Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, November 28, 2008

ජවයෙන් එඩ්යෙන් ඉදිරියටම යන විරු දරුවෝ...











අත්අඩංගුවට ගත් කොටි කතකගේ තොරතුරු :විනාශකාරී කි‍්‍රයාවකට හලාවතට ගෙන ආ බෝම්බ ඇඳුම් 2ක් පරීක්ෂණයට

පුත්තලම සමූහඩබ්ලිව්. සී. බී. ප‍්‍රනාන්දු සහ මුන්නේශ්වරම සමූහ
මරාගෙන මැරෙන කොටි කාන්තාවක් යයි සැක කරන දමිළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති පුත්තලම දිසා පොලිස් බුද්ධි අංශය, ඇයගෙන් ලද තොරතුරකට අනුව හලාවත හෝ ඒ අවට ප‍්‍රදේශයක සඟවා ඇතැයි කියන මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් සොයා ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර ඇත.
අජිතා ප‍්‍රනාඩෝ යන නමින් හැඳීන්වෙන මුලතිව් පදිංචිකාරියක් වන 24 හැවිරිදි ඇය මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ සින්නපාඩුවේ පෙරියපාඩුව ගම්මානයේ දීය.
කොටි සංවිධානයේ “රේවතී” යන නමින් සන්නද්ධ අංශය ඇතුළු විවිධ කි‍්‍රයාකාරකම්වල යෙදී ඇති ඇය පසුව එම සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමට එක් වී ඇති බවත්, රන්ජන් නම් වූ කොටි ප‍්‍රධානියෙකුගේ නියමය පරිදි ඇය හලාවතට පැමිණීමට මුලතිව් වලින් පිටත්ව ඇත්තේ ඉකුත් 6 දා බවත් පොලිස් බුද්ධි අංශ ඇයගෙන් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිකර ගෙන ඇත.
හලාවතට පැමිණ හමුවිය යුතු අයෙකුගේ නමක් සහ ලිපිනයක්ද එම කොටි ප‍්‍රධානියා විසින් ඇයට ලබා දී ඇතත් එම ලිපිනයේ වෙනසක් නිසා නියමිත පුද්ගලයා සොයාගත නොහැකිවීමෙන් අතරමං වී ඇති ඇය පසුව සින්නපාඩුව පෙරියපාඩුවේ පදිංචි තම ඥාතියෙකුගේ නිවෙසට ගොස් තාවකාලිකව එහි නතර වී ඇත.
ලාවතදී ඇයට හමුවෙන ලෙස උපදෙස් ලැබී ඇති පුද්ගලයාද මුලතිව්හි පදිංචිකරුවෙකි.
එම පුද්ගලයා හලාවතට පැමිණීමෙන් පසු ඉස්ලාම් ධර්මය වැළඳගෙන මුස්ලිම් ජාතිකයකු මෙන් සිටින අයෙකු බවත් ඇයගෙන් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
රැඳවුම් නියෝග යටතේ ඇය රඳවා තබාගෙන මුන්දලම පොලීසියත්, පොලිස් බුද්ධි අංශයත් දිගින් දිගටම පරීක්ෂණ කරගෙන යයි.

හමුදා ප‍්‍රහාරයෙන් මුහුදු කොටි 5 ක් මරුට

වවුනියාව උතුර සමූහබන්දුල සෙනෙවිරත්න
මුලතිව් කුමුලමුණේ ප‍්‍රදේශයේදී ආරක්ෂක හමුදා පෙරේදා (26) කොටි ත‍්‍රස්තවාදීන් වෙත එල්ල කළ ප‍්‍රහාරයකදී මුහුද කොටි සාමාජිකයින් 5 දෙනකු මියගොස් ඔවුන් සතු අවි ආයුධ කිහිපයක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.
මළසිරුරු 5 සමග ටී. 56 ගිනි අවි 5 ක්, ගුවන් විදුලි පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක්, ජී. පී. එස්. උපකරණයක්, අරක්ෂක අංශ විසින් සොයාගෙන ඇති අතර මළසිරුරු කොටි කාන්තාවන්ගේ බවද ආරක්ෂක අංශ පවසයි.

පරන්තන් කොටි සන්නිවේදන මධ්‍යස්ථාන 2 ක් විනාශයි

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
පරන්තන් ප‍්‍රදේශයේ පිහිටි කොටින්ගේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථාන දෙකකට ගුවන් හමුදාව ඊයේ (27) සවස එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් එම මධ්‍යස්ථාන දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
බුද්ධි තොරතුරු අනුව ගුවන් හමුදාව ප‍්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් මෙම ප‍්‍රහාරය එල්ල කළ බව ගුවන් හමුදා ප‍්‍රකාශක වින්කමාන්ඩර් ජනක නානායක්කාර මහතා දිනමිණට ඊයේ (27) පැවැසීය.
ගුවන් හමුදාව මෙම ප‍්‍රහාරය එල්ල කැර ඇත්තේ ඊයේ (27) සවස 5.00 ට පමණය.
ගුවන් හමුදාව ඉකුත් සතියේද ත‍්‍රස්ත ඉලක්ක දෙකක් වෙත ප‍්‍රහාර එල්ල කළ අතර ඒවාද සාර්ථකව එල්ල කළ බව ගුවන් හමුදාව පැවැසීය.

අන්තර්ජාතික ක්ෂමා සංවිධානය පොල්පොට්ට සුබ පැතුවා-මහින්ද සමරසිංහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති

වන්නියේ ආහාර ප‍්‍රශ්න ආදිය ගැන ක්ෂමා සංවිධානයේ වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප‍්‍රතිචාරය කෙසේද? මුදානොගත් ප‍්‍රදේශවල ජනතාවත්, එම ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවටත් ආණ්ඩුවෙන් සැපැයෙන සහන කවරේද? අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ කතා අප තේරුම් ගත යුත්තේ කවර ආකාරයෙන් ද යන්න පිළිබඳව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය.
වන්නියේ ජීවත්වෙන ජනතාවට කිසිම ආධාරයක් ලබාදීමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයානොකරන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හෙවත් අන්තර්ජාතික ක්ෂමා සංවිධානය චෝදනා නගනවා. මානව හිමිකම් හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා විදියට ඔබටත් මේ චෝදනාවෙන් කොටසක් එල්ල වෙනවා නේද?
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ ප‍්‍රකාශය මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. කොටි සංවිධානයටත් යම් දෝෂාරෝපණයක් කරමින් ඔවුන් මේ උත්සාහ කරන්නේ වන්නියේ තියෙන තත්ත්වය ගැන යම් විකෘති කාරණයක් ලොවට ඉදිරිපත් කරලා රජයට චෝදනා කරන්නයි.
මේ වගේ ප‍්‍රකාශයක් අපක්ෂපාතිව කරන්න ක්ෂමා සංවිධානයට අවංක වුවමනාවක් තිබුණා නම් අපෙන් මේ ගැන විමසන්න තිබුණා. මගේ අමාත්‍යාංශයට හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ රජයේ වගකිවයුතු තැනකට කතා කරලා මේ ගැන විමසුවා නම් අපට නියම තත්ත්වය පැහැදිලි කරලා දෙන්න තිබුණා. ලෝකයට වගකියන ජාත්‍යන්තර සංවිධාන වැඩ කරන්නේ එහෙමයි.
කොහොමින් හරි ඒ නිවේදනයේ අඩංගු කරුණු ගැන ඔබගේ අවධානය යොමුවුණාද?
ඒ නිවේදනයේ තියෙන කරුණු බොහොමයක් සත්‍යයෙන් තොරයි. වන්නියේ අවතැන් වූවන් ලක්ෂ 3 ක් ඉන්න බව වාර්තාව කියනවා. මුළු වන්නියේම ජනගහනයවත් ලක්ෂ 2 කට වඩා නැහැ කියලා අපි දන්නවා.
වන්නියේ වැඩ කරපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් වගේම ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයනුත් මේ සංඛ්‍යාලේඛන ගැන ඉතා හොඳින් දන්නවා.
ඒ සංඛ්‍යාලේඛන ඔවුන් නිල වශයෙන් පිළිඅරගෙනත් තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ සොයා බලන ආයතනයත් එකතු කරගෙනයි, අපි සංඛ්‍යා ලේඛන නිකුත් කරන්නේ.
ඒක නිසා රජය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන නිවැරැදියි එවගේම ඒවා පිළිගැනීමට ජාත්‍යන්තර සංවිධාන බැඳී සිටිනවා.
ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් ආණ්ඩුවට මඩ ගහන්නේ කාගේ හරි න්‍යාය පත‍්‍රයකට යටවෙලා ඔවුන්ගේ ලණුකාලා තමයි.
අවතැන් වූ ජනතාවට ආහාරපාන ලබාදීමට කි‍්‍රයාකරලා නැහැ. ඔවුන්ට වාසය කිරීම සඳහා තාවකාලික වාසස්ථාන (කූූඩාරම්, ටකරන්) වැනි දේවල් දීලා නැහැ කියලත් කියනවා නේද?
මමත් කියන්නම් එම ජනතාවට සෞඛ්‍ය පහසුකම් නැහැ. ආහාර යවන්නෙත් නැහැ කියලත් චෝදනා තියෙනවා. ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් නිකරුණේ චෝදනා කරන්නේ කිසිදු වගකීමකින් තොරවයි.
ඒ අය නියම ආකාරයෙන් සොයා බැලුවා නම් නියම සංඛ්‍යා ලේඛන ඒ අයට ලැබෙනවානේ. වන්නියට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්, ලෝක ආහාර සංවිධානයෙන් වාහන බඩු අරගෙන හය ගමනක් ගියා.
ගිය වාහන සංඛ්‍යාව 300 කට වැඩියි. ඊට අමතරව දිසාපති කාර්යාලයේ වාහන වගේම ආධාර ලබාදෙන වෙනත් සංවිධානවලින් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය යවලා තියෙනවා.
රජයෙනුත් විශාල වශයෙන් ආධාර ලබා දී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පමණක් මෙටි‍්‍රක් ටොන් 2500 කට වඩා ආහාර ඇතුළු ආධාර වන්නියට මේ වනවිට යවලා තියෙනවා.
ඊට අමතරව හැමදාමත් වාණිජ අංශවලිනුත් ආහාර නොවන අත්‍යවශ්‍ය භාණ්ඩත් යවලා තියෙනවා. දිසාපතිවරුන් මාර්ගයෙන් හිඟයක් ඇති නොවන ආකාරයට ආහාර ගබඩා කිරීමටත් පියවර ගත්තා.
ක්ෂමා වාර්තාවේ මේවා ගැන කිසිම සඳහනක් නැහැ. මෙතන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. ජනතාවට කන්න නැහැ. බොන්න නැහැ ඔවුන් මැරෙනවා කියලා බොරු ප‍්‍රචාර ගෙන යන ක්ෂමා සංවිධානය ගැන අපිත් කනගාටු වෙනවා.
වන්නිය අරාජික වෙලා. ඒ ගැන ශ‍්‍රී ලංකා රජය කිසිම අවධානයක් යොමුකරලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයයි කියන එකයි ක්ෂමා සංවිධානය ඔය නොකියා කියන්නේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ මේ ප‍්‍රකාශය තරයේ හෙළා දකිමින් දැනටමත් අපි නිවේදනයක් නිකුත් කරලා අවසන්.
මේ ගෙන යන බොරු ප‍්‍රචාර බොරුනම් ඒ සම්බන්ධයෙන් ජගත් ප‍්‍රජාව දැනුවත් කිරීමේ යම්කිසි වැඩපිළිවෙළක් ගැන ආණ්ඩුවේ අවධානය යොමුවෙලා නැද්ද?
මගේ ප‍්‍රධානත්වයෙන් මාසෙකට සැරයක් රැස්වෙන මානුෂීය ආධාර ලබාදීමේ සම්බන්ධීකාරක රැස්වීමේදී මම මේ ගැන දීර්ඝ වශයෙන් කතා කළා. ආරක්ෂක අමාත්‍යංශයේ සම්බන්ධීකරණයෙන් තමයි මේ මානුෂික ආධාර ලබාදෙන්නේ.
ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරින්, විවිධ රටවල තානාපතිවරුන් සහ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් මේ රැස්වීමට සහභාගි වෙලා හිටියා. මේ සියලුදෙනා ඉදිරිපිටදී ක්ෂමා සංවිධානයේ නිවේදනය ගැන රජයේ ස්ථාවරය අපි පැහැදිලි කළා.
ක්ෂමා සංවිධානයේ නිවේදනය ගැන රජයේ ස්ථාවරය ප‍්‍රකාශ කළ විට එම ජගත් නියෝජිතවරුන්ගෙන් හා තානාපතිවරුන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර මොනවාද?
එම අන්තර්ජාතික නියෝජිතයන් හා තානාපතිවරුන් කිව්වේ ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිගන්නවා කියලයි. වන්නියේ ආහාර හිඟයක් නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිතයන් කිව්වා.
මීට දින කිහිපයකට කලින් එක්සත් ජාතීන්ගේ නිලධාරින් වන්නියට ගිහිල්ලා සකස් කළ වාර්තාව කිව්වේත් වන්නියේ ආහාර හිඟයක් නැහැ. ප‍්‍රමාණවත් ආකාරයෙන් ජනතාවට ආහාර ලැබෙනවා කියලයි.
ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බෙහෙත් වර්ග විශාල ප‍්‍රමාණයක් වන්නියට යවා තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිඅරන් තියෙනවා. සෙවිලි තහඩුවල යම් අඩුවක් තියෙන්න පුළුවන් නිසා ඒවා වැඩිපුර අවශ්‍ය බව එක්සත් ජාතින්ගේ නියෝජිතයන් දන්වා තියෙනවා.
ඒ ගැන රජයේ අවධානය යොමුවී තිබෙන අතර ඊට විකල්පයක් වශයෙන් පොල් අතු යැවීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. අපේ සංස්කෘතියටත් හුඟක් සමීප පොල් අතු වගේ දේවල් ඇඟටත් සනීපයි. ඒකට අවතැන් වී සිටින ජනතාවත් කැමැතියි.
ක්ෂමා සංවිධානය මේ ආකාරයෙන් කි‍්‍රයාකරනවා නම් ඒක ඉතා බරපතළ තත්ත්වයක්. මෙවැනි දෙයක් කරන්න ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට තිබෙන වුවමනාව මොකද්ද?
මම මෙහෙම ප‍්‍රශ්නයක් අහන්නම්. අද වෙනකොට අමෙරිකාව ඉරාකයට ගිහිල්ලා අවුරුදු ගණනක්. ඒ පැමිණීම ගැන අමෙරිකාව නොයෙක් නොයෙක් තර්ක ඉදිරිපත් කරනවා.
එහෙත් ඇත්තටම අමෙරිකාව ඉරාකයට ගියේ මොකටද කියන එකට තවම නියම උත්තර හොයාගන්න බැහැ. රුසියාව ඇෆ්ගනිස්ථානයෙන් පන්නලා දාලා අමෙරිකාව, බි‍්‍රතාන්‍ය වැනි රටවල් ඇෆ්ගනිස්ථානයට ආවා.
ඒ රටවල් ඇෆ්ගනිස්ථානයට ආවේ ඇයි කියන ප‍්‍රශ්නයටත් අද වෙනතුරු උත්තර හොයාගන්න බැහැ. තවමත් උත්තර හොයාගන්න බැරිවුණු ලොකු ලොකු වැඩසටහන්වලට ලෝක බලවතුන් යම් යම් ආකාරවලින් සම්බන්ධයි.
අපි වගේ පුංචි රටවල් බලවත් රටවල් ඒ වැඩසටහන්වලට සමහර අවස්ථාවල සම්බන්ධ කරගන්නවා. ඒවාට විවිධ න්‍යායපත‍්‍ර තියෙනවා.
ක්ෂමා සංවිධානය කියන්නේ වසර ගණනාවක් මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තරව කටයුතු කරන සංවිධානයක්. සමහර අවස්ථාවලදී එම සංවිධානය ගත්තු තීරණ නිවැරැදි අතර සමහර අවස්ථාවලදී ගත්තු තීරණ වැරැදියි.
හාවඩ් විශ්වවිද්‍යාලයේ එක්තරා කණ්ඩායමක් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ගැන සමීක්ෂණයක් කළා. පොල්පොට් කාම්බෝජයේ පාලන බලය ගත්ත වෙලාවේ ක්ෂමා සංවිධානය ඔහුට සුබ පතලා විදුලි පණිවිඩයක් එවලා තියෙන බව ඒ සමීක්ෂණයෙන් හෙළිවුණා.
පස්සේ පොල්පොට් දැඩි ඒකාධිපතියෙකු වෙලා කාම්භෝජයේ ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළා. පොල්පොට් හොඳ පාලකයෙක් කියලා අද කවුරුවත් කියන්නේ නැහැනේ.
ඔහු වගේ කෙනෙකුට සුබ පැතීම ගැන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද මොනවාද? කියන්නේ කියලත් බොහෝදෙනෙක් දැනගන්න කැමැතියි.
ජනාධිපතිතුමාගේ විදේශ ප‍්‍රතිපත්තිවල රටට වාසිදායක කරුණු රැසක් තිබෙන බව ඔබ කිව්වා. මේ තත්ත්වය ඉදිරි කටයුතුවලට කොහොම බලපායිද?
අපි යන මාර්ගය තේරුම් අරගෙන අපට සහායදෙන රටවල් රැසක්ම මානව හිමිකම් කවුන්සිලයේ ඉන්න බව යුරෝපා සංගමයත් දන්නවා.
සාක් කලාපයේ සභාපතිතුමා හැටියට අපේ ජනාධිපතිතුමාට සුවිශේෂි ස්ථානයක් හිමිවෙලා තියෙනවා.
සාක් කලාපය රටවල් සමඟ පෙරටත් වඩා සමීප සබඳතාවක් ගොඩනංවා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. චීනය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, බටහිර රටවල්, යුරෝපා රටවල් සමඟ අපි දැඩි මිත‍්‍රත්වයකින් කටයුතු කරනවා. තමිල්නාඩුව කළ බලපෑම් ඉන්දීය මධ්‍යම රජය එතරම් ගණන් ගන්නේ නැහැ.
ඒක ඉදිරියටත් එහෙමයි. ඒකට හේතුව ජනාධිපතිතුමාත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහත්තයත් ඉන්දියාවට ගිහිල්ලා වන්නියේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ලබාදුන් නිසයි.
ඒ කරුණු ඉන්දීය අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන් මෝහං සිං මහතාත් පිළිගත්තා. ත‍්‍රස්තවාදය පරාජය කරන ගමන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්නට ගෙන ඇති පියවර ගැන ඉතා හොඳින් ඉන්දියාව දැනුවත් කිරීමටත් රජය පියවර ගත්තා.
ඒ දැනුවත් කිරීම් ගැන ඉන්දියාව සෑහීමකට පත්වෙලා තියෙනවා. ප‍්‍රභාකරන් ශ‍්‍රී ලංකාවේ නායකයින් වගේම ඉන්දියාවේ නායකයනුත් රැවැට්ටුවා. ඝාතනය කළා.
ඒක නිසා පෙර කළ වැරැදි කරන්න ඉන්දියාව කටයුතු නොකරන බව හොඳටම විශ්වාසයි.
මේ කරුණු හොඳින් ගෙන ලෝකයත් සමඟ සහයෝගයෙන් වැඩකරන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැනි නායකයෙකු අපට සිටීම ගැන ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලුදෙනාම ආඩම්බර විය යුතුයි.
සාකච්ඡා කෙළේ,ඩබ්ලිව්.කේ. ප‍්‍රසාද් මංජු

ආගම පෝෂණය කරන්නට ඕනෑ ම රජය බැඳී සිටිනවා. -ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන මහතා (එ.ජා.ප.)

