Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, July 31, 2008

සටන් විරාම ගිවිසුම් සහ කොටි

යමෙකු විරාමය අයදින්නේ තමන්ට කර කියා ගත නොහැකිව අපහසුතාවයෙන් හති වැටෙද්දී ය. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට ද ඒ න්‍යායෙහි වෙනසක් නැත. සාක් රාජ්‍ය නායක සමුළුවට රට තුළ කටයුතු ලහි ලහියේ සූදානම් වෙද් දී අද කරලියට විත් තිබෙන අලුත් ම මාතෘකාව ද ‘සටන් විරාමයයි’.
කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කෙරෙන සාක් සමුළුව රට තුළ පැවැත්වෙද්දී සටන් විරාමයක් තැබීම සුදුසු නොවන්නේ දැයි කොටි නායකයා රජය පාර්ශවයට අපූරු යෝජනාවක් ගෙනවිත් තිබේ. කල දුටු කළ වළ ඉහ ගන්නට සිතන ප‍්‍රභාකරන්ට මෙවර සාර්ක් රාජ්‍ය නායක සමුළුව නම් කදිම අවස්ථාවකැයි සිතෙන්නට ඇත.
ඔහු ගේ මෙකී යෝජනාවෙහි යටි අරමුණ තේරුම් ගන්නට එදා මෙදා තුර සටන් විරාමවල හැඩරුව දන්නා රටේ පොදු මහත් ජනතාවට නම් අපහසු නොවනු ඇත.
ප‍්‍රභාකරන් ප‍්‍රමුඛ එල්.ටී.ටී.ඊ.යට බරපතල ලෙසත් මාරාන්තික ලෙසත් රිදුම් කන ලෙස පහර දෙන්නට අපේ රණවිරුවන්ට ගෙවුණු තෙවසරකට ආසන්න කාල පරාසය තුළ හැකියාව ලැබිණි. අද වන විට දුර්වල අවසානයකට පිවිස සිටින එල්.ටී.ටී.ඊ.යට යළි නැඟී සිටීමේ බලාපොරොත්තු පෙරදැරිව මෙවන් යෝජනාවක් කළා විය යුතු ය.
තම යුද ශක්තිය බිඳ වැටෙද් දී ත‍්‍රස්තවාදී ගැටළුවට නිසි විසඳුමක් දෙන්නට නම්‍යශීලී වූ රජයන් රවටා බොරු සටන් විරාමයකට එළඹෙන කොටි මූල්‍යමය වශයෙන් ද පිරිස් හා අවි බලයෙන් ද යුද බලයෙන් ද සන්නද්ධ වූ පසු සටන් විරාමයට පයින් ගසා යළිත් තම සුපුරුදු ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කළේ ය. එය අප අත්දැක ඇති යථාර්ථයයි. සටන් විරාමවලින් පසු නැවත උපදින එල්.ටී.ටී.ඊ සංවිධානය මේ රටට පොදු මහත් ජනතාවට සිදුකළ හානි විනාශයන් මෙතෙකැයි ගිනිය නොහැක. 1980 දශකයේ මැද භාගයේ පටන් ප‍්‍රචණ්ඩකාරීව කි‍්‍රයා කළ එල්.ටී.ටී.ඊ.ය ගෙවුණු කාලපරිච්ඡේදය පුරාම සටන් විරාමය තම වාසියට හරවා ගෙන තිබේ. 80 දශකයේ පටන් රටේ දේශපාලන යාන්ත‍්‍රණය වරින් වර වෙනස් වුව ද ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හෝ ඒ සඳහා නිවැරදි විසඳුමක් කරා එන්නට නොහැකි විය.
නිවැරදි දේශපාලන හා යුදමය නායකත්වයක් නොවීම යුදමය ප‍්‍රවේශයන්ගේ දුර්වලතා, අවි ආයුධ හා පිරිස් බලය දුර්වල වීම, විදෙස් මැදිහත්වීම් වැනි විවිධ සාධක හමුවේ ත‍්‍රස්තවාදයට නිවැරදි විසඳුමක් දෙන්නට එවක රජයන් සහ බලධරයින් අපොහොසත් විය.
වරින්වර ත‍්‍රස්තවාදය පරාජය කරන්නට විවිධ යුද මෙහෙයුම් සිදු වුව ද එල්.ටී.ටී.ඊ.ය සටන් විරාම, සාම ගිවිසුම්, ජාත්‍යන්තර මැදිහත් වීම් ලබමින් එහි මුහුණුවර වෙනස් කළේ ය.
ඒ නිසා එහි වාසිය ලබාගත් කොටි දින දිනම ව්‍යාප්ත වන්නට විය. 1987 වඩමාරච්චි මෙහෙයුම් සාර්ථකව කි‍්‍රයාත්මක වෙද්දී කොටි සංවිධානය දකුණු ඉන්දියාවට කන්නලව් කොට ඔවුන් ගේ මැදිහත්වීම මත ලැබූ පන්නරයෙන් යළිත් යළිත් ශක්තිමත්ව නැගී සිටීම මීට එක් නිදසුනකි.
අද වන විට යුද බිමේ දිගින් දිගට ම ජයග‍්‍රහණ ලබමින් තීරණාත්මක සන්ධිස්ථානයක් කරා ප‍්‍රවිශ්ඨ වෙමින් සිටියි. කොටින්ට ඉතුරු වී ඇති මුලතිව් සහ කිලිනොච්චිය ද නුදුරේ ම ආරක්ෂක හමුදා අත්පත් කර ගනු ඇත. එදා විශාල වපසරියක පැතිර තිබුණු එල්.ටී.ටී.ඊ කි‍්‍රයාකාරකම් අද දිස්ති‍්‍රක්ක දෙකකට සීමා වී හමාර ය. එදා නැඟෙනහිර පැවති එල්.ටී.ටී.ඊ. පාලනය බිඳ හෙළමින් සමස්ථ නැගෙනහිර බලය ආරක්ෂක හමුදා අත්පත් කර ගත්තේ ය.
අද නැගෙනහිර ස්වාධීන වූත් නිදහස් වූත් පළාතකි. ඉදින් එල්.ටී.ටී.ඊ.ය සටන් විරාමයක් අයදිනු මිස තවත් විකල්පයක් නොමැති තරම් ය.
දේශපාලන වශයෙන් ත‍්‍රස්තවාදයට නිවැරදි විසඳුමක් දෙන්නට එවක රජයන් එල්.ටී.ටී.ඊයට සාම සාකච්ඡා සඳහා මාවත විවර කර දෙමින් මූලාරම්භයේ පටන් ඔවුන්ගේ ඉල්ලීම්වලට නම්‍යශීලී වෙමින් සටන් විරාම පවා ලබා දුන්නහ. නමුදු දැන් ඔවුන් ගේ අවශ්‍යතාවය කුමක්දැයිඅපි දනිමු. දේශපාලන මැදිහත්වීම් සමගින් සිදු වූ සටන් විරාම සහ සටන් විරාම ගිවිසුම් ඉතිහාසය සුවිශේෂී මතක සටහන් රැසකි. ඒ යුද්ධයකට ආරම්භය ලැබුණු 1983 කාලයයි. එවකට ජනපතිව සිටි ජේ. ආර්.ජයවර්ධන මහතා ප‍්‍රචණ්ඩකාරී තත්වය මැඩලන්නට පියවර ගත්තේ ය.
පසුව ගැටළුවට විසඳුමක් දීමේ අපේක්ෂාවෙන් ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ද සමඟ එක්ව 1985 ජූලි 08 දා ද්විපාර්ශවික සටන් විරාමයක් සහ බලය බෙදීමක් සඳහා වූ තිම්පු සාකච්ඡා අරඹන ලදී. 1985 අගෝස්තු 17 දා එම සාකච්ඡා බිඳ වැටුණි. ඉන්දු – ලංකා සාම ගිවිසුම ද අස්සන් තැබුනේ ද ජේ.ආර්.ජයවර්ධන පාලන සමයේ ය.
1988 බලයට ආ රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපතිවරයා ද කොටි සංවිධානය සමඟින් උතුරු නැගෙනහිර ගැටළුවට විසඳුමක් දීමේ අපේක්ෂාව ඇතිව 1989 මැයි 04 දා හිල්ටන් සාකච්ඡා අරඹන ලදී.
එම සාකච්ඡා ද 1990 ජූනි 10 දා බිඳවැටුනු අතර යළිත් ගැටුම් ආරම්භ විය. රණසිංහ පෙ‍්‍ර්මදාස ජනාධිපති පාලන සමයේ දී ගත් අදූරදර්ශී තීරණයක් නිසා 1990 නැගෙනහිර පළාතේ පොලිස් නිළධාරීන් 401 ක් කොටි සංවිධානය විසින් ඝාතනය කිරීමේ සිද්ධිය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ ය.
ඒ කොටි සංවිධානය අමානුෂික බව ලොවට පෙන් වූ තවත් අවස්ථාවකි.
1994 අගෝස්තු සාම පදනම මත පොදු පෙරමුණ බලයට ඒම සිදු විය. එම වසරේ ම ඔක්තෝබර් එවක රජය එල්.ටී.ටී.ඊ. ය සමඟින් සාකච්ඡා සිදුකරන ලදී.
මේ අතර 1994 නොවැම්බර් 09 දා ජනාධිපතිවරණයෙන් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට ආ අතර කොටි සංවිධානයට සෘජු විසඳුමක් දීමේ අපේක්ෂා ඇතිව වට ගණනාවක් යටතේ සාකච්ඡා සිදුකර තිබේ. නමුදු 1995 අපෙ‍්‍ර්ල් 19 යළිත් ඒකපාර්ශවික තීරණයක් ගනිමින් කොටි සංවිධානය සාකච්ඡාවලින් ඉවත් විය. එතැන් පටන් යළිත් කොටින් ගේ එදිරිවාදිකම් ආරම්භ විය.
1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බලයට පැමිණීම සිදු වුවද ඇගේ පාලන සමය තුළ ත‍්‍රස්තවාදයට විසඳුමක් දෙන්නට ඇය අපොහොසත් විය.
2001 මහ මැතිවරණයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධූරය ලබාගත් අතර 2004 මහ මැතිවරණයෙන් යළිත් එ.ජා.ප. විරෝධී සියළු බලවේග එක්ව පාර්ලිමේන්තු බලය ලබා ගත්හ.
මේ කාලය තුළ 2002 පෙබරවාරි 22 රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එල්.ටී.ටී.ඊ. ය අතර අත්සන් තැබුණු සටන් විරාමය ද වාසියට හරවා ගත් කොටි සන්නද්ධ ශක්තියෙන් මෙන් ම ඒකීය ලංකාවක් තුළ බෙදීම් සීමා මායිම් ද ලකුණු කිරීමට කටයුතු යොදා තිබිණි.
නැවතත් 2000 වසරේ දෙසැම්බරයේ දී ඒකපාර්ශවික සටන් විරාමයක් ආරම්භ කළ කොටි එල්.ටී.ටී.ඊ.ය 2001 අපෙ‍්‍ර්ල් 24 වෙනිදා ඔවුන් විසින් ම එය නිශ්ප‍්‍රභා කරන ලදී.
එසේ සිය කැමැත්තෙන් ඇරඹූ සටන්විරාමය තුළ ද කොටි ත‍්‍රස්ත කි‍්‍රයා අත්හැරියේ නැත. 2001 වසරේ අග භාගයේ දී නෝර්වේ රජය පෙරට එන්නේ මෙම ගැටුම්වලට නිවැරදි විසඳුමක් ලබා දීම උදෙසා සාම මැදහත්කරුවෙක් ලෙසිනි.
2001 දෙසැම්බර් 19 වැනිදා එහි ප‍්‍රතිඵලයක් ලෙස දින 30ක සටන් විරාමයකට අවතීර්ණ වූ අතර 2002 පෙබරවාරි 02 වෙනිදා නෝර්වේ රජයේ මැදිහත්වීම් ලබමින් සටන් විරාම නිරීක්ෂණ කමිටුව ආරම්භ වීම ද විශේෂත්වයකි. ඔවුන් ගේ මැදිහත්වීම් මගින් තායිලන්තයේ දී සාම සාකච්ඡා ආරම්භ වූ අතර නෝර්වේ බර්ලින් සහ ජර්මනියේ දී වට 05 කින් සමන්විතව මෙකී සාකච්ඡා පැවැත්විණි.
2003 අපෙ‍්‍ර්ල් 21 වැනිදා නැවතත් සාම සාකච්ඡා මාවත අත්හල අතර 2006 පෙබරවාරි 07 වැනිදා එරික් සෝල්හයිම් මහතා ගේ මැදිහත් වීම යටතේ දෙපාර්ශවය ම සාම සාකච්ඡාවක් සඳහා එකඟ විය.
2005 නොවැම්බර් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් බලයට පත් වූ අවස්ථාවේ පටන් එල්.ටී.ටී.ඊ. සංවිධානය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රවාහය වෙත ගෙන එන්නට වෙර දැරී ය.
එහි එක් පියවරක් වශයෙන් 2006 ජුනි 08,09 ජිනීවා නුවර දී පළමු සාම සාකච්ඡා වට ආරම්භ වූ අතර 2006 ඔක්තෝම්බර් 28, 29 යන දිනයන්හි ජිනීවා දෙවැනි සාකච්ඡා වටයේ දී කොටි සංවිධානය ඒ – 9 මාර්ගය විවෘත කර ගැනීමට දැරූ උත්සාහයත් සමඟින් සාම සාකච්ඡා ඇණ හිටියේ ය.
2008 ජනවාරි 16 වැනිදා සාම ගිවිසුම මුළුමනින් ම අත්හිටවන ලදී.
මෙලෙස සාම සාකච්ඡා සටන් විරාම පැවති සෑම අවස්ථාවක දීම එල්.ටී.ටී.ඊ. සංවිධානය ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කරමින් තම කි‍්‍රයාකාරකම් දිගින් දිගට ම ගෙන ගියේ ය.
2002 පෙබරවාරි 23 සිට 2006 ජනවාරි 29 දක්වා සටන් විරාම සමයේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් සාමාන්‍ය වැසියන්, විවිධ දේශපාලන පක්ෂ සාමාජිකයින් 313 ක් ඝාතනයට ලක් කර ඇති අතර 507 කට තුවාල සිදුකර තිබේ. මෙයින් 192 ක් ඝාතනයට ලක්වූයේ සාමාන්‍ය වැසියන් ය. ඉතිහාසයේ පටන් සාකච්ඡා මාර්ගයෙන් විසඳුමක් කරා එන්නට අකමැති කොටි සංවිධානය සටන්විරාම කෙරෙහි දක්වන්නේ අප‍්‍රමාණ ලැදියාවකි.
ඒ අනිකක් නිසා නොව වැටුණු තම සංවිධානයට යළිත් නැඟී සිටින්නට කාලය සහ පසුබිම සකස් කරගනු පිණිස ය. මේ අතර එල්.ටී.ටී.ඊය සාම මහලේකම් කාර්යාලය හරහා 2008.07.22 දා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ “සාර්ක් සමුළුවේ සාර්ථකත්වය උදෙසා තමන් මෙම ඒක පාක්ෂික සටන් විරාමය ප‍්‍රකාශයට පත්කිරීමට තීරණය කළ බවයි”.
එසේ ම මේ මස 26 වන දා සිට දින 10 ක් එය කි‍්‍රයාත්මක කරන කොටි නෝර්වේ රාජ්‍ය ද දැනුවත් කර ඇත. මේ තුළ සැඟවුනු ත‍්‍රස්තවාදීන් ගේ මූලික අරමුණු 02 කි.
සාර්ක් සමුළුවට සහභාගී වන රටවල සහ ජාත්‍යන්තරයේ අවධානය සහ අනුකම්පාව තමන් වෙත දිනා ගැනීමත්, උතුරේ ආරක්ෂක හමුදා වෙතින් එල්ලවන දරුණු ප‍්‍රහාර හමුවේ මඳ විරාමයක් ලබා ගෙන නැවත සංවිධානය වීමත් ඔවුන් ගේ එකී අරමුණු ය.
රජය විසින් කොටින් ගේ සටන් විරාමය තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර, සටන් විරාමයක් අවශ්‍ය නම් අවි ආයුධ බිම තබා සාමකාමීව පැමිණිය යුතු බවට රජය දැඩි ස්ථාවරයක සිටියි.
මේ සම්බන්ධයෙන් රජය අදාල පාර්ශව මේ වන විටත් දැනුවත් කර ඇත.
2006 ජූලි මාවිල්ආරුවෙන් ඇරඹි ඉලුප්පකඩවායි දක්වා නොනැවතී එක දිගට ම එල්.ටී.ටී.ඊ.යට පහර දෙමින් යුද ජයග‍්‍රහණ ලැබූ ආරක්ෂක හමුදා ඔවුනට නැගී සිටින්නට කිසිදු ඉඩ හසරක් ලබා දුන්නේ නැත. දිගින් දිගට ම යුද ජයග‍්‍රහණ ලබමින් සංග‍්‍රාම භූමියේ හමුදා සේනාංක ඉදිරියට ඇදෙද් දී හෙම්බත්ව සිටින එල්.ටී.ටී.ඊ සංවිධානය සටන් විරාමයක් ඉල්ලා සිටීම අරුමයක් නොවේ.
මුලතිව්වලටත්, කිලිනොච්චියටත් ආරක්ෂක අංශ ඇතුළු වී හමාර ය. තවත් යා යුතුව ඇත්තේ කෙටි දුරක් පමණි. ත‍්‍රස්තවාදයට සදහටම අවසන් තිත තබන්නට වෙර දරන රජය තැබූ පය ආපසු නොතබනු ඇත. අතීතයේ ගත් වැරදි තීරණ කරා යළිත් නොයෙනු ඇත. ඒ අනිකක නිසා නොව එකී තීරණයන් ගේ දුක්මුසු අත්දැකීම් අප අත්දැක ඇති බැවිනි.
එසේ ම සටන් විරාමයක් ලබා දී යළි යළිත් මේ රටේ ස්වෛරීත්වයට වින කරන්නට, ජන ජීවිතය විනාශ කරන්නට මිනිස් ජීවිත අමු අමුවේ ප‍්‍රභාකරන් ගේ ලේ පිපාසාව වෙනුවෙන් බිලිදෙන්නට වගකිය යුතු රජයකට අවශ්‍යතාවයක් නොමැති බැවිනි.
කවිමල් සූරියආරච්චි

‘සාර්ක්’ අපේ ජනතාව උදෙසා සහයෝගීතාව සාර්ක් රටවල ආහාර සුරක්ෂිත බැංකුවක් පිහිටුවීමට යෝජනා

ජයසිරි මුණසිංහ
සාර්ක් කලාපීය රටවල ජනතාවගේ හදිසි ආහාර අවශ්‍යතා සපුරාලීමට හැකිවන සේ ‘ආහාර සුරක්ෂිත බැංකුවක්’ වහාම පිහිටුවීමට යෝජනාවක් විදේශ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්ථාවර කමිටු රැස්වීමේදී ඊයේ (30) සම්මත වී තිබේ.
කලාපීය රටවල ජනතාවට හදිසි අවශ්‍යතා සඳහා හුවමාරු කර ගැනීමට හෝ අවශ්‍ය නම් මිලදී ගැනීමට මග පෑදෙන ලෙස මේ ආහාර බැංකුව ස්ථාපිත කෙරෙන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පාලිත කොහොන මහතා ප‍්‍රකාශ කළේය.
ඊට අමතරව ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් වූ කලාපීය රටවල තෝරා ගත් නගරවල ආහාර තොග රැස් කොට තබා ගැනීමේ මධ්‍යස්ථාන පිහිටුවීමේ යෝජනාවට ද විදේශීය ලේකම්වරු එකඟතාව පළ කළ බව කොහොන මහතා කීය.
ගංවතුර, නාය යෑම්, නියඟ වැනි ස්වභාවික විපත් හා කෘමි උවදුරු නිසා වගා පාළුවට ලක්ව ආහාර සපයා ගැනීම අතින් දුෂ්කරතාවලට කලාපයේ යම් රටක් පත් වුවහොත් ඊට සහන ලබාදීමට හැකිවන සේ කටයුතු කිරීම මේ බැංකුවේ අරමුණ විය යුතු බවද විදේශ ලේකම්වරයා කීය.
සාර්ක් කලාපීය රටවල කෘෂිකර්මාන්තයේ යෝධ පියවරක් තබමින් නව තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමටත් පසු අස්වනු තාක්ෂණය දියුණු කිරීමටත්, රට රටවල ආහාර ද්‍රව්‍ය කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසීමට මෙහිදී අවධානය යොමු කළ බවද කොහොන මහතා ප‍්‍රකාශ කළේය.
අප කලාපයේ ගොවිතැන ඵලදායී කිරීමට හා ගොවි ජනතාවට වඩා හොඳ ආදායමක් ලබා ගැනීමට නව වැඩපිළිවෙළ තුළින් බලාපොරොත්තු වේ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැති මාධ්‍ය හමුවේදී කොහොන මහතා එසේ කීය.
ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවක් අනුව විශාල ලෙස ආහාර තොග රැස්කොට තැබීමේ සහ හදිසි අවස්ථාවලදී ඒවා හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට ගත යුතු කි‍්‍රයාදාමය ඉදිරියට ගෙන යෑමට ද ඊයේ එකඟතාව පළ වූ බව විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍යාංශ වල ලේකම්වරුන්ගේ ස්ථාවර කමිටුව ඊයේ පැවැත්වූ බවත් එහිදී අප රටට හා කලාපයටම බලපාන යහපත් යෝජනා රැසක් ඉදිරියට ගෙන යෑමට කැමැත්ත පළ කළ බවත් ලේකම්වරයා සඳහන් කළේය.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමටත් එහි ව්‍යාප්තිය සිදුවන අංශ හඳුනාගැනීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සැකසිය යුතු යන සාර්ක් පවුලේ යෝජනාව පිළිබඳ මෙවර වඩාත් කතාබහට ලක් වූ බවද කොහොන මහතා කීය.
සාර්ක් කලාපයේ සියලු රටවල දායකත්වය හා සහභාගීත්වය සහිතව ආර්ථික කලාපයක් බිහි කිරීමේ වැදගත්කම ද මෙහිදී කතිකා වූ බව ලේකම්වරයා ප‍්‍රකාශ කළේය.
සාර්ක් කලාපීය ජනතාවගේ සුබසෙත සැලැසීමට පිහිටුවීමට යෝජිත සාර්ක් සංවර්ධන අරමුදල පිහිටුවීමට කටයුතු කළ බවටද මෙහිදී අවධාරණය කළ කරුණක් බව ඔහු කීය.
ආහාර සුරක්ෂිත තාව ඉහළ නංවා ගැනීමට අමතර ව විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ නිර්මාණාත්මක වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට මෙහිදී විශාල ලෙස අවධානය යොමු වූ බවද ලේකම්වරයා සඳහන් කළේය.
අඩු වියදම් විකල්ප බලශක්ති ක‍්‍රම දිරි ගැන්වීමට මාර්ග සෙවීමට සාර්ක් රටවල විදේශීය ලේකම්වරු එකඟතාවය පළ කළහ.

