විපක්‍ෂ නායක තනතුරේ වෙනසක් නොකර රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්කැර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා දැනට පක්‍ෂයේ සභාපති වරයාද වන රුක්මන් සේනානායක පක්‍ෂ නායකත්වයට පත්කරන ලෙස අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ද වන ලක්‍ෂමන් සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් මෙම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැකගන්නට ලැබී තිබේ.
අද (16) උදේ 10 ට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේදී රැස්වෙන බවත්, එයට සහභාගි වන ලෙසත් සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට ඊයේ (15) දුරකථනයෙන් දැනුම් දී තිබේ.
No comments:
Post a Comment