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
ගම පොහොසත් කර නගරයට ඇදී එන ජනගහනය සීමා කරමින් නාගරික ජනාවාස ප‍්‍රශ්නයට මුහුණ දීමට රජය සැලසුම් සකස් කොට ඇතැයි නාගරික හා පූජාභූමි සංවර්ධන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවැසීය.
මේ වන විට සියයට 30ක් පමණ වන නාගරික ජනගහනය වර්ෂ 2015 වනවිට සියයට 50 දක්වා ඉහළ යනු ඇතැයි ද පැවසූ ඇමැතිවරයා මේ නාගරීකරණ ප‍්‍රශ්නයට මුහුණ දීමට දැන් සිට ම සූදානම් විය යුතු බව ද කීවේ ය. අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසී ය.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (27) පෙරවරු 9.30ට රැස්විය.
නිවේදන ඉදිරිපත් කිරීමෙන් හා වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසු වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසා තිබූ ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබා දුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (2009 අයවැය ) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිම්න්තුව කාරක සභාව වශයෙන් රැස්විය. නාගරික හා පූජාභූමි සංවර්ධන , නිවාස හා පොදු පහසුකම් , ජල සම්පාදන හා ජලපවාහන යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාද ඊයේ (27) පැවැත්විණි. මෙම වැය ශිර්ෂවලින් රුපියල් 10ක් කපා හැරීමට යෝජනා කරමින් කතා කළ
හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සජිත් පෙ‍්‍ර්මදාස මහතා (එ.ජා.ප) - නිවාස ඉදි කිරීමේ ඇති වැදගත්කම අපි හැම දෙනා ම තේරුම් ගත යුතුයි. ආහාර ඇඳුම් සහ නිවාස කියන්නේ ජනතාවට අත්‍යවශ්‍ය දේවල්.
නිවාස හා පොදු පහසුකම් ඇමතිනි ෆේරියල් අෂ්රොෆ් මහත්මිය - අපේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රටේ නිවාස ප‍්‍රශ්නයට විසැඳුම් සෙවීමේ වැඩ කටයුත්ත ඉදිරියට ගෙන යනවා. ඉදිරියේදී අපි අඩු පොලියට නිවාස ණය ලබා දෙනවා. පසුගිය වසරක කාලය තුළ මේ අංශය දියුණු කිරීමට විශාල වැඩ කොටසක් සිදු කළා.
රේණුකා හේරත් මහත්මිය - පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා ආර්ථික වශයෙන් ඉතා දුෂ්කර පවුල්වලට ලබා දුන් නිවාස ණය කපා හැරියා.
(රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.)
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා. (ජ.වි.පෙ) - ඇමැතිවරුන් හය දෙනකුට අදාළ වැය ශිර්ෂ ලෙස අද විවාද කරනවා. මේ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවලට විදේශ ණය විශාල ප‍්‍රමාණයක් ලැබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා - ඔබතුමා වැරැදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නේ. තොරතුරු දුන්න කෙනාගෙන් නිවැරැදි ව ලබාගන්න. මන්ති‍්‍ර වරප‍්‍රසාදවලට මුවා වී වැරැදි ;තාරතුරු ඉදිරිපත් කරන්න එපා.
නිපුණආරච්චි මහතා - මා ඉදිරිපත් කරන තොරතුරු වැරැදි නම් නිවැරැදි තොරතුරු ඔබතුමා ඉදිරිපත් කරන්න.
නාගරික සංවර්ධන ඇමැති රෝහණ කුමාර දිසානායක මහතා - ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා ඉදිරිපත් කළ බොහෝ කරුණු අසත්‍ය නිසා මම උත්තර දෙන්න යන්නේ නෑ. මැදකොළඹ ආසනයේ (එකසිය එකොළහ) 111 වත්තට අප ළඟදී ගියා. අතීතයට වඩා අද ජනගහණය වැඩියි. ජනතාව ගේ අවශ්‍යතාවන් වැඩියි.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කේ. පද්මනාදන් මහතා (දෙ.ජා.සං.) -කල්මුණේ නගරය සංවර්ධනයට වාර්තා සකසන විට දෙපාර්ශවයේම උපදෙස් ලබාගන්නැයි ඉල්ලනවා. කලක් නිවාස සංවර්ධන අමාත්‍යංශය රජයක කොඳුනාරටිය වශයෙන් තිබුණා. දැන් එහෙම නැහැ.
ජල සම්පාදන හා ජලාපවහන ඇමැති මහින්ද අමරවීර මහතා - ජලය අසීමිත සම්පතක් යැයි අතීතයේ බොහෝ දෙනා කීවා. නමුත් අද එය සීමිත සම්පතක් වී ඇති අතර ඉල්ලුම වැඩි වී තිබෙනවා. ලොව භූමියෙන් තුනෙන් දෙකක් ජලය වුවත් පානය කළහැක්කේ එයින් දශම 001ක් වැනි ප‍්‍රමාණයක්. අපේ ජලය සංරක්‍ෂණය කළ හොත් ඉන්ධනවලින් ලැබෙනවාට වඩා වැඩි විදේශ විනිමයක් හොයා ගත හැකියි. ජලාශ හා ජල මූලාශ‍්‍ර සංරක්‍ෂණය කළ යුතුයි. ජලය අපවිත‍්‍ර නොකළ යුතුයි. පිරිසිදු ළිදකින් ජලය පානය කරන අයට ජලය ලබාදීම නොව අපිරිසුදු ජලය පාලනය කරන අයට පිරිසුදු පානීය ජලය ලබා දීම අපේ අරමුණයි.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේ ය.)
අමරවීර මහතා - බොහෝ දෙනා අපිරිසුදු ජලය පාවිච්චියෙන් ලෙඩ වෙනවා.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සාෆික් රාජාබ්දීන් (එ.ජා.ප) - ඇමැතිනියට අප සුබ පතනවා.
ෆේරියල් අෂ්රොප් මහත්මිය - සුළු නඩත්තු කිරීම් එහි ජනතාවට පවරා තිබෙනවා. ඒ නඩත්තු සිදුකර ගන්නැයි ඔවුන්ට කියන්න.
ජාතිය ගොඩනැඟීමේ ඇමැති ගුණරත්න වීරකෝන් මහතා - දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සිටිය දී සුනාමියෙන් විනාශ වූ ප‍්‍රදේශවලට පානීය ජලය සැපයීම යටතේ කොස්ගොඩ සිට අම්බලන්ගොඩ හික්කඩුව දක්වා පවුල් 34000කට පැය විසිහතරේම ජලය දුන්නා.
රත්නපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අචල ජාගොඩ මහතා (ජා.නි. පෙ) - සමහර ජල ව්‍යාපෘති සඳහා මුදල් වෙන්වී සෑහෙන කලක් ගතවුණත් කි‍්‍රයාත්මක නැහැ. නාගරික සංවර්ධන අධිකාරියට හෙට රට ගොඩ නැගීමේ විශාල වැඩ පැවැරී තිබෙනවා.
පූජ්‍ය උඩවත්තේ නන්ද හිමියෝ මූලාසනයට පැමිණියහ. මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අබ්දුල් කාදර් මහතා (එ.ජා.ප) - පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා නිවාස සංවර්ධන අංශයට කළ වැඩ කටයුතු ඉදිරියට ගෙන යෑමට ඉන් පසු පැමිණි රජයන් අසමත් වුණා.
මාර්ගස්ථ මගී ප‍්‍රවාහන ඇමැති ලසන්ත අලගියවන්න මහතා - අපේ රටේ ඉතා වැදගත් කාර්ය භාරයක් මේ අමාත්‍යංශ තුන මඟින් සිදු වනවා. පසුගිය වසරේ ප‍්‍රධාන නගර 3ක් සංවර්ධනය කිරීමේ කටයුතු ඇරැඹුවා. මේ යටතේ කඩවත නගරය අපේ රටේ දෙවැනි අගනගරය බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
වන්නි දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. සිරිල් මහතා (දෙ.ජ.ස) - සංවර්ධනය කියන සංකල්පය අපේ ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වන්නේ නෑ.
ජල සම්පාදන හා ජලපවහන ඇමැති ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා - මේ රටේ සියලු දෙනාට ම පිරිසිදු පානීය ජලය සම්පාදනය කිරීමට අප කටයුතු කරගෙන යනවා. ජනාධිපතිවරයා මේ අමාත්‍යංශය පිහිටවූයේ ජනතාව ගේ මේ අවශ්‍යතාව ඉටු කිරීමටයි.
අද ලෝකයේ දැවැන්ත අර්ථික අර්බුදක් ඇති වී තිබෙනවා. සියලු භාණ්ඩ හා සේවා ගාස්තු වැඩි වී තිබෙනවා. එහෙත් අපි මේ රටේ ජල ගාස්තු සතයක්වත් වැඩි කෙළේ නැහැ.
ජනතාවගේ පිට වැඩි බරක් නොදමන්නැයි ජනාධිපතිවරයා අපගෙන් ඉල්ලීමක් කළා. පසුගිය ආණ්ඩු කාලයේදී අවස්ථා කිහිපයක දී ජල ගාස්තු වැඩි කළා. එහෙත් අපි එසේ කෙළේ නැහැ.
නව ජල සම්පාදන ව්‍යාපෘති රැසක් පසුගිය වසරේ කි‍්‍රයාත්මක කළා. ලබුගම - කලටුවාව ජල සම්පාදන ව්‍යාපෘතිය සංවර්ධනය කළා. ජල ඒකකයකට අපිට රුපියල් 34ක් පමණ වැය වෙනවා.
එහෙත් අපි දෙන්නේ රුපියල් 22කටයි. පිරිසිදු ජලය ලීටරයක් බෝතලයක් රුපියල් 40ක් පමණ වෙනවා.
නිවාස හා පොදු පහසුකම් ඇමැති ගීතාංජන ගුණර්ධන මහතා - රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා නිවාස දස ලක්‍ෂයේ වැඩසටහන සම්පූර්ණ කළ බව ඇඟවීමට සජිත් පෙ‍්‍ර්මදාස මහතා උත්සාහ කළා. එහෙත් අප මේ සංඛ්‍යාලේඛන පරීක්‍ෂා කළ පසු පෙනී ගියේ නිවාස 7,18024ක් පමණක් මේ වැඩපිළිවෙල යටතේ ඉඳි කර ඇති බවයි. ඔහුට වැරැදි සංඛ්‍යා ලේඛන ලබා දී ඇති බවක් තමයි පෙනී යන්නේ. පසුගිය කාල සීමාවේ අපි නිවාස 450000ක් පමණ ඉදි කළා.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජයලත් ජයවර්ධන මහතා (එ.ජා.ප.) - ආගම පෝෂණය කරන්නට ඕනෑ ම රජය බැඳී සිටිනවා. ඒ නිසා සෑම කෙනෙකුගේ ම ගෞරවයට පාත‍්‍ර වූ සිරිපාදය පූජා නගරයක් බවට පත්කර අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන්න.
නාගරික සංවර්ධන හා පූජා භූමි ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා - අපේ ජනගහනයෙන් 30% ක් නාගරික ප‍්‍රදේශවල ජීවත්වෙනවා. 2015 වනවිට මෙය 50% දක්වා වැඩි වේවා. මහින්ද චින්තනය මඟින් ද ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා.
නාගරික ව සිදුවන ඉදිරි සැලසුම් මත රටක සංවර්ධනය සිදුවෙනවා. නැඟෙනහිර පළාතේ හා යාපනයේ තෝරාගත් ප‍්‍රදේශ ගණනාවක් සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.
ගම පොහොසත් කර නගරයට එන ජනගහණය සීමාකර නාගරික ජනාවාස ප‍්‍රශ්නය විසඳනවා.
ජෝශප් මයිකල් පෙරේරා මහතා - වේලාව පසුවී තිබෙනවා. හවස්වරුව මොකද කරන්නේ. ඒකට වෙලාව වෙන්කර ගන්නේ කොහොමද?
දිනේෂ් ගුණවර්ධන මහතා - මුල්ම වැරැද්ද කෙළේ පේ‍්‍රමදාස මහතා, විපක්ෂයේ කථිකයා වැඩි වෙලාවක් ගත්තා. පේ‍්‍රමදාස මහතා ගේ හොඳ දේවල් සහ කතාව රසවත් නිසා කවුරුත් කතාවට බාධා කෙළේ නෑ.
මර්වින් සිල්වා මහතා - අපේ ප‍්‍රධාන සංවිධායකතුමාට කවුද බාධා කරන්නේ.
දිනේෂ් ගුණවර්ධන මහතා - හම්බන්තොට නගරය විසල් ලෙස දියුණු වෙනවා. ගුවන්තොටුපොළ, වරාය, විසල් නගරය, දුම්රියපොළ මේ ආකාරයට සංවර්ධනය වෙනවා. මේවා නොදැක චෝදනා කරන්න එපා. හම්බන්තොට නව නගර වැඩ කටයුතු ඉදිරි වසරේ දී අවසන් වෙනවා.
කොළඹ නගරයෙන් ජයවර්ධනපුර නගරයට සියලු ම රජයේ පරිපාලන කටයුතුª ගෙන එනවා. ඇමැතිවරයා ලෙස අවබෝධයෙන් යුතුවයි මම කටයුතු කරන්නේ.
වැය ශීර්ෂ සම්මත විය.
ජනතාව එක මතයකට, එක තැනකට කවුරුන් හෝ ගෙන ආ යුතුයි
ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා
ත‍්‍රස්තවාදයට එරෙහි අරගලය හැමදාම පසුපසට ගියේ පවත්නා ආණ්ඩු ගන්නා මත එයට එක්කිරීමට නොයාම නිසයි. එක් එක් මාධ්‍ය නොයෙක් දෘෂ්ටි කෝණයෙන් බැලුවා. එහෙත් අද ඒ පිළිබඳව මාධ්‍යය එක් තැනකට මතයකට ගේන්න හැකිවුණා. අද කිලිනොච්චිය ආසන්නයටම ආරක්ෂක හමුදා පැමිණ තිබෙනවා. ඉන්දියාවේ සිදුවු දේ දුටුවාද? රජයක් හෝ කවුරුන් හෝ ජනතාව එක තැනකට මතයකට ගෙනා යුතුයැයි තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා (එ.ජා.ප.) - අමාත්‍යංශයේ මූලධන වියදම්වලින් රුපියල් 10 ක මුදලක් කපා හැරීමට යෝජනා කරනවා. රාජ්‍ය මාධ්‍ය චේතිය රජු ගේ පාලන කාලයේ දී කි‍්‍රයා කළ ආකාරයටයි කටයුතු කරන්නේ.
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා මූලාසනයට පැමිණියේය.)
කරුණාතිලක මහතා - බලයට ඒමට පෙර ජනතාවට සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන කතා කරන අයට බලයට පත් වුණාට පසු මේ බව අමතක වෙනවා.
මර්වින් සිල්වා මහතා - මේ හැම දෙයක්ම තමුන්නාන්සේලාගේ කාලයේ දී සිදුවුණා.
කරුණාතිලක මහතා - විද්‍යුත් මාධ්‍යයන්ට එරෙහිව ගෙන ආ නව රෙගුලාසි කොහොමද? මාධ්‍ය සංවිධාන 11 ක් මේවාට එරෙහි ව උසාවි ගොස් තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය නිර්දේශ පාලනීකරණය කරන බව මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වුණා.
මාධ්‍යවේදීන් සඳහා සමාජ ආරක්ෂණ ප‍්‍රතිලාභ ක‍්‍රමයක් යෝජනා වී තිබෙනවා. මේ සඳහා මාධ්‍යවේදීන්ගෙන් යම් දායක මුදලක් අය කිරීමට යනවා. මේ මාධ්‍යවේදීන් ගේ දායක විශ‍්‍රාම වැටුප සම්බන්ධයෙන් පවතින ප‍්‍රශ්නය විසඳන්න.
එදා පොදු සේවාවන් රැසක් සිදුකළ ලේක්හවුස් ආයතනයේ අද එම පොදු සේවාවන් සිදුවන්නේ නැහැ. සේවකයන් 700 ක් ස්වේච්ඡාවෙන් විශ‍්‍රාම යැවීමට කි‍්‍රයා කළා. ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා නිර්මාණශීලී මාධ්‍යවේදියෙක්. ස්වර්ණවාහිනියේ ‘මුල් පිටුව’ නිර්මාණශීලී පුවත්පත් සිරස්තල වැඩසටහන ඇරැඹුවේ ඔහු. මේ නිර්මාණශීලී මාධ්‍යවේදියාම තමයි අද ලේක්හවුස් මුල්පුටුව හොබවන්නේ.
ස්වාධීන රූපවාහිනිය සහ ලක්හඬ රජයේ හොරණෑව බවට පත්වෙලා. විපක්ෂය සම්පූර්ණයෙන් කපලා දාලා. ස්වාධීන රූපවාහිනිය නමට පමණයි ස්වාධීන.
ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - ගයන්ත කරුණාතිලක මන්තී‍්‍රවරයාගේ විවේචන හා ප‍්‍රකාශ අප හොඳින් සවන් දුන්නා. මුද්‍රණ සංස්ථාව මෙතෙක් කිසි ම දේශපාලන පෝස්ටරයක් ගහලා නැහැ. අධ්‍යාපනයට කලට වෙලාවට පෙළපොත් මුද්‍රණය කර දෙන ආයතනයක් බවට පත්වී තිබෙනවා.
හමුදා ආරක්ෂක නීතිරීතිවලට මාධ්‍ය පාලනය හසුවෙලා යැයි ඔහු කීවා. එදා ඉමිතියාස් බාකිර්මාකර් මාධ්‍ය ඇමැතිවරයාටත් මාධ්‍ය නිදහස තිබුණාද කියා ඔහුගෙන් අහන්න.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මාධ්‍ය නිදහස එකම කාසියක දෙපැත්ත වගෙයි. රටේ දශක තුනක් තිස්සේ යුද්ධයක් තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් තිබෙනවා. ලොව දරුණුම ත‍්‍රස්තවාදීන්ට අප මුහුණ දෙනවා. එවැනි අවස්ථාවක ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස රැක ගැනීමට සිදුවෙනවා විය හැකියි. ප‍්‍රශ්න ඇති වූ අය අතරින් මාධ්‍යවේදීන් 14 දෙනෙක් පමණයි පැමිණිලිකර තිබෙන්නේ. සමහරුන්ට සාක්කි දෙන්න කවුරුත් නැහැ. ජංගම දුරකථන තර්ජන ගැන එම දුරකථන කුලුනු මඟින් හොයනවා. නිවාස දුරකථනවලට තිබූ තර්ජන ගැනත් හොයනවා.
ජනාධිපතිවරයා ගේ පවුලට, සහෝදරයන් ගැන පිටු ගණන් ලියන්න අද නිදහස තිබෙනවා. මේවාගේ වකවානුවක අප රජයක් හැටියට කි‍්‍රයා කළා.
ලක්හඬ හා ස්වාධීන රූපවාහිනිය මිලියන 875 ක ආදායමක් ලබා තිබෙනවා. සභාපතිවරයා රාතී‍්‍ර දහය වනතුරු ආයතනයේ ඉන්නවා. ඔහු ආයතනය දියුණුවට පත්කළ හැටි බලන්න. මහජනතාව රටේ ආයතන ප‍්‍රතික්ෂේප කර තිබෙනවාද බලන්න. මෙහි ප‍්‍රවෘත්ති රේට්න්ජස් අතර පළමු තැනට පත්වෙලා. ඒ වගේම නාට්‍ය පළමු තැන අරගත්තා. සියයට 34 නරඹන බවට වාර්තා තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය ළඟදීම දෙමළ රූපවාහිනි නාලිකාවක් පටන් ගන්නවා.
විධ රජයන් යටතේ සේවකයන් බඳවා ගත්තා. මේ ආයතනයේ උවමනාවට වඩා සේවකයන් ඉන්නවා. අයින් කරන්න බැහැ. ප‍්‍රතිව්‍යුහගත කිරීමේදී සේවකයන් අයින් නොකර සන්තෝෂයෙන් යැවීමට ක‍්‍රම හදන්න ඕනෑ. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නොගෙන කටයුතු කිරීමට ලේක්හවුසියට පුළුවන් වුණා.
ගයන්ත මන්තී‍්‍රතුමා කියූ ආකාරයට කන්ටේනර් වලින් පාඩු වී නැහැ. මේ තොරතුරු දෙන්නෙ සමහර වෘත්තීය සමිතියි. සමහර වෘත්තීය සමිති, සභාපතිතුමා ටිකක් තදින් හිටියාම බලන්නෙ පාර්ලිමේන්තුවට කියන්නයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - ජනතාවට ඇත්ත දැනගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීමටයි මාධ්‍යය තිබෙන්නෙ. මාධ්‍යවේදීන්ට තමන් දකින දේ ලිවීමට කීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම මාධ්‍ය නිදහසයි.
අනුර යාපා මහතා - ඔබ කියන කරුණ සත්‍ය නෙවෙයි. අදාළ ලියකියවිලි නොමැති වීම නිසා යම් ගැටලුවක් තිබෙනවා.
හඳුන්නෙත්ති මහතා - ජාතික රූපවාහිනිය කියන්නේ රටට තොරතුරු හෙළි කළ යුතු ආයතනයක්. චැනල් අයි නේත‍්‍රා යටතේ පාලනය වෙනවා.
අනුර යාපා මහතා - ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අය ගැන සොයන්නට කමිටුවක් පත්කර තිබෙනවා. ඒ අය වෙනුවෙන් අපි කටයුතු කරනවා.
හඳුන්නෙත්ති මහතා - පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ගැටලු රැසකට මුහුණ දෙනවා. පාර්ලිමේන්තුවේ හඬ රටට ගෙන යන්නෙ ඒ අය. ඒ අය පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් බව සඳහන් හැඳුනුම් පතක් ලබා දෙන්න.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා - ගයන්තගේ කතාව වටා පදනම් වුණේ ද්වේෂය. රිචඩ් සොයිසා මැරුවේ එජාප කාලේ. යූනුස්ගේ කට කැපුවේ එජාප කාලේ. නිළියකට අපහාස කළා කියලා මාධ්‍යවේදියෙකුට පහර දුන්නේ එජාප කාලේ. ඒ වගේම හැම රජයක් කාලෙම මාධ්‍යවේදීන්ට අසාධාරණ සිදු වී තිබෙනවා.
රාජ්‍ය මාධ්‍ය මතය ගෙන යන මාධ්‍යවේදීන්ට ඒ ආකාරයට කටයුතු නොකළොත් ඒ අයටත් ප‍්‍රශ්න ඇති වෙනවා. පෞද්ගලික මුදලාලිලාගෙ කොන්ත‍්‍රාත් යටතේ වැඩ කරන මාධ්‍යවේදියා වැඩ කළේ නැත්නම් ඒ අයටත් ප‍්‍රශ්න. මම සුදනා නොවී මේ සත්‍යයට අපට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම මාධ්‍යවේදියාට ඇතිවන මේ ගැටළුකාරී තත්ත්වයන්ගෙන් මිදීමේ මඟක් තමයි සෙවිය යුත්තේ. එක් එක් ආයතනවල අභිමත පරිදි වැඩකරන මාධ්‍යවේදියනට තම ආයතනයේ මතය නියෝජනය කරන්නට සිදුවෙනවා. සිදුවිය යුත්තේ ඒ අභිමත වලින් මිදී මාධ්‍යවේදියාට ස්වාධීනව නැගිටීමට අවස්ථාව ලබාදීමයි.
එදා ලේක්හවුස් සභාපති නලින් ලද්දුවහෙට්ටි මහත්තයාට විරුද්ධ ව පිකට් කෙළේ මංගල සමරවීර මහත්තය ඇතුළු අපියි. එදා මාධ්‍ය මාෆියාවක් තිබෙන බව කිව්වේ කවුද? මංගල සමරවීර මහත්තයානේ. එදා මංගල වැරැදියි. ඒත් අද හරි.
ජාතික රූපවාහිනිය කියන්නේ ජාතික රූපවාහිනිය. ගංගානාත් මහතාගේ කාලේ ප‍්‍රවෘත්ති කිව්වේ නිවේදිකාවන්ගෙ කකුල්. වැඩිපුර පෙන්නුවෙ කට නෙවෙයි කකුල්. ඒ නිසා විවේචන ඉදිරිපත් කරන්න කමක් නෑ. එහෙත් සාධාරණ ලෙස විවේචන කරන්න.
(කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා මූලාසනයට පැමිණියේය)
ආචාර්ය ඇතුගල කියන්නේ රට පිළිගත්ත මිනිසෙක්. ඔහු ගේ අදහස් සමඟ ගැටුම් අපට තිබෙන්න පුළුවන්. එහෙත් වැඩේ හරියට කරනව නම් ඒ ඇති. බන්දුල පද්මකුමාර ස්වර්ණවාහිනියෙ වැඩ කරනකොට හොඳයි. ලේක්හවුස් එකේ වැඩ කරන කොට හොඳයි.
ත්මන් මාධ්‍ය ඇමැතිවරුන් මාධ්‍යවේදීන් සමඟ නිවැරැදිව ගනුදෙනු කරනවා. ඔවුන් ගේ ගැටලු හඳුනාගෙන තිබෙනවා. අපට අවශ්‍ය ගිනි තියන මාධ්‍යයක් නෙවෙයි ගිනි නිවන මාධ්‍යයක්.
යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පී. අරියනේත‍්‍රන් මහතා (ද්‍ර.ජා.ස.) - මේ වෙනකොට මාධ්‍ය ඝාතනයක් ද කි‍්‍රයාත්මක වෙනවා. ගයන්ත කරුණාතිලක මහතා රජයට චෝදනා කරනවා. රජය එජාපයට චෝදනා කරනවා. අපි මාධ්‍ය නිදහසට ගරු කළ යුතුයි.
කම්කරු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා - ‘යෙලෝ ජර්නලිසම්’ කියලා දෙයක් අමෙරිකාවේ තිබුණා. විපක්ෂයටත් ඕන මේ යෙලෝ ජර්නිලිසම්. ජනාධිපතිවරයා නිතරම මාධ්‍යවේදීන් සමඟ සමීප ව කටයුතු කරනවා. කුමාරසිරි හෙට්ටිගේ කියන්නේ ලංකාදීපයේ හිටපු මාධ්‍යවේදියෙක්. ඔහු ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් තනතුරට පත් කර ගත්තේ මාධ්‍යවේදීන්ට සැලකීමටයි. ස්වාධීන රූපවාහිනියේ සභාපති තනතුරට පත් කෙළේ මාධ්‍යවේදියෙක්.
එක මාධ්‍ය ආයතනයක් හැර අනෙක් සියලු මාධ්‍ය ගැන මා සතුටු වෙනවා.
මොණරාගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා (ජානිපෙ) - බටහිර මාධ්‍ය අපේ රට පිළිබඳ වැරැදි චිත‍්‍රයක් ගොඩ නගමින් සිටිනවා. ප‍්‍රභාකරන්ගේ සිහින මාළිගාව බිඳ දැමීමට වීරෝදාර හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. ලංකාව පිළිබඳ ගොඩනගන මේ වැරැදි චිත‍්‍රය නිවැරැදි කිරීමට අපේ රටේ බොහෝ මාධ්‍ය කැප වී සිටිනවා. මාධ්‍යවේදීන් ජීවිත පරිත්‍යාගයෙන් යුද බිමට ගොස් එහි ඇති සැබෑ ස්වභාවය රටට ගෙන යනවා. මේ පිළිබඳ ඔවුන්ට අප ප‍්‍රශංසා කළයුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර කොටපොල අමරකිත්ති හිමියන් (ජාහෙඋ) - සමහර මාධ්‍ය ආයතන අපේ රටේ සියලු සංස්කෘතික සීමාවන් ඉක්මවා යනවා. මාධ්‍ය මඟින් ප‍්‍රචාරය වන ඇතැම් වැඩසටහන් නිසා පවුල් සංස්ථාව දෙදරා ගොසින්. මිනිසාගේ මනෝ භාවයට අනුව නිතර දකින අසන දෙය ජීවිතවලට බලපානවා. මනුෂ්‍ය ජීවිතවලට මෙතරම් බලපෑම් කරමින් සමාජ පාදඩකරණය කරන මාධ්‍ය තහනම් කිරීමට රජය කටයුතු කළ යුතුයි.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මුලසුනට පැමිණියේය.)
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා (එජාප) - ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ අපට කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඔහුගේ ප‍්‍රතිපත්ති සමඟ අපට ප‍්‍රශ්නයක් නැහැ. එහෙත් වැඩ කටයුතුවලදී ඔහුට ප‍්‍රශ්න තිබෙනවා. ජනාධිපති ක‍්‍රමය තිබෙන තාක් කල් සෑම ජනමාධ්‍ය ඇමැතිවරයකුටම සිදුවන්නේ එයයි.
අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - ඔය ඔබතුමාම හිතාගත්ත අදහසක් නේ !
ජයසේකර මහතා - ලෝකයේ තිබෙනවා බැලන්කෝකි ඔපෙක්ට් කියා දෙයක්. හිරු නාලිකාව පෑන් පහරින් නැවැත්තුවා.
කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - චැනල් අයි ඇතුළු දෙමළ මාධ්‍ය නාලිකාවල විශාල අඩුපාඩු තිබෙනවා.
තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා - එජාපය අවසන් කළ තැන පටන් මේ වන විට පෞද්ගලික මාධ්‍යයේ විශාල වර්ධනයක් තිබෙනවා. එහෙත් රාජ්‍ය මාධ්‍යය ප‍්‍රමුඛ පෙළේ කාර්යයක් ඉටුකරනවා. මාධ්‍යයට දේශපාලනයක් තිබෙනවා. එය අප රටේ පමණක් නොව ලොව කොයි රටෙත් තිබෙනවා. මාධ්‍ය හිමිකාරීත්වයේ දේශපාලන මතය අනුවයි එය සිදුවෙන්නේ. රාජ්‍ය මාධ්‍ය ගැන අප කතා කරනවා. එසේ නොකළොත් මාධ්‍ය කාර්යය බිංදුවට වැටෙනවා.
විද්‍යුත් මාධ්‍ය සඳහා දැනට තිබෙන්නේ තාවකාලික බලපත‍්‍රයි. ඒවා ස්ථිර බලපත් බවට පත්කළ යුතුයි. රාජකාරි ස්වරූපය නීති ගත කරනවා නම් එහිදී මාධ්‍ය නිදහසට තර්ජනයක් යැයි කියනවා.
කිසියම් හෝ ප‍්‍රතිසංස්කරණයක් ගෙනාවා නම් එය මාධ්‍ය මර්දනයක් යැයි කියනවා. පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ගෙන බලමු. ඒ හැම දෙනා සමඟ අප සුහදයි. ඔවුන් නිදහසේ ලියනවා. අපෙන් බලපෑමක් නැහැ. අපේ මිත‍්‍රයෝ.
පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉතා විශාල සේවයක් ඉටුකරනවා. ඔවුන් සිදුකරන සේවය පැසසිය යුතුයි.
වැය ශීර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව අද (28) පෙරවරු 9.30 ට රැස්වේ.