ඉරණමඩු කළු කොටි පුහුණු කඳවුරකට ජෙට් ප‍්‍රහාර

විජයානි එදිරිසිංහ, චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
ඉරණමඩු වැවට කිලෝ මීටර් තුනක් පමණ වයඹ දෙසින් පිහිටා තිබුණු මරාගෙන මැරෙන කළු කොටි පුහුණුකිරීමේ මධ්‍යස්ථානයක් සහිත ක¼ඳවුරකට ඊයේ (30) උදෑසන ගුවන් හමුදාව විසින් ප‍්‍රහාර එල්ලකැර සම්පූර්ණයෙන්ම විනාශ කැර තිබේ.
ප‍්‍රහාරක ජෙට් යානා මගින් එදින උදෑසන 6.35 ට පමණ මෙම පහරදීම සිදුකැර ඇත. ප‍්‍රහාරයෙන් පසු කඳවුරු පරිශ‍්‍රයේ පිහිටි ගොඩනැගිලි පුපුරා විනාශවී යන අයුරු ගුවනින් නිරීක්ෂණය කැර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පැවැසීය.
ප‍්‍රභූ ඝාතන ඇතුළු විවිධ ප‍්‍රහාරයන් එල්ලකිරීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් පුහුණුකරමින් සිටි මෙම කඳවුර තුළ පුපුරන ද්‍රව්‍ය සහිත අවි ගබඩාවක්ද පිහිටා තිබුණු බව බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.
මේ අනුව නිවැරැදි ඉලක්කය වෙත ප‍්‍රහාර එල්ලකිරීමෙන් පසු කඳවුරු පරිශ‍්‍රය විනාශ වන අයුරු නියමුවන් විසින් නිරීක්ෂණය කර තිබේ.
මේ අතර වවුනියාව වෙල්ලන්කුලම්, කලමඩු හා වැලිඔය කිරිඉබ්බන්වැව උතුර ප‍්‍රදේශවල පිහිටා තිබුණු කොටි ත‍්‍රස්තවාදීන්ගේ් ශක්තිමත් ස්ථාන තුනක් සමග බංකර් අටක් යුද හමුදා භටපිරිස් විසින් පෙරේදා (29) අත්පත්කරගෙන තිබේ.
එදින දෙපිරිස අතර එම ප‍්‍රදේශවලදී ඇතිවූ ගැටුම් හේතුවෙන් ත‍්‍රස්තවාදීන් 21 දෙනෙකු මියගොස් තවත් 16 කට තුවාල සිදුව ඇත.
මෙහිදී යුද හමුදා සෙබළුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත්ව 9 ක් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
ප‍්‍රහාරවලින් පසු සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ටී 56 ජීව උණ්ඩ 5500, මිලි මීටර් 60 මෝටාර් බෝම්බ අටක්, එම ගිනි අවියක්, ටී. 56 ගිනි අවි, අත්බෝම්බ, කොටි නිල ඇඳුම් කට්ටල, ක්ෂේත‍්‍ර වෙළුම්පටි තොගයක් සමග ත‍්‍රස්තවාදී මළසිරුරක් සොයා ගත් බව යුද හමුදාව පවසයි

ඇමැති ඩග්ලස් ඝාතන තැත: කොටි බෝම්බ කතට උදව් දුන් ග‍්‍රාම නිලධාරියා ගෙන්වනවා රහස් පොලිසිය මහෙස්ත‍්‍රාත් අධීකරණයට දන්වයි

රන්ජිත් පද්මසිරි
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඝාතනය කිරීමට තැත් කළ මරාගෙන මැරෙන බෝම්බ කාරිය සමාජසේවා හා සමාජ සුබසාධන අමාත්‍යාංශයට ඇතුළුවීමට භාවිතා කළ ජාතික හැඳුණුම්පතට අදාළ අයැදුම්පත හා නිකුත් කළ ග‍්‍රාම නිලධාරිවරයා ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව රහස් පොලිසිය ඊයේ (30) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
අතිරේක මහේස්ත‍්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය හමුවේ මෙම පැමිණිල්ල ඊයේ (30) යළි කැඳවූ අවස්ථාවේදී මේ බව දන්වා සිටි රහස් පොලිසිය මුලතිව් දිස්ති‍්‍රක්කයට අයත් මෙම ග‍්‍රාමසේවා නිලධාරියා දැනට මුදා නොගත් ප‍්‍රදේශයක සිටින හෙයින් වවුනියාව දිසාපති වරයා මගින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව කීය.
පසුගිය වසරේ ඔක්තෝබර් 28 වන දින සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කිරීමෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ගේ සම්බන්ධීකරණ නිලධාරී ස්ටීවන් පීරිස් මහතා මියගිය බව දන්වා සිටි රහස් පොලිසිය මේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන පවත්වන අතර විමර්ශන කටයුතු අවසන් නොමැති බව දන්වා සිටියේය.
මරාගෙන මැරෙන බෝම්බකාරිය අමාත්‍යාංශයට ඇතුළුවීම සඳහා යොදාගත් ජාතික හැදුණුම්පත් සඳහන් ලිපිනයට අදාළව සිදුකළ විමර්ශනයේ දී එම හැදුණුම්පතේ සඳහන් තැනැත්තා එම ලිපිනයේ පදිංචිව නොමැති බව පුලියන්කුලම ආනන්ද පුලියන්කුලම ග‍්‍රාම සේවා නිලධාරීවරයා සනාථ කර ඇති බව කී රහස් පොලිසිය මරාගෙන මැරෙන බෝම්බකාරියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා කළ විමර්ශනයේ දී අදාළ ජාතික හැදුණුම්පත සකස් කිරීම සඳහා ග‍්‍රාමසේවා නිලධාරීවරයාට ඉදිරිපත් කරන අයැදුම්පතේ සඳහන් අංකයට අනුව මෙම හැදුණුම්පත සුසත්තිපුරම් ග‍්‍රාම නිලධාරී වසමෙන් නිකුත් කර ඇති බවත් එම වසම මුලතිව් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බව සඳහන් කෙළේය.
එම ග‍්‍රාම නිලධාරියා ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු ගෙන්වා ගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවූයේ එම ප‍්‍රදේශය මුදා නොගත් ප‍්‍රදේශයක පිහිටා ඇති හෙයින් එම අදාළ ග‍්‍රාම නිලධාරීවරයා ගෙන්වා ගැනීමට වවුනියාව මහ ලේකම්වරයා මගින් පියවර ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය දන්වා සිටියේය.
අතිරේක මහේස්ත‍්‍රාත් අබේරත්න මහත්මිය කළ විමසීමකට පිළිතුරු දුන් රහස් පොලිසිය සිද්ධියට අදාළ සැකකරුවන් කිසිවකු තවම අත්අඩංගුවට ගෙන නොමැති බවත් රජයේ රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව තවම ලැබී නොමැති බවද කීය.
ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත් අබේරත්න මහත්මිය රස පරීක්‍ෂකවරයාගේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස දන්වා රජයේ රස පරීක්‍ෂකවරයාට සිහිකැඳවීමක් යවන ලෙසත් පැමිණිල්ල ලබන නොවැම්බර් මස 5 දින යළි කැඳවන ලෙසත් නියම කළාය.

කොටි බැංකු නිලධාරියකු හන්තානේ දී අත් අඩංගුවට

ඉන්දික පොල්කොටුව
මුලතිව් පුදුකුඩුඉරිප්පු හි කොටි බැංකු නිලධාරියකු බවට සැක කරන පුද්ගලයකු මහනුවර ප‍්‍රදේශයට පැමිණ හන්තාන ප‍්‍රදේශයේ නිවෙසක සැඟව සිටියදී මහනුවර විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
කොටි පාලන ප‍්‍රදේයේ බැංකු නිලධාරියකු වන 26 හැවිරිදි මෙම ද්‍රවිඩ ජාතික තරුණයා මහනුවරට පැමිණ මෙයට සති කිහිපයක සිට සැඟව සිට ඇත.
තම සහෝදරියක මහනුවර ප‍්‍රදේශයේ සිටින බවත් ඇය හමුවීමට පැමිණි බවත් සැකකරු පොලිසියට ප‍්‍රකාශ කර ඇත.
අත් අඩංගුවට ගැනුණු සැකකරු කිසියම් ත‍්‍රස්ත කි‍්‍රයාවක් මෙහෙයවීමට හෝ ඔත්තු බැලීමට මහනුවරට පැමිණියේ දැයි සොයා පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඉතිහාසයේ මුල්වරට රජරටට නොමිලේ මාළු පැටව්

අනූව දශකයේ මුල්භාගයේ දී මෙරට ජලජීවී වගාව නවතා දමන්නට එවකට පැවැති රජය ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් පොලොන්නරුව මිරිදිය ධීවරයා ද වැටුණේ කබලෙන් ලිපටය.
ඒ වන විට ටොන් 40,000 ක් ව තිබූ මිරිදිය ධීවර නිෂ්පාදනය මුළුමනින් ම අහිමි වූ අතර රටේ ජනතාවගේ පෙ‍්‍ර¤ටීන අවශ්‍යතා සැපයූ එක් සාර්ථක මඟක් ඇහිරී ගියේ ය.
මේ වරද නිවැරැදි කරමින් 1994 අගභාගයේ දී බලයට පත් වූ පොදු ජන එක්සත් පෙරමුණ රජය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මිරිදිය ධීවර ක්ෂේත‍්‍රය නගාසිටුවීමට අවශ්‍ය පියවර සම්පාදනය කිරීමත් සමගම මෙරටේ මිරිදිය ධීවර කාර්මිකයාට යළි උදාවූයේ හොඳ කලකි.
මේ නව පියවර හා සැලසුම් සමගම පොලොන්නරුව මිරිදිය ධීවර කාර්මිකයාට ද උදා වූයේ ද හොඳ කලකි.
හෙක්ටයාර 14,000 ක් පුරා පැතිරුණු විශාල ජලාශ 05කින් ද, හෙක්ටයාර 3200 ක ජල පරිමාවකින් යුතු මධ්‍යම ජලාශ 08කින්ද, කුඩා ජලාශ 60කින්ද, කාලීන ජලාශ 25කින්ද සමන්විත පොලොන්නරුව දිස්ති‍්‍රක්කය තුළින් මෙරට මිරිදිය ධීවර අස්වනු ප‍්‍රමාණයට වාර්තාගත අස්වැන්නක් ලබාදීමට පොලොන්නරුව ධීවරයා ද ඒ අනුව වාසනාවන්ත විය.
ඉතිහාසයේ පළමුවරට මිරිදිය ධීවරයනට නොමිලයේ මත්ස්‍ය පැටවුන් ලබාදීමට රජය කි‍්‍රයාත්මක වැඩසටහන යටතේ ප‍්‍රථම මත්ස්‍ය පැටවුන් තොගය හිමිකර ගැනීමේ වරම ලැබුණේ ද පොලොන්නරුව මිරිදිය ධීවරයාටය.
එම අවස්ථාව පසුගියදා ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරුණු අතර පොලොන්නරුව, මැදිරිගිරිය ප‍්‍රදේශයේ හල්මිල්ල වැව සහ බේබියාවැව ට 'කැට්ලා' වර්ගයේ මසුන් නොමිලයේ ලබාදෙන ලදී.
හල්මිල්ල වැවේ සහ බේබියා වැවේ ධීවර කර්මාන්තයෙන් යැපෙන සංඛ්‍යාව 370 කි. බේබියා වැව ආශ‍්‍රිතව ධීවර පවුල් 50ක් සහ හල්මිල්ලවැව ආශ‍්‍රිතව ධීවර පවුල් 24කි.
හල්මිල්ල වැවට සහ බේබියා වැවට කැට්ලා පැටවුන් 30,000ක් මුදාහැරියා සේම පසුගිය වසරේ දී බේබියා වැවට පමණක් මත්ස්‍ය පැටවුන් 80,000 ක් මුදාහැර ඇත.
(කැට්ලා වර්ගයේ මසුන් මාස 09ක් තුළ කිලෝග‍්‍රෑම් 2ක වර්ධනයක් සිදුවන අතර වසර 05කදී කැට්ලා මත්ස්‍යයෙක් කිලෝග‍්‍රෑම් 50 දක්වා වර්ධනය වෙයි.)
හල්මිල්ල වැවේ ධීවර සමිතියේ සාමාජිකයින් එදා ඉන්න හිටින්නට ඉඩමක් පවා නොමැතිව පීඩා විඳී අයයි. අද ඔවුන් සිටින්නේ ඉඩම් හිමි පුද්ගලයන් වශයෙනි. වැවට බැස දිනකට රුපියල් 1000 ක් පමණ වටිනා මසුන් අල්ලා ගන්නට හැකි බව ඔවුහු පවසති.
මෙයට පෙරදී හල්මිල්ල වැවට මාළු පැටවුන් දැමීමට විශාල මුදලක් වැයකරන්නට මෙම ධීවර සමිතියේ සාමාජිකයිනට සිදුවිය. අවශ්‍ය ආම්පන්න සපයාගත්තේ මේ ගණුදෙණුවෙන් පසු අතේ ඉතිරිවන මුදලෙනි.
මේ සමිතියට අවශ්‍ය ඔරු සපයා ගත්තේ ද ධීවරයින් හරිහම්බ කරගන්නා මුදලිනි. ධීවර සමිතිය සතුව මුදල් නොතිබුණු බැවින් හේනක් කොටා හෝ ගොවිතැනකින් උපයා ගන්නා මුදලින් ඔවුන් ඔරු මිල දී ගත යුතුවෙයි.
මේ අර්බුද මැද මාළු පැටවුන් ද මිල දී ගැනීමට ඔවුනට හැකියාව නොමැති බැවින් නොමිලයේ මාළු පැටවුන් ලබාදීම ඔවුනට මහඟු අත්වැලක් වී ඇත.
හල්මිල්ල වැවේ ධීවරයා සහ බේබියා වැවේ ධීවරයා තමනට රජය මගින් නොමිලයේ මාළු පැටවුන් ලබාදීම පිළිබඳ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, ධීවර ඇමැති ෆීලිකිස් පෙරේරා මහතාටත් ස්තූූතිය පළකරන්නේ කෘෂිකර්මාන්තයට අමතරව දැන් ධීවර කර්මාන්තයේ ද යෙදීමෙන් හොඳ ආදායමක් උපයා ගැනීමට මං පෑදී ඇති බැවිනි.
දැන් අපට අනුන්ට අත නොපා ජීවත් වන්න පුළුවන්. වේලක් ඇර වේලක් කාලා ඉන්න අපට රටක් අවශ්‍යයි. ඒ නිසා අපට ලබාදීලා තිබෙන මේ සම්පත්වලින් උපරිම ප‍්‍රයෝජනය ගෙන සෑහීමකට පත්වනවා.
රට රැක ගැනීමට රජයට අපට දැක්විය හැකි සහයෝගය එයයි' යනුවෙන් මේ වැව් ආශ‍්‍රිතව ජීවත්වන ධීවර කාර්මිකයෝ පවසති.
මේ වැව් ආශ‍්‍රිතව සංචාරයක යෙදුණු ධීවර හා ජලජ සම්පත් ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා
ධීවර අමාත්‍යාංශය අනුබද්ධ ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රුපියල් බිලියන 04 ක මුදලක් යෙදවීමට කටයුතු යොදා තිබෙනවා. මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණෙන් මත්ස්‍ය පැටවුන් නොමිලයේ ලබාදීමට ජනාධිපතිතුමන් ගත් පියවර අප අගය කළ යුතුයි.
එදා ශ‍්‍රී ලංකාවේ මිරිදිය ධීවර ක්ෂේත‍්‍රය ඉතා දියුණු මට්ටමක පැවැතියා. නමුත් පෙ‍්‍ර්මදාස ජනාධිපති යුගයේ ජලජීවි වගාව නවතා දැමීම නිසා එවකට මෙටි‍්‍රක් ටොන් 40,000 ක මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය අහිමි වුණා.
නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ධීවර ඇමැතිවරයා ව සිටි අවධියේත්, ජනාධිපතිවරයා වශයෙනුත් මිරිදිය ධීවර ක්ෂේත‍්‍රය නැංවීමට පියවර රැසක් ආරම්භ කර තිබෙනවා. අද වන විට ටොන් 38,000 නිෂ්පාදනයක් මේ ක්ෂේත‍්‍රයෙන් හිමිවනවා. එය ඉදිරියේ දී ටොන් 64,000 ක් දක්වා වර්ධනය කිරීම අපේ ඉලක්කයයි.
මේ සංවර්ධන කටයුතු තුළින් මෙරටට ගෙන්වන ටින්මාළු සඳහා වැයවන මුදල අපට ඉතිරි කර ගැනීමට හැකිවනවා. පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ මිරිදිය ධීවර සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට ගොවිජන සේවා නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් මහතා දක්වන සහයෝගය ද අප අගය කරනවා.
රටේ පවතින යුද්ධයට විශාල මුදලක් වැය කරද්දී තමන් වෙනුවෙන් ද අවධානය යොමු කිරීම වෙනුවෙන් පොලොන්නරුව, මිරිදිය ධීවරයා සිටින්නේ විශාල ප‍්‍රීතියකිනි.
අද ඔවුනට ලබාදුන් මත්ස්‍ය පැටවුන්ගෙන් අස්වැන්න නෙලාගන්නා ඉදිරි කාලයේ දී එම අස්වැන්න සඳහා වෙළෙඳපොළක් සපයාදීම ද බලධාරීන්ගේ වගකීම වන්නේ ය.
ස්තුතිය: ධීවර අමාත්‍යංශ මාධ්‍ය ඵ්කකයට
සංස්කරණය - රසිකා සෝලංගආරච්චි
බුද්ධිකා ඉඹුලාන
සේයාරු - සත්‍යජිත් කහදව

බර්ටි, මහීපාල කැම්පස් යනකොට ජානක, රන්ජන් මොන්ටිසෝරි යනවා - රෝහිත අබේගුණවර්ධන, ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය

