Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, April 30, 2008

ජාතිවාදයේ බීජ වැපිරීමෙන් වැළකීමට සිංහල ජනතාව බුද්ධිමත් - ආනන්දසංගරී


එල්.ටී.ටී.ඊ.ය නිරන්තරයෙන් සිදු කරන කුපිත කිරීම් හමුවේ ජාතිවාදයේ බීජ වැපිරීමෙන් හා පැතිරවීමෙන් වැළකීමට සිංහල ජනතාව බුද්ධිමත් අතර එවැනි වාතාවරණයක් හට ගැනීම වැළැක්වීමට මනා පාලනයක් ...

ශී‍්‍ර ලංකා-ඉරාන මිතුදමේ කිරුළ පළඳවමින් උමා ඔය බහු කාර්ය ව්‍යාපාරයට මුලපුරයි

ලොව ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියන ඉරාන ඉස්ලාමීය ජනරජයේත්, උදාර වාරි ශිෂ්ටාචාරයක උරුමකරුවන් වන ශී‍්‍ර ලාංකිකයන් ගේත් දිගු කාලීන මිතුරුදමේ කිරුළ පැළැඳවීමේ මහා මංගල්‍යය සේ සැලකෙන උමා ඔය බහුකාර්ය යෝජනා ක‍්‍රමය ඇරැඹීමේ මහෝත්සවය ඊයේ (29) පෙරවරුවේ වැල්ලවායේ දී සිදුකෙරිණි.

Tuesday, April 29, 2008

ජගත් විද්වත් කමිටුව

අන්තර්ජාතික ස්වාධීන විද්වත් කමිටුවේ සභාපති පී. එස්. භග්වතී මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යැවූ ලිපිය මෙසේය. “ ශී‍්‍රමත් නිගෙල් රොඩ්ලේ, මහාචාර්ය යොකෝටා සහ මා ඇතුළත් අන්තර්ජාතික ස්වාධීන විද්වත් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකුට ඔබ තුමා හමුවීමට අවස්ථාව ලබාදීම ගැන කෘතඥ වෙමි.

සුහද මිතුරාට උණුසුම් පිළිගැනීමක්

ඉරාන ජනපති මහමුද් අහමදිනිජාද් සැපත් වෙයි
ශ‍්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන ඉරාන ජනාධිපති මහමුද් අහමදිනිජාද් මහතා ඉරාන රජයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඊයේ (28) සවස 7.10 ට පමණ මෙරටට සැපත් විය.

Sunday, April 27, 2008

රිය අනතුරකින්

ඇහැළියගොඩ, ගැටහැත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබේ.

ඉරාන ජනාධිපත

ඉරාන ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇත.

වැලිඔයට එල්ටීටීඊ ගුවන් ප්රහාර

වැලිඔය ඉදිරි ආරකෂක වළල්ල වෙත අද(27) පාන්දර 1.40 ට පමණ එල්ටීටීඊය විසින් ගුවන් ප්රහාර දෙකක් එල්ල කර ඇතැයි වාර්තා වේ. බෝම්බ 3 ක් දමා ඇති නමුත් එම ප්රහාරයන්ගෙන් හානි කිසිවක් සිදුව නැතැයිද හමුදාව ප්රකාශ කරයි. හමුදාව ප්රතිප්රහාර එල්ල කර ඇතැයිද ඉන්පසු එම යානා මුලතිව් බලා පියාසර කර ඇතැයිද හමුදා ප්රකාශක වරයා පවසයි.

Saturday, April 26, 2008

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කරති, පිලියන්දල බස් බෝම්බයෙන් 24ක් මිය යයි. 40 කට අධික තුවාල (යාවත්කාලීන)

තම දෛනික රාජකාරීන් නිම කර නිවෙස් බලා යමින් සිටි අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරමින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් අද (අප්‍රේල් 25) සවස පිලියන්දල ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරුවා හැර ඇත. පිලියන්දල බස් නැවතුම්පොළේ නවතා තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් තුලදී බෝම්බය පුපුරා ගොස් ඇතැයි වාර්තා සඳහන් කරයි.

මේ දක්වා ලැබී ඇති තොරතුරු වලට අනුව බෝම්බ පිපිරීමෙන් ස්වාමීන් වහන්සේ නමක් ඇතුළුව 24 දෙනෙකු මිය ගොස් 40 කට අධික පිරිසක් තුවාල ලබා ඇත. බෝම්බය පුපුරා යන අවස්ථාවේ බස් රථය පිලියන්දල සිට කහපොල දක්වා ගමන් කිරීමට සූදානම් කර තිබූ බව වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යනු ම්ලේච්ඡ අමානුෂික ත්‍රස්තවාදීන්ම වන බව මෙවන් ප්‍රහාර වලින් තවදුරටත් සනාථ වෙයි. නිරායුද අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් මීට ඉහතදීද අවස්ථා ගණනාවකදී කොටි ත්‍රස්තවාදීන් විසින් නොයෙකුත් ආකාරයේ ප්‍රහාරයන් දියත් කර ඇත.

ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP)

ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP)

ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP)

ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP)

ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP) ඡායාරූප අනුග්‍රහය: ඵ්පී (AP)

Friday, April 25, 2008

පිළියන්දල බස්නැවතුම්පලේ පිපිරීමක්

පිළියන්දල බස්නැවතුම්පලේ පිපිරීමක්

පිළියන්දල බස්නැවතුම්පලේ නවතා තිබු බස්රථයක් තුල බෝම්බයක් පිපිරීගොස් ඇත. මෙම පිපිරීම සිදුවී ඇත්තේ අද (2008 අප්‍රේල් 25) සවස 7.00 ට පමණ බව වාර්ථා වැඩ්දුරටත් සදහන් කරයි.


වැඩි ව්ස්තර පසුවට . . .

මඩු ඳෙවස්තනය හමුදා පලනයට

මඩු ඳෙවස්තානය හමුදා පලනය යටතට ගත් බව විශ්වාස දායක ආරන්චි මර්ග සදහන් කරයි.

‘යුද බිමේ රණවිරුවාගේ චිත්ත ධෛර්යය විනාශ කරන්න එපා’

රටක යුද්ධයක් පවතින අවධියක ඒ රටේ මහජනතාවගෙන් ඉටුවිය යුතු ප‍්‍රධානම යුතුකම වන්නේ යුද්ධයේ නියැලෙන රණවිරුවා ගේ ආත්ම ශක්තිය, චිත්ත ධෛර්යය නඟා සිටුවීමට කටයුතු කිරීම ය. ඇස් මස් ඉස් ලේ ඇට නහර ආදී වශයෙන් තම ශරීරය රට ජාතිය වෙනුවෙන් පූජා කරන රණවිරුවා වූ කලී අපේ ජාතියේ මුරදේවතාවාය.
අද ඔවුන් මේ රට වෙනුවෙන් කැප නොවුණා නම් ත‍්‍රස්තවාදය විනාශ කර දැමීමට පෙරට එන්නේ කවුද යන ප‍්‍රශ්නයට මේ රටේ කිසිවකුටත් නිසි පිළිතුරක් නම් ලබාදිය නොහැකි වනු නියත ය. යුද්ධය පිළිබඳ ප‍්‍රශ්න අසන්නෝ හා ඒවාට පිළිතුරු සපයන්නෝ ද බොහෝ වෙති. යුද්ධය තවකෙනෙකුගේ බඩගෝස්තරය යැයි පවසන ඇතැම් උදවිය එය තම බඩ වඩවාගැනීමට උපයෝගී කර ගන්නේ, අසා සිටින්නන් හා බලා සිටින්නන් විජ්ජාවෙන් මෙන් මුලාකර ගැනීමෙනි.
යුද්ධයේ කටුක බව හෝ මිහිර විඳින්නන් අන් කවුරුවත් නොව එහි නියැළෙන්නන් වන හමුදා සෙබළුන්ම ය. ඔවුන්ට අපහාස කරන පිරිස් මේ රටේ බොහෝ සිටිති. ඒ අතර මාධ්‍ය යුද්ධය යුද්ධයේ එක් පැතිකඩකි. මේ යුද්ධය තුවක්කුවෙන් හා උණ්ඩයෙන් කරන යුද්ධයට වඩා තියුණු බව මතක් කර දිය යුතු නැත.
වර්තමාන යුධ කි‍්‍රයාදාමය හෙවත් ජනතාව මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම් හරහා සිත් තැවුලට පත් මේ රටේම ජීවත්වන ජනතාව ගෙන් කොටසක් අන්තවාදීව ගෙන යන අසත්‍ය ප‍්‍රචාර හා නිර්ලජ්ජිත ප‍්‍රකාශ හමුවේ මේ රටේ ජීවත් වන නිදහස අගයන යුක්ති ගරුක ජනතාවට කර ඇති අවමාන සුළුපටු නොවේ.
විටින් විට පත්තර පිටු හරහා මතුවන ඇතැම් දුෂ්‍යමාන චරිත ස්වකීය හිතැගියාවට ජනතාව ඉදිරියේ ඇදබාන ජුගුප්සාජනක මත වාද තවම වෙනස් කර ගෙන නැත්තේ යුද්ධය හරහා තම බඩගෝස්තරය සොයා ගැනීමේ අවස්ථාව නැතිකර ගැනීමට ඇති බලවත් බිය නිසාය.
‘පෙර හෙළයෝ රණ ගොසින් ඉපිල නටති මහ තොසින්’ හෙළයෝ අනාදිමත් කාලයක සිට යුද්ධය පි‍්‍රය කළ ජාතියක් යැයි ද යුධ ශිල්පය මහඟු කොට සැලකු පිරිසක් ලෙසද තැකූ බව කියමින් සෙබළ ජනයා තමා වටා රොක් කරගනිමින් තම යුද හමුදා දිවිය සරුකර ගත් ඇතැම් පුද්ගලයන් විශ‍්‍රාම ගිය පසුවද මේ රටේ සිදුවන මානුෂීය මෙහෙයුම් හෑල්ලුවට ලක් කරමින් රණවිරුවන්ට අපහාස වන ලිපි ඔවුන්ට හිතවත් මාධ්‍යවල පළකර ගනිති.
ත‍්‍රස්තවාදියාට අවශ්‍ය වෙන්නේ කෙසේ හෝ උතුරේ සිදුකෙරෙන මෙහෙයුම් නවතා ගැනීමට ය. ඊට කළ හැකි හොඳම උත්සාහය ලෙස ත‍්‍රස්තවාදියා සලකන්නේ රණවිරුවන් ගේ චිත්ත ධෛර්යය බිඳ දැමීම ය. මේ තත්ත්වය තේරුම් ගත නොහැකි විශ‍්‍රාම ගිය ඇතැම් හමුදා නිලධාරීන් යුද්ධය බොරුවක් යැයි පවසමින් රණවිරුවන් ගේ මනස තුළ පීඩනයක් ඇති කරවීමට උත්සාහ කරති.
අද යුද බිමේ සිටින රණවිරුවා මේ තත්ත්වය හොඳ හැටි අවබෝධ කරගෙන කටයුතු කරන බව මේ සම්බන්ධව කළ විමසීමක දී හමුදා නායකයෝ ගණනාවක්ම පැවසූහ. පසුගිය සති අන්ත පුවත්පතක පළවූ වාර්තාවක් ගැන සඳහන් කළ හමුදා නිලධාරීන් කිහිප දෙනකුම “දිනමිණ” ට පැවසුවේ යුද හමුදා සේවයේම යෙදී සිට විශ‍්‍රාම ගිය ඇතැම් නිලධාරීන් යුද්ධය බොරුවක් බව කියා පාමින් රණවිරුවන් ගේ මානසික තත්ත්වය චිත්ත ධෛර්යය කඩා බිඳ දැමීමේ සූක්‍ෂම වැඩ පිළිවෙළක් කි‍්‍රයාත්මක කර ඇති බවයි.
මෙහි අරමුණ ත‍්‍රස්තවාදීන්ගෙන් උතුර බේරා ගැනීමේ ඉලක්කය වෙනස් කිරීමට කරන බොළඳ උත්සාහයක් බව එම හමුදා නිලධාරීහු පවසති. මෙහිදී කළයුත්තේ පිටින් සිට කියනවාට වඩා ති‍්‍රවිධ හමුදාව රුදුරු කොටි ත‍්‍රස්තවාදයේ අවසානය වෙත යන ගමනේ ජය තහවුරු කිරීමත් එයට සකී‍්‍රයව දායකවීමත්ය.
ත‍්‍රස්තවාදයේ අවසන් හුස්ම පොද සුළඟට මුසුකරන්නට වෙර දරන අභීත යුද හමුදා සෙබලුන් ගේ අප‍්‍රතිහත ධෛර්යය දේශපාලන පරමාර්ථයකට ඈදා ගනිමින් අසත්‍ය ප‍්‍රකාශ පළකිරීම යුද බිමේ සටන් කරනා සෙබළ චිත්ත ධෛර්යයට දැඩි පහරක් යැයි කිව යුතුය.
සමස්ත නැෙඟනහිර කොටි බලමුළු සිඳ බිඳ දමා මානුෂිය මෙහෙයුමෙන් අහිංසක ජනතාව බේරාගත් යුද හමුදා රණවිරුවෝ ජයග‍්‍රහණයේ හිනි පෙත්තට නැග තම ධජ පතාක ඉහළට ඔසවා ප‍්‍රකාශ කෙළේ කවදා හෝ දවසක උතුර ද මේ ආකාරයෙන් ජයග‍්‍රහණය කරනවා යන්න මිස හමුදාව විවේචනය කරන පිරිස් පවසන ආකාරයට අතරමඟ මෙහෙයුම් කඩා වැටෙන බව නම් නොවේ.
අව්ව වැස්ස නොබලා මහා ගණ කැළෑ මැද සතුරා සොයා ඉදිරියට ඇදෙන රණවිරුවා වෙනුවෙන් මේ රටේ සුවහසක් ජනතාවට බොහෝ දේ කළ හැකි බව රණවිරුවාගේ අගය ගැන කතා කරන මේ රටේ අහිංසක ජනතාව පවසති.
අපි අද නිදහසේ ජීවත් වෙන්නේ ඔවුන් නිසා බවත් ඔවුන්ට අපහාස කරන පුද්ගලයන් බයේ හැංගී නොසිට යුද්ධයට මුහුණ දිය යුතු බවත් බොහෝ දෙනා පවසති. යුදබිමේ සිටින රණවිරුවාට පමණක් නොවේ ඔවුන් මෙලොවට බිහි කළ මාපියන්ටද අප ගරු කළ යුතු යැයි ද පවසති.
“මේ රටේ ත‍්‍රස්තවාදය නමැති පිළිලය සහමුලින් ම නැති කිරීමට අප කැප වී සිටින්නේ ඉදිරි දරු පරම්පරාවන් ට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් උරුම කර දිමට යි. නැගෙනහිර පළාත තුළ පැල් බැඳගෙන සිටි ත‍්‍රස්තවාදීන් සහමුලින්ම විනාශ කළා.
අද නැගෙනහිර ජනතාව මොන තරම් සැනසීමකින් ජීවත් වෙනවාද කියලා මේ රටේ සැම කෙනකුටම ඇස්දෙකට පෙනෙනවා. වැඩි කාලයක් යාමට පෙර උතුරේ ජනතාවටත් ඒ නිදහසම උරුම වෙන බව ස්ථිරයි. අප කියන්නේ ඒ සඳහා අපට සහයෝගය දෙන්න කියලයි.” රණවිරුවෝ පවසති.
“යුද්ධය කියන්නේ මිහිරි දෙයක් නොවේ. එහෙත් අප කැප නොවුනොත් එහි වාසිය ත‍්‍රස්තවාදියාට යි. නියපොත්තෙන් කඩන්න තිබූ දෙයක් පොරවෙන් තියා ඊටත් වඩා තියුණු ආයුධයකින් වත් කපා දැමීමට නොහැකි තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබුණා.
මේ ඉතිරි ටික කරගෙන යාමට සහයෝගය දෙනවා වෙනුවට අප යන මාර්ගය ඉදිරියට ගල් පෙරලන්න එපා කියා මේ රටෙන් ත‍්‍රස්තවාදය පළවා හරිනවාට අකමැති පිරිසගෙන් ඉල්ලා සිටිනවා” යැයි රණවිරුවෝ තවදුරටත් පැවසූහ.
දිනමිණ ඇසුරෙන්

මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලට ගහන්න ආ කොටි 149ක් මරුට

ඉදිරි ආරක්ෂක වළල්ල හමුදාව අත්පත් කර ගනී
මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත් කර ගැනීමට කොටි ත‍්‍රස්තවාදීන් කළ මහා පරිමාණ සැලසුම ආරක්ෂක හමුදා ප‍්‍රහාර හමුවේ අසාර්ථකව කොටි 149ක් මරා ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලද අත්පත් කර ගැනීමට ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.

Thursday, April 24, 2008

හමුදාව ඉදිරි ආරක්‍ෂක වළල්ලේ මීටර් 500ක් ඉදිරියට: කොටි 52ක් මරුට

යාපනය ඉදිරි ආරක්‍ෂක වළල්ලට ඔබ්බෙන් අනාරක්‍ෂිතව පැවැති ප‍්‍රදේශයේ මීටර් 500 ක් පමණ ඉදිරියට ගොස් ඇති යුද හමුදාව ඊයේ (23) එම ප‍්‍රදේශ පුරා බලය තහවුරු කර ගත්හ.

‘ඒ’ නවය මාර්ගයට උතුරින් හා දකුණෙන් කිලෝ මීටර් අටක පමණ භූමි ප‍්‍රදේශය තුළ ත‍්‍රස්තවාදීන් පලවාහරිමින් යුද හමුදා භට පිරිස් මෙසේ ඉදිරියට ගමන් කර ඇත. මෙහි දී යුද හමුදා භටපිරිස් හා කොටි ත‍්‍රස්තවාදීන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් ත‍්‍රස්තවාදීන් පනස් දෙදෙනකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

යුද හමුදා සෙබළු 38 දෙනෙකු මියගොස් ඇති අතර තවත් 84 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැ’යි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය කියයි. කිලාලි මුහමලේ හා නාගර්කෝවිල් දක්වා අනාරක්‍ෂිතව පැවැති ප‍්‍රදේශයේ ඉදිරියට ගමන් කර ඇති හමුදා භටපිරිස් මෙසේ බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇති අතර එදින අලුයම් කාලයේ ත‍්‍රස්තවාදීන් හමුදා ඉදිරි ආරක්‍ෂක වළල්ලට එල්ලකළ ප‍්‍රති ප‍්‍රහාර හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බව යුද හමුදාව පැවැසීය.