ශ‍්‍රී ලංකා-සිම්බාබ්වේ සිවුවැනි තරගය අද

’ඩයලොග් කුසලාන’ සිම්බාබ්වේ - ශ‍්‍රී ලංකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගය අද හරාරේ නුවර ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ප‍්‍රථම තරග තුනම ජය ලැබූ සංචාරක ශ‍්‍රී ලංකා පිල තරගාවලිය ජයගෙන ඇති බැවින් ඉදිරි තරග ජයගෙන තරග පරාජ අවම කරගැනීමට සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
ප‍්‍රථම තරගය කඩුලු 6 කින්ද දෙවැනි තරගය කඩුලු 9 කින් ද පරාජය වූ සිම්බාබ්වේ පිල වෙතින් තෙවැනි තරගයේ දී ශ‍්‍රී ලංකා පිලට ප‍්‍රබල තර්ජනයක් එල්ල වුණි.
හරාරේ නුවරට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් තෙවැනි තරගය ඕවර් 28 කට සීමා වී ලකුණු 5 ක තියුණු ජයක් ශ‍්‍රීී ලංකා පිල ලබාගත්තේය.
තරගාවලිය ජයගෙන ඇති බැවින් මෙතෙක් එක්දින තරගාවලියට කී‍්‍රඩා නොකළ තිළිණ කණ්ඩම්බි, දිල්හාර ප‍්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස් හා ධම්මික ප‍්‍රසාද් යන කී‍්‍රඩකයන්ගෙන් එක් අයෙකුට හෝ අද අවස්ථාව උදාකර දීමට බොහෝ සෙයින් හැකියාව උදාවනු ඇත.
තුන් ඉරියව් දක්ෂතා දක්වන ඇන්ජලෝ මැතිව්ස්ට අද තරගයේ ක‍්‍රීඩා කිරීමට අවස්ථාව උදාවුවහොත් එය ඔහුගේ මංගල අන්තර්ජාතික එක්දින තරගය වනු ඇත.
මේ සංචාරයේ පුහුණු තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු යවමින් ලකුණු 17කට කඩුලු 2ක් හා ලකුණු 12 කට එක් කඩුල්ලක් බිඳහෙළීමට සමත් විය.

හැමිල්ටන් මැට්සකෙන්යාරි
තිළිණ කණ්ඩම්බි මෙතෙක් එක්දින අන්තර්ජාතික තරග 4 කට කී‍්‍රඩා කර ඇති අතර 2004 වසරේ සිම්බාබ්වේ පිලට එරෙහිව මංගල එක්දින තරගයට සහභාගි විය.
කණ්ඩම්බි 2004 වසරේ පාකිස්තානයට එරෙහිව සහභාගි වූ තරගයට පසුව මෙතෙක් ශ‍්‍රී ලංකාව එක්දින තරගවලදී නියෝජනය කර නැත.
නිමාවට පත් වූ තරග තුනේ දී ශ‍්‍රී ලංකා පිලේ කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්වූයේ අජන්ත මෙන්ඩිස්ය. දෙවැනි තරගයේ වීරයාට හිමි සම්මානය ද දිනාගත් අජන්ත තරග තුනේ දී කඩුලු 9 ක් බිඳ හෙළීය.
සිම්බාබ්වේ පිලේ හැමිල්ටන් මැට්සකෙන්යාරි තරග තුනේදී ලකුණු 98 ක් ලබාගැනීමට සමත් විය. තෙවැනි තරගයේදී පන්දු 71 කට පමණක් මුහුණ දී මැට්සකෙන්යාරි ලකුණු 77 ක් ලබාගැනීම කැපී පෙනුණි.
හරාරේ කී‍්‍රඩාංගණයේ ශ‍්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග 12 ක් පවත්වා තරග 10කම ජය ශ‍්‍රී ලංකාව සතු කරගත්තේය. තරග 2 කින් සිම්බාබ්වේ ජයගෙන ඇත.
සිම්බාබ්වේ පිල 2004 වසරේ පැවැති තරගාවලියේදී සංචාරක ශ‍්‍රී ලංකා පිල ඉදිරියේ හරාරේ කී‍්‍රඩාංගණයේදී ලකුණු 35 කට දැවී යෑම වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව වේ.
මෙවර තරගාවලියේ දෙවැනි තරගයේ දී ද සිම්බාබ්වේ පිල ලකුණු 67කට දැවී ගියේය. ශ‍්‍රී ලංකාවට සෑම අතින්ම අද තරගයද වාසි සහගත තත්ත්වයක පවතී.

ත‍්‍රස්ත ප‍්‍රහාර මැද එංගලන්ත සංචාරය අවලංගු කරයි

නවදිල්ලිය (ඒ. පී)
ඉන්දියාවේ සංචාරයක නියැලී සිටින එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ඔවුන්ගේ සංචාරයේ ඉතිරි කොටස ඊයේ අවලංගු කළේය.අවම වශයෙන් පුද්ගලයන් 101 දෙනෙකුට මරු කැඳවමින් පෙරේදා මුම්බායි නගරයේ සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හේතුවෙන් ඔවුන් මේ තීරණයට එළැඹ තිබේ.
එංගලන්තය පෙරේදා ඉන්දියාව වෙතින් පස්වැනි එක්දින පරාජය ලැබූ අතර තරගමාලාවේ තවත් තරග දෙකක් ඉතිරිව තිබිණි.
දෙසැම්බර් 2 වැනිදා එක්දින තරගමාලාව අවසන් වීමෙන් පසුව එංගලන්ත පිල ටෙස්ට් තරග දෙකකට සහභාගි වීමට නියමිතව සිටි අතර මින් දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතව තිබුනේ මුම්බායිහිදී ය.
ඉන්දියාවේ වාණිජ අග නගරය වන මුම්බායිහි තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද සැලසුම් සහගත ප‍්‍රහාරවලින් 101 ක් දෙනෙකු මිය ගිය අතර එවැනි ම ප‍්‍රමාණයක් තුවාල ලැබූහ.
ත‍්‍රස්තවාදීන් විසින් විදේශිකයන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටිති. ඔවුන්ගේ ප‍්‍රහාරවලින් ගිනිගෙන දැවෙන එක් සුඛෝපභෝගී හෝටලයක් වන ටජ් මහල් පැලස් හෝටලය මුම්බායි හි අන්තර්ජාතික කි‍්‍රකට් තරග පැවැත්වෙද්දී කි‍්‍රකට් කණ්ඩායම් නැවතී සිටින හෝටලයකි.
එංගලන්ත කණ්ඩායම මේ මස මුල දී සංචාරය ආරම්භයේ දී සතියක කාලයක් ඒ හෝටලයේ රැඳී සිටි අතර දෙවැනි ටෙස්ට් තරගය ආරම්භ වීමට තෙදිනකට පෙර දෙසැම්බර් 16 වැනිදා ඔවුන් යළි ඒ හෝටලයට පැමිණීමට නියමිතව සිටියේ ය.
චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා පැමිණෙන එංගලන්ත ප‍්‍රාන්ත කණ්ඩායම වන මිඩ්ල්සෙක්ස් පිල ද නැවතීමට නියමිතව තිබුනේ ටජ් මහල් පැලස් හෝටලයේ ය.
මේ ත‍්‍රස්ත ප‍්‍රහාර නිසා දෙසාම්බර් 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඒ මංගල චැම්පියන්ස් ලීග් ඕවර විස්සයි 20 තරගාවලිය ද අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබේ.
මේ තරගාවලියේ තරග තුනක් මුම්බායිහි පැවැත්වීමට සැලසුම් කර තිබිණි.ඒ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අටෙන් එකක් වන මිඩ්ල්සෙක්ස් පිල මුම්බායි බලා පිටත්වීම ප‍්‍රමාද කර ඇති අතර ඔස්ටේ‍්‍රලියා කි‍්‍රකට් මණ්ඩලය වික්ටෝරියා හා බටහිර ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉන්දියාවට යාම නවතා තිබේ.

Wednesday, November 26, 2008

තුන්වැනි විශේෂ බළකාය ඕලුමඩු අත්පත් කැරගනී

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
මාන්කුලමට නැඟෙනහිර දෙසින් පිහිටි මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඕලුමඩු නගරය ආරක්ෂක හමුදාවෝ ඊයේ (25) සවස් වනවිට අත්පත් කරගත්හ.
යුද හමුදාවේ 3 වැනි විශේෂ කාර්ය බළකාය ඕලුමඩු ප‍්‍රදේශය අත්පත් කරගත් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කෙළේය.
ඕලුමඩු නගරය මාන්කුලම් මුලතිව් ඒ 34 මාර්ගයේ මාන්කුලමට කිලෝමීටර් 4 ක් දුරින් පිහිටා තිබේ.
පසුගිය දින කීපයේ දී යුද හමුදා විශේෂ කාර්ය බළකා 3 වැනි බළකාය විසින් ත‍්‍රස්තවාදීන්ට එල්ල කළ දැවැන්ත ප‍්‍රහාරවලින් අනතුරුව ඊයේ දහවල් වනවිට ත‍්‍රස්තවාදීන් එම ප‍්‍ර‍්‍රදේශය අතහැර පලාගොස් තිබේ.
මේ ඕලුමඩු නගරය අත්පත් කර ගැනීමේ සටනේදී ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවී ඇති අතර එම ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන්ගේ යුද අගල්, පස් බැම් සහ බංකර රැසක් තිබී ඇති බවත් ආරක්ෂක වාර්තා සඳහන් කරයි.
මේ අතර ඕමන්ත සීමා මුරපොළ සම්පූර්ණයෙන්ම අතහැර දමා ඇති ත‍්‍රස්තවාදීන් ඔඩ්ඩුසුඩාන් දෙසට පසු බැස තිබේ.
ඊයේ සවස් වනවිටත් ආරක්ෂක හමුදාවෝ ඕලුමඩ ප‍්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම්වල නිරතවෙමින් සිටියහ.

අද එජාපයක් නෑ ඉන්නේ කල්ලියක් ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති - නියෝමාල් පෙරේරා

ධීවර ජනතාවට බලපාන ප‍්‍රශ්න විසැඳීමට ආණ්ඩුව ගෙන ඇති කි‍්‍රයාමාර්ග, ධීවර ක්ෂේත‍්‍රයේ යහපත උදෙසා මෙවර අය - වැයෙන් ගෙන ඇති පියවර, එජාපයෙන් ආණ්ඩුවට පැමිණි පිරිසක් යළි එජාපය සමග එක්වන්නට සැරසෙනවායැයි කියැවෙන මතය ආදී කරුණු පිළිබඳ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මෙසේ අදහස් දක්වයි.
ඉන්දියාවේදී අපේ ධීවරයන් අනවසරයෙන් මසුන් මැරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනෙනවා. මෙය දිගින් දිගට ම සිදුවීම අපේ රටට හොඳ නැහැ නේද ?
අපේ ධීවරයන් සිතා මතාම මුහුදු සීමාව ඉක්මවනවා නොවේ. සීමාවක් නොපෙනන දියඹට යද්දී යම් යම් අත්වැරදි සිද්ධවෙනවා. අපි ධීවර කාර්මිකයාට නිතරම උපදෙස් දෙනවා. අපේ මුහුදු සීමාව ඉක්මවා නොයන ලෙස. එහෙත් මත්ස්‍ය බිම් සොයාගෙන යාමේදී ධීවරයාට සීමා පැනවීම අපහසුයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා කළ ඉන්දීය සංචාරයේ දී දකුණු ඉන්දීය බලධාරීන් සමඟ මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී නැවත එවන් වැරැදි දෙරටේ ම ධීවරයන්ගෙන් සිදු නොවීමට හැකි උපරිමයෙන් වගබලා ගැනීම පිළිබඳ කතිකාවට ලක්වුණා.
මේ ප‍්‍රශ්නයේ තවත් පැත්තක් තමයි ඉන්දීය ධීවරයනුත් අපේ මුහුදු සීමාවලට ඇතුළුවීමේ අවස්ථා තිබීම මෙහිදී නාවික හමුදාවට ගැටලුවක්වී තියෙන්නේ. ත‍්‍රස්තවාදීනුත් ධීවර වෙස් අරගෙන රටට ඇතුළු වීමට මාන බලන එකයි මේ පිළිබඳත් අපි ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා කළා.
මුහුදු සීමා උල්ලංඝනය කීප ආකාරයකින් සිදුවෙනවා. ආපදාවකට ලක්වෙනවා. නොදැනුවත්ව ම වෙනත් මුහුදු සීමාවලට ඇතුළු වෙනවා. හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිදුවෙනවා.
මේ ප‍්‍රශ්නයට දැන් අපි ක‍්‍රමවේදයක් හදාගෙන යනවා. ඉන්දීය වෙරළ ආරක්ෂක ඒකකයට කරුණු කීමට ඉදිරිපත් කළ හැකි ජාත්‍යන්තරව පිළිගැනෙන ධීවර හැඳුනුම්පතක් අප අමාත්‍යංශය මගින් දැන් නිකුත් කරගෙන යනවා. අන්තර්ජාතික මුහුදේදී අපේ ධීවරයාට එය හොඳ අනන්‍යතාවක් වේවි.
කොහොම වුණත් අපි ධීවරයන්ට කියන්නේ නියමිත මුහුදු සීමාව ඉක්මවා යන්න එපා කියලයි. මේ අවුරුද්දේදී මුහුද සීමා උල්ලංඝනය කළා කියා අත්අඩංගුවට පත් වූ ධීවරයෝ බේරාගැනීමට ධීවර අමාත්‍යංශය රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මුදලක් වැය කර තිබෙනවා.
මුහුදින් වට වූ රටක් වුණත් මාළු අඩු මිලට පාරිභෝගිකයාට ලබාදීම සාර්ථක ක‍්‍රමවේදයක් නැත්තේ ඇයි.?
මාළු මිල එකම ගණනකට වසර පුරාම දෙන්න බැහැ. කාලෙන් කාලයට මිල වෙනස් වෙනවා. කාලගුණික දේශගුණිත බලපෑම් නිසා මාළු අස්වැන්න අඩු වැඩි වෙනවා.
ධීවර අමාත්‍යාංශය ලෙස අප මෙතැන දී අවධානය යොමුකරන්නේ ධීවරයාගේ මාළුවලට හොඳ මිලක් ලබාදීම වගේම පාරිභෝගිකයාට අඩු මිලට මාළු ලබාදීම මාළු මිල ඉහළ යාමට බලපෑ එක හේතුවක් වුණේ ඉන්ධන මිල ඉහළ යෑමයි. මෙවර අයවැයෙන් ඉන්ධන මිල අඩුවුණා. සති කිහිපයේදී මාළු මිල ගණන් පහත බසීවි. දැනටමත් එය සිදුවෙමින් පවතිනවා.
බහුදින ධීවරයන් මෙන්ම එක්දින ධීවරයන් සෑම කෙනෙක් ම අපෙන් ඉල්ලුවේ ඉන්ධන සහන ලබාදෙන ලෙසයි. ඩීසල් රුපියල් 30 කින් අඩු වුණා.
ඒ කියන්නේ බහුදින ධීවර යාත‍්‍රාවකට එක වාරයකදී ලක්ෂ 2 1/2ක විතර ලාභයක්. එක්දින යාත‍්‍රාවකට මාසයකට රුපියල් 10,000ක විතර ඉතිරියක්. මේ වාසිය ඉදිරියේදී පාරිභෝගිකයාට ලැබේවි.
උතුරු නැඟෙනහිර මුහුදේ මසුන් මැරීමෙහි නීති-රීති නිසාද පසුගිය කාලයේදී ධීවර අස්වැන්න අඩු වී මිල ගණන් ඉහළ ගියා. දැන් නැගෙනහිර ප‍්‍රදේශ මුදාගෙන තිබෙනවා. නුදුරු දිනකින් ම උතුරු නැඟෙනහිර ධීවර කර්මාන්තය සාමාන්‍ය පරිදි සිදුවේවි. එවිට නගර කරා එන මසුන් තොග වැඩිවීමෙන් මිල ගණන් අඩුවේවි. අඩුමිලට මාළු ටිකක් දෙන්න අමාත්‍යංශයට තිබෙන වැඩ පිළිවෙළ මොකක්ද ?
මාළු මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට ධීවර සංස්ථාව මගින් වැඩසටහන් කි‍්‍රයාත්මක කරනවා. සෑම නගරයකටම ධීවර සංස්ථා මසුන් ලොරි යෙදවීම ඉන් එක වැඩපිළිවෙළක්. පාරිභෝගිකයනට අඩු මිලට මසුන් ලබාගැනීමේ පහසුව සලසන මේ ලොරි වෙත ගොස් මාළු මිලදී ගන්නට ඔවුන්ට හැකියාව තිබෙනවා.
අනෙක් අතට දැන් අප අමාත්‍යංශය රට අභ්‍යන්තරයේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරමින් සිටිනවා. මෙරට ජනතාව මිරිදිය මසුන් පරිභෝජනයට හුරු පුරුදු කිරීම අපේ අරමුණයි. එමගින් ජනතාවගේ පෝෂණ ඌනතාව මගහරවා ගත හැකියි.
මිරිදිය මත්ස්‍ය ඇසිත්තන් මිලියන 200ක් මේ වනවිට රට තුළ ජලාශවලට මුදාහැර තිබෙනවා. මේවනවිට මේ මසුන් විශාල වන විට සැලකිය යුතු මිරිදිය ධීවර සම්පතක් අපට ක්ෂේත‍්‍රයට එකතුවේවි.
මෙවර අය-වැය ඔබ දකින්නේ කෙසේද ?
අපේ රටේ ජනතාවගෙන් සියයට අනූවක්ම එදා වේල හොයාගෙන කන අයයි. ඒ දුප්පතුන්ට බලපාන ප‍්‍රශ්න රැසකට මෙවර අය-වැයෙන් සහන ලබාදීලා තියෙන්නේ.
ඉන්ධන සහනය නිසා ධීවරයාට අත්වුණේ වාසියක්. මේ වාසිය නිතැතින්ම හිමිවන්නේ මහජනතාවට. ඔවුනට අඩුමිලට මාළු ලබාදෙන්න පුළුවන් වෙනවා.
අපේ රට වෙනුවෙන් සටන් වදින වීරෝදාර රණවිරුවනට මෙවර අයවැයෙන් උපහාර දැක්වූවා. කි‍්‍රයාන්විතයේ රණවිරුවනට ලබාදෙන රුපියල් 3000 මාසික දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කළා. රණවිරු ගම්මාන ආරම්භ කිරීමට වෙන්කළ මුදල රුපියල් මිලියන 3500ක්.
පොදු ආර්ථික කටයුතු සහ ජීවන වියදමට සහනයක් වශශයෙන් 15% වැට් බද්ද 12 % දක්වා කළා. රජයේ සේවකයනට පෙර නොවූ තරම්සුවිශේෂී සහන රැසක් මේ අයවැයෙන් ලබා දුන්නා.
ජීවන වියදම් දීමනාව 4500/= දක්වා වැඩි කළා. අධ්‍යාපන අධිකරණ ක්ෂේත‍්‍රවල වැටුප් විසමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 3000ක් වෙන් කළා. ආපදා ණය දීමනාව වැඩි කළා.
දේශීය කිරි ගොවියාට සහන දුන්නා. ග‍්‍රාමීය තරුණ තරුණියන්ගේ කුසලතා වැඩිදියුණු කිරීමට අවධානය යොමු කළා. වී තේ ආදි වගාවන් සඳහා පොහොර සහනාධාර දුන්නා.
අඩු ආදායම් ලාභී පවුල්වලට සහන විශ්වවිද්‍යාල පහසුකම් සඳහා මුදල් කුඩා පරිමාණ ජල විදුලිබලාගාර, ග‍්‍රාමීය හා පළාත් මට්ටමින් සංවර්ධන කටයුතු මාර්ග සැලසුම් මේ ආදී තවත් සහන රැසකින් මෙවර අයවැය ලබා දුන්නා.
මා දැකපු හොඳම අයවැය මෙයයි. ඒක මම පක්ෂ භේදයකින් තොරව කියන්න කැමතියි. පොඩි මිනිහා ගැන හිතන නායකයාට කවදාවත් වරදින්නේ නෑ. ඒ යුතුකම මෙවර අය-වැයෙන් ජනාධිපතිතුමන් ඉටුකර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විකල්ප අය-වැය ගැන මොකද කියන්නේ ?
ඒක පුස්සක් . තනිකරම විහිළුවක්. පසුගිය අවුරුදු දෙකත් එජාපය ආණ්ඩුව කළා. මොනවද ජනතාවට දුන්නේ. මුදල් තිබුණා. සම්පත් තිබුණා. ඒත් රනිල් කෙළේ ජනතාව බඩගින්නේ තැබීමයි. 1948 ඉඳලා එ.ජා.ප. නායකයන් රැසක් බිහි වුණා. රනිල් තමයි ජනතාව බඩගින්නේ තැබුව එකම නායකයා.
රැකියාවක් දුන්න කෙනෙක් නෑ. පාරක් හැදුවේ නෑ. ගමකට විදුලිය දුන්නේ නැහැ. අන්තිමට බැලුවම රනිල් ජනතාවට කරපු කිසිම දෙයක් නෑ. ඒ මදිවට දැන් ෂැඩෝ කැබිනට්ටුවකුත් ගෙනත් ඒකත් තනිකරම විහිළුවක්.
බලයේ ඉඳලා ජනතාවට සහන නොදුන් රනිල් විකල්ප බජට් හදනවා. ඒකෙන්ම හඳුනාගන්න පුළුවන් ඔහුට සමාජ අත්දැකීම් නැහැ කියලා. ජනතාව බඩගින්නේ තියලා පොඩි මිනිහගේ සහනාධාර කපා දාලා දැන් කිඹුල් කඳුළු හෙළනවා.
රනිල්ගේ ඒ කාලේ බජට්වලින් අපට ගමේ ජනතාවට ගෙනියන්න දෙයක් තිබුණේ නැහැ. අපට ඡන්දෙ දුන්න මිනිසුන්ට උදව් කරන්න අපට හැකියාවක් තිබුණේ නෑ. ඔහුගේ සැලසුම් තීරණ වලින්. එහෙව් එකේ විකල්ප බජට් හදාගෙන රනිල් දැන් බයිලා ගහනවා.
එ.ජා.පය කියන්නේ ඔවුන් හැරගිය අයට ආපසු එන්න දොරටු විවෘතයි කියලා ඔබ ඒ ආරාධනාව පිළිගන්නවද ?
කවුද කියන්නේ අපි එ.ජා.පය හැර ගියා කියලා. අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි එ.ජා.ප නායකත්වයට කිව්වේ ජාතික රජයක් පිහිටුවිය යුතු බවයි. අපි අවංකව ඒ ගැන කතා කළා. ගිවිසුම් අස්සන් කළා. එහෙත් රනිල් වික‍්‍රමසිංහ මහතා කියපු දේ නෙමේ කළේ.
ඕනෑම රජයකින් අඩු පාඩු වනවා. ඒවා සාකච්ඡා මගින් විසඳගත යුතුයි. ඒ ගැන එ.ජා. ප නායකයා තැකුවේ නැහැ. උතුරු නැගෙනහිර ආර්ථිකය පහළටම වැටිලා තියෙන යුගයක ආණ්ඩුව සහ විපක්ෂය එකතුවිය යුතු යැයි අප 17 දෙනා යෝජනා කළා.
එහෙත් එයින් ඵලක් වුණේ නැහැ. මේ තත්ත්වය මතයි අපට එ.ජා.පයේ නායකත්වයත් සමඟ කළ කිරුණේ.
අදටත් පරක්කු නැහැ. එ.ජා.ප.ය සහ රජය එකතුවෙලා මේ රටට සාමය උදාකරන්න. මේ රට සංවර්ධනය කරන්න වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කරනවා නම් අපි පක්ෂ ආගම් ජාති භේද නොතකා ජාතික රජයකට සහය දෙන්න සූදානම්. ඒ සඳහා දැනට අප දරණ අමාත්‍ය ධූර පවා පුද කරන්න අපි කැමැතියි.
යුද්ධය පරදවලා උතුරු නැගෙනහිර ජනතාවගේ විශ්වාසය දිනාගෙන ප‍්‍රධාන පක්ෂ දෙක එකමුතුව වසර පහක් දහයක් මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩකරනවානම් අපේ රට මීට වඩා හුඟාක් ඉදිරියට ගිහින්.
නවීන් දිසානායක ඇමැතිතුමා පුවත්පතට කියා තිබුණා වැරැදි හදාගන්නවා නම් ආයෙත් එ.ජා.පයට යනවා කියලා ඔබට එහෙම හිතෙන්නේ නැද්ද
එ.ජා.පයට යන්න කියන්නෙ මොකක්ද යන්න පක්ෂයක් තියෙන්න එපායැ. අද එ.ජා.පයක් නැහැ. එජාපයේ සමහර අදහස් සියලු දෙනාටම පිළිගන්න බෑ. ජනතා මතය පක්ෂයේ නෑ. එතැන තිබෙන්නේ පිළිගත නොහැකි ඒකාධිපති මත නියෝග ඒ නිසයි ඔවුන් හැමදාම පරාජය වන්නේ.
එ.ජා.පයට වෙලා තියෙන දේ ගැන හරිම කනගාටුයි. නායකයා තනිවම තීරණ ගන්නවා. අනුන්ට ඇහුම්කන් දෙන්න කැමැති නෑ. එයාගේ හිතට අල්ලන අයගේ කතාවලට විතරයි අවධානය යොමු කරන්නේ.
මම පුත්තලම් දිස්ත‍්‍රික්කය ජයගත්තේ ලොකු පොඩි හැමදෙනාටම ඇහුම්කන් දීලා. ඔවුන්ගේ අදහස් ප‍්‍රයෝජනයට අරගෙන. එය අද එ.ජා.ප. නායකත්වයේ නැහැ.
අද බොහෝ පාක්ෂිකයන් එ. ජා.ප.යේ රැදිලා ඉන්නේ වෙන විකල්පයක් නැති නිසයි. පවතින ආණ්ඩුව එක්ක අමනාප වුණොත් කෙනෙක් යන්නේ විපක්ෂයට. එහෙත් අද එහෙම ප‍්‍රබල විපක්ෂයක් නැහැ.
රනිල් වික‍්‍රමසිංහ මහතා මේ යන්නේ නිකං හීනෙන් යන ගමනක්. හීනෙකින් හරි මේ බලාපොරොත්තු ඉටු වුණත් ඒවා රඳන්නේ නැහැ. 2002 වුණේ ඒකයි. ජනතාවට ඔවුන් සේවය කළේනෑ.
පාක්ෂියනට සැලකුවේ නෑ. අද අපේ ජනාධිපති තුමා උත්සහ කරන්නේ රටේ ආර්ථිකය හදන්න. සුළු ජාතීන්ගේ එකමුතුවෙන් රටේ ආර්ථික සමාජීය සංවර්ධනය ගොඩනගන්නයි අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෑයම් කරන්නේ.
ජනාධිපතිතුමා යුද්ධය ජයගන්න කි‍්‍රයාත්මක කරන සැලසුම් අද සාර්ථක වෙමින් තිබෙනවා. රටේ ජනතාව බහුතරයක් මැතිවරණවලින් ජය ලබාදීමෙන් ඒ බව අනුමත කර තිබෙනවා.
ඉඳලා හිටලා හෝ එක්කෙනෙක් රජයෙන් යනකොට එකතුවෙන්න තව 10 දෙනෙක් ඉන්නවා. ඒකයි ජනාධිපතිතුමාගේ නායකත්වයේ ජයග‍්‍රහණය.
එවන් කි‍්‍රයා පටිපාටියක් එ.ජා.ප නායකත්වයේ නැහැ. නවීන් කියන දේ වුණොත් ඉතින් හොඳයි. මට නම් කිසිසේත් විශ්වාස නෑ. එ.ජා.පයට ඒ වගේ කලක් උදාවෙයි කියලා.
ජ.වි.පෙ සහ එජාපය වැඩිවැටුප් ඉල්ලා උද්ඝෝෂණය කරනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද
ඒ අය පොඩි මිනිහාට කතා කරන වගකිවයුතු විපක්ෂයක් ලෙස නොවෙයි මේවා ඉල්ලන්නේ ජනතාව රවටන බොරු උප්පරවැට්ටි. මේ රටේ ආර්ථික උත්පාදන මාර්ග, පාරිභෝගිකයාට පොදු ජනතාවටම සෙතසලසන ආයතන රැසක් වසා දමන්න මූල් වුණා.
භීෂණය මවාපාලා රටේ ජනතාවට සේවයට යන්න වත් ඉඩ නොදුන් අය වැඩි පඩි ඉල්ලලා බොරුවට කෑගහනවා. සමෘද්ධිය කපා දැම්මෙත් මේ වැඩි වැටුප් ඉල්ලන අයයි.
දුප්පතුන්ගේ බඩට ගැහුවෙත් මේ අය විපක්ෂයට ගියාම ඒක මතක නැතුව බොරු සද්ද දානවා. වෙලා තියෙන්නේ මේකයි. මේ රටේ විපක්ෂයට කොන්දක් නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ගමන්මග කෙසේ සිදුවෙයි කියාද ඔබ සිතන්නේ.
අපි තියා ඔවුන්වත් දන්නේ නෑ ඔවුනට වෙන්න යන්නේ කුමක්ද කියලා. එක වතාවක් ජ.වි.පෙ. ඉදිරිපත් කළ වැඩපිළිවෙළ සමහහරක් ජනාධිපතිතුමා කි‍්‍රයාත්මක කළා. ඒත් ඒවායේ කිසිම ප‍්‍රායෝගික බවක් නෑ. ජ.වි.පෙ. අයට විකල්ප නෑ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ භාගයක්ම එය තේරුම් ගෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එකතු වී සිටිනවා. ව්‍යාපාරයක් ලෙස ජ.වි.පෙ අනික් අය දේශපාලනය කරනවා. මම දකින්නේ ජ.වි.පෙ.ට ආත්මයක් නැහැ.
මෙවර අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරදවන බව විපක්ෂය පවසනවා.
ආණ්ඩුවේ ජයග‍්‍රහණය ස්ථිරයි. ඕවා විපක්ෂයේ දවල් හීන.
සංවාද සටහනබුද්ධිකා ඉඹුලාන

අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන්ට 141 චක‍්‍රලේඛයෙන් බලපෑමක් නෑ

කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි
මන්තී‍්‍රවරුන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් දැනටමත් ආරම්භ කර ඇති අත්‍යවශ්‍ය සංවර්ධන කාර්යයන් ඉටුකිරීම සඳහා අංක 141 දරන මුදල් අමාත්‍යංශ චක‍්‍රලේඛය මඟින් කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කළ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප‍්‍රකාශ කෙළේය.
රජයේ සංවර්ධන වැඩකටයුතු නතර කිරීමට මෙමගින් කිසිසේත්ම උත්සාහ නොදරන බවද අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘති සඳහා මුදල් වැය කිරීම වැළැක්වීමට පමණක් මෙමගින් උත්සාහ දරන බවද ඇමැතිවරයා කීවේය.
ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා මෙසේද කීවේය.
අපි විපක්ෂයේ සිටියදී අපට විමධ්‍යගත මුදල් හම්බ වුණේ නෑ.
සභාව කල් තබන යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළ කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජවිපෙ) - මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජයේ සමාගම් සභාපතිවරුන් වෙත යවන ලද අංක 141 දරන චක‍්‍රලේඛය මගින් රාජ්‍ය වියදම් කළමනාකරණය නමින් සංවර්ධන වියදම් නතර කිරීමට පියවර ගෙන ඇත.
මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී රත්නායක මහතා - අය-වැය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසුවයි මුදල් අමාත්‍යංශය ලේකම්වරයා මේ චක‍්‍රලේඛය නිකුත් කෙළේ මේ චක‍්‍රලේඛය මඟින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් විමධ්‍යගත අරමුදල්වලින් සිදුකරන ව්‍යාපෘති නතර වනවා පමණක් නොවේ.
ආණ්ඩුවේ අනෙකුත් සියලු සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම මේ චක‍්‍රලේඛය අනුව නතර කළ යුතුයි.

යල් පිනූ යන්ත‍්‍ර වෙනුවට වරායට නව යන්ත‍්‍ර ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා තිබෙනවා- ඇමැති චමල් රාජපක්ෂ

දයා පෙරේරා දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
මිහින් එයාර් සමාගමට වෙන් කළ මුදල් ජනතා සහනාධාරවලට යොදවන්න
- ජෝන් අමරතුංග
අපි හැම දෙයක්ම කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්
- ඇමැති රෝහිත බෝගොල්ලාගම
කොළඹ වරායේ යල් පිනූ සියලුම යන්ත‍්‍ර සූත‍්‍ර වෙනුවට අවුරුදු විසිතුනකට පසු අලුත් යන්ත‍්‍ර සූත‍්‍ර මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙන බව වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්ෂ මහතා අය වැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) ප‍්‍රකාශ කෙළේ ය.
වරාය හා ගුවන් අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් රුපියල් දහයක් කපා හරින ලෙස යෝජනා කරමින් කතා කළ ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ජෝන් අමරතුංග මහතා (එ.ජා.ප.) - මිහින් එයාර් ගුවන් සමාගම ගැන අපට ගැටළු තිබෙනවා.
මේ ගුවන් සමාගමට විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා.
ගුවන් සමාගමේ පාලනාධිකාරියට පත්කර ඇති නිලධාරීන්ට ගුවන් සමාගම් පරිපාලනය ගැන අවබෝධයක් නෑ.
මිහින් ගුවන් සමාගමට වෙන්කර ඇති මුදල් ජනතාව ගේ සහනාධාර සඳහා වෙන් කරන්න.
විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා:- යම් දෙයක් දෙස හොඳ දෘෂ්ඨි කෝණයකින් බැලීමේ හැකියාව විපක්ෂයට දවසින් දවස නැති වෙනවා. ඒ ගැන මට කනගාටුයි.
අවුරුදු හතලිස් ගානකට පසුවයි මඟීන්ට ලාභදායී ලෙස ගමන් කළ හැකි ගුවන් සමාගමක් ලංකාවේ ආරම්භ කෙළේ. එහි නිර්මාතෘවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ප‍්‍රණාමය පුද කළ යුතුයි.
ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමෙන් ඉටුවන කාර්යභාරයට පරිභාහිර සේවයක් කිරීමටයි මිහින් ගුවන් සමාගම ආරම්භ කළේ. මැදපෙරදිග කළාපය තුළ විශාල පිරිසක් සේවය කරනවා.
ඔවුන්ට අඩු මුදලට ගුවන් ටිකට් පත් ලබා දිය යුතුයි. ජාත්‍යන්තර ගුවන් සේවයක් වුණත් මිහින් ලංකා මඟින් මැදපෙරදිග ජීවත් වන ශී‍්‍ර ලාංකිකයින්ට විශාල සේවයක් ඉටු වෙනවා. මේ සේවාව ජාත්‍යන්තර ගුවන් සමාගම්වලින් අපේක්ෂා කරන්නට බෑ.
අපි රටක් සංවර්ධනය කළ යුත්තේ ජනතාව ඉලක්ක කරමින්. එවැනි කාර්ය භාරයක් මිහින් ලංකා ආරම්භ කරමිනුත් අප ගේ රජය ඉටුකර තිබෙනවා.
දඹදිව යන බැතිමනªත්ටත් විශාල සේවාවක් මිහින් ලංකා සමාගමෙන් ඉටුවෙනවා. අප සිංගප්පූරුවට මේ සේවාව මඟින් ගියා. අප වගේම ජනාධිපතිවරයාත් මේ ගුවන් සේවාව මඟින් ගමන් කළා. මොන රටේ ජනාධිපතිවරයාද බජට් එයාර් ලයින් එකකින් ගමන් කරන්නේ. නමුත් අපේ ජනාධිපතිවරයා එවැනි ආදර්ශයක් ලෝකයට ලබා දුන්නා.
ඕනෑම ආයතනයක ගිණුම් පාර්ලිමේන්තුවට යටත්. මෙවැනි ව්‍යවසායන් අපි සිදු කරන්නෙ ජනතාව වෙනුවෙන්. මේවා දෙස දේශපාලන දෘෂ්ඨි කෝණයකින් බලන්නට එපා. අපි හැම දෙයක්ම කරන්නේ රට සහ ජනතාව වෙනුවෙන්. ඒ නිසා මෙවැනි දේවල් රට වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුනිල් හඳුන්නෙත්ති මහතා (ජ.වි.පෙ.) - මෙම කරුණ දෙස දේශපාලන දෘෂ්ඨි කෝණයකින් නොව, ජනතාවගේ දෘෂ්ඨි කෝණයකින් බලන කෙනෙක් ලෙස මම අදහස් දක්වන්නම්.
(නියෝජ්‍ය කාරක සභා සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා මූලාසනයට පැමිණියේය.)
හඳුන්නෙත්ති මහතා:- වරාය හා ගුවන් සේවා අමාත්‍යංශ වාර්තාවෙහි මිහින් ලංකා සමාගම ගැන දීර්ඝව සඳහන් කරල නෑ. අමාත්‍යංශ කිහිපයකට වෙන් කරන මුදල් එක් ආයතනයක් වෙනුවෙන් වෙන් කරලා. 2006 දී ලැබූ ආදායමට වඩා පාඩුවක් වරාය 2007 දී ලබාගෙන තිබෙනවා. ඒ වගේම 2007 දී වරායේ වියදම් වැඩිවෙලා. 2006 දී මිලියන පන්දහසකට වැඩි මෙහෙයුම් ආදායම 2007 වෙනකොට මිලියන තුන්දහස දක්වා අඩුවෙලා. මේවා සඳහන් වෙන්නේ වරායෙ ගිණුම් වාර්තාවල.
අමාත්‍යංශ විසි ගණනක ප‍්‍රාග්ධනය කප්පාදු කරලා. එහෙත් වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයට විශාල මුදලක් වෙන්කරලා. මේ මුදල් වෙන් කර තිබෙන්නෙ මොන මොන ව්‍යාපෘතිවලට ද යන්න පැහැදිලිව දක්වා නැහැ.
වරාය සංවර්ධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා:– මහින්ද චින්තනයේ වරාය පිළිබඳ බොහෝ දේ සඳහන් වෙනවා. ඇමැති චමල් රාජපක්ෂ මහතා යටතේත් වරායේ විශාල සේවාවක් ඉටුවෙනවා. අතීතයේ දී උතුරු කලාපයේ වරායන් ව්‍යාප්ත වී තිබුණා. මාන්තොට එයින් එකක්. දුටුගැමුණු රජු පවා තමාට අවශ්‍ය අලි ඇතුන් වරායයන් ඔස්සෙ විදේශයන්ගෙන් ගෙනවිත් තිබෙනවා.
ජ.වි.පෙ. මන්තී‍්‍රවරු බොරුවට චෝදනා කරන්නෙ නැතිව මේව බලන්න යන්න එන්න. බොරුවට අපට චෝදනා කරන්න එපා. දියකඩනයේ වැඩ අවසන් කිරීමෙන් පසු ටර්මිනල් හතරක් සෑදිය හැකිවෙයි. ඒ ටර්මිනල් හතරෙන් දෙකක් වත් වරාය අධිකාරිය සතු වුණොත් හොඳයි.
පහළොස්වැනි ශත වර්ෂයේ දී චීන නැව් පැමිණියේ හම්බන්තොට වරායටයි. මේ වරාය ඉදිකිරීමෙන් අපට නැව්වලට තෙල් සැපයිය හැකියි.
පත්කළ මන්තී‍්‍ර රාවුෆ් හකීම් මහතා - ( ශී‍්‍ර.ල.මු.කො.) :- අපේ වරායට ඉන්දීය නැව් පැමිණීම අපට විශාල වාසියක්. ඉන්දියාවේ කන්ටේනර් බෑමේ කටයුතු ඉතා සෙමින් සිදුවන නිසා තමයි එරට නැව් මෙරට පැමිණෙන්නේ.
පත්කළ මන්තී‍්‍ර මොහොමඩ් මුසම්මිල් මහතා (ජා.නි.පෙ) වරාය සංවර්ධනයට මෙවර අයවැයෙන් ලබා දී ඇති මුලධන වියදම වැඩි කිරීම ඉතා හොඳ දෙයක්.
ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා :-මිහින් එයාර් සම්බන්ධයෙන් වාර 7 ක දී මේ පාර්ලිමේන්තුවේ කරුණු දක්වා තිබෙනවා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
‘නිල් අහස ජය ගැනීම’ ගැන මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පැහැදිලිව සඳහන් වුණා. අපටම කියා ගුවන් සේවයක් නොතිබූ නිසයි මේ ගුවන් සේවය යෝජනා වුණේ.
කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රවි කරුණානායක මහතා (එ.ජා.ප)- කොළඹ වරායේ 12457ක් වැඩ කරනවා. වියදම මිලියන 5652 යි. එහෙත් එස්. ජී. ටී. ටී. ආයතනය සේවකයන් 612කින් වරාය ලබන ලාභයම ලබාගන්නවා.
වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ මහතා- මිහින් එයාර් ගැන මේ සභාවේ කතා කරන්නේ හත් වැනි වරටයි. අඩුපාඩු සකස් කර ඉවරයි. දෙසැම්බර් 15 වැනිදා වන විට ගුවන්සේවා ආරම්භකර ප‍්‍රතිඵලයන් පෙන්වනවා. ඒ සඳහා සැලැස්ම සකස්කර අවසානයි.
කොළඹ වරායේ දැනට භාවිත වන යන්ත‍්‍ර සුත‍්‍ර බොහෝමයක් අවුරුදු 23කට වඩා පැරැණියි. අලුතින් සැපයීමක් වී නැහැ. ඒ නිසා අවශ්‍ය සියලුම යන්ත‍්‍ර සුත‍්‍ර මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබෙනවා. තරගකාරිත්වයේ අඩුවක් සිදුවුණේ මේ යල් පිනූ යන්ත‍්‍ර සුත‍්‍ර නිසයි.
හම්බන්තොට වරායේ කටයුතු ආරම්භ වී තිබෙනවා. තායිලන්තයේ යෝජිත ට‍්‍රාඇල නිසා හම්බන්තොට වරායට ආර්ථික වශයෙන් වඩා ඵලදායක වෙනවා ඇති.
සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනය කරනවා. ඔළුවිල් වරායේ කටයුතු සිදු කැරෙනවා. වරාය සංවර්ධනයට හා වරාය අධිකාරියට ප‍්‍රයෝජනවත් ආදායම් ලැබිය හැකි ව්‍යාපෘතිද කි‍්‍රයාත්මක කරනවා.
වැය ශිර්ෂ සඳහා ඡන්දයක් නොඉල්ලන බවත් එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධතාව සටහන් කර ගන්නා ලෙසත් ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කෙළේය.
වැය ශිර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (26) පෙරවරු 9.30ට යළි රැස්වේ.

ශ‍්‍රීලනිප තරුණ සංවිධාන කඳවුර අද-හෙට–අනිද්දා තුල්හිරියේ දී

නිරූෂි විමලවීර
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක කෙරෙන ශ‍්‍රී.ල.නි.ප. තරුණ සංවිධාන කඳවුරු සියයේ වැඩසටහනේ මේ මස කඳවුර අද (26) හෙට (27) හා අනිද්දා (28) තෙදින තුල්හිරිය ජනසන්නිවේදන කළමනාකරණ ආයතනයේදී පැවැත්වේ.
ශ‍්‍රී.ල.නි.පක්ෂයේ ජීවය ප‍්‍රභවය විකාශය පිළිබඳව විශේෂ දේශනයක් අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා විසින් සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා මැතිවරණ කොට්ඨාස විසිපහක් නියෝජනය කරමින් තරුණ තරුණියන් සහභාගි වීමට නියමිතය.
මෙම තරුණ කඳවුරු වැඩපිළිවෙළ ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක වෙන බවත්, ඉදිරියේදී තව තවත් විධිමත් හා ආකර්ශනීය ලෙස මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, ඛනිජ තෙල් සම්පත් ඇමැති ශ‍්‍රී.ල.නි.පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජ්‍ය සභාපති දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කෙළේය.

ත‍්‍රස්තවාදය පැරැදවීමේ ගරුත්වය ජනපතිට – හමුදාවට දෙන්න සූදානම්-එස්. බී. දිසානායක

ත‍්‍රස්තවාදය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. එහි ගෞරවය ජනපතිතුමන්ට, ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිවරයාට ලබාදෙන්න අපි සූදානම්.
ප‍්‍රභාකරන් ඝාතනය කරලා ඔහුගේ හිස අරගෙන අපේ රණවිරුවෝ එද්දී අපි සතුටුවිය යුතු යැයි එජාප ජාතික සංවිධායක ලේකම් එස්. බී. දිසානායක මහතා කීය.
ඡන්ද ගණනාවක් පැරැදිලා එජාපය අද ඉන්නේ බෙල්ල ගාවටම එරිලයි. පතුලට වැටුණු ළිං කටින්ම අපි ගොඩ ආ යුතුයි. වාද බේද කෙනෙහලිකම් නතර කරලා පක්ෂය ගොඩගන්න එකතුවෙලා වැඩ කළ යුතුව තිබෙනවා.
එස්. බී. දිසානායක මහතා එසේ පැවැසුවේ පෙරේදා (23) කඩුගන්නාව නගරයේ පැවැති එජාප පාක්ෂික හමුවකදීය.
මෙවර මධ්‍යම පළාත් සභාවට එජාප මහ ඇමැති අපේක්ෂක ලෙස මා අනිවාර්යෙන්ම තරග කරනවා. දිගින් දිගටම මැතිවරණ පරාජය වීම තුළ පක්ෂයෙන් ඈත්ව සිටින පිරිස් අපි යළි පක්ෂය වෙත ළංකරගත යුතුයි.
ආණ්ඩුවට යන මේ රැල්ල එක තැනකින් කඩා ගත්තොත් ගඟ අපිට ආපසු හරවන්න පුළුවන්. මධ්‍යම පළාතේ සුළු ජාතික ඡන්දවලිනුත් 60% කට වඩා අපට ලබාගත හැකියි. මධ්‍යම පළාත් සභාව ජයගෙන ආණ්ඩුවේ ගමන් මඟ ආපස්සට හරවන්න ඕනෑ.
ජනපතිවරණයේදී මහින්ද දිනවලා අද ප‍්‍රභාකරන් ඉල්ලගෙන කනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු බලය විමධ්‍යගත කිරීම හරහා ස්ථිර සාමයක් රට තුළ ඇති කිරීමට රජය පියවර ගත යුතුයි.
මෙම අවස්ථාවට එජාප මහනුවර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද සහභාගි විය.

