Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 2, 2008

අම්මේ මම දොස්තර කෙනෙක් වෙලා අම්මයි තාත්තයි කාර් එකෙන් ගෙනියනවා’


කෑගල්ල දිස්ති‍්‍රක් සමූහ දයාරත්න බණ්ඩාර
සිසුන් ප‍්‍රවාහනය කිරීම සඳහා සුදුසු යැයි යෝග්‍යතා සහතික මාර්ග බලපත‍්‍ර ලබාදෙන නිලධාරීන් මෙයට වඩා සැලකිලිමත් නොවුණහොත් මෙවැනි මරණ ඉදිරියේ දී බොහෝ සිදුවීමට ඉඩ ඇතැයි කෑගල්ල නගරයේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය රෝහන් බී. නිශ්ශංක මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ පාසල් බස් රථයක ලෑලි තට්ටුව කඩා වැටීමෙන් මිය ගිය පාසල් දැරියකගේ මරණය සම්බන්ධයෙන් පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේ දී ය. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ බොස්සැල්ල දම්පැල්ගොඩ පදිංචිව සිටි කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ 7 වැනි ශ්‍රේණියේ ඉගෙන ගනිමින් සිටි 12 හැවිරිදි පී. ඇම්. ඩිල්ශානි ප‍්‍රාර්ථනා කරුණාසේන නම් සිසුවියකි.
ඇය බොස්සැල්ල විද්‍යාලයේ සිට ශිෂ්‍යත්ව විභාගයෙන් දක්‍ෂ ලෙස සමත් වී නගරයේ ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයට ඇතුළු වී ඇත. ඇය අධ්‍යාපන කටයුතු වලදී මෙන්ම බාහිර කටයුතුවල දී ද ඉමහත් දක්‍ෂකම් දැක්වූ කාගේත් සිත් දිනා ගත් උද්යෝගිමත් ශිෂ්‍යාවකි.
“අම්මේ මම දොස්තර කෙනෙක් වෙලා කාර් එකක් අරගෙන අම්මා තාත්තා එක්ක යනවා යැයි කියන ප‍්‍රාර්ථනය ඩිල්ශානිගේ ප‍්‍රාර්ථනා තුළ තිබූ බව ඇයගේ මෑණියන් වූ එස්. ඩී. කුසුමාවතී මහත්මිය හැඬූ කදුළෙන් පැවසුවා ය. ඇය නිතර නිතර තම දියණියගේ වියෝවීම ඉවසා ගත නොහැකිව විලාප දෙමින් සිටින්නී ය.
ඇයගේ කාමරයේ කුඩා බුදු කුටියකි. ඇය දිනපතාම උදේ හවස පිච්ච මල් පූජා කිරීම පහන් දැල්වීමෙන් පසු දින චර්යාව ආරම්භ කරයි. මෙදින මගේ දුව වෙනදාට වඩා මල් කඩාගෙන බන්දේසිය පුරවා මල් පූජා කළා. අම්මේ වෙනදාට වඩා ලස්සනට මගේ ඔලුව පීරලා කරල් දෙකක් වනසේ ගොතලා දෙන්න කීවා. ඇය වෙන දිනවල කරන වැඩ වලට වඩා විශේෂයක් මෙදින පාසල් යාමට පෙර සිදු කළා යැයි කුසුමාවතී මහත්මිය පැවසුවාය.
පාසල් බස් රථ සංගමයේ සභාපතිගේ බස් රථය හැර වෙනත් බස් රථයක් මෙම මාර්ගයේ ධාවනය නොවන හෙයින් කෑළි හැලි හැලී ධාවනය වන මෙම බස් රථයේම සිසුන්ට පැමිණීමට සිදුව ඇත. දම්පැල්ගොඩ සිට කෑගල්ල දක්වා සැතපුම් 22 ක් පමණ සිසුන් 100 ක් පමණ රැගෙන එයි. බස් රථයේ මුල සිටම ගමන් කරන්නන්ට ආසන හිමිවෙයි. අලුතින් එකතු වන සිසුන්ට ආසන හිමි නැත. එම නිසා මෙම දැරියට ද සිදු වූයේ ආසන දෙකක් අතර සැතපුම් 22 ක් සිටගෙන ඒමටය. මෙම මාර්ග ඉතාමත් දුෂ්කර මාර්ගයකි. ආසන වල ඉඩ තිබුනත් අලුත් සාමාජිකයනට හිටගෙන ඒමටත් පැරණි සාමාජිකයනට ආසන දීමත් මෙම බස් රථයේ පවත්නා නීතියකි.
ඩිල්ශානිට අවුරුදු දෙකක්ම මෙම බස් රථයේ සිටගෙන ඒමට සිදුව තිබිණ. මෙම අනතුර සිදුවූ අවස්ථාවේ දී ඇය බස් රථයේ අනාරක්‍ෂිත ව තිබූ ලෑල්ල මත සිට ගෙන සිටියේ ය. ඒ බස්රථ හිමිකරු රියදුරු හා සහායක වශයෙන් වැඩ කරන එකම තැනැත්තාගේ නියෝගය නිසා වෙනි.
මෙම බසයේ ගමන් කරන එක් ශිෂ්‍යාවක් පැවසුයේ මෙම බස් රථයේ ලෑලි තැනින් තැන දිරා ගොස් තිබෙනවා ඒ තැන්වලට හාඩ් බෝඩ් ලෑලි දමා තිබෙනවා. ගොඩ වෙන දොර ළඟ මහා සිදුරක් තිබෙනවා. රියදුරාගේ ආසනයටත් ලී වලින් මුක්කු ගසා තිබෙනවා. සිදුරු වසා ලෑලි දමා තිබුනාට ඒවාට ඇනගසා නැහැ. ධාවනයේ දී එහාට මෙහාට විසිවෙනවා. එවිට කාපට් එක පමණයි තිබෙන්නේ. සමහර සිදුරු තුළින් ළමයින් ගේ කකුල් පවා යනවා. මේවා ගැන කීවොත් අපිට යන්න තිබෙන එකම බසයත් නතර වෙනවා යැයි ඇය පැවසුවාය.
මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කෑගල්ල රෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හා කෑගල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සිද්ධිය සිදුවූ ස්ථානයට ගොස් මූලික පරීක්‍ෂණයන් අවසන් කර පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ දී පවත්වා ඇත.
එහිදී මියගිය දැරියගේ පියාවන පී. ඇම්. කරුණාසේන මහතා (57) සාක්කි දෙමින් මෙසේ පැවසීය.
මියගිය ඩිල්ශානි දියණිය මගේ එකම දියණියයි මෙයාට වඩා වැඩිමහල් පුතෙක් සිටිනවා. මගේ බිරිඳ කුසුමාවතී ඇය දැඩි කම්පනයකින් සිටින නිසා මරණ පරීක්‍ෂණය සඳහා පැමිණියේ නැහැ.
මියගිය දුව බොස්සැල්ල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවා. ඇය ඉතාමත් දක්‍ෂ ලෙස ශිෂ්‍යත්ව විභාගය සමත් වී කෑගල්ල නගරයේ ස්වර්ණ ජයන්ති විද්‍යාලයට ඇතුළු කළා. ඇය හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා.
ඇය දිනපතාම බොස්සැල්ලේ පාසල් බස් සංගමයේ සභාපති සුභසිංහ මහතාගේ බස් රථයෙන් පාසල් යමින් සිටියා. මෙම බස් රථයේ සිසුන් 100 ක් පමණ ගමන් කරනවා. බස් රථය පරණ අබලන් තත්ත්වයේ තිබුණා. ගමේ වැඩි පිරිසක් මේ බස් රථයෙන් ගමන් කරනවා. දුවද මෙම බස් රථයෙන් පාසල් ගියා.
ඉකුත් 30 වැනි දින පාන්දර 5.30 ට පමණ දුව සුපුරුදු පරිදි පාසල් බස් රථයට යාමට පාරට ගියා. පාන්දර 5.40 ට පමණ දුවව බසයට ගොඩකර නිවෙසට ගොස් සිටියදී උදේ 6.30 ට පමණ මගේ ඥාති සහෝදරයෙක් වූ කළු මහත්තයා මට කීවා ඩිල්ශානි දුව ගිය බසයට යටවී බසය ප‍්‍රජාශාලාව ඉදිරිපිට නතර කර ඇති බව.
ඒ අනුව මා එතනට යද්දී බසය ප‍්‍රජාශාලාව ඉදිරිපිට නතර කර සෙනඟ රැදී සිටියා. පාරේ කන්ද පාමුල නතර කර තිබූ බසයට පිටුපස පාරේ වම් පස සුදු ඉටිරෙදි කවරයකින් දුවගේ දේහය වසා තිබුණා. ඒ අසල ලේ ගලාගෙන ගොස් තිබුණා. පාරේ කන්දට වන්නට තුනී ලෑල්ලක් හා රබර් කාපට් කෑල්ලක් බසයෙන් වැටී තිබුණා.
ඒ දුව බසයෙන් වැටුණු ස්ථානයට දමා තිබූ ඒවා බවට සිටි පිරිසගෙන් දැන ගත්තා. මූලික පරීක්‍ෂණ වලින් පසු කෑගල්ල රෝහලේ දී මරණ පරීක්‍ෂණයට පෙනී සිටියා. දුව බසයේ තට්ටුවෙන් අනාරක්‍ෂිතව තිබූ ලෑල්ලක් ගැලවී වැටී එම ස්ථානයෙන් බසයේ යටට වැටී රෝද වලට යටවී මෙසේ මියයන්නට ඇතැයි මා විශ්වාස කරනවා.
මරණ පරීක්‍ෂකවරයා - මෙම බස් රථයේ අයිතිකරු රියදුරු එකම පුද්ගලයෙකි. මොහු පාසල් බස් සංගමයේ සභාපති ද වෙනවා. සභාපතිගේ බස් රථය මේ ආකාරයට නුසුදුසු නම් අනික් බස් රථවල තත්ත්වය ඉතාමත් පැහැදිලියි. තවද මෙම බස් රථයට සහායෙකු ද යොදවා නැත. බස් රථ මාර්ග ධාවනයට සුදුසු බවට යෝග්‍යතා නිකුත් කරන මාර්ග බලපත‍්‍ර දෙන නිලධාරීන් ද විශේෂයෙන් පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස්රථ සඳහා යෝග්‍යතා නිකුත් කිරීමේ දී මෙයට වඩා සැළකිලිමත් වියයුතු යයි ද මරණ පරීක්‍ෂක නිශ්ශංක මහතා පැවසීය.
පාසල් සිසුන් ගේ ආරක්‍ෂාව හා ජීවිත කෙරෙහි බස්රථ රියදුරන් ගුරුවරුන් දෙමව්පියන් නිරන්තරයෙන් ඔවුන් අතර සිටින විටදී සොයා බැලිය යුතුයි. මෙවැනි කුඩා දරුවන් අකාලයේ මිය යාමට මෙම සියලු දෙනාම වගකිව යුතු වෙනවා යයිද මරණ පරීක්‍ෂකවරයා පැවසීය.
පශ්චාත් මරණ පරීක්‍ෂණය කෑගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මංජුල අතුකෝරල මහතා රිය අනතුරක් නිසා මොළයට ඇතුළු ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියයන්ට සිදුවී ඇති බරපතළ හානි නිසා මෙම මරණය සිදුවූ බවට නිගමනය කර ඇත.
කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ශි‍්‍රයන්ත පීරිස් මහතාගේ අධීක්‍ෂණය මත රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක විජේසේන මහතා ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.
කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයට ආලෝකයක් වූ ඩිල්ශානි කාගේත් සිත් දිනාගත් උද්යෝගිමත් ශිෂ්‍යාවක් වූවාය. එම මිණි පහන සදහටම නිවී ගියේ කිසිවෙකු අපේක්‍ෂා නොකළ අයුරිනි. ඇය වෙනුවෙන් ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ සිසුකැළ ඔවුන්ගේ ශෝකය මෙසේ පළ කරනු ඇත.
සුදු වතක් හැඳ – හිරු පිබිදෙන උදෑසන
විදු පියස වෙත පිය නැගු නුඹෙ මුව කමල
අපේ සිත් තුළ අමරණීයයි – අතින් අත
හදින් හද නුඹ සමග බැදුණු දින සිට
අප ගෙවූ ඒ නිමේෂය
හදින් කිසිදා සමු නොගනු ඇත.

