Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, June 25, 2008

මාධ්‍යවේදීන්ගේ ගැටලු විසැඳීමට කාර්යාලයක්

මාධ්‍යවේදීන්ට මුහුණපෑමට සිදුවන ගැටලු පිළිබඳ දැනුම් දීම සඳහා කාර්යාලයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (24) සිට ආරම්භ කෙරිණි.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ කමිටු කාමර 2/108 දරන ස්ථානයේ පිහිටුවන ලද මෙම කාර්යාලයේ දුරකතන අංක වන්නේ 0112-669128 සහ 060-2119241 වේ. ෆැක්ස් අංකය 0112- 669128 වන අතර mincoj@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයයි.

මාධ්‍යවේදීන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ අමාත්‍ය කමිටුවට යොමු කිරීම සඳහා ඕනෑම මාධ්‍යවේදියකුට එම කාර්යාලයට දුරකතනයෙන්, ෆැක්ස් මගින් හෝ විද්‍යුත් තැපෑල මගින් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

මෙම අමාත්‍ය කමිටුව මාධ්‍යවේදීන් මුහුණපාන ඕනෑම ගැටලුවක් විසඳීමට මැදිහත් වන බවද මෙම කාර්යාලය සමඟ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධ කර ඇති බැවින් ඕනෑම හදිසි අවස්ථාවක මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු විසඳීමට මැදිහත් වීමට හැකියාව ඇති බව ද අමාත්‍ය කමිටුවේ සාමාජික ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


විජිත හේරත්ට කොටි නාදන්ගේ නම නිර්දේශ කළේ ජවිපෙ රාමලිංගම්

එසප සහ නව වාමාංශික පෙරමුණෙන්
කොළඹ - යාපනයට ඡන්දෙත් ඉල්ලලා

චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් මරාගෙන මැරෙන කොටි කල්ලියක් මෙහෙයවූ දේවදාසන් නොහොත් ‘නාදන්’ එක්සත් සමාජවාදී පක්‍ෂය, නව වාමාංශික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ සමීප සබඳතා පවත්වාගෙන ගෙන ගිය බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

විජිත හේරත් මහතා මොහු චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂ තනතුරට පත් කැර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පත්කළ මන්තී‍්‍රවරයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරගේ ඉල්ලීමට අනුව බවද හෙළිවී ඇත.

එම පත්කිරීම ගැන පරීක්‍ෂණ අංශ මන්තී‍්‍රවරුන්ගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට ද බලාපොරොත්තු වෙයි.

දේවදාසන් එක්සත් සමාජවාදී පක්‍ෂයේ යාපනය දිසා සංවිධායක ලෙස කටයුතු කැර ඇත. 2001 වසරේදී ඔහු යාපනය දිසාවෙන් ඡන්දයට ඉදිරිපත් වී ඡන්ද පන්සියයක් ලබාගෙන තිබේ.

1998 වර්ෂයේදී මොහු බස්නාහිර පළාත් සභාවට නව වාමාංශික පෙරමුණෙන් තරග කැර ඇත. ඔහු ඉන් ඡන්ද 73ක් ලබා ගෙන ඇත.

දේවදාසන් හැඳුනුම්පත් දෙකක් භාවිතා කරමින් ති‍්‍රකුණාමල මුතූර් ප‍්‍රදේශයේ පදිංචිකරුවකු බව ප‍්‍රකාශ කැර තිබීම අසත්‍ය බව හෙළි වී ඇත.

ඔහුගේ සත්‍ය පදිංචි ස්ථානය යාපනේ පරවෙඩ්ඩි ප‍්‍රදේශයේ බව පරීක්‍ෂණ අංශ සඳහන් කරයි.

දේවදාසන් කොටි සංවිධානයේ ඉහළම නායකයන් සමඟ සෘජු සබඳතා පැවැත්වූ පුද්ගලයෙකි.

කළු කොටි දස දෙනකු යොදවා ප‍්‍රභූ ඝාතන සිදුකිරීම සහ කොළඹදී තවත් අපරාධ විශාල ප‍්‍රමාණයක් සිදුකිරීම මොහුගේ අපරාධ ලයිස්තුවේ අන්තර් ගතවේ.

මොහු චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටින අවදියේ දී කාන්තාවන් සමඟ අනියම් සබඳකම් පවත්වන්නේ යැයි යාපනයේ සිටින ඔහුගේ බිරිය කොටි සංවිධානයට පැමිණිලි කර ඇත.

කොටි නායකයන් ඒ සම්බන්ධව ඔහුට දැඩි ලෙස අවවාද කළ බවත් පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා කළු කොටි කණ්ඩායම මගින් ඝාතනය කැර කොටි නායකයන්ගෙන් පැසසුම් ලබා ගැනීමට දේවදාසන් ඔත්තු බැලුවත් “මුත්තප්පන් ගෲප්” නමැති කළු කොටි කණ්ඩායම මගින් ඊට පෙර ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කර ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිවී ඇත.

දේවදාසන් යටතේ සිටි සෙසු කළු කොටි කණ්ඩායම පරීක්‍ෂණ අංශ මගින් ;ම් වන විට හඳුනාගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පැවැත්වේ.

දේවදාසන්ගේ ඝාතන ලයිස්තුවට ඇතුළත් මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූවරුන් ඝාතනය කිරීමට ඔත්තු බැලීම සඳහා ඔහු තවත් පිරිසක් යොදා ඇතැයි පොලිසිය පවසයි.

වැල්ලවත්ත ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී ඉකුත්දා අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන කළු කොටි ත‍්‍රස්තවාදියාගෙන් ප‍්‍රශ්න කිරීමේදී දේවදාසන් හෙවත් ‘නාදන්’ නමැති මෙම අධ්‍යක්‍ෂකවරයා පිළිබඳ තොරතුරු හෙළිවිය.

මෙම මරාගෙන මැරෙන කළු කොටි ත‍්‍රස්තවාදියා අවුරුදු 23ක පමණ තරුණයෙකි. මූලතිව් පදිංචිකරුවෙකි.

අ. පො. ස. සාමාන්‍ය පෙළ අධ්‍යාපනය කටයුතු අවසන් කිරීමත් සමඟම කොටි සංවිධානයට බඳවා ගෙන කළු කොටි පුහුණුව ලබාදී කොළඹට එවා දේවදාසන් කණ්ඩායමට එක් කැර ඇත.

