ඔස්මාන් නැමැත්තා වෙනත් අය සමඟ වසර තුනක් තිස්සේ කුමන්ත‍්‍රණය කළ බව රාජ්‍ය නීතිඥයා ප‍්‍රකාශ කරයි.
තමා දෙමළ කොටියකු නොවන බව පැවසූ ඔස්මාන් තමා කොටින්ට අවි ලබාගැනීමට උදව් කළ බවත් කියා තිබේ. ප‍්‍රථම අවි තොගය දෙමළ කොටි සංවිධානයට යැවූ බව කියන ඔස්මාන් දෙවැනි තොගය ඇමෙරිකා ඩොලර් මිලියන 15 ක් වන බවද පවසයි.
මේ අතර ශී‍්‍ර ලාංකිකයකු වන 38 හැවිරිදි තිරුවානකරසු වර්ණරාසා නමැත්තකුට අවි ජාවාරමට වැරදිකරු කොට මාස 37 ක සිරදඬුවමක් නියම කොට ඇත.
සුබන්දී නමැති 71 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයකු සහ වොටූලෝ නමැති 60 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයකුට මාස තිහක සිරදඬුවමක් නියම විය.

සුනාමියෙනුත් ගොඩ ගිය අපට ආර්ථික අවුල කජ්ජක් නෙවෙයි දි. මු. ජයරත්න වැවිලි කර්මාන්ත අමාත්‍ය

වැවිලි කර්මාන්තයත් අපනයන භෝග ක්ෂේත‍්‍රයත් මුහුණ පා තිබෙන අර්බුදයට ආණ්ඩුව සපයා ඇති පිළියම් පිළිබඳ වැවිලි කර්මාන්ත අමාත්‍ය දි. මු. ජයරත්න මහතා සමඟ කළ සාකච්ඡාවක් පහත දැක්වේ.
තේ, රබර් හා කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග උග‍්‍ර අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවක ඒ ගැන කිසි වගක් නොමැතිව ආණ්ඩුව නිදා සිටින බවට විරුද්ධ පක්ෂය බරපතළ චෝදනාවක් එල්ල කරනවා.
ලෝක යථාර්ථය නොදැන ඔය වගේ චෝදනා එල්ල කරන දේශපාලන පක්ෂ ගැන මං කණගාටු වෙනවා. ලෝක ආර්ථිකය ගැන නොදැන මෙසේ පටු දේශපාලන වාසි ලබාගන්න කි‍්‍රයාකරන එක වැරදියි.
ධනවත් රටවල් ඇතුළු මුළු ලෝකයම මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණපාලා. ඒක බොරුවක් නොවන බව ඕනෑම කෙනෙක් දන්නවා. බැංකුවල මුදල් නැතිකම මේ තත්ත්වයට ප‍්‍රධාන හේතුවක්.
අපේ අපනයන භෝග ගන්න වෙළෙන්ඳන්ට මුදල් නැහැ. බැංකුවලින් මුදල් ලබාගන්නත් ඔවුන්ට විදියක් නැහැ. මේ මුදල් හිඟය නිසා අපනයනය, ආනයනය දෙකම අර්බුදයකට ලක්වෙලා.
අනෙක් කරුණ තමයි, මේ අර්බුදය හේතුවෙන් වෙළෙන්දන් දැනට අරගන්නේ මීට කලින් ගත් ප‍්‍රමාණය නොවෙයි. එය සැලකිය යුතු මට්ටමකින් අඩුවෙලා.
ඒ වගේම දැන් ගන්න ප‍්‍රමාණයට ගෙවන්නේත් අඩු ගණනක්. ඒක නිසා මෙම අර්බුදය අපේ රටට විතරක් නොවෙයි, මුළු ලෝකෙටම බලපාන අර්බුදයක්. මේ තත්ත්වය යථා තත්ත්වයට පත්වෙයි කියලා අපි හිතනවා.
එහෙම හිතල විතරක් මදි නේද? අර්බුදයට මුහුණදීම සඳහා වැඩපිළිවෙළක් නැද්ද?
ඇයි නැත්තේ? දැනටමත් තේ කර්මාන්තයේ නියැළුණු පිරිස්වලට සහන දෙන්න ජනාධිපතිතුමාගේ නියමයෙන් දසලක්ෂ 1500ක් වෙන්කරලා. ඊට අමතරව ජනාධිපතිතුමා සමඟ අදාළ බලධාරීන් මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ කිහිපයක්ම අරගෙන තියෙනවා.