පළාත් සභා මැතිවරණයේ අලුත්ම තත්ත්වය හා මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වෙන චෝදනා ගැන ජාතිය ගොඩනැගීමේ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ‘දිනමිණ’ සමඟ පැවැති සාකච්ඡාවක් පහත පළ වේ.
මේ වන විට මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඉහළ යමින් පවතින බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් කියා සිටිනවා. ආණ්ඩුවේ අමාත්‍යවරුන් මැර පිරිස් ගෙන ගොස් මැර කි‍්‍රයාවල නිරතවෙමින් ඡන්ද දායකයින් බියවද්දන බවට විරුද්ධ පක්ෂයේ ප‍්‍රබල චෝදනාවක් එල්ල කරනවා. ආණ්ඩුව හදන්නේ ගහලා හරි කොහොම හරි පළාත් සභා ඡන්දය දිනන්නද?
එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ඔය චෝදනාව එල්ල කරන්නේ මුකුත් නොදන්නා තොත්ත බබාලා විදියටයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙන් මෙම දේශපාලන පක්ෂ දෙකටම හොඳ ඉතිහාසයක් තියෙනවා.
නමුත් ඔවුන් ඉතිහාසයේ වැරැදි කළා කියලා ඒ වැරදි කරන්න ආණ්ඩුවේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙම වැරැදි කරන්න ජනාධිපතිතුමා කිසිසේත්ම ඉඩ දෙන්නෙත් නැහැ.
වසර 17 ක් පැවති එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේදී ඡන්ද කෙළේ කොහොමද කියලා මේ රටේ ජනතාව හොඳින් දන්නවා.
විපක්ෂයක් ලෙස අපි ඒ මැර කි‍්‍රයාවලට සාර්ථකව මුහුණදීලා 1993 දකුණු පළාත් සභා මැතිවරණයේදී අපට පුළුවන් වුණා, වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළීමේ මුල් වෙඩිමුරය පත්තුකරන්න.
මේ පළාත් සභා මැතිවරණය වාර්තා කිරීමේදී ඇතැම් පෞද්ගලික මාධ්‍ය ඉතා අසාධාරණ ලෙස ආණ්ඩුවට එරෙහිව වාර්තා පළකරනවා. සන්ධානයේ කෙනෙක් විපක්ෂයේ කෙනෙකුට මොනව හරි කළොත් ඒක උලුප්පා දක්වමින් වාර්තා කරනවා.
නමුත් විරුද්ධ පක්ෂයේ කෙනෙකු සන්ධානයේ කෙනෙකුට පහර දුන්නොත් ඒවා සාමාන්‍ය ප‍්‍රවෘත්ති ලෙසටත් ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ.
රජයේ මාධ්‍ය යොදා ගනිමින් මඩ ගහනවා කියලනේ විරුද්ධ පක්ෂය චෝදනා නගන්නේ.
මඩ ගහන්නේ කවුද? කියලා ඉරිදා පළවන ඇතැම් පුවත්පත් බැලුවම හොඳට පේනවා. සමහර පත්තර බලන්න කියා අල්ලන්නවත් හිරිකිතයි. රජයේ මාධ්‍ය යොදාගෙන අපි කිසිම මඩක් ගහන්නේ නැහැ.
ඇතැම් පෞද්ගලික මාධ්‍ය විරුද්ධ පක්ෂයට කඩේ ගියාට රාජ්‍ය මාධ්‍යවලට අපි කියන්නේ නැහැ. අපට කඩේ යන්න කියලා.අපි සියලු මාධ්‍යවලට කියන්නේ ඇත්ත ඇති සැටියෙන් හෙළිකරන්න කියලා.
නමුත් සමහර පෞද්ගලික මාධ්‍ය සියලු මාධ්‍ය යටපත් කරගෙන ඔවුන්ගේ ඒක පාර්ශ්ව මාධ්‍ය කලාව ගෙනයනවා. ඇතැම් මාධ්‍ය පෞද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට එක් ඇමතිවරයෙකුටම සැලසුම් ලෙස ප‍්‍රවෘත්ති මගින් පහරදීමක් කරනවා.
පදනම් විරහිත චෝදනා කෙතරම් එල්ල කළත් මෙම පළාත් සභා මැතිවරණය ජයගැනීම අභියෝගයක් නොවේ. අපට ගහල දිනන්න අවශ්‍ය නැහැ. ජනතාව ඉතා බුද්ධිමත්.
ඔවුන් බහුතරයක් ඉන්නේ අපිත් එක්ක. අපි මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යනකොට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් කළකිරීමෙන් අපට යමක් කියනවා. ඒ තමයි තමන්ගේ පළාතේ කෙනෙක් මහ ඇමති අපේක්ෂකකමට දාගන්න බැරිවුණු පක්ෂයකින් වැඩක් නැහැ කියලා.
ජනමත විචාරණය එක්සත් ජාතික පක්ෂය කරපු හැටි හොඳටම මතකයි. මුලින්ම ඡන්ද දාන අයගේ අතපය ජනතා විමුක්ති පෙරමුණ විසින් කපපු හැටි හොඳට ජනතාවට මතකයි.
රටේ සම්පත්, රාජ්‍ය දේපළ ආරක්ෂා කළ යුතුයි කියන ජනතා විමුක්ති පෙරමුණ එදා රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කරපු හැටි ජනතාවට හොඳට මතකයි.
දැන් ඔබ ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කළාට ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මහතා බලයට ගෙනඒම සඳහා විශාල වැඩකොටසක් කැපකිරීමක් කළ බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පවා පිළිගෙන තිබෙනවා නේද?
මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ යම් වැඩ කොටසක් කළ බව අපි පිළිගන්නවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර ධුර 39 ක් ජනතා විමුක්ති පෙරමුණට ලබාගැනීම සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විශාල කැපකිරීමක් කළා.
මුලින්ම ජනතා විමුක්ති පෙරමුණ පෝෂණය කරල තමයි පසුව ජනාධිපතිවරණයට ඔවුන්ගෙන් උදව් ලබාගත්තේ.
ජනතා විමුක්ති පෙරමුණ මහ මැතිවරණයේදී වෙනම තරග කළා නම් මන්තී‍්‍ර ආසන 12 ක් 13ක් වගේ තමයි ලැබෙන්නේ. දිස්ති‍්‍රක්ක එකක දෙකක හැරෙන්නට අනෙක් දිස්ති‍්‍රක්කවල මුල් ස්ථාන දෙක තුන ජනතා විමුක්ති පෙරමුණට ලබාදීමට කි‍්‍රයා කෙළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් බව අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණට අමතක වෙලා.
ජනාධිපතිතුමා මේ ත‍්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කරන්න යන ගමනට ජනතා විමුක්ති පෙරමුණ සහාය දක්වන්නේ නැහැ. හැබැයි යුධ ජයග‍්‍රහණයක් ගත්තම කියන්නේ අපි තමයි ගහන්න කිව්වෙ කියලා.
උරුමයට ජනතා විමුක්ති පෙරමුණ එනවා කරුමෙට එන්නේ නැහැ. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙනකොට ඒ උරුමය ගන්න ජනතා විමුක්ති පෙරමුණ එනවා.
වැටුප් වැඩි කරන්න භාණ්ඩාගාරයේ මුදල් නැති හේතුව තේරුම් නොගෙන එකට කරුමේ කියලා කියනවා. එවිට සේවකයින් වර්ජනය කරනකොට කරුමෙට අපි නැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ පලා යනවා.
මේක තමයි, දෙබිඩි පිළිවෙත. කාගේ වුවමනාව වෙනුවෙන්ද? ජනතා විමුක්ති පෙරමුණ මේ දේ කරන්නේ. නමුත් ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි ස්වරූපයකින් කි‍්‍රයා කෙළේ නැහැ.”
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වෙත් අපි. ඒ පුටුවෙන් නැගිට්ටවන්නෙත් අපි කියලා, ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා ප‍්‍රකාශ කරල තිබුණා. මේක ආණ්ඩුවට කරපු අභියෝගයක් නේද?
”කිසිම අභියෝගයක් නැහැ. සෝමවංශ අමරසිංහ මහත්තයයි, මායි පයාගල එකම ගමේ. මේ කියපු කතාවට ගමේකම වෙනුවෙන් මට දුකක් ඇතිවුණා. ඒකට හේතුව ජනාධිපතිතුමා පුටුවෙන් නැගිට්ටන කතාව නොවෙයි.
සෝමවංශ අමරසිංහ මහතාට ළඟදීම ඒ මහතාගේ නායක පුටුව බේරාගැනීමට විශාල සටනක් දෙන්න වෙනවා. විමල් වීරවංශ මහතා සමඟ ඇතිකර ගත් අර්බුදයේදී සෝමවංශ අමරසිංහ මහතා ලබා දුන්නේ හිට්ලර්ගේ තීන්දුවක්.
ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමට විරුද්ධ තවමත් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න ජ්‍යෙෂ්ඨයින් කියන්නේ මේ දෙකඩවීමට හේතු වූ ප‍්‍රධානතම පුද්ගලයා සෝමවංශ අමරසිංහ මහතා කියලයි. 2011 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තයා පුටුවෙන් නැගිට්ටනවාද? නැද්ද? කියලා ජනතාව තීරණය කරාවි.
ඒකට සෝමවංශ අමරසිංහ මහත්තයට කලබල වෙන්න දෙයක් නැහැ. ඔහු කලබල විය යුත්තේ ඔහුගේ පුටුව ආරක්‍ෂා කර ගැනීම සඳහායි.
රට මුළුමනින් ම ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන මේ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු වෙනුවෙන් 2011 දී ජනතාව ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දෙනවා. ඒ ගැන සෝමවංශ අමරසිංහ මහත්තයා කලබල විය යුතු නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රධාන මැතිවරණයකට තනිවම තරග කිරීම දකුණට දැනෙන්නේ කාලයකට පසුවයි. ජනතා විමුක්ති පෙරමුණ කඩන ඡන්ද ප‍්‍රමාණයෙන් වාසිය ලැබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට නොවේද?
”ජනතා විමුක්ති පෙරමුණේ පවතින දැඩි අර්බුදය නිසා ඔවුන්ගේ පාක්ෂිකයින් ඉන්නේ දැඩි කළකිරීමකින්. ජනතා විමුක්ති පෙරමුණ දෙකඩ නොවුණා නම් ඔබ කියන ආකාරයේ යම් අභියෝගයක් කිරීමේ හැකියාවක් ඔවුන්ට තිබුණා.
එහෙම තිබුණත් මේ මැතිවරණය ආණ්ඩුවට අභියෝගයක් වෙන්නේ නැහැ. මේ වන විට දෙකඩ වී සිටින නිසා ඔවුන්ට ආණ්ඩුවේ ජයග‍්‍රහණයට කිසිම බලපෑමක් කරන්න බැහැ. ඒක නිසා අපි තර්කානුකූලව සිතිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩෙන ඡන්දවලට වෙන්නේ කුමක්ද? කියලයි.
ඒ ඡන්ද වැඩි බහුතරයක් නැවත එන්නේ වාමවාදී කඳවුරට මිසක් එක්සත් ජාතික පක්‍ෂයට නොවෙයි.
ඒ වාමවාදී කඳවුර අන් කිසිවක් නොවෙයි, පක්‍ෂ කිහිපයකින් සැදුම්ලත් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයිනුත් ඉන්නේ දැඩි ලෙස කළකිරිලා.
ඒ ඡන්ද කවදාවත් ජනතා විමුක්ති පෙරමුණට යන්නේ නැහැ. ඒ ඡන්දත් එන්නේ රට ගොඩනැගීමට නිසි වැඩපිළිවෙළක් තිබෙන නිදහස් සන්ධානය වෙතටයි. එක්සත් ජාතික පක්‍ෂයේ පතාක යෝධයින් එන්න එන්නම ජනාධිපතිතුමාට සහාය පළකරන්න ඉදිරිපත් වෙනවා.
කරු ජයසූරිය, සිරිසේන කුරේ වැනි ප‍්‍රබලයින්ට එපාවුණු එක්සත් ජාතික පක්‍ෂය, තවත් ප‍්‍රබලයෙක් වූ අශෝක වඩිගමංගාව මහතාටත් එපාවෙලා තියෙනවා.
සෝමවංශ අමරසිංහ මහතාගේ පමණක් නොවේ, මේ මැතිවරණයෙන් පසුව රනිල් වික‍්‍රමසිංහ මහතාටත් විපක්‍ෂනායක පුටුව බේරගන්න විශාල සටනක් කරන්න සිදුවෙනවා.
මේජර් ජෙනරාල් ජානක පෙරේරාට හා ජනපි‍්‍රය සිනමා නළු රන්ජන් රාමනායක යන මහත්වරුන්ට දැනටමත් ආණ්ඩුව බයවෙලා කියලයි, එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ.
”මේ මහත්වරු දෙන්නා නොවෙයි, මේ පළාත් සභා දෙකේ හිටපු විපක්‍ෂ නායකවරුවත් මැතිවරණයට ඉදිරිපත් වුණා නම් යම් කිසි තරගයක් දෙන්න තිබුණා. දැන් කිසිම තරගයක් නැහැ.
මේ ප‍්‍රධාන ඇමති අපේක්‍ෂක මහත්වරුන් දෙන්නට ඒ කණ්ඩායමේ ඉන්න අනෙකුත් අපේක්‍ෂකයින්ගේවත් සහයක් නැහැ. ජානක පෙරේරා මහත්තයා කියලා තිබුණා, මං කරපු හැම සටනක්ම දිනලා තියෙනවා කියලා.
ත‍්‍රස්තවාදයට එරෙහි කරපු සටන් ජනතා විමුක්ති පෙරමුණේ කැරළි මර්ධනය කරන්න කරපු සටන් නම් දිනලා ඇති.
නමුත් දේශපාලන සටනේදී බර්ටි, මහීපාල යන මහත්වරුන් විශ්වවිද්‍යාල සිසුන් රන්ජන් රාමනායක මහත්තයි, ජානක පෙරේරා මහත්තයයි තවමත් යන්නේ ළදරු පාසල්.
සිනමාවේදී නම් දුෂ්ඨයා ගුටි කන්න ඕන. නළුවා ගහන්න ඕන. නමුත් දේශපාලනය කියන්නේ බයිස්කෝප් එකක් නොවෙයි, ගහන්න හිතනකොටත් ගහලා ඉවරයි.
ආණ්ඩුව රණවිරුවන්ට ගරු කරනවා නම්, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් ලබා නොදෙන්නේ ඇයි?
”මේ වෙනකොට ජානක පෙරේරා මහතාට ලබා දී තිබෙන ආරක්‍ෂාව තවත් වැඩි කරන්න තීරණය කරලා තිබෙනවා. ඔහු රණවිරුවෙක් වශයෙන් කළ සේවය අගය කරනවා.
හැබැයි ඒ ගෞරවය ලබාගන්නත් ඔහු කි‍්‍රයා කළ යුතුයි. අද වෙනකොට ඔහු හිටපු හමුදාවේ සෙබළුන් නැඟෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන උතුර මුදාගැනීමේ මෙහෙයුම කි‍්‍රයාත්මක කර තිබෙනවා.
ජානක පෙරේරා මහතා ඉන්න කාලෙදි ඇතැම් දේශපාලන බලපෑම් එල්ල වුණා. අද එහෙම වෙන්නේ නැති නිසා සරත් ෆොන්සේකා මහතා හොඳින් යුද්ධය කිරීම ගැන ජානක පෙරේරා මහතාට ඊර්ෂ්‍යාවක් ඇති වී තිබෙනවා.
අනිත් එක නිත්‍යානුකූලව ලබා දෙන ආරක්‍ෂාව ජානක පෙරේරා මහතාට ලබා දී තිබෙනවා. ඒක නිසා යුධ හමුදාවේ සරත් ෆොන්සේකා මහතාගේ ආරක්‍ෂාව ජානක පෙරේරා මහතා ඉල්ලා සිටීම සාධාරණ නැහැ.
අනෙක් එක තමයි, රන්ජන් රාමනායක මහතා නිසා සිනමා උළෙල කල් දාලලු. මේවා මොන බොරු විහිළු කතාද? රන්ජන් රාමනායක මහතා දැඩි උත්සාහයක් ගන්නවා, ඔහු තමයි ජනපි‍්‍රයම නළුවා කියලා කියාගන්න. ඒක ඒ මහතාට හොඳ නැහැ.
විජය කුමාරතුංග මහතා කවදාවත් තමන් තමයි, ජනපි‍්‍රය නළුවා කියලා කියාගත්තේ නැහැ. විජය කුමාරතුංග වෙන්න රන්ජන් රාමනායකට බැහැ. විජය කුමාරතුංග මහතා සැබවින්ම මානව හිතවාදියෙක්.
රන්ජන් රාමනායක මහතාට යම් හැකියාවක් තියෙනවා. එය වැඩිදියුණු කරගත යුතුයි. එහෙම නොකර ඔහු බංකොලොත් දේශපාලනයට ඇවිල්ලා ඔහු කරගන්නේ මෝඩ කමක්.
ඒක නිසා මේ දක්වා ප‍්‍රධාන චරිතය ලැබුණු රන්ජන් රාමනායක මහතාට 23 වෙනිදායින් පසුව ඔහුට සිනමා පටවල ලැබෙන්නේ විකට චරිතයි.
සාකච්ඡා කෙළේ - ඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් ම

එජාප රැස්වීම් කාමර ඇතුළේ පැරදුනාම බොරු චෝදනා එපා කරට කර ඡන්ද සටනකට එන්න - ඇමැති ඩලස්ගෙන් එජාපයට අභියෝගයක්

ස්වර්ණා විජේකෝන් සහ ධනුෂ්ක ගොඩකුඹුර
ඇල් මැරුණු ඡන්ද ව්‍යාපාරයක නොයෙදී ඉදිරි පළාත් සභා ඡන්ද විමසීමේ දී මුහුණට මුහුණ මැතිවරණ සටනකට එළැඹෙන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පක්‍ෂයට අභියෝග කරයි.
ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කෙරුණු පසු දූෂිත මැතිවරණයක් යැයි චෝදනා නොකර මැතිවරණයට දින 25ක කාලයක් තිබෙන බැවින් හැකිනම් සන්ධානය සමඟ කරට කර ඡන්ද සටනකට එන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා අභියෝග කරයි.
ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (30) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප‍්‍රචාරක මධ්‍යස්ථානයේ සිවුවැනි මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, පළාත් සභා ඇමැතිවරුන්, මන්තී‍්‍රවරුන්, ප‍්‍රාදේශීය සභා සහ නගර සභා මන්තී‍්‍රවරුන් සියලු දෙනා මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා කඳවුරු බඳිද්දී තම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 47 දෙනාවත් මැතිවරණ ප‍්‍රදේශවලට යවා ගත නොහැකි අයුරෙන් එක්සත් ජාතික පක්‍ෂය බංකොලොත් වීම පිළිබඳව කනගාටුවන බවත් ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
අදාළ පළාත් සභා දෙකෙහි ඡන්ද පොළ 1783 ක් වෙනුවෙන් මැතිවරණ කාර්යාල 974 ක් පිහිටුවීමට සන්ධානය මේ වන විට සමත් වී ඇති අතර 10 දාට පෙර කාර්යාල 1783 ම පිහිටුවීමට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරයා මේ වන විටත් එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවා ඇත්තේ කාර්යාල 108 ක් වැනි සුළු සංඛ්‍යාවක් බවත් කීය.
ප‍්‍රාදේශීය, ආසන, බල මණ්ඩල හා දිස්ත‍්‍රික්ක මට්ටමෙන් සන්ධානයේ මැතිවරණ රැස්වීම් පවත්වන අතර ඉකුත් 26 වැනිදා අනුරාධපුරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට සන්ධානය සමත් වූ බව පෙන්වා දුන් හෙතෙම එජාප නායකයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජන රැලි 2 ම පැවැත්වූයේ කාමරවල බවත් ප‍්‍රකාශ කෙළේය.
රත්නපුර රැලිය එක්තරා හෝටලයක පැවැත්වූ එජාපය පොළොන්නරුව රැලිය අර්ල් ගුණසේකර මහතාගේ නිවෙසේ පැවැත්වූ බව පැවසූ ඇමැතිවරයා දැවැන්ත ජන රැලි කාමර තුළ පවත්වමින් අලුත් සංස්කෘතියක් ආරම්භ කිරීමට එජාපය සමත්ව ඇති බවත් පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂය මැතිවරණ සටනට එළැඹෙන්නේ නම් එය සන්ධාන සාමාජිකයන්ටද උත්තේජකයක් වන බව පැවසූ ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කොළඹට වී මාධ්‍ය ඒකක සමඟ එක් වී මැතිවරණ ජයග‍්‍රහණය කළ නොහැකි බව තේරුම් ගත යුතුව ඇතැයි ද පැවසීය.
උතුරු මැද පළාත් සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම උදෙසා එක්සත් ජාතික පක්‍ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මහ සමුළු 2 ක් අගෝස්තු 03 සහ 10 දිනවල පොළොන්නරුවේදී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්, ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙහිදී පැවැසීය.
එම පක්‍ෂවල වත්මන් නායකත්වය හා වැඩපිළිවෙළ පිළිබඳව කළකිරුණු පක්‍ෂ සාමාජිකයන් බහුතරය එක්ව මෙසේ සන්ධානයේ ජය තහවුරු කිරීමට විකල්ප කණ්ඩායමක් සේ මහ සමුළු පැවැත්වීමට තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා ප‍්‍රකාශ කෙළේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රට දිනවීමේ වැඩපිළිවෙළ සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේම ප‍්‍රසාදයට පත්ව ඇති මොහොතක එජාප සහ ජවිපෙ සාමාජිකයන් තම පක්‍ෂවලින් රටට සිදු වී ඇත්තේ කුමක්දැයි කල්පනා කරන බවත් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවැසීය.
ඒ අනුව එම සාමාජිකයන් නිවැරදි තීන්දුවකට එළඹෙමින් ජනාධිපතිවරයා සමඟ එක්ව රට දිනවීමට සූූදානම් වී ඇති බව ප‍්‍රකාශ කළ ඇමැතිවරයා ඒ ආර්ථික හා දේශපාලනික අභියෝග රැසක් මැද්දෙන් සාර්ථක ගමනක යෙදෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබන 23 වැනිදා පළාත් සභා ඡන්ද විමසීමෙන් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබන බවත් අවධාරණය කෙළේය.
ජනතා විමුක්ති පෙරමුණෙන් සන්ධානයට සහාය පළ කරන ප‍්‍රාදේශීය නායකයන්ට විවිධ බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ඇති බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ගේ නිවෙස් වට කොට බියවද්දන බවත් සඳහන් කෙළේය.
එළඹෙන 23 වැනිදා සන්ධානය ජය ගැනීමෙන් පසු එජාප නායකයාට මතුවන ප‍්‍රබල ගැටලුව වන්නේ නායකත්වය බේරා ගැනීම බව පැවසූ ඇමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ ඊළඟ කැරැල්ල මේ වන විටත් ආරම්භ වී ඇතැයි ප‍්‍රකාශ කෙළේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමැති සුසිල් පෙ‍්‍ර්මජයන්ත, ජනමාධ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුද එක් වූහ.

ශී‍්‍ර ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් ගැටුම අද ඇරැඹේ ශී‍්‍ර ලාංකික දඟ පන්දු ප‍්‍රහේලිකාව විසඳ්‍ර ගැනීමට ඉන්දියානු පිතිකරණයට හැකි වේවිද?

ශී‍්‍ර ලාංකික දඟ පන්දු ප‍්‍රහේලිකාව විසඳ්‍ර ගැනීමට දරන ප‍්‍රයත්නයේදී ඉන්දියාවේ කීර්තිමත් පිතිකරණය අවදානමට ලක්වීමට ඉඩ තිබෙන දෙවැනි ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් යළිත් වතාවක් පෙළහර පානු ඇතැයි අපේක්ෂිත ගාලු තණතිල්ල සාමාන්‍යයෙන් දඟ කැවෙන එකකැයි එම තණතිල්ල භාරව සිටින හිටපු ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ජයනන්ද වර්ණවීර පවසයි.
මුරලි - මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් යුගලය කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 19ක් ලබාගැනීමට සමත් වූහ.
මුරලිදරන්ගේ දඟ පන්දු විජ්ජාව සැමවිටම දීප්තිමත්ව දිස්ව ඇත්තේ ගාලු කී‍්‍රඩාංගණයේදීය. මුරලි ඔහුගේ ලෝක වාර්තාගත ටෙස්ට් කඩුලු 746 න් 91ක්ම ලබා ගෙන ඇත්තේ ගාල්ල තණතිල්ලේය. මෙන්ඩිස් කොළඹදී ඔහුගේ මංගල ටෙස්ට් තරගයේදී ම කඩුලු 8ක් බිඳහෙළීය.
ගාලු තණතිල්ල ශී‍්‍ර ලංකාවට සැමවිටම වාසනාව ගෙන දුන් කී‍්‍රඩාංගණයකි. මෙහිදී මෙතෙක් පැවැති ටෙස්ට් තරගවලින් සියයට පනහක ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාව ජය ගෙන තිබේ.
ගාල්ලේ මෙතෙක් පවත්වා ඇත්තේ ටෙස්ට් තරග 12 කි. ඉන් හයක් ශී‍්‍ර ලංකාව ජය ගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග දෙකකින් පමණි. ඉතිරි තරග 4 ජය පැරදුමින් තොරව අවසන් වී තිබේ.
ගාල්ල කී‍්‍රඩාංගණයේ මීට පෙර ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව ගැටී ඇත්තේ එක් වතාවක් පමණි. 2001 වසරේදී පැවැති එම ටෙස්ට් තරගයේදී මුරලිදරන් කඩුලු 8 ක් ලබා ගත් අතර ශී‍්‍ර ලංකාවට කඩුලු 10 ක ජයක් හිමි විය.
මුරලි ගාලු කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දස වතාවක් ද ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් හෝ ඊට වැඩියෙන් සිවු වතාවක් ද ලබා ගෙන තිබේ.
ගාල්ල කී‍්‍රඩාංගණයේ තරගයකදී මුරලිදරන්ගේ හොඳම පන්දු යැවීම වාර්තා වන්නේ 2000 – 2001 වසරේ දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලකුණු 171 ට කඩුලු 13 ය. ගාලු ඉනිමේදී ;හාඳම පන්දු යැවීම ද මුරලි ගෙනි. ඒ 2003 – 2004 දී එංගලන්තයට එරෙහිව ලකුණු 46 කට කඩුලු 7 කි.
ගාලු කී‍්‍රඩාංගණයේ වැඩිම පෞද්ගලික ඉනිම වාර්තා වන්නේ නායක මහේල ජයවර්ධන ගෙනි. ඒ දකුණු අපි‍්‍රකාවට එරෙහිව 2004 – 2005 වසරේදී ලබාගත් ලකුණු 237 යි.
2004 සුනාමියෙන් විනාශයට පත්වීමෙන් පසුව වසර තුනකට ආසන්න කාලයක් ගාල්ල කී‍්‍රඩාංගණයේ් තරග නොපැවැත්විණි. කී‍්‍රඩාංගණය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ප‍්‍රථම ටෙස්ට් තරගය 2007 දෙසැම්බරයේදී එංගලන්තය සමග පැවැත්විණි

සිද්ධියේ ඇත්ත නැත්ත මා හෙළි කරනවා - ඩර්වින් පෙරේරා

ප‍්‍රින්ස් ගුණසේකර
තහනම් උත්තේජක භාවිතා කළේ යැයි චෝදනා ලැබූ පෙ‍්‍රමිලා පි‍්‍රයදර්ශනී සිද්ධියට අදාළව කී‍්‍රඩා අමාත්‍යාංශයෙන් තවත් පරීක්ෂණ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
ඊයේ සවස පෙ‍්‍රමිලා ප‍්‍රියදර්ශනී පුහුණුකරු ඩර්වින් පෙරේරා හා කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් පිරිසක් කී‍්‍රඩා අමාත්‍යාංශයට කැඳවා ලේකම් එස්. ලියනගම මහතා විසින් කරන ලද කරුණු විමසීමකින් අනතුරුව මෙම පරීක්ෂණ කමිටුව පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා තීරණය කළේය.
දැනට කී‍්‍රඩිකාව තහනම් උත්තේජක ලබා ගත්තේ යැයි වෛද්‍ය වාර්තාවකින් සනාථ ව ඇති නිසා එවැනි උත්තේජකයක් සැපයුවේ කව්රුන්ද යන්න පැහැදිලිව දැන ගත යුතුව ඇතැයි කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් එස්.
ලියනගම මහතා දිනමිණ ට පැවැසීය. ඊයේ පැවැති කරුණු දැක්වීමේ දදී පෙ‍්‍රමිලා ප‍්‍රියදර්ශනී ලබාගත් ඖෂධ පෙත්තක්ද පෙන්වා ඇතැයි වාර්තා විය.
බි‍්‍රකනල් නම් වූ මෙම ඖෂධය මගින් තහනම් ශරීර උත්තේජක සංඝටක ශරීරගත වූයේ දැයි සැකයක් පවතී.
මේ පිළිබඳව පුහුණුකරු ඩර්වින් පෙරේරා මහතා පැවැසුවේ කී‍්‍රඩා තරගයට සතියකට කලින් බි‍්‍රකනල් ඖෂධය ලබා දුන්නේ කව්ද යන්න තමා හෙළි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Wednesday, July 30, 2008

SAARC should declare 2009: 'Year to fight Terrorism' - (by Prasad GUNEWARDENE)