රජයේ ඇමැතිවරයකු ඝාතනය කිරීම සඳහා දේවදාසන් මෙම මරාගෙන මැරෙන කොටියා බොරැල්ලේ සිනමාහලක් අසලට කැඳවා තිබුණත් එදින තිබූ ආරක්‍ෂාව නිසා මොහුට නියමිත වෙලාවට එතැනට ළඟාවීමට නොහැකි වී ඇත.

දේවදාසන් සබඳකම් පැවැත්වූ බොහෝ දෙනකුගෙන් ප‍්‍රකාශ ලබාගැනීමට පරීක්‍ෂණ අංශ බලාපොරොත්තු වෙයි.

වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංගල දෙහිදෙණිය මහතා ඇතුළු කණ්ඩායමක් ඉතාමත් සූක්‍ෂම ලෙස පැවැත්වූ පරීක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම කොටි ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

වැල්ලවත්ත පොලිසිය තවත් පරීක්‍ෂණ කණ්ඩායම් කීපයක සහාය ඇතිව තවදුරටත් පරීක්‍ෂණ පවත්වයි.

Tuesday, June 24, 2008

පෞද්ගලික බස් ඉන්ධන සහනාධාරය ලබන මස ලබා දීමට පියවරපෞද්ගලික

බස් හිමියන් සඳහා ලබා දෙන ඩීසල් සහනාධාරය සම්බන්ධ අවසන් තීරණය ලබන මාසයේ ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු රජයේ නිල පුවත් වෙබ් අඩවියට අද (24) පැවසීය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙන අතර ඉන්ධන සහනාධාරය බෙදාහැරීම පිළිබඳ ව ක්‍රමානුකූල වැඩපිළිවෙළකට පැමිණිය යුතුව තිබෙන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා කඩිනම් විකල්පයන් සඳහා යොමු වීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවයි.

ඇමති දැන් එනවා හනික මෙහෙට වරෙන්’

මරාගෙන මැරෙන කොටියකුට දේවදාසන්ගෙන් ඇමතුමක්

'ඇමති දැන් එනවා ඉක්මනට මෙතනට වරෙන්' යැයි ඇමතිවරයකු ඝාතනය කිරීමේ සැලසුම කි‍්‍රයාත්මක කිරීමට මඟ බලාගෙන සිටි ප‍්‍රබල කොටි නායක දේවදාසන් ප‍්‍රකාශ කර ඇත.
චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කරමින් සිටි මෙම කොටි නායකයා එම පණිවුඩය මරාගෙන මැරෙන කොටියකුට දැනුම් දී ඇත්තේ මීට සති කිහිපයකට පෙර ජංගම දුරකතනයෙනි.
සිනමා ශාලාවක මුහුරත් උලෙළක් තිබූ අවස්ථාවකට මෙසේ පැමිණීමට කියා ඇත.
මේ අවස්ථාවේ මරාගෙන මැරෙන කොටියා ප‍්‍රකාශ කර තිබෙන්නේ 'මඟ දිගටම පොලීසිය සිටින නිසාත් මාර්ග බාධක නිසාත්වෙලාවට පැමිණීමට අපහසු බවයි. මීට සති දෙකකට පමණ පෙර රාති‍්‍රයේ වැල්ලවත්ත ප‍්‍රදේශයේ මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගත් කොටි ත‍්‍රස්තවාදියාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මෙම තොරතුරු හෙළිදරව් වී ඇත.
රජයේ ප‍්‍රබල ඇමතිවරයකු ඝාතනය කිරීම පිණිස චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂකවරයා ඔත්තු බලා ඉලක්කය සම්පූර්ණ කිරීමට මරාගෙන මැරෙන කොටියා කැඳවීමට එම පණිවුඩය දී ඇති බව හෙළි වී ඇත.
දේවදාසන්ගේ දුරකතන පරීක්‍ෂා කිරීමේ දී අදාළ මරාගෙන මැරෙන කොටියාට ලබා දී තිබූ පනිවුඩ හුවමාරු ද තහවුරු වී තිබේ.
මෙම කොටියාට මරාගෙන මැරෙන කොටි දස දෙනෙක් බාර දී ඇත. කොටහේනේ තිබී සොයාගත් භාණ්ඩ අතර බෝම්බ දහයකට අවශ්‍ය උපකරණ තිබූ බව ද අනාවරණය වී ඇත.
මැති ඇමතිවරුන්, ආරක්ෂක නිලධාරින් ඇතුලු කොටි ඝාතන ඉලක්කවලට ලක්කර ගැනීමට උත්සාහ කරන පිරිස ඝාතනය කිරීම පිණිස කොටි බුද්ධි අංශය මරාගෙන මැරෙන කණ්ඩායම් ගණනාවකට බාරදී තිබිණි.
දේවදාසන් ද එහි එක් කණ්ඩායමක් බාරව සිටි අයෙකි. ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා ඝාතනය කිරීමට ද දේවදාසන් ඔත්තු බලා ඇත. එහෙත් ඔහුගේ කණ්ඩායමට පෙර වෙනත් මරාගෙන මැරෙන කණ්ඩායමක් ;ජයරාජ් අමාත්‍යවරයා ඝාතනය කළ බව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.
කොළඹ ඇස්වාට්ටුවේ ‘ඔඩෙල් ආයතනය, සළාකා ඇතුලු ස්ථාන ගණනාවකදී ම මහජනතාව ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවීමට දේවදාසන්ගේ කණ්ඩායම සැළසුම් කර තිබූ බව ද පරීක්‍ෂණවල දී හෙළි වී ඇත.
කලා උළෙල කිහිපයකදීම ප‍්‍රභූවරු ඝාතනය කිරීමට ද සැළසුම් සකස් කර තිබී ඇත.
පාමංකඩ ප‍්‍රදේශයේ ද මොහුට නිවසක් තිබී ඇත. මොහු ඇසුරු කළ විශාල පිරිසක් ඇති අතර එහි දී සැකකටයුතු පිරිසගෙන් ප‍්‍රශ්න කිරීමට පරීක්‍ෂණ අංශ බලාපොරොත්තු වෙයි.
දේවදාසන් මුත්තූර් ප‍්‍රදේශයේ උපන් අයෙකි. එල්. ටී. ටී. ඊ. සංවිධානය මොහු නාදන් නමින් හඳුන්වයි. හැඳුනුම්පත් දෙකක් මොහු භාවිතා කර තිබේ.
මොවුන් ඉලක්ක කරගෙන සිටි ප‍්‍රභූ ඝාතන ගණනාවක් කොළඹ පැවැති ආරක්‍ෂක තත්ත්වය නිසා සිදු කරගැනීමට නොහැකි වී ඇත. මොහුගෙන් ප‍්‍රශ්න කිරීමේ දී තවත් වැදගත් තොරතුරු රාශියක් අනාවරණය වෙමින් පවතී.
වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංගල දෙහිදෙනිය මහතා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මෙම මහා අපරාධ රැල්ලේ සුලමුල හෙලිකර ගැනීමට කටයුතු කළේය.
ඒ මහතා ඇතුලු වැල්ලවත්ත පොලීසියේ සෙසු පොලිස් නිලධාරිහු ගල්කිස්ස පොලිස් කොට්ඨාසයක සහයෝගයෙන් ඉදිරි පරීක්‍ෂණ කරගෙන යති.