එම සෑම තීන්දුවක්ම ගෙන තිබෙන්නේ වැවිලිකරුවන් හා කර්මාන්තකරුවන් ආරක්ෂා වෙන විදියට හා ඔවුන්ට සහන ලබාදීමටයි. එහිදී ගත් තීන්දු අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
මීට අමතරව වැවිලි ක්ෂේත‍්‍රයේ අර්බුදය ගැන විධිමත්ව සොයා බැලීම සඳහා කමිටුවක්ද පත්කර තිබෙනවා. නිදාගෙන ඉන්න විරුද්ධ පක්ෂයකට ලෝක ආර්ථික අර්බුදයටත් ඊට පිළිතුරු ලබාදීමට රජය ගෙන ඇති වැඩපිළිවෙළවත් පෙනෙන්නේ නැහැ.
නමුත් රුපියල් 350 ට තිබුණු නිමි තේ දළු කිලෝ එක රුපියල් 225 දක්වාත් රුපියල් 60 ට තිබුණු අමු තේ දළු කිලෝ එක රුපියල් 35 දක්වාත් අඩුවී ඇති බවයි එජාපය කියන්නේ.
ඔව් ! එහෙම වෙලා තියෙනවා තමයි. මෙතනදී ප‍්‍රධාන ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ තේ මිලදී ගන්න වෙළෙන්දන්ට ප‍්‍රමාණවත් මුදල් නොමැතිවීම. මං කලින් කිව්ව කමිටුව, තේ කර්මාන්තයේ අර්බුදයත් විස්තරාත්මකව හොයනවා.
කමිටුවේ තොරතුරු සැලකිල්ලට අරගෙන භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරල අදාළ සහන ලබා දෙනවා. තේ වලට පමණක් නොවෙයි, අර්බුදයට මුහුණපා තිබෙන අනෙකුත් භෝගවලටත් ඒ සහන දෙනවා.
මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර සහන ලබා දීමට හිතා ඉන්න ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද?
නිෂ්පාදන කරන්නේ කොහොමද, ඒ වෙනුවෙන් දරපු පිරිවැය කොපමණද යන දේ ගැන අප ළඟ තොරතුරු තියෙනවා. ඒ නිසා වැවිලිකරුවන් හා කර්මාන්තශාලා හිමියන් ලබන පාඩුව ගැන නියම අවබෝධයක් කමිටුව මගිනුත් ලබාගන්න පුළුවන්. මෙසේ අර්බුදයට ලක්වීමට පෙර 2005 සිට ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ වැවිලිකරුවන්ට සහන රැසක් ලබාදුන්නා.
ඒ සහන නිසා ලෝක ආර්ථික අර්බුදයට කලින් වැවිලි ක්ෂේත‍්‍රය විශාල වශයෙන් ලාභ ඉපැයූ බව රහසක් නොවෙයි. ඒ වගේම වැවිලිකරුවන් දිරිගැන්වීමට විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කළේත් අපේ රජයයි.
තේ හෙක්ටයාරයක් වවන වැවිලිකරුවෙකුට රුපියල් ලක්ෂ 2ක් දුන්නා. රබර් හෙක්ටයාරයක් වවන කෙනෙකුට රුපියල් එක්ලක්ෂ අසූදහසක් දුන්නා. පොල් හෙක්ටයාරයක් වගා කරන කෙනෙකුට රුපියල් එක්ලක්ෂ විසිදහසක් දුන්නා.
ඒ වගේම තේ හා රබර් කර්මාන්තශාලා දියුණු කිරීමටත් අලුත්වැඩියා කිරීමටත් ඒවාට අවශ්‍ය අමතර කොටස් පවා ලබාදීමටත් රජය මැදිහත් වූ බව රහසක් නොවෙයි.
ඔබ මොනවා කිව්වත් මේ අර්බුදයත් සමඟ තේ කර්මාන්තශාලා විශාල ප‍්‍රමාණයක් වැසීගොස් තිබෙනවා නේද?
ඔය කියන ආකාරයෙන් විශාල ප‍්‍රමාණයක් වැහිලා නැහැ. නමුත් යම් ප‍්‍රමාණයක් මේ අර්බුදය නිසා වැහිලා තිබෙනවා. තේ කර්මාන්තශාලා සැලකිය යුතු ප‍්‍රමාණයක් වැහුණේ කොහොමද කියලා ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න බොරුවට කෑගහන කට්ටිය දන්නේ නැහැ.
