Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, October 2, 2008

2009 ලෝක කුසලාන රගර් සෙවන්ස් තරගාවලිය ආසියාවෙන් සුදුසුකම් ලබා ගන්න ශී‍්‍ර ලංකා කණ්ඩායම් අද හොංකොං යති

2009 ලෝක කුසලාන රගර් සෙවන්ස් තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබා ගැනීමේ අදිටනින් ශී‍්‍ර ලංකා රගර් කී‍්‍රඩකයෝ අද ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් හොංකොං බලා පිටත්ව යති.
ප‍්‍රදීප් ලියනගේ නායකත්වය දරන ශී‍්‍ර ලංකා කණ්ඩායමට අමතරව ජපානය, කොරියාව, හොංකොං, චීනය, කසකස්තානය, චීන තායිපේ, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ගුවාම් හා ඉන්දියාව යන රටවල් ද මෙම ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වෙති.
මෙම තරගාවලියේ ඉහළටම පිවිසෙන කණ්ඩායම් දෙක 2009 වසරේ ඩුබායිහි පැවැත්වෙන ලෝක කුසලාන රගර් සෙවන්ස් තරගාවලියේදී ආසියාව නියෝජනය කරනු ඇත. ජාත්‍යන්තර රගර් මණ්ඩලයේ (ධ්අඕ) ආසියානු ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශී‍්‍ර ලංකාව සිටින්නේ මලයාසියාවට පිටුපසින් හයවැනි ස්ථානයේය.
2006 ආසියානු කී‍්‍රඩා රගර් සෙවන්ස් සූරයින් වන ජපානය හා අනුසූරයින් වන කොරියාව පිළිවෙළින් අංක 1 හා 2 ස්ථානවල සිටින අතර සත්කාරක රට වන හොංකොං 3 වැනි ස්ථානයේ පසුවේ. ආසියානු කී‍්‍රඩා ලෝකඩ පදක්කම්ලාභී චීනය 4 වැනියට ශ්‍රේණිගත සිටී. චීන තායිපේ, කසකස්තානය, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දියාව හා ගුවාම් පිළිවෙළින් අංක 7 සිට 12 දක්වා ශ්‍රේණිගතව සිටිති.
ජාත්‍යන්තර රගර් මණ්ඩලය විසින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදුකොට ඇත්තේ ඩෝහා හිදී පැවැති 2006 ආසියානු කී‍්‍රඩා රගර් සෙවන්ස් තරගාවලියේ සිට මේ දක්වා පැවැති ජාත්‍යන්තර හා කලාප සෙවන්ස් තරගාවලියන්හි ප‍්‍රතිඵල පදනම් කරගෙනය.
හොංකොං සෙවන්ස් හා පසුගියදා නිත්තවෙලදී පැවැති සිංගර් - ශී‍්‍ර ලන්කන් ගුවන්සේවා සෙවන්ස් ඇතුළත් ජාත්‍යන්තර රගර් මණ්ඩල සෙවන්ස් ලෝක තරගමාලාවන් (ධ්අඕ ඉඡ්ඍඡ්ව්ඉ එර්‍ණඅඹ්ච් ඉඡ්අධ්ඡ්ඉ) මෙම ශ්‍රේණිගත කිරීම්වලට ලක්වූ අනෙකුත් ඉසව් වෙති.
ශී‍්‍ර ලංකාව හොංකොං හි පැවැත්වෙන ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අයත්ව සිටින්නේ ‘සී’ කොටසටය. හොංකොං සහ ඉන්දියාව එම කොටසට අයත් අනෙකුත් කණ්ඩායම් වෙති.
ශී‍්‍ර ලංකා කණ්ඩායාමේ විශේෂත්වය වනුයේ කී‍්‍රඩකයන් පස් දෙනෙකුම ඉසිපතන විදුහලෙන් බිහිවූවන් වීමය. අශාන් ද කොස්තා, ලසින්ත ද කොස්තා, චූලා සුසන්ත, සජිත් සාරංග හා දිනූක්ෂ චතුරංග එම කී‍්‍රඩකයෝ වෙති. මෙයින් සජිත් හා දිනුක්ෂ තවමත් පාසල් සිසුහු වෙති.
තරගාවලියේ කණ්ඩායම් අයත්ව සිටින කොටස් මෙසේය.
‘ඒ’ කොටස - ජපානය, කසකස්තානය, තායිලන්තය
‘බී’ කොටස - කොරියාව, චීන තායිපේ, සිංගප්පූරුව
‘සී’ කොටස - හොංකොං, ශී‍්‍ර ලංකාව, ඉන්දියාව
‘ඩී’ කොටස - චීනය, මැලේසියාව, ගුවාම්
කාන්තා තරගාවලිය
මේ අතර ආසියානු සෙවන්ස් හා ජාත්‍යන්තර රගර් මණ්ඩල ලෝක කුසලාන රගර් තරග බිමේ ප‍්‍රථම වතාවට පරිමි හා කාන්තා කණ්ඩායම් මෙවර හොංකොංහිදී රගර් වේදිකාව බෙදා ගනු ඇත.
පිරිමි තරගාවලියට සමගාමීව ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ කාන්තා තරගාවලියද පැවැත්වෙන අතර එච්. ඒ. සී. ලංකාර ගේ නායකත්වයෙන් යුතුව ශී‍්‍ර ලංකා කාන්තා රගර් කණ්ඩායමද ඊට සහභාගි වේ.
මෙම තරගාවලියේදී ශී‍්‍ර ලංකාව චීනය හා අරාබි ගල්ෆ් සමග ‘බී’ කොටසට අයත්ව සිටිති. කසකස්තානය, හොංකොං, සිංගප්පූරුව, ‘ඒ’ කොටසට ඇතුළත්ව සිටින අතර ජපානය, තායිලන්තය හා චීන තායිපේ ‘සී’ කොටසට ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලියේ ප‍්‍රථම ස්ථාන තුනට පත්වෙන කණ්ඩායම් තුන 2009 ලෝක කුසලාන රගර් සෙවන්ස් කාන්තා තරගාවලියේදී ආසියාව නියෝජනය කරනු ඇත.
තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙසේය.
ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම
ප‍්‍රදීප් ලියනගේ (නායක), වසීම් තජුඩීන්, අශේන් කර්තේලිස්, ඩිලංක විජේසේකර, සජිත් සාරංග, පූර්ණ දෙල්පචිත‍්‍ර, අම්ජාඩ් බක්ෂ්, අශාන් ද කොස්තා, ලසින්ත ද කොස්තා, මොහමඩ් ෂෙරීෆ්, චූලා සුසන්ත, දිනුක්ෂ චතුරංග, සාලිය කුමාර, කළමනාකරු - රොෂාන් ඩීන්, පුහුණුකරුවෝ - ඩාවි ස්නයිමන් හා නිශාන්ත චානක, භෞත චිකිත්සක නෝමන් ලේකර්.
ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම
එච්. ඒ. පී. ලංකාර (නායිකා), එන්. එම්. නිලූෂා සඳමාලි, ඩබ්ලිව්. එම්. තනූජා ඩිල්රුක්‍ෂි, බී. ඉෂානි ද සිල්වා, එම්. සී. මයුරි, එම්. එම්. අයේෂා සෙව්වන්දි, ආර්. සන්දිකා කුමාරි, ආර්. කේ. ඒ. සන්දීපා සඳමාලි, ඩබ්ලිව්. ඩී. වික‍්‍රමරත්න, එන්. එම්. ප‍්‍රනාන්දු, ඩබ්ලිව්. එල්. රුක්ෂානි ආරියසේන, ආර්. ඒ. දිල්හානි. කළමනාකරු - ලුතිනන් කර්නල් ජී. ඹ්. ඩී. ගුණසේකර, පුහුණුකරු - හිෂාම් ආබ්ඩීන්.