යාපනය ඉදිරි ආරක්‍ෂක වළල්ලේ කිලෝමීටර් අටක පමණ ගොඩබිම් ප‍්‍රදේශයක් තුළ කොටි ඉදිරි ආරක්‍ෂක වළල්ල මීටර් 400 හා 500 ක් අතර දුරින් පිහිටා තිබේ. ත‍්‍රස්ත ප‍්‍රහාර හේතුවෙන් ප‍්‍රති ප‍්‍රහාර එල්ලකරමින් යුද හමුදා භටපිරිස් ඉදිරියට ගොස් මෙම ප‍්‍රදේශය අත්පත්කරගෙන ඇතැ’යි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි.

තවදුරටත් මෙම ප‍්‍රදේශවල ආරක්‍ෂාව තහවුරුකිරීමේ කටයුතු සිදු කරන බව ආරක්‍ෂක අංශ පවසයි. මෙම ප‍්‍රහාරයේදී එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන්ගේ ඉදිරි ආරක්‍ෂක වළල්ලද අත්පත්කැරගැනීමට යුද හමුදාව සමත්වී තිබේ.

මුහමාලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් ප්‍රහාර 3ක

ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා සහ එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගනිමින් මුහමාලේ කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් ප්‍රහාර 3ක් එල්ල කළ බව ගුවන් හමුදාව පවසයි. අද (අප්‍රේල් 23) යාපනය මුහමාලේ යුද පෙරමුණේ හට ගත් දරුණු සටන් වලට සම්බන්ධ වී සිටින භට පිරිස් වෙත සහාය ලබා දීමේ අරමුණින් ප්‍රහාර දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ වි‍ජේසූරිය මහතා පවසයි.

පළමු ගුවන් ප්‍රහාරය ප.ව. 1.30 ට පමණ ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කර ඇත. එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළල්ලට කි.මී. 10 – 12 පමණ දකුණු දෙසින් ස්ථාන ගත කර තිබූ බර අවි 2ක් මෙහි ඉලක්කය විය. ප්‍රහාර සාර්ථක වූ බව ගුවන් නියමුවන් සනාථ කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් බර අවි වලට හානි සිදු වන්නට ඇතැයි විශ්වාශ කෙරේ.

දෙවන ප්‍රහාරයද ප්‍රහාරක ජෙට් යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ අතර මෙහි ඉලක්කය වූයේ ත්‍රස්තවාදීන්ගේ දෙවන ආරක්ෂක වළල්ලට පිටුපසින් වූ ත්‍රස්තවාදීන් එක්රැස් වන ස්ථානයකි. ප.ව. 1.45 ට පමණ එල්ල කළ මෙම ප්‍රහාරයද සාර්ථක වූ බව ගුවන් නියමුවන් සනාථ කර ඇත. ප්‍රහාරයෙන් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට සිදු වූ හානි පිළිබඳ නිවරැදි වාර්තා ලැබී නොමැත.

තුන්වන ප්‍රහාරය සවස 3.45 ට පමණ එල්ල කළ අතර මේ සඳහා එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා උපයෝගී කර ගෙන ඇත. මෙහිදී දෙවන ආරක්ෂක වළල්ලට පිටුපසින් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අයත් බංකර් පෙළක් ඉලක්කය විය. මෙම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන්ට සිදු වූ හානි පිළිබඳවද නිවරැදි තොරතුරු තවමත් ලැබී නොමැති බව වාර්තා සඳහන් කරයි.

Wednesday, April 23, 2008

මුහමලේ එල්ටීටීඊ ඉදිරි ආරක්‍ෂක වළල්ල අල්ලයි

මුහමලෙයි ඒ-9 මාර්ගයේ දකුණ හා උතුර ප‍්‍රදේශයේ රජයේ ආරක්‍ෂක හමුදා හා එල්ටීටීඊය අතර අද (23) අලූයම සිට පැවැති දරුණු සටන්වලින් දෙපැත්තේම 67 දෙනෙකු මියගොස් තිබේ.
හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසුවේ එල්ටීටීඊ අද (23) අලූයම මුහමලෙයි යුද හමුදා ඉදිරි ආරක්‍ෂක වළල්ලට ප‍්‍රහාර එල්ල කර තිබෙන බවත්, හමුදාව ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ බවත්ය.

මෙම ගැටුමෙන් එල්ටීටීඊ 52 මියගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙන අතර හමුදාවේ ද 15 දෙනෙකු මියගොස් 74 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද බි‍්‍රගේඩියර් නානායක්කාර පැවැසීය.

හමුදාව එල්ටීටීඊ ප‍්‍රදේශයේ මීටර් 500 ක් පමණ භූමි ප‍්‍රදේශයක් අත්පත් කරගෙන මේ වන විට හමුදා භටයින් එහි සිටින බවත්, එල්ටීටීඊ සාමාජිකයින් සතුව තිබූ ආයුධ තොගයක් ද හමුදාව අතට පත්ව තිබෙන බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

නැගෙනහිර පළාත් පාලන

නැගෙනහිර පළාත් පාලන මැතිවරණයට අදාළව, පසුගිය 03 වනදා සිට මේ දක්වා පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිලි 16 ක් වාර්තා වී තිබේ.

විෙජ්වීර අල්ලා දීමට මුල්වූයේ විජිත හේරත් -ජවිපෙට ලිපියක

ඛෙරගල කඳවුරේ පාවාදීම හෙළිවේ
(ලංකා ඊ නිව්ස් 2008 අප්රේල් 22, ප.ව.5.15) ජවිපෙ නායක රෝහණ විෙජ්වීර සහෝදරයා අල්ලාදීමට මුල්ම නිවැරදි තොරතුරු ලබාදුන් බණ්ඩාර නමැත්තා ඛෙරගල කඳවුරට ගෙන ඒමට ආරකෂක හමුදාවලට දායකවූයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජික විජිත හේරත් මහතා බවත් ඔහු හමුදා ඇඳුම් ඇඳගෙන මුහුණු ආවරණයක් පැලැඳ බිල්ලාගේ චරිතය රඟපෑ බවත්, ජවිපෙ හිටපු ක්රියාකාරිකයකු වන සම්පත් දිමුතු කැටිපෙආරච්චි මහතා ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා වෙත ලිපියක් යවමින් තොරතුරු අනාවරණය කරයි.
)ඃ8212තපකෂයේ දේශපාලන මණ්ඩලයේ සහ සන්නද්ධ අංශයේ සියලූ දෙනාගේම දැනගැනීම පිණිස)ඃ732ත යැයි සඳහන් කරමින් කැටිපෙආරච්චි මහතා ජවිපෙ නායකයා වෙත මෙම ලිපිය යවා තිඛෙන්නේ 2008 අප්රේල් 22 දාතමිනි.

සත්යය වසන් කොට පකෂය තම බූදලයක් කොට කටයුතු නොකරමින් පකෂයේ ඉදිරිපැවැත්ම සඳහා අවංකව තම හෘද සාකෂියට එකඟව කටයුතු කරමින් සාධාරණය ඉටු නොකළහොත්, පකෂයේ නාමයෙන් මෙතෙක් තමා විසින් රැකගන්නා ලද සියලූ කරුණු රටට හෙළිකරන බවද කැටිපෙආරච්චි මහතා සිය ලිපියෙන් ජවිපෙ නායකයාට දැනුම්දී තිබේ. කැටිපෙආරච්චි මහතා ජවිපෙ නායකයා වෙත යැවූ ලිපිය මෙසේයි.
සම්පත් දිමුතු කැටිපෙආරච්චි,
නො. 137/18ල කොස්වත්ත පාර,
රාජගිරිය

2008.04.22

සෝමවංශ අමරසිංහ මහතා
ප්රධාන කාර්යාලය,
ජනතා විමුක්ති පෙරමුණ,
පැලවත්ත,
බත්තරමුල්ල.

හිතවත් නායකතුමනි,

පකෂයේ දේශපාලන මණ්ඩලයේ සහ සන්නද්ධ අංශයේ සියලූම දෙනාගේ දැනගැනීම පිණිසයි.

සහෝදරයා,

1987 පමණ පකෂයට සම්බන්ධ වූ මට අත්විඳීමට සිදුවූයේ පාසල් අධ්යාපනය කඩාකප්පල් කරගෙන අතීතයේ පකෂය පාවා දෙන්නන්ගේ ගොදුරක් බවට පත්වීමටයි. පකෂයේ සන්නද්ධ කඳවුර පිහිටි තණමල්විල හිදී සන්නද්ධ පුහුණුව ලද මා දේශප්රේමී සන්නද්ධ බලකායේ කාඩර්වරයෙක් වශයෙන් කටයුතු කරමින් පකෂය අවශ්යතාවය මත කළ යුතු මෙන්ම නොකළ යුතු අවශ්ය මෙන්ම අනවශ්ය දෑ සිදු කිරීමට ලැබීම අවාසනාවකි. ඉන් එක් අවස්ථාවක බදුල්ල ප්රදේශයේ පිහිටි තේ වත්තක අහිංසක කම්කරුවන්ගේ පඩි ගෙවීම සඳහා ගෙනයාමට සූදානම්කොට තිබූ මුදල් බැංකුවට ගොස් මංකොල්ල කෑමට මා ඇතුළු 14 දෙනෙකු අතින් පකෂයේ නියෝගය මත සිදු කෙරිනි. එම මුදල් වල ප්රමාණය ලකෂ දහසයක් වූ අතර, ඉන් අප විසින් ලබා ගත්තේ අපගේ ආහාර සඳහා වියදම් වූ රු. පන්සිය හැටක මුදලක් පමණි. ඉතිරි මුදල් සියල්ල පකෂයට ලබාදුන් අතර මේ ආකාරයට රටේ විවිධ ප්රදේශවලින් පැහැර ගන්නා ලද මුදල් පකෂයට ලැබුණි. මෙම මුදල් භාවිතා කරන ලද්දේ පකෂයේ ජ්යෙෂ්ඨයන් කිහිප දෙනෙකුගේ ඕනෑ එපාකම් සිදුකිරීම සඳහාය. ඉන් එක් නායකයෙක් රෝහණ සහෝදරයාට ද කොකා පෙන්නා එම මුදල්ද රැගෙන රටින් පිටවී තම දරු පවුලට සුරසැප දෙමින් සුඛෝපභෝගි ජීවිත ගත කළේය. එම අවස්ථාවලදී පකෂයේ අහිංසක දුප්පත් සාමාජිකයන් ඔවුනගේ දරු පවුල් සමඟ කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක පසුවුවද ජ්යෙෂ්ඨයන් මේ ගැන තැකීමක් පවා සිදු කළේ නැත.

පසුගිය දිනවල පකෂයේ යම් යම් කි්රයාකාරකම් සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා සහ විමල් වීරවංශ සහෝදරයා සම්බන්ධයෙන් වූ සිදුවීම්වලදී මා විසින් මාධ්යයන්ට ලබා දුන් සත්ය කරුණු සම්බන්ධයෙන් ද සතුටුදායක තත්ත්වයක් පකෂය තුළින් නොලැබීමද කණගාටුවට කරුණකි.

මම බදුල්ල ඕල්තියන්ස් කඳවුරේදී අත්අඩංගුවට පත්වන්නේ අද බදුල්ල ප්රදේශයේ පක්ෂයේ දේශපාලනයේ නිරතව සිටින පාවා දෙන්නෙකුගේ තොරතුරු මතය. මාගේ ජීවිතය එදා ගලවා ගැනීමට හැකිවුයේ මා විසින් සිදුකරන ලද ක්රියාකාරකම්වල වගකීම පක්ෂයේ උන්නතිය වෙනුවෙන් පවා නොදී මිය ගිය දිමුතු සහෝදරයා නිසාය. ඉන්පසුව මා හාලිඇල පොකුරු කඳවුරට මාරු කරන ලද අතර, එහිදී දැඩි ලෙස පහරදී ප්රශ්න කිරීම්වලට ලක්කරන ලදී. ඒ නිසා රෝගී වූ මා රෝහල් ගත කළ අතර, මානව හිමිකම් සංවිධානවල මැදිහත්වීම තුළින් ඛෙරගල කඳවුරට මාරු කරන ලදී. එම කඳවුරේදී මා ජීවිතයේ ලබාගත යුතු බොහෝ අත්දැකීම් මෙන්ම අවබෝධයන් ගැඹුරින් හැදෑරීමට අවස්ථාව ලැබුණි. එහිදී හමුවූ එක් තරුණයෙකු ගැන නොකියාම බැරිය. අද ඔහු පක්ෂයේ ජ්යෙෂ්ඨ නායකයෙකි. විජිත හේරත් නම් ඔහු එදා අප අතර කැපී පෙනෙන චරිතයක් විය. එදා උදෑසනම හමුදා නිල ඇඳුම් ඇදගෙන මුහුණු ආවරණයක් පැළඳ දවසේ වැඩි හරියක් සිදු කළේ අවට ඇති නගරවල (බලංගොඩ, හල්දොමුල්ල, ඛෙරගල, කොස්ලන්ද, හපුතලේ, දියතලාව, සහ බණ්ඩාරවෙල) යන ප්රදේශවල සැරිසරමින් පක්ෂයේ සහෝදරවරුන්, පාසල් ශිෂ්යයන්, භික්ෂූන් වහන්සේ ඇතුළු ක්රියාකාරීන් කඳවුරට ගෙන ඒමයි. එහිදී ඔවුන් නොයෙකුත් වද හිංසාවලට ලක්කොට ඝාතනය කිරීමට හවුල්වීමත්ය.

බුද්ධි අංශ නිලධාරීන්ට පක්ෂයේ සියලූ තොරතුරු ලබාදුන් මේ පුද්ලයා අද ජාත්යන්තර හා දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ලෙස සිටීම අදහාගත නොහැකි කරුණක් වන අතර, මොහු යම් දිනක ස්වයං විවේචන තුළින් තමන් කළ වැරදි නිවැරදි කරගත්තේද යන්න ගැටලූවකි. ඛෙරගල කඳවුර යනු ජවිපෙට ලේසියෙන් අමතක කළ නොහැකි කඳවුරක් නොවේ. එදා රෝහණ විෙජ්වීර සහෝදරයාගේ මුල්ම පාවාදීම සිදුකරන බණ්ඩාර සහෝදරයා මුලින්ම නිවැරදි තොරතුරු ලබා දෙන්නේද මේ කඳවුරටය. එදා මෙම බණ්ඩාර සහෝදරයාව ඛෙරගල කඳවුරට ගෙනඒමට දායක වූයේද මේ දේශපාලන මණ්ඩලයේ සභිකයාය.

සත්ය වසන්කොට තම බුදලයක් සේ කොට ගෙන කටයුතු නොකරමින් පක්ෂයේ ඉදිරිපැවැත්ම සඳහා අවංකව තම හෘද සාක්ෂිකයට එකගව කටයුතු කරමින් සාධාරණය ඉටු නොකලහොත් මෙතෙක් පක්ෂයේ නාමයෙන් මා විසින් රැගගන්නා ලද සියලූම කරුණු ඉදිරියේදී මාධ්යයන් හරහා රටේ සමස්ත ජනයා වෙත දැනුම් දීමට කටයුතු කරන බව කණගාටුවෙන් වුවද දන්වා සිටිමී.

ස්තුතියි.
මෙයට විශ්වාසී,
සම්පත් දිමුතු කැටපෙආරච්චි

මන්නාරම යුද පෙරමුණේදී කොටින්ට බරපතල හාන

මන්නාරමෙන් ලැබෙන අළුත්ම වාර්තා සඳහන් කරන පරිදි අද (අප්‍රේල් 22) දිනය තුලදී වන්නිය මුදා ගැනීමේ මෙහෙයුම්හි නිරත භට පිරිස් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට දැඩි පීඩනයක් එල්ල කර ඇත.

දේශ හිතෛෂීන් රඳවාගෙන තිබූ ජවිපෙ වාහනය අත්අඩංගුවට

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය මගින් රඳවාගෙන තිබූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාට අයත් වාහනය ඊයේ (22) සවස පිලියන්දල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලදී.

අතිරික්ත සහල් තොග ආණ්ඩුව රැස් කරයි

වවුනියාවෙන් මෙ. ටොන් 60,000ක් ගෙන්වීමට පියවර

රජයේ සහල් ගබඩා ප‍්‍රතිසංස්කරණය කර ආරක්ෂිත සහල් තොග රැස් කර ගැනීමට රජය තීරණය කර ඇත. වව්නියාවේ මෙට්ටි‍්‍රක් ටොන් 60000 ක සහල් අතිරික්තයක් පවතී. එම සහල් අතිරික්තය ප‍්‍රතිසංස්කරණය කරන ගබඩා වල රැස් කර තැබීමට කටයුතු යොදන බව වෙළෙඳ අලෙවි සංවර්ධන හා පාරිභෝගික සේවා ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Tuesday, April 22, 2008

වාහන කොල්ලකෑමේ සිද්ධියට ජවිපෙ මන්තී‍්‍ර ඇතුළු 3කට ඇප

වාහන කොල්ලකෑමේ සිද්ධියට ජවිපෙ මන්තී‍්‍ර ඇතුළු 3කට ඇප

රන්ජිත් පද්මසිරි

වාහන පැහැරගෙන යාමේ සිද්ධියකට රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි ජවිපෙ මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඇතුළු තිදෙනාට ඇප ලබා දීමෙන් පසු

ඡායාරූපය - රංජිත් ජයවීර

මන්තී‍්‍රවරු දෙදෙනකුට අයත් වාහන පාර්ලිමේන්තු රථගාලේ නවතා තිබියදී කොල්ලකෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටි ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත විජේසේකර මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් තිදෙනා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා විසින් ඊයේ (21) ඇප මත මුදාහරින ලදී.

එක් අයකුට රුපියල් 5000 බැගින් මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත් වරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට තර්ජනයක් කර සාමය කඩවීමක් වාර්තා වුවහොත් ඇප අවලංගුකර යළි සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන බවට අවවාද කළේය.

රිමාන්ඩ්භාරයේ සිටි කම්මලපිටිය රාජපක්ෂ ගෙදර සුසන්ත කරුණාරත්න හා හෙට්ටිආරච්චිලාගේ දයාවංශ චන්ද්‍රසිරි පෙරේරා හෙවත් පොඩිමල්ලි යන දෙවන හා තුන්වන සැකකරුවන් ඊයේ (21) හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරනු ලැබීය.