Friday, June 20, 2008

මන්නාරමේදී ත්‍රස්තවාදීන් 03ක් මරුට

මන්නාරම ඉදිරි ආරක්ෂක වළල්ලේදී ආරක්ෂක අංශ හා ත්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම්වලින් ත්‍රස්තවාදීන් තිදෙනෙකු මියගොස් ඇතැයි ආරක්ෂක අංශ පවසයි.මින් එක් ත්‍රස්තවාදියෙක් ඊයේ (19) පස්වරු 12.45ට පමණ නැදුන්කන්ඩාල් ප්‍රදේශයේදී මියගොස් ඇත. එසේම පෙරවරු 8.50ට පමණ පෙරියඔඩිප්පු ප්‍රදේශයේ ආරක්ෂක වළල්ලට ඉදිරියෙන් වූ ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයකින් එක් ත්‍රස්තවාදියෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.තවද පෙරවරු 11.45ට පමණ මුල්ලික්කන්ඩාල් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.

ඉන්දියානු තෙල් සමාගම රජයට පවරා ගන්නවා - අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි

ඉන්දියානු තෙල් සමාගම (අයි.ඕ.සී.) වැඩිකල් යාමට පෙර රජයට පවරා ගන්නා බවට තමා එම සමාගමට ලිපියකින් දැනුම් දුන් බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය. ඉන්දියානු තෙල් සමාගමට කැමති මිලකට තෙල් විකිණිය හැකිය. ඔවුන් ඩීසල් මිල වැඩි කර තිබීම නිසා ඩීසල් අලෙවි වන්නේ අනෙක් තෙල් සැපයුම් හල්වලින් පමණි. දැනටමත් රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක අලාභයක් ලබන අතර මේ තත්ත්වය නිසා එම අලාභය තවත් වැඩි වී ඇත. ඉන්දියානු තෙල් සමාගම භූමිතෙල් ද අලෙවි නොකරයි.“තෙල් මිල ඉහළ යාම තුළින් ජන ජීවිතයේ බොහෝ අංශවලට බලපෑම් ඇති වී තිබේ. ලෝකයේ සංවර්ධිත හොඳ ආර්ථික තත්ත්වයක් ඇති රටවලුත් තෙල් මිල ඉහළ දමා තිබේ. අපි තෙල් මිල ඉහළ දැමීම කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිවයි. රජය පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ක්ෂණිකව ඉහළ දමා නැත.”“පසුගිය වර මිල ඉහළ දැම්මේ මැයි මාසයේදී. ඊට පෙර ජනවාරි මාසයේදී ඒ කාලයේ ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක් ඩොලර් 98.2 සිට ඩොලර් 137 දක්වා මේ වන විට ඉහළ නැග තිබෙනවා. අප ජනවාරි මාසයේ ලැබූ පාඩුව රුපියල් මිලියන 1191ක්. එය පෙබරවාරියේ 1116ක්. මාර්තුවේ 2960ක්. අප්‍රේල් මාසයේ 4490 සහ මැයි මුල් දෙසතියේ 4471 දක්වා අලාභයක් කරා වැඩි වී තිබෙනවා. මුළු අලාභය බිලියන 14කට වැඩියි.”“ජනාධිපතිතුමා ඉරාන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා. පොලී රහිතව බනිජ තෙල් ඉරානයෙන් ලබා ගැනීමට. සහනයක් දෙන නිසා පාඩු ලබද්දිත් අපි මිල වැඩි නොකළ බවත් ෆවුසි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මිල ඉහළ යාමට පෙර බනිජ තෙල්, දැවි තෙල් හා එල්.පී. ගෑස්වලින් බනිජ තෙල් සංස්ථාව ලාභයක් ලැබුවා. අපි තෙල් ගබඩා කිරීම් හා එල්.පී. ගෑස් නිපදවීම පටන් ගන්නවා. ඒ අනුව පාරිභෝගිකයින්ට හා ගොවීන්ට සහනයක් දීමට බලාපොරාත්තු වෙනවා.සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරනවා. එම නවීකරණයෙන් පසුව මිලියන ගණනාවක් ඉතුරු කරගත හැකි වෙනවා. ඉන්පසුව අපට අවශ්‍ය බනිජ තෙල් රට තුළම නිපදවා ගත හැකි වෙනවා. පැහැදිලිවම අපි පෞද්ගලීකරණ ක්‍රියාවලිය නතර කිරීමට පියවර ගෙන තිබෙනවා. එලෙසම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියත් පාරිභෝගිකයාට අනවශ්‍ය බර පැටවීම නතර කිරීමට පියවර රැසක් ගෙන ඇති බව ද ෆවුසි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Thursday, June 19, 2008

ත්‍රස්තවාදී ක්‍රියාවලට යොදා ගන්නා යතුරුපැදිය ගැන දැනුම් දෙන්න

අංක WPUD 2643 දරන හීරෝ හොණ්ඩා ෆැෂන් ප්ලස් 100 CC නිල් පැහැති යතුරු පැදිය ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදා ගන්නා බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී තිබේ. එම යතුරුපැදියේ එන්ජින් අංකය 07DO8M02589 වන අතර චැසි අංකය MB3HA10EG7GD00002 වේ. මෙම යතුරුපැදිය සම්බන්ධව හෝ එම යතුරුපැදිය සන්තකයේ තබා ගෙන සිටින යම් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු දන්නා අයෙකු වෙතොත් වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එසේ ලබා දෙන තොරතුරකට මුදලින් රුපියල් ලක්ෂ 10ක් ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කොට ඇත. මේ සම්බන්ධව තොරතුරක් ලද වහාම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ පහත සඳහන් දූරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලිස්පතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි. 0112662311 , 0112662323 , 0112685151