Wednesday, October 1, 2008

ලෝක ළමා දිනයේ නිකුත් කළ ප‍්‍රථම කොඩිය ජනපතිට


ලෝක ළමා දිනය වෙනුවෙන් නිකුත් කළ ප‍්‍රථම කොඩිය ඉෂාරා හර්ෂනී ශිෂ්‍යාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ඊයේ (30) අරලියගහ මන්දිරයේදී පැලඳවූ අයුරු. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනි සුමේධා ජී.ජයසේන මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.

මාන්කුලම් කොටි ගුවන් පථය යුද හමුදාව අත්පත් කර ගනී

මහින්ද කුලතුංග
මුලතිව් මාන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කොටි ත‍්‍රස්තවාදීන් සතු ගුවන් පථයක් ඊයේ (30) දහවල් ආරක්ෂක හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ.
මාන්කුලම් නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 7 ක් නුදුරින් පනික්කාන්කුලම් ප‍්‍රදේශයේ මෙම ගුවන් පථය පිහිටා තිබූ බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා දිනමිණට පැවැසීය.
මෙම ගුවන් පථය මීටර් 500 ක් දිග බවත් යුද හමුදාවේ 57 වැනි සේනාංකයේ විරුවන් විසින් මෙම ගුවන් පථය අත්පත්කරගත් බවත් බි‍්‍රගේඩියර්වරයා පැවැසීය.
ත‍්‍රස්තවාදීන් මීට මාස කීපයකට පෙර මෙම ගුවන් පථය උපයෝගීී කරගෙන සැහැල්ලු ගුවන්යානා ගුවන්ගත කර ඇති බවට විශ්වාස කරයි.
ගුවන් යානාද එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව සඟවා ඇතැයි යුද හමුදාව විශ්වාස කරයි.
මෙම ගුවන් පථය ත‍්‍රස්තවාදීන්ගේ ගුවන් ගමන් පුහුණුවීම් කටයුතු සඳහා යොදාගන්නට ඇති බවද බි‍්‍රගේඩියර්වරයා පැවැසීය.
එම ගුවන් පථය වටේ විශාල ගස් කොළන් වවා තිබූ අතර මෙය කිසිවෙකුට සොයා ගැනීමට නොහැකි අයුරින් පිහිටා තිබී ඇත.