ඇතැම් කර්මාන්තශාලාවලට නව තාක්ෂණයෙන් යුත් යන්ත්‍රෝපකරණ සවිකළාට පසුව කාර්යක්ෂමතාව වැඩිවෙලා තියෙනවා. එම නිසා දැන් ඇතැම් ප‍්‍රදේශවල කර්මාන්තශාලා තුන හතරක වැඩ එක් කර්මාන්තශාලාවකින් කරන තත්ත්වයකට පත්වෙලා.
එතකොට ඒ ප‍්‍රදේශවල අනෙක් කර්මාන්තශාලා වහලා තියෙනවා. ඉතිං මේවා නොදැන බොරුවට විරුද්ධ පක්ෂයේ සමහරුන් කෑගහනවා.
නමුත් විරුද්ධ පක්ෂය චෝදනා නගන්නේ වැවිලි ක්ෂේත‍්‍රයේ අර්බුද විසඳීමට ආණ්ඩුව නිවැරදි ආකාරයකින් මැදිහත් නොවී ලෝක ආර්ථික අර්බුදයක් පටලවාගෙන දඟලනව කියලයි.
ඕකත් නිකරුණේ කෑගහන මන්තී‍්‍රවරුන්ගේ විහිළුවක්. සුනාමිය ආපු එකට කව්රුත් වැරදිකාරයෙක් නොවෙයි. ඒකෙන් රටට විශාල විනාශයක් වුණා. ඊට පස්සේ නැවත ක‍්‍රම ක‍්‍රමයෙන් රට ගොඩ නැගුණා.
ලෝක ආර්ථික අර්බුදයත් ඒ වගේම තමයි. මෙතනදි එකිනෙකාට චෝදනා කර ගන්නවාට වඩා කළ යුත්තේ පවතින තත්ත්වයට පිළියම් යෙදීම. ඒත් අර පිළියම් යොදනකොට විරුද්ධ පක්ෂය කරන්නේ පටු දේශපාලන වාසි ලබාගන්න හදන එකයි.
ජාතික ආර්ථිකයට බලපාන යම් යම් වැදගත් කරුණු ආණ්ඩුවට පෙන්වාදීම විරුද්ධ පක්ෂයේ වගකීමක් නේද?
ඔව්. ඒක විරුද්ධ පක්ෂයේ වගකීමක් තමයි ඒ වුණත් එය කරන්න ඕන පටු දේශපාලන වාසි ලබාගැනීමකින් තොරව. වැවිලි ක්ෂේත‍්‍රය පසුගිය අවුරුද්දේ ලබපු ප‍්‍රගතිය විපක්ෂයට නොපෙනීම කණගාටුවට කරුණක්.
පසුගිය වසරේ තමයි, මෙරට ඉතිහාසයේ වැවිලි ක්ෂේත‍්‍රයෙන් ලබාගත් වැඩිම ආදායම වාර්තා වෙන්නේ.
තේවලින් රුපියල් බිලියන 112.8 ක්, රබර්වලින් රුපියල් බිලියන 69 ක්, පොල්වලින් රුපියල් බිලියන 24 ක් වශයෙන් ආදායම් ලබන්න අපට පුළුවන් වුණා. මෙහි ප‍්‍රතිලාභ වැවිලිකරුවන්ට, කර්මාන්තශාලාකරුවන්ට, ග‍්‍රාමීය ජනතාවට ලැබුණා.
වැවිලි ක්ෂේත‍්‍රයෙන් මෙසේ වාසි ලබන්න ප‍්‍රධාන හේතුව වත්මන් රජය වැවිලි ක්ෂේත‍්‍රයට ලබාදුන්නු ප‍්‍රතිලාභ.
වැවිලිකරුවන් දිරිමත් කිරීම සඳහා වවන හෙක්ටයාරයකට සෑහෙන මුදලක් ආණ්ඩුවෙන් ලබාදුන්නා. පොහොර සහනාධාරයත් මීට බලපෑවා. ඒ වගේම අද පමණක් නොවෙයි, 1971 දී 1990 දී මෙවැනි ලෝක ආර්ථික අර්බුද හටගත් අවස්ථාවලදීත් වැවිලි ක්ෂේත‍්‍රයට යම් යම් බලපෑම් එල්ල වුණා.
දැනට කර්මාන්තශාලා හිමියන් ලබාගෙන තිබෙන ණය පියවීම සඳහා යම් සහනයක් ලබාදෙන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ ගැන අවධානය යොමුවී තියෙනවාද?