යෞවන කී‍්‍රඩා උළෙලට තව දින 2යි

ජගත් පේ‍්‍රමචන්ද්‍ර
මෙරට යෞවන යෞවනියන්ගේ කී‍්‍රඩා කුසලතාවන් එළිදැක්වෙන ජාතික යෞවන කී‍්‍රඩා උළෙල සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.
නොවැම්බර් 28දා පස්වරු 4.30ට පැවැත්වෙන විචිත‍්‍රවත් සමාරම්භක උළෙලක් මගින් 20 වැනි ජාතික යෞවන කී‍්‍රඩා උළෙල ඇරැඹෙන්නේ බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ දීය.
දශක දෙකක අතීතයකට උරුමකම් කියන ජාතික යෞවන කී‍්‍රඩා උළෙල ප‍්‍රධාන ලෙස ඇරැඹෙන්නේ 1988 වසරේ දීය. ඒ ජාතික තරුණසේවා සභාවේ අධ්‍යක්‍ෂ චරිත රත්වත්තේ මහතාගේ ප‍්‍රධානත්වයෙනි.
“සෑම යොවුන් පුරයකටම සමගාමීව යෞවන කී‍්‍රඩා දිනයක් පැවැතීය. මේ කාලය වන විට මහවැලි සහ පාසල් කී‍්‍රඩා උළෙලවල් අපේ තරුණ පරපුර අතර ආකර්ශනීය වී තිබුණා.
ඒ අනුව තමයි 1998 වසරේදී යෞවන යෞවනියන් සඳහම වෙන්වූ කී‍්‍රඩා උළෙලක් සංවිධානය වෙන්නේ. “යෞවන කී‍්‍රඩා උළෙලේ ආරම්භයේ සිටම මේ දක්වා ම සමරුකළඹ සංස්කරණය කරනු ලබන ශීලා හිඳුරංගල මහත්මිය ‘දිනමිණ’ට ජාතික යෞවන කී‍්‍රඩා උළෙලේ ආරම්භය සිහිපත් කළේ එලෙසය.
එදා සිට මේ දක්වා බෙනඩික්ට් කුමාරගේ, අසෝක සෝමරත්න, ආචාර්ය කුමාරි නවරත්න, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න සහ භාෂ්වර සේනාංක ගුණරත්න යන මහත්වරුන් යටතේ යෞවන කී‍්‍රඩා උළෙල පණ ගැන්වී ඇත.
එහෙත් 2002 වසරේ සිට 2005 වසර දක්වා වූ වසර ති‍්‍රත්වය යෞවන කී‍්‍රඩා උළෙල දිස්ති‍්‍රක් තරගවලට පමණක් සීමා වුණි. කෙසේ වෙතත් ඒ විරාමයට තිත තැබීමට වත්මන් සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කටයුතු කළේය.
2006 වසරේදී තරුණ කටයුතු ඇමැති ජීවන් කුමාරතුªංග මහතා සමඟ එක්වෙමින් 18 වැනි යෞවන කී‍්‍රඩා උළෙල පෙරටත් වඩා උත්කර්ශවත් ලෙස ඓතිහාසික අනුරාධපුර කී‍්‍රඩාංගණයේ දී නැවැත මෙරට යෞවන යෞවනියන්ට අභිෂේක කිරීමට ඔහු සමත්විය.
“යෞවනත්වය හා කී‍්‍රඩාව එකට අත්වැල් බැඳගනිමින් නිරෝගී, සාමකාමී, සහජීවන සමාජයක් කරා අප තබන ඉදිරි පියවර බෙහෙවින් අර්ථවත් හා ඵලදායි එකක් වනු දැක්ම මාගේ බලාපොරොත්තුවයි.
ඒ අනුවයි මෙරට යෞවන ;යෟවනියන්ට ජාතික යෞවන කී‍්‍රඩා උළෙල විවෘත වන්නේ...” ශී‍්‍ර ලංකා තරුණසේවා සභාවේ සභාපති අධ්‍යක්‍ෂ ජනරාල් භාෂ්වර සේනාංක ගුණරත්න මහතා පැවැසීය.
20 වැනි යෞවන කී‍්‍රඩා උළෙල මේ මස 28, 29, 30 සහ දෙසැම්බර් 01 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

කී‍්‍රඩකයන් හා කී‍්‍රඩා ලෝලීන්ගේ කළහකාරී සිද්ධියෙන් අත්හිටවූ සෝන්ඩර්ස්-රත්නම් පාපන්දු තරගය දොරටු වසා අද පැවැත්වෙයි වැඩිම ගෝල් වාර්තා කළ කැන්ඩියෝක් ඉදි

ප‍්‍රින්ස් ගුණසේකර
කළහකාරී සිද්ධියකින් අතරමගදී අත්හිටවූ රත්නම් - සෝන්ඩර්ස් අතර තරගය අද සවස 4.00 ට කොළඹ සී. ආර්. පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
කී‍්‍රඩාංගණයේ සියලු දොරටු වසා පාපන්දු පෙ‍්‍ර්ක්‍ෂකයන්ට ඇතුළුවීමට අවසර නොදී මෙම තරගය පැවැත්වීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තරග කමිටුව තීරණය කොට ඇත.
සෝන්ඩර්ස් - රත්නම් අතර තරගයේ ප‍්‍රතිඵලය කුමක් වුවද සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජයට පි‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව බොහො දුරට අඩුවී ඇත. පසුගියදා පොලිස් පිල වෙතින් ලද පරාජය හේතුවෙන් සෝන්ඩර්ස් පිල තවදුරටත් පසුබෑමට ලක් විය.
මේ අතර ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ මෙතෙක් වැඩිම ගෝල් වාර්තා කර සිටින කැන්ඩියෝක් කී‍්‍රඩා සමාජය වැඩිම ප‍්‍රසාද ලකුණු ලබා ඉදිරියෙන්ම සිටී.
පසුගිය වසරේ ‘ඒ’ කාණ්ඩයෙන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ කැන්ඩියෝක් පිල මෙවර ‘බී’ කාණ්ඩයෙන් තරග වදී. කැන්ඩියෝක් පිල දැනට තරග 8 කට සහභාගී වී ජයග‍්‍රහණ 7 ක් ලබා එක් තරගයක් පරාජයට පත්වී ප‍්‍රසාද ලකුණු 21 ක් ලබා ඇත.
එම තරග 8කදී අනෙක් කණ්ඩායම් වලට එරෙහිව ගෝල් 18 ක් වාර්තා කිරීම කැපී පෙනේ. මෙවර තරගාවලියේ දී කැන්ඩියෝක් පිලට එරෙහිව අනෙකුත් කී‍්‍රඩා සමාජ වාර්තා කර ඇත්තේ ද ගෝල් 5 ක් පමණකි.
කැන්ඩියෝක් පිලේ මේ දක්ෂතාව හේතුවෙන් ‘බී’ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පහසුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව දැනටමත් උදාවී ඇත.
එමෙන්ම ‘බී’ කොටසේ දෙවැනි කාණ්ඩයේ ඉදිරියෙන් සිටින ඕල්ඩ් බෙන්ස් පිලද තරග 8 කදී ප‍්‍රසාද ලකුණු 19 ක් ලබා ඇත. ඔවුන් ජයග‍්‍රහණ 6 ක් ද එක් තරගයක් ජය පැරදුමෙන් තොරවද එක් තරගයක් පරාජය වී ගෝල් 17 ක් ලබා ගත්තේය. ඕල්ඩ් බෙන්ස් පිලට එරෙහිව අනෙක් කණ්ඩායම් ගෝල් 6 ක් වාර්තා කළහ.
කැන්ඩියෝක් – මායා
විගුලවත්ත කී‍්‍රඩාංගණයේදී නිමාව දුටු කැන්ඩියෝක් හා මායා කී‍්‍රඩා සමාජය අතර තරගයෙන් ගෝල් 4 – 0 ක ජයක් කැන්ඩියෝක් පිල සතු විය. කැන්ඩියෝක් පිලේ ඩබ්ලිව්. ඒ. එස්. සාගර ගෝල් 3 ක් ද එස්. එම්. රීසා ගෝලයක් ද වාර්තා කළහ.
දොන් බොස්කෝ - හයිලයින්
මහනුවර බෝගම්බර කී‍්‍රඩා පිටියේ පැවැති මේ තරගයෙන් දොන්බොස්කෝ පිලට ගෝල් 4 – 3 ක ජයක් අත් විය. තරගයේ ප‍්‍රථම භාගය නිමා වූයේ ගෝල් 2 – 2 ලෙසිනි. දොන්බොස්කෝ පිල වෙනුවෙන් පී. එල්. අපෝන්සු ගෝල් 3 ක් ද ආර්. ජේ. කුමාර ගෝලයක්ද වාර්තා කළහ.
සී. එස්. සේනාරත්න, ඩබ්ලිව්. පී. කුමාර හා පී. එම්. විජේසිංහ හයිලයන් පිලට ගෝල් එක් කළහ.
ඕල්ඩ්බෙන්ස් - සරසවි
ශාන්ත බෙනඩික්ට් පිටියේ පැවැති මේ තරගයෙන් ගෝල් 3 – 0 ක පහසු ජයක් ඕල්ඩ්බෙන්ස් පිලට අත් විය. එම්. යෝගරාජා, ගෝල් 2 ක්ද ආර්. වේල්ස් ගෝලයක්ද වාර්තා කළහ.
කළුතර පාක් - රෙඩ්සන්
කළුතර මහජන කී‍්‍රඩාංගණයේ පැවැති මේ තරගය දෙපිලම ගෝල් එක බැගින් ලබා ජය පරාජයෙන් තොරව නිමා විය.
කළුතර පාක් පිලේ එල්. ටී. සිල්වා හා රෙඩ්සන් පිලේ පී. දිල්රංග ගෝල් වාර්තා කළහ.

Tuesday, November 25, 2008

58 වැනි සේනාංකයේ සෙබළුන්ට පිරිත් නූල් බැඳ ආශිර්වාද කිරීම . . .


පුනරීන් මුදා ගැනීමේ මෙහෙයුමට දායක වූ යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ සෙබළුන්ට ආශිර්වාද කිරීමේ උත්සවයක් වෙල්ලන්කුලම් විද්‍යාල භූමියේ දී ඊයේ (24) පැවැත්විණි. එහිදී ජනාධිපති උපදේශක වටිනාපහ සෝමානන්ද හිමි ප‍්‍රමුඛ මහා සංඝරත්නය සෙබළුන්ට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළ අයුරු.
ඡායාරූපය – රුක්මාල් ගමගේ

වංචනික අයුරින් මුදල් රැස්කර කොටි සංවිධානයට යැවූ කතක් ගැන පරීක්ෂණ

පුත්තලම සමූහ සහ මුන්නේශ්වරම් සමූහ
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් හලාවත හා අවට ප‍්‍රදේශවල පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ ගණනින් වංචනික ලෙස මුදල් එකතු කළ කාන්තාවක්, එම මුදල් එල්.ටී.ටී.ඊ.සංවිධානයට යවන ලද්දේදැයි සැක මතුවී ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණ අරඹා ඇතැයි හලාවත පොලිසිය කියයි.
හලාවත නගරයේ පිහිටි පොලිස්මුර පොල නිලධාරීන් සැකපිට මේ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. ඇය යාපනයේ ඉලවාරි හි පදිංචිකාරියක වන වීරසිංහම් සෙල්වරාණි (අවු:45) නමැත්තියක් බව පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.
මීට වසර 4කට ඉහතදී හලාවත තරුකුපන ප‍්‍රදේශයේ නවාතැන් පොලක නතරවී කැනඩාව, එංගලන්තය, ප‍්‍රංසය යන රටවල විදේශ රැකියා ලබාදෙන බව පවසා හලාවත හා අවට ප‍්‍රදේශවල 50කට අධික සංඛ්‍යාවකගෙන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහක් දක්වා මුදල් ලබාගෙන රැකියාද ලබා නොදී ප‍්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවට හලාවත පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ වංචා විමර්ශන ඒකකයට පැමිණිලි ලැබී තිබුණි.
ඒ අතරේ ඉකුත් සති අන්තයේ හලාවත නගර පොලිස්මුර පොළ නිළධාරීන් විසින් ඇය හලාවත නගරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ වංචනික ලෙස මුදල් ලබාගෙන හලාවත ප‍්‍රදේශයෙන් අතුරුදන්වීමෙන් පසු රුපියල් 7500ක මාසික කුලියක් ගෙවමින් කොළඹ නවාතැන් පොලක නතරවී ඇති ඇය කිසියම් අවශ්‍යතාවකට හොර රහසේ හලාවතට පැමිණි අවස්ථාවේ පොලිසියට කොටුවූ බව පොලිස් ප‍්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.
හලාවත නගර පොලිස් මුරපොලේ සැරයන් 63249 වසන්ත සහ පොලිස් කොස්තාපල් 36760 නීල් යන මහත්වරු මේ කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

සේනාංක හතක් කිලිනොච්චිය වටකරති

විජයානි එදිරිසිංහ
කිලිනොච්චි අත්පත් කැර ගැනීමේ මෙහෙයුමේ යෙදී සිටින ආරක්‍ෂක බළසේනා සහ කොටි ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් පවතී.
කිලිනොච්චි, පරන්තන්, අඩම්පන්, පුදුමුරිප්පුකුලම්, මුරුතන්ඩි හන්දියෙන් බටහිර කොටස යන ප‍්‍රදේශවල මේ දරුණු ගැටුම් හටගෙන තිබේ.
කිලිනොච්චි නගර ආසන්නයේ දරුණු ගැටුම් ඇතිවිණි.
ආරක්‍ෂක බළසේනාවෝ ප‍්‍රදේශ කීපයකින් කිලිනොච්චි වෙත ළඟාවෙමින් සිටිති.
12 වැනි සිංහ, 9 වැනි ගජබා, 8 වැනි හා 10 වැනි පාබල, පළමුවැනි කාර්ය සාධක බළකාය යටතේ 17 වැනි ගැමුණු, 12 වැනි ගජබා සහ 8 වැනි සිංහ යන සේනාංක එම ප‍්‍රදේශවල මෙහෙයුම්වල යෙදී සිටිති

සාමාන්‍ය පෙළ සමත්වන සිසුන්ගේ සංඛ්‍යාව 23% සිට 51% දක්වා වැඩි වෙලා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේදී කියයි

වතුරුගම සමූහ කේ. කේ. එස්. ආරියදාස


ලෝකයේ සමහර ධනවත් රටවල පවා ලෝක ආර්ථිකය කඩා වැටෙමින් පවතින අවස්ථාවක ශ‍්‍රී ලංකාවේ උතුරේ, මානුෂීය මෙහෙයුමක් සිදුකරමින් නැගෙනහිර දකුණ රටපුරා කඩිනම් සංවර්ධනයක් ගෙනයන අවස්ථාවක සමහරුන් වැඩි පඩි ඉල්ලනවා. ගුරු වැටුප් වැඩි කිරීමත් ලබන ජනවාරියේ සිට අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන දැනටමත් වෙන් කරගෙන යනවා යැයි, අධ්‍යාපන ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවැසීය.
ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා එසේ පැවැසීය.
තවදුරටත් කතා කළ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා,
අද අපේ රටේ, යුද්ධ තිබුණත් රටේ සංවර්ධනය ඉදිරියටම යනවා. නැගෙනහිර කඩිනම් සංවර්ධනයකට යොමු කළා. දකුණ ශීඝ‍්‍ර සංවර්ධනයත්, එනිසා ඉවසිලිමත්ව කටයුතු කිරීම යුතුකමක් වෙනවා.
සර තුනකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නාවිටද අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාග ප‍්‍රතිඵල අනුව සමත් ශිෂ්‍ය සංඛ්‍යාව 23% යි. අද එම සංඛ්‍යාව 51% දක්වා වර්ධනය වෙලා.
ගම්පහ රත්නාවලී බාලිකා මහ විද්‍යාලය, අධ්‍යාපන ප‍්‍රගතිය අතින් ඉතා ඉහළ මට්ටමක සිටිනවා. විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය උනන්දුව එම අධ්‍යාපන සංවර්ධනයේ ප‍්‍රගතියට හේතුවයි. ගෘහස්ත කී‍්‍රඩාගාරයක් ඉදිකිරීම අද ආරම්භ වෙලා. ඒ සඳහා පරිත්‍යාගශීලින්ගේත්, පාසල් සංවර්ධන සමිතියත් දායකත්වය ලැබීම ඉතාම සතුටට කරුණක්.
අ.පො.ස. සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අනුව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය මුලු දිවයිනෙන්ම දෙවන ස්ථානය ලබා සිටිනවා.
විදුහල්පතිනිය එච්. ඒ. එච්. ජයවර්ධන, පළාත් සභා මන්තී‍්‍ර අධ්‍යාපන අධීක්ෂණභාර මන්තී‍්‍ර සුනිල් විජේරත්න, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එච්. ඒ. එච්. ජයරත්න යන මහත්ම මහත්මීන්ද තවත් කිහිපදෙනෙක්ද කථා කළහ. ප‍්‍රධාන ශිෂ්‍ය නායිකා අනුරාධා කොස්තා සිසුවියද කථා කළාය.

පන්සලේ ජංගම දුරකථනය සොරා ගත් අඹු සැමි යුවළට දඩ

දොම්පේ සමූහ – ජී. කේ. කරුණාරත්න
පැපිලියවල ශ‍්‍රී ආනන්දාරාම විහාරස්ථානයෙන් ජංගම දුරකථනයක් සොරාගත් අඹුසැමි යුවලකට පූගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා දඩ නියම කළේය.
මේ සොරකම පිළිබඳව පැපිලියවල ශ‍්‍රී ආනන්දාරාම විහාරාධිපති මාරැබේ, පේ‍්‍රමාලෝක හිමියන් පූගොඩ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පූගොඩ පොලිස් ස්ථානාධිපති වික‍්‍රමසිංහ, පොලිස් පරීක්ෂක රණසිංහ, පො.සැ. 29989 පියරත්න පො.කො. 27790 ජයරත්න යන පොලිස් නිලධාරින් පිරිස පරීක්ෂණ පවත්වා දෑතෑමුල්ලේදී සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
මේ යුවල විහාරස්ථානවලට නිතර යමින් එමින් පිරිකර වර්ග අඩු මිලට ගෙන ඒවා වැඩි මිලට විකිණීම කරගෙන යමින් සිටිය යුවලක් බව පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.
යුවලේ කාන්තාව පැපිලියවල ආනන්දාරාමයට මෙදින ගොස් මේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් සැමියාට භාරදී ඇති අතර, සැමියා එය කොළඹ මුස්ලිම් ව්‍යාපාරිකයකුට විකුණා මුදල් ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවිණි.
සැකකරු සමඟ ව්‍යාපාරිකයා වෙත ගිය පොලිසිය, ඔහු ළඟ තිබී, ජංගම දුරකථනය සොයාගෙන පූගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කළේය.
පූගොඩ පොලිස් නිලධාරින්ගේ කරුණු සැලකිල්ලට ගත් පූගොඩ මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු සුජීව නිශ්ශංක මහතා ජංගම දුරකථනය සොරාගත් ඒ. ඉනෝකා දමයන්තිට මාස හයක සිරදඬුවම පස් වසරක් දක්වා අත්හිට වූ සිර දඬුවමක් හා රුපියල් 750.00 දඩයක්ද, ඇගේ සැමියා වූ ඇම්. ඒ. කේ. සුදත් ප‍්‍රියන්තට රුපියල් 750.00 ක දඩයක්ද නියම කළේය.

දකුණේ සෙනෙහස - මිනිස්කම රැගෙන උතුරේ රණවිරුවන් වෙත ගිය සහෝදරත්වයේ දුම්රිය චාරිකාව

අපි මාතර දුම්රිය ස්ථානයට ළඟාවන විට පාන්දර පහට පමණ විය. මාතර දුම්රිය ස්ථානයේ වෙනදාටවඩා වැඩි කලබල ස්වරූපයක් ගෙන තිබිණි.
එහි පළමු වේදිකාවේ නවතා තිබූ දුම්රිය සිංහ කොඩි හා විශාල බැනර් එල්ලා තිබිණි. එම බැනර්වල සටහන් වී තිබුණේ දකුණේ සිට උතුරට ආධාරත් හා ආදරයත් රැගෙන යන සහෝදරත්වයේ දුම්රිය” යනුවෙනි.
මානෙල් මල් ව්‍යාපාරය හා දේශහිතතෙෂී ජාතික ව්‍යාපාරය එක්ව සංවිධානය කරන සහෝදරත්වයේ දුම්රියට ජනතාව විශාල වශයෙන් ආධාර ලබාදී තිබුණි.
මාතර දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ නවතා තිබූ සහෝදරත්වයේ දුම්රියේ බඩු පෙට්ටි දෙක ජනතාව ලබාදී තිබූ ආධාරවලින් පිරි තිබිණි.
උතුර මුදාගැනීමෙ මානුෂීය මෙහෙයුමේ රටවෙනුවෙන් සටන්වදින විරෝදාර රණවිරුවන් හට ජාතියේම ප‍්‍රණාමය ද මේ ආධාර සමඟ උතුරට යනවාට සැක නැත.
ප‍්‍රභාකරන්ගේ තර්ජනවලින් පීඩාවට පත් දෙමළ ජනතාව ඉන් මිදී දකුණට පැමිණෙන්නේ දකුණේ ජනතාවගේ පිළිසරණ පතාය. එහිදී දකුණේ වැසියන් ලෙස අප සැවොම ඔවුන්ට සහෝදරත්වයේ දෑත් දිගු කර ඔවුන්ව රැක බලා ගැනීමේ වගකීමද පැවරී ඇත.
ඒ මේ ශ‍්‍රී ලංකා දේශය අප හැමගේ මවුබිම නිසාය.
සහෝදරත්වයේ දුම්රිය මාතර දුම්රිය ස්ථානයෙන් පිටත්වන්නට මත්තෙන් සර්ව ආගමික වතාවත් කර පිරිත් සජ්ජායනා මැද මැදවච්චිය බලා ගමන් ඇරඹීය.
ඉන් පසුව අපට දැක ගන්නට ලැබුණේ සහෝදරත්වයේ දුම්රිය නැරඹීම සඳහා අතිවිශාල ජනතාවක් දුම්රිය මාර්ගය දපෙස රැස්ව සිට දුම්රියට අත වැනීමය. ඒ ඔවුන්ට මැදවච්චියට යාමට නොහැකි වුණත් ඔවුන්ගේ මනුෂ්‍යත්වය හා සෙනෙහස පුදකිරීමට ය.