ජ.වි.පෙ සාමාජිකයන් රැසක් අධිකරණ භූමියේ සිටියදී අතිරේක මහේස්ත‍්‍රාත් කුමාරි අබේරත්න මහත්මිය හමුවේ පෙරට්ටුව පැවැත්විණි. පහරකෑමට ලක් වූ බව කියන සැරයන් කුලරත්න මහතා දෙවැනි සැකකරු පමණක් හඳුනා ගත්තේය. පෙරට්ටුවේදී ඔහු පළමු සැකකරු වෙනුවට වෙනත් පුද්ගලයකු පෙන්වා සිටි අතර හඳුනා ගත් දෙවැනි සැකකරු පාර්ලිමේන්තු රථගාලේ වාහනය ළඟ සිටි බව පමණක් කීය.

අනතුරුව පැමිණිල්ල අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඇප නියම කරන ලෙස ඉල්ලා සිටියහ. සිදුවී ඇත්තේ කුමක් දැයි අතිරේක මහේස්ත‍්‍රාත් වරයා විමසූවිට ඊට පැමිණිල්ල වෙනුවෙන් පිළිතුරුදුන් වැලිකඩ පොලිස් ස්ථානාධිපති නෙවිල් ද සිල්වා මහතා, සැකකරුවන් වාහන දෙකක් මංකොල්ල කා පොලිස් නිලධාරියකුට පහරදී ඔහුගේ රාජකාරියට බාධා කර ඇති බව කීය.

පළමු සැකකරු වෙනුවෙන් නීතිඥ සුමිත් සිල්වා මහතා සමඟ පෙනී සිටි නීතිඥ නෙවිල් අබේරත්න මහතා පොලිස් නිලධාරියකුට පහර දීමක් සිදුවී නැති බව කීය.

පක්ෂයේ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ආරවුලක් නිසා පක්ෂය සතු වාහන ආරක්ෂා කර ගැනීම සඳහා සැකකරුවන් කි‍්‍රයා කර ඇති බව කීය.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා

මෙම වාහන අයිති පක්ෂයට නොව පියසිරි විජේනායක හා අචල ජාගොඩ යන මන්තී‍්‍රවරුන්ටයි. ඔවුන් වාහන පාර්ලිමේන්තු රථ ගාලේ නවතා ඒ බව පොලිසියට දැනුම් දී වෙනත් වාහනයකින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සැරයන්වරයකු ආරක්ෂාව සඳහා යොදා තිබියදී සැකකරුවන් පැමිණ එම නිලධාරියාට පහරදී වාහන රැගෙන ගොස් තිබෙනවා.

නීතිඥ නෙවිල් අබේරත්න මහතා

මේ වාහන අයිති පක්ෂයටයි. පක්ෂය මුදල් යවා තිබෙනවා.

මහේස්ත‍්‍රාත්

පක්ෂයට අයිති යැයි කීවත් මේ විදියට රැගෙන යාමට හැකි ද ?

නීතිඥ අබේරත්න මහතා

වාහනවල ආරක්ෂාවට ඒවා රැගෙන ගියේ පක්ෂ මූලස්ථානයට. පැහැරගෙන යාමේ චේතනාවක් මොවුන්ට තිබුණේ නැහැ.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක

මේ වාහන තමන්ට අයිති බව මන්තී‍්‍රවරු දෙදෙනා ප‍්‍රකාශ කර තිබෙනවා.

නීතිඥ අබේරත්න මහතා

මේ සැකකරුවන් පොලිසියට බාර වූවා. අදාළ වාහනත් පොලිසියට බාර දුන්නා. මෙහි චේතනාවක් නැහැ. මේ වනවිට විමර්ශන කටයුතු අවසන් කර ඇති නිසා සැකරුවන්ට ඇප ලබා දෙන්න.

ප‍්‍රධාන පොලිස් පරීක්ෂක

විමර්ශන කටයුතු බොහෝ දුරට අවසන් වූවත් සැකකරුවන් වාහන පැහැර ගෙන යාම සඳහා යොදා ගත් යතුරු ව්‍යාජ ඒවාදැයි සොයා දැන ගත යුතුයි.

නීතිඥ අබේරත්න මහතා

මෙම වාහනවලට සමාගමෙන් යතුරු 3 ක් ලැබී ඇත.

එයින් දෙකක් භාවිතා කරන මන්තී‍්‍රවරයාටත් එකක් පක්ෂයටත් ලබා දී තිබෙනවා. මේවා පක්ෂයට අයත් වාහන මිලදී ගෙන ඇත්තේ පක්ෂයේ අරමුදල්වලින්. පහරකෑමටට ලක්වූවාය කියන නිලධාරියා රෝහලට ගොස් ඇත්තේ රාතී‍්‍ර 8.00ට පමණ.

දෙවන හා තුන්වන සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා සමඟ පෙනීසිටි නීතිඥ රන්ජිත් කල්දේරා මහතා පෙරට්ටුවේදී සාක්කිකරු හඳුනාගත්තේ එක්සැකකරුවකු පමණයි. ඔහු වාහනය ළඟ සිටි බව පමණක් ඔහු ප‍්‍රකාශ කළා. සියලු දෙනාට ඇප නියම කරන්න.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහේස්ත‍්‍රාත් අජිත් අනවරත්න මහතා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

ඇපකරුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉදිරිපත් වූ අතර සාමකාමීව හැසිරෙන ලෙසට අවවාද කෙරිණි.

පැමිණිල්ල ලබන මැයි මස 26 දින යළි කැඳවන ලෙස නියමකළ මහේස්ත‍්‍රාත් අනවරත්න මහතා එදිනට විමර්ශනයේ ප‍්‍රගතිය වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.

Monday, April 21, 2008

ජයලත් ජයවර්ධන - වයිකෝ ලන්ඩනයේ දී කොටි නායකයන් හමුවෙත

ජයලත් ජයවර්ධන - වයිකෝ ලන්ඩනයේ දී කොටි නායකයන් හමුවෙති

එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා සහ තමිල්නාඩුවේ එම්. ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වී. ගෝපාල්ස්වාමි හෙවත් වයිකෝ පසුගිය 15 දා ලන්ඩනයේදී කොටි නායකයන් හමු වී සාකච්ඡා පවත්වා ඇති බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට අරමුදල් එක්රැස් කිරීම ආදී කරුණු රැසක් සාකච්ඡාවට බදුන් වී ඇති බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මොවුන් දෙදෙනා ලන්ඩනයට පැමිණ ඇත්තේ නෝර්වේ හි දී එරික් සොල්හයිම් මහතා හමුවීමෙන් පසුව ය. නෝර්වේ සිට ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණි මොවුන් දෙදෙනා පිළිගැනීමට පැමිණ ඇත්තේ එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ලන්ඩන් ශාඛාවේ ත්‍යාගරාජා නමැත්තෙකි.

ත්‍යාගරාජා ලන්ඩනයේ එල්. ටී. ටී. ඊ. ශාඛාව හෙවත් බි‍්‍රටිෂ් ටැමිල් ෆෝරම් හි (බී. ටී. එෆ්.) හි ප‍්‍රබල සාමාජිකයෙක් වෙයි.

විදෙස් වාර්තා පවසන අන්දමට දොස්තර ජයලත් ජයවර්ධන ඇතුළු පිරිස ලන්ඩනය මූලික කරගෙන කි‍්‍රයාත්මක වන ජ්‍යෙෂ්ඨ එල්. ටී. ටී. ඊ. නායකයන් සමඟ සාකච්ඡා වට කීපයකට සහභාගී වී ඇත.

දොස්තර ජයලත් ජයවර්ධනගේ සහ වයිකෝ ගේ ලන්ඩනයේ සංචාරය සඳහා සියලු පහසුකම් සලසා ඇත්තේ ලන්ඩනයේ එල්. ටී. ටී. ඊ. කාර්යාලය විසිනි.

මෙම සංචාරයේ දී දොස්තර ජයලත් ජයවර්ධන ලන්ඩනයේ කිංග්ස්බරි හි පිහිටි බෞද්ධ විහාරයට ගොස් ඇති අතර ලන්ඩනයේ එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් හමුවක් මෙම විහාරයේ දී පවත්වා තිබේ.

ලන්ඩනයෙන් වාර්තා වන අන්දමට ලන්ඩනයේ එජාප කාර්යාලය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ශාඛාව වන බි‍්‍රටිෂ් ටැමිල් ෆෝරම් හා එක්ව සහයෝගයෙන් කටයුතු කරන ආයතනයකි.

මල්වතු මහ නාහිමියෝ විමල් වීරවංශට කියති



පක්‍ෂ අභ්‍යන්තරයේ පවතින ප‍්‍රශ්න සාකච්ඡා මගින් විසඳ්‍ර ගැනීමට නොහැකි වන්නේ නම් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා රජයට සම්බන්ධ වී කි‍්‍රයා කිරීම වරදක් නොමැති බව මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මාහිමියෝ ඊයේ (20) විමල් වීරවංශ මහතා ඇතුළු එම කණ්ඩායමේ මන්තී‍්‍රවරුන්ට පැවසූහ.

ත‍්‍රස්තවාදය සහමුලින් පරාජය කිරීම සඳහා ජනපතිතුමන්ගේ නායකත්වය යටතේ ති‍්‍රවිධ හමුදාව විශාල උනන්දුවකින් යුතුව කි‍්‍රයා කරන මේ මොහොතේ ඊට සහාය ලබාදීම අතිශය වැදගත් බවත්, ඒ වෙනුවෙන් අමාත්‍ය ධූර හෝ ලබාගැනීම වරදක් නොමැති බවත් උන්වහන්සේ කීහ.

ජ. වි. පෙ. හිටපු ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ පියසිරි විජේනායක, මොහොමඩ් මුසම්මිල්, දීපාල් ගුණසේකර, සමන්සිරි හේරත්, පි‍්‍රයංකර වීරකුමාර දිසානායක, රත්න උදය ශාන්ත, අචල ජාගොඩ, නිමල් පෙ‍්‍ර්මවංශ ජයසිංහ, ජයන්ත සමරවීර යන මහත්වරු ඊයේ (20) පෙරවරුවේ මල්වතු මහා විහාරයට ගොස් මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ එසේ කීහ.

වාමාංශික පක්‍ෂ මගින් මේ රටට එතරම් වැඩක් නොවුණු බවත්, පිලිප් ගුණවර්ධන, එන්. එම්. පෙරේරා වැනි නායකයින් ද ප‍්‍රධාන පක්‍ෂ සමඟ එකතු වී කි‍්‍රයා කළ බවත් පැවසූ නාහිමියෝ රටට වැඩක් කළ හැකි බව ප‍්‍රායෝගිකව ඔප්පු කළ මෙම පිරිස තමන්ගේ ශක්තිය රටේ අභිවෘද්ධිය උදෙසා යෙදවිය යුතු බව ද අවධාරණය කළහ.


මහානායක හිමියෝ මෙසේ ද කීහ.

”ති‍්‍රවිධ හමුදාව ධෛර්යමත් කිරීමට පසුගිය කාලයේ විමල් වීරවංශ මහතා සුවිශාල මෙහෙවරක් කළ බව අපි දන්නවා. එම සහාය ඉදිරියටත් ඒ ආකාරයෙන් ම ලබා දෙන්න. පවතින වාද භේද නැති කරගෙන හැමෝම එකතු වෙනවා නම් හොඳයි. එසේ කළ නොහැකි නම් රජයට සම්බන්ධ වෙන්න. එහි වරදක් නැහැ.

ඇමැතිකම් ලබාගන්න කියලා මම කියන්නේ නැහැ. අවස්ථාවේ හැටියට තීරණ ගන්න. පක්‍ෂ අභ්‍යන්තරයේ ප‍්‍රශ්න අපි හරියට දන්නේ නැහැ. නමුත් ඔබතුමා රටට විශාල සේවයක් කළ බව අපි දන්නවා.

අන්තවාදීව බලලා රටක ප‍්‍රශ්න විසඳන්න බැහැ. අද ජනතාවට ආර්ථික ප‍්‍රශ්න තදින් දැනෙනවා. මේවාට විසඳුම් දිය යුතුයි. ඔබතුමාලා දක්ෂයි. නියම පැත්තට ඇවිල්ලා රටට වැඩක් කරන්න. අද මේ ප‍්‍රදේශවල ට‍්‍රාන්ස්ෆෝමර විනාශ කරනවා.

ත‍්‍රස්තවාදීන්ට අවශ්‍ය රටේ වැදගත් පුද්ගලයින් මෙන් ම විශේෂ ස්ථානත් විනාශ කරන්නයි. මෙය තේරුම්ගෙන ප‍්‍රධාන සතුරා පරාජය කරන්න හැමෝම එකතු විය යුතුයි.

ේහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා - පක්‍ෂ අභ්‍යන්තරය තුළ රටට හිතකර තීන්දු තීරණ ගන්න අපි බරපතළ සටනක් කළා. එහි ප‍්‍රතිඵලයක් ලෙස තමයි මාව පක්‍ෂයෙන් ඉවත් කරන්න තීරණය කෙළේ. රට වෙනුවෙන් අවසානයේ අභියෝගාත්මක තීරණයක් ගත්තා.

පක්‍ෂය නිවැරදි මාවතට ගෙන ඒමට අපිට තවමත් හැකිවෙතැයි අපේක්‍ෂා කරනවා.

එසේ නොවුණහොත් රටට ගැළපෙන දේශපෙ‍්‍ර්මී ගමන් මාර්ගයක් අප නිර්මාණය කරනවා. ඒ සඳහා ශක්තිය, ධෛර්යය අප සතුයි. එය ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට ඔබවහන්සේලාගේ ආශිර්වාදය නිරතුරුව අප අපේක්‍ෂා කරනවා.

අපි තීරණ ගන්නේ රට ගැන හිතලයි. පක්‍ෂයේ වගකීම් දරපු අප තීරණ ගන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් නොවෙයි. එය එසේ වන බවට ඔබවහන්සේට සහතික වෙනවා. අද පක්‍ෂය තුළ අනෙක් පාර්ශ්වය හැසිරෙන්නේ ප‍්‍රශ්නය සාකච්ඡා මගින් විසඳ්‍ර ගැනීමට පවතින ඉඩකඩ ඇහිරෙන අන්දමටයි.

බෙදුම්වාදය පරාජය කිරීම උදෙසා පෙර පරිදිම වෙර වීරිය යොදවන බවටද ඔබවහන්සේට සහතික වෙනවා. කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නිරතුරුව අප කි‍්‍රයාත්මක වෙනවා.

රට බෙදීමට කුමන්ත‍්‍රණය කරන පිරිස්වලට පැවති ප‍්‍රධානතම අභියෝගය වුණේ් ජ. වි. පෙ. යි. ඔවුන්ගේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ජ. වි. පෙ. සාමාජිකයින් බිළිබා ගැනීමේ කුමන්ත‍්‍රණයක් දියත් කළා.

මේ පසුබිම තුළ අප කිසිදින අපේක්‍ෂා නොකළ දෙයක් සිදුවුණා. ජ. වි. පෙ. තුළ රට වෙනුවෙන් යමක් කරන්න නොහැකි නම් එම කාර්ය භාරය ඉන් පිටතට ගොස් හෝ අපි ඉටු කරනවා.

රජයට සම්බන්ධ වීමේ අදහසක් අප තුළ තවම නැහැ. ජාතික බලවේග ඒකරාශී කරගෙන නව ගමනක් යෑමට රට තුළ ඉඩක් පවතිනවා. බෙදුම්වාදය පරාජය කිරීමේ සටනට අපේ සහාය පෙර පරිදිම හිමිවෙනවා. පක්‍ෂය තුළ මතබේද ඇතිවීමට මුල් වූයේත් මෙම ප‍්‍රශ්නයයි.

විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස ශී‍්‍ර දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත් අතර අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශී‍්‍ර බුද්ධරක්ඛිත මහානාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.

ජෙයරාජ්ගේ ආරක්ෂකයන් ගැන සොයයි

ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට ලක් වූ දිනයේ ඔහුට ආරක්ෂාව සැපයූ කණ්ඩායම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය මගින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කැර තිබේ.

එදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය වලක්වා ගැනීමට ආරක්ෂකයින් අසමත්වීම හේතුවෙන්ඒ පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙම මණ්ඩලය පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පැවැසීය.

ඉකුත් 06 වැනිදා පෙරවරුවේ ගම්පහ වැලිවේරිය ප‍්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකදී ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඉලක්ක කැර එල්ලවූ මරාගෙන මැරෙන කොටි බෝම්බ ප‍්‍රහාරයකින් ඒ මහතා ජිවිතක්ෂයට පත්විය.

හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉලක්කකර මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ලකළ කොටි කත ද වැලිවේරිය ප‍්‍රදේශයේ නිවෙසක නවාතැන්ගෙන සිටි බව හෙළිවී තිබෙන අතර, ඇමැතිවරයා ඝාතනය කිරීමේ සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා මෙම ප‍්‍රදේශයේ සැඟවී සිටි යම් පුද්ගලයකු හෝ පිරිසක් ඝාතනයට උපකාර කෙළේද යන්න පිළිබඳ අනාවරණය කැරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

Sunday, April 20, 2008

භට පිරිස් මන්නාරම යුද පෙරමුණෙන් තවත් ඉදිරියට, ත්‍රස්තවාදීන් 13ක් මරුට

මන්නාරම යුද පෙරමුණේ ‍අලුත්ම තොරතුරු වලට අනුව ඊයේ (අප්‍රේල් 19) දිනය තුලදී ත්‍රස්තවාදීන් සහ භට පිරිස් අතර හටගත් ගැටුම්වලින් ත්‍රස්තවාදී 13 දෙනෙකු මියගොස් ඇතිබව ඵහි ක්‍රියාන්විත‍යේ නිරත භට පිරිස් ප්‍රකාශ කරයි. දවස මුල්‍රල්ලේම දහස් ගණන් පුද්ගල නාශක බෝමබ සහ මර උගුල් ඉවත් කර ඵල්.ටී.ටී.ඊ බංකර් විනාශ කරමින් යුද හමුදවේ පාබල සේනාංක ඵල්.ටී.ටී.ඊ වන්නි බලකොටු වෙත ලගාවෙමින් සිටී. මෙසේ ඉදරියට ඇදෙන භට පිරිස් වෙත යුද හමුදා පාබල සේනාංකයේ කාලතුවක්කු ප්‍රහාර මගින් ව්ශාල පිටුවහලක් ලැබේ.
ඊයේ සවස 4 ට පමණ භට පිරිස් පරප්පකදට්ටාන් ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉලක්ක කර සිදුකර රැකසිට පහරදීමකදී ත්‍රස්තවාදීන් 07 දෙනෙකු මිය‍ෙගාස් ඇත. භට පිරිස් හට කිසිදු හානියක සිදුවී නැත.
මීට අමතරව ඊයේ පස්වරු 4.30 ට පමණ යුද හමුදා පාබල සේනාංකය සහ යුද ටැංකි උපයෝගීකරගනිම්න් අඩමිපන් ප්‍රදේශයේදී ඵල්.ටී.ටී.ඊ යට අයත් බංකර් දෙකක් මුලුමනින්ම විනාශයට පත්කර ඇත. ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් 04 දෙනෙකු මියගිය බව භුමියේ භටපිරිස් සනාථ කරයි. මෙහිදී හමුදා සෙබලුන් හට කිසිදු හානියක් සිදුවී නොමැත. ඊයේ සවස අදම්පන් ප්‍රදේශයේදී යුද හමුදා ස්නයිපර් තුවක්කු කරුවන් විසින් ඵල්ල කර ස්නයිපර් ප්‍රහාරයකින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු මියගොස් ඇත.
ඊ‍යේ දවස තුලදී මන්නාරම යුද පෙරමුණේ හටගත් ගැටුමි වලින් හමුදා භටයන් දෙදෙනෙකුට අනතුරු සිදුවී ඇති බව වාර්ථා වේ, ඉන් ඵක් හමුදා සෙබලෙක් මන්නාරම අදමිපන් ප්‍රදේශයෙදී ඵල්.ටී.ටී.ඊ ඵල්ල කර මෝටාර් ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ඇති අතර තවත් හමුදා සෙබළෙක් අඩමිපන් ප්‍රදේශයේදීම ත්‍රස්තවාදීන් සහ භටපිරිස් අතර හටගත් ගැටුමකදී වෙඩි වැදීමෙන් තැවල ලබා ඇත.
පරප්පකන්දාල් සහ අදම්පන් අලුත්නි මුදාගත් ප්‍රදේශයන්හි භටපිරිස් විසින් සිදුකරනු ලැබු සෝදිසි මෙහෙයුම්වලදී පුද්ගල නාශක බෝම්බ 142, මර උගුල් 01 සහ අත් බෝම්බ 02 කක් සොයාගැනීමට හැකිවී තිබේ

වීරවංශ පිළෙන් නව පකෂයක්ජවිපෙ නිවැරදි මාවතට ගැනීමේ උත්සාහය අත්හරින්නේ නෑ

(ලංකා ඊ නිව්ස් 2008 අප්රේල් 19, ප.ව. 12.35) ජනතා විමුක්ති පෙරමුණ ජනතාවගෙන් වියෝ කිරීමේ කුමන්ත්රණකරුවන් තිදෙනා එළවා දමා පකෂය බහුජනතාවගේ පකෂයක් බවට පත් කිරීමේ නිවැරදි මාවතට ගැනීමේ උත්සාහය අත් නොහරින බවත් එසේ කළ නොහැකි වුවහොත් තම කණ්ඩායම ජවිපෙ දිගුවක් ලෙස නිවැරදි නව පකෂයක් දේශප්රේමී ජනතාවගේ අභිලාශයන් ඉටුකරමින් ජවිපෙ දිගුවක් ලෙස නිවැරදි නව පකෂයක් ගොඩ නගන බවත් ඊයේ (18) රාත්රී පෞද්ගලික රූපවාහිනි සේවයක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වූ විමල් වීරවංශ මහතා පැවැසීය.
තමා සමඟ සිටින කණ්ඩායම සහ තව තවත් තමන් සමඟ එක්වෙමින් සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් දිවිහිමියෙන් වැඩකරමින් ඉතිහාසය විසින් තමන් වෙත පැවරී ඇති කාර්යය ඉටු කරමින් ජනතාව ජයග්රහණය කර වියහැකි පකෂයක් ගොඩනගන බවත් එහිදී විමල් වීරවංශ මහතා කීය.
ජවිපෙ කේඩර සාමාජිකයින් ඉලක්ක කළාවීරවංශ මහතාට ජවිපෙ සෝමවංශ පිල විසින් zතානායම් බිල්Z වැනි පුද්ගලික චෝදනා එල්ල කරමින් සිටියද මෙම සාකච්ඡාවේදී වීරවංශ මහතා සෝමවංශ පිලේ පුද්ගලයින් වෙත පුද්ගලික චෝදනා එල්ල නොකිරීම විශේෂත්වයක් විය.
ජවිපෙ අභ්යන්තරයේ ඛෙදීම පිළිබඳව ඉතාමත් උපායශීලී ආකාරයෙන් කරුණු හෙළිකළ වීරවංශ මහතා පුද්ගලයින් හෙලිවන ආකාරයේ ප්රශ්ණ වලදී පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.
පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුවේදී විරවංශ මහතා කළ විශේෂ ප්රකාශය ජවිපෙ ඡන්ද දායකයින් ඉලක්ක කරමින් කළ එකක් බවත් ඊයේ (18) රාත්රියේ ඔහු කළ කථාව ජවිපෙ කේඩර සාමාජිකයින් ඉලක්ක කරමින් කළ කථාවක් බව බොහෝ විචාරකයින් පවසති.

ජවිපෙ පළාත් සභිකයෙකුගෙන් පක්‍ෂයට අනතුරු ඇඟවීමක්

ජනතා විමුක්ති පෙරමුණ තුළ හට ගෙන ඇති දේශපාලන අර්බුදයට, නායකත්වය පරිණතව සහ සංයමයකින් යුතුව මුහුණ නොදෙන්නේ නම් තමාටත් තමා වැනි තවත් බොහෝ දෙනෙකුටත් දේශපාලනික වශයෙන් වෙනස් තීරණ ගැනීමට සිදු වනු ඇතැයි එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී කණ්ඩායමේ නායක ප්‍රියන්ජිත් විතාරණ මහතා පවසයි

වැඩි මිලට වික්කොත් කඩ වැසුවොත් හාල් කඩ වටලනවා

රජය විසින් නියම කොට තිබෙන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් හා සහල් තොග රැස් කොට ගෙන ඒවා විකිණීම ප‍්‍රතික්ෂේප කරන වෙළෙඳුන්ට එරෙහිව හෙට සිට නීතිය අකුරට ම කි‍්‍රයාත්මක කොට

Saturday, April 19, 2008

සහල් සඟවා තැබූ වෙළෙඳුන් වැටලීම


සහල් සඟවා තැබූ වෙළෙඳුන් වැටලීම පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ ආරම්භ කරන ලදී. පිටකොටුව සහල් වෙළඳසලක සහල් තොග අත්අඩංගුවට ගත් අයුරු.

ඡායාරූපය - තුෂාර ප‍්‍රනාන

ළිපිටම නායකත්වයට එරෙහිවී


කොටි පොලිසියේ තිදෙනෙක් හමුදාවට බාර වෙති

ආරක්‍ෂක හමුදා ප‍්‍රහාර හමුවේ කොටි සංවිධානයේ පරිපාලන සහ අභ්‍යන්තර කටයුතු බොහෝ සේ අඩපන වී ඇති අතර කොටි සාමාජිකයන් ප‍්‍රසිද්ධියේ ම කොටි නායකත්වයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් උද්ගත වී ඇතැයි එම සංවිධානය අතහැර පලා ආ කොටි ‘පොලිස්’ සාමාජිකයෝ පවසති.

මීට දින කිහිපයකට ඉහත දී කොටි පොලිසියේ කටයුතු කරමින් සිට ඉන් පලා ඇවිත් ආරක්‍ෂක හමුදා වෙත බාර වූ ප‍්‍රබල කොටි සාමාජිකයන් තිදෙනකු ආරක්‍ෂක අංශ වෙත මෙම තොරතුරු හෙළිදරව් කර ඇත.

මන්නාරම ප‍්‍රදේශයේ දී කොටි පොලිස් නිල ඇඳුමෙන්ම අමිල සුමන්යන් (26), රත්න කුමාර් සදීෂ් (23) සහ සෙබස්තියන් පිල්ලේ අරුල් රාජ් යන කොටි සාමාජිකයෝ තිදෙනා බාර වූහ.

මොවුන් තිදෙනා ආරක්‍ෂක අංශවලට කර ඇති පාපොච්චාරණ වලින් තව දුරටත් පැහැදිලි වෙන්නේ මොවුන් කාලයක් තිස්සේ කොටි පොලිසියේ සේවය කරමින් සිටි බවයි.

පසුව කොටි සංවිධානයේ ඇතිවී ඇති අවුල් සහගත තත්ත්වය හමුවේ තව දුරටත් එහි සිටිය නොහැකි නිසා ඔවුන් ඉන් පලාගොස් ඇත. එසේ පළා ගිය අවස්ථා දෙකකදීම නැවතත් ඔවුන් අත්අඩංගුවට ගෙන කිලිනොච්චි ප‍්‍රදේශයේ කනහපුර කොටි සිර කඳවුරක සිර කැර තිබේ.

සිර කඳවුරුවල සිටි පිරිස් ද යුද්ධයට එකතු කරන නිසා යළි ඔවුන් සේවයට යොදවා තිබේ.

එවැනි අවස්ථාවක ඔවුන් යළි පලාගොස් ඇත. මෙසේ පැනගිය කොටි සාමාජිකයන් යෝධ වැවේ ආරක්‍ෂක බල ප‍්‍රදේශයේ දී ආරක්‍ෂක හමුදා වෙත බාර වී තිබේ.

එසේ බාරවීමට පෙර මොවුන් මන්නාරම උයිලන්කුලම උතුරු ප‍්‍රදේශයේ කොටි පොලිස් මුරපොළක සේවයේ යොදවා ඇත. එම ස්ථානයේ තවත් කොටි සාමාජිකයන් 15 දෙනකු සිටි බව පවසන මෙම කොටි සාමාජිකයෝ එම 15 දෙනා ද එම මුර පොළෙන් පළා ගිය බවත් පවසති.

කොටි සාමාජිකයන් ගේ මෙම පලා යාම හමුවේ කොටි නායකයන් වියරු වැටී සිටින බව ද මෙසේ බාර වූ කොටි සාමාජිකයෝ පවසති. බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවා ගෙන ඇති ;මම කොටි සාමාජිකයන්ට “ඉරණමඩු” ප‍්‍රදේශයේ දී කොටි පොලිස් පුහුණුව ලබා දී ඇත.

කෙසේ වුවද තව ටික කාලයක් ගත වන විට කොටි පොලිසියේ පොලිස්පති හා දේශපාලන අංශ නායකයා ලෙස කටයුතු කරන “නඩේසන්” පමණක් ඉතිරිවන තත්ත්වයක් ඇතිවිය හැකි බව මෙම කොටි සාමාජිකයෝ පවසති.

ආරක්‍ෂක හමුදා බාරයට පත්වූ මෙම කොටි සාමාජිකයෝ ආරක්‍ෂක හමුදා යටතේ පුනරුත්ථාපනයට යොදවා ඇතැයි ද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවසීය.

ලන්ඩනයේදී මංගල-මෛත්රී රහස් සාකච්ඡාවක්


ශ්රී ලංකා නිදහස් පකෂයේ ප්රධාන ලේකම් මෛත්රීපාල සිරිසේන හා ශ්රීලනිප මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහත්වරුන් අතර ලන්ඩනයේදී දෙපැයක පමණ දේශපාලන රහස් සාකච්ඡාවක් පැවැති බව අපේ ලන්ඩන් ආරංචි මාර්ග කියයි.


එම ආරංචි මාර්ගවලට අනුව මෙම සාකච්ඡාව පවත්වා තිඛෙන්නේ ලන්ඩනයේ ඊලිං ප්රදේශයේ පිහිටි ටිරාන් අලස් මහතාගේ ඥාතිවරයකුට අයත් නිවෙසකදීය.
ඩලස් අවුල් කරනවා
ජෙයරාජ් ප්රනාන්දුපුල්ලේ මහතාගේ අභාවයෙන් පසු ආණ්ඩුව තුළත් පකෂය තුළත් අවුල් සහගත තත්ත්වයක් මතුවෙමින් තිඛෙන බවත් විශේෂයෙන් පකෂ මූලස්ථානයේ කටයුතුවලට ඩලස් අලහප්පෙරුම මහතාගේ මැදිහත්වීම් හා ඇඟිලි ගැසීම් වැඩිවී තිඛෙන බවත් මේ හමුවේදී පවසා ඇති මෛත්රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ඇතැම් ප්රබලයින්ගේ ඕනෑකම් මත තමාගේ සහෝදරයින්ට ද අනවශ්ය ලෙස පහර එල්ල කරන බවත් දැඩි වේදනාවකින් පවසා ඇති බවද අපේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මංගල සමරවීර මහතාට යළි පකෂයට එකතුවන ලෙසට දැඩිලෙසම ඉල්ලීමක් කර ඇති ශ්රීලනිප මහ ලේකම්වරයා එයට අවශ්ය පරිසරය පකෂය තුළ සකස් කරන්නට තමාට හැකි බවත්, කියා තිබේ.
වෙලාවට මං එනවා
සමරවීර මහතා පිළිතුරු වශයෙන් කියා තිඛෙන්නේ zමම තවමත් ශ්රී ලංකා නිදහස් පාකෂිකයෙක්, මම මගේ වෙලාවට පකෂයට එනවාZ කියායි.

පකෂය ඉදිරියට ගෙනයාම සඳහා වන යෝජනා 10 ක් තමා ඉදිරිපත් කර තිඛෙන බැවින්, එම යෝජනාවලට අයත් කරුණු ඉටුවන්නේ නම් තමා පකෂය සමඟ වැඩ කිරීමට සූදානම් බවත්, ඒ සඳහා තමාට පකෂයේ හෝ ආණ්ඩුවේ හෝ කිසිම තනතුරක් අවශ්ය නැති බවත් සිරිසේන මහතාට දැනුම් දී ඇති, සමරවීර මහතා තමා මීට පසු වැඩ කරන්නේ ප්රතිපත්තිවලට අනුව බවත් කියා ඇත.

දෙපැයක පමණ කාලයක් පැවැති මෙම සාකච්ඡාවට ශ්රීලනිප මහජන පාර්ශවයේ ජාතික සංවිධායක ටිරාන් අලස් මහතා ද සහභාගී වී තිබේ.

තීරණයකින් හෝ එකඟතාවකින් හෝ තොරව සාකච්ඡාව නතරවී තිඛෙන්නේ මෛත්රීපාල සිරිසේන මහතා ලන්ඩනයේ සිට ඊයේ රාත්රියේම පැරිසිය බලා යාමට සූදානමින් සිටි බැවිනි. සිරිසේන මහතා පැරිසියට යාම ගැන මංගල සමරවීර මහතාට දැනුම්දුන් විට සමරවීර මහතා පවසා තිඛෙන්නේ ඔහු අද (18) ප්රංශය බලා පිටත්ව යන බවයි. ඒ අනුව මංගල - මෛත්රී පැරිසියේදී හමුවී වැඩිදුර සාකච්ඡා කිරීමට කැමැත්ත පළ කොට තිබේ.

ජානිට වසර දෙකක තහනමක්


පදක්කම් සියල්ල අහෝසියි. ලක්‍ෂ 5ක් ගෙවීමට නියෝග

මලල කී‍්‍රඩිකා ජානි චතුරංගනී ද සිල්වා තහනම් ශරීර උත්තේජක ලබාගැනීමේ චෝදනාවට වැරදිකාරිය කරමින් ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය වසර දෙකක දෙස් විදෙස් තරග තහනමක් පැනවිය.

ඒ අනුව 2006 වසරේ කොළඹ දී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා තරගාවලියේ දී ඇය දිනාගත් රන් හා රිදී පදක්කම් දෙකත්, මේ වසරේ කෝචිහි පැවැති දකුණු ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේ දී දිනාගත් රන් හා රිදී පදක්කම් දෙකත් සියලු මුදල් තෑගි ද, දේශීය තරගවලදී දිනාගත් සියලු පදක්කම් හා මුදල් තෑගි ද වහාම අදාල තරග සංවිධායකයන්ට භාර දෙන ලෙස ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය නියෝග කොට ඇත.

මෙයට අමතරව ජානි චතුරංගනී වැරදිකාරිය බවට ඔප්පු වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය විසින් රුපියල් ලක්‍ෂ 5ක මුදලක් (ස්විස් ෆ‍්‍රෑන්ක් 5000ක්) ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සංගමය ට ගෙවන ලෙසට ද නියෝග කොට ඇත.

ජානි චතුරංගනී ද සිල්වාට පැනවූ දෙස් - විදෙස් තරග තහනම මෙම අපෙ‍්‍ර්ල් 14 වැනිදා සිට ඉදිරි වසර දෙකක කාලයකට බල පැවැත්වේ.

2010 වසරේ සිට නැවැත මලල කී‍්‍රඩාවට අවතීර්ණ වන්නේ නම් තහනම් කාලය තුළදී ඇය විසින් සපුරා යුතු අවම අවශ්‍යතා පිළිබඳව ද ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය දන්වා ඇත. නියෝග කල පරිදි පදක්කම් හා මුදල් තෑගි භාරදී තිබීම, තහනම ඉවත් වීමට ආසන්න කාලයේ දී අන්තර් ජාතික මත්ද්‍රව්‍ය විරෝධී ඒජන්සිය [WADA] මගින් නැවැත තහනම් උත්තේජක පරීක්‍ෂාවට ලක්කිරීම වැනි කොන්දේසි අනිවාර්ය කිරීම එම සපුරාගත යුතු අවම අවශ්‍යතා වේ.

2006 වසරේ කොළඹ දී පැවැති දහ වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ජානි චතුරංගනී ද සිල්වා තහනම් ශරීර උත්තේජක ලබාගත්තේ යැයි චෝදනා ලැබුවාය.

එම තරගාවලියේදී ලබාගත් ඇයගේ මුත‍්‍රා සාම්පලයක ‘නැන්ඩ‍්‍රලොන්’ නැමැති තහනම් ඖෂධයට අයත් සංඝටක තිබුණේ යැයි සැකයකින් තොරව තීරණය කරන බවට දකුණු ආසියානු කී‍්‍රඩා තහනම් ශරීර උත්තේජක කමිටුව තීරණය කළේය.

එහි තීරණය දකුණු ආසියානු විනය කමිටුවට ඉදිරිපත් කෙරෙනු අතර ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ එම විනය කමිටුව ජානි චතුරංගනීව සියලු චෝදනා වලින් නිදහස් කළේය.

අනතුරුව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සම්මේලනය මගින් සුනිල් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත්කොට විශේෂ පරීක්ෂණයක් ද පැවැත්විය. එයින් ද ජානි චතුරංගනී නිදහස ලැබුවාය.