ඒ ගැන අපගේ අවධානය යොමු වී තියෙනවා. ලබාගෙන තිබෙන ණය පියවීම සඳහා එම කර්මාන්තශාලා හිමියන්ට යම් සහන කාලයක් ලබාදීමට කටයුතු කරනවා. මේ ගැන මහා භාණ්ඩාගාරය හා අදාළ බැංකු සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
වැවිලි භෝග සඳහා වෙළෙඳ පොළක් සොයා ගැනීමට මහන්සි නොගන්නා බවටත් චෝදනා එල්ල වෙනවා.
ඒකත් ඉතිං අපේ විරුද්ධ පක්ෂයේ තවත් එක් මෝඩ කතාවක්. අලුත් වෙළෙඳ පොළක් කියලා දෙයක් නැහැ. නිතරම අපි හොඳම ගනුදෙනුකරුවන්ටයි අපේ වැවිලි භෝග අපනයනය කරන්නේ.
ඒක නිසයි ඉතිහාසයේදී වැවිලි භෝග අපනයනයෙන් ලැබුණු විශාලතම ආදායම ගිය වසරේ ලැබුණේ. වැවිලි භෝගවලට විශාල මුදලක් ලැබුණු වෙලාවේදී වැවිලි කරුවන්ට, කර්මාන්තකරුවන්ට අමතරව එම පළාත්වල සාමාන්‍ය ජනතාවටත් විශාල මුදලක් ලැබුණා.
රුපියල් 300 ට තිබුණු ෂීට් රබර් රුපියල් 150 දක්වාත් රුපියල් 150 ට තිබුණු ඔට්ටපාලු රුපියල් 30 දක්වාත් අඩුවී තිබෙනවා නේද?
ඒකටත් හේතුව ආර්ථික අර්බුදයම තමයි. විදේශ වෙළෙඳ පොළේ ගැනුම්කරුවන්ට මුදල් නැහැ. ඒ නිසා ඔවුන්ට වැවිලි භෝග ගන්න ක‍්‍රමයක් නැහැ. ගන්න ඒවත් ගන්නේ අඩු මිලට.
මේ වනවිට බටහිර රටවල් ඒ වගේම යුරෝපයේ රටවල් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම ආර්ථික අර්බුදයට මුහුණදීමටත් බංකොලොත් වී ඇති බැංකුවලට මුදල් ලබාදීම සඳහාත් මෙම සාකච්ඡා පැවැත්වෙන බවයි, වාර්තාවෙන්නේ. ඒක නිසා මෙම අර්බුදය ඉක්මනින් විසැඳීමට ජාත්‍යන්තර ප‍්‍රජාවත් මැදිහත් වී තිබෙනවා.
කිලෝග්රෑම් 50 ක් වන පොහොර මිටියක් වැවිලිකරුවන්ට ලබාදීමේදී එහි උපරිම මිල රුපියල් දහසකට සීමා කරන ලෙසටත් ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා නේද?
මේ සඳහා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් මං ඉදිරිපත් කළා. මේ වෙලාවේදි මෙය කි‍්‍රයාත්මක කිරීම තරමක් අපහසුයි. නමුත් ඉදිරියේදී මේ ගැන යම් බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුළුවන් වෙයි.
රජය මේ වනවිට දිරි දීමනා හා සහන රැසක් ලබාදී තිබෙනවා. ඊට අමතරව වර්තමානයේ මෙම අර්බුදයට කඩිනම් පිළියමක් වශයෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව රුපියල් දස ලක්ෂ 1500ක් තේ ශක්ති අරමුදලට වෙන්කර තිබෙනවා.
තේ කර්මාන්තයේ නිරතවෙන හාරලක්ෂයකට වැඩි පිරිසකට මෙමඟින් සහන හිමිවෙනවා. ඊට අමතරව කමිටු වාර්තාව අනුව අනෙකුත් සහන ලබාදෙනවා.
තේ ආනයනය කර ‘සිලෝන් ටී’ වශයෙන් යළි සකස් කර ලබා දීමේදී එමඟින් අපේ තේ කර්මාන්තයට තර්ජනයක් වන බවටත් යම් යම් චෝදනා එල්ල වෙනවා.
ඕක බොරු චෝදනාවක්. ‘සිලෝන් ටී’ වශයෙන් තේ ආනයනය කර සකස් කිරීමෙන් මෙරට තේ කර්මාන්තයට කිසිදු හානියක් සිදුවී නොමැති බව මං ඉතා වගකීමෙන් කියනවා.