පුනරීන් කල්මුණේතුඩුවේ දී කොටි බෝට්ටු 2ක් මුහුදුබත්

චන්ද්‍රිකා පෙරේරා, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
පුනරීන් කල්මුණේතුඩුව මුහුදු ප‍්‍රදේශයේදී මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් හා නාවික හමුදා විශේෂ යාත‍්‍රා බළගණය අතර පෙරේදා (29) රාතී‍්‍ර ඇති වූ ගැටුමකින් කොටි බෝට්ටු දෙකක් සම්පූර්ණයෙන්ම මුහුදුබත් වී තිබේ.
එම ගැටුමේදී කොටි ත‍්‍රස්තවාදීන් අටදෙනකුද ජීවිතක්ෂයට පත්ව ඇත. ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් සාදන ලද කුඩා ප‍්‍රහාරක යාත‍්‍රා යොදා ගනිමින් මුහුදු කොටින් වෙත මෙම පහරදීම සිදුකළ බව නාවික හමුදාවේ වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් මහේෂ් කරුණාරත්න පැවසීය.
කල්මුණේ තුඩුව ප‍්‍රදේශයෙන් මුහුදට පිවිසි මෙම ත‍්‍රස්ත බෝට්ටු දෙක දැක ඇති විශේෂ යාත‍්‍රා පෙළ සෙබළුන් ඒවා කොටි ත‍්‍රස්තවාදීන්ගේ බවට හඳුනා ගැනීමෙන් පසු පහරදීම සිදුකර තිබේ.
කොටි යාත‍්‍රා මගින්ද නාවිකයින් වෙත ප‍්‍රහාර එල්ල කැර ඇතත් ඉන් නාවික හමුදාවට කිසිදු හානියක් සිදුව නැති බව නාවික හමුදාව පවසයි.
රාතී‍්‍ර 11.00 ට පමණ ප‍්‍රහාරය එල්ල කැර ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
යාත‍්‍රා රාතී‍්‍ර නිරීක්ෂණය කරනවාත් සමගම නාවික හමුදාව විසින් ඒවා මුහුදු කොටි යාත‍්‍රා බව ඉතා ඉක්මනින් හඳුනාගෙන තිබේ.
පසුව නාවික හමුදාව කොටි යාත‍්‍රා වෙත සාර්ථකව ප‍්‍රහාර එල්ල කරමින් ඒවා ගිණිගෙන දැවෙනු දැක ඇත.මෙහිදී මුහුදු කොටි අටදෙනකු මියගොස් ඇති බව නාවික හමුදාව පවසයි.