Victims of terror




















The stage is now set for the historic fifteenth SAARC Summit in Colombo. A tight security blanket is thrown around the city to ensure the safety of all eight leaders representing the respective nations. The security of all leaders is of paramount importance to the host country. Why? Because the entire region is threatened by terrorism.
Terrorism and extremism are not confined only to Sri Lanka. Its' a growing menace witnessed in the region over the past three and a half decades. Regional cooperation among the South Asian nations were sought to resolve many issues.
Today, terrorism is the main issue that should be put on top of the agenda. The fifteenth SAARC Summit in Colombo is an opportunity to give priority to find ways and means to eliminate the menace of terrorism.
The late President of Bangladesh, Gen. Zia Ur Rahman first mooted the idea of South Asian Regional Cooperation for the creation of a trade bloc, a proposal graciously accepted by other nations in this region. SAARC was first conceived in 1983 during a Summit in New Delhi.
In reality, the concept of SAARC is a quarter century in age though it officially saw the light of the day in 1985 in Dhaka, Bangladesh. Since, we in the South Asian Region have witnessed 14 SAARC Declarations to date.
At the inaugural Summit in Dhaka, 1985, all leaders of the seven nations declared- "Leaders of the South Asian countries reaffirmed their commitment to the UN Charter and the principles governing sovereign equality of States, peaceful settlement of disputes, non-interference in internal affairs and non-use or threat of use of force against the territorial integrity and political independence of other States."
At that Summit they reiterated that the United Nations constituted the most important forum for the resolution of all issues affecting international security and peace.
SAARC which is twenty three years of age seems to be singing the same chorus all the time. If one looks back at successive Declarations made at all fourteen Summits, it makes one feel that the same old wine is put in new bottles.
The wording of such Declarations and terminologies used, look the same or similar with less or no results achieved. Today this column is written to highlight certain urgent needs of the region and not to be critical of the worthy forum called the South Asian Association for Regional Cooperation (SAARC).
It is appropriate to record the sad history in this region during the past quarter century. The region lost the architect of SAARC who first wanted a trade bloc in the region, President Zia Ur Rahman, as a result of a criminal act.
Terrorism is defined as 'Criminal' according to SAARC Declarations. He was gunned down in Chittagong. Gen. Rahman, a brave soldier visited Sri Lanka as Bangladesh President in 1979 during the first term of office of late President J. R. Jayewardene.
On his arrival at the Colombo Airport, Katunayake he was first met by the then Commander of the Sri Lanka Army and later Defence Secretary, the late Gen. Sepala Attygalle. The next to be killed was former Indian Prime Minister Ms. Indira Gandhi, a victim of extremist Sikh terrorism. All that happened quite closer to the birth of SAARC.
After SAARC was born, the region has lost four leaders who represented SAARC Summits due to extremist or terrorist acts.
The first to go in an yet unexplained air crash was the tough Pakistani President Gen. Zia Ul Haq. Popularly known as Gen. Zia, the late Pakistani President was a member of the British Indian Army Cavalry Regiment who served the Second World War in 1943.
On August 17, 1988, the C-130 aircraft carrying the sixth Pakistani President who was also the eight Army Chief, crashed in a mysterious manner killing Gen. Zia and one of his Army stalwarts.
He was followed by Rajiv Gandhi, a former Indian Prime Minister. He succeeded his mother, Ms. Indira Gandhi. Rajiv was killed by a woman LTTE suicide bomber at Siriperumbudur, South India during an election rally.
Rajiv was the Indian architect of the Indo-Sri Lanka Accord with President Jayewardene in July 1987 that paved the way for the presence of Indian troops on this soil to battle the LTTE at a later stage. The killing of Gandhi was a warning to India by the LTTE.
But the main culprit, LTTE leader Velupillai Prabhakaran who masterminded the killing of Gandhi, killed over a thousand troops and maimed a further five thousand of the fourth largest Army in the world is still at large hiding in the thick jungles of Mullaitivu in this small island of Sri Lanka.
Prabhakaran seems to look smarter in the game he played with mighty India than the famous Indian bandit Veerappan who was playing hide and seek till he was finally killed by the Indian Police inside the large thick jungles in that South Indian State.
After killing Rajiv Gandhi in 1991, the LTTE assassinated the second Executive President of Sri Lanka, Ranasinghe Premadasa who was inspecting his May Day rally in 1993. Premadasa also served his nation as the eleventh Prime Minister for eleven years.
President Premadasa at the time of his tragic death was battling the LTTE after peace talks with the terrorist group failed an year before his death. The LTTE as usual made its' military build up using the peace talks and the ceasefire to take on the then Premadasa administration.
The second woman leader in the SAARC region and the first woman Prime Minister of a Muslim country to be killed by extremists at an election rally last December, was the former Pakistani Prime Minister, Ms. Benazir Bhutto.
Ms. Bhutto represented her country at the SAARC Summit. She weathered the political storm in her country for three decades, went into exile and returned in November 2007 only to be killed a month later.
So terrorism and extremism have taken the lives of four prominent leaders who represented SAARC.
Now let us examine the outcome and success of SAARC at successive Summits. SAARC declared 1989 as -"SAARC year for combating Drug Abuse and Drug Trafficking" at the Islamabad Summit in 1988. Nearly two decades have passed, the results achieved are not known.
But, the reality is that drug abuse and trafficking of drugs, which is a funding source for terrorism had increased.
The year 1990 was declared-"SAARC Year of the Girl Child". Haven't the abuse of girl child and rape in this region during the past eighteen years increased many a fold? Surely, this is an area which needs urgent focus of SAARC nations.
Then the Year 2000 was declared as a "Basic Needs Perspective" which covered food, clothing, education and other social needs to the people in the region. On the contrary, the poverty level had increased many folds over the past eight years in this region with a world food shortage also at sight.
At the 1990 Summit in Male, Maldives, the year 1991 was declared as the"SAARC Year of Shelter".
Though the move was made much belated, Sri Lanka by then had moved in that direction with great success due to the efforts of then President Premadasa who tirelessly worked to provide shelter for the shelterless from 1977 creating the concept of a million houses program for the under privileged.
He even moved that concept to the global eye at the United Nations forum. The region is yet to know the success of that declaration made in 1990 and the quantum of houses that came up in 1991 in this region.
The year 1991 and the Colombo Declaration were of significance to the region. Sri Lankan President Ranasinghe Premadasa, whose island nation badly hit by LTTE terrorism focused on the danger posed to the region by terrorism in the respective member States.
Thus it was declared-"Heads of States or Government expressed serious concern on the spread of terrorism in the region affecting the security and stability of all member States and unequivocally condemned all such acts, methods and practices of terrorism as criminal.
They recognised that cooperation among SAARC nations was vital if terrorism was to be prevented and eliminated from the region. In this regard they urged member States to take all necessary measures to give full effect to their obligations under the SAARC Regional Convention on Suppression of Terrorism.
They stressed in particular, the urgent need for expeditious enactment of enabling legislation by those member States which had not yet done so, for the implementation of the Convention and the need for a constant dialogue and interaction among the concerned agencies of member States, including the submission of periodic recommendations to the Council of Ministers".
The leaders of the then seven nation SAARC who met in Dhaka in 1993 for the seventh Summit stressed the need to give high priority to the enactment of enabling legislation at the national level to give effect to the SAARC Convention of the Suppression of Terrorism urging all member States to make every effort to finalise the matter before the eight SAARC Summit.
The eighth Summit was held in New Delhi (May 2-4), 1995. Though two years lapsed after expressing grave concern calling for the urgent enactment of the Convention for the Suppression of Terrorism, all member States appeared to have overlooked that urgent call made by the leaders at the previous Summit. Once again at the New Delhi Summit, the leaders called for the urgent need to have it done.
After a period an year, the leaders of the seven nations met at the ninth Summit in Male,Republic of Maldives, May (12-14), 1997. There again the leaders repeated the necessity and urgency to have the legislation in place for the enactment of the SAARC Convention for the Suppression of Terrorism.
All leaders were aware of the growing menace of terrorism in the region which had claimed the lives of a Pakistani President, an Indian Prime Minister and a Sri Lankan President who represented their respective nations at SAARC Summits. They were also aware of the threat posed on all incumbent leaders of SAARC nations as a result of terrorism.
Came the tenth SAARC Summit in Colombo the following July. Issuing the Colombo Declaration, all leaders once again stressed the need to fully observe and implement the SAARC Regional Convention for the Suppression of Terrorism. Once again it was the same lyrics, melody and music in that Article which referred to terrorism in the Declaration.
When SAARC leaders moved to Kathmandu, Nepal after four years in 2002 for the eleventh Summit, there appeared no reference to the SAARC Convention for the Suppression of Terrorism in the Kathmandu Declaration from that Capital.
Instead all leaders reiterated their support to the United Nations Security Council Resolution 1373 of September 28, 2001 and affirmed their determination to redouble efforts, to collectively as well as individually to prevent and suppress terrorism in all its forms.
However, all leaders during their addresses to the Summit referred to the need to combat terrorism in the region recalling the 1987 Convention adopted by SAARC in Kathmandu.
The Summits that followed thereafter ritually referred to the Convention to Suppress Terrorism and the need to have its legislation in place for implementation to combat the menace. So the Summit reversed to sing the same song once again.
SAARC is a costly exercise to all member States.
A Summit is a compulsion by the Charter calling for leaders of member States to meet to discuss regional issues.
All Declarations issued and Conventions signed should not be allowed to look dormant. It is urgent and appropriate that SAARC should adopt a practical system to address urgent issues confronted by member States if all eight nations are to uphold the policy of peace in the region.
No Member State should turn a blind eye when the security of another Member State is threatened by terrorism. The SAARC Convention to Suppress Terrorism which is now over a score in age should not be confined to the cupboard.
There is an urgent need to transform the South Asian region into a Zone of Peace. For that, all member States should work collectively to eradicate terrorism. It is time that all SAARC leaders make a meaningful, practical and worthy contribution to face the challenge of terrorism in this region.
If SAARC was established to promote good neighbourly relations, the need is a more viable and a practical approach from member States to meet challenges.
The priority on the agenda at the forthcoming Summit this week in Colombo should be the need to combat or eliminate terrorism. Without peace there is no real democracy.
It is timely that all SAARC leaders agree and decide to declare the year 2009 as the "Year to fight Terrorism". To make that theme practical in nature, all SAARC nations must be awake all the time from now on.
Courtesy : Daily News

War Heroes show great zeal to the Commander-in-Chief - President Mahinda Rajapaksa meets injured War Heroes at Anuradhapura Hospital


His Excellency Mahinda Rajapaksa, President of Sri Lanka and Commander-in-Chief of the Armed Forces, paid a visit to the military ward of the National Hospital, Anuradhapura, on Sunday (July27). During his visit, he spoke to the injured war heroes and exchanged sentiments with them. Also, he spoke with the relatives of the injured soldiers who were visiting their loved ones at the time and comforted them with his deep feelings for their injured kith and kin and wished them speedy recovery.
During his conversations with the injured war heroes, the President was surprised to know the great zeal displayed by the soldiers even on their hospital beds.
A soldier who had lost one of his legs in the battlefield, inquired from the President whether he is going to stop the present mission, as claimed by some newspapers. The President asked the soldier from where had he got to know that false news and ensured that him the noble mission would not stop until the motherland is fully liberated from terrorism.
"I am the President take my word, this will be ended when Prabhakaran is brought to your feet", he said.
Another soldier who had lost both legs told the President that he would join his comrades at the battlefield as soon as the doctors let him get out of the hospital.
"Sir, I have lost my both feet, but I still have my hands; when the doctors put me out of this place, I will go to the battlefield and fight with the terrorists with my hands in order to liberate Kilinochchi," he said.
Later, the President speaking at a mammoth public rally revealed what he was told by the war heroes. He said those great war heroes he had met were expecting to return to the battlefield once their wounds were healed, to fight the battle against terror to an end.
"That is our hope, the hope of all the citizens of this country. I would say that the time is not too far when we give the same democratic freedom that we have given to the Sinhala, Tamil and Muslim people in the East, to the people living in Kilinochchi and Mullaittiuvu", he said. "We feel that in our hearts," he added.
Speaking further, he earnestly requested all soldiers who are absent from their duties to join with their comrades at the battlefield to fight the final battle.
" Therefore , I request , I implore , all our soldiers who had gone on leave and not reported back to service , to come back and join our gallant forces to win this final battle" , he said. " Contribute your strength to the country , return to its service," asked the President.
The President further said that there is no war in the country to have a ceasefire but a humanitarian mission that cannot be abandoned.
"We do not fight a war, we are only engaged in a humanitarian mission. It is a mission aimed at letting people to live in freedom ", he said. Therefore , he asked the people to have faith in the government that it would liberate the country from terrorism in the near future.

ප්‍රතිසංස්කරණ කටයුතු නිමාවෙන් පසු මඩු දේවස්ථානය යලි භාරගන්නා ලෙස යුද හමුදාව මන්නාරම රදගුරුතුමාගෙන් ඉල්ලයි


යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් සරත් ෆෙන්සේකාගේ උපදෙස් මත වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ඊයේ (ජූලි 29) මන්නාරම රදගුරු අතිගරු රායප්පු ජෝශප් පියතුමන්ගෙන් පිළිසකර කටයුතු නිමා වී ඇති මඩු දේවස්ථානය යලි භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය.
මඩු ප්‍රදේශය මුදා ගැනීමෙන් පසු ප්‍රථම වරට මඩු මාර්ගය භාවිත කරමින් දේවස්ථානය වෙත ගිය පියතුමා දේවස්ථානය හා ඒ අවට දැඩි පරීක්ෂාවට ලක් කළේය.
යුද හමුදාපතිතුමාගේ උපදෙස් මත යුද හමුදා ඉංජිනේරු සෙබළුන් විසින් රු. මිලියන 1.5 වියදමක් දරා මඩු දේවස්ථානය පිළිසකර කිරීමේ කටයුතු නිමා කළහ.
අගොස්තු මස පැවැත්වීමට නියමිත වාර්ෂික දේව මෙහෙයට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස ජලය, විදුලිය සහ අනෙකුත් සනීපාරක්ෂක පහසුකම් සියල්ල අංග සමිපූර්ණව නිම කොට ඇති බව ආඥාපති විසින් රදගුරුතුමා වෙත දන්වා සිටින ලදි.
මෙයට අමතරව එල්.ටී.ටී.ඊ. ය විසින් වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ හා මර උගුල් දේවස්ථානය වටා වර්ග කිලෝමීටරයක පමණ ප්‍රමාණයක ඉවත් කර ඇති බවද, ශුද්ධ වූ ප්‍රතිමාව දේවස්ථානයට රැගෙන ආ පසුව දේවස්ථානය ප්‍රදේශය තුල හමුදා සෙබළුන් නිළ ඇඳුමින් සැරසී හෝ අවි අතැතිව හෝ නොගැවසෙන බවට ආඥාපති විසින් වැඩි දුරටත් රදගුරුතුමා වෙත ප්‍රකාශකර සිටියේය.
දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සබැඳිව ප්‍රසාදයට පත්වූ උන්වහන්සේ ශුද්ධ වූ ප්‍රතිමාව යලි දේවස්ථානයේ ස්ථාපිත කිරීමට පෙර අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව සොයාබැලීමට පූජකවරුන් පිරිසක් එහි යවන බව ප්‍රකාශ කළේය.මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමන් හා වන්නි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර ඇතිවූ සාකච්ඡාවෙන් අනතුරුව ශුද්ධ වූ මඩු මාතා ප්‍රතිමාව පසුගිය 21 වනදා මුදානොගත් පුදේශයේ සිට මන්නාරම වෙත රැගෙන එන ලදි.

සටන් විරාමයක් අවශ්‍යනම් එල්ටීටීඊය අවි බිම තැබිය යුතුයි

දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ඇමැති නිමල් සිරිපාලරජයේ ස්ථාවරය පහදයි
රුවන්ති කාරියවසම්
එල්.ටී.ටී.ඊ. සංවිධානයට සටන් විරාමයක් අවශ්‍ය නම් අවි බිම තබා සාකච්ඡා මේසයට පැමිණිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (29) දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහභාගි වූ සාර්ක් පූර්ව ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.
රජය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිහාසය මනාව අධ්‍යයනය කොට ඇතැයි කී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය රැවටීමට එල්.ටී.ටී.ඊයට නොහැකි බව අවධාරණය කළේය.
එල්.ටී.ටී.ඊ.ය ඉන්දීය රජය හා හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි පවා රවටමින් පොරොන්දු කඩකර සටන් විරාම උල්ලංඝනය කළ අන්දම සිහිපත් කළ ඇමැතිවරයා එවැනි අමිහිරි මතක සටහන් රාශියක් එල්.ටී.ටී.ඊ.ය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට ඇතැයි කීය.
මෙම සාර්ක් පූර්ව ප‍්‍රවෘත්ති සාකච්ඡාව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක තොරතුරු හා ජනමාධ්‍ය ඇමති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
එල්.ටී.ටී.ඊ. නායක ප‍්‍රභාකරන් හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර ඇතිකරගත් සටන් විරාමය පැවැති කාල වකවානුවේදී එල්.ටී.ටී.ඊ.ය දස දහස් වාරයකටවත් වඩා සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කළ අතර බුද්ධි අංශයේ නිළධාරීන් ඇතුළු හමුදා නිළධාරීන් 168 දෙනකු ඝාතනය කළ බවද මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ දෙස් විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ඇමති නිමල් සිරිපාල ද මහතා තවදුරටත් සිහිපත් කළේය.
මේ ආකාරයේ හැසිරීම් රටාවක් පෙන්නුම් කරන එල්.ටී.ටී.ඊ.යේ ඒකපාර්ශ්වික සටන් විරාමයක් පිළිගැනීමට වගකිවයුතු රජයකට නොහැකි බව පැවසූ ඒ මහතා රටේ ජනතාවගේත්, ජනතාවගේ දේපළවලත් සුරක්ෂිතතාව මෙන්ම සාක් සමුළුවට සහභාගී වන සැමගේ සුරක්ෂිතතාව පිළිබඳ වගකීම රජය ඉතා කැපවීමෙන් දරන බවද අවධාරණය කළේය.
රජය සමුළුවේ ආරක්ෂාව සහතික කිරීමට කි‍්‍රයා කර ඇති අතර සාක් සමුළුව අවසානයේ දී ශ‍්‍රී ලංකා ව කෙතරම් සුරක්ෂිත රටක් දැයි සහභාගි වන සියල්ලන්ටම හැඟී යනු ඇති බව ද ඇමැතිවරයා කීය.
මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්.පීරිස් සාක් මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රසාද් කාරියවසම්, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ අනුෂ පැල්පිට මහත්වරු ද සහභාගි වූහ.

අධිකරණ නියෝගයක් කඩ කළාට තොණ්ඩාට-මුත්තුට-රාධාට මාස හයක සිර දඬුවම්

නුවරඑළිය විශේෂ ඇන්ටන් සමන්පි‍්‍රය
අධිකරණ නියෝගයක් නොතකා ගොඩනැඟිල්ලකට ඇතුළු විණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැරැදිකරුවන් වූ ඇමැති ආරුමුගම් තොණ්ඩමාන්, නියෝජ්‍ය ඇමැති මුත්තු සිවලිංගම් ඇතුළු තිදෙනකුට රුපියල් දහස බැගින් දඩ නියම කිරීමට නුවරඑළිය දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් අමාලි රණවීර මෙනවිය ඊයේ (29) නියෝග කළාය.
දඩයට අමතරව මාස හයක සිර දඬුවම් අවුරුදු තුනකට අත්හිටවූ මහේස්ත‍්‍රාත්වරිය දඩය නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවම් නියම කළාය.
තොන්ඩමාන් සහ සිවලිංගම් යන මහත්වරුන්ට අමතරව මෙසේ දඬුවම් නියම වූ අනෙක් තැනැත්තා වූයේ මධ්‍යම පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ වී. රාධකි‍්‍රෂ්ණන් මහතාය.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වූ එස්. සතාසිවම් මහතා විසින් අධිකරණයට කරන ලද පැමිණිල්ලක් මත ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ නුවරඑළිය කාර්යාලයට ඇතුළුවීමට නුවරඑළිය අධිකරණය මගින් විත්තිකරුවන් තිදෙනාට තහනම් කර තිබිණි.
එම අධිකරණ නියෝගය නොතකා විත්තිකරුවන් අදාළ ස්ථානයට ඇතුළු විනැයි යන චෝදනාවට වැරැදි කරුවන් වීමෙන් ඉහත දඬුවම නියම කරන ලදී.

ජානක පෙරේරා ගේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් අටක්

නෙල්කා මැදගෙදර
උතුරු මැද පළාත් සභා මැතිවරණයෙහි එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්‍ෂක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතාට අට දෙනෙකුට නොඅඩු ආරක්‍ෂක භට පිරිසක් ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ (29) එකඟතාව පළ කෙළේ ය.
එම ආරක්‍ෂක භටයන් අතුරින් වැඩි දෙනකු ඇමැති ආරක්‍ෂක අංශයෙහි නිලධාරීන් වන අතර පෙත්සම්කරුගේ කැමැත්ත හෝ එකඟතාව මත ඔවුන් නම් කරනු ඇතැයි ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා සඳහන් කර සිටියේ ය.
එසේම ජානක පෙරේරා මහතා උතුරු මැද ප‍්‍රදේශයෙහි සංචාරය කරන අවස්ථාවල අවශ්‍ය පරිදි ප‍්‍රාදේශීය පොලිස් නිලධාරීන් මඟින් ආරක්‍ෂාව සැපයීමට ද පොලිස්පතිවරයා කටයුතු කරනු ඇතැයි පීරිස් මහතා තව දුරටත් කීය.
කෙසේ වුවද මෙම ආරක්‍ෂක විධි විධාන පළාත් සභා මැතිවරණය අවසන් වන තෙක් පමණක් කි‍්‍රයාත්මක කෙරෙනු ඇත.
තමන්ට ප‍්‍රමාණවත් ආරක්‍ෂක භට පිරිසක් සහ පසු / පෙර ගමන් රථ ලබාදෙන ලෙස ඉල්ලා මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී මෙම එකඟතා ඇති විය.
අග විනිසුරු සරත් එන්. සිල්වා, නිමල් ගාමිණී අමරතුංග, පී. ඒ. රත්නායක යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදී.
කෙසේ වුවද මේ අවස්ථාවෙහි පෙත්සම්කරු ගේ ආරක්‍ෂාව වෙනුවෙන් යුද හමුදා සෙබළුන් හෝ වාහන ලබා දිය නොහැකි යැයි ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා කීය.
මැතිවරණයේ දී ඒ ඒ පුද්ගලයන්ට ආරක්‍ෂාව සපයන්නේ ඔවුන්ට ඇති තර්ජනවල ස්වභාවය අනුව බව කී පීරිස් මහතා පෙත්සම්කරුට ඇති තර්ජන සම්බන්ධව කරුණු ඉදිරිපත් කර නැතැයි කීවේය.
පෙරේරා මහතාට මීට පෙර සිව් දෙනකු ගෙන් යුත් ආරක්‍ෂක පිරිසක් ලබා දුන් අතර ඔවුන් සියලු දෙනා ප‍්‍රභූ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් මනා පුහුණුවක් ලැබුවන් බව පීරිස් මහතා කියා සිටියේ ය. එහෙත් පෙත්සම්කරු ඔවුන් ප‍්‍රතික්ෂේප කළ බව හෙතෙම කීය.
යුද මෙහෙයුම්වලට සම්බන්ධ වූ මේජර් ජෙනරාල්වරු සිය ගණනක් ඇති බැවින් ඔවුන් සියලු දෙනාට තර්ජන ඇති බව සලකා ආරක්‍ෂාව සැපයිය නොහැකි බව පීරිස් මහතා පැවසීය.
කෙසේ වුවද පෙත්සම්කරුට ආරක්‍ෂාව සැපයීම සිය උපරිමයෙන් කරන බව පීරිස් මහතා කීය.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කියා සිටියේ පෙත්සම්කරුට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් දීමට කටයුතු කර නොමැති බව ය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙහි අපේක්‍ෂකයාට උපරිම ආරක්‍ෂාවක් දී ඇතැයි හෙතෙම කීය.
කෙසේ වුවද තමාට ලබාදීමට යන ආරක්‍ෂක භටයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් එකඟවීමට පෙත්සම්කරු තීරණය කළේ ය.
පෙත්සම් විභාගය අත්හිටුවන ලදී.