ශී‍්‍ර ලංකාවට තේ ආනයනය කර සිදුකරන ඇසුරුම්කරණයෙන් අපේ රටට විශාල ආදායමක් ලැබෙනවා. රටටත් මුදලක් ලැබෙන අතරේ රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් හිමි වී තිබෙනවා.
තේ පමණක් නොවෙයි, ආනයනය කර මෙරට ඇසුරුම් කර නැවත අපනයනය කරන ඕනෑතරම් තවත් දේවල් තියෙනවා. ලෝකයේ දියුණුවත් එක්ක තරගකාරී වෙළෙඳ පොළකට මුහුණදීමේදී මේවැනි දේ කරන්න වෙනවා.
අපට ලැබෙන ආදායම් මාර්ග අහුරගන්න නරකයි. මෙරට නිෂ්පාදනවලට ගැටලුවක් නොවෙනවනම් කොතරම් මෙවැනි දේවල් කළත් කිසිම ගැටලුවක් නැහැ.
රටවල් කිහිපයක්ම අද මුළු ලෝකයේම වෙළෙඳ පොළ ආක‍්‍රමණය කරල තියෙන්නේ මේ ආකාරයට. උදාහරණයක් ලෙස මහජන චීනය ඇමෙරිකාවට තක්කාලි අපනයනය කරනවා.
ඇමෙරිකාවේදී මෙම තක්කාලි පැකට් කෙරෙනවා. ඇමෙරිකාවේදී පැකට් කෙරෙන තක්කාලි ලෝකය පුරා බෙදාහරිනවා. ඇමෙරිකාවේ තක්කාලි පැකට් ශී‍්‍ර ලංකාවටත් එනවා.
විකුණා ගැනීමට නොහැකිව තිබෙන තේ තොග කර්මාන්ත ශාලාවල ගබඩා කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මීටත් යම් සහනයක් ලබාදෙන්න කියලා ඉල්ලීම් ඉදිරිපත්වෙලා තියෙනවා.
ඔය වගේ විහිළු කතාත් යම් යම් ඉල්ලීම් විදියට සමහරෙක් ඉදිරිපත් කිරීම ගැන කණගාටුවෙනවා. ඔය කර්මාන්තශාලාවල ඕන තරම් ඉඩ තියෙනවා. ඒවායේ තේ තොග ගබඩා කරන්න පුළුවන්.
එහෙම තියෙද්දී ගබඩා කරන්න පහසුකම් අපෙන් ඉල්ලලා සමහරෙක් හදන්නේ බබ්බු වෙන්න. ඔය බබාලගේ විහිළු කතාවලට නම් උත්තර දීලා වැඩක් නැහැ.
විරුද්ධ පක්ෂයේ ඇතැම් මන්තී‍්‍රවරුන් කියන දෙයක් තමයි, වැවිලි කර්මාන්තයේ සැබෑ ගැටලුව හඳුනා නොගෙන ඇමැතිතුමා විහිළු කරනවයි කියලා.
විහිළුකාරයින්ට විහිළු නොකර මොනව කරන්නද? වැවිලි ක්ෂේත‍්‍රය ගැන අබමල් රේණුවක තරම්වත් නොදන්නා මන්තී‍්‍රවරුන් තමයි, වැවිලි කර්මාන්තය ගැන බොරු කතා කියන්නේ.
මං කුඩා කාලේ ඉඳලම වැවිලි කර්මාන්තය ගැන ඉතා හොඳින් දන්නවා. මං ඉතාම වගකීමෙන් කියනවා, පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයින් දෙසිය විසිපස් දෙනාටම වඩා මට වැවිලි කර්මාන්තය ගැන ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ඒක නිසා වැවිලි කර්මාන්තය ගැන කව්රුත් බයවෙන්න එපා. ඒක මං බලාගන්නම්.
සාකච්ඡා කෙළේඩබ්ලිව්. කේ.ප‍්‍රසාද් මංජු

අය වැය 6දා පාර්ලිමේන්තුවට

ස්වර්ණා විජේකෝන්
ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ සිවුවැනි අයවැය ලබන හයවැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
ජනාධිපති හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ පිළිබඳ දෙවැනි වර විවාදය නොවැම්බර් හත්වැනිදා (සිකුරාදා) ආරම්භ කිරීමට නියමිතය.