කිංස්ලි ටී. වික‍්‍රමරත්න අභාවප‍්‍රාප්ත වෙයි


හිටපු ඇමැතිවරයෙකු සහ ආණ්ඩුකාරවරයකු වූ කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා ඊයේ (01) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. මියයන විට ඒ මහතා 69 වැනි වියේ පසුවිය.
1989 දී කඩුවෙල ආසනය නියෝජනය කරමින් කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරයකු වශයෙන් පාර්ලිමේන්තුවට පිවිසි කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා 1994 පොදුජන එක්සත් පෙරමුණු රජයේ වෙළෙඳ වාණිජ්‍ය සහ ආහාර ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළේය. කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරද්දී පාන් 3.50 ට ලබාදෙමින් ජනතා සිත් දිනා ගත්තේය. 1974 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා 1977 මැතිවරණයට තරග කළද පරාජයට පත්විය.
1981 දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට තේරීපත් වූ වික‍්‍රමරත්න මහතා පසුකලෙක ශ‍්‍රීී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික ධූරයේ ද කටයුතු කළේය. ඒ මහතා කඩුවෙල ආසනයේ සංවිධායකවරයා වශයෙන් කලක් කටයුතු කළේය.
2000 මැතිවරණයේදී කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා ආසනය දිනා ගත්තත් මනාප ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන් මන්තී‍්‍රධූරය අහිමිවිය. ඉන්පසු ඔහු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් වසර 5 ක් කටයුතු කළේය.
බි‍්‍රතාන්‍ය කළමනාකරණ ආයතනයේ ඩිප්ලෝමාධාරියකු වන වික‍්‍රමරත්න මහතා කළමනාකරණ ක්‍ෂේත‍්‍රයේ විද්වතෙකි.
කිංස්ලි ටී වික‍්‍රමරත්න මහතා දියණියන් දෙදෙනකුගේ දයාබර පියාණන්ය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.