ආර්ථිකය සුරැකීමට මේ තරම් පියවර ගත් තවත් රජයක් නෑ - ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආරක්ෂා කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ගත් පියවර තරම් කිසිම රජයක් පියවර ගෙන නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විණි. මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු දීමේ වාරයේදී රවි කරුණානායක මන්ත්‍රීවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ ණය කාඩ්පත් පිළිබඳ වංචාවන් අප රටට පමණක් නොව ඇමරිකාව වැනි රටවලට පවා සිදුව තිබෙන බවත්, මේ රටේ සිදුවන එවැනි වංචා ක්‍රියා සහ පිරමිඩ් වැනි ගනුදෙනු නැවැත්වීමට මහ බැංකුව නව පියවරයන් ගැනීමට කටයුතු කරගෙන යන බවත්ය.2002 වසරේදී රුපියල් මිලියන 6072ක්ව තිබූ ණය කාඩ්පත් මගින් ජනනය වූ ගනුදෙනු ප්‍රමාණය 2007 වන විට මිලියන 21,635ක් දක්වා ඉහළ ගොස් තිබේ. බාහිර ණය කාඩ්පත් ගනුදෙනුවලදී නියෝජිත ආයතනවලට ප්‍රේෂණය වූ මුළු මුදල් ප්‍රමාණය මිලියන 739.3කි. එම මුදල් මාස්ටර් කාඩ් සඳහා රුපියල් මිලියන 301.3ක් ද, වීසා කාඩ්පත් සඳහා මිලියන 246.2ක් සහ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් සඳහා මිලියන 91.8ක් ද ලෙසින් ප්‍රේෂණය වී ඇත. මෙරට උද්ධමනය 33%ක් තරම් ඉහළ අගයක පවතින අතර ණය කාඩ්පත් මගින් මුදල් මැවීමක් සිදු වන බව කරුණානායක මන්ත්‍රීවරයා පැවසුවේය. ණය කාඩ්පත් සඳහා ණය සීමාවන් ඇති බවත්, මහ බැංකුව ප්‍රාග්ධන මුදල් පිටරටට ඇදී යාම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බවත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Monday, June 16, 2008

වව්නියාවේ බෝම්බ පිපිරීමක්

පොලිස් නිලධාරින් 12ක් මරුට
වව්නියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය අසල අද උදෑසන 7.10 ට පමණ සිදු වූ මරාගෙන මැරෙන එල්ටීටීඊ බෝම්බ ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරින් 12 දෙනකු මිය ගොස් ඇත. තවත් පුද්ගලයන් 20 දෙනකු සිද්ධියෙන් තුවාල ලබා ඇතැ යි ද ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඕනෑම මැතිවරණයක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජය ගැනීමට රජයට පුළුවන්

ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ජයග‍්‍රහණය කිරීමට රජයට හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
රට සංවර්ධනය කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදිලි ජනතා ප‍්‍රසාදයක් පළ වී ඇති බැවින් එල්ල වන ඕනෑම අභියෝගයක් ජය ගත හැකි යැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි.
සන්ධාන ගතව සිටි පිරිස් ඉවත් වී ගොස් ඇති අවස්ථාවක යම් යම් තීරණ ගැනීමට රජයට සිදුවන බවත්, එම ගන්නා තීරණ හමුවේ එන අභියෝගවලට කවුරු සමඟ තරග කළත් ජය ගැනීමේ හැකියාව රජය සතු බවත් ජනාධිපතිවරයා පැවසීය.
ප‍්‍රාදේශීය සභා සභාපතිවරුන් හා පළාත් සභා නියෝජිතයන් දැනුවත් කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (14) පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කෙළේය.
උතුරු මැද හා සබරගමුව පළාත් සභා මැතිවරණ පිළිබඳව නොයෙක් අදහස් පළකළ ද මැතිවරණයක් පැවැත්විය යුතුයැයි මහ ඇමැතිවරයා තීරණය කළහොත් ඊට එරෙහිව යාමට හැකියාවක් නැති බවත් මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්ෂණයක් බවත් පැවසීය.
රජය කරගෙන යන වැඩපිළිවෙළට විරුද්ධ බලවේග කි‍්‍රයාත්මක වුවත්, රජයට හිතැති රටට ආදරය කරන විශාල පිරිසක් සිටින බව අමතක නොකළ යුතු යැයි පැවසූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද වන විට ජනතාවට රට ගැන හැඟීමක් ඇති වී තිබෙන බවත් ප‍්‍රකාශ කෙළේය.
ඇතැම් පිරිස් රට පිළිබඳව ගෙන යන වැරදි ප‍්‍රචාරවලට ලෝකය ඉදිරියේ උත්තර බැඳීමට රජයට සිදුව ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මවු බිම වෙනුවෙන් ගන්නා කි‍්‍රයාමාර්ග අඩපණ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් සඳහන් කෙළේය.
ගමට සංවර්ධනය ගෙන යෑමට රජයට හැකියාව ලැබී ඇතැයි පෙන්වාදුන් ජනාධිපතිවරයා ගම නැඟුම යටතේ ගමේ පාරවල් තැනීමටත්, සියයට 85කට විදුලිය සැපයීමටත් රජය සමත් වූ බවත් පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මේ රටේ කොටසක් එල්. ටී. ටී. ඊ. යට භාරදීලා \බුණා.
අපේ හමුදාව එම පළාත්වලින් පන්නලා දාලා. පොලීසිය කොළඹට එවලා, අපේ බුද්ධි අංශය විනාශ කරලා තියෙද්දී අපට හැකි වුණා නැඟෙනහිර නිදහස් කර ගන්න. එකම සිවිල් වැසියකුටවත් සිරීමක්වත් නොකරයි අපි ඒක කෙළේ’ යැයි ජනාධිපතිවරයා එහිදී පැවසීය.
විදුලි අර්බුදය කල්තියාම දැක ඊට විසඳුම් ලෙස කෙරවලපිටිය, ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ වැනි දැවැන්ත ව්‍යාපෘති කි‍්‍රයාත්මක කළ බව පෙන්වාදුන් ජනාධිපතිවරයා තෙල් මිල පාලනයටත් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බවත් 2010 දී පළමු තෙල් ළිඳ කැණීම අරඹන බවත් පැවසීය.
රජය පිහිටුවා මාස 30ක් වැනි කෙටි කාලයක් තුළ ඉටු කළ විශාල වැඩකොටස පිළිබඳව ආඩම්බර විය හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

පක්‍ෂ නායකත්වයෙන් රනිල් ඉවත් කිරීමේ යෝජනාව අද

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත්කිරීමට අද (16) රැස්වන එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
විපක්‍ෂ නායක තනතුරේ වෙනසක් නොකර රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂයේ නායකත්වයෙන් ඉවත්කැර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා දැනට පක්‍ෂයේ සභාපති වරයාද වන රුක්මන් සේනානායක පක්‍ෂ නායකත්වයට පත්කරන ලෙස අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා බදුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ද වන ලක්‍ෂමන් සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් මෙම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැකගන්නට ලැබී තිබේ.
අද (16) උදේ 10 ට එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොතේදී රැස්වෙන බවත්, එයට සහභාගි වන ලෙසත් සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින්ට ඊයේ (15) දුරකථනයෙන් දැනුම් දී තිබේ.