දරුවන් රොබෝවරු කළොත් අපට විපාක විඳින්න වෙයි

ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනි - සුමේධා ජී. ජයසේන

අදට යෙදී ඇති ලෝක ළමා දිනය මුල්කරගෙන මෙරට දරුවනට බලපාන ගැටලු සහ ඒවා විසැඳීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනි සුමේධා ජී. ජයසේන සමඟ කළ කතාබහකි.
‘ළමයා’ සහ ළමයින් වෙනුවෙන් වූ ළමා දිනය පිළිබඳ හැඳින්වීමක් කළොත්
ළමයා ගොඩනැගීම රටක් ගොඩනැගීමේ මුල්පියවර බව විද්වත් මතයයි. ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ ළමයා අර්ථදැක්වීම විවිධාකාරයි.
‘ළමයකු’ යනු වයස අවුරුදු 14ට අඩු පුද්ගලයකු බව ළමයින් හා තරුණයන් පිළිබඳ පනතේ සඳහන් වෙනවා.
ශ‍්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියේ සඳහන් වන්නේ වයස අවුරුදු 18ට අඩු සෑම අයෙක් ම ළමයකු බවයි.
කාන්තාවන් තරුණයින් සහ ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ ආඥාපනත යටතේ ළමයෙක් කියන්නේ අවුරුදු 14ට අඩු කෙනෙක්.
1952 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ යෝජනාවක් අනුව එම සංවිධානය ජාත්‍යන්තර ළමා දිනයක් පැවැත්වීම ස්ථිර කරලා ජගත් ළමා දින සැමරුම් උත්සවය පැවැත්වූයේ 1954 අවුරුද්දේ ඔක්තෝබර් 01 දායි.
ඒ අනුව ශ‍්‍රී ලංකාවත් අවුරුදු 50ක විතර කාලයක සිටන් ජාත්‍යන්තර ළමා දිනය සමරනවා.
ලෝක ළමා දිනය සැමරීම අවුරුද්දක් ගානේ කළත් ඒකේ පසුබිම බොහෝ දෙනා දන්නේ නැහැ.
දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝකයේ බොහෝ රටවල්වල ඇතිවුණු සමාජ ආර්ථික බිඳවැටීම නිසා අහිමි වුනු ළමා සුරක්ෂිත බව ඔවුන් කෙරෙහි වූ අඩු අවධානය මේ සඳහා මුල පිරීමක් වුණා.
ලෝකේ පුරාම තිබුණු මේ තත්ත්වය නිරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ළමා සුබසාධනය පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය ළමයින්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ගැන යොමුකළ අවධානයේ ප‍්‍රතිඵලයක් විදිහටයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වී තිබෙන්නේ.
ළමා දිනයක් වෙන් කළත්, ලෝකේ පුරාම ඒක සැමරුවත් රට රටවල් වශයෙන් මොන නීති රීති තිබුණත් සෑම දිනකම, සෑම පැයකම ලෝකේ කොතැනක හෝ ළමයාගේ ළමා කාලය සොරා ගන්නා සිදුවීම් අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.
ජාත්‍යන්තර ළමා දින සැමරුම් ජාතික උත්සවයේ මෙවර තේමාව මොකක් ද? ඔබ එය අර්ථ දක්වන්නේ කොහොමද?
ළමයින් විශේෂ කුසලතාවලින් දස්කම් – විස්කම්වලින් පිරුණ සුන්දර අදහස් තියෙන පිරිසක්. මේක වටහාගෙන කටයුතු කරන්න මෙවර ජාතික උත්සවයේ තේමාව විදිහට අපි යොදා ගත්තේ ‘ළමුන්ට සවන්දීමෙන් ඔවුනගේ ලෝකය සුන්දර කරමු’ කියන අදහසයි.
මේ තේමාව ඉතා ම කාලෝචිතයි කියල අපට හිතෙන්නේ අද සමාජයේ තියෙන කාර්ය බහුලත්වය නිසා දරුවන් වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි සමාජයක් අපි අතරින් ම බිහිවෙමින් තියෙන නිසායි.
අද මව්පියන්ට තමන්ගේ දූ දරුවන් එක්ක කාලය ගත කරන්න තියා කතා කරන්නවත් කාලය නැති තරම්.
ගැමි සංස්කෘතියේ මේ තත්ත්වය වැඩිපුර නොවුණත් එතැනටත් යම් බලපෑමක් නෑයි කියන්න බෑ. නගරබද අපේ බොහෝ සමාජවල සමහර මව්පියන්, වැඩිහිටියන් දරුවන් එක්ක කතා බහ කරන්නේ දුරකථනයෙන් නැත්නම් ඊමේල් වලින්.
උදේ ඉස්කෝලෙට පිටත්වන දරුවා හවස ගෙදර ඇවිත් නැත්නම් ටියුෂන් පංති ගිහින් හැන්දෑ කළුවරේ ගෙදරට එනකොටත් ළමයා එක්ක කතා බහ කරන්න අම්මලා තාත්තලා ගෙදර ඇවිත් නැහැ.
අද අපේ බොහෝ ගෙවල්වල දකින්නට තියෙන වාතාවරණය මේකයි. ළමයි නින්දට යන මොහොතේ ගෙදර එන අම්මලා තාත්තලා එක්ක කරන කතා බහ මොකක්ද කියා අපි අපෙන් ම අහන්න ඕන වනවා නේද?
බොහෝ මව්පියන් දරුවන්ට කතා කරනවා මිසක් දරුවන් කියන්නේ මොනවාද කියලා අහන්නට ඔවුනට වෙලාවක් නැහැ. මේ හුදකලා බව දරුවාගේ දක්ෂතා මොට කරනවා.
දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීලා පතපොතේ දැනුමෙන් පරිපූර්ණ කළ යුතු බව බොහෝ වැඩිහිටියන් අදහන මතයකි. දරුවන් රොබෝවරුන් නොකරන අනාගතයක් අපේක්ෂාවෙන් මෙවර ළමා දින ජාතික තේමාව අප ඉදිරිපත් කළේ මේ නිසාවෙන්.
ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවය පිළිබඳ තොරතුරු පැවසුවහොත්
ජාත්‍යන්තර ළමා දින ජාතික උත්සවය මෙවරත් කොළඹින් බැහැරව පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වන කොඩිය අද (01දා) නිකුත් කරනවා.
ඒ කොඩි අලෙවියෙන් ලැබෙන මුදල ජාතික ළමා සංවර්ධන අරමුදලට බැරකෙරෙනවා. ජගත් ළමා දින ජාතික උත්සවය මේ 02 දා මොණරාගල මහානාම ජාතික පාසලේ දී ආරම්භ කෙරෙනවා. 02 දා සිට 04 දා දක්වා ළමා කඳවුරක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබෙනවා.
මේ ළමා කඳවුරට අම්පාර, මොණරාගල, බදුල්ල, හම්බන්තොට දිස්ති‍්‍රක්කයන් ගෙන් ළමයින් 800ක් පමණ සහභාගි වෙනවා.
ඒ දරුවන්ගේ අදහස් යෝජනාවලට සවන්දීම ඔවුන්ගේ සැඟවුණු කුසලතා හදුනාගැනීම ඒ දක්ෂතා ඉදිරියට ගෙනයාමට වැඩසටහන් සකස් කිරීම මෙහි දී සිදු කිරීමට අපේක්ෂා කරනවා.
ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන්, පැවැත් වූ චිත‍්‍ර, පෝස්ටර්, කථික තරගවල ජයග‍්‍රහණ සඳහා ත්‍යාග හා සහතිකපත් ප‍්‍රදානය, හොඳම ළමා සමාජය අගැයීම, ළමයින්ගේ සෞඛ්‍ය වර්ධන, මානසික සංවර්ධන වැඩසටහන් පැවැත්වීම, ළමයින් සඳහා අක්ෂි සායන, දන්ත සායන පැවැත්වීම, ළමා සාහිත්‍ය දැනුම වර්ධනය සඳහා පොත් සහ පාසල් උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රාශියක් මේ ළමා කඳවුරේ දී පැවැත්වීමට ළමා සංවර්ධන අමාත්‍යාංශය කටයුතු සුදානම් කර තියෙනවා.
මේ ළමා කඳවුරෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ දිස්ති‍්‍රක්ක 04 නියෝජනය කරමින් පැමිණෙන දරුවන්ට සවන් දීලා ඔවුනගේ අවශ්‍යතා හදුනාගැනීමත් ඔවුනගේ ගැටලු මොනවාද කියලා විමසිලිමත්ව කටයුතු කිරීමත්ය.
මෙම ගැටලු වලට පිළියම් සකස් කර ඒ ළමයින් තුළින්ම ඒ දිස්ති‍්‍රක්කවල ළමයාගේ අවශ්‍යතා සඳහා දිගු කාලීන් වැඩසටහන් හඳුන්වාදීම ළමා සංවර්ධන අමාත්‍යාංශයේ අරමුණයි.
ඉදිරි සෑම අවුරුද්දකදීම ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් ඒ වගේ ළමා කඳවුරු පවත්වා දීප ව්‍යාප්ත දරුවන්ගේ අවශ්‍යතා ගැටලු හඳුනාගැනීම අපගේ අපේක්ෂාවයි.
මේ දිස්ති‍්‍රක්කවල සිටින ආබාධිත දරුවන් සිටින දිළිඳු පවුල් 02ක් තෝරාගෙන ඔවුනට අංග සම්පූර්ණ නිවාස සාදා දීමත් මෙවර ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් අපි ඉටු කරන සද්කාර්යයක්.
මෙවර ජාත්‍යන්තර ළමා දිනයේදී අපේ අවධානය යොමුවන තවත් විශේෂිත කොටසක් වෙන්නේ යුද්ධය නිසා පීඩාවට පත්වූ දරුවන්.
විශේෂයෙන්ම උතුරු පළාතේ සිටින එවැනි දරුවන් සඳහා ඒ පළාතේ පරිවාස කොමසාරිස් කාර්යාල හරහා අවශ්‍ය මූලික අවශ්‍යතා ඇතුළු සහන සැපයීමට කටයුතු යොදා තියෙනවා.
දැනට මුලතිව් හා කිලිනොච්චි ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක මානුෂික මෙහෙයුම් නිසා අවතැන්වන ළමයින්ටත් කාන්තාවන්ටත් සුබසාධනය හා ආරක්ෂාව සැපයීමට විශේෂ ඒකකයක් මේ වනවිට වවුනියාවේ පිහිටුවා තිබෙනවා. ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මේ කටයුතු අධීක්ෂණය කරනවා.
ළමයින් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවල කටයුතු පිළිබඳ ළමා සංවර්ධන ඇමැතිවරිය වශයෙන් ඔබ සෑහීමකට පත්වනවාද?
පසුගිය කාලයේදී තිබුණ රජයන් ඒ රාජ්‍ය ආයතන උපයෝගි කරගෙන ළමයින් වෙනුවෙන් කළ දේවල් ගැන සෑහීමකට පත්වන්නට බැහැ. පැවැති රජයන් යටතේ් ළමයින් සම්බන්ධව කටයුතු කිරීම පැවැරී තිබුණේ වනිතා කටයුතු අමාත්‍යාංශය, සමාජ සේවා අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශවලටයි.
නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්ති මාලාවේ තිබූ තවත් පොරොන්දුවක් ඉටුකරමින් ළමයින් වෙනුවෙන්ම කටයුතු කිරීමට ළමා සංවර්ධන අමාත්‍යාංශයක් බිහි කළා.
මේ තුළින් අපේ දරුවන් වෙනුවෙන් ඍජුවම කටයුතු කරන්න අපිට හැකියාව ලැබී තිබෙනවා. ඊට අමතරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ළමා ලේකම් කාර්යාලය අපේ දරුවන්ගේ ආරක්ෂාව, අයිතිවාසිකම් සහ අත්‍යවශ්‍ය සේවා සැපයීමට කටයුතු කරනවා.
මේ කටයුතු පිළිබඳ පූර්ණ වශයෙන් සෑහීමකට පත්වෙන්න අපි කාටත් බැහැ. ඒකට හේතුව, ළමයින් සම්බන්ධ ගැටලු , අවශ්‍යතා දිනෙන් දින ඉහළ යාමයි. ඒත් මේ ආයතන වලින් ඉටු කරන කාර්යයන් ඉතා සතුටුදායක මට්ටමක පවතිනවා.
බොහෝ විට එල්ලවන චෝදනාවක් වන්නේ ළමයින් වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මක වන්නේ ‘ළමා දිනයේදී පමණක් ‘ කියලයි
නැහැ ඒක වැරැදියි. ඒ කාලේ එහෙම වෙන්න ඇති. ඒත් මේකාලේ එහෙම නැහැ. දැන් බලන්න අපි කි‍්‍රයාත්මක කළ ළමා දින ජාතික උත්සවය ඉස්සර ඒක හැම අවුරුද්දකම පැවැත්වුණේ කොළඹ.
දරුවෝ කොළඹට ගෙනත් ශාලාවල නැතිනම් කී‍්‍රඩාංගණවල උත්සවයක් පවත්වලා මොන මොනවා හරි තරග පවත්වලා තෑගි බෝග දීලා සතුටු කරලා යවනවා. ඔක්තෝබර් 02 දා ඉඳලා ළමයා ආයෙත් සුපුරුදු හුදෙකලා ලෝකයට එකතු වනවා.
නමුත් පසුගිය අවුරුද්දේ ඉඳන් ඒක අපි වෙනස් කළා. 2007 වසරේ ලෝක ළමා දිනය ජාතික උත්සවය පැවැත්වූණේ අනුරාධපුරයේ.
එහි සිටින අහිංසක දරු දැරියන් එකතු කරගෙන ඔවුනගේ හැකියාවන් ඔපවත් කරන්නට අපි කටයුතු කළා. ඒ දරුවන් වෙනුවෙන් එදා ඇරැඹුණ , වැඩසටහන් ව්‍යාපෘති අදටත් සාර්ථක ඵල නෙලාගනිමින් තියෙනවා.
මෙවර අපි ජාතික උත්සවය පවත්වන්නේ මොණරාගල. එයට බදුල්ල, අම්පාර , හම්බන්තොට දිස්ති‍්‍රක්කයන් හි ළමයිනුත් එක්වනවා. මේ ළමා නියෝජනය තුළින් ඒ ඒ දිස්ති‍්‍රක්කවල ළමයින්ගේ ගැටලු අවශ්‍යතා අපි හඳුනා ගන්නවා.
ඒ තුළින් ඉදිරි කාලයේදී ඒ දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති , වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කැරෙනවා.
ළමා දිනය නිමිත්තෙන් මොණරාගල මහානාම විද්‍යාලයේ ළමා කඳවුරට සහභාගි වන දරුවන් වෙනුවෙන් අක්ෂි, දන්ත, වෛද්‍ය සායන ජීවන කුසලතා වැඩසටහන් , දැනුවත් කිරීමේ වැඩසටහන්, සංස්කෘතික වැඩ මුළු පවත්වනවා.
මේවායේ ප‍්‍රතිඵල ළමා දිනය දාට විතරක් සීමා වන්නේ නැහැ. ඒවා ඔවුනගේ අනාගතය අර්ථවත් කරන වැඩසටහන්වල මුල් පියවරයි.
ළමා සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ළමයින් වෙනුවෙන් කි‍්‍රයා කරන රාජ්‍ය ආයතන ති‍්‍රත්වය විවිධ රාජ්‍ය නොවන සංවිධාන ද එකමුතු කරගෙන වැඩසටහන් රාශියක් අපේ දරුවන් වෙනුවෙන් කි‍්‍රයාත්මක කරනවා.
මේ සැම කටයුත්තකින්ම අප බලාපොරොත්තු වන්නේ දරුවනට සුරක්ෂිත හෙට දවසක් උදා කර දීමයි.
ඔබ පවසන පරිදි අපේ ළමා පරපුරෙහි යහපත්වූ හෙට දිනක් සදහා ගෙන ඇති දීර්ඝ කාලීන වැඩපිළිවෙළ මොනවාද?
ශී‍්‍ර ලංකාවේ ඇතැම් දරුවන් සුළු අපරාධ, යාචක වෘත්තිය, මෙහෙකාර සේවය, ළමා ගණිකා වෘත්තිය , ළමා කම්කරු සේවය වගේ විවිධ අයථා ක‍්‍රම මගින් මුදල් ඉපැයීමට පෙළඹී තිබෙනවා.
මේ බොහෝ දෙනා මේවාට පෙළඹී තියෙන්නේ ඔවුනගේ දුප්පත්කම නිසයි. මේ අය සැම දෙනෙක්ම වගේ දුප්පත්කම නිසා අධ්‍යාපනයට නැවතීමේ ලකුණ තැබූ අය.
මෙන්න මෙවැනි දරුවන් සමාජයට එක්වීම දිගින් දිගටම සිදු නොවීමට , ඔවුනගේ අධ්‍යාපන වගේම අවශ්‍ය මූලිකම අවශ්‍යතා සපුරාලීමටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ ජාතික ළමා සංවර්ධන අරමුදලක් ඇරැඹුවා.
දීපව්‍යාප්ත කොඩි අලෙවියකින් සහ පරිත්‍යාගශීලින්ගේ ආධාර මත මේ අරමුදල කි‍්‍රයාත්මක වනවා. එය දශක ගණනාවක් පුරා කි‍්‍රයාත්මක වන වැඩපිළිවෙළක්.
සාකච්ඡා කෙළේ බුද්ධිකා ඉඹුලාන

