Ministry of Defence - Sri Lanka (MOD)
Lankaenews
Sri Lanka News Updates at LankaNewspapers.com
රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය
Powered by Department of Government Information-Sri Lanka
Sri Lanka News - ColomboPage.com
Security News Feed - http://www.navy.lk
Wednesday, June 4, 2008
වැල්ලවත්ත ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක්
ලැබී ඇති තොරතුරුවලට අනුව පිපිරීම සිදුවී ඇත්තේ උදෑසන 7.10 ට පමණ වන අතර පිපිරීමෙන් සුළු තුවාල ලැබුවන් 18 දෙනෙකු මේ වන විට දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. තුවල කරුවන් 18 දෙනාගෙන් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 03 දෙනෙකු කාන්තාවන් වේ. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවත් තුවාල කරුවන් මේ වන විටත් ප්‍රතිකාර ලබා අවසන් බව රෝහල් ආරංචි මාර්ග වැඩ් දුරටත් සදහන් කරයි.
වැල්ලවත්තේ දුම්රිය මාර්ගයේ බෝම්බයක් පුපුරයි
වැල්ලවත්ත සහ දෙහිවල අතර වාසල පාර අසල දුම්රිය මාර්ගයේ අද(04) උදෑසන 7.10 ට පමණ බෝම්බයක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ. කොළඹ - පානදුර දුම්රිය ගමන් ගැනීමත් සමග දුම්රිය මාර්ගයේ මෙම පිපිරීම සිදුව ඇත. දුම්රියට හානියක් සිදුව නැති අතර දුම්රිය මාර්ගයට සුළු හානි සිදුව ඇත. මෙම පිපිරීමෙන් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇතැයිද වාර්තා වේ. රෝහලට ඇතුලත් කළ අය අතරින් තිදෙනෙකු කාන්තාවන් වේ.
මෙම බෝම්බය තැබූ තැනැත්තා ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඔහු අල්ලා ගැනීමට පොලීසිය කටයුතු කරම්න් සිටින බවද වාර්තා වේ.
Tuesday, June 3, 2008
ඉමදූව නගර සංවර්ධනයට රුපියල් ලක්ෂ 600ක්
ගංවතුරෙන් පුද්ගලයින් 82 000 ක් අවතැන් වේ.
Monday, June 2, 2008
රත්නපුර - කළුතර - ගම්පහ - මාතර - කොළඹ


නිවාස 35ක් පමණ සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ඇති අතර නිවාස දහස් ගණනක් ජලයට යටවී තිබේ.
කුඹුරු ඉඩම් අක්කර දහස් ගණනක් සහ එළවළු වගා මහ වැස්සෙන් විනාශ වී තිබේ.
ගංවතුර හේතුවෙන් වැඩිම අලාභයක් සහ ජනතාව අවතැන්වී සිටින්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ වන අතර, එහි පවුල් 3000ක් අවතැන් වී තිබෙන බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය කීය.
රත්නපුර, අගලපාත, අයගම, කලවාන හා කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ. කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, සාලින්දනුවර හා බදුරලිය ප‍්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර පවුල් 3600ක් අවතැන්වී සිටිති.
සාලින්දනුවර ප‍්‍රදේශය් ජනතාව ප‍්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු සේවාවක්ද රජය මගින් කි‍්‍රයාත්මක කැර ඇත. ගම්පහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ල හා ගම්පහ ප‍්‍රදේශය, කැලණිගඟ පිටාර ගැලීමෙන් දොම්පේ ප‍්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී තිබේ.
මේ අතර ඊයේ (101) දහවල් 11.00 වන විට කැලණි ගඟේ ජල මට්ටම අඩි 5යි අඟල් 7ක් දක්වා ඉහළ ගොස් තිබු අතර කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් තිබිණි.
කැලණිමුල්ල අඹතලේ සහ කොටුවිල ප‍්‍රදේශද යටවී තිබිණි. මාතර සහ ඇල්ල දිස්ති‍්‍රක්කයේත්, කෑගල්ල දිස්ති‍්‍රක්කයේත් ජල ගැලීම් සහ නායයෑමෙන් දැඩි හානි සිදුව තිබු අතර අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගය කැලණි ගඟේ ජලයෙන් යටවී ගමනා ගමනය නතර වී තිබිණි.
තල්දුව ප‍්‍රදේශයේ ගම් කීපයක්ද ගංවතුරට යට වී තිබිණි. අවතැන් වූ පවුල් සඳහා රජය කඩිනමින් සහන සැලසීමට කටයුතු යොදා තිබු අතර මේ සඳහා රුපියල් ලක්ෂ 120ක මුදලක් මේ වන විටත් ලබා දී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක එන්. ඩී. හෙට්ටිආරච්චි මහතා දිනමිණට කීය.