මේ අතර දකුණු ආසියානු මලල කී‍්‍රඩා තහනම් උත්තේජක කමිටුවේ සභාපති ගීතාංජන මෙන්ඩිස් මහතාගෙන් ජානි චතුරංගනී නිදහස් වීම පිළිබඳ විශේෂ වාර්තාවක් ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සම්මේලනය ඉල්ලා සිටි අතර ඔහු යැවූ වාර්තාව අනුව ජාත්‍යන්තර කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය පරීක්ෂණයක් පවත්වා වසර දෙකක තහනම් නියෝගය නිකුත් කළේය.

මේ පිළිබඳ මලල කී‍්‍රඩිකා ජානි චතුරංගනී පැවැසුවේ ජාත්‍යන්තර මලල කී‍්‍රඩා සංගමයේ මෙම තීරණයට එරෙහිව අභියාචනයක් නිකුත් කරන බව

සහල් සඟවන්නන්ට එරෙහිව හදිසි නීතිය යටතේ දඬුවම්?


රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන හා සහල් සඟවන වෙළෙඳුන්ට එරෙහිව හදිසි නීතිය යටතේ කි‍්‍රයා කිරීමේ හැකියාව සම්බන්ධයෙන් රජය සලකා බලන බව වාර්තාවේ. සාමාන්‍ය නීතිය යටතේ දියත් කර ඇති වැඩ පිළිවෙළට අමතරව මෙම කි‍්‍රයා මාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බවද ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Friday, April 18, 2008

කාටවත් බය නැති එස්.ටී.එෆ්


කාටවත් බය නැති එස්.ටී.එෆ්
පොලිස් විශේෂ කාර්ය බළකායේ 25 වැනි රජත ජයන්තිය අදට (18) යෙදී ඇත. ඒ නිමිත්තෙන් පළවෙන විශේෂ ලිපියකි
විශේෂ කාර්ය බළකාය යනු ශී‍්‍ර ලංකා පොලිසියේම අංශයකි. ශී‍්‍ර ලංකා පොලිසිය යටතේ කි‍්‍රයාත්මක වන යුද හමුදා බල ඇණිවලට සමාන බළකායක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එහිදී මූලික වශයෙන් ම ත‍්‍රස්තවාදය මෙන් ම කැරලිකාරී යුදමය තත්ත්වයන් මැඬපැවැත්වීම සඳහා විශේෂ කාර්යය බළකාය සිය මෙහෙයුම් දියත් කරයි.
එමෙන්ම විශේෂ ආරක්‍ෂක ක‍්‍රමවේදයන් අනුගමනය කරන මොවුන් ප‍්‍රභූ ආරක්‍ෂාව, සංවේදී ඉලක්ක සහ ශී‍්‍ර ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන සියලුම ආකාරයේ කි‍්‍රයා මැඬපැවැත්වීම වෙනුවෙන් කටයුතු කරයි

පොට්ට නවුෆර්ට පිහි ඇනුම්

විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මොහොමඩ් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් බන්ධනාගාරය තුළදී පිහි ඇනුමකට ලක්ව තිබේ.

ජවිපෙ සෝමවංශ පිලෙන් දේශහිතෛෂීන්ට මැර ප්‍රහාර

ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර මතවාදයක් නිසා පක‍ෂයෙන් කැඩී ගිය විමල් වීරවංශ කණ්ඩායමට සෝමවංශ කණ්ඩායම තුළින් කෙරෙන හිරිහැර, පැහැරගෙන යෑම් හා පහරදීම් වීරවංශ මහතා ලේකම්ධූරය දරණ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය තුළටත් පැතිර ගොස් තිබේ. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක හේමන් පෙරේරා මහතාට ඊයේ (17) බණ්ඩාරගම නගරයේදී සෝමවංශ කණ්ඩායමේ පිරිසක් විසින් කරන ලද පහරදීමකින් වීරවංශ මහතාට එරෙහිව දෙවන සටන ආරම්භ කොට ඇත.
පහර කෑමට ලක්වූ හේමන්ත පෙරේරා මහතා බණ්ඩාරගම පොලීසියට පැමිණිල්ලක් කොට ඇති අතර, පහර කෑමෙන් ලද තුවාලවලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බණ්ඩාරගම රෝහලට ඇතුලත්ව පසුව බාහිර වෛද්‍යවරයකුගෙන් දැන් ප්‍රතිකාර ලබාගනිමින් සිටී.
සිද්ධිය ගැන හේමන්ත පෙරේරා මහතාගෙන් zලංකා ඊ නිව්ස්Z විමසූ විට කීවේ බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රී අජිත් අනුර මහතා සමඟ විමල් වීරවංශ මහතාගේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් ලැබීමෙන් පසුව විනාඩි 15 ක් තරම් සුළු වේලාවකදී යතුරුපැදි කීපයකින් 8 දෙනෙකු පමණ තමා සිටි ස්ථානයට පැමිණි බවත්, එහිදී ඔවුන්ද තමා සමඟ තරමක උණුසුම් වචන කීපයක් ජවිපෙ අර්බුදය ගැන හුවමාරු වෙද්දී එම පිරිස අතර සිටි අයකු ඔහු අතවූ හෙල්මටයෙන් තම හිසට පහරදුන් බවත්, පසුව ඔවුන් පොල්ලකින් හා අතින් පයින් පහර දුන් බවත්ය.
1986 සිට තමා ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යාපාරික ආධාරකරුවකු ලෙස සිටි අතර, 1989 දී ජීවිතාරක‍ෂාව පතා ප්‍රංශයට ගිය බවත්, එහිදී ද ජවිපෙ දේශපාලනය කරමින් පක‍ෂයට උදව් කළ බවත්, එහෙත් තමා තවමත් ජවිපෙ සාමාජිකයකු නොවන බවත් හේමන්ත පෙරේරා මහතා කීවේය.
විමල් වීරවංශ මහතාට පක‍ෂයෙන් සිදුකර ඇත්තේ අසාධාරණයක් මෙන්ම වරදක්ය යන මතයේ තමා සිටින බවත්, තමාට මේ ප්‍රහාරය එල්ල කළේ කිසියම් ආකාරයක හදිසි සැලසුමකින් බවත්, තමාට ප්‍රහාරය එල්ල කළ පිරිසට ජවිපෙ කලාප සංවිධායක සමඟ ජවිපෙ බණ්ඩාරගම ශාඛාවේ සාමාජික පිරිසක් ද සිටි බවත් පැවැසූ පෙරේරා මහතා තමාට කළ පහරදීම කළුතර දිස්ත්‍රික් ආරක‍ෂක කමිටුවේ සංවිධායක වීරවංශ නමැත්තාගේ නියමයකින් තොරව සිදු නොවන බවද කීය.
මෙම ප්‍රහාරය හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා, ජවිපෙ සාමාජිකයින්ගේ මෙවැනි හැසිරීම් වලක්වා සිටීම බුද්ධිමත් නායකත්වයක වගකීම බවත්, ශිෂ්ඨ සමාජය විසින් හෙළා දකින එවැනි කි්‍රයාවලින් වැලකී සිටිනු ලෙස ජවිපෙ සාමාජිකයින්ගෙන් කරුණා පෙරදැරිව ඉල්ලා සිටින බව ප්‍රකාශ කරයි.
පක‍ෂය තුළ ඇති අර්බුදය ඒ පක‍ෂය තුළම විසඳාගත යුතු අතර, ඒ සඳහා මෙවැනි මඟක් නොව බුද්ධිමත් ප්‍රඥා සම්පන්න මඟක් ගතයුතු බවත් එවැනි කි්‍රයාමාර්ගයක් අනුමත කරන ප්‍රඥා සම්පන්න ශිෂ්ඨ පිරිසක් ජවිපෙ තුළ ඇති බව විශ්වාස කරන බවත්, මෙවැනි අමනෝඥ කි්‍රයාමාර්ග ගැන සතුටට පත්වනු ඇත්තේ ජවිපෙ හෝ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ හෝ අභිවෘද්ධිය පතන පිරිස් නොව, රට තුළ ඉන්න අධිරාජ්‍යවාදී විජාතික බලවේග බව වටහා ගත යුතු බවත් එම නිවේදනයේ දැක්වේ.

විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් පිපිරවීමේ තැත වරදී

පන්විල කැලෑබොක්ක ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල අටවා තිබු කාලබෝම්බයක් ඊයේ පස්වරුවේ සොයා ගැනිණි

හදිසි අනතුරු ප්‍රතිකාර වියදම දැරීමට අසීරුයි - සෞඛ්‍ය ඇමති

අප්‍රේල් 18 - හදිසි අනතුරු හේතුවෙන් රෝහල් ගත කෙරෙන පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීමේ වියදම දරා ගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි

ව්‍යාජ සංගම්වලට ඇමැතිගෙන් රතු එළියක්


නිලධාරීන්ගේ රට සවාරිවලටත් වැට තහනම් කළ කී‍්‍රඩා සම්මේලන ගැන සොයන්න තවත් කමිටුවක්

ප‍්‍රින්ස් ගුණසේකර

කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ
කී‍්‍රඩා සංගමයක් අටවා ගන්නා ඇතැම් අය ව්‍යාජ ලෙස ජාතික මට්ටමට, ඔලිම්පික් මට්ටමට හා ජාත්‍යන්තර මට්ටමට යෑම වලක්වාලීමට අවශ්‍ය දැඩි ප‍්‍රතිපත්තිමය තීන්දු ගෙන ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
“පසුගිය කාලයේ ක‍්‍රීඩකයන්ට වඩා නිලධාරීන් රට සවාරිවලට එක්ව තිබෙනවා.
මින් මතු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පුමුඛතාව ලැබෙන පරිදි කී‍්‍රඩා සංගම්වල පරිපාලන කටයුතු විනිවිද භාවයෙන් පවත්වා ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක් යැයි කී‍්‍රඩා අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ නිලවරණ පැවැත්වීම තහනම්කළ ජාතික කී‍්‍රඩා සංගම් 13 ක අනුබද්ධිත කී‍්‍රඩා සංගම්වල සාමාජිකත්වය, කි‍්‍රයාකාරිත්වය හා මෙතෙක් සිදුවූ මූල්‍ය ගණුදෙනු පිළිබඳ තොරතුරු සොයා බැලීමට පත්කළ කී‍්‍රඩා නිලධාරීන්ගේ කමිටුව ගැන අප කල විමසුමකදීය.
කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් පත්කර ඇති මෙම විශේෂ කමිටුව ලබාදෙන නිර්දේශ අනුව අකී‍්‍රය කී‍්‍රඩා සංගම් ඉවත් කර පිරිසිදු නිලවරණයක් පැවැත්වීමට අදාල ජාතික කී‍්‍රඩා සංගම්වලට නියෝග නිකුත් කෙරේ.
විධිමත් මූල්‍ය පාලනය හා සාමාජික සංගම් නීත්‍යානුකූල තත්ත්වයෙන් තොරවීමේ චෝදනා මත නිලවරණ තහනම්කළ ජාතික කී‍්‍රඩා සංගම් සියල්ලට කී‍්‍රඩා අමාත්‍යංශය මගින් සාමාජික විස්තර, මුදල් ගනුදෙණු හා තරග සහභාගිත්වය පිළිබඳ ගත වූ වසර පහක විස්තර ඉල්ලා ලිපි යවා ඇත.
එම තොරතුරුවල සත්‍යතාව කී‍්‍රඩා නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුව සොයා බැලීමට ද බලාපොරොත්තු වෙයි.
කී‍්‍රඩා සංගම් ලබා දෙන තොරතුරුවලට අමතරව සාමාජිකත්වය ලබා දිය යුතුයැයි කී‍්‍රඩා අමාත්‍යංශය තීරණය කරන කී‍්‍රඩා සමාජවලට නව සාමාජිකත්වය පිරිනැමීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
දින 14 ක් තුල අකී‍්‍රය සංගම් ඉවත් කිරීමේ ලිපිය නිකුත් කරමින් ඒ පිළිබඳ ප‍්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් පලකරන බවද කී‍්‍රඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.
ඒ සඳහා අභියාචනා ඇතොත් ඒවා අභියාචන මණ්ඩලයක් මගින් පරීක්ෂා කිරීමට ද සූදානම් බව ඒ මහතා පැවැසීය.
නිලවරණ තහනම් කළ කී‍්‍රඩා සංගම් අතුරින් විශාල වශයෙන් චෝදනා ඇති පාපැදි, නෙට්බෝල්, එල්ලේ හා වායු රයිපල් කී‍්‍රඩා සංගම්වල මූල්‍ය කටයුතු සොයා බැලීමට විශ‍්‍රාමික ගණකාධිකාරවරයෙකුගේ සේවය ලබාගන්නා බවද කී‍්‍රඩා අමාත්‍යවරයා සඳහන් කළේය.
“කී‍්‍රඩා සංගම්වල බොහෝ කාලයක් සිටි නිලධාරීන් හිතුවක්කාර ලෙස කි‍්‍රයා කිරීම නැවැත්වීමට කාලය ඇවිදින්. සමහර කොම්පැනි කාරයෝ කී‍්‍රඩා සංගම් මුදල් බලයට යට කරගෙන.
කවුරු අමනාප වුවත් එයට එරෙහිව කටයුතු කරනවා” යැයි කී‍්‍රඩා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
නිලවරණ අත්හිටවු කී‍්‍රඩා සංගම්වලට කරාටේ, ත්‍රෝබෝල්, ටෙනිස්, ජූඩෝ, බිලියඩ්, බේස්බෝල්, චෙස්, ජීවිතාරක්ෂක හා ඔරු පැදීම යන කී‍්‍රඩා සංගම්ද ඇතුලත් විය.

ත‍්‍රස්ත විරෝධී නීති උල්ලංඝනය කරන අවස්ථාවලදී එල්ටීටීඊයට එරෙහි පියවර ගැනීමට බි‍්‍රතාන්‍ය රජය කැප වී සිටිනවා

ත‍්‍රස්තවාදයට එරෙහිව පවතින නීති එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උල්ලංඝණය කරන සෑම අවස්ථාවකදීම ඊට විරුද්ධව පියවර ගැනීමට එක්සත් රාජධානි රජය කැපවී සිටින බව එක්සත් රාජධානියේ ස්වදේශ කාර්යාලය සඳහා වන රාජ්‍ය අමාත්‍ය ටෝනි මැක්නුල්ට් මහතා ප‍්‍රකාශ කළේය.
ටෝනි මැක්නුල්ට් මහතා ඒ බව දැනුම් දුන්නේ විදේශ කටයුතු පිළිබඳ ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා හමුවී පැවති සාකච්ඡාවකදීය.
මෙම හමුවේදී විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ත‍්‍රස්තවාදයේ නියැලී සිටින එල්.ටී.ටී.ඊ. ය ශ‍්‍රී ලංකාවේ සාරධර්ම කෙරෙහි අභියෝග එල්ල කරමින් සිටින බව පැවසීය.
එක්සත් රාජධානිය වැනි රටවල් වලදී අඛණ්ඩව සිදුවන එල්.ටී.ටී.ඊ. යේ අරමුදල් රැස් කිරීම හා ප‍්‍රචාරාත්මක කි‍්‍රයාකාරකම් මේ සඳහා ප‍්‍රධාන දායකත්වයක් ලබා දෙන සාධක බව අමාත්‍ය වරයා අවධාරණය කළේය.
එමෙන්ම එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය සහ එහි නියෝජිතයන් විසින් ත‍්‍රස්තවාදීන්ට අරමුදල් ගලා ඒම වැළැක්වීමට ගත් පියවර අගය කළ රෝහිග බෝගොල්ලාගම මහතා ඉදිරියේදී අඛණ්ඩව එම සහාය නොකඩවා ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී එක්සත් රාජධානියේ ස්වදේශ කාර්යාලයේ සඳහා වන රාජ්‍ය අමාත්‍ය ටෝනි මැක්නුල්ට් මහතා අවධාරණය කළේ ත‍්‍රස්තවාදී කණ්ඩායම් වල හා එහි පෙරමුණු සංවිධානවල කි‍්‍රයාකාරකම් නිසා තම රට තුළ එල්ල වී ඇති අභියෝගයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය උපක‍්‍රම ප‍්‍රමාණවත් තරම් වැඩි දියුණු කර ඇති බවයි.
එක්සත් රාජධානියේ එල්.ටී.ටී.ඊ. පෙරමුණ සංවිධානවල කි‍්‍රයාකාරීන් සංවිධානය කරන කටයුතු හා ඒවාට සහභාගි වන අය සම්බන්ධයෙන් විමසිලිමත්වීම සඳහා බි‍්‍රතාන්‍ය පොලීසිය ගෙන තිබෙන කි‍්‍රයා මාර්ග රෝහිත බෝගොල්ලාගම මහතාගේ පැසසුමට ලක් විය.
එක්සත් රාජධානිය හා සම්බන්ධව ආගමන ගැටලු දෙරටේ ද්විපාර්ශවීය ප‍්‍රතිලාභ එකඟතා අනුව ශ‍්‍රී ලංකා රජය සමග පූර්ණ සහයෝගිතාවයෙන් කටයුතු කරන බවද ඇමැතිවරයා පැවසීය.
අධිකරණ වෛද්‍ය විමර්ශන කටයුතු කෙරෙහි ශ‍්‍රී ලංකා පොලිස් සේවයේ විශේෂඥ භාවය වැඩිදියුණු කිරීම සඳහා එක්සත් රාජධානියේ සහය ඉල්ලා සිටි අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ප‍්‍රසිද්ධ ඝාතන කිහිපයක් විමර්ශනය කිරීමේදී එක්සත් රාජධානියේ මෙට්ටෙ‍්රී පොලිටන් පොලීසිය මගින් ලබා දුන් සහය වෙනුවෙන් ස්තූතිය පුද කළේය. එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය සහ ශ‍්‍රී ලාංකික බලධාරීන් අතර සමීප සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අමාත්‍යවරුන් දෙපළ එකඟත්වය ප‍්‍රකාශ කළහ