මුරලි ඉන්දියාවේ කී‍්‍රඩා සමාජයකට

නවදිල්ලිය (ඒඑෆ්පී)
ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා වන මුත්තයියා මුරලිදරන් ඉන්දියෙවේ ප‍්‍රධානම පළමු පෙල දේශීීය තරගාවලියේදී බෙන්ගාල් කණ්ඩායමට කී‍්‍රඩා කරනු ඇතැයි පුවත්පත් වාර්තාවක් කියයි.
නොවැම්බරයේ ඇරැඹෙන රන්ජි කුසලාන 2008 - 09 තරග වාරය සඳහා බෙන්ගාල් කි‍්‍රකට් සංගමය මුරලිදරන් සමඟ කොන්ත‍්‍රාත් අස්සන් කර ඇතැයි කොල්කටා හී ටෙලිග‍්‍රාෆ් පුවත්පත පවසයි.
“ළඟ එන පළමු පෙල තරග සඳහා මුරලි බෙන්ගාල් කණ්ඩායමට ලබා ගත හැකි බව සඳහන් කරමින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් හී ප‍්‍රධාන විධායක දුලිප් මෙන්ඩිස් අපට ෆැක්ස් පණිවිඩයක් එවා තියෙනවා” බෙන්ගාල් කි‍්‍රකට් සංගමයේ සභාපති ජිග්මොහාන් ඩැල්මියා කියයි.
“ටෙස්ට් කඩුලු 760 ක් හා එක්දින කඩුලු 479 ක් ලබා ගෙන සිටින මුරලිදරන් පලපුරුද්දෙන් බෙන්ගාල් කණ්ඩායමට ඉතාමත් වාසියක් අත්වේවි”
මුරලිදරන් බෙන්ගාල් කණ්ඩායම වෙනුවෙන් තරග 4 කට කී‍්‍රඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
හිටපු ඉන්දියා නායක සව්රව් ගංගුලිද මෙම කණ්ඩායමට ඇතුලත්ව සිටී

උතුරු-නැඟෙනහිර කි‍්‍රකට් කී‍්‍රඩකයෝ වසර 25කින් කොළඹ තරගාවලියකට මංචි ග්ලුකෝ ෆිට් සික්සස් පාසල් කි‍්‍රකට් තරග 10 දා සිට