චාල්ස් ඇන්තනි බළකා මූලස්ථානයට ගුවන් ප‍්‍රහාර

කොටි නායකයන් රැඳී සිටි සුඛෝපභෝගි කඳවුරු සංකීර්ණයත් වනසයි

චන්ද්‍රිකා පෙරේරා, විජයානි එදිරිසිංහ, මහින්ද කුලතුංග සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
කිලිනොච්චි ප‍්‍රදේශයේ ඇති කොටින්ගේ චාල්ස් ඇන්තනි බළකා මූලස්ථානය හා මුලතිව් පිරමන්තාල්කුලම් හි තිබූ කොටි නායකයින්ට සැඟවී සිටීමට සැකසූ කඳවුරක් සහ කාන්තා කොටි කඳවුරු පරිශ‍්‍රයක් ඇතුළු කොටි කඳවුරු තුනකට ඊයේ (01) ගුවන් හමුදාව විසින් පහරදී විනාශ කැර තිබේ.ජෙට් ප‍්‍රහාරක යානා උපයෝගීකර ගනිමින් එදින උදෑසන 5.30ට පමණ පිරමන්කාල්කුලම් සිට කිලෝමීටර් තුනක් පමණ ඊසාන වනගත ප‍්‍රදේශයේ තිබූ ත‍්‍රස්ත නායකයින්ට සැඟවී සිටීම සඳහා අධි සුඛෝපභෝගී කුටි සහිතව තනා තිබුණු කඳවුරු පරිශ‍්‍රයකට පහර දී ඇත.
එදිනම දහවල් 10.30ට පමණ කිළිනොච්චි රෝහලට දකුණු දෙසින් තිබූ චාල්ස් ඇන්තනි බළකා මූලස්ථාන පරිශ‍්‍රයට හා එම ප‍්‍රදේශයේම පිහිටුවා තිබූ කාන්තා කොටි කඳවුරක් ද විනාශ කර ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය. මිනිස් හා විද්‍යුත් බුද්ධි තොරතුරු මගින් හෙළිකළ කරුණු මත නිවැරැදි ඉලක්ක වෙත පහරදීම සිදුකළ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය.
මෙම ප‍්‍රහාරවලින් මියගිය හා තුවාල ලැබූ ත‍්‍රස්තවාදීන් පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැත. ප‍්‍රහාර හේතුවෙන් කඳවුරු ගොඩනැගිලි විනාශ වන අයුරු නියමුවන් නිරීක්ෂණය කර ඇත.
මේ අතර ඊයේ (01) සවස 2.40 ට පමණ කිලිනොච්චි නගරයේ සිට කිලෝ මීටර් තුනහමාරක් පමණ දකුණු දෙසින් පිහිටි කොටින්ගේ පාලන සහ සැපයුම් මධ්‍යස්ථාන තුනකට ගුවන් හමුදාවේ ජෙට් යානා මගින් ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ලකර තිබේ.
මෙම ස්ථාන ඒ - 9 මාර්ගයටද බටහිර දෙසින් ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

තෙල් මිල පෙන්වලා ජනතාව රවටන්න විපක්ෂය කැසකවනවා - බන්දුල ගුණවර්ධන වෙළෙඳ පාරිභෝගික සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය

සමූපකාරය වසර සියයකට ආසන්න කාලයක් පුරා මහජන ගෞරවය දිනාගත් ආයතනයක් වශයෙන් තිබුණා. ඒත් වර්තමානයේදී සමූපකාරය නමින් විවිධ මූල්‍ය ආයතන කි‍්‍රයාත්මක වන බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මෙවැනි ආයතනවලට එරෙහිව නිත්‍යානුකූල කි‍්‍රයාමාර්ග ගැනීමට හැකියාවක් නැද්ද?
රජය මේ පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරල තියෙනවා. පසුගිය දවස්වල සිදු වූ විවිධ මූල්‍ය අක‍්‍රමිකතා සහ සිදුවීම් නිසා මේ ගැන රජයේ විශේෂ අවධානය යොමුවෙලා තිබෙනවා.
ඒ නිසා මෙවැනි නීති විරෝධී ජාවාරම්වලට විරුද්ධව දැඩි පියවර ගැනීමට සැළසුම් කර තියෙනවා. ඔබ සඳහන් කළ ආකාරයට අද සමහර ආයතන සමූපකාරය කියන නමට බැංකුව කියන නම යොදාගෙන කටයුතු කරනවා.
ඒත් මහ බැංකුවේ ලිඛිත අනුමැතියක් නැති කිසිම සමූපකාර ආයතනයකට බැංකුව කියල හඳුන්වමින් දැන්වීම් ප‍්‍රචාරය කරමින් ප‍්‍රසිද්ධ ආයතන වශයෙන් කටයුතු කරන්න බැහැ.
ඒ ත් පසුගිය අවුරුදු කිහිපයේදීම මේ වගේ ආයතන කිහිපයක් කි‍්‍රයාත්මක වුණා. මම කියන්නෙ නැහැ ඒ ආයතන සක්විති රණසිංහගෙ වගේ හොර ආයතන කියල.
ඒත් ඔවුන්ට සමූපකාර බැංකුව කියල කියන්න අයිතියක් නැහැ. එහෙම කරනවානම් එයින් සිදුවන්නේ මහජනතාව මුලාවෙ දැමීමක්. ඒක සදාචාරයට හෝ නීතියට පටහැනි දෙයක්.
පසුගිය දිනවල මානව සම්පත්, වාහන සමූපාකාර බැංකු ආදි නම් වලින් ආයතන බිහිවී තිබුණා. ඒත් මේ ආයතනවලට බැංකු නමින් පෙනී සිටින්න ලිඛිත අවසරයක් මහ බැංකුවෙන් ලැබිලා තිබුනෙ නැහැ.
මේ ආකාරයට අවිධිමත් ලෙස ආයතන කි‍්‍රයාත්මක වීම ඒ ආයතනවලට වගේම රටේ සමූපකාර ක්ෂේත‍්‍රයට ඇති ගෞරවයටත් හානියක් වෙන්න පුළුවනි.
කෙටියෙන්ම කිව්වොත් සමූපකාර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ පමණින් ඔවුන්ට බැංකු වශයෙන් පෙනී සිටින්න බැහැ. ඒත් සමහරු මේක දැන දැනම උල්ලංඝණය කරනවා.
එම ආයතනවලින් මෙතෙක් “සක්විති පන්නයේ” වංචා සිදු නොවුණත් එහෙම දේවල් සිදු නොවේය කියල අපිට ස්ථීර නිගමනයකට එන්න බැහැ.
ඒ නිසා සමූපකාර දෙපාර්තමේන්තුවේ, පළාත් සභාවල සමූපකාර ආයතන ලෙස ලියාපදිංචි වී තිබෙන ආයතනවලට බැංකු ආයතන ලෙස කි‍්‍රයාත්මක වෙන්න අවශ්‍යනම් මහ බැංකුවේ ලිඛිත අවසරයක් ගත යුතුයි.
ඒ සඳහා මාසයක කාලයක් ලබාදීමට අපට හැකියාවක් තියෙනවා.
අපි මේ සියලු දේවල් සිදු කරන්නේ සමූපකාරය කියන නමට මහජනතාව තුළ කාලයක් තිබූ විශ්වාසය ආරක්ෂා කරගත යුතු නිසයි. ඒ වගේම විධිමත් ලෙස කි‍්‍රයාත්මක වීම මගින් ඒ ආයතනවලට සිදු වන්නේ යහපතක්.
ඒ වගේම සමූපකාර පනතත් වර්තමානයට ගැළපෙන ආකාරයට සංශෝධනය විය යුතුයි.
ග‍්‍රාමීය මට්ටමේ කි‍්‍රයාත්මක සණස සමිති පවා තමන්ගේ නමට බැංකුව යන විශේෂණ පදය එක්කරගෙන තිබෙනවා. එම සමිතිවලට බැංකු වශයෙන් කි‍්‍රයාත්මක වීමට හැකියාවක් තියෙනවාද?
ඒක මෙහෙමයි, සණස සංවර්ධන බැංකුව විශේෂිත බැංකුවක් වශයෙන් මහ බැංකුව විසින් පිළිඅරගෙන තියෙනවා. ඒ බැංකුවට අධ්‍යක්ෂ මණ්ඩලයක් සභාපතිවරයෙක් ඉන්නවා. ඒ නිසා සණස සංවර්ධන බැංකුව ගැන කිසිම ප‍්‍රශ්නයක් නැහැ.
ඒත් ග‍්‍රාමීය මට්ටමේ සණස සම්තිවලට බැංකුව කියල නම පාවිච්චි කරන්න බැහැ. ඒව එක් ග‍්‍රාම නිලධාරි වසමක් සීමාකර ගත් සීමිත සාමාජිකයන් පිරිසක් ඉන්න සකසුරුවම් හා ණය දෙන සමිති විශේෂයක් පමණයි.
මාධ්‍ය මගින් පසුගිය කාලය පුරාම සමූපකාර නම ඇතුළත් විවිධ බැංකු පිළිබඳ දැන්වීම් වාර්තා පළ වුණා. ඒත් මේ ආයතන පිළිබඳ සමූපකාර අමාත්‍යාංශය කිසිදු නීති්‍යානුකූල පියවරක් අරගත්තෙ නැහැ. මේ ආයතන ගැන ආණ්ඩුවට හදිස්සියේම මතක් වෙලා තියෙන්නෙ ඇයි..?
කෙනෙකුගේ මොළේ පෑදෙන්න නම් අත්දැකීම්වලට මුහුණ දෙන්න ඕනෑ. පසුගිය දිනවල ඇතිවූ තත්ත්වය නිසා තමයි මේ ගැන අවධානය යොමුකිරීමට සිදු වුණේ. කතාවක් තියෙනවා අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගන්න කියලා. කොහොමත් මේ වැඩේ කාටත් හොඳයි.
ඒත් සමහරු කියන්නේ ඉස්තාලය වහන්න යන්නේ අශ්වයා පැන ගියාට පස්සෙ කියල..?
ඉස්තාලය ඇරල තිබ්බොත් තව අශ්වයො කී දෙනකු පැනල යයිද කියල කියන්න බැහැ. ඒ නිසා තමයි නීති ගෙන එමින් පැරැණි නීති අලුත් කරමින් ආණ්ඩුව කටයුතු කරන්නෙ. අපි පිළිගන්න ඕනෑ මේ රටේ මුල්‍ය නීතිරීතිවල හිස්තැන් අඩුපාඩු තියෙනවා කියල. අපි ඒ හිස්තැන් වසා දැමිය යුතුයි.
ඒ වගේම රටේ ජනතාවත් දැනුවත් විය යුතුයි. ජනතාව හරියට දැනුවත් වෙලා හිටියනම් සක්විති වගේ පුද්ගලයකු ළඟ මුදල් තැන්පත් කරන්නෙ නැහැ. මහජනතාවටත් හරි අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි මේ වගේ අවාසනාවන්ත දේවල් සිදුවන්නෙ.