ජනතාව ආධාර ලබා දුන් අයුරු
අපි ගමන් අරඹා පැයකට පමණ පසු ගාල්ල දුම්රිය ස්ථානයට ළගාවීමු. එහිදී අප දුම්රිය පැමිණෙන මොහොතේ පිරිත් දේශනාවකින් හා සිංහ කොඩි ලෙලවමින් ගාලු ජනතාව පිළිගත්හ. ගාල්ල දුම්රිය ස්ථානයට විශාල ආධාර තොගයක් ලැබීතිබිණි.
එය සහෝදරත්වයේ දුම්රියට පටවන අතර තුර අපි ජනතාවගේ උද්යෝගය දෙස බලා සිටියෙමු. සෙනග අතරෙන් මතුවූ අවුරුදු හැට පහක් පමණ වන මවක මගෙන් මෙවැන්නක් ඇසිණි. පුතේ මේ කෝච්චිය කොච්චර වෙලා ඉන්නවාද ? තව පැය භාගයක් පමණ මගේ පිළිතුර විය.
ඉන්න මම මොනවාහරි අරන් එන්නම් කියා ඇය කඩිසර ගමනින් ගාලු දුම්රිය ස්ථානයේ වෙළෙඳ සල වෙත දිවගියාය. නැවත ඇය පැමිණියේ සබන් කැට දෙකක් සහ පැනඩෝල් පෙට්ටියක්ද අතැතිවය. ඒ උතුරේ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් දකුණේ අම්මාවරුන්ගේ හද පතුළේ තිබෙන අසීමිත සෙනෙහස කෙතරම්දැයි කියාපෑමට තවත් උදාහරණ අවශ්‍ය නැත.
මේ දුම්රියේ ගෙනයනු ලබන්නේ ජනතාව ලබාදුන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොවේ. දකුණේ ජනතාවගේ ආදරය, සෙනෙහස මනුෂ්‍යකම සියල්ලම කැටිකරගෙන යන දුම්රියෙකැයි මට සිතුණි. ගාල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්ව අපි නැවත මැදවච්චිය සඳහා ගමන් ඇරඹුවෙමු.
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන අපි නැවත මැදවච්චිය සඳහා ගමන් ඇරැඹුවෙමු. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට පැමිණෙන විට දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජේලාල් ද සිල්වා මහතා පෙරටු කරගත් විශාල ජනතාවක් සිය ආධාර ලබාදීමට පැමිණි සිටියහ. මෙයට දිනමිණ පුවත්පතේ කර්තෘ මහින්ද අබේසුන්දර මහතා ද සහභාගිවීම විශේෂත්වයකි.
“සහෝදරත්වයේ දුම්රිය” කළුතර දුම්රිය ස්තානයට පැමිණෙන විට පාර්ලිමේන්තු මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා සමඟ විශාල පිරිසක් හා මහා සංඝරත්නය වැඩමකර තිබිණි. පාසල් ළමයින්ද මේ උදාරතර වැඩසටහනට ඉතාම උද්යෝගයෙන් සහභාගිවීම අනාගතය පිළිබඳ හොඳ පූර්වාදර්ශයකි.
උතුරේ මානුෂීය මෙහෙයුම් ක‍්‍රියාත්මක කර පුනරින් බලය අල්ලා අලිමංකඩ දෙසට බලය විහිදුවමින් සිටින වීරෝදාර රණවිරුවන් දිරිගැන්වීමට ශ‍්‍රී ලාංකිකයන් වශයෙන් අප කාගේත් වගකීමය.
එම ජාතික අවශ්‍යතාව හඳුනාගෙන මානෙල් මල් ව්‍යාපාරය පෙරටුකරගෙන අනෙක් දේශපෙ‍්‍ර්මී බලවේග එක පෙරමුණකට ගෙන මේ කරන සද්කි‍්‍රයාව අප කවුරුත් අගයකළ යුතුය. මුදල් පසු පස දුවන සමාජයක මානෙල් මල් ව්‍යාපාරයේ සාමාජිකයන් විශාල වශයෙන් කැපකිරීම් කරමින් “සහෝදරත්වයේ දුම්රිය” මැදවච්චිය බලා ධාවනය කිරීමේ වැඩ පිළිවෙළ ඇරැඹූහ.
ඒ වගේම යුද්ධය නිසා පීඩාවට පත් අපේම රටේ අපේම සහෝදරයන්ට අබමල් රේණුවක හෝ උපකාර කිරීම දීර්ඝ සංස්කෘතියක් ඇති අපට කියාදිය යුතු නැත. එසේ හෙයින් මේ උදාරතර වැඩසටහනට ජනතාවගෙන් පාට පක්ෂ භේදයකින් තොරව විශාල සහයක් ලැබිණි.
කළුතර දුම්රිය ස්ථානයෙන් පිටත් වූ සහෝදරත්වයෙන් දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් ආධාර ලබාගෙන කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණ පළමු දිනයේ නිමාව සනිටුහන් කෙරිණි.
ඒ වන විටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත විශාල වශයෙන් ආධාර ගෙන ඒමට ජනතාව අමතක නොකළහ. කර්මාන්ත අමාත්‍යාංශයෙන් රණවිරුවන්ට අවශ්‍ය උපකරණ ලබාදුන් අතර, හෙළ උරුමය ද විශාල ආධාර තොගයක් ලබාදුන්නේය.
පසුදින උදෑසන කොළඹ කොටුව දුම්රියපළෙන් මැදවච්චිය බලා සහෝදරත්වයේ දුම්රිය ධාවනය කිරීම සඳහා උත්සවයක්ද පැවැත්විණි. එයට කලාකරුවන්, දේශපාලන අරමුණුවලින් බැහැරව මේ ජාතික සද්කර්තව්‍යයට උරදීම සිදු විය. සඳහාය.
සර්ව ආගමික වතාවත්වලින් පසු මැදවච්චිය බලා ධාවනය ඇරඹූ උතුර දකුණ සිදුකරන සහෝදරත්වයේ දුම්රියට ගම්පහ, වේයන්ගොඩ, පොල්ගහවෙල, කුරුණෑගල මහව හන්දිය දුම්රිය ස්ථානවලින් විශාල ආධාර තොගයක් ලැබිණි.
ඊට අමතරව පාසල් සිසුන් හා තරුණ තරුණියන් විරෝදාර රණවිරුවන්ට ලියූ නිසදැස්, කලානිර්මාණද ලබාදීමට අමතක කළේ නෑ. ඒ සෑම නිර්මාණයකම රණවිරුවන් පිළිබඳ හා ඔවුන්ගේ කැපකිරීම් සම්බන්ධව විශාල වශයෙන් ලියා තිබුණි.
අප අනුරාධපුරය දුම්රිය ස්ථානයට ළඟාවනවිට සවස 5.45ට පමණ විය. එහිදී ජාතිය ගොඩනැගීමේ ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා ප‍්‍රමුඛ අනුරාධපුර ජනතාව දුම්රිය මහත් හරසරින් පිළිගත්හ. දුම්රියේ පැමිණි සියලු දෙනාටම කෝපි කේප්පයකින් සංග‍්‍රහ කිරීමටද අනුරාධපුර වැසියන් අමතක නොකළහ.
අනුරාධපුරයෙන් පිටත්ව මැදවච්චියට යළි ගමන් ඇරඹි ‘සහෝදරත්වයේ දුම්රිය’ මැදවච්චිය ළඟාවනවිට සවස 6.50 පමණ විය. එහිදී විශාල පිරිසක් රණවිරුවන් අප එන මඟ බලාගෙන සිටියේ තම නෑදෑයන් බැලීමට පැමිණෙන විලාසයකිනි.
අප මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් බැසගෙන අපේම සහෝදරයින්ගේ සැපදුක් විමසුවෙමි. අපගේ මේ කි‍්‍රයාවට ඔවුන්ගේ සිත් සතුටින් පිරීගොස් තිබුණි. මෙතෙක් ඔවුන් සිටි කි‍්‍රයාන්විත මානසිකත්වයෙන් මිදී අප සමග ඔවුන්ගේ දුක සැප බෙදාගත් හ.
අප මේ වනතුරු එකතු කරගත් ආධාර අප ඔවුන්ට ලබා දුන්නේ මුලු ශ‍්‍රී ලාංකිකයන්ගේ ප‍්‍රණාමය හා ගෞරවය එක්කරමිනි. ඔවුන් ඒ සියල්ල භාරගත්තේ හද පිරි සතුටිනි. අපසමග වැඩමකළ බෙංගමුවේ නාලක හිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නය පිරිත් දේශනාකර පිරිත් නූල් පැළදවීය.
ඉන් පසු අපි සියලුදෙනාටම කෘතගුණ දැක්වීමත් හැටියට ඔවුන් අපට රාතී‍්‍ර ආහාරය පිළියල කර තිබුණේ ඔවුන්ගේ නෑදෑයන් සලකනවා හා සමානවය.
සමුගැනීමට පෙර බෙංගමුවේ නාලක හිමියන් විසින් දකුණේ පාසල් සිසුන්, තරුණ, තරුණියන් ලියා එවූ ලිපි රණවිරුවන්ට ඇසෙන්නට කියවන්ට වූහ. ලිපි එකදෙක කියවන විට රණවිරුවන්ගේ දෙනෙත්වලින් කදුලු කඩා වැටිනි.
අපටත් එය දරාගත හැකි දෙයක් නොවේ. අපගේ නෙත්වලට කදුළු ඇතිවුනේද නිරන්තරයෙනි. සහෝදරත්වයේ දුම්රිය ගමනේ් සටහන අවසන් කරන්නට ද මට සිතුනේ ඒ එක් ලිපියක තිබූ නිර්මාණයකිනි. එය මෙසේය.
සතුරු බලමුළු පරාජය කරජාතියේ අභිමන් වඩාඉදිරියට යන නුඹේ සවිබලවැඩේවා නොදැනී විඩාඋපන් මවුබිම පෙරටු කරගෙනනුඹ වැදූ මවටත් වඩාපතන්නෙමි අයියන්ඩි නුඹ හට“ආයුරක්ඛන්තු ආවඩා”
සටහන - චමීර ඇල්ලදෙණියඡායාරූප - සමන්ත වීරසිරි

පරිසර ඇමැතිට ජගත් තනතුරක් හිමිවීම පාර්ලිමේන්තුවට ඉමහත් ගෞරවයක් - කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ සහ ස්වර්ණා විජේකෝන්
මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට අනුව පාරිසරික අමාත්‍යංශය දක්ෂ ලෙස මෙහෙයවමින් ආණ්ඩුවට ශක්තියක් වී ඇති පාඨලී චම්පික රණවක ඇමැතිතුමා පාර්ලිමේන්තුවටත් ගෞරවයක් බව කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා පැවැසීය.
දෝහා කටාර්හිදී පසුගියදා පැවැති වියනා සම්මුතියේ 8 වැනි සැසිවාරයේ දී ඉදිරි තෙවසර සඳහා එම සම්මේලනයේ සභාපති ධූරයට පත් වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) පැවැති උත්සවයේ දී කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා මේ බව පැවසීය.
කතානායක වි. ජ. මු. ලොකුබණ්ඩාර මහතා එහි දී මෙසේ ද කීවේය.
චම්පික රණවක ඇමැතිතුමා මේ ආණ්ඩුවේ සිටින දක්ෂ ඇමැතිවරයෙක්. මන්තී‍්‍රවරයකුව සිට ඇමැතිවරයකු බවට පත් වී ඉතාම කෙටි කලක් තුළ දී ජාත්‍යන්තර වශයෙන් මෙවැනි උසස් තනතුරකට පත්වීමට හැකි වූයේ එතුමාගේ දක්ෂතාව නිසයි. එතුමා මෙවන් උසස් තනතුරට පත් වීම මේ රටට කීර්තියක්. අපේ පාර්ලිමේන්තුවට ගෞරවයක්.
අපේ රටේ සිටින්නේ අපට ම අනන්‍ය වූ දක්ෂතාවලින් පිරිපුන් ජනතාවක්. අපේ රට ඉතා පුංචි දූප්පත් රටක්.
ඒත් දෙස බස රැස රැක ගැනීම අතින් අප පොහොසත් බුදුරජාණන් වහන්සේගේ දහමෙන් පෝෂණය වූ මේ රටේ මිහිඳු මහ රහතුන් වහන්සේ හඳුන්වා දුන් ආගමික හර පද්ධතිය තවමත් සුරැකී තිබෙනවා.
අපේ රටේ අනන්‍යතාව හර පද්ධතිය මැනවින් හඳුනාගත් ඇමැතිවරයකු වශයෙන් චම්පික රණවක ඇමැතිතුමා හඳුන්වන්නට පුළුවන්.
එතුමාට ඉතා පැහැදිලි නිරවුල් දර්ශනයක් තිබෙනවා. එබඳු න්‍යායවාදී දර්ශනවාදි නායකත්වයට සුදුසු පුද්ගලයකු මේ තත්ත්වයට පත් කිරීම ගැන ජාතික හෙළ උරුමයට අප ස්තූතිවන්ත විය යුතුයි.
මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් එතුමා රජයට ද ශක්තියක් වී තිබෙනවා. මෙවන් උතුම් පුත‍්‍ර රත්නයක් මෙලොවට බිහිකළ මවුපියන් ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතුයි.
සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා- ශ‍්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික තලයට ගෙන යමින් රටට කීර්තියක් අත්කර දීමට පරිසර ඇමැතිවරයා වශයෙන් චම්පික රණවක මහතා කි‍්‍රයා කර තිබෙනවා.
එතුමා නවක ඇමැතිවරයකු වුවත් එතුමාට බාරදුන් වගකීම ඉතා ම හොඳින් කි‍්‍රයාත්මක කරනවා. විෂය පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තිබෙනවා. මේ විෂය පිළිබඳ පමණක් නොව එතුමා ඕනෑම ප‍්‍රශ්නයක් පිළිබඳ හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා.
මා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති ධූරයට පත් වූයේ එහි විධායක සභාවේ වසර 10ක් කටයුතු කළ පසුවයි. එහෙත් මෙතුමා මේ තනතුරට පත් වූයේ ඉතාම කෙටි කලකින්. එතුමා මටත් වඩා ඉදිරියෙන් සිටිනවා. එතුමා සතු දක්ෂතාව නිසයි මෙතරම් කෙටි කලකින් මෙවන් උසස් තනතුරකට පත්විමට රණවක ඇමැතිතුමාට හැකි වී තිබෙන්නේ.
මෙය අන්තර්ජාතික වශයෙන් විශාල පිළිගැනීමට ලක් වූ සංවිධානයක්.
මෙරට පරිසර ප‍්‍රශ්නවලට මෙන් ම අන්තර්ජාතික පරිසර ප‍්‍රශ්නවලට ද විසඳුම් සෙවීම සඳහා අප රටේ දායකත්වය යෙදවීමට මෙමගින් හැකි වෙනවා. මෙය රටට කලාතුරකින් ලැබෙන අවස්ථාවක්. එසේ ම රටට විශාල ගෞරවයක්. කීර්තියක් අත් වෙනවා.
විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා- අන්තර්ජාතික තලයේ ශ‍්‍රී ලංකාව ඉහළ තත්ත්වයක් අත්කර ගැනීමට නම් විවිධ ක්‍ෂේත‍්‍රවල අප රටේ කි‍්‍රයාකාරිත්වය ඉස්මතු විය යුතුයි.
අපේ රටෙත් පරිසර ක්‍ෂේත‍්‍රයේ ඉටු කෙරෙන සේවය අපට අන්තර්ජාතික වශයෙන් ඉහළ තත්ත්වයක් ලැබීමට හේතු වී තිබෙනවා.
වියනා සම්මේලනයේ සභාපති ධූරය ඉදිරි වසර 3 සඳහා අප රටේ පරිසර ඇමැති මා මිත‍්‍ර චම්පික රණවක මහතාට හිමි වීම මීට හොඳම උදාහරණයයි. පරිසර ඇමැතිවරයාගේ දක්ෂතාව හා කැපවීම නිසා අපට මේ අවස්ථාව උදා වී තිබෙනවා.
ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා- අපේ රටේ පරිසර ක්‍ෂේත‍්‍රයේ නව කාල පරිච්ඡේදයක් උදා කිරීමට වත්මන් පරිසර ඇමැතිවරයා සමත් වී තිබෙනවා.
චම්පික රණවක ඇමැතිතුමාට හිමි වු මේ තනතුර රටට ගෞරවයක්, කීර්තියක්, පරිසර සංරක්ෂණ ක්‍ෂේත‍්‍රය සඳහා අප රටේ දායකත්වය ලොවට වැඩි වැඩියෙන් ලබා දීමට මේ නව තනතුර හේතු වනු ඇත. මේ තනතුරට පත් වූ ඇමැති චම්පික රණවක මහතාට අප සුබ පතනවා.
පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති චම්පික රණවක මහතා- දෝහා කටාර්හි දී පසුගිය දිනවල පැවැති වියානා සම්මුතියේ 8වන සම්මේලනයේ දී ඉදිරි වසර 3 සඳහා එහි සභාපති ධූරය අප රටට හිමි වුණා. මෙය මාගේ පෞද්ගලික ජයග‍්‍රහණයක් නොවේ. අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඕසෝන් ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සුමතිපාල මහතා ඇතුළු නිලධාරීන්ගේ කැපවීම නිසා ලැබූ ජයග‍්‍රහණයක්.
ඕසෝන් වියන සුරැකීම මැනවින් ම කළ රට වශයෙන් 2007 වසරේ දී අප රට පත් වුණා. ආචාර්ය සුමතිපාල මහතා මේ සඳහා කළ කාර්යභාරය වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වුණා. එතුමා මේ ක්‍ෂේත‍්‍රයට විශාල සේවයක් කළ පුද්ගලයෙක්.
අප වැනි රටවලට ධනය බලය එතරම් නැති නිසා අපේ දැනුමෙන් ප‍්‍රයෝජන ගත යුතුයි. අපේ නිලධාරීන් මේ කාර්යය සාර්ථක කරනවා.
ඉදිරි වසර 3 සඳහා වසරකට ඩොලර් මිලියන 450 බැගින් ඕසෝන් සංරක්ෂණ කටයුතු වෙනුවෙන් හිමි වෙනවා. මේ මුදල් නිසි කළමනාකරණයෙන් යුතුව පරිහරණය කිරීමේ වගකීම අපට පැවරෙනවා.
අපේ රටේ අධෝරක්ත කිරණ මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අප යෝජනා කළා. මෙරටට භූගෝලීය වශයෙන් හිමි ව තිබෙන වැදගත්කම සලකා එම අවස්ථාව අපට හිමි කර දීමට හේතු වී තිබෙනවා.
පසුගියදා අප ඉදිරිපත් කළ චිරස්ථායි පාරිසරික දර්ශකය ලොව විශාල පිළිගැනීමකට ලක්ව තිබෙනවා.
අපේ රටේ එක් පුද්ගලයකු ඩොලර් මිලියන 300ක් විදේශයන්ට ණයයි. එහෙත් දියුණු රටවල් අපේ පරිසරයට කර තිබෙන විනාශය නිසා අපට ණයයි. ඒ අනුව විදේශ රටවල් අපට ණය බව පෙන්වා දීමට අප නිර්භීත විය යුතුයි.
පාරිසරික ක්‍ෂේත‍්‍රයේ නම් ජාත්‍යන්තර වශයෙන් අපට කිසිම බලපෑමක් කළ නොහැකියි. පසුගියදා ජී. එස්. පී. ප්ලස් සඳහා පැවැති සාකච්ඡාවල දී අප රටට නොයෙක් කොන්දේසි පැනවීමට උත්සාහ කළත් පාරිසරික අංශයෙන් කිසිඳු කොන්දේසියක් පැනවූයේ නෑ.
ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තු මන්තී‍්‍ර එල්ලාවල මේධානන්ද හිමියෝ අනුශාසනාවක් කළ අතර ජාතික නිදහස් පෙරමුණු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමැතිවරු රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ශී‍්‍ර ලංකාව තරගාවලිය ජය ගනී

ශී‍්‍ර ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් යුත් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග 2 ක් ඉතිරිව තිබියදී තරග 3-0 ක් ලෙස තරගාවලිය ජය ගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ ඊයේ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 28 දී කඩුලු 7 ක් දැවී ලකුණු 171 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ ලබා ගත්තේ ඕවර 28 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 166 ක් පමණි.
සත්කාරක ආරම්භක පිතිකරුවන් වූ හැමිල්ටන් මසකඩ්සා සහ වුසි සිබන්දා පළමු කඩුල්ල සඳහා ලකුණු 76 ක සබඳතාවක් ගොඩනගමින් ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ වෙහෙසට පත් කළහ. ඔවුන් පළමු ලකුණු 50 පන්දු 41 කදී රැස්කළ අතර දැවී යන විට පන්දු 77 ක් පිටියේ රැඳී සිටියහ.
සිබන්දා පන්දු 37 කදී හයේ පහරක් සමග ලකුණු 250 ක් ලබා දැවී ගිය පසු පිටියට පිවිසි ටටේන්ද ටයිබු හා එක් වූ මසකඩ්සා නැවැත ලකුණු 68 ක සබඳතාවක් ගොඩ නැගීමට දායක වූවේය.
තරගයේ වීරයා වූ මසකඩ්සා පන්දු 71 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමග ලකුණු 77 ක් ලබා ගත්තේය. සත්කාරක පිලේ දීර්ඝ ලකුණු සබඳතා ද්විත්වයම බිඳ හෙළීමේ පුරෝගාමියා වූයේ තිලාන් තුෂාරය.
දෙවැනි කඩුල්ල බිඳී යෑමත් සමග සිම්බාබ්වේ ඉනිමද ගරා වැටුණ අතර තරගය නිමා වූයේ ශී‍්‍ර ලංකාවට කඩුලු 4 ක ජයග‍්‍රහණයක් හිමිකර දෙමිනි. පිටියේ විනිසුරුවන් වූ අලිම් දර් සහ රසල් ටිෆින් කිහිප වරක්ම පිටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තරගය එක් පිළකට ඕවර 28කට සීමා කළහ.
කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ‍්‍රී ලංකාව සතු කෙළේය.
ඒ අනුව ශ‍්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු වූයේ කුමාර සංගක්කාරය. ඔහු පන්දු 59ක දී හතරේ පහර 4 ක් සමග ලකුණු 57ක් රැස් කෙළේය. ඔහු සහ මුබාරක් එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කළහ. ඒ ශ‍්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව විය

Monday, November 24, 2008

ශ‍්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ල


අමෙරිකානු ඩොලර් මිලියන 250ක වියදමින් බත්තරමුල්ල ප‍්‍රදේශයේ ඉදිකෙරෙන නිවාස හා කාර්යාල සංකීර්ණයට අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ අතින් ඊයේ (23) මුල්ගල් තැබිණි. මහල් 70ක නිවාස සංකීර්ණයකින් හා මහල් 40ක කාර්යාල සංකීර්ණයකින් යුක්තව ඉදිකෙරෙන මෙම ගොඩනැඟිල්ල ශ‍්‍රී ලංකාවේ ඉදිකෙරෙන උසම ගොඩනැඟිල්ල ද වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය සමඟ එක්ව ඉන්දියාවේ සුචීර් ආයතනය මෙය ඉදි කරයි

පෙළ පොත් සහ නිල ඇඳුම් පාසල් නිවාඩුවට පෙර දින ලබා දෙනවා - අධ්‍යාපන ඇමැති

නිමල් රාජපක්ෂ
පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් පාසල් නිවාඩුවට පෙර දින (දෙසැම්බර් 4 වැනිදා) බෙදා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන ඇමැතිවරයා මේ අදහස් පළකෙළේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඉදිරියේ ගුරුමාරු උපදේශන සංග‍්‍රහය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී එළිදැක්වූ අවස්ථාවේ දීය.
මෙහිදී අදහස් දැක්වූ සුසිල් පෙ‍්‍ර්මජයන්ත මහතා. පෙළපොත් හා නිලඇඳුම් යාපනය ඇතුළු දුෂ්කර ප‍්‍රදේශවලට යැවීම සඳහා කොටස් දෙකකට නැව්ගත කර තිබෙනවා. පෙළපොත් හා නිල ඇඳුම් කලට වේලාවට සියලු පාසල්වලට යවා පාසල් දරුවනට බෙදාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයිද කීවේය.
මීට පෙර වසර වලදී ගුරු උපදේශන නිර්දේශ බෙදා හැරීමට ප‍්‍රමාද වූවා. එහෙත් මෙවර 2009 වසර සඳහා සියලු මාර්ග උපදේශන සංග‍්‍රහයන් සූදානම් කර තිබෙනවා.
දැනටමත් ලබන වසරේ අටවන ශ්‍රේණිය පෙළපොත් සියයට අනුපහක් (95%) මුද්‍රණය කර නිකුත්කර අවසන් බවද කීවේය. සිසුන් දෙදහසකට වැඩි පාසල් සඳහා සෘජුව පොත් නිකුත්කර තිබෙනවා.
2009 වසර සඳහා ගුරුමාර්ග උපදේශන පොතද දෙසැම්බර් 4 වැනිදාට ගුරුවරුන්ට ලැබෙන්න සැලැස්විය යුතු වෙනවා.
සමහර පාසල්වලට ලැබිය යුතු පෙළපොත් ප‍්‍රමාණය ලියා එවා නොතිබීම නිසා පැමිණිලි ඒමට ඉඩ තිබෙනවා.
පාසල් දෙසැම්බර් මස 5 දින නිවාඩු දෙන බැවින්ඊට පෙර බෙදාදීම සඳහා බස්නාහිර පළාතේ සියයට අනූඅටයි දශම දෙකක් පෙළපොත් බෙදාහැර තිබෙනවා. පළාත් නවයට පෙළපොත් මිලියන 26ක් අවශ්‍යව ඇතත් මේ වනවිට මිලියන 24.6ක් බෙදාහැර තිබෙනවා. ඉතිරි පෙළපොත් ඉදිරි දින දහය ඇතුළත බෙදා හැරීමට කටයුතු කරන බවද අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.
දෙසැම්බර් මස 5 දින පාසල් නිවාඩු දී ජනවාරි මස 5 දින නව පාසල් වාරය ආරම්භ කරන බැවින් දෙසැම්බර් මස 8 දින අ.පො. ස. සා.පෙළ විභාගය පටන්ගෙන 20 දින අවසන් කිරීමට කටයුතු යොදා තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට පන්ලක්ෂ පනස්දහසක් පෙනී සිටින බැවින් උත්තර පත‍්‍ර සමීක්ෂණය කිරීම දෙසැම්බර් මස 28 දින ආරම්භ කරන බවද කීය. ජාතික පාසල් සඳහා උපාධිධාරී ගරුවරුන් බඳවා ගැනීම සඳහා සති දෙකක් ඇතුළත සම්මුඛ පරීක්ෂණ පවත්වා ජනවාරි මාසය ආරම්භ වනවිට ගුරුපත්වීම් ලබාදීමට පියවර ගන්නවා.
පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ ප‍්‍රථම වටය මේ වනවිට අවසන් වී ඇත. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක වරුන් දෙසැම්බර් මස 5 දින වනවිට සෑම පාසලකම එම ලේඛන ප‍්‍රදර්ශනය කළ යුතුයි.
පාසලක් නොලැබුන මවුපියන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හමුවී දැන්වූ විට තමන් පදිංචි ප‍්‍රදේශයට තිබෙන ඊළඟ පාසල ලබාදීමේ පදනම මත කි‍්‍රයා කරනු ඇත. මේ වනවිට දෙවැනි වටයේ අභියාචනා බාරගෙන අවසාන බැවින් පාසල් ආරම්භ කිරීමට පෙර අදාළ ලිපි ලබාදීමට පියවර ගන්නා බවද කීය.
ජාතික පාසල් ඉල්ලුම් කර නොලැබුනු දරුවන් සඳහා කොළඹ නගරයේ පාසල් දෙකක් ළමයින් ඇතුළත් කිරීම සඳහා සූදානම් කර ඇත.
මේ ක‍්‍රමයෙන් ලබන වසර වන විට ළමයින් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට ඒම අවශ්‍ය නොවෙනු ඇත.
කි‍්‍රයාන්විත රාජකාරියේ සිටින අයගේ දරුවන් පළමු වසරට ඇතුළත් කිරීමේදී පන්තියකට හත්දෙනා බැගින් ඇතුළත් කිරීමට තීරණය කර ඇත.
මේ කටයුතු නිම කිරීමත් සමඟ 2009 වසරේ පළමුවැනි ශ්‍රේණියේ පංති ජනවාරි මස 12 වැනි දින ආරම්භ වන බවද අධ්‍යාපන ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය. මේ අවස්ථාවට විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ, ප‍්‍රකාශන කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එස්.ජේ. පුෂ්පකුමාර යන මහත්වරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගී වූහ.