ප‍්‍රින්ස් ගුණසේකර
වසර 25 කට පමණ පසුව ත‍්‍රස්තවාදී පීඩනයෙන් මිදෙන උතුරු නැගෙනහිර පළාත් දෙකේ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කොළඹ පැවැත්වෙන තරගාවලියකට සහභාගිවීම පාසල් කි‍්‍රකට් තරග ඉතිහාසයේ නව පරිච්ඡේදයකි.
කොළඹදී වාර්ෂිකව පැවැත්වෙන “මංචි ග්ලුකෝ ෆිට් සික්සස්” පාසල් කි‍්‍රකට් තරගාවලියට උතුරු නැගෙනහිරින් ඒකාබද්ධ පාසල් කි‍්‍රකට් කණ්ඩායම් මෙවර සහභාගිවීමට කැමැත්ත පළ කර ඇත.
ශ‍්‍රීී ලංකා ආරක්ෂක හමුදාව උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුකරමින් පවතින මානුෂික මෙහෙයුමෙන් සහනයට පත් පාසල් කී‍්‍රඩකයෝ කි‍්‍රකට් කී‍්‍රඩාව කෙරෙහි වේගයෙන් එක්වීම හරහා එම ප‍්‍රදේශවල කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳ විශාල උනන්දුවක්ද හටගෙන ඇත.
කෙසේ වූවද ඔක්තෝම්බර් 10 දා ආරම්භ වන මංචි ග්ලුකෝ ෆිට් සය සාමාජික පාසල් කි‍්‍රකට් තරගාවලියට උතුරු නැගෙනහිරින් ඒකාබද්ධ පාසල් කණ්ඩායම් කිහිපයක් එක්වීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි සිලෝන් බිස්කට් සමාගමේ අලෙවි ප‍්‍රවර්ධන කළමනාකරු ජානක බොතේජු මහතා දිනමිණට පැවැසීය.
මංචි ග්ලුකෝස් ෆිට් සික්සස් තරගාවලියට රටපුරා පාසල් කි‍්‍රකට් කණ්ඩායම් 36 ක් එක්වෙන අතර ඔක්තෝම්බර් 10, 11, හා 12 දිනවලදී බොරැල්ල කැම්බල් කී‍්‍රඩාංගනයේදී තරග පැවැත්වේ.
කොළඹ හා අවට ප‍්‍රධාන පෙළේ පාසල් කි‍්‍රකට් කණ්ඩායම් සමඟ යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල මඩකලපුව - අම්පාර දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල, මොනරාගල – බදුල්ල දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිල, ති‍්‍රකුණාමලය – කන්තලේ ඒකාබද්ධ පිල, අනුරාධපුර දිස්ති‍්‍රක් පිල, නුවරඑළිය-බණ්ඩාරවෙල ඒකාබද්ධපිල සහභාගිත්වය ස්ථිර කර ඇත.
යාපනය දිස්ති‍්‍රක් ඒකාබද්ධ පිලට තරගාවලියේ ප‍්‍රථම වටයේ නිතරග ජයක් හිමිවූ අතර එම කණ්ඩායම දෙවැනි දිනයේ තරගාවලියට එක්වේ.
මංචි ග්ලුකෝ ෆිට් සික්සස් සය සාමාජික කි‍්‍රකට් තරගාවලියට තර්ස්ටන්, ආනන්ද, නාලන්ද, රාජකීය, ශාන්ත තෝමස්, ඉසිපතන, ශාන්ත ජෝෂප්, ශාන්ත පීතර්, රාජකීය, වෙස්ලි, පානදුර රාජකීය, මාරිස්ටෙලා, රාගම බැසිලිකා, ද මැසිනොද්, ශාන්ත බෙනඩික්ට්, පන්නිපිටිය ධර්මපාල, ශාන්ත සෙබස්තියන්, ලුම්බිනි, සහිරා, ඩී. එස්. සේනානායක මොරටු විද්‍යාලය, කෑගල්ල ම.වි., මලියදේව, මාතලේ ශාන්ත තෝමස්, රිච්මන්ඩ්, ජෝෂප් වාස් සහභාගි වෙති.
මෙම තරගාවලියේ පසුගිය සූරතාව රාගම බැසිලිකා විද්‍යාලය දිනා ගත්තේය. මෙවර මංචි ග්ලුකෝ ෆිට් සූරතාව හා ආදි වෙස්ලි අනු සූරතාව ජයග‍්‍රාහකයන්ට ප‍්‍රදානය කෙරේ.
ග්ලුකෝ ෆිට් හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, පන්දු රකින්නා, ග්ලුකෝ ෆිට් වැඩිම හයේ පහර වාර්තා කරන කී‍්‍රඩකයා තරගාවලියේ වීරයා හා පිට පළාත් හොඳම පාසල් කණ්ඩායමට කුසලාන හිමිවේ.