මුන්ඩම්පිඩ්ඩි කොටින්ගෙන් නිදහස් පුනරින් මාර්ගයේ කොටසක් හමුදාව අතේ

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මන්නාරම ප‍්‍රදේශයෙන් ඉදිරියට ඇදෙන හමුදාවෝ කොටි ත‍්‍රස්තවාදීන්ගේ පාලනයේ තිබූ මුන්ඩම්පිඩ්ඩි ප‍්‍රදේශය ඊයේ (29) දහවල් සම්පූර්ණයෙන්ම අත්පත් කර ගත්හ.
ඉලුප්පකඩවාල් ප‍්‍රදේශයට කිලෝමීටර් තුනක් පමණ උතුරින් පිහිටි මෙම ප‍්‍රදේශය රැක ගැනීම සඳහා කොටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රබල උත්සාහයක් ගත් බවත් යුද හමුදාව ඉතා උපක‍්‍රමශීලීව මේ ප‍්‍රදේශය ජයගත් බව 58 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා දිනමිණ ට පැවසීය.
මුණ්ඩම්පිඩ්ඩි ප‍්‍රදේශයේ කිලෝමීටර් හතරක් පමණ ඉදිරියට යාමට යුද හමුදාවට හැකි වී තිබේ.
මේ ප‍්‍රදේශයේ දෙපාර්ශ්වය අතර දරුණු සටන් ඊයේ (29) පෙරවරුව වන විටත් පැවැතිණි.
පුනරින් මාර්ගයේ කොටසක් ද මේ සමඟ යුද හමුදාව අත්පත් කර ගෙන ඇත. සටන් පැවති ප‍්‍රදේශයේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ මළ සිරුරු වැටී තිබෙන අයුරු භූමියේ භට පිරිස් විසින් නිරීක්ෂණය කර තිබේ.
මීට අමතරව රථ වාහන කිහිපයක් සහ ගිනි අවි රැසක්ද කොටි අතහැර දමා ගොස් ඇත.

මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලටකාලතුවක්කු ප‍්‍රහාරයක්

මහින්ද කුලතුංග
එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ඒකපාර්ශවීය සටන් විරාමය යළි කඩ කරමින් ඊයේ (29) උදේ කොටි ත‍්‍රස්තවාදීන්ම යාපනය මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට කාලතුවක්කු ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.
එම ප‍්‍රහාරයෙන් යුද හමුදාවේ සෙබළුන් දෙදෙනකු තුවාල ලබා ඇත. උදේ 6.00 ත් 6.30 ත් අතර කාලයේ දී එල්ල කළ මෙම ප‍්‍රහාරයේදී කාලතුවක්කු ප‍්‍රහාර 10 ක් එල්ල කර ඇති බවත් යුද හමුදාව ප‍්‍රකාශ කෙළේය.
යුද හමුදාව මගින් කලින් අත්පත් කර ගත් ත‍්‍රස්තවාදීන් සතු අතහැර දමා ඇති බංකර කීපයකටද ත‍්‍රස්තවාදීන් කාලතුවක්කු ප‍්‍රහාර එල්ල කර තිබූ බවත් හමුදාව පැවසීය.
සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහාය පළ කිරීම සඳහා ඉදිරිපත් වෙමින් පසුගිය 26 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි එල්. ටී. ටී. ඊ. සංවිධානය ඒක පාර්ශවීය සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර තිබුණත් ඊයේ උදේ කරන ලද මෙම කාලතුවක්කු ප‍්‍රහාරයෙන් එම ඒකපාර්ශවීය සටන් විරාමය ඔවුන් විසින්ම කඩ කළ බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

උතුරු මැද සබරගමුව ඡන්දය කෙසේ වේද?

විසුරුවා හරින ලද උතුරු මැද හා සබරගමුව පළාත් සභා සඳහා 2004 ජූලි 10 වෙනි දින පැවති පළාත් සභා මැතිවරණයේ දී පැහැදිලි හා විශිෂ්්ට ජයක් මැතිවරණ කොට්ඨාස මට්ටමින් හා දිස්ති‍්‍රක්ක මට්ටමින් ද එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇත.
මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ප‍්‍රතිඵල පහත සඳහන් කරන අතර, එම ප‍්‍රතිඵල ලේඛනය දෙස බලන විට පහත කරුණු ද සලකා බැලීම අතිශයින්ම වැදගත් ය.
උතුරු මැද පළාත් සභාව යුද මානසිකත්වයෙන් පිරුණු මායිම් ගම්මානවලට දැඩිව ගොදුරුව තිබුණු පළාත් සභාවක් බැව් අපට කිසිසේත්ම අමතක කළ නොහැක.
අනුරාධපුර දිස්ති‍්‍රක්කය ගත් කල ද පොළොන්නරුව දිස්ති‍්‍රක්කය ගත් කල ද ඉහත සඳහන් පරිදි මායිම් ගම්මානවලට සම්බන්ධිත ප‍්‍රදේශ බැව් ඒ ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාව දන්නා කරුණකි.
වෙඩි හඬ නිතර නිතර ඇසෙන සවස 6.00 න් පසු මායිම් ගම්මානවල බියෙන් සැකයෙන් ජීවත්වීමට සිදු වූ එම ගම්මාන අද මුදාගත් ප‍්‍රදේශ බැව් සත්‍ය වශයෙන්ම කිව හැකි සාධාරණ ඇත්තකි.
අද උතුරු මැද පළාතේ ජනතාව තමන්ගේ ගොවිබිම් නිදහසේ වගා කරයි. පාසල් දරුවෝ නිදහසේ පාසල් යති. මායිම් ගම්මානවල වෙඩි හඬ තුරන්වී ඇත. එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදාගත් එම ප‍්‍රදේශ සඳහා අද ති‍්‍රවිධ හමුදාවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ රැකවරණය ලැබී ඇත.
ඉහත සඳහන් තත්ත්වයන් තිබියදී පවා 2004 පැවති මැතිවරණ දෙකේදීම එක්සත් ජනතා නිදහස් සන්ධානය උතුරු මැද පළාත් සභාව විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ඇත.
අද තත්ත්වය 2004 ට සම්පූර්ණයෙන්ම වෙනස්ය. අද උතුරු මැද පළාතටම විශාල සංවර්ධනයක් උදාවී ඇත. “ගම නැගුම” මගින් රුපියල් මිලියන ගණනාවක් වැය කර මාර්ග සංවර්ධනය කර ඇත.
“ජාතික සවිය” ව්‍යාපෘතිය මගින් උතුරු මැද පළාතේ ග‍්‍රාමීය ජනපද විශාල ප‍්‍රමාණයක යටිතල පහසුකම් ලබා දී ඇත.
මෙවන් විශාල සංවර්ධන ව්‍යාපෘති රැසක් උතුරු මැද ජනතාවට ලබාදුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට උතුරු මැද පළාත් සභාව ජයග‍්‍රහණය කිරීම ඉතාමත් ලෙහෙසි පහසු කටයුත්තකි. ගැමි සුවඳ දන්නා හඳුනන, කලගුණ අමතක නොකරන ග‍්‍රාමීය ජනතාව කිසිදාක කිසිවිටෙක තමන්ට කළ සේවය අමතක නොකරන පිරිසකි.
වසර 2004 දී පැවති මැතිවරණවලට ඡන්ද විශ්ලේෂණය කරමින් මීළඟට අප සලකා බැලිය යුත්තේ සබරගමුව පළාත් සභාව දෙසය.
2004 දී ජනතාවට දැනෙන සංවර්ධනයක් සබරගමුව පළාත් සභාවට නොකර තිබියදී පවා එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාත විශිෂ්ට ලෙස ජයග‍්‍රහණයකර ඇත.
එහෙත් අද ජනතාවගේ ඇඟට දැනෙන සංවර්ධනයක් සබරගමුව පළාත් සභාවට කර තිබියදී ජනතාව කිසිසේත්ම කලගුණ අමතක නොකරන බැව් අපි විශ්වාස කරමු.
සබරගමුව පළාතේ සංවර්ධනය ගැන සරලම උදාහරණ හැටියට සඳහන් කළ හැක්කේ වසර ගණනාවක් රත්නපුරෙන් එහාට බදුල්ල මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව තිබූ බලංගොඩ මාර්ගය අද “කාපට්” කර ජනතාවට ඉතාමත් යහපත් මාර්ග පද්ධතියක් ගොඩනගා තිබීමය.
මීට අමතරව “ගම නැගුම”, “ජාතික සවිය” මගින් ද සබරගමුව පළාත විශාල සංවර්ධනයක් ලබා ඇත.
එසේම වෙනත් විවිධ ව්‍යාපෘති මඟින් ද අද සබරගමුව පළාතේ පොදු මාර්ග, පාසල්, ග‍්‍රාමීය රෝහල්, ජල යෝජනා ක‍්‍රම, විදුලි යෝජනා ක‍්‍රම, ප‍්‍රජා ශාලා, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන මේ ආදී සුවිශේෂී වැඩ කොටසක් කර තිබෙන යුගයක 2004 ජයග‍්‍රහණයට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නවා විනා ඊට වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නවා යැයි සිතිය නොහැක.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂපාතිත්වය ඇතිව මේ ලිපිය ලිව්වාය යන හැඟීමෙන් බැහැර වීමට මා පහත කරුණු ද පාඨක ඔබේ අවධානය සඳහා යොමුකරමි.
පසුගිය වසර 4 1/2 තුළම එක්සත් ජාතික පක්ෂය උතුරු මැද පළාත් සභාවේ හෝ සබරගමුව පළාත් සභාවේ ජනතාවගේ ඇ¼ඟට දැනෙන කිසිදු ප‍්‍රශ්නයකට ඍජුව එම පළාත් සභා නියෝජනය කරන මන්තී‍්‍රවරුන් සම්බන්ධවී නැත.
උදාහරණයක් ලෙස ගත් කල එම මන්තී‍්‍රවරු ද රජයේ මන්තී‍්‍රවරු සමඟ මන්තී‍්‍ර වරප‍්‍රසාද හා වරදාන (තීරු බදු රහිත වාහන බලපත‍්‍ර) ලබා ගත්තා විනා තම පක්ෂය ඊළඟ මැතිවරණයේ දී පළාත් සභාවේ බලය ගන්නවාය යන චේතනාවෙන් කටයුතු කළ බවක් නොපෙනේ.
ඇතැම්විට එම මන්තී‍්‍රවරු මෙම අදහස් බැහැර කිරීමට ඉඩ තිබේ. නමුත් පවතින මනාප ඡන්ද ක‍්‍රමය තුළ කිසිදු පක්ෂයක මන්තී‍්‍රවරයෙකුට තමන් නියෝජනය කරන මැතිවරණ කොට්ඨාසයේ දේශපාලන සංවිධාන තර කළ නොහැක.
බරපතල හේතුව වන්නේ මනාප ඡන්ද ක‍්‍රමය තුළ දිස්ති‍්‍රක්කයේම ඡන්ද දායකයින් සතුටු කළ යුතුය. එසේ නොවුනහොත් ජයග‍්‍රහණය කළ නොහැක.
දෙවන හේතුව ආසනයේ පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වනවිට පළාත් සභා මන්තී‍්‍රවරයෙකුට දේශපාලන කටයුත්තක් එම ආසනය තුළ කිරීමට ඉඩ ප‍්‍රස්තාවක් නොලැබීම ය.
එවැනි බල අරගල අද දිවයින පුරා බහුලව දක්නට ලැබේ.
කළුතර ජේ. එම්. සෝමසිරි

ඡන්දයෙන් පස්සේ එජාපය හමාරයි - නිමල් සිරිපාල ද සිල්වා - සෞඛ්‍ය හා පෝෂණ ඇමැති

ඉදිරි පළාත් සභා ඡන්දය, කොටි සංවිධානයේ ඒක පාක්‍ෂික සටන් විරාමය සහ ආණ්ඩුවට එරෙහිව නැගෙන වර්ජන, තර්ජන ආදිය පිළිබඳ සෞඛ්‍ය හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා 'දිනමිණ' ට දැක්වූ අදහස් මෙසේ සටහන් කරමු.
සබරගමුව හා උතුරු මැද පළාත් සභා පසුගිය අවුරුදු දහය පුරාම පාලනය වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හා පොදු පෙරමුණු පාලනය යටතේයි. නමුත් මේ කාලයේ දී එම පළාත්වලට නිසි සේවයක් ඉටු නොවුණ බවට විපක්‍ෂය ආණ්ඩුවට චෝදනා කරනව. ඒ චෝදනාව ගැන ඔබට කියන්න ඇත්තේ මොනවද කියල දැනගන්න පුළුවන් ද?
මේ පළාත් දෙකම 1989 සිට 1999 දක්වා අවුරුදු දහයක් පාලනය කළේ එක්සත් ජාතික පක්‍ෂය මගිනුයි. ඒත් එම කාල සීමාව තුළ එජාපය මගින් එම පළාත්වලට සිදුකළ සේවයක් නැහැ.
උතුරුමැද සබරගමුව පමණක් නොවෙයි මම නියෝජනය කරන ඌව පළාතේ වුණත් තත්ත්වය ඒකයි. පළාත් සභාව මහජනයා ඉදිරියේ විහිළුවක් බවට පත්වුණේ ඒ කාලයේදීයි.
එදා පළාත් සභාව නිකම්ම නිකන් සුදු අලියෙක් බව කීවොත් ඒක වඩාත් නිවැරැදියි. ඒ දවස්වල පළාත් සභාව පිහිටුවීමේ අරමුණවත් හරියාකාරව ඉටු නොවුන බවකුයි දකින්න ලැබුණෙ.
ඒත් මේ තත්ත්වය නිවැරදි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. පළාත් සභාව මහජන සේවයක් ඉටුකරන තැනක් බවට පත් කළේ අපේ පාලනය යටතේයි.
අද ගමට ගියාම තේරෙනව අපේ පාලනය මගින් ගමට ගැමියාට කෙතරම් විශාල සේවයක් සිදුවෙලා තියෙනවද කියල.
ඒ නිසා ගමේ මිනිසා බලාගෙන ඉන්නෙ යළිත් සන්ධානයට බලය ලබාදීමටයි.
ඒ නිසා පළාත් සභා සංකල්පය මගින් රටට ගමට වැඩක් කළේ අපේ පාලනය යටතේ බව මට නොබියව කියන්න පුළුවන්.
මේ කතාව මම ආණ්ඩුවේ ඇමැතිවරයකු නිසා කියන කතාවක් නෙමෙයි රටේ ජනතාව දේශපාලන භේදයකින් තොරව පිළිගත් ඇත්තක්.
ඒ නිසා අපිට පළාත් සභා මැතිවරණයේ ජයග‍්‍රහණය පිළිබඳ සැකයක් නැහැ.
අනෙක ගම නගරය සංවර්ධනය කර ගැනීමට අවශ්‍යනම් පළාත් සභාවේ පාලනය ලබාදිය යුත්තෙ මධ්‍යම රජයේ බලය උසුලන දේශපාලන පක්‍ෂයටයි. අපෙ ඡන්ද දායකයා මේ දේශපාලන යථාර්ථයත් හොඳින් තේරුම් අරගෙනයි ඉන්නෙ.
එජාපය, ජවිපෙ, තමන් ලබන නියත පරාජය දැනගෙන පසුගිය කාලයේ දී පළාත් සභාවලින් නිසි සේවයක් සිදුනොවුණ බව කියමින් ඡන්ද දායකයො මුලා කරන්න වැඩ කරනවා.
ඒත් ඒ අය දන්නව සේවයක් වුණාද නැද්ද කියල. අද අපේ විපක්‍ෂයට ඕනෑවෙලා තියෙන්නෙ මොන දේ කරල හරි ආණ්ඩුව හා ජනාධිපතිතුමා අපහසුතාවට පත් කිරීමටයි.
ඔවුන්ට මෙතැනින් එහාට ගිය දේශපාලනයක් නැහැ. ගම නගරය සංවර්ධනය කරන්න ඕනෑකමක් රට හදන්න බලාපොරොත්තුවක් විපක්‍ෂයට නැහැ. අද විපක්‍ෂය සිදු කරමින් ඉන්නෙ වෛරී දේශපාලනයක්.
මෙහෙම දේශපාලනය කරල බහුතර ඡන්ද දායකයන්ගෙ කැමැත්ත ගන්න බැහැ. දවසින් දවස එජාපයට ජවිපෙට තිබූ මහජන කැමැත්ත නැතිවෙමින් තිබෙන්නෙ එම පක්‍ෂවල ප‍්‍රධාන කි‍්‍රයාකාරීන් ආණ්ඩුවට එකතු වෙමින් ඉන්නෙ ඒ නිසයි.
මට තේරෙන දේශපාලනය අනුව මෙවර එජාපය ලබන අන්ත පරාජයත් සමඟ එජාපය සී සී කඩ වීම ස්ථිරයි. අවුරුදු හැටකට අධික කාලයක් ශ‍්‍රී ලංකාවේ තනි විශාලම පක්‍ෂය වශයෙන් තබාගෙන තිබූ තැනක් අද වෙනකොට එජාපයට අහිමිවෙලා ඉවරයි.
ආණ්ඩුවට ඔබ කියන ආකාරයේ විශාල මහජන සහායක් තියෙනවානම් සියලු පළාත් සභා විසුරුවා මැතිවරණයකට නොගිහින් තෝරාගත් පළාත් සභා දෙකකට පමණක් මැතිවරණ තියන්නේ ඇයි? මේ ගැන අදහස් දක්වන සමහරු කියන්නෙ ආණ්ඩුව මේ කරන්නේ මුට්ටිය දමා බැලීමක් බවයි?
පසුගිය ජනාධිපතිවරණයේ දී අපිට තිබූ මහජන බලය වැඩි වුණා මිසක් අඩුවෙලා නැහැ. අද රටට ආදරය කරන හැමදෙනාම ජනාධිපතිතුමාට සහ ආණ්ඩුව ආරක්‍ෂා කිරීමට ඉදිරිපත් වෙලා ඉන්නව.
මෙතැන දේශපාලනයක් නැහැ රට ගැන කල්පනා කිරීමක් පමණයි වෙලා තියෙන්නේ. අද රජය යුද්ධය ඉතාමත් හොඳින් මෙහෙයවනව වගේම උතුරු පළාත තුළත් විශාල යුද ජයග‍්‍රහණ ලබමින් ඉන්නෙ.
ඒ නිසා මේ මොහොතේ රටේ බහුතරය හිතන්නෙ දේශපාලනය ගැන නොවෙයි රට ගැනයි ඒ නිසා අද මහජනතාවගෙන් අති බහුතරයක් රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දෙනව අගය කරනව.
ඒ නිසා අපි මැතිවරණවලට බය නැහැ. මැතිවරණවලට ඡන්දය එපා කියලා උසාවි ගියේ මැතිවරණවලට බය මහජන බලයක් නැති අය. ඒ නිසා මැතිවරණ පැවැත්වීම හෝ මැතිවරණ ජයගැනීම ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ.
ඉදිරියේ දී සෙසු පළාත් සභා ද විසුරුවා හැර මැතිවරණයකට යොමුවීමට ආණ්ඩුව සූදානම් බවට ආරංචි පැතිරෙනවා. මේ ආරංචිය ඇත්තක්ද?
ඒක පළාත් සභාවේ බහුතර බලය සහ මහ ඇමැතිවරයාගේ කැමැත්ත අනුව සිදුවන දෙයක්. මධ්‍යම රජයට මේ ගැන ඍජුව සම්බන්ධවීමට අවශ්‍යතාවක් නැහැ.
ඉදිරියේ දී උද්ගතවන දේශපාලන තත්ත්වයන් අනුව සෙසු පළාත් සභා පිළිබඳ තීරණය වෙයි.
හැබැයි අපි මැතිවරණවලට බය නැහැ. ඒ වගේම ඕනෑම මැතිවරණයකට මුහුණ දී ජයගැනීමට ශක්තියක් අපිට තියෙනව.
එහෙනම් එජාපය ඉල්ලා සිටින ආකාරයේ මහ මැතිවරණයකට වුණත් ආණ්ඩුව සූදානම් ද?
එජාපය ඉල්ලුව කියල අපි මහ මැතිවරණ දෙන්නෙ නැහැ. මැතිවරණයකට සුදුසුම වෙලාවේදියි අපි මහ මැතිවරණය තියන්නෙ.
ආණ්ඩුවට බහුතරය තියෙද්දි ආණ්ඩුවට අවුරුදු දෙකක නිල කාලයක් තියෙද්දි හදිසි මහ මැතිවරණයක් අවශ්‍ය වෙන්නෙ නැහැ.
ඒත් මහ මැතිවරණයකට මුහුණ දී ජය ගැනීමේ ශක්තියක් අපිට තියෙනව.
එජාපය මහ ඇමැතිධූර අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇත්තෙ අලුත් මුහුණු. මේ තත්ත්වය උපයෝගී කරගෙන එජාපයට මඩ ගහන්න ආණ්ඩුව උත්සාහ කරනවා නේද?
අපි මහ ඇමැතිකමට ඉදිරිපත් කරල තියෙන්නෙ ඉතාමත් කාර්යක්‍ෂම දක්‍ෂ හා පළපුරුදු අපේක්‍ෂකයො. ඔවුන්ට පළාත් සභා පිළිබඳ හසල දැනුමක් තියෙනව.
ඒත් එජාපය ඉදිරිපත් කරල තියෙන්නෙ පළාත් සභාවකට වැස්සකටවත් නොගිය පැරෂුට් කාරයො, කෝඩුකාරයො දෙන්නෙක් එහෙම දෙන්නෙකුට පළාතක් පාලනය කරන්න පුළුවන් ද? යුද හමුදාවට ජ්‍යෙෂ්ඨයකු වූණාට, ජනප‍්‍රිය නළුවෙකු වුණාට මහ ඇමැතිවරයකු වෙන්න බැහැ.
කොහොමත් මේ දෙන්නට මහ ඇමැතිකම ගන්න බැරිවන නිසා ප‍්‍රශ්නයක් නැහැ.
මේ දෙන්න ඡන්දෙන් පැරදුනාම සූට්කේස්වල ඇඳුම් ටික දමාගෙන කොළඹ එයි.
අපේ මහ ඇමැතිධූර අපේක්‍ෂකයන් එහෙම නෙමෙයි පළාතේ ජනතාවට වගකියන ඒ පළාත්වලම වැසියන්.
ඒ වගේ ම මහීපාල හා බර්ටි පෙ‍්‍ර්මලාල් මහත්වරු ගමේ මිනිසාගෙ දහදිය සුවඳ හඳුනන දෙන්නෙක්.
ඒ නිසා අපි මේ ඉදිරිපත් කරල තියෙන්නෙ සුදුසුම මහ ඇමැතිධූර අපේක්‍ෂකයන් දෙදෙනායි.
පසුගියදා සංකේත වර්ජනයක් ජවිපෙ හා එජාපය විසින් සංවිධානය කළා. ඉදිරි දිනවල දී තුන්දින වර්ජනයකුත් මෙහෙයවීමට ජවිපෙ සැලසුම් කිරීමට නියමිතයි. මේ වර්ජන උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමට ආණ්ඩුව කුමන්ත‍්‍රණය කරන බවට චෝදනා එල්ල වෙනව. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංගයක්වන වර්ජන මර්දනය කිරීම කෙතරම් දුරට සාධාරණද?
අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන ආණ්ඩුවක් ඒ නිසා අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් එපිටට ගිය උපක‍්‍රම භාවිත කරන්නෙ නැහැ. ආණ්ඩුව ඒ වර්ජනයට මුහුණ දුන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආකාරයටයි.
අපිට පුළුවන්කම ලැබුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ලෙස වැඩ වර්ජනය පරාජය කරන්න. මේ මොහොතේ දී රටේ වැඩ කරන ජනතාවගෙන් බහුතරයක් රට ගැන කල්පනා කරල වර්ජනයට එකතු වෙන්නෙ නැහැ කියල පැහැදිලි තීන්දුවක් ගත්ත.
එතැන කිසිම මර්දනයක් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් බැහැර දෙයක් සිදු වුණේ නැහැ අපි වර්ජනයට සාර්ථක ලෙස මුහුණ දුන්නා. එතැන ඊට වැඩිය දෙයක් නැහැ.
වර්ජනය අසාර්ථක වීමේ වගකීම වර්ජනයට එකතු වූ වෘත්තීය සමිති විසින් ම භාරගත යුතුයි. මෙයින් රටටම ඔප්පු වුණේ ජවිපෙ තුළ නොහැකියාව පමණයි.
ඉදිරියේ දී ජවිපෙ මෙහෙයවන බව කියන තුන්දින වර්ජනයටත් අත්වෙන්නෙ ජූලි දහය වර්ජනයට අත් වූ ඉරණමමයි. ඒකෙ සැකයක් නැහැ. වර්ජන කිරීමේ හැකියාවක් හෝ වැඩකරන ජනතාව වර්ජන සඳහා එකතු කර ගැනීමේ හැකියාවක් අද ජවිපෙට නැහැ.
අද වැඩකරන ජනතාව එකතු කරගෙන කතා කරන ජවිපෙ වැඩකරන ජනතාව 1980 වර්ජනයේ දී පාවා දුන් හැටි අපට මතකයි.
ඒ වගේ ම එදා වර්ජනයේ දී ලක්‍ෂ සංඛ්‍යාත වර්ජකයන් පිරිසක් රැකියාවෙන් දොට්ටදමා මහමඟට ඇදල දැම්මෙ එජාප ආණ්ඩුව මගිනුයි මේ කලුපාට අතීතය අදටත් මේ රටේ ජනතාවට අමතක වෙලා නැහැ.
මේ වගේ පිරිසක් තමයි අද කම්කරුවො මර්දනය කරනව කියල මාධ්‍ය මර්දනය කරනව කියල කිඹුල් කඳුළු හෙලන්නෙ. එදා මාධ්‍යවේදීන් තරගයට වගේ ඝාතනය කළේ කම්කරු නායකයන් තරගයට වගේ ඝාතනය කළේ එජාපය හා ජවිපෙ විසිනුයි. ශ‍්‍රීලනිපයට ඒ වගේ කළු අතීතයක් නැහැ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් ඒක පාක්‍ෂික සටන් විරාමය ප‍්‍රකාශ කරල තියෙනව. මෙය ඉදිරි සාම වැඩපිළිවෙළක ආරම්භයක් බව ඇතැම් අය කියනවා. නමුත් ආණ්ඩුව සටන් විරාමය ප‍්‍රතික්‍ෂේප කළා. මේ ගැන ඔබට කියන්න ඇත්තේ මොනවද?
එල්. ටී. ටී. ඊ. සංවිධානය මගින් ප‍්‍රකාශ කර තිබෙන සටන් විරාමය රජය මගින් පිළිගත්තේ නැහැ.
එල්. ටී. ටී. ඊ. ය තමන් යුදමය වශයෙන් පරාජය වෙනකොට මේ වගේ උපක‍්‍රම පාවිච්චි කරනව. කොටි සංවිධානයේ පැරණි උපක‍්‍රමවලින් ආණ්ඩුව රවටන්න බැහැ.
ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටන රණවිරුවන් විසින් ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට අරගෙන යනව.
අද කොටි සංවිධානය බෙලහීන අසරණ තැනකට පත්වෙලා ඉන්නෙ. ඒ නිසයි ඔවුන් සටන් විරාම ගැන කතා කරන්නෙ.
ඒත් යුද්ධය අතහැරල ආයුද බිම තබනතුරු ආණ්ඩුව කොටි සමඟ සාකච්ඡා කිරීමට සූදානම් නැහැ. ඒත් දෙමළ ජනතාවට සාධාරණ දේශපාලන විසඳුමක් ලබාදීමට අපි පසුබට වෙන්නෙ නැහැ.
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන

වයඹ පළාත් සභාවට විපක්‍ෂ නායකයකු කඩිනමින් පත්කරනවා- එජාප මහ ලේකම් තිස්ස අත්තනායක

නිරූෂි විමලවීර
වයඹ පළාත් සභාව සඳහා විපක්‍ෂනායකවරයෙකු කඩිනමින් පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇති බව එජාප මහ ලේකම් මහනුවර දිසා මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කෙළේය.
වයඹ පළාත් සභා විපක්‍ෂනායක අශෝක වඩිගමංගාව මහතා පක්‍ෂය හැර යෑම පිළිබඳ මෙතෙක් ලිඛිතව දැනුම් දීමක් කර නැතැයි ද මහලේකම්වරයා සඳහන් කෙළේය.
විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉදිරි සතියේ පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී අශෝක වඩිගමංගාව මහතාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ඒ මහතා කීවේය.
පක්‍ෂයට නොදන්වා වෙනත් පක්‍ෂයක් සමඟ එකතු වීම පක්‍ෂ විනය නීති කඩ කිරීමක් බව ද ඒ පිළිබඳ පක්‍ෂය තීරණයක් ගන්නා බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මැතිවරණ නීති උල්ලංඝන පැමිණිලි පනස් තුනක්

වෙල්ලස්සේ බණ්ඩාර
සබරගමුව හා උතුරු මැද පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාරදුන් දිනයේ සිට පෙරේදා (27) වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 53 ක් ඉදිරිපත් වී ඇතැයි ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත්කැර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බවද නිවේදනයක් නිකුත් කරමින් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන කියා සිටී.
මෙම පැමිණිලි වලින් වැඩිකොටසක් සුළු සිද්ධීන් මුල්කැර ගෙන ඉදිරිපත් කැර ඇති බවද, දේශපාලන පක්ෂවලට අයත්, කොඩි, පතාක, සැරසිලි, පෝස්ටර් විනාශ කිරීමේ සිද්ධි මුල් කැරගෙනද පැමිණිලි ඉදිරිපත් කැර ඇතැයිද එම නිවේදනයේ දැක්වේ.
මැතිවරණ ප‍්‍රචාරක කාර්යාල කඩා බිඳ දැමීමේ සිද්ධි සම්බන්ධයෙන් පැමිණිලි පහක්ද රාජ්‍ය දේපළ අයුතු භාවිතාව පිළිබඳව තවත් පැමිණිලි 05 ක්ද මෙම පැමිණිලි අතර දක්නට තිබෙන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය පැමිණිලි 16 ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පැමිණිලි 14 ක්ද, මෙයට අමතරව පොලීසිය ආනවරණය කරගනු ලැබූ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියක්ද වශයෙන් පැමිණිලි 53 ක් පෙරේදා (27) වනවිට ඉදිරිපත්වී ඇති බවද ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ශී‍්‍ර ලංකාවේ දඟ පන්දු අභියෝගය ජය ගන්නවා- - ආරම්භක පිතිකරු ගම්භීර්

වර්නන් ගුණසේකර
ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර හෙට (31) ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේ ඇරැඹෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය සඳහා වන ශී‍්‍ර ලංකා සංචිතයට දකුණතින් මද වේග පන්දු යවන 25 හැවිරිදි ධම්මික ප‍්‍රසාද් නම් කොට තිබේ.
කඳ්‍රන ද මැසිනද් විදුහලෙන් බිහිව එස්.එස්.සී. කණ්ඩායමට එක්වූ ධම්මික ප‍්‍රසාද් මේ දක්වා ජාත්‍යන්තර එක්දින තරග තුනකට සහභාගි වී කඩුලු 3ක් ලබා ගෙන සිටී. ඔහු ලබා ඇති පළමු පෙල කඩුලු සංඛ්‍යාව 129 කි.
මේ වසරේ පැවැති අන්තර් පළාත් කි‍්‍රකට් එක්දින හා ඕවර 20 – 20 තරගාවලියේදී ධම්මික ප‍්‍රසාද් බස්නාහිර උතුර කණ්ඩායම නියෝජනය කළේය.
යම් හෙයකින් හෙට ඇරැඹෙන ටෙස්ට් තරගයට ධම්මික ප‍්‍රසාද් ටෙස්ට් වරම් ලබා ගතහොත් ඔහු ශී‍්‍ර ලංකාවේ 110 වැනි ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයා වනු ඇත.
ගාල්ල කී‍්‍රඩාංගණයේ ඉන්දීය කී‍්‍රඩකයන් පුහුණු වෙමින් සිටියදි
මේ අතර, ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකාවේ දඟ පන්දු අභියෝගය ජය ගැනීමට හැකි වනු ඇතැයි ඉන්දියාව විශ්වාස කරන බව ආරම්භක පිතිකරු ගෞතම් ගම්භීර් පවසයි.
කොළඹදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් යන දඟ පන්දු යවන්නෝ කඩුලු 19ක් බිඳ හෙලූ අතර ඔවුන්ගේ එම දස්කම් මත තරගයේ දිනයක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකාව ඉනිමක හා ලකුණු 239 ක ජයක් වර්තා කළේය.
තම කණ්ඩායමේ කී‍්‍රඩකයිනට අවශ්‍ය තරමේ හැකියාව තිබෙන බවත් සෑම දෙනාම ඔවුන් කී‍්‍රඩා කළ ආකාරය හා කළ වැරදි අධ්‍යයනය කර ඇති බවත් පැවසූ ගම්භීර් ගාල්ල තරගයේදී වඩා හොඳ කී‍්‍රඩාවක නියැලෙමින් එම තරගය ජය ගැනීමට උත්සාහ කරන බවද ප‍්‍රකාශ කළේය.
“පළමු තරගය අපේ එක් නරක තරගයක් පමණයි. තවත් තරග දෙකක් තිනෙවා. සියළුම කී‍්‍රඩකයෝ ධනාත්මකව සිතනවා. සිදුවූ දේ ඉතිහාසගතයි.
ඒ ගැන දැන් කරන්න කිසිවක් නැහැ. දැන් අවශ්‍යව ඇත්තේ අපට ශී‍්‍ර ලංකාව පැරදිය හැකි යැයි කල්පනා කිරීමයි.”
”අපට තිබෙන පිති හරඹය සහ පන්දු ප‍්‍රහාරය අනුව අපට මේ තරගමාලාව ජය ගත හැකියි” ටෙස්ට් තරග 15 කදී ලකුණු 774 ක් ලබා ගෙන ඇති ගම්භීර් විශ්වාසය පළ කළේය.
ශ‍්‍රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සංචිත හා විනිසුරුවෝ මෙසේය.
ශ‍්‍රී ලංකාව : මහේල ජයවර්ධන (නායක), මයිකල් වැන්ඩට්, මලින්ද වර්ණපුර, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, චාමර සිල්වා, තිලකරත්න ඩිල්ශාන්, ප‍්‍රසන්න ජයවර්ධන, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, අජන්ත මෙන්ඩිස්, තිලාන් තුෂාර, නුවන් කුලසේකර, චාමර කපුගෙදර, ධම්මික ප‍්‍රසාද්.
ඉන්දියාව : අනිල් කුම්බ්ලේ (නායක), විරේන්ද්‍ර ෂේවාග්, ගෞතම් ගම්භීර්, සව්රව් ගංගුලි, රාහුල් ද්‍රාවිඩ්, වෙන්කට්සායි ලක්ස්මන්, සචින් ටෙන්ඩුල්කාර්, රෝහිට් ෂර්මා, දිනේෂ් කර්තික්, පර්තිව් පටෙල්, හර්බජන් සිං, ඉෂාන්ට් ෂර්මා, සහීර් ඛාන්, රුද්‍රා ප‍්‍රතාප් සිං, මුනාෆ් පටෙල්, ප‍්‍රග්‍යාන් ඔජා.
තරග විනිසුරුවෝ: බිලී ඩොකට්රෝව් (කොදෙව් දූපත්) හා රූඩ් කර්ට්සන් (දකුණු අප‍්‍රිකාව)
රූපවාහිනී විනිසුරු : මාක් බෙන්සන් (එංගලන්තය)
තරග තීරක : ඇලන් හර්ස්ට් (ඔස්ටේ‍්‍රලියාව)

Tuesday, July 29, 2008

'අපේ ජනතාව උදෙසා සහයෝගිතාව' සාර්ක් සමුළුවට මුල පුරයි

ප‍්‍රධාන කරුණු 4ක් ගැන සාකච්ඡා“අපේ ජනතාව උදෙසා සහයෝගීතාව” යන තේමාවෙන් ඊයේ (27) කොළඹදී ඇරැඹුණු පහළොස් වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවේ සාර්ක් විදේශ අමාත්‍යාංශ නිලධාරින්ගේ රැස්වීම් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (27 දා) පැවැති අතර, එහිදී ප‍්‍රධාන කරුණු හතරක් ඔස්සේ සාකච්ඡා පැවැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ‘සාර්ක්’ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රසාද් කාරියවසම් මහතා පැවසීය.
සාර්ක් කලාපීය රටවල ආහාර සුරක්ෂිතතාව, බලශක්ති අර්බුදය, ත‍්‍රස්තවාදය වැළැක්වීම සහ ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගැනීම යන කරුණු ඔස්සේ මෙහිදී සාකච්ඡා පැවැති බව ද, මෙම සාකච්ඡා ආශ‍්‍රිතව රාජ්‍ය නායක මට්ටමින් තීරණ ගැනීම සඳහා වාර්තා සම්පාදනය කෙරෙන බවද කාරියවසම් මහතා පැවැසීය.
සාර්ක් සමුළුවේ සභාපතිත්වය නිල වශයෙන් ඊයේ (27) ශ‍්‍රී ලංකාවට හිමිවූ උතර, කලාපීය ප‍්‍රශ්න රැසකට විසැඳුම් සෙවීම අරමුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් කළාපයේ සභාපති ලෙස පත්වීම ශී‍්‍ර ලංකාවට අතිශයින්ම වැදගත් වන බව රෝහිත බෝගොල්ලාගම මහතා පවසයි.
සාර්ක් සංවර්ධන අරමුදල පිළිබඳ ප‍්‍රඥප්තිය දකුණු ආසියානු කලාපීය ප‍්‍රමිති සංවිධානය ස්ථාපනය කිරීම සහ අපරාධ නඩු කටයුතු සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහයෝගිතාව පළ කිරීමේ ගිවිසුම් අත්සන් කිරීම මෙම රාජ්‍ය නායක සමුළුවේදී සිදුවන සුවිශේෂි කාර්යයන් වේ.
මෙම සමුළුවට සමගාමීව දකුණු ආසියානු රටවල පොදු මගී ප‍්‍රවාහන සේවය සම්බන්ධයෙන් ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් සම්මන්ත‍්‍රණයක් ගල්කිස්ස මහා හෝටලයේදී ඊයේ පෙරවරුවේ පැවැත්වුණි.
සාර්ක් රටවල පොදු මගී ප‍්‍රවාහන සම්බන්ධ ගැටලු, ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ සංවර්ධනය සහ ගුණාත්මකභාවය වැඩි කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කවරේද යන්න එහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ත‍්‍රස්තවාදයට එරෙහිව ශී‍්‍ර ලංකා රජය මගින් සිදුකරනු ලබන මෙහෙයුම් මෙන්ම රටේ ආර්ථික, දේශපාලනික ස්ථාවරභාවයද, රටේ සංවර්ධන කටයුතු පිළිබඳව කලාපයේ රටවල්වලට දැන්වීමට මෙම සමුළුවේදී අදහස් කරයි.
දුප්පත්කම දුරැලීම, ලෝකයටම බලපා තිබෙන ආහාර අර්බුදය, කලාපයේ රටවල් මුහුණපාන ගැටලු සහ ඉන් මිදීමට ගතයුතු කි‍්‍රයාමාර්ග, කාලගුණික විපර්යාස, ත‍්‍රස්තවාදය මැඩලීම් සම්බන්ධ කරුණු මෙවර සමුළුවේදී ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.
කැනඩාව, ඇමෙරිකාව, චීනය, ජපානය, යුරෝපා සංගමය, මුරුසිය, ඉරානය සාර්ක් සංවිධානයේ නිරීක්ෂක රටවල් ලෙසට එම රටවල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වීමටද නියමිතය.
දිනමිණ ඇසුරෙන්

මාධ්‍යවේදීන්ට ගැටලු ඇති වී තිබෙන්නේ පක්ෂග‍්‍රාහී වීම හේතුකොට ගෙනයි-මල්වතු මහනාහිමි මාධ්‍ය සංගම් නියෝජිතයන්ට කියයි

අසේල කුරුළුවංශ, ඉන්දික පොල්කොටුව හා සරත් සමරනායක
ජනමාධ්‍යවේදීන්ට පහරදීම අද ඊයේ සිදුවූවක් නොව වරින් වර එක් එක් කාලයන් තුළ දක්නට ලැබුණු බවත් එම තත්ත්වය වත්මන් ජනපතිවරයාගේ පාලන කාලයේදී නිවැරදි කර ගැනීමට හැකිවනු ඇති බවත් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියෝ පැවසූහ.
රට තුළ යුදමය වාතාවරණයක් පවතිද්දී මාධ්‍ය මගින් හෙළි කළයුතු දේ මෙන්ම නොකළයුතු දේද ඇති බවත් රජයේ හමුදාවන්අපහසුතාවට හා අපකීර්තියට පත්වන තොරතුරු මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් පාලනයකට ලක්විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.
මල්වතු මහ නාහිමියෝ එසේ පැවසුවේ ජනමාධ්‍ය සංගම් පහක නියෝජිත පිරිසක් ඊයේ (28) උන්වහන්සේ බැහැ දැක මාධ්‍යයට එල්ලවන බලපෑම් සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේදීය.
ශී‍්‍ර ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශී‍්‍ර ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය ශී‍්‍ර ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ජනමාධ්‍ය සෑම අවස්ථාවකම මධ්‍යස්ථව කටයුතු කිරීම වැදගත් බවත් එක් එක් පැතිවලට බර වී මාධ්‍ය කි‍්‍රයාකිරීම අනුමත කළ නොහැකි බවත් පැවසූ මහ නාහිමියෝ මාධ්‍යයට විවිධ ප‍්‍රශ්න හා ගැටලු ඇතිවන්නේ පක්ෂග‍්‍රාහී වීමෙන් බවද ප‍්‍රකාශ කළහ.
ඇතැම් පිරිස් පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නට මාධ්‍ය මගින් අපහාස කරන බවත් සමහරු නිවැරැදි තොරතුරු නොදැන කාගේ හෝ ඉගැන්වීමකට අසත්‍ය ප‍්‍රවෘත්ති වාර්තාකරන බවත් මහනාහිමියෝ පැවසූහ.
මාධ්‍ය මගින් යම් වරදක් සිදුවන්නේ නම් නීති මගින් ඊට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතු බවත් එසේ නොවී වෙනස් ක‍්‍රම මගින් මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට දඬුවම් දීමට යෑම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ කීහ.
ඕනෑම අයෙකු අතින් වැරදි සිදුවීම ස්වභාවික බවත් යමකු සිතා මතා දිගින් දිගටම වැරදි කරන්නේ නම් එය ගැටලුවක් බවත් මහනාහිමියෝ අවධාරණය කළහ.
ශී‍්‍ර ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපති සනත් බාලසූරිය මහතා - කොපමණ දියුණු තත්ත්වයට පත්වුණත් මාධ්‍ය මගින් වැරදි සිදුවිය හැකියි. ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය පවතින තත්ත්වයෙන් ගුණාත්මක මට්ටමට ගෙන ඒමට රජය සමඟ එක්ව කටයුතු කිරීම අවශ්‍යයි. එසේ වුවත් පවතින පසුබිම තුළ එවැනි තත්ත්වයකට යෑමට ඇති ඉඩකඩ ඇහිරෙනවා.
මේ රටේ දේශපාලන බලය වෙනස් කිරීමේ වුවමනාවක් හා අවශ්‍යතාවක් මාධ්‍යයට නැහැ. දේශපාලන බලය වෙනස් කිරීම මගින් මේ ප‍්‍රශ්න නිරාකරණය නොවන බවද අපි දන්නවා. ඒ සඳහා කළයුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව ශක්තිමත් කිරීමයි

සාර්ක් රාජ්‍ය නායකයෝ 31දා සිට මෙරටට එති

රුවන්ති කාරියවසම්
කොළඹ දී පැවැත්වෙන 15 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා එම රටවල් අටේ රාජ්‍ය නායකයෝ මෙම 31 වැනි බ‍්‍රහස්පතින්දා සිට ශ‍්‍රී ලංකාවට ළඟා වෙති. සාක් රාජ්‍ය නායක සමුළුව ලබන 02 හා 03 යන දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර මෙම සමුළුවට සහභාගී වීම සඳහා මුලින්ම ශ‍්‍රී ලංකාවට සැපත් වීමට නියමිතව ඇත්තේ නේපාල අගමැති ගිරිජා ප‍්‍රසාද් කොයිරාළ මහතාය.
අනතුරුව එදින රාති‍්‍රයේ දී භූතාන අගමැති ජිග්මේ කින්ලි මහතා දිවයිනට ළඟාවේ. බංගලාදේශ භාරකාර රජයේ ප‍්‍රධාන උපදේශක ආචාර්ය ෂකුර්දින් අහමඩ් මාලදිවයින් ජනාධිපති මොහොමඩ් අබ්දුල් ගයුම් ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සිං පකිස්ථානු අගමැති යූසෆ් රාසා ගිලානි හා ඇෆ්ගනිස්ථාන ජනාධිපති හමීඩ් කර්සායි යන මහත්වරු අගෝස්තු පළමුදා පිළිවෙළින් දිවයිනට ගොඩ බසිති.
මේ අතර සාක් කලාපයේ රටවල විදේශ ලේකම්වරුන්ගේ සමුළුව අද (29) කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඇරඹේ.
මෙය සාක් රටවල විදේශ ලේකම්වරුන් සහභභාගී වන ස්ථාවර කමිටුවේ 35 වැනි සැසි වාරයයි. මෙම සැසි වාරය අද හා හෙට දෙදින පැවැත්වෙන අතර මෙහිදී මෙතෙක් සාක් විදේශ ලේකම් වරුන්ගේ සමුළුවේ සභාපතිත්වය දැරූ ඉන්දීය විදේශ ලේකම්වරයා විසින් ශ‍්‍රී ලාංකීය විදේශ ලේකම් පාලිත කොහොන මහතා වෙත එම සමුළුවේ ඉදිරි කාලය සඳහා සභාපතිත්වය භාර දීම ද සිදු වේ. සාර්ක් විදේශ ලේකම්වරුන්ගේ සමුළුව අවසන් වන 2 වැනි දා මාලදිවයින් විදේශ ලේකම්වරයා ස්තුති කථාව පැවැත්වීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ විදේශ ලේකම් පාලිත කොහොන මහතා සමුළුව අවසන් කරනු ඇත

කොටි සටන් විරාමය කොටි ම කඩති

විජයානි එදිරිසිංහ
පසුගිය 26දා සිට කි‍්‍රයාත්මක වනසේ කොටි සංවිධානය ප‍්‍රකාශයට පත් කළ ඒක පාර්ශ්විය සටන් විරාමය කොටි ත‍්‍රස්තවාදීන්ම උල්ලංඝනය කරමින් මෝටාර් ප‍්‍රහාර එල්ල කොට හමුදා සෙබළුන් සිවු දෙනකු ඝාතනය කර ඇත.
සාර්ක් සමුළුව නිමිත්තෙන් ප‍්‍රකාශයට පත් කළ මෙම සටන් විරාමය මෙසේ උල්ලංඝනය කැර ඇත්තේ වැලිඔය, වවුනියාව, මල්ලාවි, කිරිඉබ්බන්වැව සහ ඇතාවැටුණුවැව ප‍්‍රදේශවලට ඉකුත් 27 වැනිදා එල්ල කළ මෝටාර් ප‍්‍රහාරවලිනි. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා මේ බව දිනමිණට හෙළි කෙළේය.
මෙම මෝටාර් ප‍්‍රහාරය සහ සටන් විරාමය ගැන අදහස් දැක් වූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා කොටි සංවිධානයේ උප්පරවැට්ටියට ජනාධිපතිවරයා හෝ ආරක්ෂක අංශ හෝ හසුවූයේ නැති බව කීය.
යුදමය අතින් දුර්වල වූ අවස්ථාවල සහ අවි ආයුධ හිඟ වූ විට කොටි සංවිධානය සටන් විරාම ඉල්ලා සිටියේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ සිට බවත් හුළුගල්ල මහතා සිහිපත් කෙළේය.
එවැනි බොරු සටන් විරාමවලින් වසර 28 ක් තිස්සේ කොටි සංවිධානය හිටපු ජනාධිපතිවරුන් සහ ආරක්ෂක අංශ රැවටූ බව ඒ මහතා ප‍්‍රකාශ කෙළේය. එහෙත් පසුගිය වසර දෙක ඇතුළත කොටින් අන්ත පරාජයකට පත් කළ බව කී හුළුගල්ල මහතා ජාත්‍යන්තරය හමුවේ තමන් අහිංසක යැයි පෙන්වීමට ඒකපාර්ශ්වික සටන් විරාමය ප‍්‍රකාශයට පත් කළ බවද කීය.