ආණ්ඩුවේ මිල පාලනයෙන් පසු සහල් කඩ වසා දමයි

ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා රජය පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සහල් තොග වෙළෙඳුන් මෙන්ම සිල්ලර වෙළෙදුන් ද හාල් විකිණීම නතර කොට තිබේ. ඇතැම් වෙළෙඳුන් සිය ව්‍යාපාරික ස්ථාන අද (17) දහවල් සිට වසා දමා ඇත. පාරිභෝගිකයිනට හාල් විකිණීම වෙළෙදුන් ප්‍රතික්ෂේප කරලාහාල් කිලෝවක් රුපියල් 100 ඉක්මවූ මිලකට ඉහළ යාම නිසා, රජය එහි උපරිම මිල රුපියල් 70 ක් ලෙස නියම කළේය. රජයේ පාලන මිලට අනුව සම්බා කිලෝවක් විකිණිය හැකි උපරිම මිල රුපියල් 70 කි. උපරිම තොග මිල රුපියල් 63 කි. නාඩු කිලෝව උපරිම මිල රුපියල් 65 ක් වන අතර, තොග මිල රුපියල් 53 කි. රතු කැකුළු කිලෝව උපරිම මිල රුපියල් 65 කි. තොග මිල රුපියල් 58 කි.
රජයේ මිල පාලනය ප්‍රකාශයට පත්වීමන් පසු හාල් කිලෝව දෙක සිල්ලරට මිලදී ගැනීමට ගිය පාරිභෝගිකයිනට හාල් විකිණීම වෙළෙදුන් ප්‍රතික්ෂේප කර ඇත. මේ තත්ත්වය හමුවේ එදිනෙදා කීයක් හෝ උපයා ගෙන ජීවත්වන පවුල්වලට බත් වේලක් කෑම මේ වන විට ප්‍රශ්නයක් වී තිබේ.
මිනිස්සුනට බත් කන්න බැරි තරමට හාල් මිල ඉහළ ගියාහාල් මිල පාලනය ගැන පරණ යොන් වීදියේ හාල් වෙළෙඳුන්ගෙන් සංගමයේ සභාපති කේ. පලනියන්ඩි මහතා පවසන්නේ මිල පාලනය කිරීමට පෙර රජය හාල් වෙළෙඳ සංගම් නියෝජිතයින් සමග සාකච්ඡා කොට තීරණයක් ගත යුතුව තිබූ බවයි. තොග වෙළෙඳුන් හාල් කිලෝව මිලදී ගෙන තිඛෙන්නේ රුපියල් 80-85 ත් අතර මිලකට නිසා, ඔවුන් පාඩු විඳගෙන රුපියල් 70 කට හාල් කිලෝවක් විකිණීමට කැමැති නැති බවයි. එසේම සිල්ලර වෙළෙඳාමේ යෙදෙන අය හාල් මිටි 4-5 ක් තරම් එකවර මිලදී ගන්නා නිසා, ඔවුන්ටද පාඩුවට වෙළෙඳාම කළ නොහැකි බවයි.
මේ තත්ත්වය ගැන යම් විසඳුමක් ලබාගැනීම සඳහා තමා වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව පලනියන්ඩි මහතා පැවසීය.
රජයේ මිල පාලන නිලධාරීන් අද පෙරවරුවේ පරණ යෝන් වීදියේ හාල් කඩවලට පැමිණ එහි ඇති තොග ගැනත් විකුණන මිල ගණන් ගැනත් විමසීමෙන් පසු හාල් වෙළෙඳ සල් සියල්ල අද දහවල් වසා දැමූ බවත්, හාල් තොග තබා ගෙන අලෙවි නොකිරීමත්, පාලන මිලට වඩා වැඩි මිලකට විකිණීමත්, මිල පාලන නීතිය යටතේ බරපතල වරදක් මෙන්ම දඩුවම් ද ලැබීමට සිදුවන නිසා වෙළෙඳුන් බියට පත්ව මෙසේ සිය කඩ වසා දමා ගිය බවත් පලනියන්ඩි මහතා සඳහන් කළේය. ඔහු පවසන්නේ මෙසේ කඩ වසා දැමිමේ තත්ත්වය ලබන සඳුදා (21) දක්වා පැවැතිය හැකි බවයි.
එදිනෙදා කුලියක් කර කීයක් හෝ හම්බ කරන අය දිනපතා හාල් කිලෝව දෙක මිලදී ගන්නා බැවින් අද පෙරවරුවේ එවැනි පුද්ගලයකු හාල් කිලෝවක් මිලදී ගන්නට පරණ යෝන් වීදියේ කඩයකට පැමිණි අවස්ථාවේ ඔහුට හාල් නොදුන් බවත්, එසේ නොදුන්නේ පාලන මිලට හාල් අලෙවි කිරීම පාඩු නිසා බවත් ඔහු සඳහන් කළේය.
සමස්ත ලංකා හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති පී.පී. ඩබ්ලිව්. සිරිසේන මහතා zලංකා ඊ නිව්ස්Z වෙත පැවසුවේ දේශගුණික තත්ත්වයත් වී මෝල් අප්‍රේල් මාසයේ වැඩ කරන්නේ මුල් දින 10 පමණක් නිසාත්, මාර්තු 20 වන විට බොහෝ හාල් වෙළෙඳුන් හාල් තොග මිලදී ගෙන ගබඩා කර ගන්නා නිසාත් හාල් මිල ඉහළ ගිය බවයි. අවුරුද්දෙන් පසු මිල පහත වැටෙන නමුත් මේ වසරේ එය සිදුව නැත්තේ, පිටි මිල ඉහළ යාම නිසා හාල් පාරිභෝජනය වැඩිවීමෙන් වැඩිවූ හාල් මිල අඩුවී නැති බවයි.
මරදගහමුල හාල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියන්නේ මිනිස්සුනට බත් කන්න බැරි තරමට හාල් මිල ඉහළ ගිය අතර, එය කෘති්‍රම මිල ඉහළ යාමක් බවයි. වී කිලෝව රුපියල් 42 කට ගියත් හාල් කිලෝවක් රුපියල් 70 කට දිය හැකි බව ඔහු කියයි. ගොවියන්, හාල් නිෂ්පාදකයින් සමස්ථයක් ලෙස ගත්තත් රටේ ජනතාවගෙන් 75% ක් පාරිභෝගිකයින් නිසා ඔවුන් ගැන විශේෂයෙන් සිතිය යුතු බැවින් රජයට හාල් මිල පාලනයක් කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ඔහු කියයි.
රංජිත් මහතා සඳහන් කරන්නේ වී මිලදී ගැනීමේ ව්‍යාපාරයෙන් අසීමිත ලෙස ආදායම් උපයාගත් සීමිත පිරිසක්, ඒකාධිකාරියක් ඇතිකර හාල් වෙළෙඳ පොල පාලනය කිරීමේ වැඩ පිලිවෙලක් තිඛෙන බවයි. රජයට මෙවර වී ඇටයක්වත් මිලදී ගන්නට නොහැකිවී තිඛෙන නිසා මේ තත්ත්වය ඉදිරියේදී වඩාත් දරුණු විය හැකි බැවින් තමා ද ව්‍යාපාරිකයකු වුවත් මිල පාලනයක් කි්‍රයාවට නැංවීම පාරිභෝගිකයාගේ පැත්තෙන් ගත් හොඳ පියවරක් බව කීය.
ආර්ථීක විශේෂඥයකු වන ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා zලංකා ඊ නිව්ස් වෙත අදහස් දක්වමින් කීවේ මෙවැනි මිල පාලනයක් කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම වෙළෙඳපොල කි්‍රයාකාරීත්වය තුළ සාර්ථක කර ගැනීමට ද නොහැකි බවයි. එසේම මෙය සහල් හිඟ වීමටත් පෝලිම් ක්‍රමය යළි ඇතිවීමටත් පමණක් නොව ඇතෑම් විට ආහාර කැරලි පවා ඇතිවීමට හේතුවිය හැකි බවයි

සහල්වලට පැනවූ මිල



පිටකොටුවේ තොග වෙළෙඳසල් බොහොමයක් ඊයේත් වසා තිබුණි. විවෘත කර තිබූ වෙළෙඳසල්වල සහල් අලෙවියක් සිදු නොවීය. හාල් සාම්පල් වර්ග නැත. ධාන්‍ය වර්ග සහ ඒවායේ මිල ගණන් ප‍්‍රදර්ශනය කර තිබුණි. සහල්වලට පැනවූ මිල පාලනයෙන් පසු පිටකොටුවේ වෙළෙඳසල්වල තත්ත්වය මෙසේය. පිටකොටුවේ වෙළෙඳසල්වල ලොකු ලූනු කිලෝවක ඊයේ මිල රුපියල් 50 කි. එළවළු මිල ද පහත වැටී තිබුණි

Thursday, April 17, 2008

ජවිපෙ මන්ත්රී සහ තවත් දෙදෙනෙක් 21 දක්වා යළි රිමාන්ඩ

පාර්ලිමේන්තු පරිශ්රයේ නවතා තිබූ ජවිපෙ වීරවංශ පිලේ මන්ත්රී වාහන 2 ක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිට අද (17) උදෑසන කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ ති්රකුණාමලය මන්ත්රී ජයන්ත විෙජ්සේකර මහතා සහ මෙම සිද්ධියට සම්බන්ධයැයි සැක පිට අද අධිකරණයට ඉදිරිපත් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ලබන 21 වනදා දක්වා රකෂිත බන්ධනාගාර ගත කෙරිණි.
වීරවංශ පිලේ මන්ත්රීවරුන් වන පියසිරි විෙජ්නායක සහ අචල සුරංග ජාගොඩ මහත්වරුන්ට අයත් වාහන දෙකක් පැහැර ගත්තේ යැයිද එම අවස්ථාවේ රාජකාරිය කරමින් සිටි පොලිස් සාජන් වරයකුටද පහරදෙන ලදැයි ද ජයන්ත විෙජ්සේකර වෙත චෝදනා එල්ලවී තිබේ.

සැකකරුවන් පසුපස පොලීසිය පරීකෂණ පවත්වමින් සිටියදී මන්ත්රී ජයන්ත විෙජ්සේකර මහතා වැලිකඩ පොලිසියට බාර වූ අතර ඉන් පසුව ඊයේ (16) රියදුරන් යයි කියනා ජවිපෙ සෝමවංශ පිලේ සාමාජිකයන් දෙදෙනෙක් ද වැලිකඩ පොලීසිය වෙත බාර වූහ. එම දෙදෙනා අද හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව සිටියද, පෙරෙට්ටුව පැවැත්වීමද 21 වනදා දක්වා කල් තැබිණ.

කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්රාත් ගිහාන් රණවක මහතා ඉදිරියේ අද (17) මෙම නඩුව විභාගයට ගැනුණි.

මිල ගණන් ගැසට් කරයි

සහල්වලට සහතික මිලක්
සම්බා 70යි
නාඩු-රතු කැකුළු 65යි
සුදු කැකුළු 55යි
වෙල්ලස්සේ බණ්ඩාර
සහල්වලට සහතික මිලක් ඊයේ (16) මධ්‍යම රාතී‍්‍ර සිට කි‍්‍රයාත්මක වන පරිදි නියම කෙරේ. මෙයට අදාළ ගැසට් පත‍්‍රය ඊයේම නිකුත් කෙරිණි.
නව සහතික මිල ගණන් අනුව සම්බා කිලෝ ග‍්‍රෑම් එකක මිල රුපියල් 70කි. නාඩු සහ රතු කැකුළු රුපියල් 65කි. සුදු කැකුළු කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 55කි.
ඉහත සඳහන් සිල්ලර මිලට සහල් අලෙවි කළයුතු බව ඊයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පාරිභෝගික කටයුතු අලෙවි සංවර්ධන සහ සමුපකාර ඇමති බන්දුල ගුණවර්ධන මහතා කීය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ විශේෂ රැස්වීමකදී මෙම තීරණ ගනු ලැබීය.
රජයේ මිල නියම කිරීම අනුව තොග මිල ගණන් මෙසේය. දේශීය නිෂ්පාදිත සම්බා සහල් කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 63/-ක්ද නාඩු රුපියල් 58/- , රතු කැකුළු රුපියල් 58/-ක් ද සුදු කැකුළු රුපියල් 48/-ක් ද වේ.
මෙම මිලට සහල් අලෙවි නොකරන හෝ තොග සඟවා සිටින වෙළෙඳුන්ට එරෙහිව පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ බලතල අනුව උපරිම මට්ටමෙන් නීතිය කි‍්‍රයාත්මක කරන බවද ඇමැතිවරයා පැවැසීය.
පසුගිය ජනවාරි මාසයේ සිට සහල් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට රජය ප‍්‍රකාශයට පත්කැර තිබේ.
ඊයේ මධ්‍යම රාති‍්‍රයෙන් පසුව ඉහත මිල ගණන්වලට වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධි වේ.
මෙයට අමතරව තොග සඟවා තැබීම පාරිභෝගිකයින්ට අසත්‍ය තොරතුරු සැපයීම නීතිවිරෝධි වේ. සහල් මිල පිළිබඳව හෝ තොග සඟවා තබා ගැනීම පිළිබඳව කිසියම් අක‍්‍රමිකතාවක් සිදු කළහොත් ඒ බව දැනුම් දීම සඳහා රජය දුරකථන අංකයක්ද ප‍්‍රකාශයට පත්කැර ඇත. එම අංකය වන්නේ 0112- 321696 යි. ප‍්‍රාදේශීය මට්ටමේ සිදු කෙරෙන අක‍්‍රමිකතා පිළිබඳව දිස්ති‍්‍රක් ;ල්කම්වරුන් වෙත දැනුම්දීමට හැකිය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෘෂිකර්ම හා ගොවිජන සේවා වෙළෙඳ, ආරක්‍ෂක හා ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශවල ඇමැතිවරුන් ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණවලට එළැඹ ඇති බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.

මඩු දේවස්ථානය වටා කොටි බිම්බෝම්බ අටවති

මඩු දේවස්ථානය වටා කොටි බිම්බෝම්බ අටවති
විජයානි එදිරිසිංහ
මඩු දේවස්ථානය කොටි කඳවුරක් බවට පත්කරගෙන සිටින කොටි ත‍්‍රස්තවාදීන් එම දේවස්ථානය වටා බිම් බෝම්බ සහ බට්ටන් සිය දහස් ගණනින් වළදමන බව තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධව අඳහස් දක්වන හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා ප‍්‍රකාශ කරන්නේ ඓතිහාසික පූජාභූමියක් අභියස බෝම්බ ඇටවීම ගරිල්ලා කණ්ඩායමට වුව ද නීතියෙන් තහනම් බවය.
ඒ අතර මඩු මාතා - පිළිරුව එහි පූජකවරයන් විසින් වෙනත් ස්ථානයකට ගෙන ගොස් තිබෙන්නේ කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත බවට ද බුද්ධි තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි බි‍්‍රගේඩියර් උදය නානායක්කාර කීය.
කෙසේ වුව ද ලොව පිළිගත් කතෝලික බැතිමතුන් ගරු බුහුමන් කරන මඩු මාතා පිළිරුව වෙනත් ස්ථානයකට ගෙන යාමට කොටි ත‍්‍රස්තවාදීන් කර ඇති බලපෑම කෙරෙහි අන්තර්ජාතික වශයෙන් ද කතෝලික බැතිමතුන්ගේ අවධානයට යොමුවිය යුතු කරුණක් බව ද බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පවසයි.
1999 වර්ෂයේ දී මඩු දේවස්ථානය භූමිය අවට ප‍්‍රදේශය තුළ ‘රණගොස’ කි‍්‍රයාන්විතය සිදු වූ අතර එහි දී ආරක්‍ෂක හමුදා මඩු දේවස්ථාන භූමියට කිසිදු හානියක් සිදුවීමට ඉඩ නොතබා ආරක්‍ෂා කළ බව ද බි‍්‍රගේඩියර් උදය නානායක්කාර කීය.

රජයට සමීප පක්‍ෂ එකතුවේ මැයි රැලිය අම්පාරේ දී

රජයට සමීප පක්‍ෂ එකතුවේ මැයි රැලිය අම්පාරේ දී
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු රජයට සම්බන්ධ සෙසු පක්‍ෂ එක්ව මෙවර මැයි දින මහා රැලිිය අම්පාර නගරයේ දී පැවැත්වීමට තීරණය කර ඇත.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ මැයි දින කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.
කම්කරු සබඳතා හා මිනිස් බල ඇමැති අතාවුද සෙනවිරත්න, විදුලිබල ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සබරගමු පළාත් ප‍්‍රධාන ඇමති මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්විය.
මැයි දින රැලිය පිළිබඳව සාකච්ඡාකිරීම සඳහා මේ මස 20 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවත් අලවි මව්ලානා මහතා පැවැසීය.
ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම හා අලවි මව්ලානා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා රජය නියෝජනය කරන සෙසු පක්‍ෂ වල සාමාජිකයින්, කාන්තා සමිති, වෘත්තිය සමිති සහභාගිත්වයෙන් මෙම දැවැන්ත මැයි රැළිය අම්පාර නගරයේ දී පවත්වන බවත් මව්ලානා මහතා වැඩිදුරටත් පැවසීය.