දින තුනට 311ක් බාර වෙති සමහරු ආවේ ලක්ෂ ගණන් කප්පම් දීලාආණ්ඩුව දීපු කෑමත් කොටි උදුරාගන්නවා දරුවන් බලෙන් යුද පිටියට යවලා

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා සහ වවුනියා උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
කොටි ග‍්‍රහණයෙන් මිදී පැමිණි සාමාන්‍ය වැසියෝ 311 දෙනෙක් යාපනයට සහ ඕමන්තට පැමිණ යුද හමුදාවට බාරවූහ. ආරක්ෂාව පතා පලා ආ මේ පිරිසෙන් සමහරු කොටි සංවිධානයට කප්පම් ලෙස රුපියල් ලක්ෂ දෙකක් හෝ තුනක් ගෙවූ බවද ප‍්‍රකාශ කරති. සෙසු අය කොටින්ට නොදන්වා හොර රහසේ පැමිණි අය වෙති.
තමන්ගේ තරුණ දරුවන් බලෙන් ගෙන ගොස් යුද්ධයට යොදා ගන්නා නිසා මෙසේ පැන ආ බව ඔවුහු ප‍්‍රකාශ කරති. වැඩිහිටියන් බංකර් තැනීමට යොදා ගන්නා බවද ප‍්‍රකාශ වෙයි.
ආණ්ඩුවෙන් ලබාදෙන ආහාර තමන්ට නොලැබෙන බවත් ඒවා කොටි පැහැර ගන්නා බවත් මෙසේ් පැමිණි පිරිස හමුදාවට ප‍්‍රකාශ කරති.
කොටි ග‍්‍රහණයේ අනේක විධ කරදරවලට මුහුණදී සිටින තම හිතවතුන් මුදාගන්නා ලෙස මෙම පිරිස හමුදාවෙන් ඉල්ලා සිටිති. ඒ – 32 මාර්ගය මුදාගත් නිසා තමන්ට යාපනයට පලාඒමට පහසු වූ බවද යාපනයට පැමිණි අය ප‍්‍රකාශ කරති.
කනගරායන්කුලම හා චින්නඅඩම්පන් ප‍්‍රදේශවලින් පුද්ගලයන් 161 දෙනෙකු ඕමන්ත වෙත පැමිණි අතර අනාරක්ෂිත ප‍්‍රදේශවල සිට තවත් සියදෙනෙකු පේරතිව් ජැටිය හා කිලාලි වෙත පැමිණ ඇත.
ඉකුත් දින තුන ඇතුළත පැමිණ ඇති 311 දෙනා අතර කුඩා දරුවන්ද සිටින බව පැවැසීය.වව්නියාව ඕමන්තේ මුරපොළ හරහා ඊයේ සවස තවත් සිවිල් වැසියන් පනස්දෙනකුගෙන් යුත් පිරිසක් පාපැදිවල නැගී පැමිණි බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
එම පිරිස අතර අත්වාරුවෙන් යන කාන්තාවක්ද වන බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය

කොටි ත‍්‍රස්තයන්ගේ රැකවල් සිඳලමින් හමුදාවෝ කිලිනොච්චියට ළඟා වෙති

විජයානි එදිරිසිංහ
උතුරේ මෙහෙයුම්වල යෙදී සිිටින ආරක්ෂක හමුදා ඊයේ (23) පස්වරු වනවිට කිලිනොච්චි නගරය ආසන්නයට පැමිණ සිටින බවට ආරක්ෂක අංශ වාර්තා කරයි.
කිලිනොච්චි නගරය ආසන්නයට ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීම වළක්වාලීම සඳහා කොටි ත‍්‍රස්තවාදීන් විශාල පස් කඳු දමා තිබූ අතර ආරක්ෂක හමුදා එම පස් කඳු ඉවත් කරමින් නගරය ආසන්නයටම පැමිණ ප‍්‍රහාර එල්ල කරති.
මේ වනවිට එම ප‍්‍රදේශය පුරා දරුණු සටන් ඇවිලෙමින් තිබෙන බව එම ආරක්ෂක ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.
කිලිනොච්චි, අඩප්පන්, තෙරුමුරුක්කන්ඩි, පුදුමරිප්පුකුලම් (අඩන්පන්වලට ආසන්නයේ) යන ප‍්‍රදේශවලඊයේ පෙරවරුවේ සිට දරුණු ගැටුම් ඇතිවී තිබේ.
මෙම ප‍්‍රදේශවලද විශාල පස් කඳු දමා ආරක්ෂක හමුදාවලට ප‍්‍රදේශයට ඇතුල්වීම වළක්වා තිබූ බවද පැවසේ. එම සියලු පස් කඳු ආරක්ෂක බල සේනාවෝ ඉවත් කළහ.
අඩප්පන් ප‍්‍රදේශයේ 12 වැනි සිංහ, 9 ගජබා, පුදුමුරිප්පුකුලම් ප‍්‍රදේශයේ 8 වැනි හා 10 වැනි පාබල හමුදාව, අඩප්පන්වලට උතුරින් 1 වැනි කාර්ය සාධක බළකාය යටතේ 17 ගැමුණු, 12 ගජබා හා 8 සිංහ යන සේනාංක මෙම මෙහෙයුම්වල යෙදී සිටිති.

කොටි නායක ස්වර්ණම්ට වෙඩි පුනරීන් කොටි කාලතුවක්කු මුහුදට

කිලිනොච්චි, මුලතිව් ඇතුළු ප‍්‍රදේශ රැක ගැනීමට කොටි ත‍්‍රස්තයෝ නොයෙක් උපක‍්‍රම යොදමින් සිටිති. එහෙත් උපක‍්‍රමශීලීව ඉදිරියට ඇදෙන යුද හමුදාවෝ කොටින්ගේ බළ මුළු රැසක්ම ඉකුත් සතියේ අත්පත් කර ගැනීමට සමත් වූහ.
වන්නි සටන ක‍්‍රමයෙන් උණුසුම් වෙයි. හමුදා ප‍්‍රහාර දැඩි කිරීමට යුද හමුදාව කටයුතු කරයි. මේ ප‍්‍රහාර හමුවේ කළ යුත්තේ කුමක්ද යන්න කොටි ත‍්‍රස්තවාදීන්ට සිතා ගැනීමට වත් නොහැකි වී තිබේ.
පුනරින් අත්පත් කර ගත් 58 වැනි සේනාංකයේ සෙබළු මේ වන විට පුනරින් පරන්තන් මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටිති. බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මෙහෙයවන මෙම සේනාංකය පරන්තන් දෙසට කිලෝමීටර් දාහතක් පමණ ගමන් කෙළේය. පරන්තන් නගරයට ඇතුළු වීම සඳහා මේ සේනාංකයේ සෙබළුන්ට තව ඇත්තේ කිලෝමීටර් හත අටක් පමණි.
පුනරින් නගරයේ සිට පරන්තන් දෙසට කිලෝමීටර් දාහතක් ගමන් කිරීම සඳහා 58 වැනි සේනාංකයේ සෙබළුන් ගත කළේ ඉතා කෙටි කාලයකි. මෙම සේනාංකයේ සෙබළුන්ගේ උපක‍්‍රමශීලීත්වය නිසා දින හතරක දී මේ තරම් විශාල භූමි ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකි විය..
හමුදාපති වන්නි සංචාරයක
පෙරියමඩු ඉලුප්පකඩවායි නච්චිකුඩා, මුලන්කාවිල්, විඩුතලතිව් වැනි ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේදී කොටි ත‍්‍රස්තවාදීන් සමග දින ගණනක් සටන් කිරීමට යුද හමුදාවට සිදු විය. ඊට හේතුවූයේ කොටි ත‍්‍රස්තවාදීන් මේ ප‍්‍රදේශවල විශාල දිය අගල් සහ ඒ අසලම විශාල වැලිකඳු සකස් කිරීමය. එහෙත් මේ වන විට කොටි ත‍්‍රස්තයන්ට එවැනි වැලි කඳු සකස් කිරීමට හමුදාව ඉඩ නොතබයි. කොටින්ගේ ආරක්ෂක වළලු දුබල කිරීමට 58 වැනි සේනාංකයේ සෙබළුන් කටයුතු කර තිබේ.
අනෙයිවෙන්තාන්, මුදුකන්පන්, නෙවිල් ගම්මානය ඇතුළු ගම්මාන පහක් අත්පත් කර ගැනීමට 58 වැනි සේනාංකය ඉකුත් සතියේ සමත් විය. කොටි ත‍්‍රස්තවාදීන් මේ ගම්මානවල සංවර්ධනයට කිසිදු පියවරක් ;ගන නොතිබෙනු දක්නට ලැබිණි. මේ ගම්වල සිටි අහිංසක සිවිල් වැසියන් පොල් අතු පැලකට සීමා කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු ක‍්‍රියා කළහ.
ගම්මානවල පදිංචිව සිටි අහිංසක වැසියන්ගේ සියලු දේපළ කොටි සිය සංවිධානය වෙත පවරාගෙන තිබෙනු දැක ගත හැකි විය. ගම්මානවල තිබුණු බොහෝ නිවාස කොටි බංකර් සකස් කර ගැනීමට යොදා ගෙන තිබුණි.
12 වැනි ගජබා, 11 වැනි පාබල, 9 වැනි ගජබා, 8 වැනි ගජබා රෙජිමේන්තු වල සෙබළුන් මෙලෙස පුනරින් පරන්තන් මාර්ගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටිති.
මෙම සෙබළුන් පරන්තන් දෙසට ගමන් කරන අවස්ථාවේ බී 69 මාර්ගයේ පුනරින් සිට පරන්තන් දෙසට කිලෝමීටර් 12 පමණ දුරින් ඉතා සුවිශේෂී ස්ථානයක් හමුවිය. මාර්ගයේ සෙසු ප‍්‍රදේශ මෙන් නොව මේ ප‍්‍රදේශයේ මාර්ගය අඩි හතළිහක් පමණ පළලට තාර දමා කිලෝමීටර් තුනක් පමණ දුරට සකස් කර තිබුණි.
මේ කිලෝමීටර් තුන ඇතුළත මැදට වන්නට කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් පථයක් සකස් කර ඇත. ගුවන් පථය දෙපසට වන්නට සුදු පැහැති කොන්කී‍්‍රට් කණු යොදා තිබිණි.
ගුවන් යානායක් ගොඩ බැස්සවීම සඳහා භාවිත කරන සියලුම උපක‍්‍රම මෙහි සකස් කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු වග බලා ගත්හ.
කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් පථය ඉදිකර තිබුණේ නෙවිල් ගම්මානයේය. ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී එහි ආරක්ෂාවට ගුවන් පථය දෙපස විශාල පස් බැමි දෙකක් සකස් කිරීමටත් ඔවුහු කටයුතු කළහ. කොටි ත‍්‍රස්තවාදීන් ගුවන් යානයක් කැබලිවශයෙන් ලොරි මගින් මෙතනට ගෙනවිත් පසුව එය සකස් කර ගුවන් ගත කරන බවට සැක සිතිය හැකි යැයි එහි සිටි උසස් හමුදා නිලධාරියෙක් ‘මුර අඩවියට ‘ පැවසීය.
අපි මේ ප‍්‍රදේශයට පැමිණෙන කොට කොටින්ට කළහැකි කිසිවක් තිබුණේ නැහැ. අපේ සේනාංකයේ සෙබළුන් කොටින්ට දිගට හරහට පහර එල්ල කළා.
කොටි මේ ප‍්‍රදේශය අතහැර පලා ගියා යැයි ද ඔහු පැවසීය.
කොටි ත‍්‍රස්තවාදීන් නොසිතන මොහොතක ප‍්‍රහාර එල්ල කිරීමට 5ද වැනි සේනාංකයේ සෙබළුන් වග බලා ගනිති. පුනරින් පරන්තන් මාර්ගයේ ඇති වූ ගැටුම් වලින් කොටි ත‍්‍රස්තවාදීන් 50 කට වැඩි පිරිසක් මිය ගිය බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ අතර කොටි පුනරින් අතහැර පලා යන අවස්ථාවේ කොටි සතුව තිබූ කාලතුවක්කුවක් මුහුදට දමා ගොස් ඇති බවට භූමියේ භට පිරිස් වෙත තොරතුරු ලැබී තිබිණ.
පුනරින් අත්පත් කර ගැනීමෙන් පසුව කළ සෝදිසි මෙහෙයුම්වලදී කොටින්ගේ මරාගෙන මැරෙන යාත‍්‍රා 04 ක් ටී. 56 ගිනි අවි 100ක්, ආර්. පී. ජී. අවියක්, බෝම්බ විදිනයක්, අත් බෝම්බ විශාල ප‍්‍රමාණයක් සහ පතරොම් ද කොටින්ගේ ඇඳුම් ඇතුළු ආහාර තොගයක් ද භට පිරිස් විසින් සොයා ගනු ලැබ ඇත.
මේ අතර 58 වැනි සේනාංකයේ ඉදිරියෙන් ම ගමන් කරන කමාන්ඩෝ සෙබළු කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් සිටිති.
මේ අතර 57 වැනි සේනාංකයට අනුයුක්ත 19 වැනි පාබල රෙජිමේන්තුව ඉකුත් සතියේ දී සුවිශේෂී ජයග‍්‍රහණයක් අත්පත් කර ගත්හ. කොටින්ගේ ප‍්‍රබල ප‍්‍රදේශයක් සියතට ගත් මෙම රෙජිමේන්තුව එහි සිය අණසක පැතිර වූයේ පැය හයක ප‍්‍රබල සටනකින් පසුවය.
ඕලුමඩු සහ අඩිපකාමන් අතර ප‍්‍රදේශයෙන් මාන්කුලමට ඇතුළු වූ මේ බළඇණිය කොටින්ට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කෙළේ ය.
කුඩා කණ්ඩායම් යොදවා මාන්කුලම උතුරු ප‍්‍රදේශය සෝදිසි කෙළේ ය. එහිදී කුඩා කණ්ඩායම්වලට කිසිවක් නෙත ගැටුණේ නැත. කොටි ත‍්‍රස්තවාදීන් එහි රැඳී සිටින බවට තොරතුරු නොවීය.
එහෙත් එම පිරිසේ එක් සෙබළෙක් යමක් දුටුවේ ය. විශාල නුග ගසක් ඉහළින් ඇන්ටනාවක් පෙනෙනු දැක ගත හැකි විය. වහාම කි‍්‍රයාත්මක වූ මෙම කුඩා කණ්ඩායම පණිවිඩ හුවමාරු මඟින් තම ප‍්‍රධානියාට මේ බව සැළ කෙළේ ය.
ප‍්‍රධානියා සියල්ල තේරුම් ගෙන කොටි ත‍්‍රස්තවාදීන්ට පහර එල්ල කරන මොහොත ගැන සිතන්නට විය. ප‍්‍රධානියාගේ අණින් නුග ගස තුන් පැත්තකින් වට කෙරිණි. විශාල නුග ගස යට බංකර් සංකීර්ණයක් දැකගත හැකි විය.
භූමියේ අණදෙන නිලධාරියාගේ අණින් මේ බංකර් සංකීර්ණයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්, කෙරිණි. මෙහිදී කොටි ත‍්‍රස්තවාදීහු ද ප‍්‍රති ප‍්‍රහාර එල්ල කළහ. සෙබළු උපක‍්‍රමශීලීව කොටින්ට දිගින් දිගටම ප‍්‍රහාර එල්, කළහ. කඳවුරු සංකීර්ණය අතහැර කොටි පලා ගියහ.
මේ ගැටුම අතර මේ ප‍්‍රදේශයට සුවිශේෂි රියක් පැමිණියේ ය. යුද පෙරමුණේ සිටි හමුදා සෙබළු එය හොඳින් දැක ගත්හ. බංකර් සංකීර්ණයේ සිටි කොටි නායකයෙකු දිව ගොස් රියට ගොඩ විය. එහෙත් ඒ මොහොත වනවිට එම සුවිශේෂි රථයට භට පිරිස් වෙඩි වරුසාවක් එල්ල කර හමාරය. එම වෙඩි වරුසාවට මැදි වූ කොටි නායකයා රැගෙන කොටි ත‍්‍රස්තවාදීහු පලා ගියහ.
ඔවුහු සුවිශේෂී රථය ද අත්හැර දැමූහ. සෙබළු වහාම රථය අත්අඩංගුවට ගත්හ.
රථයේ ඉදිරි පස කොටසට වෙඩි වැදී තිබිණි. රථයේ සිටින අයට වෙඩි නොවදින ලෙස එය සකස් කැර තිබිණි. රථයේ දී සාකච්ඡා පැවැත්වීමටත් පහසුකම් තිබුණු අතර එක් අයකුට නිදා ගැනීමටත් ආහාර පාන ගැනීමටත් හැකිවන ලෙස සුඛෝපභෝගී පහසුකම් සලසා තිබිණි. මෙම රථය කොටි නායකයකු වන ස්වර්ණම් නමැත්තාගේ බවත් හමුදාව එල්ල කළ වෙඩි ඔහුටත් වැදී ඇති බවත් අනාවරණය විය.
ස්වර්ණම් කොටි සන්නද්ධ අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරයි.
යුද හමුදාව පුනරීන්වලට ළඟාවීමත් සමඟම ස්වර්ණම් කිලිනොච්චි භූමියේ සිට පරන්තන් ප‍්‍රදේශයට කැඳවීමට කොටි නායකත්වය කටයුතු කෙළේ ය. මීට පෙර මේ ප‍්‍රදේශයේ නායකත්වය භානු විසින් උසුලන ලදී.
මාන්කුලම් උතුරු ප‍්‍රදේශයේ භූගත කොටි සංකීර්ණයට හමුදා භටයෝ ඇතුළු වූහ. මේ බංකර් සංකීර්ණය පොළොව යට තට්ටු දෙකකින් යුක්ත වන ලෙස සකස් කිරීමට කොටි ත‍්‍රස්තවාදීහු වගබලා ගත්හ. බංකර් සංකීර්ණයට ඉහළින් විශාල නුග ගසක් ඇති අතර මෙම බංකර් සංකීර්ණය කිසිවකුටත් නොපෙනෙයි.
බංකර් සංකීර්ණයේ නිදා ගැනීමේ පහසුකම්, කණ්ඩායම් ලෙස මේසයක් වටා රැස්ව සාකච්ඡා කිරීමේ පහසුකම්, ජල පහසුකම් ඇතුළු තවත් පහසුකම් රැසක් විය. විශාල තේක්ක කඳන් යොදා එහි බිත්ති සහ ඉහල කොටස ශක්තිමත් කර තිබිණි.
රාජ්‍ය නොවන සංවිධානවල ලාංඡන සහිත භාණ්ඩ රැසක් ද බංකර් සංකීර්ණයේ දැක ගත හැකි විය.
මේ බංකර් සංකීර්ණය මැදි කර ඊට පිටතින් වර්ග කිලෝමීටර් හතරක පමණ ප‍්‍රමාණයක තවත් බංකර් විසිපහක් පමණ සකස් කර තිබිණි.
එම බංකර් අතර සැපයුම් කඳවුරක්ද විය. ආහාරපාන සකස් කර බෙදා හැරීමට මෙම ස්ථානය කොටි විසින් යොදාගනු ලැබ තිබේ.
සිවිල් පුද්ගලයකුට අයත් ගොඩනැගිල්ලේ සීනි ගෝනියක් අමු අඹ ගෝනි පහක්, පරිප්පු, සහල්, අමු මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් හමුදා සෙබළුන්ට හමුවිය. තවත් කොටි බංකරයක තිබී අවිආයුධ ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයක්ද හමුදා භට පිරිස් අතට පත්විය. හමුදා ප‍්‍රහාරවලින් තුවාල ලැබූ ස්වර්ණම් ගැන මෙතෙක් කිසිම තොරතුරක් නැත.
එයින් හැඟෙන්නේ හමුදා ප‍්‍රහාරවලින් ඔහු මියයන්නට හෝ දරුණු ලෙස තුවාල ලබා ඇති බවයි.
අපේ යුද ශක්තිය අතිවිශාලයි. අපට මේ වනවිට හොඳ චිත්ත ශක්තියක් තිබෙනවා. කොටි අපේ ප‍්‍රහාර හමුවේ පලා යනවා. කොටින්ට කළ හැකි කිසිවක් නැහැ. අපට මානුෂික මෙහෙයුම් ඉතා ඉක්මනින් ජයග‍්‍රහණය කළ හැකියි යනුවෙන් පෙරමුණේ සිටින සෙබළෙක් පැවැසීය.
මෙම ගැටුමේදී හමුදා සෙබළුන් දෙදෙනෙක් දිවිපිදූහ.
මාන්කුලම් ප‍්‍රදේශය මෙලෙස අත්පත් කැර ගැනීම නිසා කොටින්ට තවත් සැපයුම් මාර්ගයක් අහිමිවෙයි. මාන්කුලම් ප‍්‍රදේශය 57 වන සේනාංකයේ භට පිරිස් අත්පත් කරගන්නා අවස්ථාව වනවිටත් 58 වැනි සේනාංකයේ විශේෂ භට කණ්ඩායමක් පුනරින් පරන්තන් මාර්ගයෙන් ඉදිරියට පැමිණ කිලිනොච්චි නගරය දෙසට හැරී මෙහෙයුම්වල නිරතව සිිටිති.
යුද පෙරමුණ මෙසේ උණුසුම් වෙද්දී ඉකුත් සතියේ තවත් වැදගත් සිද්ධියක් හට ගත්තේය. අවස්ථා ගණනාවකදී දැඩි ප‍්‍රහාර එල්ල කරමින් අත්පත් කර ගැනීමට උත්සාහ ගෙන තිබූ මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල 53 සහ 55 සේනාංක විසින් අත්පත් කරගනු ලැබුහ.
නාගර්කෝවිල් සහ මුහමලේ ප‍්‍රදේශවලින් කොටි ත‍්‍රස්තවාදීන් පසු බැසීමත් සමඟ කොටින්ට අලිමංකඩ අතහැර දමා යාමට සිදුවනු ඇත. 58 වැනි සේනාංකයද පරන්තන් දෙසින් පැමිණීම නිසා කොටින්ට මෙහිදී බලඇණි තුනක් සමඟ මුහුණට මුහුණලා සටන් කිරීමට සිදුවෙයි.
කොටි ත‍්‍රස්තවාදීන් අලිමංකඩ දක්වා යාපනය දිසාවට පලවා හැරීමෙන් කොටින්ගෙන් එල්ල වූ තර්ජන අඩුවෙයි. එපමණක් නොව යාපනයේ සිටින හමුදා සෙබළුන් මෙහෙයුම්වලට සෘජුවම සම්බන්ධ කර ගැනීමේ අවස්ථාවක්ද උදාවෙයි.
මේ අතර 57 වැනි සේනංකයේ සෙබළුන් යාපනය ඒ - 9 මාර්ගයේ කොටසක්ද අත්පත් කර ගැනීම නිසා කොටි ත‍්‍රස්තවාදීහු ප‍්‍රබල ගැටලුවකට මුහුණ දෙති. කොටින්ගේ සැපයුම් මාර්ගය වී ඇත්තේ මුලතිව් සිට නාගර්කෝවිල් දක්වා මුහුදු ප‍්‍රදේශයේ ප‍්‍රවාහන කටයුතු සිදුකිරීමේදී මුහුදු මාර්ගයෙනි. කොටින්ට ගුවන් හමුදා ප‍්‍රහාර සහ නාවික හමුදා ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවෙයි.
කොටින්ට ඕමන්තේ මුරපොළ පිටුපසට ගෙනයාමට සිදුවී ඇත.
වවුනියාව ඕමන්තේ ප‍්‍රදේශයේ මෙහෙයුම්වල නිරත පාබල හමුදාවෝ දැඩි ප‍්‍රහාර එල්ල කරති. මේ සමඟම කොටි ත‍්‍රස්තවාදීහු මුලතිව් සහ කිලිනොච්චි ප‍්‍රදේශවල කොටුවෙති.
හමුදාව ජයග‍්‍රහණ රැසක් ලබන මේ මොහොතේ ඇතැම් කණ්ඩායම් එම ජයග‍්‍රහණ විවේචනය කිරීමට උත්සාහ ගනියි.
එහෙත් මෙවර පුනරින් මුදාගැනීමත් සමඟ යාපනයේ වැසියෝ වීදි බැස සිය සතුට ප‍්‍රසාදය හමුදාවන්ට පුදකර සිටියහ.
- සටහන භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් වන්නි යුද පෙරමුණේ සිට....