ඒ නිසා මහජනතාව දැනුවත් කරන වැඩපිළිවෙළකුත් ඇති කළ යුතුයි. නැතිනම් ආණ්ඩුවේ බැංකු පහ හයක් තියෙද්දී පුද්ගලික බැංකු දහයක් පහළොවක් තියෙද්දි කවුද සක්විති ළඟ සල්ලි දමන්නෙ. මේකට ප‍්‍රධානම කාරණය වෙලා තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි නොදැනුවත් භාවය සහ මූල්‍ය නීතිවල තියෙන අඩුපාඩුයි.
සමූපකාර ක්ෂේත‍්‍රයේ ආයතන සමඟ ගණුදෙනු කිරීමේදී පාරිභෝගිකයන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද..?
සමූපකාර ක්ෂේත‍්‍රයේ ආයතන සමඟ මූල්‍ය ගනුදෙනු කරනවා නම් අවධානය යොමු කළ යුත්තේ එම ආයතන සමූපකාර දෙපාර්තමේන්තුව පිළිගත් ආයතනද කියන එකයි. ඒ සහතිකය තියෙනවනම් ප‍්‍රමාණවත්.
එතකොට ගණුදෙනුකරුවන් අමාරුවේ වැටෙන්නෙ නැහැ. කොහොමත් විවිධ සේවා සමූපකාර සමිති සමඟ කි‍්‍රයාත්මක වන ග‍්‍රාමීය බැංකු සමඟ ගණුදෙනු කරන්න බය වෙන්න ඕනෙ නැහැ.
මිල සූත‍්‍රයට අනුව ලබන නොවැම්බරයේදී ගෑස් මිල පහළ යාමට නියමිත බවට ඔබ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළා. නොවැම්බරයේදී සිදුවන එම ගෑස් මිල අඩුවීම අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්ද?
මිල සූත‍්‍රය මත පදනම්ව බලන කොට මිල පහළ දැමිය යුතුයි. පසුගිය දිනවලදී ගෑස් මිල ජාත්‍යන්තර වශයෙන් අඩුවීමක් වෙලා තියෙනවා. ඒ නිසා එම ජාත්‍යන්තර මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදිය යුතුමයි. මෙතනදී ජනමාධ්‍යටත් වගකීමක් තියෙනවා මේ මිල අඩුවීම ගැන ජනතාව දැනුවත් කිරීමට.
එතකොට තමයි ගෑස් මිල ඉහළ යද්දි ඉහළ ගිය ආප්පෙ, ඉඳි ආප්පෙ, ප්ලේන්ටියේ මිලත්, පහළට දමා ගන්න පුලුවන් වෙන්නෙ. නැතිනම් ගෑස් මිල අඩුවීමේ වාසිය යන්නෙත් ජනතාවට නෙමෙයි කලුකඩ මුදලාලිට.
මේ මිල පාලනය කිරීමේ සටන කළ යුත්තේ අප සියලු දෙනා ම එකට එකතු වෙලයි. එතකොට තමයි ජනතාවට සහන ලබා දෙන්න පුළුවන් වෙන්නෙ.
ගෑස් මිල පහළ යන බව කියන්නෙ නොවැම්බර් මාසයේදීයි. ඒත් ඉදිරියේදී කිරිපිටි මිලේ ඉහළ යාමක් පිළිබඳව අවදානමක් තියෙනවා. මේ තත්ත්වය පාලනයට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැද්ද?
කිරිපිටි මිල ඉහළ යාම පාලනයට පුලුවන්කම ලැබිලා තියෙන්නෙත් අපි ගත්තු කි‍්‍රයාමාර්ග නිසයි.
අපි එක් එක් සමාගම්වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න සූදානම් නැහැ. මම කටයුතු කරන්නේ හැම පාර්ශවයකටම සාධාරණයක් ඉටුවන ආකාරයටයි.
සමහර සමාගම් පසුගිය කාලයේදී විවිධ ඉල්ලීම් කරමින් මිල ඉහළ යාමක් අපේක්ෂා කළා. ඒත් ඔවුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට ආණ්ඩුව ඉඩ ලබා දුන්නෙ නැහැ.
ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල් මිල පහළ යාමේ වාසිය ජනතාව ලබාදෙන ලෙස ඉල්ලා එජාපය හා ජවිපෙ උසාවි යාමේ සූදානමක් තියෙනවා. ඇත්තෙන්ම ලෝක තෙල් මිලට සාපේක්ෂව අපේ තෙල් මිල පහළ හෙළිය නොහැකිද..?
තෙල්මිල පහළ හෙළිය යුතුයි. හැබැයි ඒ විධිමත් විධිහකටයි. දැන් ලෝක වෙළෙඳ පොළේ තියෙන මිලට ගත්තු තොග නෙමෙයි අද ලංකාවේ අලෙවි කරන්නෙ. ඒවා පැරැණි මිලට ගත් ඉන්ධන තොග . අලුත් තොගවලින් තමයි මිල සංශෝධනයක් ගැන බලාපොරොත්තු විය හැක්කෙ.
අද එජපය හා ජවිපෙ උත්සාහ කරන්නෙ තෙල් මිලෙන් දේශපාලන වාසියක් ගන්නයි. එහෙම නැතිව මෙතන ජනතාවට ආදරයක් නැහැ. මම මේකට කියන්නේ බොර තෙලේ වාසි විපක්ෂයට ගැනීම කියලයි.
ඒත් සිදුවෙන්න ඕනෑ, නියම යථාර්ථය ජනතාවට පැහැදිලි කරමින් ආණ්ඩුවටත් මාර්ග පෙන්වා දීමයි. ඒත් අද විපක්ෂයෙන් ඒ වගකීම හරියට ඉටු වෙන්නෙ නැහැ. ඒ ගැන අපිට කණගාටුයි.
ඔබත් සමඟ ආණ්ඩුවට එකතු වු ඇතැම් අය යළිත් එජාපයට එකතුවීමට සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවට එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණා. මෙහි ඇත්ත නැත්ත කුමක්ද?
සමහරු ඔය වගේ සිහින දකිනව. ඒත් මේ දේවල් ඇත්ත වෙන දේවල් නොවෙයි. රට තීරණාත්මක මොහොතකට ඇවිල්ල තියෙන්නේ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට සාර්ථක මෙහෙයුමක් දියත් වෙමින් තියෙන්නෙ.
මේ වගේ වෙලාවක සියලු දෙනා කළ යුත්තෙ රජය හා ජනාධිපතිතුමාගේ දෙඅත් ශක්තිමත් කිරීමයි.
අද පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මහජන නියෝජිත පිරිසක් දරන්නෙ මේ අදහසයි. ඒ වගේම අපි කණ්ඩායම එජාපයෙන් ඉවත් වුණේ ප‍්‍රතිපත්තිමය හේතූන් මතයි.
ඒ නිසා අපිට යළි එජාපයට යන්න ඕනෑ කමක් නැහැ. සිදුවෙන්න ඉඩ තියෙන්නේ එජාපයේ ඉන්න තවත් පිරිසක් ආණ්ඩුවට එකතුවීමයි. කොහොමත් එජාපය කියන්නේ පිරිහෙමින් තියෙන දේශපාලන පක්ෂයක්.
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන

බිඳ වැටුණු ඉස්සන් කර්මාන්තයට අලුත් බලාපොරොත්තුවක්

“ලංකාවේ ඉස්සෝ රසින් වැඩියි. ඒ නිසයි ඉන්දියාවටත් වැඩි ඉල්ලුමක් අපිට තියෙන්නේ.
ඒත් මේ කර්මාන්තෙන් ලාබ ගන්නේ අපි නෙවෙයි. අතරමැදියෝ. වයඹ පළාතේ විශාල පිරිසක් කඩා වැටෙනවා. මේ කර්මාන්තෙ නැති වුණොත්”
ඔහු එසේ කියන්නේ තවමත් බලාපොරොත්තු තබා ගත හැකි හඬකිනි. ඔහු ජෝන් විජේකාරියවසම් ය. ඉස්සන් කර්මාන්තයේ වත්මන් තත්ත්වය පිළිබඳ කියන්නට ඔහු වැනි තවත් පිරිසක් සිටිති.
අද දවසේ ඔවුන් කිසියම් තීරණාත්මක මං සන්ධියකට එළැඹ සිටින්නාක් වැනිය.
අනූව දශකයේ අග භාගයේදී පමණ ශී‍්‍ර ලංකාවේ වයඹ පළාතේ හලාවත පුත්තලම ආශි‍්‍රත ප‍්‍රදේශවල ඉස්සන් වගා ව්‍යාපාරය බොහෝ දෙනෙකු ආකර්ෂණය කරගත් සීග‍්‍රයෙන් පැතිර ගිය කර්මාන්තයක් බවට පත්විය.
එම ආකර්ෂණය කෙතරම්ද යත් එකල එය දෙවැනි වූයේ මැණික් ගැරීමෙන් ලැබෙන ලාභයට පමණක් බවට ඇතැම්හු කියා සිටියහ. එය එතරම් විශාල මුදල් උපයන මාර්ගයක් බවට පත්ව තිබිණි.
එහෙත් කල් යත්ම ඉස්සන් කර්මාන්තය හෝ පාරිසරික තත්ත්වයන් පිළිබඳ දැනුමක් හෝ සැලකීමක් නොමැති පිරිස මේ ක්‍ෂේත‍්‍රයට එකතු වී ලාභය පමණක් සලකා කටයුතු කිරීමෙන් තත්ත්වය නරක අතට හැරිණි.
එහි ප‍්‍රතිඵලයක් ලෙස පාරිසරික ගැටලු ද ඉස්සන් රෝග බෝවීම ද සිදුවිය.
එයින් පසුව ඉස්සන් කර්මාන්තය නැවතුණ තරමට අඩාල විය.
නමුත් මේ වන විට නැවතත් කර්මාන්තය පිළිබඳ යම් අවබෝධයක් ද පාරිසරය පිළිබඳ සැලකීමක් ද ඇති පිරිසක් ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ උපදෙස් මත හා වෙනත් සංවිධාන ගණනාවක ආධාර උපකාර ඇතිව ඉස්සන් කර්මාන්තයට යොමු වී සිටිති.
රෝග පැතිරීම නිසා වසා දමා ඇති ඉස්සන් කොටු හිමිකරුවෝ පවා ඉදිරි මාස කීපය තුළ වැඩ ආරම්භ කිරීමට රෝග තත්ත්වය සමනය වනතුරු පුල පලා බලා සිටිති.
බොහෝ සේ විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක් ලෙස වර්ධනය කර ගත හැකි ඉස්සන් වගාව පිළිබඳ ඔවුන් කියන මේ කතාවලින් පැහැදිලි වන්නේ අඳුරු සලකුණු තිබුණ ඉස්සන් කර්මාන්තයට හෙට දවසේ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි බවය.
හලාවත කරුක්කුපනේ ඉස්සන් වගාකරුවන්ගේ සමිතියේ සභාපති
ජෝන් විජේ කාරියවසම් මහතා
මට ඉස්සෝ ටැංකි (පොකුණු) හයක් තියෙනවා. මගේ පුතාට පහක් තියෙනවා. රෝග හැදුණ නිසා ගිය මාසේ ටැංකි වැහුවා. තව මාස දෙකහමාරකින් විතර පටන් ගන්නයි ඉන්නේ.
අපේ සමිතියේ සාමාජිකයෝ 200 ක් විතර ඉන්නවා. මම 1989 දී අක්කර භාගේ පොකුණක් ස්වයංරැකියා යටතෙයි පටන් ගත්තේ පටන් ගනිද්දී අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
අද්දැකීමෙන් තමයි ඉගෙන ගත්තේ. හොඳට ලාභ තිබුණා. දියුණු වුණා.
ටැංකි ප‍්‍රමාණය වැඩිවෙනකොට පිරිස වැඩිවෙන කොට තමයි රෝග හැදුණේ. ඊට පසසේ කර්මාන්තය කඩාවැටුණා. ඒ කාලේ මේවා හොයල බලන්න කවුරුත් හිටියේ නෑ.
දැන් නම් ජල ජීවි එකයි පෞද්ගලික සමාගම් කීපයකුයි තියෙනවා.
අපි රජයට ස්තූති කරන්න ඕන මේ ප‍්‍රශ්න හොයලා බලන්න නිලධාරීන් පත්කරලා, ඉස්සෝ කෑමවල වැට් එක අඩුකරලා දුන්නට, ඕලන්ද ඇළේ වතුර බහින්නේ නැති ප‍්‍රශ්නයක් අපට තිබුණා. දැන් ඇළ ශුද්ධ කරලා තව ටිකක් තියෙනවා.
ජල ජීවි එකෙන් ඉස්සෝ ගොවීන් දැනුවත් කරනවා.
රෝග පාලනයට උදව් කරනවා. ඒ වෙනුවෙන් රජය සෑහෙන මුදලක් වියදම් කරනවා. ඉස්සර නම් විදුලිය නැතිවෙච්ච ගමන් කිව්ව හැටියේ හදනවා. දැන් පැය ගානක් යනවා. එතකොට ඔක්සිජන් නැතුව ඉස්සෝ මැරෙනවා. ඒක අපිට ලොකු ප‍්‍රශ්නයක්.
රෝලන්ඩ් මිල්රෝයි මිරැන්ඩා
ඉන්දියාවේ පිලිපීනයේ වගේ රටවල ඉස්සන්ට වඩා ලංකාවේ ඉස්සන්ට හොඳ මිලක් තියෙනවා. ලංකා තේ වගේ ලංකා ඉස්සන්ට හොඳ නමක් අපි හදාගන්න ඕන. ඉස්සෝයි මාළුයි එක කන්නෙට හදනවා නම් රෝග පාලනය වෙනවා.