තෙවැනි එක්දින තරගය විසැඳුමකින් තොරයි


ශී‍්‍ර ලංකා - බටහිර ඉන්දීය කොදෙව් තුන්වන හා අවසාන එක්දින තරගයට දිගින් දිගටම ඇද හැළුණ වර්ෂාව මත ප‍්‍රතිඵලයක් නොමැතිවම තරගය නිමාවට පත්විය.
ශී‍්‍ර ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස කොදෙව් පිල ඕවර 18.2 කදී මහා වර්ෂාව මත තරගය නතර කරනවිට කඩුලු 2කට ලබා සිටියේ ලකුණු 81 කි.
එක්දින තරග 3ක මේ තරගාවලියෙන් පෝට් ඔෆ් ස්පේන්හි පසුගිය බ‍්‍රහස්පතින්දා හා සෙනසුරාදා කොදෙව් කණ්ඩායම ප‍්‍රථම හා දෙවන තරග ජයගත් හෙයින් තරගාවලිය ජය කොදෙව් පිලට 2 - 0 ක් ලෙසින් අත්විය.
කොදෙව් නායක කි‍්‍රස්ගේල් පිට පිටම තුන්වන වරටත් මේ තරගයේත් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දීම ශී‍්‍ර ලංකා පිලට පැවරීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ඕවර 12ක් වනවිට ලකුණු 44 කට කඩුලු 3ක් දැවී ආරම්භයේදීම අසීරු තත්ත්වයකට පත්විණි.
මේ වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දැවීගියේ ප‍්‍රබලම පිතිකරුවන් වන උප නායක කුමාර සංගක්කාර (01) නායක මහේල ජයවර්ධන(17) සහ ප‍්‍රබල පිතිකරු චාමර සිල්වාය(06)
ආරම්භක පිතිකරු මහේල උඩවත්ත හා චාමර කපුගෙදර සිව්වන කඩුල්ලට ලකුණු 84ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම නැවත තරගයට අවතීර්ණ කර ගැනීමට දායක වූහ.
ප‍්‍රථම වරට එක්දින ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වුණ 21 හැවිරිදි මහේල උඩවත්ත පන්දු 121 කදී ලකුණු 73ක් ලබා තරගයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය. උඩවත්ත තම අර්ධ ශතකය ලැබුවේ පන්දු 87කදීය.
ඔහුගේ ලකුණු 73ට හයේ පහරක් හා හතරේ පහර පහක් ඇතුළත් විය.
උඩවත්තගේ හා කපුගෙදරගේ සිව්වන කඩුල්ලේ සබඳතාවය කි‍්‍රස්ගේල් නතරකර ගත්තේ කපුගෙදර දුන් උඩපන්දුව ගේල්ම රැකගැනීමෙනි. කපුගෙදර පන්දු 52කට මුහුණ දී හතරේ පහර දෙකක් සමග ලකුණු 40ක් ලැබීය.
කොදෙව් නායකයා මහේල උඩවත්ත දවාලන විට ශී‍්‍ර ලංකාව ඕවර 40කදී කඩුලු 5කට ලබා සිටියේ ලකුණු 172කි.
ඉන්පසුව හයවන කඩුල්ලට තිලකරත්න දිල්ෂාන් සහ කෞෂල්‍ය වීරරත්න වේගවත් ප‍්‍රහාරයක් එල්ල කරමින් පන්දු 56කදී ලකුණු 79ක් රැස් කළහ.
දිල්ෂාන්(64) අවසාන ඕවරයට පෙර ඕවරයේ දැවී යනවිට හයේ පහරක් හා හතරේ පහර තුනක් ලබා සිටියේය.
කෞෂල්‍ය වීරරත්න (41) අවසාන ඕවරයේ දැවී යනවිට හතරේ පහරක් හා දැවැන්ත හයේ පහර දෙකක් එල්ල, කර තිබිණි.
කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා චැටර්ගූන් හා රුනාකෝ මෝටන් ඕවර 8.1 කදී ලකුණු 54 ක් රැස්කළ පසු මෝටන් ලකුණු 17කට දැවී ගියේය.
චැටර්ගූන් පන්දු 53කදී හයේ පහරක් හා හතරේ පහර හයක් සමග ලකුණු 46ක් රැස් කළේ ය.
ශ‍්‍රී ලංකාව
කේ. සංගක්කාර ඇ. සැමී බෝ. පවල් 1එම්. උඩවත්ත ස්ටම්ප් කලා. රම්ඩින් බෝ. ගේල් 73එම්. ජයවර්ධන ඇ. පවල් බෝ. බ‍්‍රාවො 17සී. සිල්වා ඇ. රම්ඩින් බෝ. පවල් 6සී. කපුගෙදර ඇ. හා බෝ. ගේල් 40ටී. ඩිල්ෂාන් ඇ. පොලාඩ් බෝ. බ‍්‍රාවො 64කේ. වීරරත්න බෝ. ටේලර් 41සී. වාස් නොදැවී 2ටී. තුෂාර දුවද්දී දැවී ගියා (ටේලර්) 0
අතිරේක 13එකතුව (කඩුලු 8 ට ඕවර 50) 257කඩුලු බිඳ වැටීම : 1 - 3, 2 - 37, 3 - 44, 4 - 128, 5 - 172, 6 - 251, 7 - 257, 8 - 257පන්දු යැවීම : ටේලර් 10 - 0 - 52 - 1, පවල් 10 - 0 - 50 - 2, බ‍්‍රාවො 10 - 0 - 67 - 2, සැමී 10 - 0 - 41 - 0, ගේල් 10 - 0 - 41 - 2
කොදෙව් දූපත්
එස්. චැටර්ගූන් ඇ. සංගක්කාර බෝ. වාස් 46ආර්. මෝටන් ඇ. සංගක්කාර බෝ. තුෂාර 17ආර්. සර්වාන් නොදැවී 13එම්. සැමුවල්ස් නොදැවී 3අතිරේක 2එකතුව (කඩුලු 2 ට, ඕවර 18.2) 81කඩුලු බිඳ වැටීම : 1 - 54, 2 -77පන්දු යැවීම : කුලසේතර 6 - 1 - 33 - 0, වාස් 7 - 0 - 36 - 1, තුෂාර 5.2 - 1 - 12 - 1

ඇමැති ආරක්ෂකයකු වෙසින් ජෙයරාජ් ඝාතකයා ආවාදැයි සැක

ඇමැති ආරක්ෂකයකු වෙසින් ජෙයරාජ් ඝාතකයා ආවාදැයි සැක
විජයානි එදිරිසිංහ
ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා ඝාතනයට කොටි ත‍්‍රස්තවාදියා පැමිණියේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියකුගේ වේශයෙන් දැයි යන්න පරීක්ෂණ අංශවල දැඩි අවධානයට ලක්වී තිබේ.
ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් කමිසයේ බොත්තම් ගෙල ආසන්නයටම දමන අතර යටට මේස් බැනියමක් ද පළඳියි. ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් නොහඳුනන එවැනි නිලධාරියකු සිටි බවට ද පරීක්ෂණ අංශවලට තොරතුරු ලැබී ඇත.
ඇමති ආරක්ෂක සේවයේ සියලුම නිලධාරීන්ගෙන් මේ වන විට කටඋත්තර ලබාගෙන ඇත. රහස් පොලීසිය සමඟ තවත් පොලිස් කණ්ඩායම් හතරක් පුළුල් ලෙස පරීක්ෂණ පවත්වති.
රජයේ රස පරීක්ෂකවරයා පවසන ආකාරයට මරාගෙන මැරෙන ජැකට්ටුව පැළඳගෙන මෙම ඝාතක කොටියා පැමිණි බව තහවුරු වී ඇත. කමිසයට යටින් ජැකට්ටුව පැළඳ ගෙන ඇතැයි හෙළිවෙයි.
කෙසේ වුවත් තව දින කීපයක් ඇතුළත සිද්ධිය සම්බන්ධ සියලුම තොරතුරු සොයාගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිනමිණ’ ට කීය.
කෙසේ වුවද ඝාතක කොටියා ඇමති ආරක්ෂක නිලධාරියකු ලෙස සිට උත්සවය ආරම්භ කරන විට ඉලක්කය වෙත පැමිණෙන්නට ඇතැයි ද පරීක්ෂණ අංශ සැක කරයි.
අමාත්‍ය ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඉලක්ක කොටගෙන මීට දින කිහිපයකට ඉහතදී වැලිවේරිය ‘කාන්ති’ කී‍්‍රඩාංගණය අසල ආරම්භ වීමට නියමිතව තිබූ මැරතන් ධාවන තරගයක් අවස්ථාවේ මරාගෙන මැරෙන කොටියා එම බෝම්බය පුපුරුවා හැරියේය.

Wednesday, April 16, 2008

දරු ප‍්‍රසූතියේ දී මව ළඟින්ම ඉන්න පියාටත් ඉඩ

මවුවරුන්ට දරු පුසූතියේ දී ශක්තියක් ලබා දීමේ අරමුණින් සැමියාට සූතිකාගාරයේ රැඳී සිටීමේ අවස්ථාව උදකර දීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙය ඉදිරි මාස දෙක ඇතුළත රජයේ රෝහල්වලදී කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
ලෝකයේ බොහෝ රටවල වසර ගණනාවක සිට මෙය කි‍්‍රයාත්මක වන නමුත් ශ‍්‍රී ලංකාවේ එය ප‍්‍රමාද වී හෝ කි‍්‍රයාත්මක කිරීමට හැකිවීම සතුටක් වන බව පවසන ඇමැති නිමල් සිරිපාල මහතා මේ පිළිබඳවු චක‍්‍රලේඛය අද හෙටම රජයේ කාන්තා රෝහල් හා අනෙකුත් රෝහල් වලට යැවීමට කටයුතු කරන බවද කියයි.
සෑම ස්වාමියකුම මෙයට කැමැත්තක් නොදක්වන නමුත්, බොහෝ පියවරුන් මෙම තීරණයට කැමැත්තක් දක්වන හෙයින්, එවන් සැමියන් හට මෙම අවස්ථාව උදාකර ගැනීමේ අවස්ථාව අදාළ චක‍්‍රලේඛය මගින් හිමි වන බවද ඇමැතිවරයා ප‍්‍රකාශ කරයි.

දෙනියායේ ගිලුණු සිරුරු දෙකක් ගොඩ ගනී

සු.හේවාවසම්, සිංහලයා පුවත් එ'ජන්සිය
දෙණියායේ විහාරහේන ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ගිලී අතුරුදහන් වූ තරුණයින් පස් දෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද දහවල් 12.00 පමණ වන විට ගොඩ ගැනීමට හැකි වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ගිලුණු පස් දෙනාගේම සිරුරු ගොඩ ගත් බවට ආරංචි පැතිර ගියද පොලීසියෙන් සිදු කළ විමසීමකදී කියා සිටියේ සිරුරු දෙකක් හමු වූ බවයි.
ගාල්ලේ නාවික හමුදාවේ කිමිදුම්කරුවෝ සහ ගාල්ල නගර සභා ගිනි නිවන එ'කකයේ සේවකයෝ ඊයේ සිට මෙම සිරුරු සොයා ගනීමට වෙහෙසුණහ.-සිංහලයා පුවත්

ඉතාලි ශ්‍රී ලංකා ත්‍රස්ත විරෝධී සංවිධානයක්

ඉතාලි - ශ්‍රී ලංකා ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී සංවිධානයක් පිහිටුවීම ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ මඟපෙන්වීමෙන් සිදු කෙරිණි.මෙහි සමාරම්භය රෝමයේදී සිදු වූ අතර මෙහි ප්‍රථම කාර්යය ලෙස එල්.ටී.ටී.ඊ.යේ කෲර හා අමානුෂික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ඉතාලි බසින් www.ilterrorismo.com නම් වූ වෙබ් අඩවියක් ආරම්භ කිරීම සිදු විය. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඝාතනය කිරීමට මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් දැරූ උත්සාහය හා අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට ද මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ.

විජිත හේරත් ගෝනි බිල්ලට ඇන්ඳා, පේෂකර්ම ඇමැති හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2008 අප්‍රේල් 16, ප.ව. 3.00) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගිය අයවැය ඡන්දයේදී සිය පක්ෂ කණ්ඩායම සමග අයවැයට පක්ෂව ඡන්දය දී ආණ්ඩුවට බැෙඳන්නට සිටි බව පේෂකර්ම සංවර්ධන ඇමැති මහින්ද රත්නතිලක මහතා අනාවරණය කරයි.
ඔහු පවන්නේ තමා ආණ්ඩුවට බැෙඳන්නට සතියකට පමණ පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේ ආණ්ඩු පක්ෂයේ හිතවතෙකුගේ කාමරයක සිටියදී, එම කාමරයට පැමිණි හඳුන්නෙත්ති මහතා ඔහු ආණ්ඩුවට බැෙඳන බව තමා සමග කී බවයි. ටිල්වින්ට ඩීඑන්ඒ පරීක‍ෂාවකට අභියෝගයක්ඇමැති රත්නතිලක මහතා මේ අනාවරණය කළේ, ආණ්ඩු පක්ෂයට බැෙඳන්නට හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ සම්බන්ධයක් තිබුණාදැයි —ලංකා ඊ නිව්ස්˜ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.
අයවැයට පක්ෂව ඡන්දය දීමෙන් පසු හඳුන්නෙත්ති මහතාට විදේශගත වීමට ඕනෑ බව, ඔහු පදිංචි නිවසට යාබද නිවසේ සිටි තමාගේ මාධ්‍ය ලේකම් කැටපෙආරච්චි මහතාට දැනුම්දී ඇති බවත්, ඒ අනුව ඔහුට එංගලන්තයට යාමට අවශ්‍ය පහසුකම් සූදානම් කළ අතර, මේ බව කිසිවකුටත් නොකියන ලෙස ඔහුට දැනුම් දුන්නත්, විදේශ ගතවීමට සතියකට පමණ පෙර ඒ බව බිරිඳට පවසා තිඛෙන බවත්, බිරීඳ ඒ බව ටිල්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමකට දැනුම්දීමෙන් පසු, ඊයේ පෙරේදා වාහන පැහැරගත්තා වගේ හඳුන්නෙත්ති මහතා හා ඔහුගේ පවුලේ අය ඉස්සූ බවත් රත්නතිලක මහතා පැවසීය. අද බොහොම සුදනකු ලෙස කථා කරන විජිත හේරත්, මහතා, තමාගේ මාධ්‍ය ලේකම් කැටපෙආරච්චි සමඟ ඛෙරගල කෑම්ප් එකේ සිටියදී ගෝනිබිල්ලාට ඇන්ඳා. විජිත හේරත් මහතා එකසිය ගණනක් හමුදාව ලවා මරාදැමු බව තමා ඉතා වගකීමකින් ප්‍රකාශ කරන බවද රත්නතිලක මහතා සඳහන් කළේය.
ඔහු —ලංකා ඊ නිව්ස් ˜ සමග කළ මේ සාකච්ඡාවේදී ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාට ඩීඑන්ඒ පරීක‍ෂණයකට පෙනී සිටින ලෙසට අභියෝගයක්ද කළේය.

රාජිත හදිසියේ නෝර්වේ ගොස් සොල්හයිම් සමඟ සාකච්ඡාවක

ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ශ්‍රී ලංකා ආණ්ඩුවේ දූත පිරිසක් නෝර්වේ වෙත ගොස් එරට ජාත්‍යන්තර සංවර්ධන අමාත්‍ය එරික් සොල්හයිම් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇතැයි නෝර්වේ හි සිටින zලංකා ඊ නිව්ස්Z නියෝජිතයා වාර්තා කරයි.
මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ ඊයේ (15) දිනයේදීය.
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සහ මන්නාරමේ පවතින තත්ත්වය පිළිබඳවද, හඳුනා නොගත් සන්නද්ධ බලකායන් සහ ඔවුන්ගේ සහායක හමුදා විසින් නීතියට පිටින් සිදු කරන ඝාතන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කොට ඇතැයි අපේ වාර්තාකරු සඳහන් කරයි.
නෝර්වේ විදේශ අමාත්‍යංශයේදී ඊයේ (15) රාත්‍රී 10.00 ට පමණ ආරම්භ වූ එරික් සොල්හයිම් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජයේ දූත පිරිස අතර සාකච්ඡාව පැය 2 1/2 ක් පුරා පැවැති අතර විදේශ අමාත්‍යවරයාගේ විශේෂ සන්නිවේදන උපදේශකවරයා සහභාගි වී තිබේ. මෙම සාකච්ඡාවේ ඡයාරූප ගැනීමට මාධ්‍යවේදීන්ට ඉඩදීම නෝර්වේ විදේශ අමාත්‍යංශය විසින් ප්‍රතිෙක‍ෂ්ප කිරීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේදී නෝර්වේ පුරවැසියකු මාර්තු 31 වන දින සිට අතුරුදන්වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ද නෝර්වේ ආණ්ඩුවේ සැලකිල්ල මෙම සාකච්ඡාවේදී පළ කොට ඇත.

හේෂාන්-මිනිරුවනී ශී‍්‍ර ලංකා වාර්තා 5ක් බිහිකරති


පි‍්‍රන්ස් ගුණසේකර


එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී නිමාව දුටු 9 වැනි ලෝක සූරතා කෙටිදුර පිහිනුම් සූරතාවලියට සහභාගි වූ හේෂාන් උණම්බුව හා මිනිරුවනී සමරකෝන් නව ශී‍්‍ර ලංකා වාර්තා 5ක් බිහිකිරීමට සමත් වූහ.
හේෂාන් උණම්බුව මෙම තරගාවලියේදී සහභාගි වූ ඉසව් හතරේදීම නව ශී‍්‍ර ලංකා වාර්තා බිහිකිරීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මිනිරුවනී තරග ඉසව් තුනකට සහභාගි වූ අතර එක් ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කළාය. හේෂාන් බිහිකළ නව ශී‍්‍ර ලංකා වාර්තා දෙකක් තමා විසින්ම පිහිටුවා තිබූ වාර්තා බිඳහෙලීමකි.
හේෂාන් විසින් මීටර් 50 පසුපස ආර තත්පර 27.79 කින් (පැරණි වාර්තාව තත්පර 28.62) මීටර් 50 නිදහස් ආර තත්පර 24.88 කින් (පැරණි වාර්තාව 24.98 ඩැනියල් ලී), මීටර් 100 පසුපස ආර තත්පර 59.94 කින් (පැරණි වාර්තාව වි. 1.00.27) මීටර් 100 නිදහස් ආර තත්පර 54.09 කින් (පැරණි වාර්තාව තත්පර 54.98 ඩැනියෙල් ලී) වාර්තා කර නව ශී‍්‍ර ලංකා වාර්තා හතර බිහි කළේය.
මිනිරුවනී විසින් මීටර් 200 සමනළ ආර ඉසව්ව විනාඩි 2.35.61කින් නිම කර තමා විසින්ම තබා තිබූ විනාඩි 2:38.48 ක වාර්තාව බිඳ හෙලීමට සමත් වූවාය.
ඇය සහභාගි වූ මීටර් 50 සමනළ ආර ඉසව්ව තතත්පර 32.68 කින්ද මීටර් 100 සමනළ ආර ඉසව්ව විනාඩි 1:11.17 කින්ද නිම කළාය. ශී‍්‍ර ලංකාවෙන් 9 වැනි ලෝක සූරතාවලියට සහභාගි වූ හේෂාන් උණම්බුව හා මිනිරුවනී සමරකෝන් යන දෙදෙනාගේම තරග කාලයේ වර්ධනයක් ඇතිවීම සතුටුදායක දක්ෂතා පෙන්වීමකි.
දින 5ක් පුරා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දහසකට අධික පිරිසක් සහභාගි වූ 9 වැනි ලෝක සූරතාවලියේදී නවලෝක වාර්තා 18 ක් බිහිවිය.
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ හේෂාන් හා මිනිරුවනී ඊයේ මව්බිමට පැමිණියහ.

නැ’හිර තැපැල් ඡන්ද 28-29 දෙදින

නැ’හිර තැපැල් ඡන්ද 28-29 දෙදින
දයා පෙරේරා
නැඟෙනහිර පළාත් සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 28 හා 29 දෙදින පැවැත්වෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය කියයි.
තැපැල් ඡන්ද පාවිච්චි කිරීම සඳහා 22412 දෙනෙක් සුදුසුකම් ලබා සිටිති. එයින් 4427 ක් මඩකළපුව දිස්ති‍්‍රක්කයට අයත්ය. දිගාමඩුල්ල (අම්පාර) දිස්ති‍්‍රක්කයේ 9468කි. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 8517ක් ද වෙති.
තැපැල් ඡන්ද පති‍්‍රකා නිකුත් කිරීම සිකුරාදා (18) සිදු කැරෙන බවද මැතිවරණ මහලේකම් කාර්යාලය කියයි.
පළාත් සභා ඡන්ද විමසීමේ දී ඡන්ද දායකයෝ 982721ක් සඳහා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදා දීමට ලබන සඳුදා(21) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බවත් ඒවා මැයි මස 2 වැනිදා දක්වා බෙදීමට හැකි බවත් ඒ කාර්යාලය කීය.
ලබන 27 වැනිදා ඉරිදා නිල ඡන්ද දැන්වීම් පති‍්‍රකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස කි‍්‍රයාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
පළාත් සභා ඡන්ද විමසීම මැයි මස 10 වැනිදා සිදු කැරේ.