මිනී මරු ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අපේ පූර්ණ සහාය ලබාදෙනවා - දේශ හිතෙෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති දඹර අමිල හිමි

අත්තනගල්ල විශේෂ – ජයවීර සුගතපාල
සුජාත දරුවන්, උපන්බිමටත්, වැදූ මවටත් එකවගේ ආදරය කරන බවත්, උපන් බිමේ ඒකීයත්වය, ආදීනත්වය හා අභිමානය වෙනුවෙන් දිවි පිදීම සකලවිධ ස්වර්ග, මෝක්ෂ සම්පත්වලට වඩා ශ්‍රේෂ්ඨ වන බවත්, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දේශහිතෙෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති දඹර අමිල හිමියෝ වේයන්ගොඩදී පැවසූහ.
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියන් දේශ හිතෙෂී ජාතික මධ්‍යස්ථානයේ ගම්පහ දිස්ති‍්‍රක් මංගල මහා සමුළුව ඇමතූ අයුරුයි මේ.ඡායාරූපය – අත්තනගල්ල විශේෂ – ජයවීර සුගතපාල
වේයන්ගොඩ ‘සණස’ ශ‍්‍රවණාගාරයේ පැවති දේශ හිතෙෂී ජාතික මධ්‍යස්ථානයේ ගම්පහ දිස්ති‍්‍රක් මංගල මහ සමුළුවේදී දඹර අමිල හිමියෝ එසේ පැවසූහ. උන්වහන්සේ මෙසේද පැවසූහ.
“මිනීමරු ත‍්‍රස්තවාදය රටෙන් තුරන් කරන්න අපේ පූර්ණ සහාය ලැබෙනවා. දේශපාලනිකව රටේ සමගියක් ඇති කරන්න නම් මුලින්ම ත‍්‍රස්තවාදය තුරන් කළ යුතුයි.
ඉන් පසුව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන සෑම ජනවර්ගයකටම සමානාත්මතාවය දිය යුතුයි. මේ තුන්ගොල්ල ශී‍්‍රලාංකිකයන් වශයෙන් එක මවකගේ දරුවන් මෙන් එකට එක්කර ඔවුන් තුළ රට රැකගැනීමේ ප‍්‍රඥාවන්තභාවය ඇතිකිරීමට දේශ හිතෙෂී ජාතික මධ්‍යස්ථානය කැපවෙනවා.
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික වැලිසර සෝරත හිමි, බාලසුබ‍්‍රමනියම් සාමි, මවුලව් එස්. එම්. එම්. ෆාරුක් සහ නිට්ටඹූව සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ, රිඩ් ෂෙල්ටන් පියනම, පිළිවෙළින් බෞද්ධ, හින්දු, මුස්ලිම් සහ කතෝලික ආගම් වෙනුවෙන් අනුශාසනා පැවැත්වූහ.
දේශහිතෙෂී ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර සමන්ත විද්‍යාරත්න, ආචාර්ය සෝමරත්න හේවා, ගම්පහ දිස්ති‍්‍රක් සමුළු සංවිධායක ලාල් ගුණරත්න මහත්වරුද සමුළුව ඇමතූහ.

‘ඉසුරු පාසල්’ ව්‍යාපෘතිය යටතේ රු.කෝටි හයක වියදමින් මීගොඩ මහා විදුහල සංවර්ධනය කැරේ

හෝමාගම සංචාරක මංජුල හිරිපිටිය
ඉසුරු පාසල් ක‍්‍රමය යටතේ රුපියල් කෝටි හයක මුදලකින් හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයේ මීගොඩ මහ විදුහල සංවර්ධනය කිරීමට පියවර ගැනේ.
පළාත් සභා මගින් කි‍්‍රයාත්මක මෙම වැඩ සටහන සෑම මැතිවරණ කොට්ඨාසයකම සිසුන් ඉහළ සංඛ්‍යාක් සිටින සංවර්ධනය කිරීමට අත්‍යාවශ්‍ය එක් පාසලක් තෝරාගෙන සංවර්ධනය කෙරේ.
හෝමාගම මැතිවරණ කොට්ඨාසය සඳහා පළාත් ඇමැති ගාමිණි තිලකසිරි මහතාගේ යෝජනාවක් අනුව මීගොඩ මහ විදුහල සංවර්ධනය කිරීමට තෝරා ගෙන ඇත.
මේ යටතේ මීගොඩ මහ විදුහලේ ගොඩනැගිලි ඉදිකිරීම් අලුත් වැඩියා කටයුතු, විද්‍යාගාර සහ පුස්තකාල පහසුකම් නංවාලීම , පරිගණක උපකරණ කී‍්‍රඩා හා සංගීත භාණ්ඩ සහ ඩෙස් පුටු ලබා දීමට නියමිතය.

පාපන්දු පිටිය නැවත රත්වෙයි මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් පාපන්දු විනිසුරුවෝ වර්ජනය කරතිසම්මේලනයේ විනිසුරු අධ්‍යක්ෂ පිටියට බසී

ප‍්‍රින්ස් ගුණසේකර
වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේ පැවැති නිව්යංග්ස් හා රිනවුන් අතර පාපන්දු තරගයේ විනිසුරුවන්ට මරණීය තර්ජන එල්ලවීම හේතුවෙන් තරගය වර්ජනය කළහ.
තරගය ආරම්භ කිරීමට පැය දෙකකට කලින් ඩිලාන් පෙරේරා හා මිරැන්ඩෝ යන විනිසුරුවන් දෙපළ තරගය වර්ජනය කරන බව දැනගත් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විනිසුරු අධ්‍යක්ෂ ඒ. එම්. යාපා මහතා කී‍්‍රඩාපිටියට අවතීර්ණ වී තරග විනිශ්චය ලබාදුන්නේය.
ඔහු සමඟ දෙවැනි පෙළ තරග විනිසුරුවන් දෙදෙනෙකුද කටයුතු කළහ. තරගයේ ජය ගෝල් 1 – 0 කින් රිනවුන් පිල සතුවිය.
වෙන්නප්පුව නිව්යංග්ස් කී‍්‍රඩා සමාජයේ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් කළ තර්ජනයට පරීක්ෂණයක් පවත්වන ලෙස පසුගිය සතියේ පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා සිටියද ඒ සඳහා විසඳුම් ලබානොදීම හේතුවෙන් වෙන්නප්පුවේ තරග වර්ජනය කිරීමට ප‍්‍රධාන පෙලේ පාපන්දු විනිසුරුවෝ කිහිප දෙනකුම තීරණය කළහ.
පාපන්දු සම්මේලනයේ ඉහළම නිලධාරින් රැස්වූ අවස්ථාවකදී තර්ජන ගැන පරීක්ෂණයක් කරන ලෙස විවෘතව කළ ඉල්ලීම නොසලකා හැරීම මෙයට ප‍්‍රධානතම හේතුව බව පාපන්දු විනිසුරුවෝ පෙන්වා දෙති.
තමන් කිසිදු අවස්ථාවක පාපන්දු විනිසුරුවන්ට තර්ජනය නොකළ බව නිව්යංග්ස් සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා ‘දිනමිණ’ට පැවැසීය.
වසරකට ලක්ෂ 10 කට අධික මුදලක් වැයකරමින් පාපන්දු කී‍්‍රඩාව නගාසිටුවීමට කි‍්‍රයාකරන තමාට එරෙහිව නිලධාරින් පිරිසක් හා විනිසුරුවන් පිරිසක් ගෙනයන කුමන්ත‍්‍රණයක එක් පියවරක් බව පෙන්වා දුන්නේය.
“කිසිම සිද්ධියක් වෙලා නෑ. වෙන්නප්පුවේ ඉදිරි තරග 5 ක් සම්මේලනය නවතා දමා තිබෙනවා. මගේ විරෝධය ලිඛිතව අද සම්මේලනයට භාරදෙනවා” යැයි ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
විනිසුරුවන් වෙන්නප්පුවට නොයෑම හේතුවෙන් ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ‘නිගම්බු යූත්’, ‘බ්ලුස්ටාර්’ අතර තරගයද කල් දැමිණි.

විනිසුරුට විරෝධය පෑමෙන් ගුවන් - රත්නම් තරගය අත්හිටුවයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාපන්දු කී‍්‍රඩකයෝ තරග විනිසුරු ලබාදුන් තීන්දුවකට විරෝධය පෑම හේතුවෙන් රත්නම් සමග පැවැති තරගය නිමාවීමට විනාඩි 10 ක් පමණ තිබියදී අත්හිටුවීමට සිදුවිය.
කොළඹ සී.ආර්. පිටියේ පැවැති ගුවන් හමුදා - රත්නම් අතර තරගයේ 78 වැනි මිනිත්තුවේදී රත්නම් කී‍්‍රඩකයෙකුට පහරදුන්නේ යැයි ගුවන් හමුදා කී‍්‍රඩකයෙකුට රතු කාඩ්පතක් ලබාදුණි.
එයට මොහොතකට පෙර ගුවන් හමුදාව වාර්තා කළ ගෝලයද රතු කාඩ්පත පෙන්වීමේ සිද්ධියට සම්බන්ධකොට තරග විනිසුරු අවලංගු කිරීම පිළිගත නොහැකි යැයි පවසා ගුවන් හමුදා කී‍්‍රඩකයෝ විරෝධය පලකොට පිටියේ වැඩිවී සිටියහ.
ගුවන් හමුදා කී‍්‍රඩකයාට විනිසුරු රතු කාඩ්පත පෙන්වමින්... ඡායාරූප: ප‍්‍රින්ස් ගුණසේකර
රත්නම් – ගුවන් හමුදාව අතර තරගයේ එම සිද්ධිය වන විට ගෝල් 3 – 1 ක් ලෙස රත්නම් ඉදිරියෙන් සිටියේය.
78 වැනි මිනිත්තුවේදී ගුවන් හමුදාව පිටියේ දකුණු කොළවරින් තවත් ගෝලයක් වාර්තා කරද්දී ගෝල් කාණුවට මීටර් 50 ක් පමණ ඈතින් පහරදීමටක් සිදුවී රත්නම් කී‍්‍රඩකයෙකු බිමවැටී සිටියේය.
මේ පිළිබඳව තරගවිනිසුරු ජී.එන්. රොබේස් පැති විනුසුරු හා සවුවැනි විනිසුරුගෙන් කරුණු විමසා රතු කාඩ්පත පෙන්වා ගුවන් හමුදා පිල ලබාගත් එම ගෝලයද අවලංගු කෙළේය.
කී‍්‍රඩාංගණයට විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබීම හේතුවෙන් කළබලකාරී සිද්ධිය පාලනය වූ අතර තරග ප‍්‍රතිඵලය ලබාදීමද අත්හිටුවීය.
රත්නම් පිල වෙනුවෙන් රවුම් මොහිදීන් කසුන් ජයසූරිය හා ප‍්‍රදීප් පෙරේරාද ගුවන් හමුදා පිල වෙනුවෙන් එස්.සංජීවද ගෝල් වාර්තා කළ හ. ගුවන් හමුදාවේ ජී.රහීම්ට රතු කාඩ්පත් අවවාද ලැබුණි.
පොලිස් සොන්ඩර්ස්
කැලණිය පාපන්දු සංකීර්ණ කී‍්‍රඩා පිටියේ පැවැති පොලිසිය හා ;ස¤න්ඩර්ස් අතර තරගයෙන් පොලිස් පිලට ගෝල් 1 – 0 ක ජයක් හිමිවිය.
තරගයේ 41වැනි මිනිත්තුවේදී පොලිස් කී‍්‍රඩා සමාජයේ චමින්ද රත්නායක තම පිලට ගෝලයක් වාර්තා කළේය. තරගය එම්. රංජිත් මහතා විසින් විනිශ්චය කරන ලදී.

Friday, November 21, 2008

මවක් රණවිරු සුබ සාධනයට මංගල මුද්ද පරිත්‍යාග කරයි


ඉන්දික පොල්කොටුව
රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් බිමේ මානුෂීය මෙහෙයුම්වල නියැලී සිටින රණවිරුවන්ගේ සුබ සාධනයට මංගල මුදුව පරිත්‍යාග කළ මවක් ගැන මහනුවරින් වාර්තා වෙයි.
මහනුවර දළදා මාලිගාවේ පැවැති අසූහාර දහසේ පහන් පින්කමට සහභාගී වූ කටුගස්තොට දොරගමුවේ ඩී. එම්. පොඩිමැණිකේ මහත්මිය යුග දිවිය සංකේතවත් කරන මෙම වටිනා මුදුව ජාතික ආරක්ෂක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දුන්නාය.
ති‍්‍රවිධ හමුදාවට සහ පොලිසියට ආශීර්වාද කිරීම සඳහා ශී‍්‍ර දළදා මාලිගාව අබියස මහ මළුවේදී මෙම ආදර්ශමත් වටිනා පරිත්‍යාගය සිදු කෙරුණි.
රණවිරුවන් වෙනුවෙන් මහ මළුවේ දැල්වුණු 84000ක් වන පහන් දැල්වීමට දහස් ගණනක් එක් රොක්වී සිටියහ.යුද,නාවුක , ගුවන් යන ති‍්‍රවිධ හමුදා නිලධාරින් මෙන්ම පොලිස් නිලධාරින් ඇතුළු සුදු වතින් සැරසුණු දහස් ගණන් පිරිස් වලින් පෙරේදා (19) රාති‍්‍රය මහනුවර ඓතිහාසික මහමළුව පිරී ඉතිරී ගිය අතර 84000ක් වූ පහන් සිළු දල්වාලමින් ජනපතිතුමන්ටත්, රටටත් ,ජනතාවටත්, රණවිරුවන්ටත් ඔවුහු ආශිර්වාදාත්මක ප‍්‍රාර්ථනා ගෙන ආහ.
මෙලෙස පහන් සිළු දල්වාලමින් රට වෙනුවෙන් ප‍්‍රාර්ථනා ගෙන ආ ඩී.එම්.මැණිකේ මහත්මිය සිය මංගල මුදුව මෙන්ම ඇය පැළඳ සිටි තවත් රන් මුදුවක්ද රණවිරු සුබ සාධනය උදෙසා පරිත්‍යාග කළා ය.
ගුරු උපදේශකයකු වන තම සැමියා තමාට මංගල දිනයේදී පැළඳ වූ රන් මුදුව වසර 33ක් තිස්සේ අමිල වස්තුවක් ලෙස රැකගත් බවත් මේ මොහොතේ රට වෙනුවෙන් උදාර මෙහෙවරක යෙදෙන රණවිරුවන් උදෙසා තමා එය පරිත්‍යාග කරන බවත් ඩී.එම්.මැණිකේ මහත්මිය කීවාය.
දළදා මැදුර අබියසදී සිදු වූ මෙම කි‍්‍රයාව මුළු රටටම ආදර්ශයක් බවත් මෙවැනි අමිල කි‍්‍රයා තුළින් රණවිරු චිත්ත ධෛර්ය වර්ධනය වන බවත් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.

කොටි ගුවන් පථයක් පරන්තන්වලින් සොයා ගනී අඩම්පන් දෙසින් හමුදා කිලෝ මීටර් 14ක් ඉදිරියට

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස් පුනරින් සිට
පුනරින් පරන්තන් මාර්ගයේ ඉදිරියට ඇදෙන 58 වන සේනාංකයේ සෙබළු කිලෝමීටර් 3 ක් දිගැති කොටින්ගේ ගුවන් පථයක් ඊයේ (20) සොයා ගැනීමට සමත් වූහ.
අඩි 40ක් පමණ පළලැති මෙම ගුවන් පථය කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රධාන මාර්ගයක් උපයෝගී කර ගනිමින් සකස් කර තිබෙනු දක්නට ලැබිණි.
පුනරින් පරන්තන් මාර්ගයේ පුනරින් සිට කිලෝමීටර් 13ක් දුරින් මෙම ගුවන් පථය සකස් කර තිබුණි. ගුවන් පථය දෙපස සුදු පැහැති කොන්කී‍්‍රට් කණු සිටවා ඒවා තද සුදු වර්ණයෙන් තීන්ත ආලේප කර තිබූ අතර දුර සිට පැහැදිලිව පෙනෙන සේ සකස් කර ඇත.
මෙම ගුවන් පථය කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රධාන මාර්ගයක සකස් කර ඇත්තේ හමුදාව නොමග යැවීම සඳහා බව හමුදා නිලධාරීන් සඳහන් කරයි.
ගුවන් පථය සකස් කිරීම සඳහා කොටි ත‍්‍රස්තවාදීන් විසින් රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබා දුන් භාණ්ඩ උපයෝගී කර ගෙන තිබූ ආකාරය පැහැදිලිව දැක ගත හැකි විය.
පුනරින් - පරන්තන් මාර්ගයේ පිහිටි නෙවිල් ගම්මානය ආසන්නයේ මෙම ගුවන් පථය සකස් කර තිබූ අතර ගම්මානයේ වැසියන් කොටින් විසින් බලහත්කාරයෙන් එලවා දමා ඇත.
උතුරේ මානුෂික මෙහෙයුම් වල නිරත යුද හමුදාවෝ සොයාගත් දෙවන ගුවන්පථය මෙය වේ. මේ අතර පුනරීන් හි සිට අඩම්පන් දෙසට කිලෝමීටර් 14 ක් ඉදිරියට ගමන් කිරීමට 58 වැනි සේනාංකයේ සෙබළුන් ඊයේ (20) වන විට සමත් වී තිබේ.
කොටින්ගේ ප‍්‍රබල කඳවුරු කිහිපයක් අත්පත් කර ගනිමින් 58 වැනි සේනාංකය පරන්තන්දෙසට ගමන් කරමින් සිටින බව 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මුහමලේ අල්ලා ගත් හමුදා තවත් ඉදිරියට ගමන් අරඹති

විජයානි එදිරිසිංහ
මුහමලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝ මීටර් අටක් දුර, මීටර් 800 ක් ඉදිරියට බලය ආරක්ෂක හමුදා මගින් තහවුරු කරගෙන තිබේ.
මුහමලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත් කරගත් ආරක්ෂක බළ සේනා මේ වන විට පලෙයි සහ සෝරන්පත්තු ප‍්‍රදේශ ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.
53 වෙනි සහ 55 වෙනි බළ සේනාංක මුහමලේ ඇතුළු එම ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති.
පලෙයි,සෝරන්පත්තු අලිමංකඩ , පරන්තන් ඇතුළු එම ප‍්‍රදේශ අත්පත් කර ගැනීම එම බළසේනාංක වලට පැවරී ඇත.
මුහමලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත් කර ගැනීමේ මෙහෙයුමේදී දෙපාර්ශ්වය අතර දරුණු සටන්පැවති බව ආරක්ෂක අංශ පවසයි. එහිදී කොටින්ට බරපතළ හානි සිදුවී ඇති බවද වාර්තා වෙයි.
කොටින්ගේ බලය යටතේ පැවැති උතුරේ ප‍්‍රදේශවලින් අත්පත් කර ගැනීමට තවත් ඉතිරිව තිබෙන්නේ සියයට දහයක(10)පමණ ප‍්‍රදේශයකි. එම ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේදී කොටින්ගේ දරුණු ප‍්‍රහාර එල්ලවිය හැකි බව ආරක්ෂක අංශ පවසයි.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ කුමන ආකාරයේ දරුණු ප‍්‍රහාර එල්ල කළත් ඒ සෑම ප‍්‍රහාරයකටම මුහුණ දීමේ ශක්තියකින් ආරක්ෂක අංශ සූදානම්ව සිටින බව ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරියෙක් පැවසීය.
මේ ප‍්‍රදේශ අත්පත් කර ගැනීමේ දැවැන්ත මානුෂික මෙහෙයුමේ යෙදී සිටින ආරක්ෂක බළසේනාංක පහේ ප‍්‍රධානම අරමුණ කොටි ත‍්‍රස්තවාදීන් විසින් හිර කරගෙන සිටින ලක්ෂ සංඛ්‍යාත සාමාන්‍ය වැසියන් බේරා ගැනීමයි.
මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වැනි බළ සේනාංකය, බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වැනි බළ සේනාංකය, බි‍්‍රගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් යුත් 59 වන බළසේනාංකය, බි‍්‍රගේඩියර් රෝහණ බංඩාරගේ නායකත්වයෙන් යුත් බළසේනාංක දෙක සහ බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ නායකත්වයෙන් යුත් බළසේනාංක 3 එම දැවැන්ත මානුෂික මෙහෙයුමේ යෙදී සිටිති.

අගලවත්තේ සංවර්ධන වැඩට රු:කෝටි 20ක් ලබාදුන්නා ඇමැති මහින්ද සමරසිංහ වළල්ලාවිටදී කියයි

කුමුදු ජයසේකර ඉත්තෑපාන සමූහ
කෝටි 20කට වැඩි මුදල් ප‍්‍රතිපාදන යොදවා අගලවත්ත ඡන්ද කොට්ඨාසයේ සංවර්ධන කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවත් ලබන වර්ෂයේ ගංවතුර පාලනය අවම කිරීම සහ විපතට පත්වන ජනතාවට සහන ලබාදීමට පෙර සූදානම් කි‍්‍රයාවලියක් ගමේ පන්සලෙන් ආරම්භ කරන බව ආපදා කළමණාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.


ඒ මහතා එසේ පැවසුවේ වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාවට ලක්ෂ අසූවක් වටිනා බැකෝ යන්ත‍්‍රයක් ලබාදීම සහ තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.
පසුගියදා අරලියගහ මන්දිරයේදී තමා ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපති තුමා කියා හිටියා අධිවේගී මාර්ග හැදුවට කමක් නෑ ගොවියා ගේ කුඹුරුවලට හානිවෙන්න ඉඩ දෙන්න එපා කියලා අපි ඒ නිසා ගංවතුර අඩුකරන්න හානි අවම කරන්න කටයුතු කරනවා.
ගංවතුර තර්ජන වලට මුල ජනතාවගේ නොදැනුවත්කම කදුමුදුන් හරස් කිරීම වැනිදේ ජනතාව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ සඳහා අධිවේගී මාර්ගය එක්ක එකතුවෙළා. මාර්ග සංවර්ධන අමාත්‍යාංශය සමඟ එකතුවෙළා දේශපාලන පරිපාලන ව්‍යුහ ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායයන ප‍්‍රදේශ සිතියම් ගතකරලා තිබෙනවා.
ලබන වසරේ මෙම විපත් සිදුවෙන ප‍්‍රදේශ හදුනාගෙන ඒවා අවම කිරීමට අදහස් කරනවා. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වෙන් කොට මෙම කටයුතුª ඉක්මනින් ආරම්භ කරන බවත් පැවසීය.
සෑම ප‍්‍රාදේශීය සභාවකට අපි ජෙනරේටර් ලබාදී තිබෙන වා. ජල විපත් සිදුවන ප‍්‍රදේශයට ඒ සඳහා අවශ්‍ය වියළි සලාක පිසූ ආහාර පිසීමට අවශ්‍ය භාජන බඩු බාහිරාදිය ලබාදෙනවා යැයි පැවසීය.
වළල්ලාවිට ප‍්‍රාදේශීය සභාපති උදේනි අතුකෝරල අගලවත්ත ප‍්‍රා / සභා උපසභාපති ඩී.ඩී.දර්ශන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් මතුගම සහකාර පොලිස් අධිකාරී , මිගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්ෂ ව/ ප‍්‍රා ලේකම් ඉන්ද්‍රාකාන්ති මහත්මිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.