හුඟක් අයට තාක්‍ෂණික දැනුම නැති එක තමයි ප‍්‍රශ්නය.
මේ පාර මම පොකුණ 17 ක් කළා. සුදු පුල්ලි හැදුණා. එකක්වත් බේර ගන්න බැරිවුණා. ලක්‍ෂ 10 ක විතර අලාභයක් ඉදිරියේදී අඩුපාඩු හදාගෙන මාර්තු මාසේ විතර ආයිමත් කර්මාන්ත පටන් ගන්නවා.
පොකුණු සකස් කරන්න කලිනුත් පැටව් දැම්මට පස්සෙත් ජලජීවි එකේ නිලධාරීන් ඇවිත් පරීක්‍ෂා කරලා බලනවා නම් හොඳයි.
සංජීව නිශාන්ත ප‍්‍රනාන්දු
දැනට තියෙන වෙනත් රෝග තත්ත්වය අනුව අස්වනු නෙළන්න මාස තුන හමාරක කාලයක් යනවා. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වේගෙන් වෛරස් පැතිරිලා යනවා. මගේ ෆාම් එක කිට්ටුවටම රෝග ඇවිත්.
අපේ අයමයි මේ කර්මාන්තේ නැති කරගෙන තියෙන්නේ. වෛරසයක් නිසා බේරගන්න අමාරුයි. ගොවි මහත්තුරු මීට වඩා ගොඩක් සැලකිල්ලෙන් තමුන්ගේ ලාබ මතම යැපෙන්නේ නැතුව කටයුතු කරනවා නම් තමා හොඳ.
එක්කෙනෙක් වරදක් කළොත් විපාක විඳින්න වෙන්නේ හැමෝටම. ඒ නිසා අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න කියලා මම ඉල්ලනවා.
ජල ජීවී එකේ යම් කිසි අධීක්‍ෂණයක් තියෙනවා.
නමුත් ඒක මීට වඩා වැඩිවෙන්න ඕන. වැරැදි කරන අයට දඬුවම් හරි දීලා කි‍්‍රයා කරනවා නම් හොඳයි කියලා මම යෝජනා කරනවා.
කේ. එම්. එන්. ඇක්වා සර්විස් පෞද්ගලික ආයතනය රෝග පාලනය කිරීම හා ඉස්සන් වගාවේදී අවශ්‍ය තාක්‍ෂණික දැනුම ඇතුළු සේවා රැසක් ඉස්සන් වගා කරුවන් සඳහා නොමිලේ සපයා දෙයි.
වගාකරුවන් ළඟටම ගොස් මේ සියලු සේවා ලබා දෙන ආයතනයේ පර්යේෂණ හා සංවර්ධන කළමනාකරු චාමින්ද ප‍්‍රනාන්දු මහතා මේ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය.
ඉස්සන් කර්මාන්තයේ මේ පසුබෑමට හේතු වී තිබෙන්නේ රෝගී තත්ත්වය පාලනය කර නොගැනීමයි.
ලෝකයේ ඕනෑම රටක මේ කර්මාන්තයේ රෝග ඇති වී තිබෙනවා. නමුත් ඒවා පාලනය කරගෙන තියෙනවා. අපි ඒක හරියට නොකළ නිසයි මේ ප‍්‍රශ්න.
දැනට ජලජීවී එකයි තවත් ආයතන කීපයකුයි විශාල වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා. අපි බිම් මට්ටමෙන් වගාකරුවන් දැනුවත් කරනවා.
රෝග පැතිරෙන ක‍්‍රමයයි සොයා බලා පාලනය කළ යුත්තේ එක කන්නයක් නොවේ දිගටම කළ යුතුයි. නැත්නම් කඩා වැටෙනවා.
මේ ක‍්‍රමයට දීර්ඝ කාලීන විනයක් අත්‍යවශ්‍යයි.
ලෝක වෙළෙඳ පොළේ ලොකු ඉස්සන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ලොකු ඉස්සෝ හදන වැඩපිළිවෙළක් අපට තියෙනවා නම් විශාල විදේශ විනිමයක් හොයන්න පුළුවන්. දැනට හදන ඉස්සෝ ප‍්‍රමාණය මදි. ලොකු ඉස්සෝ නිෂ්පාදනය කරන රටවල් අඩුයි. ඒ නිසා අපනයනය කළ හැකි ලොකු ඉස්සෝ හදන්න කියලයි අපි ගොවීන් දැනුවත් කරන්නේ.
ඉස්සෝ ෆාම්වලට සමහරු විරුද්ධයි.
මම කියන්නේ නම් එහෙම විරුද්ධ වෙන්න ඕන නෑ කියලයි. ජල ජීවී එකෙන් හඳුන්වා දී තිබෙන ක‍්‍රමය හරියට කරනවා නම් පරිසරයට කිසිම හානියක් වෙන්නේ නෑ. ඉස්සන් කර්මාන්තයේ දී ‘ෂෝට්කට්’ නැහැ. එහෙම කරන්න ගියොත් තමයි ප‍්‍රශ්න ඇති වෙන්නේ මේ නියමිත ක‍්‍රමවේද හරියට මුල සිටම පිළිපදිනවා නම් ඉදිරිය ගැන සුබවාදීව හිතන්න පුළුවන්.
ධම්මික ගුණවර්ධන (පරිපාලන කළමනාකරු)
තාක්‍ෂණය විද්‍යාගාර පහසුකම් උපදේශන සේවා අපි ෆාම්වලටම ගිහින් දෙනවා.
අපේ අරමුණ වගාකරුවන් සාර්ථක කිරීමයි. ඔවුන් සාර්ථක වුණොත් තමයි කර්මාන්තයේ සාර්ථකත්වය තියෙන්නේ. හොඳ පැටවෙක් තෝරා ගැනීමේ සිට අස්වනු නෙලීම දක්වා අපේ ජංගම විද්‍යාගාරයෙන් නොමිලේ පහසුකම් සපයා දෙනවා.
වගාකරුවෙකුට ප‍්‍රශ්නයක් ඇතිවුණොත් අවශ්‍ය විසැඳුම ඒ මොහොතෙම ලබා දෙනවා. මෙහි කර්මාන්තයේදී අද කළ යුතු දෙය අදම කළ යුතුයි. හෙටට කල් දාල බෑ.
මේ සියලු දෙනා ඉස්සන් කර්මාන්තයේ තිබෙන අඳුර පහවී හොද කලක් උදාවනු ඇතැයි බලාසිටින්නේ නොයිවසිල්ලෙනි.
සටහන රසිකාඡායාරූප ප‍්‍රසාද් පූර්මාල්