උතුරේ ගැටුම්වලින් කොටි 18ක් මරුට

භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
උතුරේ ප‍්‍රදේශ කිහිපයක ගත වූ පැය 24 තුළ කොටි ත‍්‍රස්තවාදීන් සහ යුද හමුදා අතර ඇති වූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් 18 දෙනකු මියගොස් 27 දෙනකු තුවාල ලබා තිබේ.
මන්නාරම, වැලිඔය, යාපනය, වවුනියාව ප‍්‍රදේශ වලදී මෙම ගැටුම් පැවති බවත් එහිදී කොටින්ගේ බංකර් පෙළක්ද හමුදා ප‍්‍රහාරවලින් විනාශ වී ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථාන පවසයි. කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවි ආයුධ සහ සන්නිවේදන කට්ටල තොගයක් භූමියේ භට පිරිස් විසින් සොයා ගෙන තිබේ

චිත‍්‍රපට පිස්සුව නිසා සංගීතයත් ෆේල් වුණා-සංගීතවේදී ගායක මර්වින් පෙරේරා

ලයාන්විත වූ හැඟුම්බර හඬක් සත්සර අතරට මුසුවෙද්දි ඒ රසාලිප්ත බවින් හදවත ස්පර්ශ කරන්නේ නම් කොතරම් මිහිරියාවක්, අපූර්වත්වයක් එහි රැඳී තිබෙනවාද?
" සඳ මිඳුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නළවා සතපා
ඇය රෑ එළියෙන් සැඟ වී යනවා ... "
සුවහසක් ගීතලෝලීන් සිය හඩින් මුසපත් කළ ඔහුගේ ගී රාවය එදත් අදත් සහෘදයන් වැළඳගන්නේ දයාබරිතවය. ඔහු ගී ගැයුවේ සහෘදයන්ගේ සවනට නොව හදවතට ය.
ඔහු අන් කවරෙකුත් නොව ප‍්‍රවීණ ගායක මර්වින් පෙරේරා ය. " මට තාම මතකයි " පිටුවෙන් අද දිගහැරෙන්නේ ඔහුගේ සුන්දර අසුන්දර අතීත මතකයන්ය. ඔහු අප හා දොඩමළු වූයේ මෙලෙසිනි.
" මගේ ගම පයාගල ඉගෙන ගත්තේ පයාගල රෝමානු කතෝලික කුමර පාසලෙන්. මගේ පියා හර්මන් පෙරේරා. හර්මන් මාස්ටර් කීවම මුළු කළුතර දිස්ති‍්‍රක්කයම ඔහුව හඳුනනවා. ඔහු සංගීත හා නැටුම් ගුරුවරයෙක්. මාවත් සංගීතය පැත්තට යොමු කරවා කලාකරුවෙක් කරන්න මගේ පියාට ලොකු වුවමනාවක් තිබුණා. සංගීතයේ මුලකුරු මට කියාදුන් පළමු ගුරුවරයා වෙන්නේ මගේ පියා. වයලීනය වාදනය කරන්න මට පුරුදු කළේ ඔහු. එදා ඒ විදිහට මගේ පියා මට ඉගැන්වූ වියලීන වාදනයෙන් මගේ මුළු ජීවිතයම සාර්ථක ලෙස ගොඩනඟා ගන්න පුළුවන් වුණා. "
ඕනෑම මවුපියෙක් තම දරුවන්ගේ දියුණුව අපේක්ෂා කිරීම අරුමයක් නොවේ. ඒ නිසා වැඩිදුර අධ්‍යාපනය ලබාදීම සඳහා කීයක් වියදම් වුවද උපකාරක පංතිවලට තම දුවාදරුවන් සහභාගී කරවීම සිදු කෙරේ. මර්වින්ගේ පියා ද මර්වින්ට වයලීන වාදනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබාදීම පිණිස උපකාරක පංතියකට ඇතුළත් කිරීම සිදු කළා. මර්වින් එය සිහිකරන්නේ මෙලෙසිනි.
" වයලීන වාදනය ප‍්‍රගුණ කිරීම සඳහා මගේ පියා මාව කළුතර ටවුන් එකේ ඉගැන්වූ ගුරුවරයෙක් ළඟට යැව්වා. පංති ගිහින් එන්න කියා මට රුපියලක් දෙනවා. පංති තියෙන්නේ සඳුදාටයි. සිකුරාදාටයි . නමුත් වයලීන වාදනය ඉගැන්වූ ගුරුවරයා සාර්ථකව ඉගැන්වූයේ නෑ. ඒ නිසා මම පංති නොයා ගෙදරින් දෙන රුපියලෙන් කළුතර ටවුන් එකේ චිත‍්‍රපට ශාලාවකට ගිහින් " කව් බෝයි " කියන චිත‍්‍රපට බලනවා. පංති තියෙන හැම දවසකම, ට්ත‍්‍රපට බලලා පංති ගිය විදියට ගෙදර යනවා. ඒ ගුරුවරයාගෙන් හරි ඉගැන්වීමක් මට නොලැබෙන බව දැනුණ පියා මාව වෙනත් උපකාරක පංතියකට ඇතුළත් කළා. ඒ පංතියේදී සිදුවුණෙත් අර දේ ම තමා."
" මම ප‍්‍රථම වතාවට එස්. එස්. සී. විභාගයට වාඩි වුණා. ටික කාලෙකින් ප‍්‍රතිඵල ආවා. ප‍්‍රතිඵල ලේඛනයේ සංගීත විෂය සඳහා මට තිබුණේ ' එෆ් ' අකුරක්. සංගීතය ෆේල් වුණේ මම ශාස්තී‍්‍රය සංගීතය ඉගෙන ගන්න ගිය ක්ලාස් කට් කරපු නිසා කියලා මම අදටත් කියනවා. ඒ කාලයේ පාසලේ සංගීත විෂය ඉගැන්නුවේ ඩබ්. ඩී. මකුල්ඔළුව මහත්තයා. ' කොලුවට තව ඒ තරම් වයසකුත් නැහැනේ, නැවත වරක් විභාගයට වාඩිකරවන්න' යැයි මකුල්ඔළුව මහත්තයා අපේ තාත්තාට කියලා තියෙනවා. කොහොම හරි මට රජයේ සංගීත විද්‍යාලයට (රජයේ ලලිත කලායතනයට) ඇතුළත් වීමට වරම් ලැබුණා.
සංගීත ලෝකයේ ප‍්‍රවීණයන්ට අඩිතාලම සපයාදුන් රජයේ කලායතනය මර්වින් පෙරේරාගේ සංගීත දිවියද පෝෂණය කළේය. වික්ටර් රත්නායක, සරත් දසනායක, විජේරත්න රණතුංග , අමරසිරි පීරිස් යනාදී ප‍්‍රවීණයෝ මර්වින්ගේ සමකාලීනයෝ වූහ.
" කලායතනයේදී දක්ෂකම් තිබුණ අය එකට එකතු වුණා. එහිදී මම, වික්ටර් රත්නායක, සරත් දසනායක , පෙ‍්‍ර්මසිරි යන අය එකට හිටියේ, අපි ඉතින් ධනවත් පවුල් වල අය නෙවෙයිනේ. ඒ කාලයේ අතේ වියදමට රුපියලක් දුන්නම ඒකෙන් මුළු දවසම කවර් කරගන්න ඕන. දැන් ළමයින්ට වගේ උදේට බත් උයලා බත් මුල් බැඳලා දුන්නේ නෑ. කඩෙන් තෝසේ එකක්, රොටියක් කාල තමයි හිටියේ, ඔහොම දුෂ්කරතා මධ්‍යයේ තමයි අපි ඉගෙනගත්තේ. දුෂ්කර වුණත් ඒ ජීවිතය හරිම සුන්දරයි. දැන් මතක් වෙන කොටත් හරි ආසා හිතෙනවා.
" ඉන්දියාවෙන් සුදු යකඩ වළලු ලංකාවට ගෙන්නුවේ අපි කලායතනයට යන කාලේ. ඉස්සරවෙලාම ඒ වළලු අතේ දමාගෙන හිටියේ අපේ ' කලායතනයේ කොල්ලො කෙල්ලෝ ටික. ඒ නිසා කොහේදි දැක්කත් මේ කලායතනයේ කෙල්ලෙක්, කොල්ලෙක් කියලා හඳුනාගන්න පුළුවන්. ඒ නිසා ' මගෝඩි ' වැඩ කරන්න තිබුණු ඉඩ ප‍්‍රමාණය බොහෝම අඩුවුණා. මොකද අර වළල්ල නිසා කලායතනයේ කෙනෙක් කියලා අඳුනාගන්නවානේ."
" අපි කට්ටියගේ අරමුණු වුණේ සංගීත ගුරුවරු වෙන්න නම් නොවේ. කලායතනයේදී හොඳට යමක් ඉගෙන ගැනීමේ අදහස තමා අපට තිබුණේ. ඒ කොහොම වුණත් කලායතනයේ හැදෑරූ සය අවුරුදු පාඨමාලාවෙන් පසුව මට ගුරු පත්වීමක් ලැබුණා අම්පාරට. අන්ත දුෂ්කර පාසලක උගන්වන්නයි මට පත්වීම ලැබුණේ. වික්ටර්ට පත්වීම ලැබුණේ බණ්ඩාරවෙලට. අපි එහෙම වෙන්වුණත් යාළුකම දිගටම පවත්වාගෙන ගියා."
" 1966 සැප්. 07 දා අම්පාරේ විජයපුර මහා විද්‍යාලයට ලැබුණ ගුරු පත්වීම මම භාරගෙන එහි ගියා. මගේ කලාදිවියේ මං සලකුණු සටහන් වුණේ අම්පාරේ දී. මම අම්පාරට යද්දි මගේ මිත‍්‍ර ගායක තිලකසිරි ප‍්‍රනාන්දු මට ගිටාරයක් තෑගි දුන්නා. එහෙදි දැනුණ පාළුව තනිකම මඟහරවා ගත්තේ මේ ගිටාරය වාදනය කිරීමෙන්. බටහිර සංගීතය ගැන මම එහෙදි බොහෝදුරට උනන්දු වුණා. ඒ නිසා ම නිතරම තනු නිර්මාණය කරන්නටත් පෙළඹුණා.
මර්වින් බටහිර සංගීතය පිළිබඳව හැදෑරුවෝ ස්වෝත්සායෙනි (පොතින් පතින් ලද දැනුමෙනි). ඔහු තම නිර්මාණයන් සඳහා යොදා ගැනීමට උත්සුක වූයේ බටහිර සංගීත සම්ප‍්‍රදායයි. සය වසරක් ' රාගධාරී' සංගීතය හැදෑරුවද ඒ තුළින් නිර්මාණ කරන්න ඔහු උනන්දු වූයේ නැති ' රාග' තුළින් නිර්මාණ බිහිකිරීමේ ප‍්‍රවනතාවක් ඔහු තුළ නොතිබූ බවත්, නමුත් ' රාගධාරි' සංගීතය නිර්මාණකරණයට විශාල පිටිවහලක් වන බවත් ඔහු අව්‍යාජව අප හා පැවසුවේය.
මර්වින් පෙරේරා නම් වූ සංගීතවේදියා නැවතත් අප හා දොඩමළු වූයේ ගුරු පත්වීම් පිළිබඳව කියමිනි.
සංගීත ක්‍ෂේත‍්‍රය පැත්තෙන් මගෙන් දියුණුවක් අවශ්‍ය නිසා මම කොළඹට පත්වීමක් ඉල්ලුවා. දුෂ්කර සේවයට ගිහින් අවුරුදු හතරක් ගත වෙනකන් මට කොළඹට පත්වීමක් ලැබුණේ නෑ. 1970 දී කැලණිය ධර්මාලෝක මහා විද්‍යාලයට මට මාරු වීමක් ලැබුණා. ප‍්‍රසිද්ධ සංගීතයට අතගහන්න ඉඩ ලැබුණේ මේ මාරුවීමෙන් පසුවයි. ධර්මාලෝක විද්‍යාලයේ ඉගැන්වීමෙන් පසුව වෙදමුල්ල මහා විද්‍යාලයටත් එතැනින් කැලණිය ගුරුකුල මහා විද්‍යාලයටත් මාරුවෙන්න සිදුවුණා.
ගුරුකුල මහා විද්‍යාලයේ සේවය කරන කාලයේදී 80 මහා වැඩ වර්ජනය ඇරඹුණා. ඒ වර්ජනය කළේ ජේ. ආර් . ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලේ, රුපියල් 10 කින් පඩි වැඩි කර ගැනීම වර්ජනයේ අරමුණ වුණා. හැම ගුරුවරයෙක්ම වැඩ වර්ජනය කරනවා කියා කතා වුණත් අවසානයේදී වැඩ වර්ජනය කරලා තියෙන්නේ මම විතරයි.
අනෙක් අය සේවයට වාර්තා කරලා. වැඩ වර්ජනය කරලා පහුවදා මම සේවයට යනකොට මගේ වැඩ තහනම් කරලා. අනෙක් ගුරුවරු මට කියා සිටියේ ' උඹට නම් ඉතින් සිංදුවක් දෙකක් කියලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ' කියායි. මේ වර්ජනයෙන් මට අවුරුදු 4ක් මගේ රස්සාව නැතිවුණා.
" 83 ' කළු ජූලිය ' පටන් ගත්ත දවසෙ මට නැවත රැකියාව ලැබුණා. නමුත් 85 දී නන්දා මාලනී එක්ක අබුඩාබි යන්න නිවාඩු ඉල්ලුවත් මට ලැබුණේ නෑ. ඒත් මම මගේ ගමන නතර නොකර රට ගියා. රට ගිහින් එනකොට ආපහු මගේ රස්සාව නැතිවෙලා. එහිදී මම අවුරුදු 9ක් රැකියාව නැතිව සිටියා. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මට නැවතත් රැකියාව ලැබුණා. ඒ කළුතර ඥානෝදය විදුහලට. මම 2000 වර්ෂයේදී ගුරු දිවියෙන් විශ‍්‍රාම ගත්තා. මා ගෙවූ ගුරු ජීවිතය තුළදී මා දන්නා දේ අන් අයට ලබාදීම තුළින් විශාල තෘප්තියක් ලැබුවා. මට ඒ ගැන ගොඩාක් සතුටුයි."
" වසර 9 ක සේවා තහනමට ලක්වුණ කාලයේත් මට පිහිට වුණේ සංගීතයයි. එහිදී වාදකයෙක් විදියට මගේ හැකියාව යොදාගත්තා. කැසට් පටිවලට තනු නිර්මාණය කළා. එහිදී සරත් දසනායක හා ග්‍රේෂන් ආනන්ද මට හුඟාක් උදව් කළා. මම ඔවුන් ගැන බොහොම ආදරයෙන් අදටත් මතක් කරනවා."
එක් වරෙක ඔහු අප හා ගුරු ජීවිතය පිළිබඳව ඉතා කණස්සල්ලෙන් පිළිසඳරේ යෙදුණත් තවත් වරෙක ඔහු ගුරු ජීවිතය ගැන ඉතා ආඩම්බරයෙන් සහ සතුටින් අප හා කතාබහේ යෙදුණේය. අප හා මීළඟට පැවසුවේ ඔහු ගුවන්විදුලි ගායකයෙකු ලෙස ඉදිරියට පැමිණි ගමන පිළිබඳවයි.
" අද වගේ නෙමෙයි ඒ කාලේ ඉස්මතු වුණ හැම ගායක ගායිකාවක්ම ගුවන්විදුලියේ පරීක්‍ෂණ හරහායි ඉදිරියට ආවේ. එදා ජනපි‍්‍රය වූ ගායකයන් අදත් ජනපි‍්‍රයව ඉන්නේ ඒ නිසයි. ඒ යුගයේදීම මටත් කලඑළි බහින්න ලැබීම ගැන මම සතුටක්. මගේ මුල්ම ගීතය විදිහට ප‍්‍රසිද්ධ වෙලා තිබෙන්නේ 1972 දී මම ගායනා කළ ' ඔබ දේදුන්න ආකාසයේ' කියන ගීතයයි.
නමුත් මම මෙහිදී විශේෂයෙන්ම මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ' ඔබ දේදුන්න ආකාසයේ' කියන ගීතය ගැයීමට පෙර මුල්ම ගීත ලෙස ගීත 4 ක් ගායනා කළා. නමුත් ඒවට ඉස්මතු වෙන්න ඉඩක් ලැබුණේ නෑ. මොකද ඒ ගීත 4 පටිගත කළ සංයුක්ත තැටිය බ්ඍර්‍ථ කැරලිකරුවන්ගේ අතට පත්වූවා. ඒ නිසා එම ගීත වලට කලඑළි බහින්න නොහැකි වුණා. ඉන්පසුව තමා ' ඔබ දේදුන්න ආකාසයේ ගීතය ගායනා කළේ.
" මේ ගීතය අහලා ප‍්‍රවීණ ගායිකා ජී. එස්. බී. රාණි පෙරේරා මට උදව් කළා. " ගීත තරංගනී' කියන ඇයගේ වැඩසටහනට සහභාගී වෙන්න. රසිකයින් අතරට ගියේ මේ වැඩසටහන ඔස්සේයි ' මේ නගරය, සඳ මිදුලට එනවා, ආදරේ රන් බිඟුන් නැසූ ... ' යනාදී ගීත මම ගායනා කළේ මේ වැඩසටහන ඔස්සේ. පසුව මම කුඩා ප‍්‍රමාණයේ තැටි වලටත් ගීත ගායනා කළා. ;ප‍්‍ර්මකීර්ති ද අල්විස් මට උදව් කළ තවත් කෙනෙක්. මගේ ගීත වලින් වැඩිහරියක් ලියල තියෙන්නේ ඔහු. මේ ' ගීත තරංනී' වැඩසටහනට මම වගේම වික්ටර් , නීලා, ටී. එම්. ජයරත්න, පි‍්‍රයා සූරසේන යන අයත් සහභාගී වුණා. "
" මම ගීත 94, 95 ක් පමණ ගායනා කර තිබෙනවා. ඒ වගේම බොහොමයක් ගීතවලට තනු නිර්මාණය කර තියෙනවා. විශාරද නන්දා මාලනී ගයන ' ලොවම එපාවී - ඔබ ඔබේ පැලේ, නිලම්බරේ සුදු පරෙවි රෑන්, ' අ ' යන්න කියන්න - ලොවටම ඇසෙන්න ' යනාදී ගීතයන්හිත්, චÁද්‍රලේඛා ගයන ' අසෝක මාලා' ගීතයටත් ගී තනු නිර්මාණය කර තිබෙනවා."
මර්වින් පෙරේරා සංගීතවේදියාගේ සමකාලීනයෙක් වූ වික්ටර් පෙරේරා ඔහුගේ ගජ මිතුරෙකි. කලායතනයේදී හමු වූ වික්ටර් ගජ මිතුරෙක් වී තිබෙන්නේ මර්වින්ගේ හා මාලනීගේ විවාහය දා ය. මෙම විවාහයේ දී මර්වින් වෙනුවෙන් සාක්ෂි අත්සන් කර තිබෙන්නේ වික්ටර්ය. මේ කුළුපග මිතුරා වෙනුවෙන් ගී තනු නිර්මාණය කරන්න මර්වින් අමතක නොකළේය. වික්ටර් රත්නායකයන් ගයන ' පාවේ වලා - ඈත කඳු බලා, පෑ ආදරේ හා - මා හද මවා " යන ගීතයට සත්සර මුසුකරමින් පන දුන්නේ මර්වින් ය. ' ලොව සැතපෙන යාමේ' නමැති මිල්ටන් මල්ලවආරච්චි ගයන ගීතයෙහි තනු නිර්මාණය කළේ ද මර්වින් පෙරේරාය.
මර්වින් හා මාලනී අතර වූ යුග දිවිය පිළිබඳව විමසූ කල ඔහු ඉතා හැඟුම්බරව ඒ ගැන කියා සිටියේ මෙලෙසිනි.
"මාලනියි මමයි අවුරුදු 7ක පෙ‍්‍ර්ම සම්බන්ධයකින් පසුවයි විවාහ වුණේ. මාලනී මට හොඳ හැටි දැකගන්න ලැබුණේ පල්ලියේදී. පයාගල පරලෝක රාජේශ්වරියගේ දෙව් මැදුරේ ඉරිදාට පැවැත්වෙන පූජාවේදි මගේ දෙනෙතට මාලනී දැකීමෙන් ඈ කෙරෙහි ආදරයක් ඇතිවුණා. ඇයට මේ ගැන කියා ඇගේ කැමැත්ත අකමැත්ත විමසා ලියුමක් යැව්වා. මාලනීත් මට පිළිතුරු ලියුමක් එව්වා. මේ ලියුම් ගනුදෙනුව ගැන ආරංචි වුණ මාලනීගෙ ගෙදර අය මේ සම්බන්ධය නවත්වන්න කියා ඈට තර්ජනය කළා. නමුත් අපේ ආදරය තව තව වැඩිවුණා මිස අඩුවක් නම් වුණේ නෑ. "
"අපිට ඕන නම් හිතුවක්කාරකමට විවාහ වෙන්න තිබුණා. මම අම්පාරේ ඉදිද්දී මට තිබුණා එයාව එහෙට අරගෙන යන්න. ඒත් මාලනී මට හැම වෙලාවේම කීවේ අපි පොඩ්ඩක් ඉවසලා ඔප්පු කරමු අපි නිවැරදියි කියලා යනුවෙනි. මගේ තරුණ කාලයේ හරිම දඩබ්බරයි. මාලනීගේ පවුලේ අය මාව හැඳින්වූවේ ' බජව්කාරයා' කියාය. මෙන්න මේ හේතු නිසා තමා මාලනීගේ පවුලේ අය මට අකමැති වුණේ. " හරියට අපේ පෙම් සබඳතාව රෝමියෝ - ජුලියට් පෙ‍්‍ර්ම පුරාණය වගේ. ඒ තරම්ම අපේ පෙම් සබඳතාවට ප‍්‍රශ්න තිබුණා.
"කොහොම හරි අපි විවාහ වුණා. ඒ 1972 මැයි 13 දාය. මේ මඟුල් දා විවාහ උත්සව දෙකක් ගත්තා. එකක් මගේ. අනෙක මගේ නංගි මොනිකගේ . පුංචි කාලේ ඉඳලා ආව ගිය ' පරලෝක රාජේශ්වරියේ' දෙව් මැඳුරෙදි තමා අපේ විවාහය සිදුවුණේ. සුදෝ සුදු සාරියකින් සැරසිලා, දිගට දිගේ වේල් එකක් දාලා, චාම් මල් පොකුරකුත් අතට අරන් හිටපු මාලනී දකින්න මම මොන තරම් හීන මැව්වද? එදා මං කොයිතරම් දෙවියන්ට ස්තිතු කිව්වද කියල මටම මතක නෑ."
"1980 දි මගේ රස්සාව නැතිවුණා. ඒත් මං කවදාවත් වැටුණු මිනිහෙක් නොවුණෙ, මාලනිගේ අරපිරිමැස්ම තිබුණ නිසා. මට පුතාලා දෙන්නෙකුයි දුවලා දෙන්නෙකුයි ඉන්නවා. මගේ පුතාලා දෙන්නා අමල් පෙරේරා සහ සොහාන් පෙරේරා මගේ අඩිපාරෙම යන එක ගැන මට ගොඩක් සතුටුයි."
"මගේ ගීත තනු ජනපි‍්‍රය වුණේ. මගේ බිරිය මාලනී නිසා. මම ගීතයකට තනුවක් නිර්මාණය කරන කොට එයා කුස්සියේ ඉඳලා ඇවිත් මර්වින් ඒ තනුව ලස්සනයි නේද? කිව්වම ඒ ගීතය අනිවාර්යයෙන්ම ජනපි‍්‍රය වෙනවා."
"මම මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක් තමා සුනාමි ඛේදවාචකය. මම ජීවත්වෙන්නේ පයාගල මුහුදට ඉතාම කිට්ටුවෙන්. සිද්ධිය වෙන දවසේ උදේ මම මගේ අම්මගේ දුකසැප බලන්න නංගිලාගේ ගෙදර යමින් හිටියේ. පස්සෙ මට ආරංචි වුණා මුහුද ගොඩ ගලනවා කියලා. මේ සිද්ධිය බලන්න පුතාලා මුහුදට ගිහින්. එතකොට එක රැල්ලක් ඇවිත් අපේ මහ ගෙවල් ඔක්කොම අරගෙන ගිහින්. ඒ බලන්න තමා පුතාලා ගිහින් තියෙන්නේ. මෙයාලා ගියාට පසුව දෙවෙනි වරට රැල්ලක් ඇවිත්. නමුත් ඔවුන් දෙන්නා ඒකට සාර්ථකව මුහුණ දීලා ජීවිත බේරාගෙන තිබුණා. ඒ සුනාමියේදී අපේ පවුලේ අය නම් බේරුණා. ඒත් විසි දහසකට අධික අහිංසක ලාංකීකයන්ගේ ජීවිත මුහුදට බිලිවුණා. සංවේදී මිනිසුන් විදිහට මට ඒ ගැන හිතනකොට ලොකු දුකක් ඇතිවෙනවා."
ගීතයක තනුවක් නිර්මාණයට මර්වින් පෙරේරා නම් වූ මහා සංගීතවේදියාට වැඩි වේලාවක් ගත වූයේ නැත. ගී තනු නිර්මාණයට මූඩ් එක එනකන් කියා ඔහු බලා සිටියේද නැත. ක්ෂණයකින් ගීත නිර්මාණය කිරීමේ අපූර්ව හැකියාව ඔහුට තිබිණ. ඔහුගේ ගීත වල මුල්ම විචාරකයා වූයේ ඔහුගේ බිරිය මාලනීය. ඇය රසිකාවියක් පමණක් වුවත් ඇය යම් ගීතයක හොඳ නරක පවසත් නම් ඒ තුළින් සංගීත ඛණ්ඩ වෙනස් කර ගීතයට නවතාවක් ලබාදීම මර්වින්ගේ සිරිතය.
"රන් මීවිත පුරවා, කතරක තනි වී, දෙදෙනා පෙරදා, නිලුපුල් යුවලේ , ආදි ගීත වලට තනු යෙදුවේද මර්වින් පෙරේරාම ය. ඔහුගේ ගීත මෙතරම් ජනපි‍්‍රය වූයේ ස්වනිර්මාණයන් ඔස්සේම නිර්මාණය කළ නිසා යැයි ඔහු පවසයි. ඔහුගේ ගීත වල මියුරු රාවය යුගයෙන් යුගයට පරපුරෙන් පරපුරට, අපේ සිත්වලට ද සිසිලක් එක් කරමින් ගලාගෙන යාවි.
'ඔබත් එක්ක ආයෙත්
එහි යන්න හිතෙනවා ...
ජීවිතයම හීනයෙකැයි
කියා හිතෙනවා ..."
මර්වින් පෙරේරා සංගීතවේදියා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙනි
සන්ධ්‍යා කරුණාරත්න