හිටපු ඇමැති එස්. ඩී. ආර්. ජයරත්නගේ

අභාවප‍්‍රාප්ත හිටපු ඇමැති එස්. ඩී. ආර්. ජයරත්න මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරු 3.00 ට මාදම්පේ ප‍්‍රාදේශීය සභා කී‍්‍රඩාංගණයේදී සිදු කෙරේ.
පුත්තලම දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් වසර 18 ක කාලයක් පාර්ලිමේන්තු මන්තී‍්‍රධූරය දැරූ ඒ මහතා අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කර තිබේ.
අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතාගේ අවුරුදු 76 කි.
1952 දී පොතුවිල ගම් සභා නියෝජිතයකු ලෙස පත් වෙමින් දේශපාලනයට පිවිසුණු ඒ මහතා එම වසරේදීම පොතුවිල ගම් සභාවේ සභාපති තනතුරට තේරී පත්විය.
1960 මාර්තු මස පැවැති මහ මැතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කළ අතර ඒ වසරේ ජුලි මාසයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දෙමින් 1970 වන තුරු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරය හෙබවීය.
1970 දී ධීවර නියෝජ්‍ය අමාත්‍ය ධූරයද 1972 සිට 1977 දක්වා ධීවර අමාත්‍ය ධූරය දරන ලද ඒ මහතා නැවත 1989 සිට 2000 දක්වා පුත්තලම දිස්ති‍්‍රක්කයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයා වශයෙන් කටයුතු කළේය.
අභාවප‍්‍රාප්ත එස්. ඩී. ආර්. ජයරත්න මහතාගේ පුතණුවන් වන පි‍්‍රයංකර ජයරත්න මහතා වත්මන් පාර්ලිමේන්තුවේ පුත්තලම් දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් කටයුතු කරයි.

Monday, June 9, 2008

ගුරු වැටුප් ගැටළුව විසඳන්න සාකච්ඡා

ගුරු වැටුප් විෂමතාව පිළිබඳ ගැටළුව විසඳීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් හෙට (10) වැටුප් කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ගුරු සංගම්වල ඉල්ලීම් සලකා බලා වැඩි කළ හැකි ප්‍රමාණයට වැටුප් වැඩි කිරීමට මෙහිදී අවධානය යොමු කෙරේ. වැටුප් වැඩි කිරීමේ අවසරය පවතින්නේ වැටුප් කොමිසමටය. ඒ අනුව මෙම සාකච්ඡාව හෙට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි වැටුප් කොමිසම් කාර්යාලයේදී පැවැත්වේ. මේ සඳහා ගුරු සංගම්, වැටුප් කොමිසම හා අධ්‍යාපන අමාත්‍යාංශය එක් වේ. වැඩි කළ වැටුප් ප්‍රමාණවත් නොවන බව පවසන ගුරු සංගම් 14ක් ලබන 11 සහ 12 යන දෙදින තුළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව දන්වා තිබේ.

Sunday, June 8, 2008

දකුණේ කලබල ඇති කරන කොටි උගුලට හසු නොවෙමු

රණවිරුවන් අපේ හදවත්වල සදානුස්මරණීය වනු ඇත
දකුණේ කලබල ඇති කරන කොටි උගුලට හසු නොවෙමු
ජාතික රණවිරු සමරු උලෙළේ දී ජනපති කියයි
දකුණේ කලබල ඇති කරන කොටි ත‍්‍රස්තවාදීන් ගේ උගුලට හසු නොවී මේ මොහොතේ දී සමස්ත ජාතිය ම ඉවසිලිවන්තව හා ධෛර්යවන්තව රජයට හා ආරක්‍ෂක හමුදාවන්ට සහයෝගය ලබා දිය යුතු ව තිබේ යැයි ජාතික රණවිරු සමරු උලෙළ අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැවසී ය.

Friday, June 6, 2008

වත්තේගම ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක්

වත්තේගම පොල්ගොල්ල ප්‍රදේශයේ තරුණ සේවා මධ්‍යස්ථානය ආසන්නයේ බස් රථයක් තුල සවස 3.50 පමණ බෝම්බයක් පිපිරී ගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි දැනට ලැබෙන වාර්තා සඳහන් කරයි. බස් රථය වත්තේගම සිට නුවර බලා ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයට ලක්ව ඇත.
වැඩි විස්තර පසුවට .......

මගී බස්රථයක් ඉලක්ක කර ‍බෝම්බ ප්‍රහාරයක් - 21 දෙනෙකු මිය යයි.


50 කට අධික පිරිසකට තුවාල
මොරටුව විශ්ව විද්‍යාලය අසල මාර්ගයේ ‍බෝම්බ පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වේ. අද (ජූනි 06) උදෑසන 7.45 ත් 8.00 ත් අතර කාලයේදී මොරටුව - කටුබැද්ද මාර්ගයේ ශෛලබිම්බාරාම විහාරස්ථානය අසලදී මෙම පිපිරීම සිදුවී ඇත. මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ මාර්ග අංක 255, අංක 29 - 1885 දරණ ගල්කිස්ස - කොට්ටාව බලා දිවෙන සිවිල් වැසියන් රැගත් මගී බස් රථයකි.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව බසයේ ගමන් ගත් මගීන්‍ 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 50 කට අධික පිරිසක් තුවාල ලබා කළුබෝවිල සහ ලුනාව රෝහල් වෙත ඇතුලත් කර ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. ජීවිතක්ෂයට පත්වු 21 දෙනාගෙන් 08 දෙනෙකු කාන්තාවන් වන අතර 13 දෙනෙකු පිරිම් පුද්ගලයින් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව බෝම්බය මාර්ගයේ පසෙක තබා දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැර ඇතැයි පැවසේ. මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති අතර ආරක්ෂක අංශ විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මොරටුව මගී බස්රථයක ‍බෝම්බ පිපිරීමක්