අපවත් වී වදාළ ආචාර්ය පොළොම්මාරුවේ හේමසිරි නාහිමි

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි ඌරාපොළ විහාර පරපුරේ අධිපති ශාස්ත‍්‍රපති පණ්ඩිත පොළොම්මාරුවේ ශ‍්‍රී හේමසිරි නාහිමියෝ මෑත යුගයේ රුහුණෙන් බිහි වී දෙස් විදෙස් හි ප‍්‍රචලිත මහා සංඝ පීතෘවරයාණ කෙනෙකි.
මාගම් පත්තුවේ තංගල්ල පොළොම්මාරුවේ පදිංචිව සිටි තංගල්ල උසාවියේ ලියනාරච්චි රූබන් හෙන්රි අබේසිංහ රත්නායක මහතාට හා දෝන ප‍්‍රැන්සිනා අමරසිංහ මහෝපාසිකාවටත් පුත්ව 1932 දී උපත ලද අප කතානායකයාණෝ පූර්වකෘත පුණ්‍ය මහිමයෙන් 1942 දී උතුම් වූ පැවිදි දිවියට ඇතුළත් වූහ. හේමසිරි සාමණේරයන්ට අවැසි මාර්ගෝප දේශනය රිසි සේ සලසා දෙමින් ගුරු පදවිය උසුලන ලද්දේ ඌරාපොළ විහාර පරපුරේ අධිපතිව වැඩ විසූ වෙදෑදුරු අකුරුගොඩ රතන ජෝති මාහිමි, ඌරාපොළ චන්දජෝති මාහිමි, හා මහාචාර්ය කඹුරුපිටියේ ශී‍්‍ර වනරතන මහ නාහිමි යන මහා සංඝ නේතෘවරුන්ය.
සපුගොඩ විද්‍යා නිකේතන පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලබා විසිවස් සපුරා සිට හේමසිරි හිමියෝ 1951 දී මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබූහ.
උසස් අධ්‍යාපනය ලැබීමට කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව රාජකීය පණ්ඩිත වැලිවිටියේ ශී‍්‍ර සෝරත නා හිමියන් වෙතින් අධ්‍යාපනය ලබා ප‍්‍රාචීන මධ්‍යම විභාගය උසස් ලෙස සමත් වී “විද්‍යානිධි” උපාධිය දිනා ගත්හ. 1957 වසරේ මුල් භාගයේදී ශාස්ත‍්‍රවේදී උපාධියත් අග භාගයේදී “ති‍්‍රපිටකාචාර්ය” උපාධියක් ලබා ගත්හ.
පාසල් ගුරුවරයකු වශයෙන් යටියන මහා විද්‍යාලයේ ද 1 වන ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු වශයෙන් නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේද සේවය කොට ස්වකීය අරමෙහි සිරි රතනජෝති විද්‍යායතන පිරිවනේ පරිවේණාධිපති වශයෙන්ද සුවිශාල වූ අධ්‍යාපන සේවාවක් උන්වහන්සේ වෙතින් සිදු විය.
1985 දී මහාචාර්ය කඹුරුපිටියේ ශී‍්‍ර වනරතන මහ නා හිමියන් “ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාව“ පිහිටුවීමේදී උන්වහන්සේගේ සෙවණැල්ල සේ සිටිමින් ප‍්‍රධාන සංවිධායක වශයෙන් එකී සංඝ සභාවේ ප‍්‍රගමනයට අද්වීතිය සේවාවන් සිදු කළහ.
80 දශකයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සෂිර ධර්ම දේශකයකු වූ හේමසිරි හිමියෝ 1993 වසරේ දී ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා එංගලන්තය, ඇමරිකාව, කැනඩාව ආදී රටවලටද 1977 දී මහාචාර්ය ගතාරේ ධම්මපාල අනූනාහිමි සමග නේපාලයටද 2000 වසරේදී එංගලන්තය, ජර්මනිය හා ප‍්‍රංශයටද වැඩම කොට ධර්ම ප‍්‍රචාරය කළහ.
ලේඛකයකු වශයෙන්ද උන් වහන්සේගේ සේවාව උදාරය, රුහුණේ ඇදහිලි හා විශ්වාස, රෝහණ සංඝ සමාජය, රෝහණ ප‍්‍රභා ආදී පර්යේෂණ ග‍්‍රන්ථ රාශියකි.
1985 වසරේ සිට 2001 දක්වා ශී‍්‍ර රෝහණ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක වශයෙන්ද කටයුතු කළහ. එමෙන්ම ඌරාපොළ පුරාණ විහාරයේ සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමේ ගෞරවයද උන්වහන්සේට හිමි විය යුතුය.
ශී‍්‍ර රෝහණ පාර්ශ්වය ආරම්භයේ සිටම ඒ සඳහා ශ‍්‍රමය ධනය කාලය වැය කරමින් අසීමිත මෙහෙයක් මෙම සංඝ සභාවට සිදු කිරීම වෙනුවෙන් 1998 දී පොළොම්මාරුවේ හේමසිරි හිමියෝ ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පදවියෙන් පිදුම් ලැබීය. එය සුදුස්සා සුදුසු තත්ත්වයට පත් කිරීමකි.
මහාචාර්ය කඹුරුපිටියේ වනරතන මහා නාහිමි අනුව යමින් පුරා විද්‍යා ක්‍ෂේත‍්‍රයට පිවිසි හේමසිරි නාහිමියෝ පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජිකයෙකු වන අතර එම ක්‍ෂේත‍්‍රයේ හසල දැනුමක් ඇති අයෙකුද වේ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුසිල්වත් වූ උන්වහන්සේ ගිහි පැවිදි දෙපක්ෂයටම ආදර්ශවත් යතිවරයාණ කෙනෙකි. යුතුකම් අතින් ගත් කළ තම යුතුකම් අකුරටම ඉටුකරනු ලබන හේමසිරි නාහිමියෝ කාගේත් දෙනෙත පි‍්‍රය වූ ආරෝහ පරිනාහ දේහ ශක්තියෙන් හෙබි දහස් ගණන් ගිහි-පැවිදි ශිෂ්‍ය-ශිෂ්‍යාවන්ගේ ගුණැස නැණස වඩාලීමේ පූරෝගාමියෙකු වශයෙන් කටයුතු කරති.
ශී‍්‍ර රතනජෝති ඉරුදින දහම් පාසල අරඹා ගැමි දරු දැරියන්ගේ සතර පිපාසය නිවන්නට පැන් පොදක් වූ උන්වහන්සේ ඔවුන්ගේ ගමන් මග සුන්දර දේශයක් වත යොමු කළහ. සංඝ සමාජයෙන් පැන නැඟුණ ගැටලුවලට ද නිසි පිළිතුරු සැපයූ හේමසිරි නා හිමියන්ගේ දේ්ශපාලනය වූයේ යුක්තිය හා සමානාත්මතාවයයි. 2001 වසරේ සිට ගිලන් තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ මේ වන විට නිරෝගීව වැඩ වසති.
උන්වහන්සේගේ ජාතික ශාසනික ශාස්තී‍්‍රය සේවාව අගයමින් ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාව උන්වහන්සේ වෙත පුරා විද්‍යා විශාරද ශී‍්‍ර වන රතන යන ගෞරව උපාධිය ප‍්‍රදානය කළහ.
2008 සැප්තැම්බර් 29 වන දින අපවත් වූ අප නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට (02) සවස තිහගොඩදී සිදුකෙරේ.
ගාලු දිසාවේ ප‍්‍රධාන සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි

ප‍්‍රධාන ඇමැති තනතුරෙන් ඉවත් වන්න බලපෑමක් නෑ - බර්ටි පෙ‍්‍ර්මලාල්

චූල බණ්ඩාර කුලසේකර, කිත්සිරි වනසිංහ සහ උතුරුමැද පළාත් විශේෂ
උතුරුමැද පළාත් ප‍්‍රධාන ඇමැති ධූරයෙන් තමාට ඉල්ලා අස්වන ලෙසට කිසි විටක ජනාධිපතිතුමා ප‍්‍රකාශ කර නැතැයි උතුරු මැද ප‍්‍රධාන ඇමැති බර්ටි පෙ‍්‍ර්මලාල් දිසානායක මහතා පැවසීය.
ඉකුත් සතියේ සති අන්ත පුවත් පතක පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ප‍්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී පෙරේදා (30)
දිසානායක මහතා මේ කරුණු අනාවරණය කළේ ය. එක්තරා දේශපාලන පක්ෂයට සම්බන්ධ මේ පුවත්පත ගොතන ලද කථාවක් පළකර තිබෙන බවත් ජනාධිපතිතුමා තමන්ට ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීමක් ගැන පළවී ඇත්තේ එම පුවත්පතේ පමණක් බවත් දිසානායක මහතා කීය.