තමිල්නාඩුව මොනවා කීවත් ඉන්දියාව අපිත් එක්කයි - මහින්දානන්ද අලුත්ගමගේ

සටන් විරාමය ඉවත හෙළීමෙන් පසුව හමුදා මෙහෙයුම් සම්බන්ධව ආණ්ඩුවේ ඉදිරි කි‍්‍රයාමාර්ග කෙසේ ද? ගැටුම් පවතින ප‍්‍රදේශවල සිවිල් වැසියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ කුමක්ද? තමිල්නාඩුවේ බලපෑම මත ඉන්දියාව අපේ කටයුතුවලට අතපොවයිද? ආණ්ඩු පක්‍ෂයේ නියෝජ්‍ය ප‍්‍රධාන සංවිධායක, විදුලි බල අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඒ ගැන මෙසේ අදහස් දක්වයි.
* කොටි සංවිධානය ඉදිරිපත් කර ඇති ඒක පාර්ශ්වීය සටන්විරාමයට ආණ්ඩුවෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ ඇයි?
කොටි සංවිධානය සටන් විරාම ගිවිසුම්වලට ඇතුළත් වුණේ කොහොමද ඒවගේම සටන් විරාම ගිවිසුම් බිඳ දැමුවේ කොහොමද කියන කාරණාවලට උදාහරණ ඕනෑ තරම් ඉතිහාසයෙ තියෙනවා. හැමදාම එල්. ටී. ටී. ඊ. සංවිධානය සටන් විරාම ගිවිසුම්වලට ඇවිල්ලා තියෙන්නේ යුධ පරාජයත් සමඟයි. දෙමළ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් එල්.ටී. ටී. ඊ. සංවිධානය කවදාවත්ම සටන් විරාම ගිවිසුම්වලට ඇවිල්ලත් නැහැ.
එන්නෙත් නැහැ. අන්ත පරාජයට පත්වෙලා නැගිටින්න බැරිවෙන්නම හමුදාවෙන් බැට කනකොට තමයි, හැමදාමත් එල්. ටී. ටී. ඊ. සංවිධානයට සටන් විරාමය මතක් වෙන්නේ. යම් කිසි සටන් විරාමයකට කොටි සංවිධානය එනවනම් ඔවුන් පැහැදිලිව අවි ආයුධ බිම තැබිය යුතුයි කියලා ආණ්ඩුව ස්ථාවරයකට පැමිණ සිටිනවා.
ඒවගේම සාකච්ඡාවලට යනවා නම් අවිආයුධ බිම තියලා නිශ්චිත කාලවකවානුවක් තුළ එය සිදුවිය යුතුයි. කොටි සංවිධානය අන්ත පරාජයකට පත්වෙලා මුලතිව්, කිලිනොච්චි කඳවුරුවල හිටපු ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක්ම මැරිලා. සමහරු පැනලා දුවලා තියෙන වෙලාවේ සටන් විරාමයක් ඇති කරලා අපේ හමුදා සෙබළුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වට්ටන්න ආණ්ඩුවට වුවමනා නැහැ.
* ආණ්ඩුව කුමක් කීවත් කොටි සංවිධානය මෙවර සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කර ඇත්තේ අවංකව බවයි, දෙමළ ජාතික සංධානයේ මන්තී‍්‍රවරුන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ කොටි සංවිධානයේ සටන් විරාමයට යහපත් ප‍්‍රතිචාරයක් ආණ්ඩුව නොදැක්වීම බරපතල තත්ත්වයක් බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ.
මීට පෙර පැවැති ආණ්ඩුත් මේ ආණ්ඩුවත් කොටි සංවිධායනට ඇති තරම් අවස්ථා ලබාදී තිබුණා. නමුත් ඒ අවස්ථාවේදී කොටි සංවිධානයෙන් නියම ප‍්‍රතිචාර නොලැබුණු නිසා සාමයට තිබු ඉඩ ප‍්‍රස්ථාව නැතිවුණා. පුළුවන් තරම් කොටි සංවිධානය කළේ ප‍්‍රචණ්ඩත්වය වපුරපු එකයි.
දේශපාලන නායකයින්, දෙමළ දේශපාලන නායකයින්, සාමාන්‍ය ජනතාව කොයිතරම් ප‍්‍රමාණයක් ප‍්‍රභාකරන්ගේ නියෝගය මත ඝාතනය කරලා තියෙනවාද? පසුගිය එක්සත් ජාතික පෙරමුණ රජය සමඟ අත්සන් කරන ලද සටන්විරාම ගිවිසුමත් කොටි සංවිධානය දහස් වාර ගණනක් උල්ලංඝණය කළ බව ලෝක ප‍්‍රජාවත් පිළිගෙන තිබෙනවා. ඒක නිසා ආණ්ඩුවට කොටි සංවිධානය ගැන කිසිම විශ්වාසයක් නැහැ.
* නමුත් දෙපාර්ශවය අතරේ විශ්වාසයක් ඇතිවෙන්න නම් ආණ්ඩුවට යම් වගකීමක් ගන්න වෙනවා නේද?
වගකීම් ගන්න එකේ තේරුමක් නැත්තේ ප‍්‍රතිඵලයක් නැති නිසායි. කොටි සංවිධානය සමඟ විශ්වාසයක් නොමැතිවීම මේකට ප‍්‍රධාන හේතුවයි. කොටි සංවිධානය වංචාවකින් තොරව අවි ආයුධ භාරදෙන්න එකඟවෙන්න ඕන. එවිට කොටි සංවිධානය කෙරෙහි යම් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් වේවි. ඒක නිසා විශ්වාසය ගොඩනගා ගැනීම කොටි සංවිධානය සතු කාර්යභාරයක්. ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි, සටන් විරාමය හරහා අවි ආයුධ භාරදීම.
ඒ විශ්වාසය තමයි සාම සාකච්ඡාවලටත් හොඳම පසුබිම වන්නේ. අවි ආයුධ බිම තියන්නේ නැතුව මොනම හේතුවක් නිසාවත් කටයුතු කරන්න ආණ්ඩුව කිසිම සූදානමක් නැහැ.
* ඕනෑම ගරිල්ලා සංවිධානයකට ගරිල්ලා ප‍්‍රබලතම සාධකය ඔවුන් සතු අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍යය. ඒ අනුව ඔවුන්ට තියෙන ප‍්‍රබලතම සාධකය දේශපාලන විසඳුමක් ලබාදෙන්නත් ප‍්‍රථම අත්හරින්න කියලා කියන තර්කය කෙතරම් දුරකට සාධාරණ ද?
ඕනෑම කෙනෙකුට ඕනෑම තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙ ගැටළුවක් නෑ. අවංකවම අවි ආයුධ බිම තියන්න කොටි සංවිධානය එකඟ නම් අපට පුළුවන් ඊට කලින් කොන්දේසි කිහිපයකට එන්න. අවි ආයුධ බිම තියලා සාම සාකච්ඡාවලට එනවානම් කුමක්ද පදනම, මොන මොන දේවල්වලටද එන්නේ කියන කාරණ ගැන ප‍්‍රථමයෙන් ම යම් එකඟතාවලට එන්න පුළුවන්. කොටි සංවිධානය ආයුධ බිම තියන්න එකඟනම් ඒකෙන් අදහස් වන්නේ ඔවුන් දේශපාලන විසඳුමකට එකඟයි කියන එකයි.
* සටන් විරාමයකට ආණ්ඩුව එකඟ නැති නම් ආරක්ෂක අංශ කොටි සාමාජිකයින්ට ප‍්‍රහාර එල්ල කරමින් කිලිනොච්චිය, මුලතිව් ප‍්‍රදේශවලට ආසන්න වෙමින් සිටිනවා. මෙම ආරක්ෂක මෙහෙයුම් වල අවසානය කුමක්ද?
මේ වෙන කොට අපි කොටි සංවිධානය ත් සමඟ සියලු කොටි සාමාජිකයින් වටකරලයි ඉන්නේ. මේ වෙනකොට හමුදාවේ බර අවි ඕනෑම තැනක ස්ථානගතකරලා කොටි සංවිධානයේ ඕනෑම ස්ථානයකට පහර දෙන්න හැකියාව හමුදාවට තියෙනවා. මුලතිව්, කිලිනොච්චි කැළෑවල පිහිටි කොටි ත‍්‍රස්තවාදීන්ගේ තිප්පොළවලට බර අවි වලින් පහර දෙන්න හැකියාවක් තියෙනවා.
තවත් ස්ථාන කිහිපයක් ඇල්ලුවහම ඒ ඕනෑම ස්ථානයක ඉඳලා ප‍්‍රභාකරන් සැඟවී ඉඳීවී කියලාසැක හිතෙන ස්ථානවලට ප‍්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒක නිසා මේ මුලතිව්, කිළිනොච්චි අත්පත් කරගත්තා වගේ අපට සතියකින් දෙකකින් මේ යුද්ධය සම්පූර්ණයෙන්ම ඉවරකරන්න පුළුවන්. නමුත් කොටි සාමාජිකයින් ඒ ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව මිනිස් පළිහක් ලෙස යොදා ගන්නවා.
ඒක නිසා සාමාන්‍ය ජනතාව කොටි සංවිධානයෙන් ඉවත් කරලා අපවෙත ගන්න උපක‍්‍රමශීලි වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ ප‍්‍රදේශවල සාමාන්‍ය ජනතාව කොටි සංවිධානයට විරුද්ධයි. නැගෙනහිර ජනතාව වගේ උතුරේ ජනතාවත් කොටි සංවිධානයට එරෙහිව ආණ්ඩුවත් සමඟ එක්වෙන්න සූදානමින් ඉන්නේ.
* සාක් සමුළුව වෙලාවේ ඒක පාර්ශ්වික සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කරලා කොටි සංවිධාන ජාත්‍යන්තර වශයෙන් යම් ප‍්‍රබල වාසියක් ගන්න යන්නේ කියන කතාවක් පැතිර යනවා. මේ ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක් ද?
තීරණාත්මක යුද්ධයක දී ආණ්ඩුවක් විසින් ආරක්ෂක අංශ විසින් ගනු ලබන උපාය උපක‍්‍රම ප‍්‍රසිද්ධ කරන්නේ නැති නිසා මේ ගැන කිසිවක් ප‍්‍රකාශ කරන්න බැහැ. ඒත් එකක් පැහැදිලියි. ඒ කොටි සංවිධානයට අවශ්‍යව ඇත්තේ ව්‍යාජ මන්තරයක් ජපකරමින් ජාත්‍යන්තරයට යමක් කියන්නයි. කොහොම වුණත් හමුදාව කරන කිසිඳු මෙහෙයුමක් නවත්වන්න කිසිම තීරණයක් අරගෙන නැහැ.
* ලක්ෂ 3කට ආසන්න සාමාන්‍ය ජනකායක් මුලතිව්, කිළිනොච්චි යන ප‍්‍රදේශවල ජීවත්වෙනවා. කොටි සංවිධානය මෙම ජනතාව මිනිස් පළිහක් ලෙස යොදාගෙන. ත‍්‍රස්තවාදියා හා සිවිල් ජනයා වෙන් වෙන් ව හඳුනාගෙන ප‍්‍රහාර එල්ල කිරීමට තිබෙන හැකියාව කුමක් ද? සිවිල් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට දැඩි වගකීමක් තියෙනවා නේද?
මොනම හේතුවක් නිසාවත් මෙම ගැටුම්වල දී කිසිදු සිවිල් වැසියෙකුට හිරිහැරයක් කරදරයක් නොවෙන්න කි‍්‍රයා කරන්න කියලා ජනාධිපතිතුමා හමුදාවට උපදෙස් ලබාදීලා තියෙනවා. ඒක නිසා තමයි යුද්ධය තරමක් ප‍්‍රමාදවෙලා තියෙන්නේ. සිවිල් ජනතාව ගැන කිසිම තැකීමක් නොමැතිව ආරක්ෂක අංශ කි‍්‍රයාකළා නම් මෙලහකටත් යුද්ධය අවසන් වෙන්න තිබුණා.
උතුරේ ඉන්න කිසිඳු පුරවැසියෙකුට කරදරයක් නොවන ආකාරයෙන් තමයි ආරක්‍ෂක අංශ කි‍්‍රයාකරන්නේ. කෙතරම් උප්පරවැට්ටි යොදලා සිවිල් ජනතාව තියාගෙන එල්. ටී. ටී. ඊ. ය උත්සාහ ගත්තත් එල්. ටී. ටී. ඊ. යෙන් මිදෙන්න ඔවුනට අවස්ථාවක් එනවා. වාකරේ, සාම්පූර් ප‍්‍රදේශවලත් එවැනි තත්ත්වයන් ඇතිවුණා.
අවසාන මොහොතේ හෝ සිවිල් ජනතාවට සිදුවෙනවා, කොටි සංවිධානයෙන් ඈත්වෙන්න. කොටි සංවිධානය කෙතරම් සාමාන්‍ය ජනතාව ගැන විශ්වාසය තියාගන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. නියම වෙලාව ආවහම සිවිල් ජනතාව කොටි සංවිධානයෙන් ඉවත්වෙනවා. නැගෙනහිර සිවිල් ජනතාවට කෙතරම් කොටි සංවිධානය බලපෑම් කළත් නැඟෙනහිර ජනතාව අවසන් මොහොතේ දී කොටි සාමාජිකයින් අසලින් ඉවත්වෙලා ආවා.
* එසේ උන්හිටිතැන් අහිමිවෙලා ඇදිවත පමණින් පැමිණෙන ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට යම් වැඩපිළිවෙළක් තිබෙනවාද?
නැඟෙනහිර පළාත ත‍්‍රස්තවාදයෙන් මුදාගැනීමෙන් අනතුරුව එම ප‍්‍රදේශවල යළි පදිංචි කරලා ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දී යෝධ සංවර්ධන ව්‍යාපෘති ඒ ප‍්‍රදේශවල ැතිකරලා ජනතා විශ්වාසය ලබාගෙන තියෙනවා. 'නැඟෙනහිර නවෝදය' තවමත් කි‍්‍රයාත්මකයි. උතුර මුදාගන්නා විටම නැගෙනහිර සිදුකළ යළි පදිංචි කිරීම් හා සංවර්ධන කටයුතු උතුරේත් කරනවා.
* මෙහෙයුම අවසානයේ ප‍්‍රභාට වෙන්නේ කුමක් ද?
බාරවෙයි කියලා නම් හිතන්න අමාරුයි. අන්තිම අවස්ථාව දක්වා ප‍්‍රභාකරන් හමුදාව එක්ක සටන් කරාවි. හමුදාවට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ ප‍්‍රභාකරන් පණපිටින් අත්අඩංගුවට ගැනීමට කොහොමවුණත් අවසාන ත‍්‍රස්තවාදියා විනාශවෙනතුරු හෝ භාරවෙනතුරු හමුදා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරනවා.
* 1987 වඩමාරච්චි මෙහෙයුම තුළින් ප‍්‍රභාකරන් කොටුකරන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාව මැදිහත්වෙලා ඔහු බේරාගත්තා. ප‍්‍රභාකරන්ව අත්අඩංගුවට පත්වීම ආසන්න වන විටම මේ මැදිහත්වීම සිදුවී ඇති බව ඉතිහාසය කියාපානවා. මෙවර එවැනි දෙයක් යළි සිදුනොවෙතැයි, දිය හැකි සහතිකය කුමක් ද?
1987 දීත් 2008 දීත් කොටි සංවිධානය ගැන තිබූ ඉන්දියාවේ ආකල්පය කණ පිට හැරිලයි තියෙන්නේ. රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීම මීට ප‍්‍රධානතම හේතුවයි. ත‍්‍රස්තවාදයට හිස ඔසවන්න දෙන්නේ නැහැ. ඒ වගේ ම ශ‍්‍රී ලංකාව දෙකඩ වෙන්න දෙන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්දියාව ඉන්නවා.
නැගෙනහිර ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන ඒ ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට රජයගත් පියවර, මැතිවරණ පැවැත්වීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපනය කිරීම වැනි දේවල් ඉන්දියාවේ හා ජාත්‍යන්තරව ප‍්‍රසාදයට පත්වෙලා තියෙනවා. මේ කරන්නේ ත‍්‍රස්තවාදීන්ට එරෙහිව යුද්ධ කරලා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ත‍්‍රස්තවාදීන්ගෙන් බේරාගැනීම බව ඉන්දියාව ඉතා හොඳින් දන්නවා.
නැඟෙනහිර පළාතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පත්වී ඇත්තේ දෙමළ මහ ඇමති කෙනෙක්. දෙමළ, මුස්ලිම් ජනතාව ඒ පළාතේ ඉතා හොඳ සමගියකින් ජීවත්වෙනවා. ඉන්දියාව දිගින් දිගට ම ප‍්‍රකාශ කර තිබෙනවා, ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදී ගැටලුවට කිසිදු අනිසි බලපෑමක් කරන්නේ නැහැ කියලා.
* නමුත් තමිල්නාඩු ප‍්‍රාන්තයෙන් දිගින් දිගට ම ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කළොත් ප‍්‍රභාකරන් බේරගන්න කියලා. ඔබ හිතනවාද? ඉන්දීය රජය එයට ප‍්‍රතිචාර නොදක්වයි කියලා.
තමිල්නාඩුවේ විශාල දෙමළ ජනතාවක් ඉන්න නිසා ඒ ඡන්ද ටික වෙනුවෙන් තමිල්නාඩු නායකයින් යම් යම් ඉල්ලීම් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවෙන් කරනව වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවල දී ඔවුන් සතුටු කිරීමට ඉන්දීය මධ්‍යම ආණ්ඩුව කුමක් කිව්වද? 1987 දී වගේ යළි මේ ප‍්‍රශ්නයට මැදිහත් නොවෙන්න ඉන්දියාව දැඩි තීරණයක් අරගෙන ඉවරයි.
යළි ඒ තීරණය කිසිම දවසක වෙනස් වෙන්නේ නැහැ. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය අවසන් කරලා දේශපාලන විසඳුමකට යායුතුයි කියන මතයේ ඉන්දියාව ඉන්නවා. නැගෙනහිර පළාත තුළ එය ඔප්පු කර පෙන්වා තිබෙනවා.
* හමුදා මෙහෙයුම් නවත්වන්න කියලා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වී ඇති බවත් ක‍්‍රමානුකූලව හොර රහසේ එය කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බවටත් විරුද්ධ පක්ෂය චෝදනා එල්ල කරනවා.
ත‍්‍රස්තවාදයට එරෙහිව සිදු කරන මෙහෙයුම් නතර කරන්න කියලා ඉන්දියාව කොයි මොහොතකදීවත් කියලා නැහැ. ත‍්‍රස්තවාදය පරාජය කළ යුතුයි කියන ස්ථාවරයේ ඉන්දියාව දිගටම ඉන්නවා. අද ඉන්දියාවෙත් ප‍්‍රධාන උවදුර ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නය. බෝම්බ කීයක් පසුගිය කාලයේ දී ඉන්දියාවේ දී පිපිරුනාද? ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහායක් අපට ලබා දෙන්න ඉන්දියාව තීරණය කරලා ඉවරයි.
විරුද්ධ පක්ෂය දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා ඉන්න නිසා විකාරයෙන් නොයෙක් දේවල් කියවනවා. නමුත් ඒවා සත්‍යය නොවේ. සාක් රාජ්‍ය නායක සමුළුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇත්තේ ත‍්‍රස්තවාදය තුරන් කිරීම කෙරෙහි.
සාකච්ඡා කෙළේ ඩබ්ලිව්.කේ.ප‍්‍රසාද් මංජු