මොරටුව විශ්ව විද්‍යාලය අසල ප්‍රදේශයක ‍බෝම්බ පිපිරීමක් සිදුවී ඇති බව වාර්ථා වේ. අද (ජූනි 06) උදෑසන මොරටුව කටුබැද්ද මාර්ගයේ ශෛලබිබාරාම විහාරස්ථානය අසල මෙම පිපිරීම සිදුවී ඇත. මෙම ප්‍රහාරයේ ඉලකය වී ඇත්තේ මාගී අංක 255 දරණ ගල්කිස්ස - කෝට්ටාව බලා දිවෙන මගී බස්රියක් බස් රථයකී.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව බසයේ ගමන් ගත් මගීන්‍ 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 40 දෙනෙකු තුවලා ලබා දකුණු කළුතුර රොහල වෙත ඇතුලත් කර ඇති ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි. ජීවිතක්ෂයට පත්වු 20 දෙනාගෙන් 08 දෙනෙකු කාන්තාවන් වන අතර 12 දෙනෙකු පිරිම් පුද්ගලයින් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
වැඩි විස්තර පසුවට . . .

Thursday, June 5, 2008

නිමල් සිරිපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ සුබපැතුම්

ලෝකයේ රටවල් 193ක් සාමාජිකත්වය දරණ ලෝක සෞබ්‍ය සංවිධානයේ විධායක සභාව එහි සභාපති ලෙස තෝරාගත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ලබා ගත් ජයග්‍රහණය ශ්‍රී ලංකාව රටක් වසයෙන් ලබා ගත් ජයග්‍රහණයක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය. එතුමා ලද ජයග්‍රහණයට පාර්ලිමේන්තුවේ සුභාශිංසනය ප්‍රකාශ කළ අමාත්‍යවරයා එම සුභ පැතීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා ඉදිරිපත් කළේය. හදිසි නීති විවාදය ආරම්භ කරමින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර මේ වන විට එම යෝජනාව විවාදයට ලක් වෙමින් පවතී.පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණේ නව කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මතු වී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ කෙටි කාලීන විසඳුම් ලෙස ජනතාවට ක්ෂණිකව සහන ලැබෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද දිගු කාලීන විසඳුමක් ලෙස ආර්ථිකයේ පුළුල් උපාය මාර්ගික වෙනසක් කළ යුතු යැයි ද යෝජනා කර සිටියේය.අද සවස හදිසි නීතිය පිළිබඳව විවාදය අවසානයේ ඡන්ද විමසීම පැවැත්වේ.

වැල්ලවත්ත බෝම්බයෙන් මඟීන් 18කට තුවාල ප‍්‍රධාන සැකකරු ඇතුළු 9ක් අත්අඩංගුවේ

කොළඹ වැල්ලවත්ත අසේල පටුමග ආසන්න දුම්රිය මාර්ගයේ ඊයේ (04) උදෑසන ත‍්‍රස්තවාදීන් විසින් පුපුරවාහරින ලද බෝම්බයට හසුවී මගීහු 18 දෙනෙක් තුවාල ලබා සිටිති.
බෝම්බ ප‍්‍රහාරය එල්ල කර පලාගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇතුළත් නව දෙනකු ඊයේ දහවල් අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර සිට මරදන දක්වා ගමන් ගනිමින් තිබූ මගී දුම්රිය ඉලක්ක කැර දුරස්ථ පාලකයක ආධාරයෙන් මෙම බෝම්බය පුපුරවා හැර තිබෙන බව අනාවරණය වී ඇත.
බෝම්බය පුපුරා යාමෙන් දුම්රිය මාර්ගයට හා දුම්රියේ එක් මැදිරියකට හානි සිදුව ඇත.
සිද්ධියෙන් පසු ප‍්‍රහාරය එල්ලකළ බවට සැක කැරෙන තැනැත්තා පලායන අයුරු අසල සිටි අය දැක ඇති අතර දුරස්ථ පාලකය සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ තිබී ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
එදින උදෑසන 7.15 ට පමණ මෙම ප‍්‍රහාරය එල්ල වී ඇති බවත් උදෑසන 6.35 ට පමණ පානාදුර සිට මරදානට පැමිණෙමින් තිබූ දුම්රිය ඉලක්ක කැර පුපුරුවා හැරීම සිදුකර තිබෙන බවත් දුම්රිය පාලන අංශය පවසයි.
දුම්රියේ තෙවන මැදිරිය පසුවන විටම එම ස්ථානයේ දුම්රිය මාර්ගයේ අවටා තිබී ඇති බෝම්බය පුපුරුවා හැර සැකකරු පලාගොස් ඇත.
එසේ පළාගිය සැකකරු ඔහුගේ බෑගය අසල ගෙවත්තකට විසිකර දමා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ. එහි දින පොතක්, ඇතුළු බඩු බාහිරාදිය කීපයක් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූවන් දකුණු කොළඹ රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින අතර මෙම පිරිස සාමාන්‍ය තුවාල ලැබූවන් බව පොලිසිය කීය.
සිද්ධියෙන් පසු පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එක්ව නිල සුනඛයන් ගේද ආධාරයෙන් පලාගිය බව කියන සැකකරු සොයා හදිසි සෝදිසියක් දියත්කැර තිබේ.
කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතාගේ හා කොළඹ දකුණ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත වැල්ලවත්ත හා දෙහිවල පොලිසි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අරඹා ඇත.

Wednesday, June 4, 2008

වැල්ලවත්ත ප්‍රදේශයේ බෝම්බ පිපිරීමක්

වැල්ලවත්ත සහ දෙහිවල දුම්රිය ස්ථාන දෙක ‍අතර දුම්රිය මාර්ගයේ අද උදෑසන (ජූනි 04) ‍බෝම්බ පිපිරීමක් සිදුවී ඇති බව වාර්ථා වේ.
ලැබී ඇති තොරතුරුවලට අනුව පිපිරීම සිදුවී ඇත්තේ උදෑසන 7.10 ට පමණ වන අතර පිපිරීමෙන් සුළු තුවාල ලැබුවන් 18 දෙනෙකු මේ වන විට දකුණු ‍කොළඹ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. තුව‍ල කරුවන් 18 දෙනාගෙන් 15 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 03 දෙනෙකු කාන්තාවන් වේ. තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන බවත් තුවාල කරුවන් මේ වන විටත් ප්‍රතිකාර ලබා අවසන් බව රෝහල් ආරංචි මාර්ග වැඩ් දුරටත් සදහන් කරයි.