අවශ්‍යතාවය අනුව අවතැන්වූවනට තවත් සහන ලබාදීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය. වැඩිම පිරිසක් අවතැන් වී සිටින රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා පමණක් රුපියල් ලක්ෂ 100ක් ලබා දී ඇතැයි කී ඒ මහතා කළුතර හා ගම්පහ දිස්ති‍්‍රක්කවලට රුපියල් 10 බැගින් ලබා දී ඇති බවත් කීය.
අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි කී ඒ මහතා, මියගිය අයකු වෙනුවෙන් රුපියල් 15000/- බැගින් වන්දි ලබාදෙන බවත් පැවසීය.
Sunday, June 1, 2008
මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි
රනිල් මාධ්‍යයේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනකයි
මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි
- ඇමැති රාජිත සේනාරත්න
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනක බවත් මාධ්‍ය මර්දනයේ පියා එක්සත් ජාතික පක්ෂය බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පි විමල්සුරේන්ද්‍ර සහ ජනප‍්‍රිය රූපවාහිනි නිවේදක රිචඩ් ද සොයිසා යන මාධ්‍යවේදීන් අභිරහස් ලෙස ඝාතනය කෙරුණේ එ.ජා.ප. ආණ්ඩු සමයේ දී බැව් සිහිපත් කරන ඇමැතිවරයා, රනිල් වික‍්‍රමසිංහ මහතා එ.ජා.ප. ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටියදී අවස්ථා ගණනාවකදී ජනමාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දුන් බවත් ගයිරික පේරුසිංහ නිහාල් චන්ද්‍රකුමාර සහ ගාමිණී සිල්වා යන මාධ්‍යවේදීන් වික‍්‍රමසිංහ මහතා ගේ පහර දීමට ලක් වූ බවත් පෙන්වා දුන්නේ ය.
ඊට අමතරව සුනිල් මාධව පේර්මතිලක, යූනුස් වැනි මාධ්‍යවේදීන් දරුණු ප‍්‍රහාරයන්ට හා මරණීය තර්ජනවලට ලක් වූයේත් එ.ජා.ප. ආණ්ඩු සමයේදී ය.
එඩ්මන් රණසිංහ වැනි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් ගේ වාහනවලට අලාභ හානි සිදු කිරීම පමණක් නොව මෑතකදී කර්තෘ සංසදයේ සභාපති උපාලි තෙන්නකෝන් මහතාට ද වික‍්‍රමසිංහ මහතා බැණ වැදුණේ ය.
ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකුට දුරකථනයෙන් තර්ජනය කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, මෑතකදීත් දිගින් දිගටම පුවත්පත් කතුවරුන්ට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කළ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
එදා මෙන් නොව අද රාජ්‍ය නායකයාට එරෙහිව විවිධාකාරයේ විවේචන පළ කිරීමට ජනමාධ්‍යයට නිදහස තිබෙන බැව් පෙන්වා දුන් ඇමැතිවරයා, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ශාරීරික ප‍්‍රචණ්ඩත්වය හා වාචික තර්ජන සිදු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එජාපය ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු මුත් දැන් ඔවුන් ජනමාධ්‍යවේදීන් ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම ලෝකය හිනස්සවන විහිළුවක් බවත් සඳහන් කෙළේය.
වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!
ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම, පාවිච්චි කිරීම...
වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!
කේ.සී.ජේ.රත්නායක / සුමිත්‍ර ද සිල්වා
වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතය වහා ම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතා කිරීම, විකිණීම, බෙදාහැරීම, නිෂ්පාදනය කිරීම හා ආනයනය කිරීම ද තහනම් වෙයි.
අදාළ තහනම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට මේ වනවිටත් යොමු කොට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
දැනට වෙළෙඳපොළේ පවතින ප‍්‍රමිතියකින් තොර වොට් 75ට වඩා වැඩි විදුලි බුබුලු භාවිත කිරීම නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් වැඩි ධාරිතාවක් අපතේ යන බවත් සීඑෆ්එල් (ප‍්‍රතිදීප්ත) වැනි පලදායීතාවෙන් යුත් විදුලි බුබුලු භාවිතා කිරීමෙන් සියයට 80ක පමණ විදුලිබල ඉතිරියක් ඇති කැර ගත හැකි බවත් විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යෑම නිසා විදුලිබල නිෂ්පාදනයටද දැඩි අභියෝගයක් ඇති වී තිබෙන අතර ඒ තත්ත්වය හැකිතාක් අවම කැරගැනීම සඳහා විදුලිබලය කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ යුතුව තිබෙන බවත් විදුලිබල අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව මින් ඉදිරියට සියලුම විදුලි බුබුලු සඳහා තරු එකේ සිට පහ දක්වා ප‍්‍රමිතිකරණයක් හඳුන්වා දීමටත් ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු විදුලි බුබුලු ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ හා ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල වියයුතු යැයි ද විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.