අයවැය දෙවැනි වර විවාදය නොවැම්බර් 7, 8, 10, 11, 13, 14, 15 යන දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම පහළොස් වැනිදා සවස පැවැත් වේ.
එක් එක් අමාත්‍යාංශවලට වෙන්කරන ලද මුදල් පිළිබඳව සිදුකෙරෙන අයවැය පිළිබඳ තෙවැනි වර කියවීම නොවැම්බර් 17 දා ආරම්භ කෙරේ.
නොවැම්බර් 17, 18, 19, 20, 21, 24 25, 26, 27, 28 සහ දෙසැම්බර් 01, 02, 03, 04, 05, 08 යන දිනවල පැවැත්වෙන අතර ඒ පිළිබඳ ඡන්ද විමසීම අටවැනිදා සිදුකෙරේ.

ඩී.එස්.අයි. පාසල් වොලිබෝල් ජාතික මට්ටමේ තරග අද සිට

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මෙහෙයවන ඩී. එස්. අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග අද හංවැල්ල රාජසිංහ විදුහල් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
අවුරුදු 14 න් පහල 16 න්පහල හා 18 න් පහල වශයෙන් පැවැත්වෙන මෙම ජාතික මට්ටමේ තරගාවලියට බාලක බාලිකා පාසල් කණ්ඩායම් 110 ක් සහභාගී වේ.
අද සිට දින 3 ක් පුරා පැවැත්වෙන ඩී. එස්. අයි. පාසල් වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග වලින් අනතුරුව අවසන් වටයට කණ්ඩායම් තෝරා ගැනීම සිදු වේ.
මයට අමතරව අවුරුදු 12 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා සංවිධානය කළ ඩී. එස්. අයි. සුපර් කිඩ්ස් වොලිබෝල් ෆියෙස්ටා තරගාවලියේ අවසන් තරගද එම දිනවලදීම කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පසුගිය දිනවලදී මෙම තරගාවලියේ දිස්ති‍්‍රක් හා පළාත් තරග පැවැති අතර ඒ සඳහා සහභාගී නොවූ පාසල් කණ්ඩායම් කිහිපයකටද ජාතික තරගාවලිය සඳහා තරග වැදීමට අවස්ථාව සලසා ඇත.
ආසියානු යොවුන් කාන්තා හා පිරිමි තරගාවලි නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පිලට කී‍්‍රඩා කළ එම පාසල් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ජාතික තරගාවලියට සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලැබී තිබුණි.
මාදම්පේ සේනානායක නාත්තන්ඩිය ධම්මිස්සර, වෑකඩ විදුහල, සීදුව දවිසමර,ගම්පහ යසෝදරා බාලිකා, ආනමඩුව සෙන්ට‍්‍රල්, තොඩුවාව ශාන්ත අන්තෝනි හා වේයන්ගොඩ සෙන්ට‍්‍රල් යන කණ්ඩායම් ජාතික තරගාවලියට එක් වේ.
ඩී. එස්. අයි. සුපර් ස්පෝර්ට් පාසල් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග මෙම මස 13 හා 14 දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ගම්බීර්ට තරග තහනමක්


මී මැස්සෝ මඳ වේලාවකට තරගය නතර කරති



ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන් සමග කළහකාරී ලෙස පිටියේ හැසිරීම සම්බන්ධයෙන් ඉන්දීය ආරම්භක පිතිකරු ගෞතම් ගම්බීර් හට එක ටෙස්ට් තරගයක තහනමක් ඊයේ පැනවිය.
මේ අනුව පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් ලැබු ඔහුට නොවැම්බර් 6 වැනිදා සිට 10 දා දක්වා නාග්පූර්හී පැවැත්වෙන සිව්වැනි හා අවසාන ටෙස්ට් තරගයට සහභාගී වීමට නොහැකිවනු ඇත.
මෙම තීරණයට එරෙහිව ගම්බීර් ඇපෑලක් ඉදිරිපත් කරනු ඇතැයි ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය.
ඊයේ තරගය පැවැති අතරතුරදී මීමැසි රංචුවක් පිටිය සිසාරා පියාසර කිරීමෙන් තරගය මොහොතකට නතර විය.
ඒ අවස්ථාවේදී ඉන්දීය හා ඔස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයෝද විනිසුරුවෝද මීමැස්සන් පිටියෙන් ඉවත්ව යනතුරු බිම දිගා වූහ.