වැල්ලවත්තේ දුම්රිය මාර්ගයේ බෝම්බයක් පුපුරයි


වැල්ලවත්ත සහ දෙහිවල අතර වාසල පාර අසල දුම්රිය මාර්ගයේ අද(04) උදෑසන 7.10 ට පමණ බෝම්බයක් පුපුරා ගොස් ඇතැයි වාර්තා වේ. කොළඹ - පානදුර දුම්රිය ගමන් ගැනීමත් සමග දුම්රිය මාර්ගයේ මෙම පිපිරීම සිදුව ඇත. දුම්රියට හානියක් සිදුව නැති අතර දුම්රිය මාර්ගයට සුළු හානි සිදුව ඇත. මෙම පිපිරීමෙන් 17 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන් කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇතැයිද වාර්තා වේ. රෝහලට ඇතුලත් කළ අය අතරින් තිදෙනෙකු කාන්තාවන් වේ.
මෙම බෝම්බය තැබූ තැනැත්තා ප්‍රදේශවාසීන් දැක ඇති අතර ඔහු අල්ලා ගැනීමට පොලීසිය කටයුතු කරම්න් සිටින බවද වාර්තා වේ.

Tuesday, June 3, 2008

ඉමදූව නගර සංවර්ධනයට රුපියල් ලක්ෂ 600ක්

“මහින්ද චින්තන” සංවර්ධන සංග්‍රාමයට සමගාමී ව, රුපියල් ලක්ෂ 600ක් වැය කරමින් ඉමදූව නගර සංවර්ධනයට පියවර ගන්නා බව වෘත්තීය පුහුණු කාර්මික සංවර්ධන අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කෙළේ රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදිකෙරුණු ඉමදූව නව දෙමහල් කාර්යාලය සහ ඉමදුව මහජන පුස්තකාලය ජනතා අයිතියට පවරමිනි.ලක්ෂ 500ක වියදමින් නව තෙමහල් වෙළෙද සංකීර්ණයක් හා නව මහජන රැස්වීම් ශාලාවක් හා පොලිසියක් ද ඉදිකිරීමට නියමිත ය.

ගංවතුරෙන් පුද්ගලයින් 82 000 ක් අවතැන් වේ.

මේ වන විට ගංවතුර උවදුරෙන් පවුල් 28 500 ක පුද්ගලයන් 82 000 ක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක කීර්ති ඒකනායක මහතා ලංකාපුවත් සේවයට පැවසීය.මේ වන විට වැඩිම ආපදා තත්වයට කළුතර දිස්ත්‍රික්කයේ ජනත‍ාව මුහුණ දී ඇති අතර එම සංඛ්‍යාව 12 200 කි. ඊට අමතරව රත්නපුර පවුල් 6000ක් ද කොළඹ පවුල් 4 247 ක් ද ගම්පහ පවුල් 3493ක් ද ගාල්ල පවුල් 3000ක් ද කෑගල්ල පවුල් 150 ක් සහ මාතර පවුල් 11 ක් ද ගංවතුර හේතුවෙන් අවතැන්ව සිටින බව ඒ මහතා ප්‍රකාශ කළේය. සිදු වූ අලාභ හානි පිළිබඳව මෙතෙක් නිගමනයකට පැමිණ නොමැති අතර පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීම මේ වනවිට සිදු කරමින් පවතින බවද හෙතෙම පැවසීය. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අවතැන් වු පුද්ගලයින් වෙනුවෙන් අවශ්‍ය පානිය ජලය, ජෙනරේටර්, වතුරටැංකි , තෙල්, වතුර මෝටර් වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් අදාළ ස්ථාන කරා රැගෙන ගොස් ඇති බවද ඒකනායක මහතා පැවසීය.

Monday, June 2, 2008

රත්නපුර - කළුතර - ගම්පහ - මාතර - කොළඹ




අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑමෙන් රත්නපුර, කළුතර, ගම්පහ, මාතර හා කොළඹ දිස්ති‍්‍රක්කවල පවුල් 75000ක් පමණ අවතැන්ව පුද්ගලයන් සිවු දෙනකු මරණයට පත්ව තිබේ.
නිවාස 35ක් පමණ සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ඇති අතර නිවාස දහස් ගණනක් ජලයට යටවී තිබේ.
කුඹුරු ඉඩම් අක්කර දහස් ගණනක් සහ එළවළු වගා මහ වැස්සෙන් විනාශ වී තිබේ.
ගංවතුර හේතුවෙන් වැඩිම අලාභයක් සහ ජනතාව අවතැන්වී සිටින්නේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ වන අතර, එහි පවුල් 3000ක් අවතැන් වී තිබෙන බව ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය කීය.
රත්නපුර, අගලපාත, අයගම, කලවාන හා කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගම්මාන රැසක් ජලයෙන් යටවී තිබේ. කළුතර දිස්ති‍්‍රක්කයේ බුලත්සිංහල, සාලින්දනුවර හා බදුරලිය ප‍්‍රදේශ ජලයෙන් යටවී තිබෙන අතර පවුල් 3600ක් අවතැන්වී සිටිති.
සාලින්දනුවර ප‍්‍රදේශය් ජනතාව ප‍්‍රවාහනය කිරීම සඳහා බෝට්ටු සේවාවක්ද රජය මගින් කි‍්‍රයාත්මක කැර ඇත. ගම්පහ අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් අත්තනගල්ල හා ගම්පහ ප‍්‍රදේශය, කැලණිගඟ පිටාර ගැලීමෙන් දොම්පේ ප‍්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවී තිබේ.
මේ අතර ඊයේ (101) දහවල් 11.00 වන විට කැලණි ගඟේ ජල මට්ටම අඩි 5යි අඟල් 7ක් දක්වා ඉහළ ගොස් තිබු අතර කොලොන්නාව මැතිවරණ කොට්ඨාශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් තිබිණි.
කැලණිමුල්ල අඹතලේ සහ කොටුවිල ප‍්‍රදේශද යටවී තිබිණි. මාතර සහ ඇල්ල දිස්ති‍්‍රක්කයේත්, කෑගල්ල දිස්ති‍්‍රක්කයේත් ජල ගැලීම් සහ නායයෑමෙන් දැඩි හානි සිදුව තිබු අතර අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගය කැලණි ගඟේ ජලයෙන් යටවී ගමනා ගමනය නතර වී තිබිණි.
තල්දුව ප‍්‍රදේශයේ ගම් කීපයක්ද ගංවතුරට යට වී තිබිණි. අවතැන් වූ පවුල් සඳහා රජය කඩිනමින් සහන සැලසීමට කටයුතු යොදා තිබු අතර මේ සඳහා රුපියල් ලක්ෂ 120ක මුදලක් මේ වන විටත් ලබා දී ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂක එන්. ඩී. හෙට්ටිආරච්චි මහතා දිනමිණට කීය.
අවශ්‍යතාවය අනුව අවතැන්වූවනට තවත් සහන ලබාදීමට සූදානමින් සිටින බවත් ඒ මහතා කීය. වැඩිම පිරිසක් අවතැන් වී සිටින රත්නපුර දිස්ති‍්‍රක්කය සඳහා පමණක් රුපියල් ලක්ෂ 100ක් ලබා දී ඇතැයි කී ඒ මහතා කළුතර හා ගම්පහ දිස්ති‍්‍රක්කවලට රුපියල් 10 බැගින් ලබා දී ඇති බවත් කීය.
අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදීමටත් කටයුතු යොදා ඇතැයි කී ඒ මහතා, මියගිය අයකු වෙනුවෙන් රුපියල් 15000/- බැගින් වන්දි ලබාදෙන බවත් පැවසීය.