ස්වාධීන කණ්ඩායම් දෙකක සහාය ආණ්ඩුවට

ස්වාධීන කණ්ඩායම් දෙකක සහාය ආණ්ඩුවට
අනුර පෙ‍්‍ර්මලාල් සහ මහින්ද අලුත්ගෙදර
නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරගවදින ස්වාධීන කණ්ඩායම් දෙකක් රජයට සහායදීම සඳහා ඉදිරිපත්වී සිටී.
දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කයෙන් අන්නාසි ගෙඩිය ලකුණ යටතේ ඉදිරිපත්වී සිටින ස්වාධීන කණ්ඩායම් නායක ඒ. එම්. නවුසාර් මහතා ප‍්‍රකාශකර සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය යටතේ නැඟෙනහිර සිදුවෙමින් තිබෙන සංවර්ධන කි‍්‍රයාවලිය නිසා රජයට සහාය දීමට තීරණය කළ බවයි.
කණ්ණාඩිය ලකුණ යටතේ එම දිස්ති‍්‍රක්කයෙන්ම තරග වදින ස්වාධීන කණ්ඩායම් නායක යූ. එල්. ලියාකත් අලි මහතා ප‍්‍රකාශ කර සිටියේරජයට සහාය දීම සඳහා දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවයි.
යුද්ධයට පෙර නැෙඟනහිර තිබූ සමකාමී තත්ත්වය යළිත් උදා කරදීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හැකි බව අපගේ විශ්වාසයයි. ඒ බව ඒ මහතා ඔප්පු කර තිබෙනවා. ඒ නිසාම තම කණ්ඩායම් රජයට සහාය ලබා දීමට තීරණය කළ බව එම පක්‍ෂ නියෝජිතයෝ පවසති.

මුහමාලේ හා ඔඩ්ඩුසුඩාන් කොටි කඳවුරු වලට ගුවන් ප්‍රහාර

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 24 ප්‍රහාරක යානා විසින් අද (අප්‍රේල් 16) උදෑසන මුහමාලේ ඉදිරි ආරක්ෂක සීමාවට ඔබ්බෙන් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට අයත් බංකර් පෙළක් වෙත ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එයාර් වයිස් මාර්ෂල් ඇන්ඩෲ විජේසූරිය ප්‍රකාශ කර ඇති පරිදි ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්ට එරෙහි ප්‍රහාරයන් දියත් කිරීමේ නිරත පාබල භට පිරිස් වෙත සහය දැක්වීමේ අරමුණින් මෙම ප්‍රහාරය අද උදෑසන 6.15 ට පමණ සිදුව ඇති බව පැවසේ.
මේ අතර, ඊයේ (අප්‍රේල් 15) දින රාත්‍රියේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි හඳුනාගත් ත්‍රස්තවාදී කඳවුරු 3 ක් වෙත ගුවන් හමුදාව විසින් ප්‍රහාරයන් සිදුකර ඇති බවද, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයට කිලෝමීටර් 8 ක් වයඹ දිගට වන්නට වන ලැහැබක් තුල පිහිටි මෙම කඳවුරු වෙත රාත්‍රී 11.50 ට පමණ මෙම ප්‍රහාරයන් සිදු කර ඇති බව වාර්තාවල දැක්වේ.
නිරතුරුව ප්‍රදේශයේ සිදු කරන ලද ගුවන් ආවේක්ෂණයන් මගින් ඉලක්කය හොඳින් තහවුරු කර ගෙන මෙම ප්‍රහාරයන් සාර්ථකව සිදු කර ඇති අතර, එදින සවස් කාලය වනවිට එම කඳවුර තුල ත්‍රස්ත ක්‍රියාකාරකම් දැඩිව දැක ගන්නට ලැබ ඇති බවද ප්‍රහාරය දියත් කර ඇති ගුවන් නියමුවන් උපුටා දක්වමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් වැඩිදුරටත් පැවසීය.
දිවා කාලයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් වෙත ගුවන් හමුදාව වෙතින් එල්ල කරනු ලබන ප්‍රහාරයන් දැඩි වීමත් සමග, එල්.ටී.ටී.ඊ.ය. විසින් තම ක්‍රියාකාරකම් බොහෝ සෙයින් රාත්‍රී කාලයේදී සිදු කිරීමට නැඹුරු වී ඇති නිසා, ත්‍රස්තවාදීන්ට රාත්‍රී ක්‍රියාකාරකම් සීමා කිරීමේ ‍පෙරහුරුවක් වශයෙන් මෙම ප්‍රහාරය දියත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක විසින් ආරක්ෂක හමුදා වෙබ් අඩවිය වෙත පැවසීය.

කැනඩා පොලීසිය හිම කොටි මුලස්ථානය වටලයි, භාණ්ඩ දහසක් අත්අඩංගුවට


කැනඩා පොලීසියේ ත්‍රස්ත මර්දන විමර්ශකයන් ‍ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලය මුද්‍රා තබා තිබු අයුරු
ශ්‍රි ලංකාවේ කොටි ත්‍රස්තවාදය පවත්වාගෙන යෑම සදහා ප්‍රභකරන්ට අරමුදල් සපයන්නේ කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංවිධානයයි. මේ සංවිධානය ඵකතු කරන අරමුදල් වලින් විශාල කොටසක් ස්විටිසර්ලන්තයට යැවේ. කැනඩා පොලීසියේ ක්ෂණික විමර්ශණ ඵ්කකය පෙරේදා (14) දා ටෙ‍ාරොන්ටෝ මොන්ට්‍රිවල් හා ක්විබෙක්හි පිහිටි ලෝක වෙළද සංගමි මුලස්ථාන වටලා ත්‍රස්තවාදයට අදාල භාණ්ඩ 1000කට අධික තොගයක් අල්ලා ගත්හ. කැනඩා පොලීසිය ටොරොන්ටෝහි ද්‍රවිඩ සංගම් මුලස්ථානය වටලා ඇති බව ඇසු එහි ප්‍රධානියා වු කදිරවේළුපිල්ලේ සිදමිපරනාදන් ස්ටීවන් ස්ලීමිවොච් නමැති නීතිවේදියා සමග දිව ආවේය.
"අපි මානුෂික ආධාර සපයන ආයතනයක්" යැයි ඔහු කැනඩා පොලීසියට කියා සිටියේය. ඵහෙත් ඒ වන විට ලෝක ද්‍රවිඩ සංවිධානයේ අබිරහස් කටයුතු කැනඩා රහස් පොලීසිය විසින් සොයා‍ෙගන තිබිණි.
ලෝක ද්‍රවිඩ සංවිධාන ක‍ාර්යාලයේ තිබු ත්‍රස්තවාදී කටයුතුවලට අදාල ලියකියවිලි ගෙන යන ත්‍රස්ත මර්ධන විමර්ශකයෝ
කැනඩා පොලිසිය සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබු නිසා කැනඩා නීතිවේදියාට එම ගොඩනැගිල්ල සෝදිසි කිරීම වැලැක්විය නොහැකි විය. ලෝක ද්‍රවිඩ සංවිධානය යනු කොටින‍්ගේ නිළ නොවන ආයතනයයි. “ඔවුන් කැනඩා ද්‍රවිඩයන්ගේ අරමුදල් ලබාගන්නවා යැයි කැනඩා පොලිස‍ියේ විමර්ශකයෙකු වු සැරයන් මැක්ඩොනල්ඩි කියා සිටියේය. මෙම ලෝක ද්‍රවිඩ සංගමයේ ප්‍රධාන කාර්යය කුමක්ද? ඒ කොටින්ට යුද්ධෝපකරණ ලබාදීම සඳහා අරමුදල් යුරෝපයේ බැංකු වෙත යැවීමයි.
පොලිස් විමර්ශකයන් ලෝක ද්‍රවිඩ සංවිධාන මුලස්ථානයේ තිබු ගුවන් යානා නාශක මිසයිල නිපදවන සටහන්ද, ඩොලර් 10000 ක් දක්වා අරමුදල් සැපයු ව්‍යපාරිකයන්ගේ, විස්තර ද බැංකු අණකර, අරමුදල් වෙනත් රටවල් වලට යැවු බවට සනාථ කෙරෙන ලියකියවිලි හා පරිඝණක දත්ත ඇතුලත් තැටි සමග ද භාණ්ඩ 1000 කට අධික තොගයක් සොයාගත්හ.මේ හැර ප්‍රභාකරන්ට පක්ෂපාතීව කැනඩා ද්‍රවිඩ ළමුන් ක්‍රියාකල යුතු අයුරු දැක්වෙන උපදෙස් මාලාවක් ද එකී මුලස්ථානයේ තිබී හමුවිය.
කැනඩා රහස් පොලීසිය හෙළිකරන අන්දමට ලෝක ද්‍රවිඩ සංවිධානය යුද බදු යැයි කියමින් මසක් පාසා විශාල ලෙස ද්‍රවිඩයන්ගෙන් කප්පමි ලබා ගනී.
අපි මේ ස්ථානයේ තිබී ත්‍රස්තවාදයට අයත් වන ලියකියවිලි පවා ‍සොයාගත්තා යැයි” කැනඩා පොලීසියේ සතිස් තරාචන්ද්‍ර නමැති නිළධාරියා ද හෙළිකර ඇත. කැනඩා පොලීසිය ලෝක ද්‍රවිඩ සංවිධාන මුලස්ථානය වැටලීමට දින දෙකකට පෙර මොන්ට්‍රියල්හි ද්‍රවිඩ සංගමි කාර්යාලයේ සිට විශාල පෙටිටි කීපියක් වෙනත් ස්ථානයකට ගෙනයනු දැක ඇත.
මෙයට සමානව ටොරොන්ටෝහි පිහිටි ලෝක ‍ද්‍රවිඩ සංගමි කාර්යාලයේ සිට ද පෙටිටි කිහිපයක් අමිබාල් ට්‍රේඩින් ස්ටෝර්ස් නැමැති වෙළද ආයතනයට ද ගෙන ‍‍ගොස් තිබේ.
අමිබාල් ට්‍රේඩින් යනු කොටින්ගේ ප්‍රධානතම වෙළද සමාගමකී. මේ ස්ථානයද වැටලු පොලීසිය ත්‍රස්තවාදී ක්‍රියාවලට සමිබන්ධ ලියකියවිලි රැසක් සොයා ගත්හ. කැනඩා පොලීසිය කළ විමර්ශණයේදී බරපතල දුෂ්කරතා රැසක් මතු විය. ඇතැමි ගණුදෙනු ද්‍රවිඩ භාෂාවෙන් හා රහස් වචනවලින් තිබීම ඊ‍ට හේතුවයි.
මෙයට කලකට පෙර සුනාමි විපතට පත්වු ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමට යැයි කියමින් කොටි කණ්ඩායමක් කැනඩාවේ සිට ශ්‍රි ලංකාවට පැමිණීයහ. මොවුන් සෙල්ලමි භාණ්ඩ ලෙස හිම වළසුන් ද ගෙන ආහ. කටුනායකදී හා ‍ඕමන්තේදී මේ හිම වළසුන් විමර්ශණයට ලක්වී නැත. ඵකී හිම වළසුන් තුල සඟවා තිබුණේ සන්නිවේදන උපකරණ යැයි පසුව අනාවරණය විය.
සුනාමි විපතින් පසු ප්‍රභාකරන් විසින් කැනඩාවේ ලෝක ද්‍රවිඩ සංගමයේ ප්‍රධානියා වු කදිරවේළුපිල්ලේ සිතමිපරනාදන් ද කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ප්‍රධානී ඩේවිඩි පුපතිපිල්ලේව ද වන්නයට කැඳවා තිබු බව හෙළි විය.
මෙලෙස ද්‍රවිඩ සංවිධාන නායකයන් වන්නියට කැඳවුයේ ද්‍රවිඩ ජනතාවට සහන සැලසීමටද? 2004 ජුලි මාසයේදී තමා වන්නයේ පැවති කොටින්ගේ සාකචිඡාවකට සහභාගී වු බව සිතමිපරනාදන් විසින් පිළිගෙන තිබේ. ඵහෙත් මොන්ට්‍රිවල් නගර‍යේ පිහිටි ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ ව්‍යුහය වෙනස් කරන ලෙස කොටින්ට තමන් දැන්වු බවද හෙතම තවදුරටත් පිළි‍ගෙන ඇත.
මෙම ලෝක ද්‍රවිඩ සංවිධානයේ රහස් කටයුතු සම්බන්ධයෙන් මෙයට පෙර කැනඩා රහස් ‍ඔත්‍තු සේවාව විසින් ඔලුසාකී හා ක්‍රිබල් යන මෙහෙයුම් යටතේ කොටි ක්‍රියාකාරකමි රැසක් සොයාගනු ලැබීය. පසුගිය මාර්තු 14 වැනිදා කැනඩා ‍පොලීසිය පර්පා තමිබිතුරෙයි නැමැත්තා අත්අඩංගුවට ගත් අතර තමා අරමුදල් ඵකතු කර‍න්නේ ලෝක ද්‍රවිඩ සංවිධානය සඳහා යැයි ඔහු පිළි‍ෙගන ඇත. කැනඩා පොලීසිය තවදුරටත් කල විමර්ශණයේදී අනාවරණය වුයේ තමිබිතුරෙයි නැමැත්තා ‍ලෝක ද්‍රවිඩ සංවිධානයේ වැන්කුවර් ශාඛාවේ ප්‍රධානියා බවයි.
කැනඩා පොලීසි‍යේ ක්ෂණික විමර්ශණ ඵ්කකය පෙරේදා පවා ඵකී වැටලීම් කිරීමට පෙර කැනඩා මන්ත්‍රිවරයකු වු ආර්.ටි. හැන්ගර් පාර්ලිමේන්තුව වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කරන හොර සංවිධාන ගැන සොයා බලන්නැයි ඉල්ලා තිබිණි.
කෙසේ වෙතත් කැනඩා රහස් ‍පොලීසිය විසින් කැනඩාවේ ස්ථානගතකර ඇති කොටින්ගේ ප්‍රධාන මුලස්ථානය ලෝක ද්‍රවිඩ සංවිධානය යැයි සොයාගෙන ඇත. මේ අතර ලෝක ද්‍රවිඩ සංවිධ‍ානයේ කැනඩා ශාඛාවල නිළධාරීන්ට කොටි සංවිධානය විසින් රහස් පණිවිඩයක් යවමින් කිසිදු තොරතුරක් ගැන හෙළිනොකරන්නැයි දන්වා තිබේ. මේ අතර ලෝක ද්‍රවිඩ සංවිධානයේ මන්ටාරියෝ ශාඛාවේ සභාපතිනිය වු සීතා සිත්තමිබලමි කැනඩා මාධ්‍යයවලට දොස් නඟමින් ඊළාමි අරගලය විනාශ කිරීමට ක්‍රියාකරන බව කියා සිටියාය. පසුගිය වසරේදී කැනඩා පොලීසිය කොටින්ට අවි සැපයීමට උත්සාහ කල ද්‍රවිඩ සිසුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදීත් ඇය කෝපයට පත් වූවාය."කොටි සංවිධානය වසර ගණනක් තුල ඉතා සූක්ෂම ලෙස මුදල් එකතු කලා. පසුගිය කාලයේදී කැනඩා දේශපාලකයන්ද ඔවුන්ට උදව් කරණු ලැබුවා.”" යැයි කැනඩාවේ ප්‍රධාන පෙලේ මාධ්‍ය විමර්ශකයකු වූ ස්ටුවට් බෙල් වරක් අප වෙත කියා සිටියේය.
ලෝක ද්‍රවිඩ සංවිධානය ගැන පවසන විට එහි සියළු කටයුතු කෙරෙන්නේ ද කොටි නායකත්වයට අවශ්‍ය ලෙසයි ඇමරිකාන් එ‍ෆ්.බී.අයි. පොලීසිය මෑතකදී සොයාගත් කරුණුවලට අනුව ශ්‍රීලංකාවේ ගුවන් හමුදාවේ මිග් සහ කෆීර් යානාවලට එරෙහිව ඉග්ලා මිසයිල මිලයට ගැනීමට මුදල් වැය කිරීමට නියමිතව තිබුණේ ලෝක ද්‍රවිඩ සංවිධානයෙනි.
දිවයින ඇසුරිනි.

නෝර්වේ ආධාරයෙන් කොටි පුම්බන චිත‍්‍රපටයක්

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප‍්‍රහාර සාධාරණීකරණය කරමින් කොටි ත‍්‍රස්තවාදීන්ට හිතවාදී ලෙස නිපදවන ලද "මයි ඩෝටර්, ද ටෙරරිස්ට්" වාර්තාමය චිත‍්‍රපටය සඳහා නෝර්වීජියානු රජයේ ආයතනයක් මුදල් ප‍්‍රතිපාදන ලබා දී ඇති බව අනාවරණය වෙයි.

මෙම චිත‍්‍රපටයට මුදල් ලබා දී ඇති නෝර්වේ හි රාජ්‍ය නොවන සංවිධානයක් වන "ෆී‍්‍රඩම් ඔෆ් එක්ස්පෙ‍්‍රෂන්" ආයතනයේ වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත්තේ චිත‍්‍රපටය නිෂ්පාදනය සඳහා නෝර්වීජියානු රජයේ චිත‍්‍රපට අරමුදල (Norwegian Film Fund) නෝර්වීජියානු ක්රෝනර් 250,000 ක් ලබා දී ඇති බවයි.

මෙම චිත‍්‍රපටය නිපදවීම සඳහා එහි නළු නිළියන් සහ නිෂ්පාදක කණ්ඩායම ශී‍්‍ර ලංකාවට පැමිණීමේ දී ව්‍යාජ ආගමන හා විගමන ලියකියවිලි භාවිතා කොට ඇති බව මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදිකාවක මෙන්ම සහාය අධ්‍යක්ෂවරියක වන බියේට් ආර්නෙස්ටඩ් පවසා සිටින බව අන්තර්ජාල පුවත් සඳහන් කර යි.

මොවුන් මෙම චිත‍්‍රපටයේ වැඩකටයුතු සඳහා මෙරටට පැමිණ ඇත්තේ මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් බව ද එම පුවත් වැඩිදුරටත් අනාවරණය කරයි.