Sunday, June 1, 2008

මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි

රනිල් මාධ්‍යයේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනකයි

මාධ්‍ය මර්දනයේ පියා එජාපයයි

- ඇමැති රාජිත සේනාරත්න

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යවේදීන්ගේ මිතුරකු ලෙස පෙනී සිටීම හාස්‍යජනක බවත් මාධ්‍ය මර්දනයේ පියා එක්සත් ජාතික පක්ෂය බවත් ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

දිවයින පුවත්පතේ ඡායාරූප ශිල්පි විමල්සුරේන්ද්‍ර සහ ජනප‍්‍රිය රූපවාහිනි නිවේදක රිචඩ් ද සොයිසා යන මාධ්‍යවේදීන් අභිරහස් ලෙස ඝාතනය කෙරුණේ එ.ජා.ප. ආණ්ඩු සමයේ දී බැව් සිහිපත් කරන ඇමැතිවරයා, රනිල් වික‍්‍රමසිංහ මහතා එ.ජා.ප. ආණ්ඩුවේ ඇමැතිවරයකු ලෙස සිටියදී අවස්ථා ගණනාවකදී ජනමාධ්‍යවේදීන්ට ශාරීරිකව පහර දුන් බවත් ගයිරික පේරුසිංහ නිහාල් චන්ද්‍රකුමාර සහ ගාමිණී සිල්වා යන මාධ්‍යවේදීන් වික‍්‍රමසිංහ මහතා ගේ පහර දීමට ලක් වූ බවත් පෙන්වා දුන්නේ ය.

ඊට අමතරව සුනිල් මාධව පෙ‍්‍ර්මතිලක, යූනුස් වැනි මාධ්‍යවේදීන් දරුණු ප‍්‍රහාරයන්ට හා මරණීය තර්ජනවලට ලක් වූයේත් එ.ජා.ප. ආණ්ඩු සමයේදී ය.

එඩ්මන් රණසිංහ වැනි ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් ගේ වාහනවලට අලාභ හානි සිදු කිරීම පමණක් නොව මෑතකදී කර්තෘ සංසදයේ සභාපති උපාලි තෙන්නකෝන් මහතාට ද වික‍්‍රමසිංහ මහතා බැණ වැදුණේ ය.

ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියකුට දුරකථනයෙන් තර්ජනය කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, මෑතකදීත් දිගින් දිගටම පුවත්පත් කතුවරුන්ට ප‍්‍රසිද්ධියේ දෝෂාරෝපණ එල්ල කළ බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

එදා මෙන් නොව අද රාජ්‍ය නායකයාට එරෙහිව විවිධාකාරයේ විවේචන පළ කිරීමට ජනමාධ්‍යයට නිදහස තිබෙන බැව් පෙන්වා දුන් ඇමැතිවරයා, ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ශාරීරික ප‍්‍රචණ්ඩත්වය හා වාචික තර්ජන සිදු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එජාපය ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටිය යුතු මුත් දැන් ඔවුන් ජනමාධ්‍යවේදීන් ගේ අයිතිවාසිකම් ගැන කතා කිරීම ලෝකය හිනස්සවන විහිළුවක් බවත් සඳහන් කෙළේය.

වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!

ගෙන්වීම, බෙදාහැරීම, විකිණීම, පාවිච්චි කිරීම...

වොට් 75ට වැඩි විදුලි බුබුලු තහනම්!

වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතය වහා ම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

මේ යටතේ වොට් 75ට වැඩි සාමාන්‍ය විදුලි බුබුලු භාවිතා කිරීම, විකිණීම, බෙදාහැරීම, නිෂ්පාදනය කිරීම හා ආනයනය කිරීම ද තහනම් වෙයි.

අදාළ තහනම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවට මේ වනවිටත් යොමු කොට ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දැනට වෙළෙඳපොළේ පවතින ප‍්‍රමිතියකින් තොර වොට් 75ට වඩා වැඩි විදුලි බුබුලු භාවිත කිරීම නිසා ජාතික විදුලිබල පද්ධතියෙන් වැඩි ධාරිතාවක් අපතේ යන බවත් සීඑෆ්එල් (ප‍්‍රතිදීප්ත) වැනි පලදායීතාවෙන් යුත් විදුලි බුබුලු භාවිතා කිරීමෙන් සියයට 80ක පමණ විදුලිබල ඉතිරියක් ඇති කැර ගත හැකි බවත් විදුලිබල අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ යෑම නිසා විදුලිබල නිෂ්පාදනයටද දැඩි අභියෝගයක් ඇති වී තිබෙන අතර ඒ තත්ත්වය හැකිතාක් අවම කැරගැනීම සඳහා විදුලිබලය කාර්යක්ෂම ලෙස පරිභෝජනය කළ යුතුව තිබෙන බවත් විදුලිබල අමාත්‍යාංශය පවසයි.

මීට අමතරව මින් ඉදිරියට සියලුම විදුලි බුබුලු සඳහා තරු එකේ සිට පහ දක්වා ප‍්‍රමිතිකරණයක් හඳුන්වා දීමටත් ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන සියලු විදුලි බුබුලු ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ හා ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල වියයුතු යැයි ද විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.